Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය හොරට ලියාපදිංචි කළ එකක්ද?

ඇත්තද? බොරුද?

ඇත්තද? බොරුද?

මේ දිනවල හොරි ඩොට් කොම් විසින්, මූණු පොතේ රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය ගැන බොරු ප්‍රචාරයක් දියත් කරමින් පවතියි. එහි සඳහන් වන්නේ “මතබේධයට තුඩු දී ඇති රාජගිරියේ මුස්ලිම් පල්ලිය ලියාපදිංචියට හොර ලියවිලි හදලා, අන්තවාදී ප්‍රෝඩාවක සුලමුල හෙළිවේ” යනුවෙනි. එහි තවදුරටත් දැක්වෙන්නේ

 

 

හොරි ඩොට් කොම් විසින් පලකළ සහ ධම්මානන්ද සුමංගල හිමි නම් චීවරධාරියා විසින් ‍බෙදා ගන්නා ලද පෝස්ටරය

හොරි ඩොට් කොම් විසින් පලකළ සහ ධම්මානන්ද සුමංගල හිමි නම් චීවරධාරියා විසින් ‍බෙදා ගන්නා ලද පෝස්ටරය

 

උපුටා ගැනීම

ලංකාව තුල පවතින නීතිය අනුව කුමන හෝ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු ලේකම් වරයාගේ අනුමැතිය අත්‍යවශ්‍යය. එහෙත් එම නීතිය උල්ලංඝනය කරමින් රාජගිරිය ධාරුල් ඊමාන් මස්ජිද් නමින් හඳුන්වා ගන්නා පල්ලිය පවත්වාගෙන යෑම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය රහිතව එම අමාත්‍යංශය යටතේම ක්‍රියාත්මක වන මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් හොර ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බව හෙළි වී තිබේ. හොරට ලියාපදිංචි කර ඇත්තේ 2010 පෙබරවාරි 25. රටපුරා හොර පල්ලි හදන්නේ මෙහෙමයි.

උපුටා ගැනීම අවසන්

 

මෙම අන්තර්ජාල පෝස්ටරය මුණු පොතේ බෙදා‍ ගන්නා Dhammananda Sumangala Himi නම්වු අලජ්ජික භික්ෂුව විසින් මෙසේ සටහනකුත් දමා තිබෙනවා.

 

උපුටා ගැනීම

ඔක්කොම පල්ලි වලට ගිනි තබාමු.. කට්ටිය සෙට් වෙමු.. මුලුමහත් අවජාතක muslim thambi අමුඅමුවේ ගිනිතබා පෝරකයට යැමට මා දැන් සුදානම්…… 

බෞද්ධයා බෞද්ධයා කියලා අහින්සකයා වගේ නිකන් බලන් ඉන්න මට බැ.සිංහල ජාතිය වෙනුවෙන් යමක් නොකර මැරෙනවාට වඩා හොදයි මේ අවජාතක muslim thambi ”අන්තවාදීන්” සෙට් එක අමු අමුවේ පුච්චලා මරලා දාලා එල්ලුම් ගහට යන එක. ඒකත් මම කරනවා සිංහලේට ජය!!!!!!!!!

උපුටා ගැනීම අවසන්

 

ආගම්බේධවාදී ‍හොරි ඩොට් කොම් (sorry.com) විසින් මීට පෙරද මෙවැනි ව්‍යාජ පෝස්ටර පලකරමින් ආන්තර්ජාලය තුල ආගම්බේධ වාදය පතුරවන්නට උත්සාහ දරන විට අප ඒ ගැන සමාජය දැනුවත් කළෙමු. මෑතකදී ඔවුන් විසින් පලකළ “මුස්ලිම් ජිහාද් ත්‍රස්ත කඳවුරු ලංකාවේ” නමින් වු පෝස්ටරයට බොරුවක් බව අප ඔවුන් විකෘති කරන ලද පෝස්ටරයේ ඇත්ත පෝස්ටරයද සමගම පලකළ පසුව ඔවුන් එම බොරු පෝස්ටරය පැය කිහිපයකින් ඉවත්කර ගන්නා ලදී. බලන්න http://www.facebook.com/photo.php?fbid=3402359579458&set=a.3254280157565.2125763.1283903979&type=1&theater

