කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි.
නමුත් ලංකාවේ සිදුවන්නේ මෙහි අනෙක් පැත්ත බව පෙනෙන්නට ඇත. ලංකාවේ ප්‍රධාන ආගමට තිබෙන තත්වය කෙසේ වුවද අනෙකුත් ආගම් වලට නම් ඇත්තේ අහිතකර තත්වයකි. එනම් ජනයා ආගම දහමට නැඹුරු වීමට උදව් කරනු වෙනුවට ජනයාට යෑමට ආගමික ස්ථානයක්වත් නොමැති තත්වයට පත් කරන්නට කටයුතු යෙදී තිබේ. විශේෂයෙන් අන්‍යාගමිකයන්ට අළුතෙන් ආගමික හෝ නැමදුම් ස්ථානයක් ඉදිකරන්නට ලංකාවේ බොහෝ ස්ථානවල ඉඩ නොලැබේ. එමෙන්ම තිබෙන ආගමික ස්ථාන සහ නැමදුම් ස්ථාන වසන්නටද බොහෝ විට ක්‍රියාකරමින් පවතියි. මෙය ඇත්තටම අවාසනාවන්ත තත්වයකි.
කෙනෙකු තමන්ට කැමති ආගම ඇදහීම ඒ තැනැත්තා සතු මුලික මිනිස් අයිතිවාසිකමකි. මේ මිනිස් අයිතිවාසිකම ඉටුවන්නට නම් ඒ තැනැත්තාට තමන්ගේ ආගම ඇදහීමට ස්ථානයක් තිබිය යුතුය. විශේෂයෙන් මුස්ලිම් පුරුෂයෙක් නම් අනිවාර්යයෙන්ම නැමදුම් කළ යුත්තේ ජමාත් හෙවත් සාමුහික වශයෙනි. එමෙන්ම මුස්ලිම් පුරුෂයෙක් විසින් අනිවාර්යයෙන් සිකුරාදා දිනයේ ජුම්මා නැමදුම සඳහා මස්ජිදයක් කරා යා යුතුය. ඉතාමත් කණගාටුදායක සිද්ධිය නම් අපේ රටේ මුස්ලිම් වරුන් සංඛ්‍යාවට ප්‍රමාණවත් මස්ජිද නොමැති කමයි. මේ නිසා ජුම්මා දිනවල මස්ජිද වල ඇත්තේ විශාල තදබදයකි. ජුම්මා දිනයක මස්ජිදයක් අසලින් යන මුස්ලිම් නොවන්නෙකුටද මෙය සත්‍යක් නොවේදැයි වැටහෙනු නියතය.
අනෙක් පසින් ඇති ප්‍රධාන ගැටළුව නම් බොහෝ ලංකා මුස්ලිම් වරුන්ට තමන් සිටින ප්‍රදේශයට ආසන්නව නැමදුම් ස්ථාන නොමැති වීමයි. මේ නිසා බොහෝ දෙනෙක් පංචකාල නැමදුම් සඳහා වෙනත් ස්ථානයකට පයින් හෝ වාහනයකින් යාමට සිදුවී ඇත. එහිදී නැමදුමට වඩා කාලයක් මස්ජිදය කරා ගමනට වැය වේ. දිනකට පස්වතාවක්ම මස්ජිදයට යන පුද්ගලයෙකුට මෙය ඉතාමත් අපහසු තත්වයකි. එමෙන්ම කාලය මගටම වැය වීම ඔහුගේ දෛනික වැඩකටයුතු වලටද බාධාවකි. මේ නිසා ඔවුන්ට පහසු තැන් වල නැමදුම් ස්ථාන ඉදිවෙනවා නම් එයින් ඔවුන්ට වෙන්නේ පහසුවක් මෙන්ම රටටද වෙන්නේ යහපතකි.
ලොව බොහෝ ස්ථාන වල රැකියා ස්ථාන, ව්‍යාපාරික ස්ථාන වල කුඩා නැමදුම් ස්ථාන ඇත්තේ එහි පැමිණෙන සහ සේවය කරන මුස්ලිම් වරුන්ගේ නැමදුම් කටයුතු පහසු කරවනු පිණිසය අපේ රටේ එම පහසුකම දක්නට නොමැති තරම්ය. නමුත් මුස්ලිම් වරුන් ඉතාමත් ස්වල්පයක් සිටින ජපානයේ පවා එවැනි නැමදුම් ස්ථාන ඇත.
Given the increase in the Muslim population, some Japanese companies are deciding to accommodate their prayers. USS Co., a major used-vehicle auction firm, began building prayer rooms inside its auction houses four years ago.
Representative Executive Vice President Dai Seta said, “We created them because we had more and more customers from Islamic countries.” Now most of the firm’s 18 auction sites around the nation, including the one in Yokohama, have prayer rooms.
Customers seemed to be pleased. One Iranian said he used to pray in nearby parking lots, but that now he and others have gravitated to the auction house and its prayer room.
උපුටා ගැනීම http://www.muslimpopulation.com/asia/Japan/Muslims%20in%20Japan.php
ඒ රටවල රජයන් විසින් එසේ නැමදුම් සඳහා අවසර දෙන්නට ප්‍රධානතම හේතුව නම් එමගින් මුස්ලිම් වරුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමේ පහසුව නිසාය. සිංගප්පුරුව වැනි රටක නම් නවක මස්ජිදයන් ගොඩ නැංවීමට රජය විසින්ම සංස්ථාපිත ආයතන ව්‍යූහයක් ඇත. බලන්න http://infopedia.nl.sg/articles/SIP_1534_2009-06-23.html
මෙහිදී ආගම්බේධවාදීන් පවසන්නේ මුස්ලිම් වරුන්ගේ මුදුන් මල්කඩ වන සෞදි අරාබියේ අන්‍ය ආගමික ස්ථාන නැති නිසා ලංකාවේද එසේ කළ යුතු බවයි. මෙය ඇත්තටම ඉතාමත් අමන සහ මෝඩ තර්කයකි. මන්දයත් සෞදි අරාබියාව යනු 99% කට ආසන්න සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාව සිටින රටකි. එහි මුස්ලිම් නොවන්නන් සිටින්නේ රැකියා සඳහා පැමිණි අයවළුන් පමණි. අනෙක් කාරණය නම් ලොව සිටින මුස්ලිම් රටවල් ප්‍රමාණය ගෙන බලන විට සෞදි අරාබියාව යනු එක් රටක් පමණි. අනෙක් බොහෝ රටවල අන්‍යාගමිකයන්ගේ ආගමික ස්ථාන විශාල වශයෙන් තිබෙන කල සෞදි අරාබියාවම ගෙන තර්ක කරන්නට හදන්නේ තමන්ගේ වැරදි වසා ගැනීමටයි.
අනෙක් අතින් ලංකාවේ ජනගහනයෙන් සියළුම දෙනාම බොදුනුවන්ද නොවේ. ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක්ම අබෞද්ධයන්ය. එවැනි ජනසමාජයක අනෙකුත් ආගමිකයන්ගේ අයිතියටත් ඉඩ ලබා දිය යුතුය. ඇත්තටම අද වන විට ලංකාව බහුආගමික සහ බහුසංස්කෘතික රටකි. එවැනි රටක සියළුම ආගම් වලට සහ සියළුම සංස්කෘතීන්ට ගරු කිරීමට රජය පෙලඹිය යුතු අතර ජනතාවද ඊට හුරු කළ යුතුය. නැත්නම් සිදුවන්නේ රටේ ජනතාව අතර සහජීවනයක් ඇති නොවී රට දවසින් දවස අර්බුධ කරා යාමයි.

