Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ආගම්බේධවාදීන්ට කටු අණින ඉෆ්තාර් – දිනයේ උපවාසය අවසන් කරන සහජීවන වැඩසටහන්

දහම තුලින් සාමය

දහම තුලින් සාමය

ලංකාව තුල රමදාන් මාසයේ ඉෆ්තාර් හෙවත් දිනයේ උපවාස ශීලය අවසන් කිරීමේ වැඩසටහන් වලට මුස්ලිම් නොවන අයද සහභාගී කරගෙන කිරීම දැන් ඉතාමත් ජනප්‍රිය දෙයක් වෙලා අවසන්. ඇත්තටම මෙවැනි වැඩ සටහන් තුලින් සිදුවන්නේ මේ රටේ සිංහල, දමිල සහ මුස්ලිම් ජනවර්ග අතර සංහිඳියාවක් ගොඩ නැගීමයි. නමුත් දැන් ඒ තුලින්ද සමහරුන්ට රිදී ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. ඒ රට ජාතිය බේධ බින්න කරන්නට වලිකන ආගම්බේධවාදීන්ටයි.

 

පසුගිය දිනෙක එවැනි ඉෆ්තාර් වැඩසටහනක් කරන්නට ලක ලෑස්ති වී තිබුණු රාජගිරිය ධාරුල් ඊමාන් මස්ජිදය වසා දමන්නට උද්ඝෝෂනයක්ද පැමිණියේ එනිසා වන්නටද පුළුවන. ඒ ගැන මා ලියු ලිපි පහතින් බලන්න.

රාජගිරියේ ධාරුල් ඊමාන් මස්ජිදයේ නවතම තතු

රාජගිරිය දාරුල් ඊමාන් මස්ජිදය හොරට ලියාපදිංචි කළ එකක්ද?

සිංහල භාෂික අන්තර්ජාලය තුල ආගම්බේධවාදියෙක් ලෙස චිර ප්‍රසිද්ධව සිටින හොරි ඩොට් කොම් විසින් මෑතකදී පලකළ පෝස්ටරයකින්ද මෙයම මැනවින් පිළිබිඹු වෙයි. ඔහුට මෙම ඉෆ්තාර් හෙවත් උපවාස අවසන් කිරීමේ සහජීවන වැඩ සටහන් ඇඟට කටු අනින්නාක් මෙනි. ඒ නිසා ඔහු මෙම වැඩසටහන් වලට එරෙහිව අ‍දෝනාවක් නගා ඇත. අද දින මා මේ ලිපිය ලියන්නට සිතුයේ මෙම කාරණය අරබයායි. ඔවුන්ගේ පෝස්ටරය පහත බලන්න. මීට අමතරව තවත් ආගම්බේධවාදීන් විසින් දිනයේ උපවාස අතහැරීමේ සහජීවන වැඩ සටහන් වලට විරුද්ධව මූණු පොතේ පෝස්ටර පලකර තිබෙනු දුටු‍වෙමි.

ආගම්බේධවාදී හොරි ඩොට් කොම් පෝස්ටරය

ආගම්බේධවාදී හොරි ඩොට් කොම් පෝස්ටරය

 

 

ඉස්ලාමීය කැලැන්ඩරයේ තිබෙන රමදාන් මාසය යනු මුස්ලිම් වරුන් උපවාස කරන මාසයයි. රමදාන් උපවාස ශීලය ගැන මා ලියු ලිපිය මෙතැනින් බලන්න. (මුස්ලිම් වරුන් රමදාන් මාස‍යේ කරන්නේ කුමක්ද? http://www.anvermanatunga.com/2012/07/24/ramadan-fasting/) මගේ මෙම ලිපියට යහපත් ප්‍රතිචාර රැසක් ලැබී තිබුණි. ඒ සියළුම දෙනාට මම ප්‍රණාමය පල කරමි.

 

ඉෆ්තාර් වැඩසටහනකට සහභාගීවු ස්වාමින් වහන්සේ නමක්

ඉෆ්තාර් වැඩසටහනකට සහභාගීවු ස්වාමින් වහන්සේ නමක්

අතීතයේ ලංකාව තුල ඉෆ්තාර් හෙවත් දිනයේ උපවාසය අවසන් කිරීමේ වැඩසටහන් පැවැත්වුයේ මුස්ලිම් වරුන් අතරෙහි පමණි. නමුත් ඉතා මෑත කාලීණව එයට මුස්ලිම් නොවන අයටද ආරාධනා කිරීමට තීරණය වුයේ අප විසින් කරන්නාවු දේ කුමක්ද? යන්න මුස්ලිම් නොවන අයටද වටහා ගැනීමට එය මනා පිටිවහලක් වන බැව් මුස්ලිම් සමාජය දුටු බැවිනි. මේ නිසා වර්තමාන ලංකාවේ බොහෝ ස්ථාන වල රමදාන් මාසයේ උපවා‍සය අවසන් කිරීමේ වැඩ සටහන් වලට ඒ ප්‍රදේශයේ මුස්ලිම් නොවන පුද්ගලයන්ටද ආරාධනා කරති.

