Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ලංඩන් ඔලිම්පික් අතරතුර ස්ත්‍රීවාදීන් විසින් ෂරියාවට එරෙහිව රෙදි ගලවා ගැනීම

ලංඩන් ඔලිම්පික්

ලංඩන් ඔලිම්පික්

මේ දවස් වල ලංඩන් ඔලිම්පික් උළෙල අස්සේ බළලුන් ලවා කොස් ඇට බාගන්නට තනන අයත් වැඩි වෙලා. ලංඩන් නගරයේ ස්ත්‍රීවාදීන් Feminists විසින් ෂරියාවට එරෙහිව උද්ඝෝෂනයක් කරන්නෙත් ඒ නිසයි. එයට ප්‍රධානතම හේතුව වුනේ ඔලිම්පික් කමිටුව විසින් සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි Wojdan Ali Seraj Abdulrahim Shaherkani ට හිජා‍බ් සහිතව ජුඩෝ ක්‍රීඩාවේ යෙදීමට අවසර දීමයි. ඒ ගැන බලන්න මේ යොමුව තුලින් http://english.alarabiya.net/articles/2012/07/31/229440.html

 

සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි

සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි

ඇත්තටම ඔලිම්පික් කමිටුව විසින් මෙවැනි තීරණයක් ගන්නට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ එමගින් අරාබි ලොව තුල ඔලිම්පික් ක්‍රීඩාව තව තවත් ආකර්ශනය කරවීම තුලින් දැඩි වාණිජ වටිනාකමක් ලැබෙන නිසා වන්නට පුළුවන. අරාබි රටවල ඔලිම්පික් උන්මාදයක් ඇති කරගත්තා නම් බටහිර වෙලඳුන්ට රිසිසේ එය තම වාණිජ අරමුණ කරා ගෙන යා හැක. අද ක්‍රීඩාව වාණිජ කරණයට නතුවී එහි තිබුණු සාරයන් වල්වැදී ගොස් ඇත. ක්‍රීඩාවෙන් යහපත් මිනිසෙක් බිහිවෙනවාද? යන්නද අද ප්‍රශ්නයකි. මේ පිළිබඳව මා ලියු ලිපිය මෙතැනින් බලන්න http://www.anvermanatunga.com/2012/07/30/sports/

 

වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි සවුදි ධජය සමගින්

වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි සවුදි ධජය සමගින්

මා පුද්ගලිකව සිතන්නේ මුස්ලිම් අප විසින්  බටහිර සංස්කෘතියට අනුගතව මෙවැනි උළෙලවල් වලට සහභාගී වීම වෙනුවට අපගේ මුස්ලිම් අනන්‍යතාවයද රැකෙන පරිදි අළුත් ක්‍රීඩා උළෙලවල් නිර්මාණය කර එයට මුස්ලිම් නොවන අයටද සහභාගී වීමට අවස්ථාව දිය යුතු බවයි. බටහිර සංකර සංස්කෘතියට ආසියාවෙන් අභියෝගයක් එල්ල කළ හැක්කේ එවිටයි. එවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට සියළුම පහසුකම් අරාබි ලොව තුල ඇත.     

 

උඩුකය නිරුවත්ව ෂරියාවට විරෝධය පලකළ ස්ත්‍රී වාදීන්

උඩුකය නිරුවත්ව ෂරියාවට විරෝධය පලකළ ස්ත්‍රී වාදීන්

ඔලිම්පික් යනු අතීතයේ ග්‍රීක ආගමික උත්සවයකි. අද සම්පුර්ණයෙන්ම ක්‍රීඩා උත්සවයක් විලාසයෙන් මෙය පැවැත්වුණද අතීතයේ මෙය පවත් වන ලද්දේ දේව පූජාවක්/යාගයක් වශයෙනි. වර්තමානයේද එහි යම් යම් ආගමික ලක්ෂන එලෙසින්ම පවතියි. නිදසුනක් ලෙස ඔලිම්පික් ගිණිසිළුව සහ එම ගිණිසිළුව ග්‍රීසියේ ඔලිම්පියා ප්‍රදේශයේ සිටම පැමිණීම පෙන්වා දිය හැක. අතීත ඔලිම්පික් ක්‍රීඩකයින් ක්‍රීඩා කළේ සම්පුර්ණයෙන්ම නිරුවතිනි. පසුකාලීණව එනම් මෑතකාලීනව එය අන්තර්ජාතික ක්‍රීඩා උළෙලක් වශයෙන් පැවැත්වෙන්නට පටන් ගත්දා සිට ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ වස්ත්‍ර ඇඳගෙනයි. නමුත් ‍ඔවුන් ඇඳුම් ඇන්දද නෑන්දා හා සමානයි. මන්ද ඔවුන්ගේ ක්‍රීඩා වස්ත්‍ර වලින් වැසෙන්නේ ඉතාමත් සුළු ප්‍රදේශයක් පමණක් බැවිනි.

 

ස්ත්‍රී වාදීන්ට පොලීසිය රෙදි අන්දන අයුරු

ස්ත්‍රී වාදීන්ට පොලීසිය රෙදි අන්දන අයුරු

එදා මෙන් අද ක්‍රීඩකයන් අමු හෙළුවෙන් නොසිටියද, අද ක්‍රීඩක ක්‍රීඩිකා වස්ත්‍රද විළිය වැසීමට වඩා හෙළුව පෑමට බර ඒවාය. ඇත්තටම ඔවුන් වස්ත්‍ර ඇන්දද නොඇන්දා සේය. මේ නිසා කිසියම් ක්‍රීඩිකාවක් ක්‍රීඩා දස්කම් වලට අමතරව ඇය රූප සම්පත්තියෙන්ද අගතැන්පත් නම් ඇගේ වටිනාකම ඉතාමත් ඉහල යයි. එහෙත් ඉස්ලාම් ධර්මානුකූලව නම් මෙවැනි වස්ත්‍ර මුස්ලිම් ක්‍රීඩිකාවන්ට පමණක් නොව මුස්ලිම් ක්‍රීඩකයන්ටද අකැපය. මන්ද ඉස්ලාම් හි සඳහන් හිජාබ් සංකල්පයට කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද යටත්වන නිසාය.

 

කරුණ මෙසේ තිබියදී අද ඔලිම්පික් කමිටුව හිජාබ් ඇඳි කාන්තාවට ක්‍රීඩා කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ලංඩන් ඔලිම්පික් අතරතුර ස්ත්‍රී වාදීන් විසින් උද්ඝෝෂනය කළේ උඩුකය නිර්වස්ත්‍රව Topless ය. ඔවුන්ට අනුව ස්ත්‍රීන් නිර්වස්ත්‍රව ක්‍රීඩා කළත් කම් නැත. නමුත් වසාගෙන ක්‍රීඩා නොකළ යුතුය. ඔවුන් ෂරියාවට එරෙහිව යැයි කියමින් උඩුකය නිර්වස්ත්‍රව උද්ඝෝෂනයක් සංවිධාන ‍කළේ එහෙයිනි. මෙහිදී ඔලිම්පික් කමිටුව ක‍ළේ හිජාබ් වස්ත්‍ර ඇඳි කාන්තාවටත් ක්‍රීඩාවට අවස්ථාවක් දීම පමණි. ඔලිම්පික් කමිටුව ෂරියාව අනුමත කළේ නම් අනෙක් ක්‍රීඩිකාවන්ටද හිජාබ් නිර්දේශ කළ යුතුය. එසේ නොතිබියදීත් ස්ත්‍රී වාදීන් සිය උඩුකය වස්ත්‍රද ගලවාගෙන උද්ඝෝෂනය කළේ අතීතයේ මෙන් නිර්වස්ත්‍රව ක්‍රීඩා කිරීමට නැවත ගෙනයාමටද? මේ ගැන බලන්න  http://www.care2.com/causes/topless-activists-protest-ioc-in-london-video.html

 

ඔවුන්ට ක්‍රීඩිකාවන් වෙසඟනන් මෙන් නිරුවත පෙන්වමින් සිය නිරුවත මුදලට අලෙවි කළාට කමක් නැත. නමුත් ක්‍රීඩිකාවක නිරුවත වසා ශිෂ්ඨ සම්පන්නව ක්‍රීඩාවේ යෙදෙන්නේ නම් එය අන්තවාදයකි. ඔවුන්ට අවශ්‍ය ඒ ක්‍රීඩිකාවන්ගේත් ඇඳිවත උනා දමන්නටය. මේ ස්ත්‍රීවාදීන් ඇත්තටම කාගේ බළල් අතක්ද යන්න මෙම උද්ඝෝෂනය මගින්ම හෙළිදරව් වේ. 

 

  • hasan says:

    වැඩි වියට පැමිණි ස්ත්රියක් තමාගේ අවයවයන්ව අන් පිරිමින්ට පෙන්වීම

    වැඩි වියට පැමිණි ස්ත්රියක් තමාගේ අවයවයන්ව අන් පිරිමින්ට පෙන්වීම ගැන ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?

    ස්ත්රියක් ගත් කල, ඇයව බැලීමේදී ඉස්ලාමය කොටස් තුනකට කර පෙන්වා ඇත.

    1.අනුමත පරිදි ඇඳ සිටින කල, තවත් පිරිමියෙක් ඇයව බැලීම ඉස්ලාමය නොවළක්වයි.

    2. සමහර අවයවයන්ව බැලිය හැක්කේ විවාහ කරගැනීමට අනුමත නොකරනු ලැබූ අයට පමණයි.

    3. ස්ත්රියකගේ රහස් අංග බැලිය හැක්කේ ඇයගේ ස්වාමියාට පමණය.

    මෙම කරුණු තුන ගැන මඳක් විමසා බලමු.