KHL says:
I agree that people should have religious places for their religious practices. And I see no problem in building Muslim mosques as long as they are built on an appropriate place and cause less disturbance to those around it as much as possible.
But Muslims have not been always innocent in choosing places to build their mosques. What about the instances in Mudu maha viharaya/Kuragala/Anuradhapura etc??? Why must they choose places which they know will cause clashes in the future????
And about your comment that Muslim males need to go to the mosque, Is Muslim women not allowed in Mosque???
And why are there no women and only males in mosques on friday prayers???
(There is a mosque near the place I live and I haven’t seen a single Muslim woman go to Mosque on friday’s) Why is this????
Anver Manatunga says:
මුහුදු මහා විහාරය ඉඩමේ මුස්ලිම් පල්ලියක් නැත. කූරගල සහ අනුරාධපුරයේ කැඩු ආගමික ස්ථානයේද නැමදුම් ස්ථාන නොතිබුණි. ඒවා නීති මගින් ඒ ස්ථාන වලින් ඉවත් කළද අපට ප්‍රශ්නයක් නැත. මුස්ලිම් වරුන් පල්ලි සාදන්නේ තමන්ට යාමට ඒමට පහසු තැන් වල මිස අන්කිසිදු හේතුවක් මත නොවේ.
මුස්ලිම් කාන්තාවන්ට මස්ජිදයට යාම අනිවාර්ය නැත. කාන්තාවන් යන්නේ නම් ඒ සදහා මස්ජිදයේ කාන්තාවන් සදහා වෙනම ස්ථාන තිබිය යුතුය. වෙනත් රටවල මස්ජිද වල කාන්තාවන්ට වෙනම ස්ථාන ඇත. ලංකාවේ එවැනි ස්ථාන තිබෙන්නේ අතින් ගැනිය තරම් අඩු සංඛ්‍යාවකි. ලංකාවේ ප්‍රධාන නගර වල මුස්ලිම් පල්ලිවල පුරුෂයින්ටවත් ඉඩකඩ මදිය. එසේ තිබියදී කාන්තාවන්ට කෙසේ වෙනම ස්ථාන ලබා දෙන්නේද? කාන්තාවන්ට මස්ජිද වලට යාම අනිවාර්ය නොවන නිසාත් ඉඩකඩ මදි නිසාත් ලංකාවේ කාන්තාවන් මස්ජිද වලට නොයති. නමුත් බොහෝ පල්ලි වල මුස්ලිම් අවුරුදු දිනයේ (හජ් සහ රමසාන්) අවුරුදු නැමදුමට කාන්තාවන්ද යති. එවිට කරන්නේ කාන්තාවන් වෙනම වේලාවකත් පුරුෂයන් වෙනම වේලාවකත් නැමදුම් කිරීමයි. මන්ද දෙපිරිසම එකවර සිටින්නේ නම් මස්ජිදය මදිවේ. නමුත් දැන් බොහෝ ප්‍රදේශ වල අවුරුදු නැමදුම කරන්නේ පිට්ටනි වලයි.
KHL says:
There was an attempt to build a mosque on the land belonging to Mudu Maha Viharaya. It was stopped after a court order. My point was why try to do things like this?? And I know that all Muslims are not responsible for this only some.
After the place at Anuradhapura was destroyed some Muslims were saying that they are going to rebuild it and make it to a mosque. What is the need to do such things???
There is a prayer hall built in Kuragala not exactly a mosque, but isn’t it like the instance in Dambulla where a hall was used as a mosque.
Personally I don’t care if they build mosques on empty lands that doesn’t belong to other religions but why try to build mosques or religious places directly in the premises of a Temple???
Tell me one instance of a Buddhist temple build on the same premises as a mosque which was built previously. I think you won’t find any.
About Saudi Arabia,
According to wikipedia-http://en.wikipedia.org/wiki/Saudi_Arabia#Religion
97% are Muslims and the 3% is mainly reflected by Christians(workers)
Quote -
“In 2010, the U.S. State Department stated that in Saudi Arabia “freedom of religion is neither recognized nor protected under the law and is severely restricted in practice” and that “government policies continued to place severe restrictions on religious freedom”.[210] No faith other than Islam is permitted to be practised, although there are nearly a million Christians – nearly all foreign workers – in Saudi Arabia.[211] There are no churches or other non-Muslim houses of worship permitted in the country.[210] Even private prayer services are forbidden in practice and the Saudi religious police reportedly regularly search the homes of Christians.[211] Foreign workers have to observe Ramadan but are not allowed to celebrate Christmas or Easter.[211] Conversion by Muslims to another religion (apostasy) carries the death penalty, although there have been no confirmed reports of executions for apostasy in recent years.[210] Proselytizing by non-Muslims is illegal,[210] and the last Christian priest was expelled from Saudi Arabia in 1985.[211] There are some Hindus and Buddhists in Saudi Arabia. Compensation in court cases discriminates against non-Muslims: once fault is determined, a Muslim receives all of the amount of compensation determined, a Jew or Christian half, and all others a sixteenth.[211]
According to Human Rights Watch, the Shia minority face systematic discrimination from the Saudi government in education, the justice system and especially religious freedom.[212] Restrictions are imposed on the public celebration of Shia festivals such as Ashura and on the Shia taking part in communal public worship.[213]”
So there is no religious freedom in Saudi Arabia Mr.Anver Manatunga. Not even for the Shia Muslims. Foreign workers or not it is a basic human right of those un-Islamic people to follow their religion. It seems Saudi Arabiya is denying this.
And per above quote leaving Islam is punishable by death. Why is that?? A person has every right to follow the religion he or she decides to. You must notice that there isn’t such a law in Buddhism or in Sri Lanka. Unless you would have been facing death just because you converted to Islam.
About Women not going to mosques. What you say is maybe true in Sri Lanka. But this is not always the case is it? The city in which my university is situated (in a foreign country) there is a single Muslim Mosque. But there are relatively small no of Muslims here and almost all are foreign students. In this mosque right now there is no question about over crowding because it has more than enough space and even on friday prayers it is not filled. But still no woman (again mostly students) attends friday prayers. When we inquired about this from a Muslim girl she said that only men are allowed to attend friday prayers. I do not know if this is true or not.

මෙහෙම දෙයක් කවුරු හරි කථා කලාට එය ඉස්ලාමයට අනුකූල නැත. සොහොන් කොතක් උඩ නැමදුම් ස්ථානයක් ගොඩ නැගිය නොහැක.
There is a prayer hall built in Kuragala not exactly a mosque, but isn’t it like the instance in Dambulla where a hall was used as a mosque.
කූරගල සහ දඹුල්ල අතර ප්‍රශ්නය වෙනස්ය. දඹුල්ලේ යාච්ඥා මඩුවක් තිබුණා යැයි ඉණාමළුවේ සුමංගල හිමි පවා මාධ්‍ය ඉදිරියේ පිළිගෙන ඇත. ඇත්තටම යාච්ඥා මඩුවක් යනු නැමදුම් ස්ථානයක් නොවේද?