 

උපවාස අවසන් කිරීමේ වැඩ සටහනක් කින්නියාවේ පැවැත්වුණු ආකාරය සිරස වාර්තා කර තිබුණු අයුරු

උපවාස අවසන් කිරීමේ වැඩ සටහනක් කින්නියාවේ පැවැත්වුණු ආකාරය සිරස වාර්තා කර තිබුණු අයුරු

 

මෙම වැඩසටහන තුලදී කෙරෙන්නේ රමදාන් මාසය යනු කුමක්ද? අපි රමදාන් මාසයේදී කරන්නේ කුමක්ද? යන්න ගැන කෙටි දේශනයක් කර පැමිණ සිටින මුස්ලිම් නොවන අයද සමග නියමිත වේලාවට දිනයේ උපවාසය අවසන් කිරීමයි. මෙවැනි වැඩසටහනකට ගරුතර ස්වාමින් වහන්සේ නමක්/ වෙනත් ආගමික පූජකයෙක් හෝ වෙනත් ප්‍රභූ වරයෙක් පැමින සිටින්නේ නම් ඒ අයටද කිසියම් කථාවක් පැවැත්වීමට ඉඩ ලබාදීමද සිරිතක් වශයෙන් සිදුවේ. මෙමගින් සිදුවන්නේ ආගම් අතර සංවාදය Interfaith Dialogue කි. මෙවැනි සමහර වැඩසටහන් අවසානයේදී අප විසින් පැමිණි අයගෙන් මේ වැඩසටහන පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? යන්න ඇසු විට ලැබෙන්නේ ඉතා යහපත් සහ උණුසුම් ප්‍රතිචාරයන්ය. මෙවැනි සහජීවනය ගොඩ නංවන වැඩසටහන් දිගටම කරන්න යැයිද ඔවුන් අපගෙන් ඉල්ලති.

 

මීට අමතරව තවත් සමහර අය අපගේ රමදාන් අවසන ඊද් හෙවත් අවුරුදු දිනයට පසුවද ඊද් සම්භාෂන Eid Get-together දැන් මුස්ලිම් නොවන ජනතාවට ආරාධනා කරමින් දිවයිනේ නොයෙකුත් ස්ථාන වලදී පවත්වති. එහිදී ද සිදුවන්නේ රමදාන් ඉෆ්තාර් වැඩසටහන් මෙන්ම වු එකකි. ඉෆ්තාර් වැඩසටහනට වඩා මෙය වෙනස් වන්නේ මෙම වැඩ සටහන් වලදී සහභාගී වන්නන් හට මුස්ලිම් වරුන්ට ආවේනික රස ආහාර වලින් සප්පායම් වීමටද අවස්ථාවක් සැලසීමයි. මෙම වැඩසටහන් වලට එන අයද සියළුම දෙනා පාහේ එම වැඩසටහන් පැවතුන ආකාරය අගය කරති. මුස්ලිම් වරුන් ගැන තිබුණු වැරදි අදහස් විශාල සංඛ්‍යාවක් නිරාකරණය වු බවද පවසති.

 

වසර කිහිපයකට පෙර මාවනැල්ලේ කිසියම් පිරිසකගේ නොහික්මුණු ක්‍රියාවන් නිසා ජාතිවාදී කලබලයක් ඇති වුණා ඔබට මතක ඇතැයි සිතමි. මේ කලබලයට මාස කිහිපයකට පසුව ඊලඟ ඊද් හෙවත් අවුරුදු දිනයට පසුදින මුස්ලිම් වරුන් විසින් පලාතේ මුස්ලිම් නොවන ප්‍රභූවරුන්ට සහ ජනතාවට ආරාධනා කර ඊද් සම්භාෂනයක් පවත්වන ලදී. එම වැඩසටහනට සහභාගීවන්නට මටද අවස්ථාවක් ලැබුණි. එම සම්භාෂනයට පැමිණි සියළුම මුස්ලිම් සහ මුස්ලිම් ජනතාව නැවත එතැනින් පිටවුයේ ජාතීන් අතර පහන් සිතුවිලි සමගය. ඊලඟ වසරේදීද මෙය පැවැත්වුණි. ඒ හා සමගම ඊට පසුව පැවති සිංහල සහ හින්දු අළුත් අවුරුදු දිනයේ සිංහල ජනතාවද එවැනිම විශාල වැඩසටහනක් පැවැත්වීමට යොදා‍ගෙන, එයට මුස්ලිම් වරුන්ට ආරාධනා කරන ලදී. අද එම වැඩ සටහන් තුලින් එම ප්‍රදේශයේ විශාල සහජීවනයක් සහ බැඳීමක් සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ඇති වී ඇත.