 

‍මතබේධයට තුඩු දී ඇති මෙම රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය 2010 වසරේ ලියාපදිංචි කළ එකකි. එය ලියාපදිංචි කර ඇත්තේ මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙහිය. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලියක් ලියාපදිංචි කිරීම යනු කිසියම් ප්‍රදේශයක සිටින මුස්ලිම් සමුහයක් විසින් සංවිධානය වී මස්ජිදයක් තැනීමට අවශ්‍ය ඉඩමක් හෝ ගොඩනැගිල්ලක්ද සහිතව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වකුෆ් පනත යටතේ ලියාපදිංචිය ඉල්ලුම් කළ යුතුය. එම දෙපාර්තමේන්තුවේ වකුෆ් මන්ඩලය Waqf Board විසින් එම ස්ථානය ගැන සොයා බලා ලියකියවිලි වල නිරවද්‍යතාවය සනාථ වන්නේ නම් එය මස්ජිදයක් ලෙස ලියාපදිංචි කරයි.

 

ලංකාවේ මුස්ලිම් පල්ලියක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය එයයි. මෙම ක්‍රියාවලියට ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියක් ගැනීමක් මෙතෙක් කල් නොකෙරුණි. මෙම මස්ජිදයද ලියාපදිංචි කර ඇත්තේ ඉහත පටිපාටියට අනුවයි. එයට අමතරව අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියද අවශ්‍ය නම් එය චක්‍රලේකයක් මගින් මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශ ලේකම් වරයා විසින් දැනුම් දිය යුතුය. අප සොයා බැලු ආකාරයට අනුව එවැන් චක්‍රලේඛයක් ඒ කාලය තුල ලැබී නැත. එම මස්ජිදය ලියාපදිංචි කර ඇත්තේ එම වකවානුවේ පැවති නීතිරීති වලට අනුකූලවය. අද නව නීතියක් දැම්මා කියා එදා ලියාපදිංචි වු මස්ජිදයකට එය අදාල නොවේ.

 

ඉහත භික්ෂුව ගැන නම් කිසිදු දෙයක් නොපවසමි. ඔහුගේ ක්‍රියාවන් වලින් ජනතාවම ඔහුව අඳුනා ගත යුතුය. කෙසේ වෙතත් මේ භික්ෂුව බුදු දහමට අපහාස කරන්නෙක් බව නම් පැහැදිලිය. 

 

අනෙක් ලිපිය

රාජගිරියේ ධාරුල් ඊමාන් මස්ජිදයේ නවතම තතු

  • shaz says:

    banakiyala janapriya wenabariunama (janathawa prathikshepa karanakota) oyawage keyboard werakamak karala hari janapriya wennauthsaha karanaeka gana api subapathum

    oya kiyana kakkuma werakama 30wasarak pawathi uddakale koheda danena thibuney Niyama Buddha Dharshanayak …….

    2012/08/05 at 5:48 PM
  • Priyantha says:

    ඔබගේ ලිපිය කියවිමේන් මම ඉතා පුදුමයටත්, කනගටුවටත් පත්වුනෙමි.මේම භික්ෂුව ගෑනත් ඔහුගෙ ක්‍රියා කලපය ගෑනත් ඈයි පෑමිණිලි නොකරන්නෙ..?මොහු අපගෙ රට නෑවත වතාවක් අගාදයකට ඈද දෑමිමට උත්සහා කරන බව තමයි පෙනේන්නේ. ඔහු මානසික රොගියෙක් බව පෑහෑදිලියි.