    1.අනුමත පරිදි ඇඳ සිටින කල, තවත් පිරිමියෙක් ඇයව බැලීම ඉස්ලාමය නොවළක්වයි.

    එනම් ස්ත්රියක් අන් පිරිමියෙක් හමුවට යන විට, ඇය ඇයව කවර අන්දමින් ආවරණය කරගත යුතුද යන්න ඉස්ලාමය පැහැදිලිව පවසයි.

    ස්ත්රීයන්, පිරිමි දරුවන්, රන් හා රිදී ගොඩවල්, ලක්ෂණ අශ්වයින්, සිවුපාවුන්, වගා බිම් යනාදී ආශා ඇති කරවන දේවලට ප්රිය කිරීම, මිනිසුනට අලංකාරමත් කර පෙන්වා ඇත. මේවා මෙලෝ ජීවිතයෙහි සැප සම්පත්ය! අල්ලාහ් හමුවෙහි ලක්ෂණ ආපසු යෑමේ ස්ථානය ඇත.(ශු.කු.3:14)

    ස්ත්රීන් යන වර්ගයා මිනිසාට ආශාව ඇති කරවන වර්ගයක් බව ඉහත පැවසේ. මෙම ස්ත්රී වර්ගයාට ඇල්ම කිරීම ඉස්ලාමය අනුමත කර ඇති බවද ඉහත වැකිය පවසයි.

    නමුත් මෙම ආශාව බුක්ති විඳීමේදී තමන් සිතන ආකාරයෙන් කරගන්නා ලෙස අනුමත කර නොමැත. එසේ වූයේ නම්, තිරිසනුන් හා මිනිසුන් අතර වෙනසක් නොපවතින්නේය.

    ස්ත්රියක්ව බුක්ති විඳීමට ඉස්ලාමය අනුමත කර ඇති ක්රමය විවාහයයි. විවාහයක් මගින් තමාගේ ආශාව සන්සිඳුවා ගන්නා ලෙස ඉස්ලාමය මිනිසාට උපදෙස් දෙයි.

    ස්ත්රියක් පිරිමියාට ආශා ඇති කරවන තත්ත්වයක පවතින තැනැත්තියක් නිසා,

    1.ඇයට අන් පිරිමින්ගෙන් වන හානියෙන් ඇයව ආරක්ෂා කිරීම පිණිසද

    2.ඇයගෙන් අන් පිරිමින්ට වන හානියෙන් පිරිමින්ව ආරක්ෂා කිරීම පිණිසද ඉස්ලාමය නීති පනවා ඇත.

    ස්ත්රියකගේ රුව පිරිමියෙක් ඇල්ම කරන හෙයින්, මෙසේ ඇයගේ රුව සම්බන්ධව එනම් ඇයගේ රුව අන් පිරිමින්ට පෙන්වීම සම්බන්ධව ඉස්ලාමය නීති රීති පනවා ඇත.

    (ඕ:නබි!) ඔබ විශ්වාසවන්ත ගැහැණුන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු) පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තමන් වසාගෙන සිටින තමන්ගේ අලංකාරය දන්වනු ලැබීම පිණිස තමන්ගේ පාදවලින් තට්ටු කිරීමද නොකළ යුතුය. විශ්වාසවන්තයිනි! ඔබලා ජය ලැබීම පිණිස ඔබලා සියලුදෙනාම අල්ලාහ්ගෙන්ම පාපවලට සමාව අයදින්න.(ශු.කු.24:3)

    ඉස්ලාමය ස්ත්රියකගේ වස්ත්රය සම්බන්ධව පනවා ඇති නීති රීති ගැන පවසන වැකිවලින් එකක් ඉහත වැකිය වේ.

    ඉහත වැකියෙන් කරුණු කීපයක් ගැන කීවත්, මාත්රුකාවට අදාල කරුණ පමණක් මෙහි පවසමි.

    ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද: යන්නෙන් අදහස් කරනුයේ, බිම බලාගෙන ගොස් කොහේ හරි හැප්පෙන්න යන්න නොවේ.

    ස්ත්රියක් තමාගේ බැලුම් සීමා කරගත යුතු බවය. ස්ත්රියක් අන් පිරිමියෙකුව බැලුවේ නම්, එම පිරිමියාද ඇය දෙස බලයි. මෙසේ ස්ත්රියක් විටින් විට කරන විට එම පිරිමියාද එසේම කරයි. ඊළඟට ඇය සිනාසෙන්නේය. ඔහුද සිනාසෙන්නේය. පසුව ළංවන්නෝය. කථා කරන්නෝය.

    මෙසේ දෙදෙනාම කථා කරන තත්ත්වයට පැමිණීමට මුල් වූ කාරණය කුමක්ද? මුල් වූ කාරණය බැලීමය.

    එනිසා ඉස්ලාමය, ස්ත්රියක් අන් පිරිමියෙක් දෙස වරින් වර අනවශ්යව බැලීම එමෙන්ම පිරිමියෙක් අන් ස්ත්රියක්ව වරින් වර අනවශ්යව බැලීම වළක්වයි.

    එයට හේතුව මෙම මුල් ක්රියාව ඉතාම භයානක කාර්යයක් සඳහා ගෙන ගිය හැකි ක්රියාවක් බැවිනි.

    ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න!මෙම කොටසෙහි අර්ථය කුමක්ද?

    ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ: මෙහි අර්ථය කුමක්ද? ස්ත්රියක් තමාගේ බෙල්ල, කේශය, යනාදිය තමන්ට විවාහ කරගැනීමට අනුමත නොකරනු ලැබූ අයට පමණක් පෙන්වීම වරදක් නොවේ.

    එයට හේතුව එවැනි අය එම දේ දැකීමෙන් ඇයව අයුතු අන්දමින් ලබාගැනීමට උත්සාහ නොකරන්නෝය.

    නමුත් අන් අයට පෙන්වීමෙන් ඔවුහු ඇය ගැන වරදවා සිතීමෙන් එනම් ඇයව නම්මවා ගැනීමට පිළිවන් ස්ත්රියක් ලෙස සිතීමෙන් එම පිරිමියා ඇය ගැන වරදවා සිතාගන්නේය.

    එහෙයින් ස්ත්රියක් තමාගේ ශරීරය ඉස්ලාමය පවසන ආකාරයට වසාගැනීමෙන් අන් පිරිමියෙක් ඇය ගැන වරදවා සිතා බැලීමේ අවස්ථාවක් නැතිව යන්නේය.

    මෙම හේතුවෙන් ඇයද රැකෙන්නේය. පිරිමියාද තමාව රැකගන්නේය.

    තමන්ගේ හිස් වැසුම් වස්ත්රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න!

    ස්ත්රියකගේ පියයුරුව පිරිමියාව ඇදගන්නා අංගයකි. එහෙයින් එය තමාගේ හිස් වැසුම් වස්ත්රය මගින් ආවරණය කරන ලෙස පැවසේ.

    මෙසේ ඉස්ලාමය නීතියක් පැනවූ කල, ඉස්ලාමය ස්ත්රියගේ අයිතිවාසිකම නැති කරයි යැයි සමහරු උද්ඝෝෂණ කරන්නෝය.

    ඉස්ලාමය ස්ත්රියක් තමාගේ ස්වාමි පුරුෂයාට තමාගේ අවයවයන්ව පෙන්වීමේදී කිසිම සීමාවක් කර නොමැත.

    නමුත් අන් පිරිමින්ට පෙන්වීම වළක්වයි. එහෙයින් මෙසේ උද්ඝෝෂණ කරන්නන් විලි ලැජ්ජා නොමැති කාමුක පිරිමින් යන්න පැහැදිලිවම පෙනේ.

    එයට හේතුව ඔවුන්ට අන් ස්ත්රීන්ගේ අවයවයන්ව බැලීමේ අවස්ථාවක් මෙයින් නැතිවන්නේය.

    එම කාරණය නොකියා වෙන කාරණාවක් කියමින් ඔවුහු තමන්ගේ ලැජ්ජාශීලී කාර්යයට අවහිරයක් මෙම නීති රීතිවලින් ඇති වූ නිසා උද්ඝෝෂණය කරන්නෝය.

    2012/08/06 at 11:47 AM
  • Mohammed says:

    ඒ උන්දැලට බැල්ලියන් සේ තමන්ට කැමති එක එකා එක්ක් යහන් ගතවන්නට නිදහස තිබේනම්, හෙලුව නොවසා මහපාරේ යන්න නිදහස තිබේනම්…….
    ලෝකයේ අනිත් උන්දැලට ඔවුන්ට ඕනෑ විදිහට ඉන්නට නිදහස තිබිය යුතුය, එක් කෙනෙකු සමග දීග කන කතුන් දෙස පිළිකුලෙන් බැලීම හෝ තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ විලි වසාගන්න අයට එරෙහිව උද්ඝෝෂණ කිරීම ඔවුන්ගේ මූළික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි.

    2012/08/06 at 12:04 PM
  • නුවන් සුබසිංහ says:

    ස්ත්‍රී වාදීන්ට හෙළුවෙන් සිටීමට ඇති අයිතියම මුස්ලිම් කාන්තාවන්ට හිජබ් අන්දීමටත් ඇත.

    2012/08/06 at 4:55 PM
    • Anver Manatunga says:

      ප්‍රශ්නය වන්නේ ස්ත්‍රීවාදීන් එය පිළිනොගැනීමයි.

      2012/08/07 at 2:41 AM
  • Brother says:

    මේක මුස්ලිම් රටක සිද්ධවෙලා ඔය පොලිස් කාරයෝ හිටියොත් කියන්නේ violation of freedom/rights කියලා නමුත් ඒ රටවල් වල පොලිසියෙන් ගහලා දක්කන් යනකොට කිසි කතාවක් නැහැ.

