Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

වාණිජ අරමුණු මත අතරමංවු ක්‍රීඩාව

ක්‍රීඩාව

ක්‍රීඩාව

ක්‍රීඩාව යනු මිනිසාගේ ශාරීරික සුවතාවය සහ විනෝදය අරබයා බිහිවුවකි. ක්‍රීඩා කිරීම මානව ඉතිහාසය ආරම්භයේ සිට පැවත එන්නක් බව අපට කිව හැක්කේ සත්ත්වයන් පවා විවිධාකාරවු ක්‍රීඩා කිරීම් තුලින් වින්දනයක් ලබනු අප නිතර දකින බැවිණි. ක්‍රීඩාවේ අරමුණ කුමක්ද? වත්මන් සමාජය තුල ක්‍රීඩාව සිය අරමුණු ඉටුකරගන්නවාද? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

 

ක්‍රීඩාව යනු සැකෙවින් පවසනවා නම් ඒකල හෝ සාමුහික සහභාගීත්වයකින්, තරඟකාරී ශාරීරික සහ මානසික ක්‍රියාවලියක් තුලින් තමන්ගේ ශාරීරික සුවතාවය වඩවා ගන්නා අතරම අන්‍යයන්ටද වින්දනයක් ලබා දීමයි. ශාරීරිකව කරන ක්‍රීඩාවන් මෙන්ම මානසිකව කරන්නාවු ක්‍රීඩාවන්ද ඇති නමුදු පොදුවේ ගත් කල ඕනෑම ක්‍රීඩාවක් කිරීමට ශාරීරික ශක්තියට අමතරව මානසික ශක්තියද යෙදවීම අත්‍යවශ්‍ය බව පැවසිය යුතුමය. මේ නිසා කිසියම් ක්‍රීඩාවක් කරන කෙනෙකුගේ ශාරීරික සුවතාවය වැඩෙන අතරම මානසිකවද විශාල දියුණුවක් අත්කර ගත හැකි බව අපට පැවසිය හැක. නමුත් වත්මන් ක්‍රීඩා ලොව දෙස බලන කල අපට පෙනෙන්නේ එහි අනෙක් පැත්තය. විශේෂයෙන් ඉවැන්ඩර් හොලිෆීල්ඩ්ගේ කණ කෑ මයික් ටයිසන් නැමති බොක්සිං ක්‍රීඩකයාගේ ක්‍රියාව දෙස බලන කල අපට පෙනෙන්නට තිබෙන කරුණක් නම් වාණිජත්වය තුල ක්‍රීඩාව වෙනත් මානයන් කරා ගොස් ඇති බවයි.

 

වත්මන් ලොව ක්‍රීඩාවෙන් ජයකෙහෙළි නංවා තිබෙන්නේ ඇමරිකාවයි. නමුත් එසේ වී තිබෙන්නේ ඇමරිකානුවන්ගේ ශාරීරික ශක්තිය සහ බුද්ධිය ලොව අන් රටවලට වඩා අධික නිසාද? ඇත්තටම ලොව ජනගහනය වැඩිම රටවල් අතරින් ඇමරිකාව සිටින්නේ තෙවැනි ස්ථානයෙහිය. නමුත් ඊට ඉහලින් සිටින චීනය සහ ඉන්දියාව යනු ලොව දැවැන්තම ජනගහනයන් පවතින රටවල්ය. විශේෂයෙන් ඉන්දියාව තුල ලෝක ජනගහනයෙන් 17% ක් සිටිති. ඇමරිකාවේ සිටින්නේ 4% කි. නමුත් ක්‍රීඩාවෙන් ඇමරිකාව ලොව සියළුම රටවල් අභිබවා ජයගන්නට හේතුව කුමක්ද? එයට ප්‍රධානතම හේතුව තාක්ෂණයයි. වත්මන් ලොව ක්‍රීඩාව තුලින් චීනය විශාල වශයෙන් ඉදිරියට පැමිණ ඇත. එයටද හේතුව අද ඔවුන් තාක්ෂණික වශයෙන් ඉදිරියට යාම හැර වෙන කුමන හේතුවක්ද?  

 

ඇත්තටම ක්‍රීඩාවේ තාක්ෂණය යනු කුමක්ද? ක්‍රීඩාවේ තාක්ෂණය යනු ක්‍රීඩාවක් ජයගැනීම සඳහා බාහිර වශයෙන් කරන්නාවු නව උපක්‍රම වේ. මෙවැනි නව උපක්‍රම සොයා‍ ගත හැක්කේ සහ ඒවා අත්හදා බැලිය හැක්කේ දියුණු රටවලට පමණි. මන්ද නොදියුණු රට වලට සිය ක්‍රීඩකයන්ගේ තාක්ෂණික පැත්ත වර්ධනය කිරීම අරබයා පර්යේෂන කිරීමට මිඩංගු කළ හැකි සම්පත් හෝ ඒ ගැන අවශ්‍යතාවයක් නොමැති වීමයි. මේ නිසා දියුණු රටවල් විසින් නොයෙකුත් උපක්‍රම මගින් සිය ක්‍රීඩකයන්ගේ ශාරීරික ශක්තිය සහ බුද්ධිය වර්ධනය කරති. ඒවායින් වසර කිහිපයක් පලප්‍රයෝජන ගත් පසුව එම උපක්‍රම බාහිර ලොවට හෙළිවුයේ නම් ඒවා ක්‍රීඩාවට තහනම් දේ හැටියට නම් කිරීමට පවා ඔවුන් පසුබට නොවෙති.    

 

වත්මන් ක්‍රීඩා ලොව තහනම් උත්තේජක වශයෙන් නම්කර ඇති ‍ඖෂධ බොහෝමයක් මීට දශක කිහිපයකට පෙර ඇමරිකාව ප්‍රමුඛ දියුණු රටවල් විසින් ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිකර ගැනීමට උපක්‍රමිකව භාවිතා කර ඇති ඒවා වේ. නමුත් අද එම උත්තේජක වල රහස් බාහිර සමාජයට නිරාවරණය වී ඇත. හ් නිසා එදා වාර්තා තැබූ අය ඒ උත්තේජක භාවිතා කළද අද වෙනත් රටක ක්‍රීඩකයෙක් එසේ කළහොත් ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළේ යැයි හංවඩු ගසා තරඟ පදක්කම්ද අහෝසි කරනු ඇත. කෙසේ නමුත් දියුණු රටවල ක්‍රීඩකයන් විසින් වර්තමානයේද විවිධ රහසිගත තාක්ෂණික ක්‍රියාවන් තුලින් සිය ශක්තිය සහ බුද්ධිය අන් ක්‍රීඩකයන්ට වඩා වඩවා නොගන්නා බවට කාට සහතික කළ හැකිද?