    2012/08/05 at 8:59 PM
  • mohamed shaffy says:

    ශ්‍රි ලංකා ප්‍රඡාතන්ත්‍රවාදි ඡනරඡයකියන්නේ සියඵම ඡාතීන්ට හා සියළුම ආගමටසම අයිතිය ලැබිය යුතුයි.අනවසර පල්ලි ඉවත් කරන්නඅපි ලෑස්තියි ඒවගෙම ඔහේලත් කැමතිද අනවසර බුදු පිලිම සෑරමඉවත්කරන්න?ඔහේලට තියන සෑම අයිතියක්ම අපටත් තියෙනබව හොදට මතකතියාගන්න.අපෙත් මව්බිම ලංකාව ඉපදුනෙත් ලංකාවෙ මැරෙන්නෙත් ලංකාවෙ.

    2012/08/05 at 9:10 PM
  • mohamed shaffy says:

    අවුරැදු 30ක කාලයක් ලංකාවේ කුරිරැ යුද්ධයක්තිබුණා ඒකකාටවත් අමතකකරන්නටබැහැ.ඒදවස්වල LTTE ත්‍රස්තවාදීන් විසින් පන්සල් වෙහෙර විහාරවලටබොම්බ තිබ්බා හිමිවරැන් ඝාතනයකරා.ඒදවස්වල මෙඅන්තවාදි බෞද්ධයන් කොහේද හිටියේ.මොනවාහරි
    වචනයක් උන්ටඑරෙහිව කථාකරාද එයි මරයිකියලාබයටද?දෙයියන්ගෙ පිහිටෙන් දැන්යුද්ධය අවසන්.සාමයෙන් මිනිස්සු දැන් ජීවත්වෙනවා.මමබැගෑපත්ව ඉල්ලා සිටිනවා මෙඅන්තවාදීන්ගෙන් නැවතත් ඔයවගෙතත්වයකටරටපත්කරන්න එපා කියලා.දැන් රට සංවර්ධනය කරා යනගමනට බාධා කරන්න එපා.ඔහේලා ලංකාවට ආදරෙනම් කරැණාකරලා ඔයජාතිවාදය අත්හැරලා දාන්න.

    2012/08/05 at 10:18 PM
  • සාමි says:

    ඔය කියන අලජ්ජික බික්ෂුවගේ මුණු පොත හදල තියෙන්නේ බුදුදහමට මඩගහන මුස්ලිම් කෙනෙක් බව ඒකට ගියහම පැහැදිලිව පේනවා.

    // ඉහත භික්ෂුව ගැන නම් කිසිදු දෙයක් නොපවසමි. ඔහුගේ ක්‍රියාවන් වලින් ජනතාවම ඔහුව අඳුනා ගත යුතුය. කෙසේ වෙතත් මේ භික්ෂුව බුදු දහමට අපහාස කරන්නෙක් බව නම් පැහැදිලිය. //

    අපිව අන්දන්න බැහැ.

    2012/08/05 at 10:49 PM
    • Anver Manatunga says:

      අපට ඔබලාව අන්දන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ වචන භාවිතා කරන්නේ බොදුනුවන් අතර සිටින ආගම්බේධවාදීන් තමයි. ඔහුගේ ස්වභාවයෙන් මුස්ලි කෙනෙකු බව මට නම් පෙනෙන්නේ නැහැ. සමහර විට ඔහු මානසික විකෘතිතාවක් ඇති අයෙක් විය හැකියි.

      2012/08/06 at 2:34 AM
  • fathima says:

    ඔව්න්ට කරුණාවෙන් කිව්වට තේරෙන්නේ නැහැ දේවදත්ත නිකායේ නිසා.කවදාහරි රට ලොකු ප්‍රශ්නෙකට පටලුනම ථෙරෙඉ.නමුත් එදාට පරක්කු වැඩි.

    2012/08/05 at 11:03 PM
  • Muusalaya says:

    Anver can i have horry.com web page link please

    2012/08/06 at 12:27 AM
    • Anver Manatunga says:

      fb එකේ ඉංග්‍රීසියෙන් ගහන්න.