Personally I don’t care if they build mosques on empty lands that doesn’t belong to other religions but why try to build mosques or religious places directly in the premises of a Temple???
Tell me one instance of a Buddhist temple build on the same premises as a mosque which was built previously. I think you won’t find any.
පංසල් ඉඩමක පල්ලි තැනීම පිළිබදව මාද විරුද්ධය. අනෙක කිසියම් ස්ථානයක බලහත්කාරයෙන් පල්ලියක් සෑදීම ඉස්ලාම් අනුමත නොකරයි.
According to wikipedia-http://en.wikipedia.org/wiki/Saudi_Arabia#Religion
97% are Muslims and the 3% is mainly reflected by Christians(workers)
Quote -
“In 2010, the U.S. State Department stated that in Saudi Arabia “freedom of religion is neither recognized nor protected under the law and is severely restricted in practice” and that “government policies continued to place severe restrictions on religious freedom”.[210] No faith other than Islam is permitted to be practised, although there are nearly a million Christians – nearly all foreign workers – in Saudi Arabia.[211] There are no churches or other non-Muslim houses of worship permitted in the country.[210] Even private prayer services are forbidden in practice and the Saudi religious police reportedly regularly search the homes of Christians.[211] Foreign workers have to observe Ramadan but are not allowed to celebrate Christmas or Easter.[211] Conversion by Muslims to another religion (apostasy) carries the death penalty, although there have been no confirmed reports of executions for apostasy in recent years.[210] Proselytizing by non-Muslims is illegal,[210] and the last Christian priest was expelled from Saudi Arabia in 1985.[211] There are some Hindus and Buddhists in Saudi Arabia. Compensation in court cases discriminates against non-Muslims: once fault is determined, a Muslim receives all of the amount of compensation determined, a Jew or Christian half, and all others a sixteenth.[211]
සෞදි අරාබියේ පුරවැසියන් අතර සිටින්නේ කොප්ටික් ක්‍රිස්තියානි අයයි. ඒ අයට අතීතයේ පටන් තිබෙන සාම්ප්‍රදායික පල්ලි ඇත. නමුත් සෞදියේ සේවය කරන අයට පල්ලි නැත. තමන්ගේ රටට සේවය කරන්නට ආ අයට නැමදුම් කිරීමට පල්ලි සාදා හෝ නොසාදා සිටීම සෞදි රජය සතු අයිතියකි.
According to Human Rights Watch, the Shia minority face systematic discrimination from the Saudi government in education, the justice system and especially religious freedom.[212] Restrictions are imposed on the public celebration of Shia festivals such as Ashura and on the Shia taking part in communal public worship.[213]”
ෂියා වරුන් උත්සාහ දරන්නේ ඔවුන්ගේ ඇදහිලි සෞදිය තුල ප්‍රචලිත කරන්නටය. එයට සුන්නි බහුතර රජයක් වන සෞදි පාලකයන් ඉඩනොදේ. ලංකාවෙත් මහායාන දහම ප්‍රචලිත කරන්න පුළුවන්ද?
So there is no religious freedom in Saudi Arabia Mr.Anver Manatunga. Not even for the Shia Muslims. Foreign workers or not it is a basic human right of those un-Islamic people to follow their religion. It seems Saudi Arabiya is denying this.
ඔබේ අදහස අනුව ලංකාවේ මහයාන අයටත් මේ නිදහස නෑ නේද?
And per above quote leaving Islam is punishable by death. Why is that?? A person has every right to follow the religion he or she decides to. You must notice that there isn’t such a law in Buddhism or in Sri Lanka. Unless you would have been facing death just because you converted to Islam.
සෞදි අරාබියාව යනු මුස්ලිම් රටක් වුවද එහි පාලනය ඉස්ලාම් එකක් නොවේ. එහි පාලනය ගෙන යන්නේ රජ කෙනෙකි. ඔවුන් විසින් ඉස්ලාම් නමින් දමා ඇති සියළුම නීති වලට ඉස්ලාම් දහමට වගකිව නොහැක.
About Women not going to mosques. What you say is maybe true in Sri Lanka. But this is not always the case is it? The city in which my university is situated (in a foreign country) there is a single Muslim Mosque. But there are relatively small no of Muslims here and almost all are foreign students. In this mosque right now there is no question about over crowding because it has more than enough space and even on friday prayers it is not filled. But still no woman (again mostly students) attends friday prayers. When we inquired about this from a Muslim girl she said that only men are allowed to attend friday prayers. I do not know if this is true or not.
සමහර ස්ථාන වල මස්ජිද වලට සෙනග නැති නිසා කාන්තාවන්ට එහි යන්නට බැරි ඇයි? යන්න ඔබගේ තර්කයයි. මමද එවැනි ස්ථාන ලොව බොහෝ දැක ඇත. එතැන තිබෙන ප්‍රශ්නය නම් කාන්තාවන්ට වෙනම කොටසක් වෙන්කර නොමැති වීමයි. කාන්තාවන්ට වෙනම කොටසක් වෙන්කර ඇති ප්‍රදේශ වල මස්ජිද වලට කාන්තාවන් යති.
අනෙක් කරුණ නම් සමහර කාන්තාවන් මස්ජිද වල ඔවුන්ට වෙනම ස්ථාන තිබුණද නොයති. එයට හේතුව මුස්ලිම් කාන්තාවන්ට නැමදුම සදහා මස්ජිදය අනිවාර්යව නොතිබීමයි.
අම්මාර් says:
//Tell me one instance of a Buddhist temple build on the same premises as a mosque which was built previously. I think you won’t find any. //
දෙමටගොඩ මල්ලිකාරාම පෙදෙසේ තිබෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට එය වැහෙන සේ විශාල බුදුපිලිමක් ඉදිකර පල්ලිය අවහිර කර තිබෙනවා.
Anver Manatunga says:
ඔබ හරි මේ ප්‍රථිමාව ඉදිකළේ මුස්ලිම් පල්ලිය ඉදිකරන්නට පටන්ගත් පසුවයි. නමුත් මුස්ලිම් වරුන් එයට විරුද්ධව කිසිවක් කළේ නැහැ. දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශයේ බුද්ධ ප්‍රථිමා රැසක් ඉදිකර තිබෙන්නේ මුස්ලිම් නිවාස ඉදිරිපිටයි. මේ මෑතකදීත් තවත් එවැනි ප්‍රථිමාවක් දෙහිවල මුස්ලිම් නිවසත් ඉදිරිපිට ඉදිකරන්නට යන විට නගරාධිපති ධනසිරි අමරතුංග පැමිණ එය වැලැක්වුවා.