 

වත්මන් ලොව ක්‍රීඩාවකට අවතීර්න වී සිය පුද්ගලික මුදලින් පමණක් නඩත්තු වෙමින් ක්‍රීඩාවේ යෙදීමට ධන කුවේරයෙකුට පවා අපහසු වී ඇත. ඒ සඳහා වැයවන විශාල පිරිවැය දරන්නට කිසිදු කෙනෙකුට නොහැක. මේ නිසා කිසියම් කෙනෙකු ක්‍රීඩාවකට අවතීර්න වන්නේ නම් ඒ සඳහා අනුග්‍රාහකයෙක්ද සොයා‍ ගත යුතුමය. අනුග්‍රාහකයා යනු වාණිජ පරමාර්ථයෙන් ක්‍රීඩාවට හෝ ක්‍රීඩකයෙක්ට උදව් දෙන වෙලඳ ආයතනයකි. බොහෝ විට මෙම වෙලඳ ආයතනයන් කරන්නේ කිසියම් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩාවක් යොදාගෙන තමන්ගේ ව්‍යාපාරයට උපරිම ප්‍රචාරයක් ලබා දීමයි. ඇත්තටම මෙහිදී ක්‍රීඩාව හෝ ක්‍රීඩකයා යනු එම වාණිජ සමාගමේ ඉත්තන් බවට පත්වීමක් සිදුවේ. ක්‍රීඩකයා සිය ක්‍රීඩා අරමුණු ඉටුකර ගන්නා විට ඊට වඩා විශාල ගුණයකින් අනුග්‍රාහක සමාගම සිය මඩිය තරකර ගනියි.

 

ඇත්තෙන්ම අද ක්‍රීඩාව යනු වාණිජ සමාගම් සහ රටවල් විසින් සිය ධනය සහ බලය වඩවා ගැනීමට ඉත්තන් යොදවා ගෙන කරන්නාවු ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේ ඉත්තන් වන ක්‍රීඩකයන් සහ ක්‍රීඩාවන් විසින් මහන්සි වී ලබන ජය නිසා ඇත්තටම ජයපැන් බොන්නේ වාණිජ අනුග්‍රාහකයන්ය. ක්‍රීඩකයාගේ හැකියාව උපරිම තලයකට පැමිණි පසු ක්‍රමක්‍රමයෙන් ඔහුගේ වැටීම සිදුවන බව අනුග්‍රාහකයෝ දනිති. එවිට ඔවුන්ද ක්‍රමක්‍රමයෙන් පල්ලම් බසිනු ඇත. මෙතෙක් තමන් උපයා ගත් දෙය ප්‍රවේසමෙන් ආයෝජනය කර ඇත්නම් ක්‍රීඩකයා සුරැකෙනු ඇත. එසේ නොමැති නම් ඔහුට හෝ ඇයට සිදුවන්නේ හිඟමනට වැටීමටය. අද ලොව හිටපු ක්‍රීඩකයන් රැසකට මේ ඉරණම උදාවී ඇත.

 

ඔබ අද ප්‍රේක්ෂකයෙක් වශයෙන් ක්‍රීඩාවක් නැරඹීම යනු ඔබ අනුග්‍රාහක සමාගම් වල වෙලඳ උපක්‍රම සහ උගුල් වලට අසුවන්නට සෘජුවම අවස්ථාව පාදා ගැනීමකි. ඔබ ක්‍රීඩාව තුලින් කුල්මත් වන තරමට වෙලඳ සමාගම් වල උගුල් වලට ඔබද අසුවෙනු ඇත. අවසානයේ ඔබගේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩා කන්ඩායම ජය ගන්නා විට ඔබගේ සාක්කුවද හිස්ව තිබෙනු ඇත.      

  • කොස්තා says:

    එතකොට ඔබ කියන්නේ ක්‍රීඩා තරග බලන්න එපාද?

    2012/07/30 at 11:55 PM
    • Anver Manatunga says:

      වාණිජ අනුග්‍රහ සහිත ක්‍රීඩා තරග වලදී සිදුවන්නේ වාණිජ සමාගම් මගින් ඔබව ඩැහැ ගැනීමයි. ක්‍රීඩාවෙන් කවුරුන් දින්නද ප්‍රේක්ෂකයා පරාජයට පත්වේ.

      2012/07/30 at 11:58 PM
  • adhahasak says:

    මේ ලිපියට සම්බන්ද ප්‍රශ්නයක් නෙවෙයි.ඔයා කලින් පිළිතුරේදි කියලා තියනවා නිවන කියන්නේ අතිශෝක්තියක් කියලා.ඒ ඔයාට හිතෙන විදිය,නිවන කියන එක අපි කාටවත් මෙහෙම ඉද්දිනම් ලබා ගන්න බෑ.මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්,ඔයාගේ ආගමේ උගන්වන විදියට ස්වර්ගය තියෙන්නේ කොහෙද?දෙවියන් වහන්සේ ලඟද?බුදුහාමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා අපේ මිනිස් ලෝකෙට අවුරුදු 100ක් සමහර ලෝකවලට එක දවසක් වගේ කියලා(සහස්සවත්ථු:පතිපූජිකාව)ඔයාගේ නබි තුමානන් උගන්වලා තියෙනවද හරියටම ස්වර්ගෙට යන්නේ කොහොමද කියලා?සහ එහේ ඔබ ගෙවන කාලය ගැන?මම හිතන්නේ නෑ.ඔයාගේ නබි තුමා ඒ ගැන කුරානයේ ලියලා ඇති කියලා,
    දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ ඇයි?ඔයාට පිළිතුරක් තියෙනවද?කෙනෙක් හොඳට හිතුවොත් මෙහෙම කියන්නත් පුලුවන්,දෙවියන් වහන්සේගේ කම්මැලිකම මකාගන්න තමයි ලෝකය මවල තියෙන්නේ,එක්කෝ දෙවියන් වහන්සේ විනෝදයට කරපු වැඩක් වෙන්නත් බැරි නෑ.ඒකට හේතුව මේකයි,දෙවියන් වහන්සේ විවාහ වෙලත් නෑ,ඉතින් කරන්න දේකුත් නෑ,අපිව මවල අපි කරන දේවල් දැකලා විනෝද වෙනවා.ඔයාගේ පිළිතුරත් ඒකද?
    මම කලින් කිව්වා නබිතුමා භාවනාවක් කලා කියලා.ඔයා අහනවා කොහෙද එහෙම තියෙන්නේ කියලා,ඒකට ඔයාගෙම පිළිතුර තමයි ගැළපෙන්නේ,”අල්ලාහ් දෙවියෝ නබි තුමාව තෝරාගත්තේ කොහොමද?සහ නබිතුමා කුරානය අහගත්තේ කොහොමද?