      2012/08/06 at 2:35 AM
  • Marikkar says:

    Asalamu Alaikum and Ramadan Kareem
    It is really hurting to know that there are subversive elements covered under saffron robes. As correctly categorised by Mr. Priyantha, this is a blatant indication of a psychiatric patient. It is a real disgrace for Buddhism if such low profile elements are allowed to taking cover in Pansalas and Pirivenas. It is the responsibility of the Government and the Buddhist Hierarchy to keep such elements away from sacred Buddhist Squares. However, it is unfortunate to see that certain Political Supremos and Chief Monks are behind such very low profile and self-proclaimed MONKS. As long as this trend persists in our country, the demise of Moral qualities are at the very near corner.

    2012/08/06 at 2:19 AM
  • sana says:

    මේවා විලාප, මේවට කිසිවිටක බයවිය යුතු නෑ, මැරෙන්න ලන්වෙනකොට නගන විලාප තමයි මේවා, උන් ළඟදී මැරිලා යනවා. ඔවුන්ම කියනවා නේ අපි වඳ වෙනවා එක නවත්වන්න තමයි මේක පටන්ගෙන තියෙන්නේ කියල. ඉතින් යන යකා කොරහත් බිඳගෙන යන්න දඟලනවා. ඉතින් යකා යන වෙලාවට අපි ටිකක් සෝදිසියෙන් ඉන්න ඕනේ මොකද යකා කියන එකා හොඳ පුගලයෙන් නෙවෙයි නේ. උගේ සිරිත විනාසයක් කරන එකනේ ඉතින් උගේ තියන ජන්ම පුරුද්දට ඕව කරනවා. ඉතින් පල්ලියක් කඩුවට, පල්ලිය ඉදරිපිට ඇවිල්ල උද්ගොසන කලාට, පෙළපාලි ගියාට, පිරිත් කිව්වට, පොලිසියත් එක්ක එකතු වෙලා අපට කරදර කලාට අපි ආගමෙන් ඈත් වෙන්නේ නෑනෙ. අපට තියන්නේ පැමිණිලි කලයුතු තැන්වලට පැමිණිලි කරලා යුක්තිය ලබා ගැනීමයි. ඉතින් ලංකාවේ පැමිණිලි කරලා යුක්තියක් ලැබීම කියන්නේ බොරු වැඩක්. එම නිසා කිරිස්ත්යානි හා දෙමල සහෝදරවරුන් සේ අපිත් ජාත්‍යාන්තර සහය පැතිය යුතුයි. එකට අපේ උගත්. ජාත්‍යාන්තර මට්ටමෙන් ක්‍රියා කරන පිට රටවල ජීවත් වන සහෝදරයින් සමග අපි සම්බන්ද විය යුතුයි. ඉදිරි කාලය තුල මානව හිමිකම් සම්බන්දව ආයතන ලංකාව සම්බන්දව හොඳ තීරණ ගන්න පුළුවන් තත්වයක් තිබෙන නිසා අපි මේ අවස්තාව ප්‍රයෝජනයට ගත යුතුයි. තව දුරටත් රජයේ හොඳ හිත දිනාගෙන අපේ අයිතීන් කප්පාදු කරගන්න තරම් අපි මෝඩ විය යුතු නෑ.

    2012/08/06 at 3:17 AM
  • නුවන් සුබසිංහ says:

    මේ පුද්ගලයා භික්ෂුවක් නොවන බව පැහැදිලිය්. මට පෙන හැටියට ඔහු බෞද්ධ නොවන වෙනත් ආගමිකයෙක්. ඔහුගේ අනිත් පෝස්ට් දිහා බැලුවම එය පැහැදිලිය්.

    2012/08/06 at 4:29 PM
    • Anver Manatunga says:

      මටත් එය හිතෙනවා. නමුත් ඔහු සැරෙන් සැරේ තමන් බෞද්ධ භික්ෂුවක් බවට පෙන්වන ඡායාරූප පලකරනවා. ඒ නිසා හිතාගන්න බැහැ.