fathima says:
මන් හිතන්නේ රාමදාන් කාලයේ රාත්‍රී නැමදුම් අදික නිසා ඒවා දැකලා ජාතිවාදී පිරිස් කුපිත වෙලා…පල්ලි වල ඉඩ මදිකම නිසා ගැහැනුන් රාත්‍රී නැමදුම් කරන්නේ ඉඩ කඩ ඇති ගෙයක් තුල සාමුහිකව සලාතය ඉටු කිරිමෛ. නැමදුම් ස්ථානයකට කඩා වැදී මෙවන් දේවල් කිරීම මිලේච්චද ක්‍රියාවක් ..ථෙරවාදී බුදු දහම ඇති එකම රට වන ලංකාවේ තිබෙන තත්වය දකින ජාත්‍යන්තරය මෙය බුදු දහමේ වැරද්දක් ලෙස දකීවි. එමගින් වෙන්නේ තව තවත් බුදු දහම සංකෝචනය විමෛ.මොකද මෙවැනි ක්‍රියා දැක කෞරුවත් ආකර්ෂණය වෙන්නේ නැහැ .සොඋදියේ සමහර ක්‍රියා කලාපයන් නිසා ඉස්ලාමය ගැන සමහරු සිතන්නෙත් වැරදියට..තමන් අදහන දහම තමන්ගේ ජිවිත වල නැතිකොට දහමක් අදහන්නේ මොකටද ?? ඔව්න්ගෙන් දහමට වෙන සෙතේ මොකක්ද
සාමි says:
මුස්ලිම්ලට පිළිම නැහැ, බෝගස් නැහැ, පුජාවල් නැහැ, චෛත්‍ය නැහැ, අතරමැදියෝ නැහැ ඉතින් දේවස්ථාන මොකටද? නොපෙනෙන දෙවියා කොහෙසිට හෝ තමාදෙස බලා සිටිනම් කොතැනක ඉදන් වන්දනා කලහම මොකෝ. එකතුවෙලා කරන්න ඕන දේවල් වලට ඕනෑතරම් ප්‍රජාශාලා, පිට්ටනි තියනවනේ. වදින්න තැනක් නැහැ කියල ගෙදර ඉදන් වැන්දම තමන්ටත් ලේසියි දෙයියොත් වැඩිපුර අනුකම්පා කරයි. පිළිම වන්දනා නැහැ කිව්වා වගේ දෙවස්ථානත් ඕන නැහැ කියල ආඩම්බරෙන් කියන්න බැරිද?
Anver Manatunga says:
ඔබ එවැනි ආගමක් හදලා ඔබගේ අනුගාමිකයන්ට එලෙස පවසන්න.
S Makeen says:
“IN RECENT TIMES SO CALL SRI LANKA SINHALA BUDDHIST PEOPLE ARE SHOWING VERY MUCH INTEREST TOWARDS FINDING FACTS / INFORMATION ABOUT ISLAM BY NEGLECTING THEIR OWN RELIGION….!!!
BUT DID YOU ALL NOTICED WHY THIS NEW TREND ?????
BECAUSE NOW THEY “SINHALA BUDDHIST” FOUND OUT THE REAL TRUTH THAT “ISLAM” IS THE ONLY RELEGION THAT IS THE WAY OF TRUTH AND PEACE, AND DESPITE ISLAM IS THE WORLD FASTEST GROWING RELIGION AS WELL.
THUS VERY SOON THAT WE HOPE FEW PERCENTAGE OF SRI LANKAN RACIST SINHALA COMMUNITY MEMBERS WHOIS SHOWING INTEREST IN ISLAM ON ‘ ANTI-FB PAGES’ – (such as SORRY.COM, PROTECT THE BUDDHISM, SINHALA KOLLEK ETC…) WILL SOON HELP THEIR FELLOW COMMUNITY MEMBERS TO FIND THE TRUTH ABOUT ISLAM AND JOIN HAND WITH GLOBAL MUSLIM COMMUNITY AND FIND PEACE IN THEIR LIFES”…!!! IN GENERAL OPINION SUCH HATRED “FB PAGES” ARE INDIRECTLY PROMOTING RELIGION OF PEACE “ISLAM” TO THEIR OWN COMMUNITY AND GIVING ISLAM A OPPOTUNITY TO WIN OVER ALL “ISLAMIC MISCONCEPTIONS” THROUGH THEIR FB PAGES. SUCH FB PAGE CHANNELS ARE THE ONLY OPPORTUNITY FOR THE MUSLIM COMMUNITY TO PROMOTE ISLAM AND PEACE.
THEREFORE, ALL SUCH INDIRECT SUPPORT THRU THOSE “ANTI-FB PAGES” WILL END-UP IN ENHANCING MUSLIM COMMUNITY WIN OVER TO PROPAGATE ISLAM THE PEACE MESSAGE, AS WELL AS WILL DRASTICALLY INCREASE NEW BUDDHIST CONVERSION TO ISLAM IN SRI LANKA BY GIVING IN-DEPTH KNOWLEDGE ON ISLAM WITH CREATING FUTURE HARMONY AND ISLAMIC POPULATION GROWTH IN THE COUNTRY AS WELL.
IN THIS MATTER, ALL CIVILIZED SRI LANKAN MOVEMENTS AND SL MUSLIMS COMMUNITY MEMBERS SALUTE FOR THOSE “ANTI-FB PAGES” FOR PROMOTING INDIRECT PEACE MESSAGE OF ISLAM AMONG SL BUDDHIST SINHALA COMMUNITY TO FIND PEACE IN THEIR LIFE.
Mr. Who-2 says:
අන්තවාදීන්ගේ ඝෝෂාවට පිලිතුරු, අන්තර් ආගමික සහයෝගිකතා වැඩපිලිවෙත් මගින් සැපයිය යුතුයි. අන්තවාදීන්ගේ ශක්තිය වී ඇත්තේ බහුතර ජනතාවගේ නොදැනුවත්කමය. ඔවුන්ගේ බොරු යම් තරමක් හෝ පල දායක වන්නේනම්, එයට හේතුව බහුතර ජනතාව අතර ඉස්ලාම් ආගම පිලිබඳ නොදැනුවත්කමයි. සමාජයක වැඩියෙන්ම ශබ්ද නගන්නේ සුලුතර පිස්සන් වන නමුත්, එම ශබ්දයට එරෙහිව පිලිතුරු පෙනෙන්නට නොතිබේනම්, බොරු ඝෝෂාව ක්‍රමක්‍රමයෙන් සත්‍යය ලෙස පොදු ජන මනසට කාවදී.
අන්තර්ජාලයේ පලවන විකාර අදහස් සහ බොරු ප්‍රචාරයන්ට පිලිතුරු යම් තරමකට අන්තර්ජාලයෙන් ලබාදීමට හැකි වනමුත්, සමාජයේ වපුරන බොරු වලට පිලිතුරු ලබාදිය යුත්තේ සමාජයේය. මෙය මුස්ලිම් අය විසින් සිදුකර යුත්තේ බුද්ධිමත් සහ සීලවත් අන්දමෙන්ය.
මෙම වාතාවරනය යටතේ විවිධාකාර වූ සම්මන්ත්‍රන ඇතුලු වැඩපිලිවෙත් ක්‍රියා කල හැකිනම් එය රටේ සියල්ලන්ටම ප්‍රයෝජනවත් වනු ඇත.
Mohammed says:
මේ ධර්ම රාජ්‍යයේ බාර් ඇරියාට කම් නැත, ගණිකා මඩම් ඇරියාට කම් නැත, මිනී මැරුවාට කම් නැත, හමුවෙන හැම දරුවෙක් හෝ කාන්තාවක් දූෂණය කලාට කම් නැත,,,, මෙකී නොකී සෑම තුප්පහි වැඩක්ම කලාට කම් නැත…. ඒත්
ඒත්…… අන්‍යාගමිකයින් ධාර්මික ජීවිතයක් ගත කිරීමට ඉඩ හැරිය නොහැක, ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ තමන්ගේ නැමදුම් කිරීමටද ඉඩ හැරිය නොහැක……
දේශප්‍රේ-මී පුන්නක්කු බළකායේ ප්‍රතිපත්තිය මෙයයි.