    2012/07/31 at 12:43 AM
    • Anver Manatunga says:

      ඔබ කලින් ලිපියේ සිට මේ ලිපියට පැමිණ කමෙන්ට් කරන්නේ ඒ ලිපියට ඔබ කමෙන්ට් කලේ රස්තියාදුකාර බාසාවෙන් නිසයි. එහිදී ඔබ කිව්වා

      උපුටා ගැනීම
      අනික තමයි ක්‍රිස්තියානි ආගමයි මුස්ලිම් ආගමයි එක්ක බුදු දහම සන්සන්දනය කරන්න යන්න එපා.ඒක නිකම් ඇතෙක් එක්ක කුරුමිණියෙක් සම කරනවා වගේයි,මුස්ලිම් ආගමේ අවාසානය කුමක්ද?ස්වර්ගය විතරයි නේද?ඉතින් බුදු හාමුදුරුවෝ ස්වර්ගය පෙන්නනවා,ඒක තියෙන්නේ නිවනින් පියවර 100 කට විතර කලින්.එහෙනම් ඔයාගේ ආගමේ ඉහලින්ම (අවසානයේ)පෙන්නන දෙය අපි දකින්නේ අපේ ආගමේ පහලින්ම තියෙන දෙයක් විදියට.
      උපුටා ගැනීම අවසන්

      ඒකට මම පිළිතුරු දුන්නේ මෙසේයි
      උපුටා ගැනීම
      ඔබලා නිවන අවසානය බවට විශ්වාස කරනවා. අපි ස්වර්ගය අවසාන බවට විශ්වාස කරනවා. ඔබලා නිවන ස්වර්ගයට පහලින් කියා සිතනවා. අප නිවන යනු අතිශයෝක්තියක් කියා විශ්වාස කරනවා. ඒවා ආගම් ඇතුලත තිබෙන වෙනස්කම්.
      උපුටා ගැනීම අවසන්

      ඔබ කී දෙයට මා සංයමයකින් පිළිතුරු දුන්නද ඔබගේ සිත රිදී ඇති නිසා දැන් මේ ලිපියට ඇවිත් කමෙන්ට් දානවා. මම ඒ ලියු කමෙන්ට් එක නැවත කියවන්න. අප අතර තිබෙන විශ්වාසයන් අපගේ දහම තුල තිබෙන දේවල්ය. ඒවා ගැන අනෙක් ආගම් වල අයට විශ්වාසයක් ඇතිකළ නොහැක. බුදු දහම සම්බන්ධවද එසේමය.

      ඔබ කලින් වීරයෙක් වගේ කිව්වේ
      උපුටා ගැනීම
      ඔයා දන්නවද?නබි තුමා භාවනාවක් වගේ දෙයක් මාස 3ක පමන කාලයක් වර්ධනය කලා කියලා?නමුත් එතුමාගේ මූලික අදහස එතනින් එලියට ගියේ නෑ කියලත් දන්නවද?
      උපුටා ගැනීම අවසන්

      මම ඇහැව්වා
      උපුටා ගැනීම
      නබි තුමාණන් භාවනාවක් මාස 3ක් පමණ වර්ධනය කළ බවට සදහන් වන්නේ කොහේද? කරුණාකර එය සදහන් කරන්න. එවිට අපි ඒ ගැන කථා කරමු.
      උපුටා ගැනීම අවසන්

      මෙතැනදීද ඔබ බොරුවක් පැවසුවා එනම් මාස තුනක කාලයක් කියා. මුහම්මද් නබි තුමාණන් නබීත්වයට පෙර හිරා නම් ගුහාවකට ගොස් තනිවම ජීවිතය ගැන මෙනෙහි කළා. විශ්වය මවා පාලනය කරන්නාවු අල්ලාහ් එතුමාණන්ට පලමුව එළිදරව් වුයේ එහිදීයි. එතුමාණන් නබීත්වය ලැබුවේ එහිදීයි. එදා එතුමාණන් ලැබු ඒ සනාතන දහම අද කෝටි සංඛ්‍යාත පිරිසකට සෙවන සදනවා.

      2012/07/31 at 10:44 AM
  • sanath says:

    1.ලොව පුරා සිටිනා මුස්ලිම් ක්‍රිඩකයන් බහුලව තරග පාවා දිමට හෙතුව කුමක්ද?
    2.මෙරටට කුඩු ගෙන එන,පාතල ලොකයෙ බොහො දෙනෙක් මුස්ලිම් හෙතුව කුමක්ද?

    2012/07/31 at 10:38 AM
    • Anver Manatunga says:

      මුදලට තරග පාවාදෙන අය අතර ඕනම ආගමක අය සිටින්න පුළුවන්. ඒක ආගමේ ප්‍රශ්නයක් නොවේ. අනික ඔවුන් නියෝජනය කරන්නේ ඔවුන්ගේ රට විනා ආගම නොවේ. අපේ රටේ ක්‍රීඩකයන්ටත් මේ ගැන චෝදනා එල්ල වුණා. නමුත් එය දුරදිග ගියේ නැහැ. නමුත් හෙට දිනයේ එවැනි අය අහුවෙන්නත් පුළුවන්.

      මෙරටට කුඩු ගෙනෙන සහ පාතාලයේ අය අතර සෑම ජනවර්ගයකටම අයත් අය සිටිනවා. ඒකටත් ආගමකට දොස් කිව නොහැකියි. කෙසේ නමුත් ලංකාවේ බහුතර කුඩු ව්‍යාපාරිකයන්, කුඩු ව්‍යාපාර වලට නම ගෑවී සිටින දේශපාලකයන් සහ පාතාලයන් බොදුනුවන් බව නම් කිව හැකියි. නමුත් ඒකට බුදු දහම පලි නැත. ඒ ඔවුන් විසින් කරන්නාවු අලජ්ජික ක්‍රියාවන්ය.

      2012/07/31 at 11:00 AM
  • hasan says:

    @adhahasak

    ස්වර්ගයේ පිහිටියේ කොහිද?

    ඔබ ඉස්ලාම් ආගම සම්බන්ධව ප්රශ්න කීපයක් අසා ඇත. එයට පිළිතුරුදීම අපේ යුතුකමකි. දෙවියන් සිටිනවා යැයි හින්දුවරුද විශ්වාස කරති. නමුත් ඔවුන්ගෙන් මෙවැනි ප්රශ්න ඇසුවොත්, එම ප්රශ්නවලට පිළිතුරුදීම ඔවුන්ට නොහැකිවන්නේය. හේතුව ඔවුන්ගේ එම ආගම මිනිස් අදහස්වලින් සකසාගත් ආගමක් වීමය.

    නමුත් මෙම ඉස්ලාමය මෙම ලෝකය හා මිනිසාව මැවූ සත්ය එකම දෙවියා වන අල්ලාහ්ගේ දැනුමෙන් පහළ කරනු ලැබූවකි. එහෙයින් ඔබ මෙම ඉස්ලාමය බොරු කිරීම පිණිස කවර ආකාරයේ ප්රශ්න ඇසුවත් එයට ඉස්ලාමයේ පිළිතුර ඇත.