      2012/08/07 at 2:19 AM
  • නුවන් සුබසිංහ says:

    //එම නිසා කිරිස්ත්යානි හා දෙමල සහෝදරවරුන් සේ අපිත් ජාත්‍යාන්තර සහය පැතිය යුතුයි. එකට අපේ උගත්. ජාත්‍යාන්තර මට්ටමෙන් ක්‍රියා කරන පිට රටවල ජීවත් වන සහෝදරයින් සමග අපි සම්බන්ද විය යුතුයි. ඉදිරි කාලය තුල මානව හිමිකම් සම්බන්දව ආයතන ලංකාව සම්බන්දව හොඳ තීරණ ගන්න පුළුවන් තත්වයක් තිබෙන නිසා අපි මේ අවස්තාව ප්‍රයෝජනයට ගත යුතුයි. තව දුරටත් රජයේ හොඳ හිත දිනාගෙන අපේ අයිතීන් කප්පාදු කරගන්න තරම් අපි මෝඩ විය යුතු නෑ.//

    මේක දේශ ද්‍රෝහී කතාවක්. රට ඇතුලේ ප්‍රශ්න වලට වෙනත් රට වල එවුන් සම්බන්ධ කර ගන්න ඕනේ නෑ. එක ප්‍රශ්න අවුල් වෙන වැඩක්. පුළුවන් කියල හිතෙනවා නම් ට්‍රයි කරලා බලන්න. තව අවුරුදු 50k විතර ලේ සාගරයක පීනන්න පුළුවන් කට්ටියටම. ඇෆ්ගනිස්තානේ වෙලා තියෙන දේ පේනවනේ.

    2012/08/06 at 4:32 PM
    • Anver Manatunga says:

      ඔබ මොහුට දේශද්‍රෝහී කියන්නේ ඔබලාගේ අය විසින් කරන දේශද්‍රෝහී වැඩ නොදැකද? ඔබලාගේ අයට රට අවුළුවන්න හැකි නම් මෙවැනි අයට තමන්ගේ ආරක්ෂාව සදහා ජාත්‍යන්තර සහය පැතීමත් සාධාරණයි.

      2012/08/07 at 2:23 AM
  • Sinhala Bauddhaya says:

    මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යෑමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ
    අනුමැතිය මොකටද?
    එංගලන්තය ඇමරිකාව වගේ රටවල් වල ආගමික ස්ථානයට අනුමැතිය  දෙන්නේ local authority
    එකෙන් ප්‍රදේශයේ ජන සංයුතිය සැලකිල්ලට ගෙන
    මෙයද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය?
    Why SRILANKA been NAMED as Democratic Socialist
    Republic of Srilanka?
    Where is democracy in Srilanka?

    2012/08/07 at 3:07 AM
  • sana says:

    නුවන් සුබසිංග@

    ඒ කොහොමද දේශ ද්‍රෝහී වෙන්නේ, ලංකාවේ ඉන්න බලදාරීන් ලංකාවේ තිබෙන ප්‍රශ්නවලට පිළියම් ලබා නොදෙන්නේනම් ජාත්‍යන්රයට යාම හැර මොනවා කරන්නද. වත්මන් ජනාදිපතිතුමාද 90 වකවානුවේදී එකල රජයට විරුද්දව ජාත්යාන්රයට ගොස් පැමිණිලි කළා ඒ ගැන ඔබේ මතය මොකක්ද?

    2012/08/07 at 4:39 AM
  • bunanm says:

    ඒක හොඳ අදහස,එයාලට අවාසිවෙන ඔක්කොම අපේ වැඩ ,වාසි ඒවා තමන්ගේ.අනේ අනේ ….යම්කිසි මුස්ලිම් කෙනෙකු මේවගේ දෙයක් කරය්නම් අපි අනිවාර්යයෙන්ම එකටත් විරුද්දය්.එය ඉස්ලාම් ආගමටද පටහැනිය් . අපි එච්චර බංකොලොත් නැහැ .මේ ලින්ක් එකෙන් ඇත්ත නැත්ත දැනගන්න.
    https://www.facebook.com/photo.php?fbid=432173666835236&set=a.369726126413324.98483.369549889764281&type=1&theater

    2012/08/07 at 12:03 PM
  • නුවන් සුබසිංහ says:

    @ Sana :
    ජනාධිපති තුමා නෙවෙයි සක්‍ර දෙවියන් වුනත් වෙන රටවලට ලංකාවට අත පෙවීමට මග පාදා දෙයි නම් එය වැරදියි.