    There is no absolute freedom in any country. Just a definition. This is a good example for that.

    2012/08/06 at 5:05 PM
  • අම්ජඩ් says:

    ඉහත සදහන් කල ලින්ක් තුල නිරුවත් වීඩියෝ අඩංගු දර්ශන පවතින බැවින් එය ඉවත් කරන එක සුදුසුයි නේද

    2012/08/06 at 5:40 PM
    • Anver Manatunga says:

      ඔබ හරි නමුත් ලින්ක් නොදැම්මාම සමහරු කියන්නේ ව්‍යාජ පුවත් කියායි. ඔවුන් එවිට ආගම්බේධවාදීන්ගේ මට්ටමට අපිවත් දානවා.

      2012/08/07 at 2:42 AM
  • fathima says:

    ඕවට ඉතින් අපේ මෝඩ ගැනුත් යනවනේ. කාන්තා නිදහස කියා කියා දගලන්නේ ඉතින් හිතේ හැටි ඕන ජරාවක් කරන්න තමෛ.තමන්ට ඕනනම් කරගන්නෛ තියෙන්නේ මොකටද අපේ අයටත් බල කරන්නේ ඔව්න් වගේ ආත්මයක් නැති තිරිසන් විදිහට ඉන්න කියල.ඔව්න්ට හොද ආගමක් නැහැ කියල අපි පලිද

    2012/08/06 at 6:40 PM
  • Nazeem says:

    Islam hijab eka paththakin tiyamuko. olypik play 80% cristian nisa keedenek bible eke tiyena woman dress code eka follow karanawada? hariyata baluwoth cristian kiwwata namata witrai. we are proud to be a muslim.

    2012/08/06 at 7:15 PM
    • Vimal says:

      dress code in bible are very old, that was suitable for 2000 years ago and that was introduced people who live in desert.

      Now days cultural and people thinking pattern are changed.
      now a days people are intelligent than those days.

      there are thousand of valuable things than clothes.

      what happen here is, muslims still live in those days (1300 years). hijab was introduced people who live in desert.

      those cloths are not suitable in good environment like sri lanka and western countries.

      western and europe peoples is changing this world and introduced a lot of things than buddhist and muslims.

      if they thought like in bible or quran. this world is still in 7 centuries.

      please do not condemn they are changes. sex in western world is simple thing. they do not think about as u people do ( they have more important things than sex).

      2012/08/07 at 9:39 AM
      • Anver Manatunga says:

        ඔබ පවසන ආකාරයට වස්ත්‍ර නව්‍ය කරණයට ලක්විය යුතු නම් ඇයි භික්ෂූන් වහන්සේලා මීට වසර 2500 කට පමණ පෙර පැනවු විනය නීති වලට අනුව සිවුර සකසා ගන්නේ? එමෙන්ම මෙහෙණියන් සහ දසසිල් මෑණිවරුන්ද තම වස්ත්‍ර නූතන ආකාරයට සකසා ගත්තාට කමක් නැහැ නේද?

        2012/08/07 at 12:22 PM
        • Vimal says:

          priest can not entitle and use physical things that normal people use.

          Think only muslim people lives this world, will this world develop like 2day.

          Western people broke the tradition, old habits and found the new path.
          as a result of that, now we are living modern society.

          2012/08/07 at 2:17 PM
          • Anver Manatunga says:

            මේවාට මොඩර්න් කියන්නන් ඇත්තටම මෝඩයන්ය.

            2012/08/07 at 3:36 PM
          • faizal says:

            ‘priest can not entitle and use physical things that normal people use’- then why do monks using mobile phones?

            2012/08/07 at 5:14 PM
      • Baasil says:

        මට හිත ගන්න බෑ ලංකාවේ තිබෙන “good environment” එක මොකක්ද කියල. අවුරුදු හයේ හතේ ලමයින්ව දුෂණය කරන එකද? නැතිනම් කාන්තාවන් නිකරුනේ මරා දැමීමද?

        2012/08/07 at 2:29 PM
  • sana says:

    කවුරු , කොහේ, මොනවා කලත්, ලංකාවේ නම් හම්බයන්ට විරුද්ද වෙනවා කියල ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා ඔන්න!

    2012/08/07 at 4:24 AM
  • අම්මාර් says:

    දියුණුයි කියලා කියන බටහිර උදවියගේ ගල් යුගයේ වැඩ. ශරීරය වහගෙන හිටියොත් නරකයි හැබැයි ඔක්කොම ඇරලා දාල ඉන්න එක හොඳයි.

    මගෙත් අදහස අර ලින්ක් එක ඉවත් කලොත් හොඳයි කියලා. මොකද යමෙකු එම වීඩියෝව ගැන නොදැනුවත්ව බැලුවොත් අපහසුතාවයට පත්වෙන්ඩ පුළුවන්. එම වෙබ්පිටුවේ screen shot එකක් පල කරානම් මීට වඩා හොඳයි .

    2012/08/07 at 5:59 AM
    • Anver Manatunga says:

      හොදයි මම එය කරන්නම්.

      2012/08/07 at 12:15 PM
  • True Story says:

    බටහිර සමාජයන්හි කාන්තාවන්ට තමන් කැමති දෙයක් කිරීමේ නිදහස ඇත , මෙය හුදු වස්ත්‍රයකට පමණක් සිමාවන දෙයක් නොවේ , ඔවුන්ගේ නිදහස හා අරාබි කරයේ කාන්තාවන් සතු නිදහස පිලිබඳ වෙනස අමුතුවෙන් සඳහන් කල යුතු නැත . අරාබියේ කාන්තාවන් කැමැත්තෙන් තම අයිතින් නැති කරගත්තත් (ඔබලා පවසන පරිදි ) , එයට විරෝධය පල කිරිමේ බටහිර කාන්තාවන්ගේ නිදහස අවලංගු වන්නේ නැත . මුස්ලිම් කාන්තාවන් ඇඟ වසාගෙන සිටි පමණින් බටහිර කාන්තාවන් අඩ නිරුවතින් තබා සම්පූර්ණ නිරුවතින් විරෝධය පල කිරීමේ අයිතිය ප්‍රශ්න කිරීමේ අයිතියක් ඔබගේම තර්කය අනුව ඔබට හිමිවන්නේ නැත (ඔබ පවසන්නේ ඇඟ වසාගැනීම මුස්ලිම් කාන්තා අයිතිය නිසා විරෝධය පල කිරීම වැරදි බව නම් , නිරුවතින් සිටීමට බටහිර කාන්තාවට ඇති අයිතිය ගැනද ඔබට ප්‍රශ්න කල නොහැක )

    2012/08/07 at 6:29 AM
    • Anver Manatunga says:

      මෙතැන මුස්ලිම් අපි බටහිර කාන්තාවන් නිරුවතින් සිටීම ගැන කථා කළේ ඔවුන් අපගේ මුස්ලිම් කාන්තාවන් වසා ගැනීම සම්බන්ධව උද්ඝෝෂනය කිරීමෙන් ‍පසුව නේද? අපට එරෙහිව කිසියම් අයෙක් එන විට අපට එයට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාවක් නැද්ද?

      2012/08/07 at 12:18 PM
  • hasan says:

    හෙළුවෙන් සිටීමට අයිතියක් තිබේද?

    ස්ත්රීවාදීන්ට හෙළුවෙන් සිටීමට අයිතියත් තිබේද?

    මෙම ස්ත්රීන් හෙළුවෙන් පැමිණියේ ඉස්ලාමීය රටක නොවේ. එනම් මෙම සිද්ධිය ඇතිවුනේ ලන්ඩනයේදීය.

    මෙසේ හෙළුවෙන් පැමිණීම ඔවුන්ගේ අයිතියක් නම්, ඔවුන්ව රෙදිවලින් පෙරවීමේ තත්ත්වයක් පොලීසියට ඇති වී නොතිබෙන්නේය.

    එයට හේතුව ඔවුන්ට දී ඇති අයිතිවාසිකම සීමාව ඉක්මවා උපයෝගී කිරීමය. එනම් මුස්ලිම් නොවන්නන්ටද මෙය අයිතියක් බුක්ති විඳීම නොවේ යන්න වැටහී ඇත. මෙය දෙන ලද නිදහස සීමාව ඉක්මවා ක්රියා කිරීමක් යන්න වැටහී තිබේ.

    පෙලපාලියක් පැවැත්වීමේ අයිතිය වෘත්තීය සමිතියකට ඇතත්, එය පැවැත්විය යුතු ආකාරයකුත් ඇත. පෙලපාලියක් පවත්වනවා යැයි පවසමින් පාරේ අනෙක් වාහනවලට යන්න නොදී පෙලපාලි යන්න බැහැ.

    හේතුව පෙලපාලිකරුවන්ට පෙලපාලි යෑමේ අයිතිය ඇත්තා සේම, පාරේ යන සාමාන්ය ජනයාට පාරේ යෑමේ අයිතියකුත් ඇත. මෙම දෙපිරිසම තමන්ගේ අයිතිය බුක්ති විඳිය යුත්තේ අනෙකාගේ අයිතියට අවහිරයක් ඇති නොවන අන්දමිනි.

    සෑම කාර්යයකම අයතිය බුක්ති විඳීමේ සීමාවක් ඇත. ස්වාමි පුරුෂයෙකුට හා බිරියකට ඔවුන්ට රිසි සේ එනම් වස්ත්ර නැතිව සිටිය හැක. නමුත් මෙම අයිතිය බුක්ති විඳීමේ ක්රමයක් ඇත.