    ///ඔයාගේ ආගමේ උගන්වන විදියට ස්වර්ගය තියෙන්නේ කොහෙද?දෙවියන් වහන්සේ ලඟද?///

    ඔබ මෙම ස්වර්ගය ඇති තැන දැනගැනීමට පෙර ඉස්ලාමයේ මූලික කරුණක් ගැන දැනගත යුතුව ඇත.

    එය ‘අද්රුශ්යමාන දේ‘ යන නමින් හැඳින්වේ.

    මිනිසෙකුගේ මරණයෙන් පසු ඔහුගේ සොහොනෙහි සිදුවන දේ, මිනිසුන්ව නැවත පණලබාදීමෙන් නැගිට්ටුවනු ලැබීම, මෙසේ නැගිට්ටුවා ප්රශ්න කිරීම, ස්වර්ගයට ඇතුළු කිරීම, එමෙන්ම නිරයෙහි ඇතුළු කිරීම වැනි දේ ‘අද්රුශ්යමාන දේ‘ යන නමින් හැඳින්වේ.

    එනම් මෙවැනි දේ ගැන මිනිසා කොපමණ උත්සාහ කළත් ඒවා ගැන කිසිදු දැනුමක් නොලබාගන්නේය. මෙවැනි දේ ගැන දන්නා අල්ලාහ් පමණය. නමුත් අල්ලාහ් මෙවැනි දේ ගැන සමහර තොරතුරු තම නබිවරයා මගින් ජනයාට දැනුම් දෙන ලෙස දන්වා ඇත.

    එහෙයින් මුස්ලිම්වරයෙක් මෙවැනි දේ ගැන, අල්ලාහ්ගේ දූතයා කුමක් දැන්වූයේද එය එසේම, එනම් අඩු වැඩි නොකර එමෙන්ම වැඩි විස්තර නොකියා විශ්වාස කළ යුතුය. මෙවැනි දේ ගැන වැඩි විස්තර පැවසීම මුස්ලිම්වරයෙකුට තහනම්ය. එයට හේතුව එහි වැඩි විස්තර ගැන දන්නේ අල්ලාහ් පමණක් වීමය. එය කුර්ආනය මෙසේ පවසයි.

    ඔවුහු අදෘශ්ය මාන දේ ගැන විශ්වාස කරන්නෝය.(ශු.කු.2:3)

    ‘අදෘශ්යමාන දේ‘ ගැන කුමක් පවසා ඇත්තේද, ඒවා ඒ අයුරින්ම විශ්වාසවන්තයෝ විශ්වාස කරන්නෝය යැයි අල්ලාහ් මෙහිදී පවසයි.

    එහෙයින්, ස්වර්ගය කොහි ඇත්තේද? යන්න ගැන දැන් බලමු.

    අල්ලාහ්ගේ දූතයා (සල්) තුමා දවසක රාත්රියක දේව දූත නායක ජිබ්රීල් (අලෛ) විසින් අහස දෙසට කැඳවාගෙන ගිය බව බුහාරි නැමති ග්රන්ථයෙහි සවිස්තරව දක්නට ලැබේ.

    එහි අඩංගු විස්තරවලට අනුව මුහම්මද් (සල්) තුමා අහස් සතක් පසු කර ‘සිද්රතුල් මුන්තහා‘ නැමති ගස ඇති තැන දක්වා කැඳවාගෙන යනු ලැබුවේය.

    එම ස්ථානයෙහි මුහම්මද් (සල්) තුමා, ජිබ්රීල් (අලෛ) ව ඔහුගේ නියම ස්වරූපයෙන් දුටු බව අල්ලාහ් පහත සඳහන් වැකියෙන් පවසයි.

    ‘සිද්රතුල් මුන්තහා‘ යන ස්ථානයෙහි මොහු නැවත වතාවක් (ජිබිරයීල් වන) ඔහුව දුටුවේය.(ශු.කු.53:13,14)

    ස්වර්ගයන් ගැන පවසන විට, සමහර ස්වර්ගවලට අල්ලාහ් විසින් නම් තබා ඇත. මෙම ස්වර්ගවල ස්වභාවයන් එකිනෙකට වෙනස් වේ. ‘ ම:වා‘ නම් වූ ස්වර්ගයක්ද ඇත.

    මෙම ‘ ම:වා‘ නම් වූ ස්වර්ගය මෙම ‘සිද්රතුල් මුන්තහා‘ යන ගස සමීපයෙහි ඇති බව අල්ලාහ් පහත සඳහන් වැකියෙන් පවසයි.

    එහිම ‘ජන්නතුල් ම:වා‘ (නම් වූ ස්වර්ගය) ඇත. (ශු.කු.53:15)

    ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව ලෝක විනාශයක් ගැන පැවසේ. එනම් මෙම ලොව හා අහස් සියල්ල දවසක විශාල කම්පනයකට ලක් වී විනාශයට පත් වන්නේය. මෙය අල්ලාහ්ගේ සැලසුමක්ය.

    පසුව මිනිස් වර්ගයා පණ දෙනු ලැබීමෙන් නැගිට්ටුවනු ලබන්නේය. මෙසේ නැගිට්ටුවනු ලැබූ මිනිසාගෙන් ගතවූ කාලයේ කල ක්රියාකාරකම් ගැන ප්රශ්න ඇසීමක් සිදු කෙරේ.

    අද අප ජීවත්වන පොලොව අල්ලාහ් විසින් විනාශ කරනු ලැබීමෙන් පසුව, වෙනත් පොලොවක් ලෙස ඇති කරනු ලබන්නේය. එම අලුත් පොලොවෙහි සියළුම මිනිසුන්ව විභාග කරනු ලබන්නේය. එසේ විභාගය පැවැත් වූ පසු කණ්ඩායමක් ස්වර්ගයට ඇතුළු කිරීම සිදු කෙරේ.

    මෙසේ ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නන්ට සමීපව එම ස්වර්ගය ගෙන එන බවද අල්ලාහ් පහත සඳහන් වැකියෙන් පවසයි.

    ස්වර්ගය බිය බැතියන්ට දුරින් නොව, සමීපව ගෙන එනු ලබන්නේය.(ශු.කු.50:31)

    ඔබ අසා ඇති අනෙක් ප්රශ්නවලටද ඉන්ෂා අල්ලාහ් පිළිතුරු දෙන්නෙමි.

    2012/07/31 at 1:11 PM
  • adhahasak says:

    හරි අපි කාලය පැත්තකින් තියමු.නබි තුමා භාවනා කලේ නැතිනම් මොකක්ද හිරා වලට වෙලා කලේ?මෙනෙහි කලා කියන්නේ මොකක්ද?”යං භාවේ භාවන්තිච වඩ්ඪන්තිච භාවනා”(:පාලි නිඝන්ඩුව).”යමක් ගැන ගැඹුරින් මෙනෙහි කිරීම භාවනවයි” .එතකොට නබි තුමා කරලා තියෙන්නේ කුමක්ද?