    @ අන්වර් :
    එක පුද්ගලයෙක් හරක් වැඩක් කිරීම අනිත් පුද්ගලයන්ට හරක් වැඩ කිරීමට දෙන ලයිසන් එකක් නෙවෙයි. ඔබලාගේ අය ලෙස ඔබ හඳුන්වන්නේ කවුරුන් දැයි මම නොදනිමි.ඔබ අදහස් කරන්නේ ආගම් බේදය පතුරන ජාති වාදීන් නම්, ඔවුන් කිසිසේත්ම “මගේ අය” නොවෙන බව මතක් කර දෙමි. “උන් කරපු නිසා අපිත් කරනවා” යන තර්කය සහ “මුස්ලිම් අපි vs බෞද්ධ උන් – නැතිනම් බෞද්ධ අපි vs මුස්ලිම් උන්” යන ආකල්පය මත කටයුතු කිරීමෙන් වෙන්නේ ප්‍රශ්නය ඔඩු දිවීම පමණයි. ඔබ නියම ආගමික සහ ජීවනය පතන කෙනෙක් නම් සිතිය යුත්තේ “සහජීවනයෙන් ජීවත් වීම අගය කරන බෞද්ධ සහ මුස්ලිම් අපි vs ආගම් භේදය පතුරුවන මුස්ලිම් සහ බෞද්ධ උන්” ලෙසයි.

    2012/08/08 at 11:21 PM
    • Anver Manatunga says:

      ලංකාවේ ආගම්බේධය පතුරවන මුස්ලිම් අය සිටින්නේ නම් ඒ අතලොස්සකි. ඒ අයද අපට පාලනය කරගත හැක.

      මා මෙහදී පැවසුවේ ආගම්බේධවාදීන් කරන්නාවු දෙය ඔබලාට වලක්වා ගත හැකි නම් ජාත්‍යන්තරයට යාමට අවශ්‍යතාවයක් නොමැති බවයි. නමුත් ඔබලාට ඔවුන් පාලනය කරගත නොහැකි නම් අප කළ යුත්තේ කුමක්ද? අපේ පල්ලි විනාශ වෙනකම් බලා සිටින්නද?

      මීට සරල නිදසුනක් මම මේ සිද්ධියෙන්ම පෙන්නන්නම්. මේ සිද්ධිය වු පසුව මුස්ලිම් පල්ලි භාරකාර මන්ඩලය පලමුව ගියේ ගමේ පංසලේ හාමුදුරුවන් හමු වීමටයි. හාමුදුරුවන්ද පැවසුවේ දැනට පල්ලිය වසන්න. මම මේ ගැන ඒ පාර්ශවය සමග කථා කරන්නම් කියායි. නමුත් පසුව එතුමා පැවසුවේ ප්‍රශ්නය ඔඩුදුවා ඇති නිසා තමන්ට කිසිවක් කළ නොහැකි බවයි. එවිට මුස්ලිම් වරුන්ට ගමෙන් පිටත බලපෑම් සිදුකර ප්‍රශ්නය විසදා ගැනීමට සිදුවිය. ඔබ වැනි සාමකාමී පුද්ගලයන්ට මේ ආගම්බේධවාදීන් කරන්නාවු නිහීන ක්‍රියාවන් පෙන්නා ඔවුන් සුමගට ගැනීමට නොහැකි නම් දිගින් දිගටම සිදුවන කෙනහිලි කම් හමුවේ මුස්ලිම් වරුන්ට ජාත්‍යන්තරයට යාම හැර අන් විසදුමක් නැත.

      2012/08/09 at 12:21 PM

Your email address will not be published. Required fields are marked *

*