KHL says:
@Mr.Anver Manatunga
I don’t know why in Islam males are required (ordered) to go to mosques while women are not. Is it because men are considered in a higher esteem than women??? In Buddhism there isn’t a restriction like that. Anyone can go to the temple, even people from other religions.
What does Islam say about those who leave Islam (I am referring to punishments if there are any under Islamic law) ???
@Mr.Ammar & Mr.Anver Manatunga
Are those Buddhist statues being built on Land inside the mosque premises???
You guys are talking about Buddhist statues built in front of Muslim Houses. And you say the Mosque is covered by it. So the main purpose of the Mosque is to exhibit itself?????? I never knew that. I thought a Mosques main purpose was religious praying.
And there are instances where a religious place or monument or even something else being built in front of temples which obstructed it(from view). But those temples never cried out. Because the main purpose of the Temple is not to make it as visible as possible but religious, to provide a space to worship.
The government built a totally unnecessary construction right in front of the temple in my home town nearly obliterating the gate. But the nayaka thero and the dayaka sabhawa didn’t mind it because although it obstructed the temple from view it didn’t cause any trouble for the temple or it’s worshipers.
Are those statues causing any discomfort to those in the house (other than psychological)??? If they are (for example obstructing the gate at the entrance to the house) causing some harm to the household then it is wrong.
Anyway I know of some houses belonging to Christians and Hindu’s that have a Buddhist statue adjacent to their homes (boundary wall). And they have never had a problem with that. Other than preventing the exhibition of the house a little the statues doesn’t do anything to them. And those who pays homage at those statues do worship (Wandinwaa) and offer flowers that’s all.
And there are instances where statues of Christian saints or Hindu deities being built in front of homes belonging to Buddhists. But they don’t have a problem with it. It’s just a statue made of cement or something, statues don’t harm people???????
Talking of Mosques I have another thing to say,
The mosque in my home town is filled at the time of Friday prayers. We have no issue about Muslims praying at the mosque. The issue is with the conductance of the Muslims who come to pray there. For some reason those who come in cars (most of them come in cars) fell that they should park the car right around the mosque. So at the time of Friday prayers the road beside the mosque which is a main road and considerably wide (double lane) is jammed with cars insuring a traffic jam. They park the cars on the road. If you walk for 5 minutes to either side of the road you can find ample parking space on both sides of the road where you can park the car without obstructing the road (without parking on the road). At the time of Friday prayers any one going near the mosque can see just 5 minutes walk from the mosque these parking spaces are vacant, but the cars are parked around the mosque & in the road totally obstructing one lane either side of the road. Why can’t they park their vehicles in those vacant parking places and then walk 5 minutes to the mosque????
And after finishing the prayers some of them run pell mell to the road and right across it in great hurry and are very impatient behavior. One of these days some one is going to get in an accident. And as all vehicles are around the mosque after the prayer with everyone trying to leave quickly the traffic gets worse, virtually standstill. Which is all unnecessary.
Anver Manatunga says:
I don’t know why in Islam males are required (ordered) to go to mosques while women are not. Is it because men are considered in a higher esteem than women??? In Buddhism there isn’t a restriction like that. Anyone can go to the temple, even people from other religions.
මුස්ලිම් පල්ලියක් යනු හිස් ගොඩනැගිල්ලකි. එය මුස්ලිම් වරුන්ගේ නැමදුම් ස්ථානයයි. මුස්ලිම් පුරුෂයන්ට එහි ගොස් ජමාඅත් (සාමුහිකව) නැමදුමට අණකර ඇත. නමුත් කාන්තාවන්ට වරප්‍රසාදයක් ලබා දී ඇත. එනම් අයට නැමදුම සදහා මස්ජිදය අනිවාර්ය නොවීමයි. ඔබ බුදු දහම සංසන්ධනය කරමින් කාන්තාවට ඉස්ලාම් සමතැන නොදෙන බවක් පෙන්නන්නට වෙරදරනවා. එහෙනම් දැන් අපි ඒ ගැනත් කථා කරමු. බුදු දහමේ කාන්තාවට පුරුෂයා හා සමතැන ලැබෙනවාද? එක නිදසුනක් පෙන්වන්නම්. බුදුරජාණන් වහන්සේ කාන්තාවකට භික්ෂුණියක වන්නට අෂ්ඨ ගුරුධර්ම පිළිගත යුතුයැයි නියම කළා. ඒ අෂ්ඨ ගුරු ධර්ම මොනවාදැයි ඔබ දන්නවාද? එතැනදී පුරුෂයා සහ කාන්තාව සමද?
Are those Buddhist statues being built on Land inside the mosque premises???
You guys are talking about Buddhist statues built in front of Muslim Houses. And you say the Mosque is covered by it. So the main purpose of the Mosque is to exhibit itself?????? I never knew that. I thought a Mosques main purpose was religious praying.
ඔබ මුස්ලිම් පල්ලි ඉදිරිපිට බුදු පිළිම තැනීමත්, මුස්ලිම් නිවෙස් ඉදිරිපිට බුදු පිළිම තැනීමත් සාධාරණීය කරණය කරන්න හදන්නේ ඉතාමත් අසාධාරණ ආකාරයටයි. ඇයි ඔවුන්ට ඒ ප්‍රථිමා වෙනත් ස්ථානයක පිහිටුවන්න බැරි? මුස්ලිම් නිවාස ඉදිරිපිට නොකර තමන්ගේ නිවස අසල හැකියාවක් නැද්ද?
And there are instances where statues of Christian saints or Hindu deities being built in front of homes belonging to Buddhists. But they don’t have a problem with it. It’s just a statue made of cement or something, statues don’t harm people???????
බුද්ධ ප්‍රථිමාවකින් කිසිවෙකුට හානියක් නැත. ප්‍රශ්නය වන්නේ එය තවකෙනෙකුගේ හෝ අන්‍යආගමික ස්ථානයක් ඉදිරිපිට එය ඉදිකළ විටයි.
Talking of Mosques I have another thing to say,
The mosque in my home town is filled at the time of Friday prayers. We have no issue about Muslims praying at the mosque. The issue is with the conductance of the Muslims who come to pray there. For some reason those who come in cars (most of them come in cars) fell that they should park the car right around the mosque. So at the time of Friday prayers the road beside the mosque which is a main road and considerably wide (double lane) is jammed with cars insuring a traffic jam. They park the cars on the road. If you walk for 5 minutes to either side of the road you can find ample parking space on both sides of the road where you can park the car without obstructing the road (without parking on the road). At the time of Friday prayers any one going near the mosque can see just 5 minutes walk from the mosque these parking spaces are vacant, but the cars are parked around the mosque & in the road totally obstructing one lane either side of the road. Why can’t they park their vehicles in those vacant parking places and then walk 5 minutes to the mosque????