    2012/07/31 at 3:36 PM
    • Anver Manatunga says:

      මට පලමුව කියන්න පලමුව භාවනාව සොයා ගත්තේ බුදුරජාණන් වහන්සේද? භාවනාව යනු බුදු දහමට අයත් එකක්ද? මෙනෙහි කිරීම යනු භාවනාවක් යනුවෙන්ද නොවේ යනුවෙන්ද පැවසිය හැක. මුස්ලිම් අප විසින් කරන්නාවු නැමදුම එනම් සලාතයද භාවනාවක් යැයි කිව හැක.

      2012/07/31 at 3:48 PM
    • Mr. Who-2 says:

      සාමාන්‍ය පිලිගැනීම වන්නේ එතුමා කළේ ඉබ්‍රාහීම් තුමාගේ කාලයේ සිට පැවතී එන යම් නැමදීමක් බවයි. “තහන්නුත්” ලෙස නම්වන එම නැමදීම කුමන ආකාරයක භාවනාවක් හෝ නැමදීමක් දැයි අද කිසිවෙකුටත් පැහැදිලිව කිව නොහැක.

      2012/07/31 at 10:52 PM
  • hasan says:

    එක් එක් ලෝක අතර කාලය මැනීමේදී වෙනස්කම් තිබේද?

    ///බුදුහාමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා අපේ මිනිස් ලෝකෙට අවුරුදු 100ක් සමහර ලෝකවලට එක දවසක් වගේ කියලා(සහස්සවත්ථු:පතිපූජිකාව)ඔයාගේ නබි තුමානන් උගන්වලා තියෙනවද හරියටම ස්වර්ගෙට යන්නේ කොහොමද කියලා?සහ එහේ ඔබ ගෙවන කාලය ගැන?මම හිතන්නේ නෑ.ඔයාගේ නබි තුමා ඒ ගැන කුරානයේ ලියලා ඇති කියලා,///

    ඔබ ඉහත ප්රශ්නයෙන් කාරණා කීපයක් ගැන අසා ඇත. ඒවා ගැන වෙන වෙනම බලමු.

    ///බුදුහාමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා අපේ මිනිස් ලෝකෙට අවුරුදු 100ක් සමහර ලෝකවලට එක දවසක් වගේ කියලා(සහස්සවත්ථු:පතිපූජිකාව)///

    ඔබ ඉතාම වැදගත් කොටසක් සඳහන් කර තිබෙනවා. එය ඉහත කොටසයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මනුස්ස ලොකේ අපි ජීවත් වන ලෝකයයි. අප ජීවත්වන මෙම ලෝකයේ අවුරුදු 100 ක් සමහර ලෝකවලට එක දවසක් කියා එහිදී පවසා ඇති බව ඔබ කියයි. මෙම සමහර ලෝක ගැන වැඩි දුර මොකුත් පවසා නැද්ද?

    දැන් ඉස්ලාමයේ පවසන දේද දැනගන්න!

    ඔහුම අහසෙහි සිට පොලොව දක්වා වූ කාර්යයන් පාලනය කරයි. පසුව, ඔබලා ගණනය කරන වර්ෂ දහසකට සමාන දවසක එය ඔහු කරා ඉහළට යන්නේය.(ශු.කු.32:5)

    ඉහත වැකියෙන් කාරණා කීපයක් ගැන පැවසේ.

    1.ඔහුම අහසෙහි සිට පොලොව දක්වා වූ කාර්යයන් පාලනය කරයි:

    එනම් අහසෙහි සිට පොලොව දක්වා වූ සියළුම කාර්යයන් අල්ලාහ්ම පාලනය කරන බව ඉහත වැකිය පවසයි.

    සූර්යයාගේ ගමන, චන්ද්රයාගේ ගමන, අනෙක් ග්රහ ලෝකවල ගමන් එමෙන්ම පොලොවෙහි සිදුවන කාර්යයන් සියල්ලම අල්ලාහ්ම පාලනය කරයි.

    2. පසුව, ඔබලා ගණනය කරන වර්ෂ දහසකට සමාන දවසක එය ඔහු කරා ඉහළට යන්නේය:

    පොලොවෙහි සිදුවූ කාර්යයන් සියල්ල ඔහු හමුවට යෑමක් ගැන මෙහි සඳහන් වේ. මෙම දවසෙහි ප්රමාණය ගැනද පැවසේ. මිනිසුන් ගණනය කරන වර්ෂ දහසක කාලයකට සමාන එක් දවසක මේවා ඔහු කරා යන බවද පැවසේ.

    අප ජීවත් වන මෙම පොලොව හා අපගේ ඇසට පෙනෙන පළමු අහස ඇතුළු අහස් සතම විනාශයට පත් කිරීමෙන් පසුව, අල්ලාහ් අලුත් ලොවක් ඇති කරන්නේය. එම අලුත් ලොවෙහි මිනිසුන් පළමු ලොවේදී කළ ක්රියාකාරකම් ගැන විභාග කිරීමක් සිදුවන්නේය.

    මෙසේ අලුතින් ඇති කරනු ලබන එම අලුත් ලොව ‘එලොව‘ යන නමින් ඉස්ලාමයේ ව්යවහාර කෙරේ.

    මෙම ‘එලොව‘ අප ජීවත්වන පොලෝ තලයෙහි මෙලොව විනාශයට පත්වීමෙන් පසුව ඇති කෙරේ. මෙම එලොවෙහි එක් දවසක කාල ප්රමාණය ගැනද කුර්ආනය පවසයි.

    ‘මලාඉකාවරුද‘ (ජිබ්රයීල් නැමති) ‘රූහ්‘ද ඔහු දෙසට නැග යන්නෝය. එහි ප්‍රමාණය වර්ෂ පනස් දහසක් වේ.(ශු.කු.70:4)

    1.මලාඉකාවරු යන්නෙන් හැඳින්වෙන්නේ, ‘දේව දූතයින්ව‘ය.

    2. ජිබ්රයීල් යනු මලාඉකාවරුන්ගේ නායකයා වේ. ‘රූහ්‘ යන්න ඔහුට පවසන තවත් නමකි.

    3. මෙසේ නැග යන දවසෙහි කාල ප්රමාණය අප ජීවත් වන ලොවෙහි වර්ෂ පනස් දහසකට සමාන බවද පැවසේ.

    එනම් මිනිසුන්ව දවසක ‘එලොවේදී‘ විභාග කරන බව අල්ලාහ් පවසයි. මෙම විභාග කරන දවසේ කාල ප්රමාණය, අද මිනිසා ගණනය කරන වර්ෂ පනස් දහසක කාලයකට සමාන කාලයක් වේ.

    එහෙයින් බුදුන් වහන්සේ පැවසුවාට වඩා ඉස්ලාමය, මෙම වෙනත් ලෝකවල් මොනවාද? මෙම ලෝකවල කාල ප්රමාණයන් කුමක්ද? මෙම දවස්වල සිදුවනුයේ කුමක්ද? එමෙන්ම මේවා කරනුයේ කවරෙක්ද? කියා පැහැදිලිව පවසයි.