 

ආගම්බේධවාදීන් විසින් කුමක් පැවසුවද රටට අවශ්‍ය මෙවැනි සහජීවනයේ වැඩ සටහන්ය. මේවාට පැමිණෙන සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාටද මඩ ගසන්නට තරම් අද ආගම්බේධවාදීන් බංකොලොත් වී ඇත. මේවා පවත්වන ස්ථාන වලට පැමිණ විරෝධය පාන්නට තරම් ඔවුන් පිරිහී ඇත. නමුත් අප ඒ ගැන කිසිසේත් කලබල විය යුතු නැත. ඔවුන්‍ මේ ගයන්නේ ඔවුන්ගේ අවසන් මර උදානයයි. මේ රටේ සිංහල, දමිල සහ මුස්ලිම් ජනතාව එකිනෙකා හඳුනාගෙන සහජීවනය ගොඩ නගා ගන්නා කළ මෙම ආගම්බේධවාදීන්ට පලා යන්නට තැනක්ද නොමැති වනු ඇත.

 

 

  • Mohammed says:

    අන්වර් සහෝදරයා,
    ඔඹ හරි, මේ වගේ හොද දේවල් කරන කොට අපේ දේශප්‍රේ-මී පුන්නක්කු බළකායේ අයට නම් ඇහැට කටු නොව පරාල ඇණ ගසන්නා වගේය.

    ඔය ආගම්බේදී පිළිකාව මෝරන්නට පෙර මුලිනුපුටා දමන එක ආණ්ඩුවේ වගකීමකි, නැතිනම් රටම මේ නිසා අගාධයට යනු ඇත.

    2012/08/08 at 4:39 PM
  • Shakir ifham says:

    මම සම්පූර්ණ එකන්ගෛඑඉ මෙය වගේ වැඩසටහනට බොහොම හොඳි .

    2012/08/09 at 11:27 AM
  • azam says:

    අනගාරික ධර්මපාල කියාන්නේ දැන් කලේ හැටියට බැලුවොත් හිට්ලර් වගේ ප්‍රබාකරන් වගේ මානසික ලෙඩෙක්. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය අවුස්සපු මානසික ලෙඩෙක්.මොහුට අපහස කරන්න නෙවෙයි මේක කියන්නේ නමුත් මොහු හිටියනම් දැන් මේ රටේ මිනිස්සු ලේ වල පිනනවා මේ වගේ අන්තවාදියෙක් හිටියොත්.මිනිස්සු හැමෝම එකයි කියන එකවත් වටහා ගන්න බැරි මානසික ලෙඩෙක් නිසා.

    2012/08/09 at 2:33 PM
    • Anver Manatunga says:

      අපි අනගාරික ධර්මපාලතුමා ගැන කථා නොකර ඉමු. මන්ද අද ඔහු ජීවතුන් අතර නැති කෙනෙක් නිසා.

      2012/08/09 at 3:37 PM
  • Brother says:

    මෙරට ඉතිහාසය පුරාවටම අධිරාජ්‍යවාදී විරෝධී අරගල මෙහෙය වූ බහුතරයක් ‘දේශප්‍රේමීන්’ නියෝජනය කලේ ධනේෂ්වර පංතිය වේ. ඔවුන් අතුරින් වඩාත් මතවාදීමය බලපෑමක් ඇති කලේ අනගාරික ධර්මපාලය. නූතන සිංහල බෞද්ධ අධිපතිවාදයේ පියා වන්නේද මොහුය. මොහුගේ මතවාදය සමකල හැක්කේ හිට්ලර්ට පමනි. මොහු විසින් ‘සිංහල ආර්ය’ සම්භවයක් හා පැවැත්මක් ගැන ප්‍රකාශ සිදු කලද සිංහල ජනතාවගේ සුඛවිහරණය සම්බන්ධයෙන් සිදු කල කිසිඳු ප්‍රායෝගික වැඩ පිලිවෙලක් නැත.

    වර්තමානයේ සිංහල සමාජය මුහුන දෙන ගැටලු බොහෝමයකි. දරිද්‍රතාවය ඉන් ප්‍රධානය. මේ හා සම්බන්ධ වී පවතින තවත් කරුණු රාශියකි. ඒ සෑම දෙයක් කෙරෙහිම අවධානය යොමු කිරීම පසෙක ලා සුලු ජාතීන්ට එරෙහිව හඬ නැගීම හුදෙක්ම ධනේෂ්වර අධිපතිවාදී පන්තියේ වරප්‍රසාදයන් ආරක්ෂා කිරීමට පමණක්දැයි විටෙක සිතේ. අවාසනාවන්ත කාරණය වනුයේ එය ඉටු කරගැනීම සඳහා නිර්ධන පංති සහභාගිත්වයක් ඇතිකර ගැනීමට මාන බැලීමයි. මෙය පැහැදිලිවම එක් වැඩවසම් යුගයක සිට තවත් යුගයකට පිය නැගීමයි.

    (මාක්ස්වාදි කෝණයෙන් වූ විග්‍රහයකි )

    2012/08/09 at 3:39 PM

Your email address will not be published. Required fields are marked *

*