ඔබට පෙනෙන්නේ මුස්ලිම් වරුන් වාහන පාක් කරන එක පමණක්ද? සමහර බෞද්ධ සිද්ධස්ථාන අසල එය සිදු නොවන්නේද? පිටිදුවේ සිරිධම්ම හිමියන්ට ඒ අසපුව අසල පදිංචි අසල්වැසියන් නඩු දැමුවේ ඇයි? මේ වගේ නිදසුන් මම ඕන තරම් දෙන්නම්.
And after finishing the prayers some of them run pell mell to the road and right across it in great hurry and are very impatient behavior. One of these days some one is going to get in an accident. And as all vehicles are around the mosque after the prayer with everyone trying to leave quickly the traffic gets worse, virtually standstill. Which is all unnecessary.
ඔබ ඔබගේ සමාජයේ මේවා නැතිවා වගේ කථා කරනවා. පලමුව ඔබගේ සමාජයේ මෙය සිදුවෙනවාදැයි බලන්න.
sana says:
KHL @
ප්‍රතිමා සිමින්ති වලින් සාදා තිබේනම් එවවලින් කිවෙකුට හානියකුත් නැතිනම්. මා සිතන්නේ ප්‍රයෝජනයකුත් නෑ කියලයි. ඉතින් මොකටද ඒවා හදන්නේ ඔබටත් ප්‍රයෝජනක් නැති දෙයක් අනුන්ගේ ගෙවල් හා පල්ලි ඉදිරිපිට හදල ඇයි. අනුන් කරදර කරන්නේ අපි ඕවට වඳින්නේ නැත්නම් ඇති ප්‍රයෝජන මොකක්ද? අද පිටිසර ගම්මානවල පන්සල්ව හාමුදුරුවරුනට සාමනේරු වරුන්ට දානය පවා නෑ. ඉතින් තත්වය එසේ තිබියදී විසාල මුදලක් වියදම් කරමින් මේ සිමින්ති ගල් ගඩොල් වලින් අන්‍යාගමිකයින් ගේ නිවස් ඉදිරිපිට හා පල්ලි ඉදිරිපිට සෑදීමෙන් අපට කරදරයක් කියල ඔයාල හිතන්නේ නැත්තේ ඇයි?
//ඉරිදා ලංකාදීප
නිම්නය
2012 අගෝස්තු 05 ඉරිදා
පිටු අංක 45
බුදු පුතුන් රකින්න බිම් කොටන හාමුදුරුවෝ
බුද්ද සාසන අමාත්යන්ග්සය කොටි ගණන් සල්ලි නගරයේ ලොකු විහාරස්ඨාන වලට දෙනවා . මේ වගේ පුංචි තැන්වලට ලැබෙන්නේ නෑ .
සාරානන්ද හිමි. //
සාමි says:
පල්ලි වලින් ස්පිකර් දාගෙන වටේටම කෑගහනවා. කනක් ඇහෙන්න නැහැ. අපි ඕව අහන්නේ නැත්තම් මොකටද කෑගහන්නේ. අනික ඉස්ලාම්ලා වරද්දන්නෙ නැතුව පල්ලි යන නිසා පල්ලියේ ඇතුලෙම කෑගහගත්තම මදිද? ගෙවල්වල ඉන්න ගැණු කටිටියට ඇහෙන්නද කෑගහන්නේ. ඉස්පිකර් නැති කාලේ ඔය ක්‍රම තිබුනේ නැහැනේ. තාක්ෂනය එක්ක ඉස්ලාම් මොඩ් වෙනවද? පන්සල් වල පිරිත්, බන ස්පිකර් වලින් ඔහොම කරදර විදියට දාන්නේ නැහැ. හැම පන්සලකම ස්පිකර් දාන්නෙත් නැහැ. මුස්ලිම්ලට දෙයියෝ ඔච්චර විස්වාසනම් තමන් රහසින් කියනදේ දෙයියන්ට ඇහෙනවනම් ඔහොම කෑගහන්න ඕනෙද?
Anver Manatunga says:
සහෝදරයා ඔබට පෙනෙන්නේ මුස්ලිම් වරුන්ගේ වරදවල් විතරයි. ලංකාවේ ඕන තරම් පංසල් වලත් ශබ්දයෙන් ස්පීකර් දාගෙන වැඩසටහන් කරනවා. ඒවා අඩුයි කියමින් ඔබ එය සාධාරණීය කරණය කරන්න උත්සාහ කරනවා. වැරදි නම් දෙකම වැරදියි කියන්න. නැත්නම් දෙකම හරියි කියන්න.
මුස්ලිම් පල්ලිවල අදාන් කියන්නේ නැමදුම සදහා මුස්ලිම් වරුන් කැදවීමටයි. අතීතයේදී එය කළේ උස් වු ස්ථානයක සිට (මෙයට මිනරත් යැයි හදුන්වති) උස් හඩින්. නමුත් දැන් උස්වු ස්ථානයක සිට කෑ ගැසු විට ඇසෙන්නේ නැහැ. එයට හේතුව රථවාහන සහ කර්මාන්තශාලා වැනි දෙයින් නැගෙන්නාවු අධික ඝෝෂාව නිසයි. මුස්ලිම් වරුන් නුතන යුගයේ ශබ්ද පරිපාලක උපකරණ භාවිතා කරන්නේ ඒ නිසයි.
Suda says:
\\මුස්ලිම් පල්ලිවල අදාන් කියන්නේ නැමදුම සදහා මුස්ලිම් වරුන් කැදවීමටයි. \\ ඉතින් එකට බෙරිහන් දෙන්න ඔනෙද වෙලාවක් කියල එන්න කිව්වනම් හරිනේ
\\ලංකාවේ ඕන තරම් පංසල් වලත් ශබ්දයෙන් ස්පීකර් දාගෙන වැඩසටහන් කරනවා.\\ ස්පීකර් දාගෙන වැඩ කරන්නේ විශේෂ වැඩසටහන්. හැමදාම බෙරිහන් දෙන්නේ නැ .
Anver Manatunga says:
ඔබගේ අදහස
ඉතින් එකට බෙරිහන් දෙන්න ඔනෙද වෙලාවක් කියල එන්න කිව්වනම් හරිනේ
මගේ පිළිතුර
ඉස්ලාමීය ක්‍රමයට එහි පිළිවෙලක් ඇත. අදාන් යනු එම ක්‍රමවේදයයි. එය බෙරිහන් දීමක් ලෙස දැනෙන්නේ ඔබ වැනි අන්තවාදීන්ටයි.
ඔබගේ අදහස
ස්පීකර් දාගෙන වැඩ කරන්නේ විශේෂ වැඩසටහන්. හැමදාම බෙරිහන් දෙන්නේ නැ.
මගේ පිළිතුර
අපි කියන්නේ නැ පන්සල් වල බෙරිහන් දෙනවා කියා. නමුත් ඔබ වැනි අන්තවාදියෙක් අබෞද්ධ නම් එහෙම කියයි.
Suda says:
\\ඔබගේ අදහස
ඉතින් එකට බෙරිහන් දෙන්න ඔනෙද වෙලාවක් කියල එන්න කිව්වනම් හරිනේ
මගේ පිළිතුර
ඉස්ලාමීය ක්‍රමයට එහි පිළිවෙලක් ඇත. අදාන් යනු එම ක්‍රමවේදයයි. එය බෙරිහන් දීමක් ලෙස දැනෙන්නේ ඔබ වැනි අන්තවාදීන්ටයි.