    /// ඔයාගේ නබි තුමානන් උගන්වලා තියෙනවද හරියටම ස්වර්ගෙට යන්නේ කොහොමද කියලා?සහ එහේ ඔබ ගෙවන කාලය ගැන?///

    ස්වර්ගයට යන්නේ කොහොමද? කියා ස්වර්ගයේ පිහිටියේ කොහිද? යන කොටසින් මම එය පැහැදිලි කර ඇත්තෙමි.

    ඔබට මෙහි දැනගත යුතු දෙයක් ඇත. එනම් එහිදී ස්වර්ගවාසීන් ගෙවන කාලය කොතෙක්ද? යන්නය.

    කවරහු විශ්වාස කර යහකම්ද කරත්ද, ඔවුන්ව ස්වර්ග උයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි පහළින් ගංගා ගලා බසී. ඔවුහු එහි කවදත් ස්ථීරව සිටින්නෝය. ඔවුනට එහි පිරිසිදු සහකාරියන්ද ඇත. තවද අපි ඔවුන්ව ඝන සෙවණෙහි ඇතුළු කරන්නෙමු. (ශු.කු.4:57)

    ඔවුහු එහි කවදත් ස්ථීරව සිටින්නෝය: එනම් ස්වර්ගවාසීහු එම ස්වර්ගයෙහි සදාකාලිකව, ස්ථීරව සිටින්නෝය යැයි අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    ///මම හිතන්නේ නෑ.ඔයාගේ නබි තුමා ඒ ගැන කුරානයේ ලියලා ඇති කියලා,///

    කුර්ආනය යනු, අල්ලාහ්ගේ වදන් පමණක් අඩංගු පුස්තකයකි. එනම් අල්ලාහ් කුමක් පැවසුවේද ඒවා පමණක් මෙම කුර්ආනයෙහි අඩංගුය. එනිසා කුර්ආනය යනු මිනිසාගේ මැවුම්කරුගේ දැනුමෙන් පමණක් සමන්විත වූ පුස්තකයකි.

    2012/07/31 at 3:43 PM
  • adhahasak says:

    @hasan says:-
    ———–
    එහෙයින් මුස්ලිම්වරයෙක් මෙවැනි දේ ගැන, අල්ලාහ්ගේ දූතයා කුමක් දැන්වූයේද එය එසේම, එනම් අඩු වැඩි නොකර එමෙන්ම වැඩි විස්තර නොකියා විශ්වාස කළ යුතුය. මෙවැනි දේ ගැන වැඩි විස්තර පැවසීම මුස්ලිම්වරයෙකුට තහනම්ය. එයට හේතුව එහි වැඩි විස්තර ගැන දන්නේ අල්ලාහ් පමණක් වීමය. එය කුර්ආනය මෙසේ පවසයි.

    ඔවුහු අදෘශ්ය මාන දේ ගැන විශ්වාස කරන්නෝය.(ශු.කු.2:3)
    —————–
    ඔයාලගේ ආගමේ තියෙන දේ තර්කයෙන් තොරව පිලිගන්න කියලද ඔයා කියන්නේ?එතකොට කෝ ඔයාලගේ තර්ක කිරීමේ අයිතිය?මේකට අන්වර්ගෙනුත් යම් පිළිතුරක් ඕනී…

    2012/07/31 at 3:49 PM
    • Anver Manatunga says:

      කණගාටුයි සහෝදරයා ඔබ විසින් කලින් කමෙන්ට් එකෙන් ඉස්ලාම් අපි අදහන අල්ලාහ්ට අපහාස කර තිබෙනවා. අපට එසේ බුදුරජාණන් වහන්සේටත් අපහාස කළ හැකියි. නමුත් අපේ ශිෂ්ඨ බව නිසා එය කරන්නේ නැහැ. අනෙක අපේ අඩවියේ පාඨක බොදුනු සහෝදරයන්ගේ සිත් රිදවන්නත් මම කැමති නැහැ. ඔබ වැනි අසත්පුරුෂ ගති ඇති කිහිප දෙනෙක්ට සමාජයක් පලි නැහැ.

      මෙතැන් පටන් ඔබට මෙම වෙබ් අඩවියේ කමෙන්ට් කිරීම තහනම් කරමි.

      2012/07/31 at 3:57 PM
    • Brother says:

      මිත්‍රයා, ඉස්ලාම් දහම තුල තර්කන අයිතිය නැත්නම් මෙතරම් දුරට ඔබ සමග සංවාදයේ යෙදීමට අපහට අපහසු වෙනවා. ඔබ ගොස් අනිකුත් ලිපි කියවා බලන්න. කෙතරම් දීර්ඝ සංවාදයන් සිදු වී ඇත්ද කියා? හසන් සහෝ පැවසු දේ ඔබ අවබෝධ කර තියෙන්නේ වැරදි ආකාරයට. යමෙකු දෙවියන් විශ්වාස කර මුස්ලිම් වුනායින් පසු නැවතත් මූලික විශ්වාසයන් ගැන තර්ක කිරීම ගැනයි ඔහු මෙතන සඳහන් කර තියෙන්නේ. ඉන් හැඟෙන්නේ ඔහුගේ විශ්වාසය ශක්තිමත් නොවන වැනෙන සුලු එකක් කියායි. නමුත් සැකයක් ඇත්නම් ප්‍රශ්ණ අසා නිරාකරණය කල හැකි. එයට ඉස්ලාම් වල අනුමැතිය තියෙනවා. තහනම් කර ඇත්තේ සත්‍යාසත්‍ය උරගා බලන ආකාරයේ තර්කනයන් පමනයි.

      අන්වර්, ඔබ ඔහු තහනම් කර ඇත්තේ වැදගත් තැනකදී කියලයි මට හිතෙන්නේ. ඒකයි මං මේ කොමෙන්ටුව දැම්මේ. ඔබ ඔහුට අවවාදයක් දී සංවාදයට එක් කරගන්න තිබ්බා. නැත්නම් ඔහු හිතන ආකාරයටම ඉස්ලාමය තුල මේ නිදහස නැතැයි කියා ඔප්පු වෙන්න පටන් ගන්නවා. මේක අන්තවාදීන්ට තව වාසියක්.

      2012/07/31 at 4:28 PM
      • Anver Manatunga says:

        අප මුස්ලිම් වරුන් හැටියට කිසිදු ආගමකට ගරහන්නේ නැහැ. එමෙන්ම අපට හරිහැටි දහමක් විවේචනය කරන්නවත් මේ රටේ අයිතියක් නැහැ. එසේ තිබියදී ඔවුන් විසින් අල්ලාහ්ට හෝ මුහම්මද් නබි තුමාණන්ට අපහාසාත්මක යමක් පවසන්නේ අපට එවැනි දේ කරන්න බැරි බව ඔවුන් දන්නා නිසයි.