    තමන්ගේ ළමුන් ඉදිරියේ මෙසේ පියෙකුත්, මවකුත් හැසිරුනොත් එය ඔවුන්ගේ අයිතියක් නොවේ. එය ළමුන්ට වැරදි ආදර්ශයක් දීමක් වේ. එය සීමාව ඉක්මවා ක්රියා කිරීමක්ය. මෙය තිරිසන් ගතියක්ය.

    එසේම මෙම ස්ත්රීන් තනිව සිටියදී කවර ආකාරකයකට සිටියත් අපට ප්රශ්නයක් නැත. අනෙක් ජනයා හමුවට යන විට අනෙක් අයගේ අයිතිවාසිකම් ගැනද බැලිය යුතුය.

    දිනක් පකිස්තානයේ සිදු වූ සිද්ධියක් පුවත්පතක පළ විය. එනම් විදේශ රටක කාන්තාවක් පාරේ අඩ නිරුවතින් ගොස් ඇත. එය දුටු පකිස්තාන ජාතිකයෙක් ඇයව බලෙන් සිපගත්තේය. පසුව මෙම කාන්තාව පොලීසියට දැන්වීමෙන් අනතුරුව මෙම සිද්ධිය අධිකරණයක් හමුවට ගෙන යනු ලැබීය.

    මෙම කාන්තාව පාරේ අඩු නිරුවතින් යෑම දුටු මාගේ ආසාව ඇවිස්සුනේය යැයි නඩුවේදී පකිස්තාන ජාතිකයා පැවසුවේය.

    මෙහිදී පකිස්තාන ජාතිකයා නඩුවෙන් නිදහස් විය.

    පාරේ යන විට අනුන්ගේ ආසාවන් ඇවිස්සෙන ආකාරයේ ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටින ලෙස නඩුකාරවරයා අවවාද කළේය.

    2012/08/07 at 11:14 AM
    • True Story says:

      අන්වර් සහෝදරයගේ කථාවේ සත්‍යක් තියනවා
      හසන් සහෝදරයට් කියන්න තියෙන්නේ නොදියුණු , නුගත් පකිස්ථාන සමාජය සහ බටහිර දියුණු සමාජය සසඳන්න එපා කියල . ඔය වගේ මැටි කථාවක් කිව්වා කියල ඉන්දියාවෙත් සැහෙන්න විරෝධතා ඇතිවුනා , බටහිර රටක කිව්වා නම් නඩු කාරය ගෙදර සෙක්සුවල් ඩිස්ක්‍රිමිනේශන් වලට , යුරෝපයේ සමහර රටවල ප්‍රසිද්ධ නිරුවත ගැටලුවක් නෙවෙයි . ඔලිම්පික් සම්බන්ධ නොවුනා නම් බ්‍රිතාන්‍යය තුලත් එතරම් ගැටලු කාරි තත්වයක් මතුවෙන එකක් නැ

      2012/08/07 at 9:50 PM
  • Casima says:

    එල කියමන අන්වර් සහෝදරයා

    2012/08/07 at 11:54 AM
  • shaz says:

    Buddhayange Pujaniyasthanayakata Yanakota Sanwarawa Adapaladagena yauthuwa Atha Mandayath eaya Gouwrawaniya eSthnayak bawene.Esy ada paladagena yana Kanthawan ta Owun Gouwrawa karathi Esy nam Islam Kanthawan Pujaniya esthanayata Pamanak Semanovi Thmajewana charyawa Gouwravaniya Lesa Hadagasswagena setima kawrunhoo prashank hensanayak lessa piliganawanam eya ema pudagalayage Manasika Asahanakarithwa lesa salakiya uthuya thama mawa sahodariya adaniruwathwa sitiya yuthuyay kawrun hoo balaporothu waynam anagathey de thawath lama apachara stri dushan wadewena eka walakkweya nohaka kanthawanta samajaye piliganimak sethabaliya nohakiya

    2012/08/07 at 12:32 PM
  • hasan says:

    True Story

    True Story says:

    ///බටහිර සමාජයන්හි කාන්තාවන්ට තමන් කැමති දෙයක් කිරීමේ නිදහස ඇත ///,

    බටහිර සමාජයන්හි කාන්තාවන්ට තමන් කැමති දෙයක් කිරීමේ නිදහස ඇත් නම් පොලිසිය ඔවුන්ව වැළැක්වූයේ ඇයි? ඔවුන්ට රෙදි ඇන්දැව්වේ ඇයි? හේතුව නිදහස වැරදි අන්දමින් උපයොගී කිරීමය

    ///මෙය හුදු වස්ත්රනයකට පමණක් සිමාවන දෙයක් නොවේ///

    අප මෙතැන කථා කරන්නේ වස්ත්රයක් මගින් ශරීරය වසාගැනීම ගැනය

    ///අරාබියේ කාන්තාවන් කැමැත්තෙන් තම අයිතින් නැති කරගත්තත් (ඔබලා පවසන පරිදි ) ///,

    අරාබි කාන්තාවන් කැමැත්තෙන් තම අයිතීන් නැති කරගැනීමක් මෙම රෙදි ආවරණයෙන් සිදු වී නැත. ඔවුහු තමන්ගේ ස්වාමියාට ඇති බියෙන් ඔහුගේ කුලිය අපේක්ෂා කර, තම ශරීරය වසා ගිනිති.

    සමහරුන්ට ආගමකුත් නැත. සමහර ආගම්වල මේ ගැන කිසිවක් පවසන්නේත් නැත. සමහර අයට තමන්ගේ ආගම් පවසන දේ විශ්වාසයකුත් නැත. එවැනි අය තමන්ට රිසි සේ තමන්ගේ ජීවිතය ගත කරති. ඒකයි ඇත්ත තත්ත්වය.

    ///මුස්ලිම් කාන්තාවන් ඇඟ වසාගෙන සිටි පමණින් බටහිර කාන්තාවන් අඩ නිරුවතින් තබා සම්පූර්ණ නිරුවතින්

    විරෝධය පල කිරීමේ අයිතිය ප්රශ්න කිරීමේ අයිතියක් ඔබගේම තර්කය අනුව ඔබට හිමිවන්නේ නැත///

    කෙනෙක් වැරදි අන්දමට හැසිරුනේ නම් එය ගැන ප්රශ්න කිරීමේ අයිතිය පැවරෙන්නේ එරට පොලීසියටයි. අප කවුරුන් වුවත් ඔවුන්ගෙන් ප්රශ්න කිරීමක් මෙහි කළේ නැත.

    මෙතැනදී අප කළේ අපගේ අදහස් ප්රකාශ කිරීමය. අදහස් ප්රකාශ කිරීමේ අයිතිය කාටත් තිබේ. වචනවල් නිසියාකාරව උපයෝගී කරන්න!

    True Story කියා නම තබාගෙන බොරු කථන්දර ගොතන්න එපා!

    2012/08/07 at 2:01 PM
  • Nazeem says:

    @wimal , If western people found new path,why they want to follow cristianiti?? better bieng a athiest. 99% cristians only for name sake. they belive jesus. but dont want to follow his teaching. (ex- alcohol ,poke,dress, etc )
    But muslims canot stay as name sake,,he should be practice as god comand.
    you know wimal,in america there are school ,student must go in nude. if you think thats modern, will you send your doughter for thats school??

    2012/08/07 at 7:08 PM
  • fathima says:

    මන් හිතන්නේ මේ තිරිසන් ගැනු මේක කරන්න තව හේතුවක් තියෙනවා.උපවාස කාලේදී මේ නිව්ස් එක ලෝකේ පුරාම යනවා. වැරදිලා වත් උපවාසේ අතරතුර ඔය විකාර දැකල වැරදි අදහසක් ඔලුවට අවොත් දවසෙම නොකා නොබී ඉන්නේකේ තේරුමක් නැති වෙනවා.ඔව්න් අපිට හිරිහැර කරන්න කලින් කරන්නේ අපේ ඊමාන් එක බෙලහීන කරනෙක මොකද අල්ලාහ්ගේ උදෞ තියෙන්නේ මුහ්මින්වරයෙකුට කියා ඔව්න් දන්නවා.

    2012/08/07 at 7:49 PM
  • True Story says:

    හසන් ඔබ බටහිර රටවල් කියකට ගිහින් තියනවාද ?

    2012/08/07 at 9:52 PM
  • fathima says:

    ක්‍රිස්තියානි අය බෛබලය දේව වාක්‍යන් ලෙස පිළිගත්තද ඒවා යල් පැනගිය නීති ලෙස සලකති.දෙවියන් ගේ ශුද්දවූ නීති දැන් ගැලපෙන්නේ නැහැ කියා කියන මොඋහු දෙවියන් පිළිගන්නේ දෛ කිව හැකිද ?? ඔව්න් එහෙම කියනවනම් ඔව්න් විශ්වාස කරන දෙවියාට වඩා ඔව්න් බුද්දිමත් බව ඔව්න් පිළිගත යුතුය.මන්ද දෙවියාට වඩා අද ලෝකයට ගැලපෙන දෙය ඔව්න් දනිති..මෙය පැහැදිලි වශයෙන්ම තම දහමට පටහැනිව ජිවත් වීම නොවේද

    2012/08/07 at 11:38 PM
  • UMMA says:

    දාල තියන alarabiya ලින්ක් එකේ කොහෙද තියෙන්නේ සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි Wojdan Ali Seraj Abdulrahim Shaherkani ට හිජා‍බ් සහිතව ජුඩෝ ක්‍රීඩාවේ යෙදීමට අවසර දීම නිසා ස්ත්‍රී වාදීන් හෙළුවෙන් උද්ඝෝෂණ කරා කියල? තමන්ට අදාල නැති කොහෙවත් වෙච්ච දෙයක් බලෙන් තමන්ට අදාල කරගෙන මහා ලොකු මුස්ලිම් ප්‍රශ්නයක් මවාගන්නද හදන්නේ? මේවට තමයි බළලුන් ලවා කොස් ඇට බාගන්නට හදනවා කියන්නේ. තමුන්ට තියන එකම විශ්වාසනීය news වෙබ් site එක alarabiya පමනයිද? වෙන වෙබ් site වලටත් ගිහින් බැලුවේ නැද්ද? සෞදි රජයෙන් පැමිණි ක්‍රීඩිකාවට වත් නැති ප්‍රශ්නයක් නේ මෙයාට තියෙන්නේ. ඇය ක්‍රීඩා කරන විදිහ අඩුම ගානේ බැලුවද? අයගේ ජූඩෝ නිල ඇඳුමේ කොතනද ක්‍රීඩාවට නොගැලපෙන විදිහට තියෙන්නේ? ඇය හිස්වසුමක් දමා තිබෙනවා තමයි. එය හරියට නිකන් පිහිනුම් ක්‍රීඩාවේ යොදාගන්න හිස්වසුමක් වගේ එකක්. එයින් හිස 100% වසෙන්නෙත් නැහැ. කොණ්ඩය පවා වටෙන් පේනවා. එම හිස් වැසුම මහා ලොකුවට හිජාබ් කියාගන්නා මුළු ඔළුවම වැසෙන එකක් නෙමෙයි. හෙළුවෙන් දඟලපු මෝඩ ගෑනු ටික උද්ඝෝෂණ කරේ වොඩ්ජාන් අලි ක්‍රීඩිකාව හිස්වසුමක් දාල ක්‍රීඩා කරන නිසා කියල මොන site එකේද තියෙන්නේ? තවත් ලින්ක් එකක් දාල තියනවා වීඩියෝ එකක් එක්ක අව්‍යාජ වෙන්න කියල. ඒක ලන්ඩන් වල උද්ඝෝෂණයේ වීඩියෝ එකකකුත් නෙමේ. කොහොම නමුත් සෞදි රජයෙන් ප්‍රථම වරට ඔලිම්පික් වලට පැමිණි වොඩ්ජාන් අලි ක්‍රීඩිකාවට අපේ ප්‍රණාමය. ඒවගේම කොහෙවත් නැති බොරු ප්‍රශ්න මවාගෙන නැති මුස්ලිම් ප්‍රශ්නයක් මවන්න හදන අන්වර්ට අප්‍රසාදය පලකරනවා.

    2012/08/08 at 2:35 AM
    • Anver Manatunga says:

      මා නැති මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරන්න ගියා කියා ඔබ කියන්නේ කෙසේද? එසේ නම් අර ස්ත්‍රීවාදීන් උද්ඝෝෂනය කළේ ඇයි? ඔබ මට චෝදනා කළාට මා වැරදි නම් ඔබ සත්‍ය හෙළිකළ යුතුයි නේද? කරුණාකර ඔබ මෙයට වඩා වෙනස් දෙයක් දන්නවා නම් හෙළි කරන්න.

      මට පේන්නේ අප විසින් කරන මේ දේ ගැන ඔබටත් ඊර්ෂ්‍යාවක් වෛරයක් ඇති වෙලා වගේ. බොහෝ දෙනෙකුට මෙහෙම වෙනවා. හැබැයි ඒ ආගම් බේධවාදීන්ටයි.

      2012/08/08 at 10:03 AM
  • sana says:

    vimal හා true story @
    බටහිර හා ලංකික කාන්තාවන්ගේ (මුස්ලිම් නොවන ) හෙළුවෙන් සිටීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සහෝදරවරුනි, මේ අයිතිය ඔබගේ දුවට, සහෝදරියට,බාර්යාවට,අම්මට, කිරිඅම්මට(එළදෙනාට නොවෙයි) කිසිම පැකිලීමකින් තොරව ලබාදෙනවාද? තවද ඔයාල හොඳ රසිකයින් බව පෙනී යනවා, ඉහත අය ලන්ඩන් තාලයේ විරෝදතාවක් කිරීමේදී යහළුවන් සමග රුචි කර කර රසාස්වාදයේ යෙදෙනවාද?
    බටහිරයන්ට හා ඔබට හැලුවන් සිටීමට අයිතියක් ඇති බව අපි පිලිගන්නවා ඒවා හොඳද? සදාචාරද? සීලාචාරද? ලජ්ජා ඇති වැඩක්ද? බටහිරයේ ලංකාවේ නීතියානුකූලද? (නීතියානුකූලනම් ලන්ඩන් පොලිසිය කළේ මානව අයිතිවාසිකම් කඩකිරීමක් වැනි බරපතල දරුණු ගණයේ අපරාදයකි)
    කියන ඒවා පසුව කතා කරමු. මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ගැලවීම සඳහා ඔබලා ඇඳුම් ගලවාගෙන පිස්සු නටන්න තරම් තියන අයිතිය මොකක්ද?(මම ඔබලා කිව්වේ ඔබලා බටහිරින් වෙනුවෙන් පෙනී සිටින නිසා හා බටහිරය සමග ලංකාව සංසන්දනය කරපු නිසා).
    බැටහිරයින් බොහෝ හොඳ දේවල් හොයාගත් බව ඇත්ත, නමුත් බටහිරයන් හොයාගත්තු හැම දයක්ම හොඳ දේවල් නොවෙයි කියල පිළිගන්නවද?
    බටහිරයන් ලංකාව ආක්‍රමණය කරන කාල වකවානුවේ ලාංකික කාන්තාවන් උඩුකය නිරුවත්ව සිටි බව ඔයාල දන්නවාද? බැටහිරයින් පැමිණීම තමයි ඔයාලව වෙනස් කළේ , ඒ ගොව්රවය අදටත් බටහිරයන්ට හිමිවිය යුතුයි. නමුත් අපේ කාන්තාවන් මුල් යුගයේ සිටම සීලාචාර විදිහට ඇඳුම් ඇඳගෙන සිටි බව පිළිගන්නවද? කෙසේ වෙතත් බැටහිරයින් කකුස්සි වලකින් නානවා කියාලා ඔයාලත් නාගන්න යන්න එපා!
    බටහිරයෙන් එන හොඳ දේවල් පමණක් පිළිගන්න!
    නැවතත් අර වානර යුගයට යන්න දඟලන්න එපා!
    ලබාගත්තු සිස්ටාචාරයෙන් ඉදිරියට යන්න බලන්න!
    කෙසේ වෙතත් ඔබලා හෙළුවෙන් හිටියනම් ඔබලාට ඇඳුම් අන්දවන්න අපි හෙළුවෙන් පෙළපාලි යන්නේ නෑ, එවෙනි දේවල් දකින්න තරම් අපි තිරිසන් බැවින් පිරී නැති නිසා අපේ ආගමට අනුව අපි අපේ බැල්ම පහත හෙලා ගන්නවා.මොකද කෙනෙක් හෙළුවෙන් නටන්නේ අනෙකා බලන්නනේ.
    කෙසේ වෙතත් අපේ සිංහල සහෝදරියන්ට එහෙම තත්වයක් නොවේවා කියා අපි පතමු මන්ද ඔවුන්ද අපේ සහෝදරියෝය. vimal හා true story ල අගය කරන නිදහස ලාංකීය සිංහල බ්නොව්ද විතරක් නොවෙයි කිසිම සහෝදරියෙක් අගය නොකරයිබ්කියන එකයිබ්න් මගේ අදහස.

    2012/08/08 at 4:15 AM
    • True Story says:

      ඔවුන්ව අත්ඩංගුවට ගත්තේ උද්ඝෝෂනයේ කලහකාරි බව නිසා මිසක් නිරුවත් වීම නිසා නෙවෙයි , ශ්‍රි ලංකාව ගැන නෙවෙයි මෙතන කථාව , මේ කථා කරන්නේ දියුණු සමාජයන් ගැන . මුස්ලිම් ඔබලාගේ තරම් අන්තවාදි නැතත් ශ්‍රි ලංකාව තුලත් දකුණු ආසියාවේ අනික් රටවල් තුලත් කාන්තාවන්ට තියෙන්නේ බොහොම පහත් තත්වයක් ,මූලික කාන්තා අයිතින් වත් නොලැබෙන පසුගාමි ආකල්ප වලින් පිරිච්ච මේ සමාජය ඇතුලේ යුරෝපයේ කාන්තාවන්ට තියන අයිතින් හොයන්න ගිහින් තේරුමක් නැ

      2012/08/09 at 10:21 AM
  • Brother says:

    ඇයි යකෝ! බාගෙට ඇඳුම් අඳින එක ‘මොඩ්’ නං වැද්දන්ටත් ‘මොඩ්’ කියන්න එපායැ.

    අන්වර්, මේක ‘එඩිට්’ කරන්න හෙම යන්න එපා. ටිකක් වෙනස් විදිහට වචන පාවිච්චි කලේ හැමදාම ‘සීරියස්’ විදියට කොමෙන්ට් කරලා ඇතිවෙච්ච් නීරස හින්දයි.