ඔබගේ අදහස
ස්පීකර් දාගෙන වැඩ කරන්නේ විශේෂ වැඩසටහන්. හැමදාම බෙරිහන් දෙන්නේ නැ.
මගේ පිළිතුර
අපි කියන්නේ නැ පන්සල් වල බෙරිහන් දෙනවා කියා. නමුත් ඔබ වැනි අන්තවාදියෙක් අබෞද්ධ නම් එහෙම කියයි.\\
එක තමා මම කියන්නේ ආගම ඔයගොල්ලන්ගේ වාසියට හරවාගෙන. අපි මොකක් හරි කිව්වොත් එකේ ඔයගොල්ලන්ගේ මතය කියවනවා, මේක උත්තරය නොවේ. මම කියන්නේ වෙනස් වෙන්න ඕනේ විදිහ.
Anver Manatunga says:
ඔබට ඕන විදිහට හැමදේම වෙනස් නොවේ. ලොවට අවැසි අන්දමට ඔබ වෙනස් වෙන්න. අපට මේ විදිහ හොදයි. අනෙක් ජනතාවටත් හොදයි. රජයටත් හොදයි නම් කවර කථාද?
Mohammed says:
morning evening pirit and bana through speakers done everywhere in SL, don’t deny this
fathima says:
ඔව් කාන්තාවත් ළමෛ පෞලම අරන් දවසට 5 වතාවක් පල්ලි ගියාම පල්ලි යෑම නවත්තන්නත් මෙයාල අලුත් නීති හදාවි.කළු රෙද්ද පොරවාගෙන හම්බ ගනු පරෙමෛ කියා කතා හදාවි.
True Story says:
ප්‍රමාණවත් තරම් නැමදුම් ස්ථාන නැහැය කියන එක මට නම් පුදුමයක් , මොකද මම ජීවත් වන ප්‍රදේශයේ (සමස්ථ නගර සභා සිමාව සැලකුවාම ) බහුතරයක් ඉන්නේ බෞද්ධ ජනතාව , නමුත් මුස්ලිම් නැමදුම් ස්ථාන මා දන්නා තරමින් 7-8 ක් තියනවා , බෞද්ධ විහාරස්ථාන 14-16 ක් විතර තියනවා (ජන සංඛ්‍යාව අතින් සිංහල ජනතාවගෙන් භාගයක ප්‍රමාණයක් මුස්ලිම් ජනතාව නැ ) , මගේ නිවසට පිරිත් ඇහෙන්නේ අපේ ගමේ පන්සලෙන් විතරයි මුස්ලිම් පල්ලි දෙකක යාතිකාවන් ඇහෙනවා . ආගමික ස්ථාන හදත්දි මූලික විරෝධතා ගොනු කිරීමේ කාලයක් සහ මහ අධිකරණ විනිසුරු වරුන් සහ උපදේශක සර්වාගමික නායකයින් සහිත දිස්ත්‍රික් කමිටුවක් හරහා තීරණන් ගන්නත් කටයුතු කරනවා නම් මුස්ලිම් පල්ලි වලට බෞද්ධයන් විරෝධයන් එල්ල වීමත් , මුස්ලිම් නිවාස ආසන්නයේ පිලිම හැදීමත් නතර වේවි
Anver Manatunga says:
බොහෝ විට බෞද්ධ පන්සලක තිබෙන ඉඩකඩ සහ මුස්ලිම් පල්ලියක තිබෙන ඉඩකඩ ප්‍රමාණය සසදන්න. අනෙක් කාරණය නම් සිකුරාදා ජුම්මා නැමදුමට අනිවාර්යයයෙන්ම සියලුම මුස්ලිම් පුරුෂයන් සහභාගී විය යුතුය. එවිට ඉඩකඩ මදබව නිසා සිකුරාදා නැමදුමට මුස්ලිම් පල්ලියක විශාල තදබදයක් ඇති වේ.
suban says:
idakada madi bawa is not Buddhists problem ok. Buddhists sites are ancient anfd comminf from a long time by donations. How do you expect to have land s in Buddhist country like this???? That mentality has to be changed and undersatand that THIS IS A BUDDHIST COUNTRY
Anver Manatunga says:
ලංකාව බහුආගමික සහ බහුසංස්කෘතික රටකි. රටේ ජනගහණයෙන් තුනෙන් එකකට වඩා සිටින්නේ අන්‍යාගමිකයන්ය. ඔවුන්ද මේ රටේ පුරවැසියන්ය. ඔවුන්ට තිබෙන අයිතීන් උදුරාගන්නට ඔබ වැනි ආගම්බේධවාදීන්ට නොහැකිය.
Brother says:
@ අම්මාර් & KHL,
දෙමටගොඩ පල්ලියේ භාරකාරයා මා පුද්ගලික හඳුනන අතර එම මස්ජිදය සාදා ඇත්තේ ඔහුට අයත් පුද්ගලික ස්ථානයකි. බුදු පිලිමය නම් මාගේ මතකයේ හැටියට එම පල්ලිය සාදන්නටත් පෙරම එහි පැවතුනි. මේ වනතාක් මේ සම්බන්ධයෙන් (පල්ලිය නිසා හෝ බුදු පිලිම නිසා හෝ)කිසි ගැටලුවක් පැන නොනැගිනි. ඉදින් ඒ අවට වාසය කරන්නන්ට එය ප්‍රශ්ණයක් නොවන්නේ නම් අපි එය ගැටලුවක් නොකර ගත යුතුයි. අනවශ්‍ය විදියට සාමකාමීව ජිවත් වන්නා පිරිස් මේ හා සම්බන්ධ කරනොගෙන ගැටලු ඇති තැන් පමණක් සාකච්චාවට ගන්නේ නම් මැනවැයි.
අනික් මා දුටු කාරණය නම් KHL ගේ විවෙචනයන්ට මුස්ලිම් පාඨකයින් පිලිතුරු දීමට උත්සහ කිරීමයි. මතවාදී වශයෙන් ඔහු හා අප නොගැලපුනත් සෑම දෙයක්ම විවේච්නාත්මකව බැහැර කිරීමට උත්සහ කිරීම නුසුදුසුය. ඔහු ‘පල්ලි’ චෝදනාවෙන් පවසන්නට උත්සහ කරන්නේ එය විධිමත්ව පවත්වා ගෙන යන ලෙසයි. මෙය බැහැර කල නොයුතු දෙයකි. පුද්ගලිකව මේ සම්බන්ධයෙන් මාගෙ අදහස් පහත පරිදි වේ.
1. පල්ලි සෑදීමට පෙර ඒ අවට මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව සලකා බැලීම. ඒ ගණනට අනුව අවශ්‍ය පල්ලිය තීරණය කිරීම (එනම් ජුම්මාද නොහොත් තකියාද යන්න). එසේම අදාල ස්ථානයේ සිට ජුම්මා පල්ලියකට ඇති දුර ප්‍රමාණයද තීරණය කිරීම. ඉස්ලාමයට අනුව මස්ජිද් (පල්ලි) යනු දෙවියන්ට සුජූද් කල හැකි සෑම (දෙකක් හැර ) ස්ථානයක්ම වන නිසා අනවශ්‍ය කොත් දමා, කුලුනු ඉදි නොකර සාමාන්‍ය ප්‍රදේශයක් වුවද භාවිතයට යොදා ගැනීමට කටයුතු කිරීම. මෙය ඔවුන් සංඛ්‍යාත්මක වශයෙන් කුඩා නම් පමනි.