        මෙම පුද්ගලයාගේ හැසිරීමෙන් මට පෙනෙන්නේ මා කලින් තහනම් කරන ලද අයෙක් වෙනත් නමකින් පැමිණ ඇති බවකි. ඔහු එසේ කෙනෙක්ද? නැතිද? යන්න මට තීරණය කරන්න අපහසුයි. නමුත් සියළු දෙනාටම එකම නීතියක් තිබිය යුතුයි.

        2012/07/31 at 4:40 PM
  • hasan says:

    @adhahasak

    අල්ලාහ් මෙම ලෝකය මැව්වේ කුමකටද?

    ///දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ ඇයි?ඔයාට පිළිතුරක් තියෙනවද?කෙනෙක් හොඳට හිතුවොත් මෙහෙම කියන්නත් පුලුවන්,දෙවියන් වහන්සේගේ කම්මැලිකම මකාගන්න තමයි ලෝකය මවල තියෙන්නේ,එක්කෝ දෙවියන් වහන්සේ විනෝදයට කරපු වැඩක් වෙන්නත් බැරි නෑ.ඒකට හේතුව මේකයි,දෙවියන් වහන්සේ විවාහ වෙලත් නෑ,ඉතින් කරන්න දේකුත් නෑ,අපිව මවල අපි කරන දේවල් දැකලා විනෝද වෙනවා.ඔයාගේ පිළිතුරත් ඒකද?///

    සහෝදරයා! ඔබව මෙම ලොවෙහි බිහි කරන්න පෙර, ඔබ මෙවැනි ප්රශ්න අසන්නේය කියා අල්ලාහ් හොඳින්ම දනියි. අල්ලාහ්ගේ දැනුම හා ඔබගේ දැනුම අතර වෙනස එයයි.

    අනෙක මෙවැනි ප්රශ්න ඔබට පෙරත් මිනිසුන් අසා ඇත.

    ඔබගේ ප්රශ්නයට කුර්ආනය කුමක් පවසයිදැ? යි දැන් බලමු.

    ///දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ ඇයි?ඔයාට පිළිතුරක් තියෙනවද?කෙනෙක් හොඳට හිතුවොත් මෙහෙම කියන්නත් පුලුවන්,දෙවියන් වහන්සේගේ කම්මැලිකම මකාගන්න තමයි ලෝකය මවල තියෙන්නේ,එක්කෝ දෙවියන් වහන්සේ විනෝදයට කරපු වැඩක් වෙන්නත් බැරි නෑ.///

    අපි අහසද, පොලොවද, එම දෙක අතර වූ දේද සෙල්ලමක් ලෙස නොමැව්වෙමු. (ශු.කු.21:16)

    පළමු අහස, පොලොව හා ඒ දෙක අතර ඇති දේ විනෝදයක් පිණිස නොමැවූ බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    අප විනෝදයක් ලෙස (යමක්) අරගැනීමට අදහස් කර, (එය) කරන්නන් ලෙස සිටියේ නම් එය අපගෙන්ම අපි අරගෙන තිබෙන්නෙමු.(ශු.කු.21:17)

    එසේ විනෝදවීමට අවශ්යතාවයක් ඇත් නම් අපගේ තත්ත්වයට සුදුසු පරිදි කර තිබෙන්නෙමු යැයි අල්ලාහ් මෙසේ පවසයි. අල්ලාහ් මිනිසාගේ මැවුම්කරුවාය. මිනිසා අල්ලාහ්ගේ මැවුමය. එහෙයින් මිනිසා අල්ලාහ්ගේ ගැත්තා වන්නේය. තමාට වඩා කොතෙකුදෝ පහත් භාවයකින් යුත් තමාගේ ගැත්තන් සමඟ විනෝදවීමේ හෝ සෙල්ලම් කිරීමේ අවශ්යතාවයක් තමාට නොමැති බව අල්ලාහ් මෙහි පවසයි.

    එසේ නොව අපි සත්යය අසත්යය කෙරෙහි වීසි කරමු. මෙය එය සුණු විසුණු කර දමයි. එකල එය විනාශ වී යයි. ඔබලා (ස්වාමියාව වැරදි අන්දමින්) වර්ණනා කරන හෙයින් ඔබලාට විපතමය. (ශු.කු.21:18)

    අල්ලාහ්ව සමච්චල් කර,මෙසේ වැරදි අන්දමින් වර්ණනා කරන අයට ඔවුන්ගේ මරණයෙන් පසුව දැඩි දඞුවම් ඇති බව අල්ලාහ් මෙහි අනතුරු අඟවයි.

    /// ඒකට හේතුව මේකයි,දෙවියන් වහන්සේ විවාහ වෙලත් නෑ,ඉතින් කරන්න දේකුත් නෑ,අපිව මවල අපි කරන දේවල් දැකලා විනෝද වෙනවා.ඔයාගේ පිළිතුරත් ඒකද?///

    අපි අහස්, පොලොව හා ඒ දෙක අතර දේ විනෝද වීම පිණිස නොමැවේවෙමු. (ශු.කු.44:38)

    අපි එම දෙකම සත්යයක් වෙනුවෙන්ම හැර නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් නොදනිති. (ශු.කු.44:39)

    ඉහත 44 වන පරිච්ඡේදයේ 38 වන වැකියෙන්, අහස්, පොලොව හා ඒදෙක අතර දේ විනෝදවීම පිණිස නොමැවූ බව අල්ලාහ් පවසයි.

    ඊළඟට එන 39 වන වැකියෙන්, සත්ය කාරණාවක් මතම මේවා මැවූ බව අල්ලාහ් පවසයි.

    නමුත් මෙම සත්ය හේතුව මෙසේ විහිළු කරන්නන්ගෙන් වැඩිදෙනෙක් නොදැනගන්නා බවද අල්ලාහ් පවසයි.

    ///බුදුහාමුදුරුවෝ දෙශනා කරලා තියෙනවා අපේ මිනිස් ලෝකෙට අවුරුදු 100ක් සමහර ලෝකවලට එක දවසක් වගේ කියලා(සහස්සවත්ථු:පතිපූජිකාව)///

    ඔබ ඉතාම වැදගත් කොටසක් සඳහන් කර තිබෙනවා. එය ඉහත කොටසයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මනුස්ස ලොකේ අපි ජීවත් වන ලෝකයයි. අප ජීවත්වන මෙම ලෝකයේ අවුරුදු 100 ක් සමහර ලෝකවලට එක දවසක් කියා එහිදී පවසා ඇති බව ඔබ කියයි. මෙම සමහර ලෝක ගැන වැඩි දුර මොකුත් පවසා නැද්ද?

    දැන් ඉස්ලාමයේ පවසන දේද දැනගන්න!

    ඔහුම අහසෙහි සිට පොලොව දක්වා වූ කාර්යයන් පාලනය කරයි. පසුව, ඔබලා ගණනය කරන වර්ෂ දහසකට සමාන දවසක එය ඔහු කරා ඉහළට යන්නේය.(ශු.කු.32:5)

    ඉහත වැකියෙන් කාරණා කීපයක් ගැන පැවසේ.

    1.ඔහුම අහසෙහි සිට පොලොව දක්වා වූ කාර්යයන් පාලනය කරයි:

    එනම් අහසෙහි සිට පොලොව දක්වා වූ සියළුම කාර්යයන් අල්ලාහ්ම පාලනය කරන බව ඉහත වැකිය පවසයි.

    සූර්යයාගේ ගමන, චන්ද්රයාගේ ගමන, අනෙක් ග්රහ ලෝකවල ගමන් එමෙන්ම පොලොවෙහි සිදුවන කාර්යයන් සියල්ලම අල්ලාහ්ම පාලනය කරයි.

    2. පසුව, ඔබලා ගණනය කරන වර්ෂ දහසකට සමාන දවසක එය ඔහු කරා ඉහළට යන්නේය:

    පොලොවෙහි සිදුවූ කාර්යයන් සියල්ල ඔහු හමුවට යෑමක් ගැන මෙහි සඳහන් වේ. මෙම දවසෙහි ප්රමාණය ගැනද පැවසේ. මිනිසුන් ගණනය කරන වර්ෂ දහසක කාලයකට සමාන එක් දවසක මේවා ඔහු කරා යන බවද පැවසේ.

    අප ජීවත් වන මෙම පොලොව හා අපගේ ඇසට පෙනෙන පළමු අහස ඇතුළු අහස් සතම විනාශයට පත් කිරීමෙන් පසුව, අල්ලාහ් අලුත් ලොවක් ඇති කරන්නේය. එම අලුත් ලොවෙහි මිනිසුන් පළමු ලොවේදී කළ ක්රියාකාරකම් ගැන විභාග කිරීමක් සිදුවන්නේය.

    මෙසේ අලුතින් ඇති කරනු ලබන එම අලුත් ලොව ‘එලොව‘ යන නමින් ඉස්ලාමයේ ව්යවහාර කෙරේ.

    මෙම ‘එලොව‘ අප ජීවත්වන පොලෝ තලයෙහි මෙලොව විනාශයට පත්වීමෙන් පසුව ඇති කෙරේ. මෙම එලොවෙහි එක් දවසක කාල ප්රමාණය ගැනද කුර්ආනය පවසයි.

    ‘මලාඉකාවරුද‘ (ජිබ්රයීල් නැමති) ‘රූහ්‘ද ඔහු දෙසට නැග යන්නෝය. එහි ප්‍රමාණය වර්ෂ පනස් දහසක් වේ.(ශු.කු.70:4)

    1.මලාඉකාවරු යන්නෙන් හැඳින්වෙන්නේ, ‘දේව දූතයින්ව‘ය.

    2. ජිබ්රයීල් යනු මලාඉකාවරුන්ගේ නායකයා වේ. ‘රූහ්‘ යන්න ඔහුට පවසන තවත් නමකි.

    3. මෙසේ නැග යන දවසෙහි කාල ප්රමාණය අප ජීවත් වන ලොවෙහි වර්ෂ පනස් දහසකට සමාන බවද පැවසේ.

    එනම් මිනිසුන්ව දවසක ‘එලොවේදී‘ විභාග කරන බව අල්ලාහ් පවසයි. මෙම විභාග කරන දවසේ කාල ප්රමාණය, අද මිනිසා ගණනය කරන වර්ෂ පනස් දහසක කාලයකට සමාන කාලයක් වේ.

    එහෙයින් බුදුන් වහන්සේ පැවසුවාට වඩා ඉස්ලාමය, මෙම වෙනත් ලෝකවල් මොනවාද? මෙම ලෝකවල කාල ප්රමාණයන් කුමක්ද? මෙම දවස්වල සිදුවනුයේ කුමක්ද? එමෙන්ම මේවා කරනුයේ කවරෙක්ද? කියා පැහැදිලිව පවසයි.

    /// ඔයාගේ නබි තුමානන් උගන්වලා තියෙනවද හරියටම ස්වර්ගෙට යන්නේ කොහොමද කියලා?සහ එහේ ඔබ ගෙවන කාලය ගැන?///

    ස්වර්ගයට යන්නේ කොහොමද? කියා ස්වර්ගයේ පිහිටියේ කොහිද? යන කොටසින් මම එය පැහැදිලි කර ඇත්තෙමි.

    ඔබට මෙහි දැනගත යුතු දෙයක් ඇත. එනම් එහිදී ස්වර්ගවාසීන් ගෙවන කාලය කොතෙක්ද? යන්නය.

    කවරහු විශ්වාස කර යහකම්ද කරත්ද, ඔවුන්ව ස්වර්ග උයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි පහළින් ගංගා ගලා බසී. ඔවුහු එහි කවදත් ස්ථීරව සිටින්නෝය. ඔවුනට එහි පිරිසිදු සහකාරියන්ද ඇත. තවද අපි ඔවුන්ව ඝන සෙවණෙහි ඇතුළු කරන්නෙමු. (ශු.කු.4:57)

    ඔවුහු එහි කවදත් ස්ථීරව සිටින්නෝය: එනම් ස්වර්ගවාසීහු එම ස්වර්ගයෙහි සදාකාලිකව, ස්ථීරව සිටින්නෝය යැයි අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    ///මම හිතන්නේ නෑ.ඔයාගේ නබි තුමා ඒ ගැන කුරානයේ ලියලා ඇති කියලා,///

    කුර්ආනය යනු, අල්ලාහ්ගේ වදන් පමණක් අඩංගු පුස්තකයකි. එනම් අල්ලාහ් කුමක් පැවසුවේද ඒවා පමණක් මෙම කුර්ආනයෙහි අඩංගුය. එනිසා කුර්ආනය යනු මිනිසාගේ මැවුම්කරුගේ දැනුමෙන් පමණක් සමන්විත වූ පුස්තකයකි.

    2012/07/31 at 4:43 PM
  • M Thas says:

    අපගේ නබි තුමාද ක්‍රීඩා කළේය.අපගේ නබි තුමා ඉතා ප්‍රසිද්ද මල්ලව පොර වීරයෙක් ව පරදවද තිබේ,තවද අයිෂ රැලි තුමිය සමගද තරඟයට දුව ඇත.තවද සහබවරුන් (නබි තුමාගේ යහළුවන් හා ඔහු අනුගමනය කල aya) සමග ද පිහිනීමේ තරග වලටද සහ බැගි වී ඇත.එනම් අපගේ නබි තුමා කලදේ අපිත් කරමු.එය සුන්නතයක් ද වේ.

    2012/08/30 at 12:06 AM

Your email address will not be published. Required fields are marked *

*