    2012/08/08 at 2:43 PM
  • UMMA says:

    හෙළුවෙන් උද්ඝෝෂණය කරපු මෝඩ ස්ත්රීවාදීන් උද්ඝෝෂණය කරේ වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි ක්‍රීඩිකාව හිජාබ් ඇඳගෙන ක්‍රීඩා කිරීම නිසා කියල මොන අන්තර්ජාල පිටුවේද තියෙන්නේ? වොඩ්ජාන් අලි ක්‍රීඩාවේ ගෞරවයට හානි නොවන ආකාරයට හිස වසන් ඉන්නවා. ඒ වගේම නියම ජූඩෝ නිල ඇඳුම 100% ක් හරියට ඇඳන් ඉන්නවා. හැබැයි වටේට හිසකෙස් පවා පේනවා. මුස්ලිම් කාන්තාවන් හිජාබ් කියන්නේ වොඩ්ජාන් අලි ක්‍රීඩාවේ පැළඳ ඉන්න ආකාරයේ හිස්වසුමකටද? ස්ත්රීවාදීන් ලන්ඩනයේ කල උද්ඝෝෂණය ව්‍යාජ පුවතක් නොවන බවට ඔප්පු කරන්න දාල තියන වෙබ් ලින්ක් එකේ තියන වීඩියෝව කොහෙවත් පටිගත කල එකක්. ඒක පටිගත කරලා තියෙන්නේ ලන්ඩනයේ නොවේ. මෙය බලන අය හිතනේ මෙය ලන්ඩනයේ උද්ඝෝෂණය කියල. කෙනෙක් අහලත් තිබුන නිරුවත් දර්ශන තියන නිසා එය ඉවත් කිරීම සුදුසුයි නේද කියල. ලින්ක් නොදැම්මාම සමහරු කියන්නේ ව්‍යාජ පුවත් කියායි කියල ඒක එහෙමම තියාගත්තා. වොඩ්ජාන් අලි ක්‍රීඩිකාවට හිජාබ් ඇඳන් ක්‍රීඩා කිරීමට අවසර දුන්නාය ඒ නිසා ස්ත්‍රී වාදීන් හෙළුවෙන් උද්ඝෝෂණය කරාය කියා බොරු නියුස් පලකරපුවහම මොකුත් නොදන්නා තමන්ගේ අනුගාමිකයන් නිකන්ම ඇවිස්සෙනව. ඒකනේ මෙයාට කරගන්නත් ඕනේ.

    2012/08/08 at 10:13 PM
    • Anver Manatunga says:

      ඔබ UMMA යන නමින් පෙනී සිටින්නේ මුස්ලිම් බව පෙන්නන්නයි. නමුත් ඔබ බොරු නමකින් පෙනී සිටින ආගම්බේධවාදියෙක් බව හොදින්ම පේනවා. ලංඩනයේ ස්ත්‍රීවාදීන් විසින් කළ උද්ඝෝෂනය ෂරියාවට ඔලිම්පික් කමිටුව අවසර දීම යැයි ඔවුන් පැහැදිලිව සදහන් කර තිබෙනවා. එසේ නොවේ නම් ඒ කුමන හේතුවකටදැයි මා අභියෝග කළා. නමුත් එයට ඔබ පවසන්නේ එහෙම දෙයක් වුයේ නැති බවද?

      එසේ නම් මේ ලින්ක් සියල්ලම බලන්න
      http://english.alarabiya.net/articles/2012/08/03/230206.html
      http://zeenews.india.com/sports/london-olympics-2012/topless-ukrainian-feminists-protest-against-iocs-support-for-bloody-islamist-regimes_746717.html
      http://www.ibtimes.co.uk/articles/369738/20120802/femen-london-2012-olympics-ioc-city-hall.htm
      http://www.dailymail.co.uk/news/article-2182630/London-Olympics-2012-Topless-Ukrainian-feminists-stage-protest-Londons-Tower-Bridge.html
      http://www.huffingtonpost.co.uk/2012/08/03/topless-feminist-protest-ukraine-london-olympic_n_1736224.html

      මේ සියල්ලෙන්ම පැවසෙන්නේ ඔලිම්පික් කමිටුව ෂරියාව ඉඩදීමට එරෙහිව ඔවුන් උද්ඝෝෂනය කළ බවයි. තවදුරටත් මගේ වටිනා කාලය ඔවැනි නිශ්ඵල දේට භාවිතා නොකරන්න. අනෙක් කරුණ නම් මා විසින් මෙම ලිපිය මගින් කළේ ලංඩනයේ සිදුවු දේ පිළිබදව ලාංකිකයන්ට අපගේ මතය පෙන්වාදීමයි. මන්ද මෙම පුවත අපේ රටේ පුවත් වෙබ් අඩවි වලද පල විය. එහිදී ලැබී තිබුණු කමෙන්ට් වලින් අපහාසයට ලක්කර තිබුණේ ඉස්ලාමය මිස හෙළුවෙන් උද්ඝෝෂනය කළ අයව නොවේ.

      ඔබ මුස්ලිම් නමකින් පෙනී සිටියත් මේ කථා කරන්නේ ඉස්ලාමයට පක්ෂව නොවන බව මේ වෙබ් අඩවියේ සිටින සියළුම මුස්ලිම් වරුන් දනිති.

      2012/08/09 at 12:10 PM
  • fathima says:

    කෙනෙක්ගේ දිඋනුව මනින්ඩ ලොඋකික වස්තු දිහා විතරක් බලලා හරි යනවද.මෙතන සමහරු බටහිර ජාතින් දිඋනුඉ කියන්නේ එයාලගේ ජිවිත වල ඇතුල් පැත්ත නොදැනද නැත්නම් එවැනි ජිවිත වලට ඇලුම් කරන නිසාද මට නම් තේරෙන්නේ නැහැ.මන් දන්නා තරමින් ඔව්න්ගෙන් බහුතරයක් ජිවත් වෙන්නේ තිරිසන් විදහට..ගැණු කෙනෙක්ගේ වටිනාම දෙය ලැජ්ජාව..මේවා අගය කරන උදවියගේ මානසිකත්වය මටනම් තේරුම් ගන්නත් බැහැ.මටනම් මේ ගැණු මෙවිදිහට හැසිරෙනෙක ගැන විටක දුකක් ඒවගේම ලැජ්ජාවක්..මන් මුස්ලිම් නිසා මට මෙහෙම හිතෙනවා ඇති නමුත් ලංකාවේ මේවගේ තත්වයක් කවදාවත් එන්නෙපා ලියල මන් පතනවා…මොකද සමහරුන්ගේ අදහස් බැලුවම ලංකාවෙත් අනාගතයේදී ඕව සදරනිකරණය කරි වගේ.

    2012/08/09 at 5:38 PM
    • True Story says:

      ඇතුලු පැත්ත හොඳින්ම දැනගෙන ඒකට ඇලුම් කරන නිසා , යුරෝපයේ රටවල් කිහිපයකට හැර සියලුම රටවලට ගිහින් තියන ඒ මිනිස්සු ආශ්‍රය කරල තියන කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ සංස්කෘතිය ආගම බදාගෙන දඟලන ඒවට මරා ගන්න හදන අපේ රටවල මිනිස්සුන්ට වඩා ඒ මිනිස්සුන්ගෙ ආකල්ප සැහෙන්න උසස් කියන එක . බොහොම නිදහස්ව අනුන්ටත් කරදරයක් නැතුව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට ඒකට අවශ්‍ය කරන පරිසරය අදාල රටවල රජයන්ගෙන් ඉතාම හොඳින් සැපයිලා තියනවා , විශේෂයෙන්ම ඒ රටවල සැලකිය යුතු පිරිසක් ඉන්න නිරාගමික මිනිස්සුත් ආගම් බදාගෙන ඉන්න අපේ අයට වඩා යහපත් ජිවිත ගත කරනවා

      2012/08/09 at 9:45 PM
  • hasan says:

    True Story says:

    ////ඔවුන්ව අත්ඩංගුවට ගත්තේ උද්ඝෝෂනයේ කලහකාරි බව නිසා මිසක් නිරුවත් වීම නිසා නෙවෙයි////

    කලහකාරී බවෙන් හැසිරුනාට රෙදි අන්දන මෝඩයෝ කොයි ලෝකේ හරි ඉන්නවද?

    ////ශ්රි් ලංකාව ගැන නෙවෙයි මෙතන කථාව , මේ කථා කරන්නේ දියුණු සමාජයන් ගැන ////

    ඔය දියුණු සමාජයේ අය අඩ නිරුවතින් දලදා මාලිගයට ඇතුළුවීම තහනම් කරල තියෙන්නේ, දියුණුව මදි කියලද?

    ////මුස්ලිම් ඔබලාගේ තරම් අන්තවාදි නැතත් ශ්රිට ලංකාව තුලත් දකුණු ආසියාවේ අනික් රටවල් තුලත් කාන්තාවන්ට තියෙන්නේ බොහොම පහත් තත්වයක් ,මූලික කාන්තා අයිතින් වත් නොලැබෙන පසුගාමි ආකල්ප වලින් පිරිච්ච මේ සමාජය ඇතුලේ යුරෝපයේ කාන්තාවන්ට තියන අයිතින් හොයන්න ගිහින් තේරුමක් නැ////

    කාන්තාවන්ගේ මූලික අයිතීන් මොනවාද කියා කියන්න පිළිවන්ද?

    මෙහෙනින් වහන්සේලාට විවාහ වීමේ අයිතියවත් දීල නැත්තේ බුද්ධාගමේද? ඉස්ලාම් ආගමේද?

    2012/08/10 at 12:22 AM
    • True Story says:

      hasan //කලහකාරී බවෙන් හැසිරුනාට රෙදි අන්දන මෝඩයෝ කොයි ලෝකේ හරි ඉන්නවද?//

      උද්ඝෝෂනය අවසාන වීමත් එක්ක නිරුවත්ව ඉඳීමේ අවශ්‍යතාවය ඉවත් වෙන නිසා එතන තියන ගැටලුව මොකක්ද ? අතඩංගුවට ගැනීම පිලිබඳ චෝදනාව කියෙව්වා අලුතෙන් වාද කරන්න දෙයක් නැ , ඒ චෝදනාවේ කොතනකවත් නිරුවත් වීමක් ගැන සඳහනක් තියේද බලන්න

      //ඔය දියුණු සමාජයේ අය අඩ නිරුවතින් දලදා මාලිගයට ඇතුළුවීම තහනම් කරල තියෙන්නේ//

      තේරුම් ගන්න අමාරුද නැත්නම් හැටිද ? ලංකාවේ සමාජය දියුණුයි කියල කොතනද තියෙන්නේ , අනික් කාරණය මොනම හෝ ආගමික සිද්ධාස්ථානයකට යන කොට ඇඳුම් පැලදුම් සංවර වීම අවශ්‍යයි , මේක ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම පොදු දෙයක්

      //කාන්තාවන්ගේ මූලික අයිතීන් මොනවාද කියා කියන්න පිළිවන්ද?

      මෙහෙනින් වහන්සේලාට විවාහ වීමේ අයිතියවත් දීල නැත්තේ බුද්ධාගමේද? ඉස්ලාම් ආගමේද?//

      එක්සත් ජාතින් විසින් මිනිස්සුන්ගේ මානව හිමිකම් මොනවද කියල අර්ථ දක්වලා තියනවා , එතනින් හොයා ගන්න මානව හිමිකම් මොනවද කියලා , ආගමික සංස්කෘතික බලපැමකින් තොරව කැමති ඇඳුමක් ඇඳිමේ නිදහස කාන්තා පුරුශ දෙපාර්ශවයටම තිබිය යුතුයි කියන එකයි මෙතන තර්කය , නිරුවතින් එන්න එක විශේශ අවස්ථාවක් විතරයි

      මෙහෙණින් වහන්සේලාට තියා භික්ෂුන්ටත් විවාහ වෙන්න බැ , මොකද මහන වීම තුල ඔවුන් කම් සැප අතැරීමේ මාවතක ගමන් කරන්න පටන් ගන්න නිසා (න්‍යායිකව ) , නමුත් සමාන්‍ය බෞද්ධ ගිහියෙකුට එහෙම කිසිම බාධාවක් නැ , නමුත් අපේ සිංහල බෞද්ධයො හින්දුන්ගේ නීති අරගෙන අමුතුම සංස්කෘතියක් හදාගෙන තියනවා , ඒවාත් නිවැරදි දේවල් නෙවෙයි ,

      මෙහෙනින් වහන්සේලාගේ විවාහයක් ගැන අහන්නේ ඔබතුමාලගේ කාන්තාවන්ට පල්ලි වල යාතිකා කියන්න (පුජක පක්ෂය විදිහට වැඩ කරන්න ) හැකියාවක් තියනවද ? අඩුම තරමේ විශේෂයෙන් වෙන් කරල නැත්නම් ආගම අදහන්න අදාල ස්ථානයට යන්නවත් පුලුවන්ද ?

      2012/08/10 at 11:41 AM
      • Anver Manatunga says:

        මෙහෙණින් වහන්සේලාට විවාහ වෙන්න බැහැ නෙමෙයි. ලංකාවේ මෙහෙණින් වහන්සේ කෙනෙක් විය නොහැකියි. එය මෑතකදී මහානායක හිමිවරුන් කළ ප්‍රකාශයකින්ම හෙළිවේ. සමානාත්මතාවයක් කොහේද?

        2012/08/10 at 12:30 PM
  • sana says:

    මෙතෙන හැම කෙනාටම රුදාව තියෙන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම අයිතීන් පිළිබදවය, අද බටහිර රටවල ඉතා විසාල වසයෙන් සංක්‍රමණ වී ජීවත්වන මුස්ලිම් (අරාබි හා අරාබි නොවන )ජනතාවන් සිටිනවා. ඔවුන් පවා තමන් ජීවත්වන වත්මන් රටවල ජිජාබ් ,නිකාබ් වැනි ඇදුම් අදින අයිතීන් වෙනුවෙන් සටන් කරයි, උසාවිවල නඩු කියයි. ඔවුන් කියන්නේ නෑ තමන්ගේ අයිති වාසිකම් තමන්ම නැති කරගත්තා කියා. ඔවුන් පෙනී සිටින්නේ තමන්ට ඇඳුම් ඇඳීමේ අයිතිය වෙනුවෙන්ය. මේ අඳ මෝඩයින් කෑ ගහනවා අරාබියේ මුස්ලිම් කාන්තාවන් වැනුවෙන්.

    මේ vimal ලාට, true story ලාට ඔවුන්ගේ උපන් රටේ කාන්තාවන් වැනුවෙන් කතා කරන්න බැරි ඇයි? අද ලංකාවේ කාන්තාවන්ට තියා වැඩිවියට නොපත් ගෑනු දරුවෙකුට, බාලවයස්කාර ළමයෙකුටවත් පාරේ බැහැල යන්න පුළුවන්කමක් තියනවද?

    කාන්තාවන් තනියම ඉන්න ගෙවල් හොය හොයා පුච්චා මරණ රටක් මේක. තාත්ත දුවව දූසනය කරලා ගඟට පනිනවා, කුඩු ගහලා තැත දුවගේ ඇඳුම් උනනවා.

    දූෂණය කරපු එවුන් සන්වස්තර පවත්වනවා, ඔවුන්ව කට්ටියක් මන්ත්රී කරනවා, ඔවුන් වැනුවෙන් බොඩි පූජා පවත්වනවා.

    රටේ ජනාදිපති ගිහින් මහනාහිමි වරුන්ට කියනවා, අනේ හාමුදුරුවනේ මේ රටේ ළමයි ටිකක මට හදල දෙන්න කියා.

    මේ සේරම, කාන්තාවන් බුක්ති විඳින නිදහස්ද?

    නීතියක් දිහා බැලිය යුත්තේ, චූදිතයා ගේ පැත්තෙන් ඉඳල නෙවෙයි. අපරාදයට ලක්වුණු පාර්ශවය පැත්තෙන් සිටයි. බටහිරයන් ලංකාවේ යුද අපරාද, මානව අයිති වාසිකම් ගැන කතාකරනකොට, හොයනකොට ඔවුන් නරකයි. ලංකාවේ ngo කාරයින්ව මරාගෙන කන්න හදනවා. ලන්ඩන්වල කවුරු හරි ගණිකාවෝ ටිකක් ngo කාරයින්ගෙන් සල්ලි අරගෙන ඇඳුම් ටික ගලවල දැම්මනම් මුස්ලිම් වරුන්ට විරුද්දව “අනේ බටහිර කොච්චර දියුණුද” “ඔයා කී පාරක් ගිහිල්ල තියනවද” අනේ හරී ශෝක්.

    ඇයි බටහිරයන් ලංකාවට ඇඟිල්ල දානකොට පමණක් බටහිරයන් හොඳ නැත්තේ?

    දැනගන්න, බටහිරයන් විසින් ඔය ෂරියා නීතිය පනවා තිබෙන සව්දියට විරුද්ද කිසිදු චෝදනවාක් කරලා ජිනීවාවල තීරණ ගෙනවිත් නෑ.

    නමුත් ලංකාවට ඔබලා විසින් “වන්දනා මාන” කරන බටහිරයන් විසින් චෝදනා කරලා තීරණ ගෙනවිත් සම්මත කරගෙනත් තියනවා!

    එහිදීද ඔබලා ඔය චෝදනා කරන ෂරියා නීතිය පනවා තිබෙන සව්දිය ඇතුළු මුස්ලිම් රටවල් ලංකාව චෝදනාවලින් බේරාගැනීම සඳහා තම චන්දය පාවිච්චි කළා.

    උපුටා ගැනීම්

    //මුස්ලිම් ඔබලාගේ තරම් අන්තවාදි නැතත් ශ්‍රි ලංකාව තුලත් දකුණු ආසියාවේ අනික් රටවල් තුලත්//

    කව්ද කියන්නේ අපි අන්තවාදී කියල?

    කවුද පල්ලි කඩන්න සිවුරු පිටින් පොලු අරගෙන කෑ මොරදීගන ගිහියන් පිරිවරාගෙන පෙරහැර යන්නේ?

    කවුද පල්ලිවලට ගිහිල්ල බලෙන් පිරිත් කියන්නේ?

    කවුද කිරිස්ත්යානි පල්ලි කුඩුකරන්නේ ?

    කොයි පොලිසියද ඔවුන්ට ආරක්ෂාව දෙන්නේ?

    කාට විරුද්දවද පෙර සතියේ අමෙරිකාවෙන්, සුළු අආගමික ජන කොටස් වලට පහරදීම්. හිරිහැරකිරීම් පල්ලි කැඩීම් සම්බන්දව චෝදනා කැරුණේ?

    බටහිරයින් වන ඇමෙරිකාව කරන මේ චෝදනාව ඇත්තනම් ඔබලා වැරදිය.

    බටහිරයින් වන ඇමෙරිකාව කරන මේ චෝදනාව බොරුනම් බටහිරයින් වැරදිය.

    කියන්න කවුද වැරදි? ඔබලාද ඇමෙරිකාවද(බටහිරද)?

    2012/08/10 at 2:35 AM
    • True Story says:

      sana -

      නිකන් ගොන් තර්ක ගේන්න එපා මහත්තයො ,මම කොතකදිවත් (මේ නමින් පෙනි සිටින්නේ මේ බ්ලොග් අඩවියේ පමණයි ) සිංහල බෞද්ධ අන්තවාදින්ගේ ක්‍රියාවල් අනුමත කරලා නැ , ඒ වගේම ඉතාම පැහැදිලිව කියලා තියනවා දකුණු ආසියානු රටවල කාන්තාවන්ගේ අයිතිවාසි කම් සුරැකෙන්නේ නැය කියන එක . ඇමරිකාව ලංකාවට විරුද්ධව ගේන චෝදනා හරිද වැරදිද ? ඇයි සවුදියට චෝදනා නොකරන්නේ වගේ කථා මෙතනට අදාල නැති ලෝක දේශපාලනික මාතෘකා , නිකන් බොරුවට වටේ ගිහින් දඟලන්නේ නැතුව කාන්තා අයිතිවාසිකම් බටහිර රටවල හා ඉස්ලාමය තුල රැකෙන විදිහ කථා කරමු , මොකද ලිපිය ලියවිලා තියෙන්නෙත් මේ දක්වා මං තර්ක කරලා තියෙන්නේත් ඒ ගැන නිසා . අවසාන ප්‍රශ්නයට උත්තරය නම් එතනදි ඇමරිකාව නිවැරදියි , අනික් ආගමිකයන්ට හිංසා කරන චීවර ධාරින් පිරිසක් අපේ රටේ ඉන්නවා , මේ අය රජයට හේත්තු වෙලා නිසා රජයත් වගකිව යුතුයි

      2012/08/10 at 11:48 AM
  • sana says:

    true story @
    උඩුකය නිරුවතින් සිටි කත ඇඳුම් ප්‍රතික්ෂේප කරයි
    මව්බිම
    සිකුරාදා
    10/08 2012
    පිටු අංක 14
    උඩුකය නිරුවතින් සිටි කත ඇඳුම් ප්‍රතික්ෂේප කරයි
    තම පෙම්වතා පුදුමය කිරීමට උඩුකය නිරුවතින් සිටී බව කියූ ෆ්ලොරීඩාවේ කාන්තාවක් තමාට ඇඳුම් අඳින ලෙස බලකළ පොලිසියට විරෝදය පා ඇත. 35 හැවිරිදි මැන්ඩි රැමසේ වේගයෙන් තම මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ ඉහත ආකාරයටය. ඔක් ගසක වාහනය ගැටීම නිසා අගේ ගමන නතර විය.පොලිසියට අවනත නොවී කිරියා කිරීම නිසා යට ඩොලර් 5000 ක දඩ නියම විය.
    කාන්තා නිදහස ඉහලින්ම තියන රටේ මෙන්න කාන්තා නිදහස ලංකාවේ මුදලින් ලක්ෂ 6.5 වඩා වැඩිය. ලංකාවේ කාන්තාවකට දරන්න පුලුවන්ද ලංකාවේ මෙහෙම දඩුවමක් දුන්නොත් කාන්තාව සිය දිවි නසා ගන්න වෙනවා.
    මේ කාන්තාව තමාගේ ඇඳුම තමා ගලවාගත්තොත් පොලිසියට තියන අමාරුව මොකක්ද? එත් අබටහිර ඇමෙරිකාවේ? තමාගේ වාහනය ඇතුලේ ?තවද පොලිසියේ කරදර කිරීම නිසා ඇගේ වාහනයද හප්පාගෙන ඇත.
    කෝ ඔබ පුන පුනා කියාපු බටහිර නිදහස?

    2012/08/10 at 3:42 AM
    • True Story says:

      ඔය සිදුවීම පිලිබඳ සම්පූර්‍න තත්වය නොදැන නිගමන වලට එන්න එපා , දඬුවම් දීල තියෙන්නේ පොලිස් අන නොතැකීමට , එතනදි කාන්තාව හිටියේ බීමතින් නම් හෝ ප්‍රකෝප කාරිව හැසිරුනා නම් තත්වය වෙනස් වෙනවා , ඒවගේ වරදක් කරලා කාන්තා සංවිධාන වල අවධානය ගන්න නිරුවතින් සිටීමට විරෝධය පලකිරිම ඉස්මතු කරනවා වෙන්න පුලුවන් , සම්පූර්ණ සමාජයක් දිහා විග්‍රහ කරන්න එක් සිදුවීමකින් බෑ , කොහොමටත් ඇමරිකාවේ ප්‍රාන්ත අනුවත් නිති වෙනස් වෙනවා

      2012/08/10 at 11:52 AM
      • True Story says:

        ඩොලර් 5000 මහ ලොකු ගානක් නෙවෙයි ඇමරිකාවේ හැටියට(ලංකාවේ කෙනෙකුට ලක්ෂ 6.5ක් තරම් ) , ඒ ඒ රටවල දඩ ප්‍රමාණ තිරණය වෙන්නේ ඒ රටවල මිල මට්ටම් අනුව , නිතියට වැඩ් කරන්න ජනතාව පුරුදු කරන්න තමයි දඩ මුදල් ඉහල අගයක් ගන්නේ

        ප.ලි – ජාත්‍යන්තර මාධ්‍ය වල පුවත කියෙව්වේ දැන් , කාන්තාවට තියන චෝදනාව පොලිස් අන නොතකා රිය පැදවීම මිසක් උඩු කය නිරුවත් ව සිටීම නෙවෙයි , නැවැත්තුවේ නැත්තේ උඩට ඇඳුම් නැති නිසාය කියන නිදහසට කරුන ඉදිරිපත් කරන්නේ අදාල කාන්තාව

        2012/08/10 at 12:02 PM
        • True Story says:

          ඊලඟට $5000 දඩය නෙවෙයි , ඇප මුදල

          අන්වර් සහෝදරයට පුලුවන් නම් කමෙන්ට් තුන එකක් විදිහට දාන්න

          2012/08/10 at 12:05 PM
          • Anver Manatunga says:

            කණගාටුයි සහෝ, කල්වේලා මදි නිසා එකට සෑදීමට වෙලාවක් නොවීම ගැන සමාවෙන්න.

            2012/08/10 at 12:31 PM
  • sana says:

    true story @
    කවුද මාතෘකාවෙන් පිටින් ගියේ කියල පොඩ්ඩක් ඔයාගේ වචන ටිකම කියවල බලන්න.
    //මුස්ලිම් ඔබලාගේ තරම් අන්තවාදි නැතත්//

    ඔය බටහිරයේ හා සව්දියේ කාන්තා අයිති වාසිකම් පිළිබඳව කතාකිරෙමේදී අපි කොහොමද අන්තවාදී වුනේ ?

    2012/08/11 at 3:59 AM
    • True Story says:

      //ඔය බටහිරයේ හා සව්දියේ කාන්තා අයිති වාසිකම් පිළිබඳව කතාකිරෙමේදී අපි කොහොමද අන්තවාදී වුනේ //

      කාන්තාවගේ ඇඳුම් පිලිබඳව ආගමික නිති දැමිමට තමයි මෙතනදි අන්තවාදය කියල මම අදහස් කලේ

      2012/08/11 at 12:51 PM
  • sana says:

    true story @

    අපි නීති දැම්මේ නෑ.

    2012/08/12 at 1:54 AM
  • fathima says:

    සංස්කෘතිය ආගම බදාගෙන රණ්ඩු වෙනෙක වැරදි කියා මන් පිලිගන්නවා නමුත් ආගම හා ජීවිතය යනු දෙකක් නෙවෙඉ අපිට.මුස්ලිම් අපිට දහමෙන් පිට ජිවිතයක් නැහැ. ඔබ ආගමක් නැති අයව අගය කරනවා නම් එක ඔබේ කැමැත්ත. අපි සුවිශේෂී වෙන්න අමුතු ඇදුම් අදිනවා නෙමෙඉ සහෝදරයා අපි කැමැත්තෙන් අසාවෙන් බක්තියෙන් මේ හැමදේම කරන්නේ.උපවාස කරන්නේ දවසට පස් වතාවක් වදින්නේ අමුතු පිස්සුවක් නිසා නෙමෙඉ.අපේ මනස ගොඩක් වෙලාවට ඒ දේවල් වලින් පිරිසිදු වෙනවා.අපි ඒවා අත්දකිනවා.අපේ දහමට අපි මේ තරම් ගරු කරන්නේ එකඊ.ජිවිත වල රසය තියෙන්නේ අද්යාත්මික දිඋනුව එක්ක නැතුව සුකපොබෝගී ජිවිත වලට බැහැ සැනසීමක් ඇති කරන්න.බටහිර ජාතින් ලග හුගක් උසස් ගති ලක්ෂණ තියෙනවා නමුත් ආගමින් පිට යාමේ විපාක ඔව්න්ගේ ජිවිත වල අපිට පෙන්න තියෙනවා.අපිට මේලෝකේ ගැන විතරක් හිතන්න තිබුන මරණින් මතු ජිවිතයක් නැත්නම්.යහපත් ජිවිතයක් කියන්නේ සැපසම්පත් පිරිච්ච ජිවිතයක් කියා ඔබ පිලිගත්තට සමහර සැප සම්පත් උපතින්ම ලැබුණු අය ඒවා බුක්ති විදින්නේ නැතිව සාමාන්‍ය ජිවිත ගත කරනවා.හිතේ තියෙන ආඩම්බර ගතිය දෙපින් පාගා දෙමිය යුථුඉ.එතකොට ජිවිතේ යථාර්තය වැටහේවි.ඇදුම් ගලවා දම නැවත වානර යුගයට ස්ත්‍රිය අද පත්වෙලා..ස්ත්‍රියට ගෞරවය දෙන්නේ ඉස්ලාමයද ඔබ කියන දිඋනු බටහිර ජාතීන්ද කියා කටත් වැටහේවි විවුර්තව සිතා බැලුවොත්.බටහිර ලොක්කන්ගේ ක්‍රියා කලාපයෙන්ම පේනවා ඕනෑම කෙනෙක්ට ඔව්න්ගේ සබැ ස්වරුපය මොකක්ද කියා.

    2012/08/12 at 3:01 AM

Your email address will not be published. Required fields are marked *

*