2. යම් ප්‍රදේශයක මුස්ලිම්වරුන් බහුතරයක් වාසය කරයි නම් එහිදී ඇතිවන ‘අවශ්‍යතාවය’ අනුව ජුම්මා පල්ලි ගණන තීරණය කිරීම. නැතහොත් ඒ ජුම්මා පල්ලි එකට එකතු කර එක පල්ලියක් ලෙස වඩාත් පහසු තැනක ස්ථාපිත කල හැකි දැයි සලකා බැලීම.
3. පල්ලි නිර්මානයේදී උපරිම ප්‍රදේශ සීමාවන් ලකුනු කිරීම. එකී සීමාව තුල එක පල්ලියක් පමනක් පවත්වා ගෙන යාමට කටයුතු කිරීම. මෙහිදී මුස්ලිම්වරුන්ට ගමන් කිරීමට ඇති අලස බාවය දුරුවන අතර අදාල ‘පල්ලිය’ සමාජයේ කේන්ද්‍රස්තානය බවටද පත් වනු ඇත.
4. පල්ලි නිර්මාණයේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වීම. එනම් එය වාණිජ වටිනාකමකින් යුත් ප්‍රදේශයක්ද නොහොත් සාමාන්‍ය ජනතාවන් ජිවත් වන පරිසරයක්ද යන්න මුලින් තීරණය කිරීම. එසේ කෙලේ නම් වාහන නැවත්වීමේ අපහසුතා මග හැරෙනු ඇත.
5. ජුම්මා යාඥාව සඳහා වූ කාල සීමාව කෙටි කිරීම. මෙය ජමාත් සලාතයේ කොන්දේසියක්ද වේ. අප රටේ සිකුරදා යාඥාවන් සඳහා පැ1/2 ක් පමන ගතවන අතර මැද පෙරදිග රටවල නම් විනාඩි කිහිපයකි.
ඉහත සඳහන් යෝජනාවන් මාගෙ පුද්ගලික වන අතර මුස්ලිම් පාඨකයන් සඳහා සංවාදයට විවෘතය.
Anver Manatunga says:
ප්‍රථිමාව තැනුනේ පල්ලිය තනන්නට ආරම්භ කළ පසුවයි.
ඔබගේ යෝජනා යහපත් නමුදු අද තිබෙන ප්‍රශ්නය නම් අළුතින් මස්ජිදයන් තැනීමට අන්තවාදීන් විසින් බොහෝ ස්ථාන වල විරෝධතා ඇති කිරීමයි. මේ නිසා අද මුස්ලිම් වරුන්ට නිරවුල් ආකාරයෙන් සිය මස්ජිද ප්‍රශ්න නිරාකරණය කරගත නොහැක.
Brother says:
අවු:16 කට විතර කලින් මං එතන ‘තජ්වීද්’ පන්තියකට සහබාගි වුනා. එතකොට මට මතකයි ඔතන බුදු පිලිමයක් රඳවා තිබුනා. ඒක පාට කරපු අද තියෙන එකට වඩා පොඩි එකක්. මං නිවැරදි නම් දැන් තියෙන්නේ තනි ‘සුදු පාට’ එකක්.
Mohammed says:
Jumma in 1/2 in SL? never seen such a short one in SL
the usuall go for 45-60mnts…… mostly make me sleep during Khutba
the awqaf ministries in some Middle east have fixed maximum khutba time to 20 mnts…. we have to do the same
fathima says:
දවසට 5 වතාවක් කෞරුවත් පන්සල් යන්නේ නැහැනේ එනිසා ඉඩ මදි වෙන්නේ නැහැ
Shakir ifham says:
යුද්දේ දිනුව ට පස්සේ ලංකාවේ බෞදයන්ට අමුතු නහරයක් ඇවිල්ල මුස්ලිම්වරුත් පාගල දණ්ඩ .
සාමි says:
යුද්දේ දින්නේ බෞද්දයෝ විතරයි කියල පිලිගැනීම සතුටුයි. කවදත් මුස්ලිම්ලා ත්‍රස්තවාදිගේ පැත්තෙනේ.
fathima says:
සාමි කියන විදිහට ලංකික මුස්ලිම් උලමාවරු හා මුස්ලිම් ජනයා ජිනීවා සමුළුවේදී ත්‍රස්තවාදීන්ගේ පැත්ත වෙනුවෙන් පෙනී නොසිටපු එක වැරදි කියලා දැන් ඒ අයට තේරිලා තියෙන්නේ.සාමාන්‍ය ජනයවත් ඔය තත්වෙට ඇද දන්නේ ඔබල වැනි තමඊ
muhammed thasneem says:
බෞද්ද බික්ෂු වරයෙක් සිටිය යුත්තේ ඉතා සාමකාමීව,ඉතා විනීතව සහ සෑම කෙනෙකුටම ගරුකළ යුතු පුද්ගලයෙක් වශයෙනි.උදහරනය් වශයෙන් ගත හොත් ගරු මහත්මා ගාන්දි ලෙසය.එනමුත් ඉහත චායා රුප වලින් පෙනන අන්දමට මොහුන් ඉතා කෘර,රණ්ඩුවට බර පුද්ගලයන් ලෙස පෙනේ.ඇත්තටම බෞද්ද බික්ෂු කෙනෙක් හිටිය යුත්තේ මෙසේද ?තවද මන් පොඩි කාලේ මගේ යහළුවන් සමග අපේ වත්ත ළඟ තිබෙන පන්සලක අඹ කැඩීමට ගිය විට අපට දඩුවම් කිරීම සඳහ) ලොකු පොල්ලක් ගෙනවිත් සැවොම එලව ඇවිත් මගේ යහලුවෙකුට ගැසුව හැටි මට තාමත් මතකය.බික්ෂු කෙනෙක් මෙසේද අසිරවිය යුත්තේ.බුදු රජාණන් වහන්සේ ගේ චරිතයෙන් පොඩ්ඩක් වත් ගෑවිලා නැති බව මෙඉන් පෙනේ.මොහුන් බෞද්ද බික්ෂුන් වුයේ කෙසේද යනු මට සැකයකි.මෙසේ සිටින බික්ෂුන්ට බෞද්දයන් හැදීමට හැකිද?
Anver Manatunga says:
හැම දහමකම හොද සහ නරක පුද්ගලයන් සිටිනවා. භික්ෂුන් වහන්සේලා යනුද මිනිසුන්ය. ඔවුන් අතර යහපත් සහ අයහපත් අය සිටිය හැක. මුස්ලිම් අප අතරද එසේම නොවේද?
jayamina says:
anver kiyana dawal hama kankutama watinwa. Oba jathi wadiyak nawa. Kuranaya gana tikak apita kiyanna. Godak aya a gana waradi widiyata hithana. Maga muslim yaluwo godak enwa api athara ma dawal na. Godak samagi. Agam parsna jathi wada kam wadak na
නසීර් එම්.එන්.එම් says: