මුස්ලිම් කාන්තාවගේ හැඳුණුම්පත දඩමීමා කරගෙන මේ වන විට හිවල් හඬ නැවතත් ජනතාව මුලා කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ට සිය හැඳුණුම්පතෙහි ඡායාරූපය හිජාබ් වස්ත්‍රය සමග පල කිරීමට රජය අවසර දුන්‍නේ පසුගිය වසරේදීය. මෙහිදී හිජාබ් යන්නෙහි මානයන් නොහඳුනන හිවල් හඬ කරන්නේ ඒ ගැන ජනතාව අතර එම නීතිය කෙරෙහි වැරදි අර්ථ කථනයක් ඇති කිරීමටයි.
පලමුව ඔවුන් මූණු පොතේ පලකළ ලිපිය මෙහි පලකර ඉන්පසුව එහි අදහස් හි, සැබෑ තත්වය කුමක්ද? යන්න පෙන්වා දීමට අදහස් කරමි.
ඔවුන්ගේ මුණුපොත් ලිපිය උපුටා ගැනීම
සිංහ හඬ (හිවල් හඬ)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත් (Taqiyah) පැලද ඡායාරූප ගැනීමට අවසර ඇති බව නිවේදනය කර ඇත.
කාන්තාවන් සඳහා ෆර්දාව පැළඳ ඡායාරූප ගැනීමේදී වම් කන පෙනෙන ආකාරයට එම ඡායාරූපය ගත යුතු ලෙස
සදහන් කර ඇති නමුත් හිස සම්පූර්ණයෙන් වසා සිටින කෙනෙකු වම් කනෙන් හදුනාගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවකි.
මීට පෙර තිබූ නීතියට අනුව ජාතික හැඳුනුම්පත සඳහා මුස්ලිම් ජාතිකයන්ගේ ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ හිස් වැසුම රහිතව ඡායාරූප ගත යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුනි. පසුව විවිධ මුස්ලිම් ආගමික සංවිධාන සහ විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයින්ගේ අවශතාව ඉටුකිරීමක් ලෙස, රජයේ මැදිහත්වීමෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි.
ලග එන මැතිවරණයේදී මුස්ලිම් ජන්ද වැඩි ප්‍රමාණයක් රජය වෙත ආකර්ෂණය ගර ගැනීම උදෙසා මෙසේ අත්තනෝමතික හා අඥාණ තීරණ වලට එළඹීමෙන් රටේ ආරක්ෂාවට ඉදිරියේදී විශාල තර්ජනයක් එල්ලවිය හැක. විශේෂයෙන් මෑත කාළයේදී ප්‍රංශය ප්‍රමුඛ යුරෝපීය රටවල් රැසක් මෙසේ සිය රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදී නීති රීති වලට වැට බඳිද්දී අප රටේ නිවට දේශලාඥයින් මුස්ලිම් ඡන්ද සුළුතරයක් වෙනුවෙන් මුළු මහත් රටත් ජාතියත් පාවා දෙමින් සිටී.
උපුටා ගැනීම අවසන්
මුස්ලිම් කාන්තාවක් බොහෝ විට සිය දහමින් නියම කර ඇති “හිජාබ්” නම්වු වස්ත්‍රය භාවිතා කරති. මෙම වස්ත්‍රයේ සම්මත සීමාව නම් මුහුණ සහ අතේ මැණික් කටුව ස්ථානයට හැර ශරීරයේ අන් සියල්ල ආවරණය වන පරිදි වස්ත්‍ර හැඳීමයි. “හිජාබ්” යන අරාබි වචනය පැමිණ ඇත්තේ “හජබ” යන වචනයෙනි. “හජබ” යනු ආවරණයයි. “හිජාබ්” යනු වැස්මයි.
මුස්ලිම් කාන්තාවකට තම ශරීරයේ ආවරණය කරගන්නට අනිවාර්ය වු ඉහත සඳහන් නියමයන්ට අනුව වත්මන් මුස්ලිම් කාන්තාවන් විසින් සකසා ගත් වස්ත්‍රයක් ඇත. එයට අප රටේ කියන්නේ “ෆර්දා” යනුවෙනි. ෆර්දා යන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ අරාබි බසින් “ෆර්ද්” යන වචනයෙනි. එහි අරුත “අනිවාර්ය” යන්නයි. මෙයින් ගම්‍ය වන්නේ ෆර්දා වස්ත්‍රය මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් විසින් අනිවාර්ය කර ඇති ආකාරයට ශරීරය වැසෙන්නාවු වස්ත්‍රයක් බවයි.

නව චක්‍රලේකයට අනුව මුස්ලිම් කාන්තාවගේ හැදුණුම්පතේ ඡායාරූපය මෙසෙයි. මෙය ආදර්ශයක් පෙන්වීමට මා විසින් සැකසු එකක් බව කරුණාවෙන් සලකන්න
මෙහිදී අල්-කුර්ආනය මගින් දී ඇති සම්මත සීමාවන්ට එහා ගිය වස්ත්‍රද මුස්ලිම් කාන්තාවන් භාවිතා කරති. නිකාබ් යනු හිජාබයට අමතරව මුහුණ ආවරණය කරගන්නාවු වැස්මයි. මෙම හිවල් හඬ විසින් සකසා ඇති ව්‍යාජ හැදුණුම්පතෙහි මුස්ලිම් කාන්තාවගේ ඡායාරූපයට දමා තිබෙන්නේ නිකාබ් හෙවත් මුහුණු වැස්ම සහිත ඡායාරූපයකි. නමුත් ලංකා රජය විසින් පනවා ඇති චක්‍රලේඛයේ සඳහන් වන්නේ මුහුණ නොවසා හිස සහ කණ් වසා අඳින වස්ත්‍රය එනම් හිජාබ් ගැන පමණි. මෙහිදී හිවල් හඬ විසින් හිතා මතාම ජනතාව මුලාවට පත්කරන අයුරින් මෙම හැඳුණුම්පත සකසා ඇති බව පැහැදිලිය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ජාතික හැඳුණුම්පත සඳහා මුස්ලිම් කාන්තාවක විසින් ඡායාරූපයකට පෙනී සිටින්නේ නම් අවම වශයෙන් ඇගේ කන් දෙක සහ හිස ඉදිරිපස පෙනෙන්නට ඡායාරූපය ගැනීම සිදුවිය යුතු යැයි කලින් නීතිය විය. නමුත් දැන් නීතිය නම් හිස සහ කණ් වසා ඇති නමුත් මුහුණ ඇර ඡායාරූප ගත යුතු බවයි. මෙයින් කිසිලෙසකින් මුස්ලිම් කාන්තාව හඳුණා ගැනීම අපහසු නොවේ. ලොව දියුණු බොහෝ රටවල මෙය අනුමත කර ඇත. අරාබි රටවල නීතියද මෙයයි. විශේෂයෙන් කාන්තාවන් මුහුණ වසා සිටින සෞදි අරාබියේ පවා නීතිය මෙයයි.
බුර්කා යනු ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විසින් ඔවුන්‍ටම ආවේනික පරිදි සාම්ප්‍රදායික වස්ත්‍රයකි. එය ඉස්ලාමීය සම්මතයේ තිබෙන වස්ත්‍රයක් නමුදු එය ඉස්ලාමීය අනුමත සීමාවෙන් ඔබ්බට ගිය වස්ත්‍රයකි. ඒ රටේ කාන්තාවන් බුර්කාව හැන්දද ලොව අනෙකුත් ජාතීන් වලට අයත් මුස්ලිම් කාන්තාවන් එම වස්ත්‍රය නොහඳිති.
මෙහිදී රජය විසින් එළඹෙන මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අභිලාශයෙන් මෙය කර ඇති බව හිවල් හඩ පවසන්නේ තමන් මුල් ඡේදයේ මෙම චක්‍රලේඛය පනවා ඇත්තේ 2011 සැප්තැම්බර් 19 වන දින බවට සදහන් කළ බව අමතක වී විය යුතුය.



Mohammed says:
මට නම් තේරෙන්නේ නැහැ මේ හිවල් හඩක්ද, ගොං හඩක්ද බූරු හඩක්ද කියලා
මොලේ ඇති එකෙක්නම් කල්පනා කරනවා මුහුණ වසා නිකුත් කරන හැදුනුම් පතකින් ප්‍රයෝජනයක් තියෙනවද කියලා.
මේ ලොව කිසිම රටක් මුහුණ වහලා හැදුනුම් පත් නිකුත් කරන්නේ නැහැ. මැද පෙරදිග රටවල් වලද මුහුණ ආවරණය නොකර හැදුනුම් පත් හා ගමන් බලපත්‍ර ෆොටෝ එකේ සිටිය යුතුය, ගුවන්තොටුපොලේ කාන්තා නිරීක්ෂන් කුටි තුල ඒ අයගේ අනන්‍යතාව තහවුරු කරගන්නේය.
ඔය බූරු හඩ කාරයා ඇදබාන අතේ පැලවෙන කෙප්ප සියල්ල බොරු බව ඔප්පු වුනාට පසුව වත් ලැජ්ජාවක් ඇති නොවෙන එකනේ පුදුමේ.
Mr. Who-2 says:
//මට නම් තේරෙන්නේ නැහැ මේ හිවල් හඩක්ද, ගොං හඩක්ද බූරු හඩක්ද කියලා//
Hahahahaha!
M F Rasheed says:
Thank you Anwar for your useful explanation. Although Hijab literarily and in terminology means something different, the English word “Hijab” refers to what you have said. In fact Hijab (in Arabic/ Sharea) has a different meaning which is well explained by the modern scholar Albani in his book “Hijab”. Hijab is not a dress but a status or condition. The actual dress code of women according to Quran is “Khimar” or even we can say “Jilbab” in Quranic term which you have elaborated as “Hijab”. Quran advice the women to talk with men (particularly the wives of prophet Mohamed) behind “Hijab” that is while they are in ordinary dress. This is not to find fault with what has been explained but to fulfill any gap left in the explanation.
මෝඩයා says:
හිජාඩ් ඇදලා වම් කණ පේන්න ෆොටෝ ගන්න හැටි මේ මෝඩයාට කියා දෙන්න.
Jibuwa says:
මටත් ආපු ප්‍රශ්නයක්. ඔන්න කවුරු හරි පැහැදිලි කරලා දෙන්න.
Brother says:
Not related to the topic but for the knowledge purpose for all readers. please share and educate.
http://www.presstv.com/detail/2012/08/08/255098/americas-nextgeneration-war-on-islam/
hasan says:
මුස්ලිම් කාන්තාවන්ගේ හැඳුනුම්පතෙහි ඇති ඡායාරූපය ගැන ….
බිත්තරයේ මයිල් ගලවන්නට උත්සාහ කරන පිරිසක් රට තුළ අලුතින් බිහි වී සිටිති. මෙම අයට අලුතින් රුදාවක් ඇති වී තිබේ. “බෞද්ධාගම හැර කිසිදු ආගමක් එනම් විශේෂයෙන් ඉස්ලාම් ආගම ලංකාවේ නොතිබිය යුතුය“ යන රුදාවක් මොවුනට ඇති වී තිබේ.
මොවුන්ට බොරු කීම හා නැති දේ ඇති බවට මවා පෙන්වීම පින්බර ක්රියාවක් වී ඇත.
නැති දේ ඇති බවට මවා පෙන්වීම:
මුස්ලිම් කාන්තාවක් මුහුණ සම්පූර්ණව වසා ගත් ඡායාරූපයක් උපයොගී කර, මෙය අනුමත කළ නොහැකි හැඳුනුම් පතක් බව පෙන්වීමට මොවුන් උත්සාහ කර ඇත. මෙවැනි ඡායා රූප අඩංගු හැඳුනුම්පත් ලංකාවේ භාවිතයේ තිබේද? නැත්තටම නැත! නැති දේ ඇති බව පෙන්වීමට මොවහු උත්සාහ කරති.
පුරවැසියෙකුගේ හැඳුනුම්පතක් පරීක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආරක්ෂක අංශවලටය
මෙතැනදී වටහාගත යුතු වැදගත් කාර්යයක් ඇත. එනම් ලංකාවේ වෙසෙන පුරවැසියෙකුගේ හැඳුනුම්පතක් පරීක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආරක්ෂක අංශවලටය. මෙම මුස්ලිම් කාන්තාවන්ව පරීක්ෂා කිරීමේදී යම් ගැටළුවක් පැන නගින්නේ නම්, ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ බව ඉහළ අංශවලට දැන්විය යුතුය. නමුත් ආරක්ෂක අංශ එසේ පැමිණිලි කළ වගක් මේ දක්වාම අසන්නට නොලැබේ.
මුස්ලිම් කාන්තාවක් මුහුණ වසාගෙන යෑම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කිව හැකිද?
මුස්ලිම් කාන්තාවක් මුහුණ වසාගෙන යෑම රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කිව හැකිද? මුස්ලිම් කාන්තාවක් යම් පරීක්ෂාවට භාජනය වීමේදී එම පරීක්ෂාවට ඉඩ නොදී, විරෝධය පෑමක් කළේ නම්, එසේ කීම සාධාරණයක් වන්නේය.
ලංකාවේ ආරක්ෂක අංශවල කාන්තා පක්ෂයක් සිටින බැවින් මුස්ලිම් කාන්තාවන්ට තමන්ව පරීක්ෂා කිරීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවන්නේය. මෙතැනදී ගැටළුව ඇති වී තිබෙන්නේ කොහේවත් ඉන්න පිරිසකටය.
ආරක්ෂක අංශ නොවන, ආගම්වාදී ගින්න පතුරුවමින් සිටින පිරිසකටත් මෙම මුස්ලිම් කාන්තාව පරීක්ෂා කිරීමේ අවශ්යතාවයක් පැන නැගී ඇති බව දක්නට ලැබේ. එයට හේතුව මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන යෑම ඔවුන්ට හිස රදයක් වී තිබේ.
යම් කෙනෙක් මුස්ලිම් කාන්තාවක් තමන්ගේ මුහුණ වසාගෙන ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසන්නේ නම්, මුහුණ වැසෙන සේ පළඳින හෙල්මට් පළමුව තහනම් කළ යුතුය.
එවැනි හෙල්මට් පැළඳීම තහනම් කිරීම අනුවණ ක්රියාවකි. එයට හේතුව මුහුණු විවෘතව ඇති හෙල්මට්වලට වඩා මුහුණු වැසී ඇති හෙල්මට්වලින් වාහනයක ගමන් කරන්නාට ආරක්ෂාව සැලසේ.
එමෙන්ම මෙසේ නීතියක් ගෙන ආවේ නම්, කාර් මෝටර් සයිකල් ධාවන තරඟ පැවැත්වීමද ගැටළුවක් වන්නේය.
එම තරඟවලදී පළඳින්නේද මුහුණු සම්පූර්ණයෙන් ආවරණය වූ හෙල්මට්ය.
එහෙයින් ඉස්ලාම් ධර්මයේ මයිල් ගැලවීමේ ක්රියාවෙන් ඉවත් වී සිටින ලෙස අපි අන්තවාදීන්ගෙන් ඉල්ලා සිටිමු.
kaush says:
since u seems to be of the view that islam is all perfect, can you debunked the points raised by Ayyan Hirsi..
[http://www.youtube.com/watch?v=XmIBFTEUqz4&feature=related] she simply states that islam is a out dated moral system.
Anver Manatunga says:
ඔන්න අපේ සහෝදරයෙක් මේක බළලා මෙයාට උත්තරයක් දෙන්න.
kaush says:
ඓඉ ඔබ තුමාට උත්තර නැද්ද, මන් හිතුවා ලේසියෙන්ම උත්තර දෙඉ කියල
Anver Manatunga says:
මෙවැනි වීඩියෝ වලට පිළිතුරු දෙන්න මගේ වටිනා කාලය වැය කළයුතු නැහැ. මේ වීඩියෝවේ සිටින තැනැත්තිය මුස්ලිම්ව සිට ක්‍රිස්තියානි වු අයෙක් ඇය විසින් කරන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එල්ල කරන චෝදනා කටපාඩම් කරගෙන ප්‍රහාර එල්ල කරන එකයි. ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝවෙන් ඔබට නැගෙන ප්‍රශ්න එකින් එක මෙහි ලියා එවන්න. එවිට මම පිළිතුරු දෙන්නම්.
kaush says:
අයගේ පසුබිම නෙවේ වැදගත්, ඇය එදිරිපත් කරන කරුනුඉ වැදගත් වෙන්නේ, අගේ මුලික තර්කය තමය ඉස්ලාම් ආගම outdated කියන එකඊ. එට හේතු ඇය එදෙරිපත් කරනවා. මෙවන් ප්‍රහාරයක් වැදගත් නැ කියනේ ඔබ ටුමට එට උත්ටර නැ කියන එක ටමඊ
Anver Manatunga says:
මම පැහැදිලිව කිව්වා එහි තිබෙන කරුණු ලියා එවන්න මම පිළිතුරු දෙන්නම් කියා. මට වීඩියෝ බලබල ඉන්න වෙලාවක් නැහැ. කරුණාකරලා චෝදනාවක් ඇත්නම් ලියා එවන්න.
haris says:
Anver Manatunga says:
ඔබට ඇති ප්‍රශ්නය සිංහලෙන් ඉදිරිපත් කරන්න. නැතිනම් අපගේ ඉංග්‍රීසි වෙබ් අඩවියට ගොස් ඉදිරිපත් කරන්න.
asd says:
@kaush
http://www.youtube.com/watch?v=7XPFPg-yBcQ&feature=related this is simple answer from a scientist
kaush says:
he may be a scientist, but for his reasoning for islam is not scientific at all. there are many scientists who believe in god and some even do believe in earth is around 5000 years as well..that doesn’t mean islam or christianity is scientific. by the way it is doesnt answer any point raised by Ayyan.
asd says:
that’s form your point of wive buddy? remember you cant describe god concept by looking at Buddhist scipchers , firs of all you have to be a open minderd man, then take guidance of real Islam,remember dont juj th god concept by reading busiest scriepchers,
MUUSALAYA says:
තුංගසිරියෙක් අල්ලගෙන මුං රට කළඹන්න හැදුවා ඒක අතේ රෝල්
පට්ටපල් බොරුවක් බව ඔප්පුවුණා. ඊට පස්සේ ඉස්ලාම් දහමෙන්
නික්මී බුදු දහමට සම්ප්‍රාප්ත තරුණයන් දෙදෙනා ඒකත් අතේ රෝල්
පට්ටපල් බොරුවක් බව ඔප්පුවුණා.
ජිහාඩ් පුහුණු කඳවුරේ පෝස්ටරය ඒකත් edit කරපු එකක් බව
ඔප්පු වුණා.දැන් අළුත්ම බයිලාව Bill Clinton බුදු දහම
වැළඳගෙනලු.ඒ ගැනත් සොයා බැලුවා කොන්දෙ අමාරුවකට
යෝගී ව්‍යායාම් කරන බවත් ඉන්දිය ජාතික ගුරුජී කෙනෙකුගෙන්
ඒ පිළිබඳව පුහුණුවක් ලබන බවත් ඔහුගේ ලේකම් වරයෙකු ස්ථිර
කළා
ඇයි මෙතරම් බොරු කියලා තම අනුගාමිකයින් තම දහම තුල
රඳවාගැනීමට උත්සාහ කරන්නේ
මුසා වාදා වේරමනී ශීක්ඛාපදං සමාදියාමී
Anver Manatunga says:
මමත් Kill Bligton ගැන හොයා බැළුවා. ඔබ කියන එක ඇත්ත. ඒකෙන් ඉස්ලාම්ට පහරක් නොවැදෙන නිසා කිසිවක් නොලියා හිටියා.
kaush says:
Bill Clinton බුද්ධාගමට අවදා කියන්න දන්නේ නැහැ එත් , ඔහු බෞද්ධ බවන පටන් අරණ කතාව නම් ඇත්ත ,
http://www.dailymail.co.uk/news/article-2183101/Bill-Clinton-turns-art-Buddhist-meditation-relax.html . හොයල බලන් කොට හරි තැන වලින් හොයල බලන්න.
ඕන කෙනෙකුට බෞද්ධ බවන කළහැකි , බුද්ධාගමේ convert කිරීමක් නැහැ .
Anver Manatunga says:
බිල් ක්ලිංටන් මහතා බොදුනුවෙක් වෙන්න තිබුණේ මොනිකා ලෙවිංස්කි හම්බවෙන්නත් කලිනුයි. ඒ කාලේ ඔහු බලවත් චරිතයක්. ඒ වුනාට දැන් නම් අවලංගු කාසියක්. දැන් නම් ඔහුගේ පවුලවත් ඔහුව ගණන් ගන්නේ නැහැ. මට ඔහු ගැන ලියා වැඩක් නැති නිසයි නොලියා හිටියේ. ඒ ගැන තවදුරටත් ලියන එකත් තේරුමක් නැහැ.
sb says:
The sample id you have published is erroneous, Id for women should have a number beyond 500 after the year of birth (whereas in the sample provided it is 052), the same mistake was committed in the fake id published in the sinha handa
Anver Manatunga says:
මා විසින් පලකළ හැදුණුම්පත මා විසින් සෑදු එකක් බව එම පිංතූරයට යටින් සදහන් කර ඇත. මට අවශ්‍ය වුයේ දැන් මුස්ලිම් කාන්තාවකගේ හැදුණුම්පත තිබෙන්නේ මෙසේය යන්න පෙන්නා දෙන්නයි. එයට දැනට භාවිතාවේ තිබෙන හැදුණුම්පතක් පලකිරීමට නොහැකි නිසා එවැනි එකක් සාදා පෙන්නුවෙමි.
asd says:
එක අතකින් ඕකුන් මෙහෙම ඉස්ලාම් ආගමේ එකකොනක් අල්ලාගෙන ප්‍රචාරය කරන එක හොදඊ , මොකද කිව්වොත් මොලේ තියන එකා මේකේ හරි වැරැද්ද හොයන්න පෙලබෙනවා , ඇමරිකාවේ ඉස්ලාම් අගම සීග්‍ර ලෙස වර්දනය වෙන්න හේතුවත් මේවගේ බොරු ප්‍රචර දියත්කිරීම , ඒ රටවල් වල මිනිස්සු මෝඩ නැ මේවගේ බොරු ප්‍රචර දියත් කරාම, ඔවුන් එකේ ඇත්ත නැත්ත කුරාන් හදිස් හොයලා බලල ඉස්ලාම් ආගම වැලද ගත්ත, එකට අපේ හරක් 90%කම හරක් කතා
Thambita says:
හිවල් හඬහි මී හරක් ඇඩ්මින්ට බොරු හැඳුනුම්පත් අංකයක්වත් දාගන්න තේරෙන්නෙ නෑ නෙහ්. අපේ රටේ සමහරක් ලැජ්ජ නැතුව ඕක ශෙයා කරනවා.
අම්මාර් says:
මෙතන හිනා යන කාරණය තමයි අපේ හිජාබය හා කාන්තාවන් මුහුණ වැසීම ගැන කතා කරන්නේ ඇඳුම් නැතිව හෙළුවෙන් ඉන්න උදවිය වීම. මොකද අන්වර් හා පිරිස එගොලන්ගේ ( හිවල් හඬ,හොරි ඩොට් කොම්… ) රෙදි ගලවලා ගොඩක් කල්.
ඔය අන්තවාදී පිටු කරන ඇඩ්මින් සෙට් එකයි ඕකට කොමෙන්ට් කරන බෞද්දයෝ ටිකයි නැවත දහම් පාසල් යවන්ඩ ඕනේ හරියාකාරව බුද්ධ දර්ශනය ඉගෙනගෙන එන්ඩ කියල.
hasan says:
හිවල් හඞට අපෙන් පිළිතුරු:
අපි හිවල් හඞේ ප්රකාශ ////…..//// යනාකාරයෙන් දක්වා ඇත්තෙමු.
///කාන්තාවන් සඳහා ෆර්දාව පැළඳ ඡායාරූප ගැනීමේදී වම් කන පෙනෙන ආකාරයට එම ඡායාරූපය ගත යුතු ලෙස සදහන් කර ඇති///
මුස්ලිම් කාන්තාවක් හැඳුනුම්පතකට ඡායාරූප ගැනීමේදී තමාගේ වම් කණ පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගත යුතු බව ඉහත කොටසින් හිවල් හඞ පවසයි. මෙම නීතිය දැන දැනත් මුස්ලිම් කාන්තාවකගේ සම්පූර්ණ මුහුණම වැසෙන අයුරින් සකසාගත් හැඳුනුම් පතක් කොතැනින් සොයාගත්තේද? යි අපි හිවල් හඞෙන් අසමු. හිවල් හඞේ අය බොරුකාරයින් බව මෙයින් මනාව පැහැදිලි වේ.
///නමුත් හිස සම්පූර්ණයෙන් වසා සිටින කෙනෙකු වම් කනෙන් හදුනාගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවකි.///
හිස සම්පූර්ණයෙන් වසා සිටින කෙනෙකුව හිවල් හඞේ හිවලුන්ට නම් සොයාගැනීම අපහසුය. එසේ නැතිව මොවුන්ව සොයාගැනීමේ අපහසුතාවයක් ඇති වන බව ඔවුන්ගේ අනන්යතා පරීක්ෂා කරන නිලධාරියෙක් පැවසූ බවට නම් අපට ආරංචිවූයේ නැත.
එමෙන්ම මෙසේ ඡායාරූප ගත් කාන්තාවෝ ලොවෙහි ඕනෑ තරම් විදේශ ගමන්වල නිරත වෙති. එසේ ඔවුන් තවත් රටකට පැමිණි අවස්ථාවේදී, ඔවුන්ව හඳුනාගැනීමට අපහසු වූ බවක් මේ දක්වා කිසිම රටක ආගමන හා විගමන නිලධාරීන් පවසා නොමැත. අපහසුතාවය ඇති වී තිබෙන්නේ හිවලුන්ටය.
////මීට පෙර තිබූ නීතියට අනුව ජාතික හැඳුනුම්පත සඳහා මුස්ලිම් ජාතිකයන්ගේ ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ හිස් වැසුම රහිතව ඡායාරූප ගත යුතු බවට චකරැඳුලේඛයක් නිකුත් කර තිබුනි.////
හැඳුනුම්පතට ඡායාරූප ගත යුත්තේ හිස් වැසුම් නොමැතිවය යන්න හිවලුන් ඉදිරිපත් කරන තර්කයයි.
ලොවෙහි ජීවත්වන ජනතාවගෙන් හිස් වසාගෙන සිටින්නේ මුස්ලිම් කාන්තාවන් පමණද?
ඉන්දියාවේ සික් නම් ජන වර්ගයක් ඇත. වර්තමාන අගමැතිවරයාද එම වර්ගයට අයත් වූ කෙනෙකි. මෙම වර්ගයාගේ පිරිමීහු තමන්ගේ කොණ්ඩය දිගට වඩවති. මොවුහු තමන්ගේ කොණ්ඩය ගැට ගසා කුඩුම්බියක් ලෙස සකසා ගනිති.
එමෙන්ම මොවුහු තමන්ගේ හිස දිග වස්ත්රයකින් ඔතා ගනිති. ක්රිකට් ක්රීඩාවේ යෙදුනත්, ගුවන් යානා පැදුවත් ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණ වස්ත්රය කිසි විටෙක ඉවත් නොකරති.
ක්රිස්තියානි සිස්ටර්වරියන් තමන්ගේ හිස වසාගෙනම සිටිති.
තත්ත්වය මෙසේ තිබියදී, මොවුන් නිතරම හැප්පෙන්නේ මුස්ලිම්වරුන් සමඟ පමණක් වීමෙන් මොවුන්ගේ යටි අරමුණ හොඳින්ම පැහැදිලි වේ.
////පසුව විවිධ මුස්ලිම් ආගමික සංවිධාන සහ විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයින්ගේ අවශතාව ඉටුකිරීමක් ලෙස, රජයේ මැදිහත්වීමෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි.////
මුස්ලිම් කාන්තාවන් පමණක් ලොව හිස ආවරණය කරමින් සිටින වර්ගයක් නොවේ යන්න අපි ඉහතින් පැහැදිලි කළෙමු.
එහෙයින්, රජය ගත් තීරණය ලෝකයේ කිසිදු රටක් නොගත් තීරණයක් නොවේ.
////ලග එන මැතිවරණයේදී මුස්ලිම් ජන්ද වැඩි ප්රදමාණයක් රජය වෙත ආකර්ෂණය ගර ගැනීම උදෙසා මෙසේ අත්තනෝමතික හා අඥාණ තීරණ වලට එළඹීමෙන් රටේ ආරක්ෂාවට ඉදිරියේදී විශාල තර්ජනයක් එල්ලවිය හැක.///
මෙවැනි තීරණ රටේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන්නේය. මෙම තීරණය හිවලුන්ගේ පැවැත්මට තර්ජනයක් වන්නේය.
////විශේෂයෙන් මෑත කාළයේදී ප්රංශය ප්ර මුඛ යුරෝපීය රටවල් රැසක් මෙසේ සිය රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදී නීති රීති වලට වැට බඳිද්දී අප රටේ නිවට දේශලාඥයින් මුස්ලිම් ඡන්ද සුළුතරයක් වෙනුවෙන් මුළු මහත් රටත් ජාතියත් පාවා දෙමින් සිටී////.
ප්රංශයට වඩා අධික ජනගහනයකින් යුත්, ඉන්දියාව හිස් ආවරණය කරමින් සිටීම අනුමත කර ඇත. වර්තමානයේ ප්රංශයේ සිඝ්රයෙන් ව්යාප්තවෙමින් පවතින ආගම ඉස්ලාම් ධර්මය වේ.
මේ කාරණාව වටහාගත් ප්රංශයේ හිටපු නායකයාට හිවලුන්ට මෙන් වලිප්පුවක් හැදී සමහර තහංචි දැම්මේය.
නමුත් බහුතර ජනයා ඔහුගේ ප්රතිපත්තිය ප්රතික්ෂේප කර, ඔහුට විශ්රාම දී ගෙදර යැව්වෝය.
hasan says:
ඉස්ලාමය කාලයට ඔබින්නේ නැති නීති පනවන වග පවසන කෙනෙක් සිටිනවා නම් ඒ එක් එක් විෂය ගැන තර්ක කිරීමට පැමිණෙන මෙන් ආරාධනා කරමි! අනුන් කියනා කථා මෙතැන පවසා, අනුන්ට බ්රෝකර් වැඩේ කරන්නේ නැතිව තමන්ට ප්රශ්නයක් තිබේ නම් පැකිලෙන්නේ නැතිව ඉදිරියට එන්න!
sarji says:
PISSOTH DEKKA MUN WAGE PISSO NO DEKKA.
Nazeem says:
Diolog:
Hiwal hada : Balapan ban api dana mada seratama mun kata wahenna reply
denawa ne. tawa issarahata mokuth karaganna bari wei. machan
wena aluth story ehema labune nadda??
Gon Puran appu : aluth mokuth labunna machan , bill clinton ge photo dala
hadapu ekata thama reply awe na ne. ekawath hari giya
nm goda.
mohamed shaffy says:
මෙතනප්‍රධානතම ප්‍රශ්නයමේකයි තමන්ගේ ගෑනුන්ව අන්‍යපිරිමීනබලා රසවිදිනවාවගේ අපේ ගෑනුන්ටත් ඔහොමඅන්දන්න කියනවා.අපි රියල් පරිමි….අපි කැමතිනැහැ අපේ ගෑනුන්බලා තවකෙනෙකු ආතල් ගන්නවට. මම නැවත වතාවක්කියනවා අපි පිරිමියි කියා.තමන්ගේ ගෑනුන්ට කොහොම අදින්නඕනදකියලාදෙන්නෙ නැතුව.අපේ ගෑනුන් වහනඑකට විරැද්ද වෙනවා( තමන්ගෙ වැරදි වහගන්නනේ මෙහෙමකරන්නේ) අනේ මෙහෙමත් මිනිස්සු.
kaush says:
why only for women, so is it ok for women to look at men and imagine things..u people need to come out ur caveman mentality..this is the 21st century.
ඉසිවර says:
who said so? What’s cavemen mentality and different between it and 21st century?
sana says:
ඔවුන්ගේ මුණුපොත් ලිපිය උපුටා ගැනීම
//සිංහ හඬ (හිවල් හඬ)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත් (Taqiyah) පැලද ඡායාරූප ගැනීමට අවසර ඇති බව නිවේදනය කර ඇත.//
මගේ නිගමනය අනුව ඔය බලු හඬ කියන්නේ පදික වදිකාවේ ගංජා, කුඩු උරාගෙන රේස් පත්තර කියවන ග්රූප් එකක් . ඔවුන් ලෝකය ගැන හිතන්නේ ලියන්නේ ඔවුන් ගේ මොලේ තරමටය. “පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව” කිරියාකරන්නේ චක්රලේකන නිකුත්කරන්නේ ඔය කුඩු කාරයින්ගේ මොලෙන් හිතල නෙවෙයි. ඔය චක්රලේකනේ නිකුත් කරලා තියෙන්නේ හැම දෙයක් ගැනම හොඳට අද්‍යනය කරලා, “පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමන්තුව” ඔය බලු හඬ කුඩුකාරයින්ගේ විලාප තඹ සතේකට ගණන්ගන්නේ නෑ කියන එකයි මගේ විස්වාසය.
අනෙක ඔය චක්රලේකනය ජාතිවාදීන්ට හා ආගම්බෙදවාදීන්ට කන රත්වෙන්න ලැබුණු කනේ පාරක් විය හැක.
kaush says:
problem is why give a muslims a special treatment. law of the country should be equal to all irrespective of the race and religions. why cant a non muslim take a photo with, lets say with a cap in that case?
sana says:
asd @
අනිවාර්යෙන්ම ඔබ හරි, ඔවුන් ලියන කතාකරන සෛලය හා ඒ තුල ඇති පොඩි දරුවෙකුට පවා ඉතා ලේසියෙන් බොරුවක් කියා දැනගැනීමට පහසු කුණුහරුප තවරාගත් විෂයන් ඔවුන්ගේම යහපත් විදිහට ලියන, කතාකරන, ජීවත්වන අය විසින් ප්‍රතික්ෂේප කරනවා නිසැකයි. තවද ඔවුන්ලියන ඒවා සත්‍යද කියා දැනගැනීමට මූලාශ්‍ර අවශ්‍ය නැති බව ඔවුන්ටම වැටෙහෙනවා. එවෙනි අය මෙවෙනි බ්ලොග්ද කියවිය හැකිය, එ නිසා අපි නිරන්තරයෙන්ම අපේ කාලය දැනුම සහ අනෙකුත් දෑ වියදම් කර අන්වර් සහෝදරයා ගැන යන මේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට සහය දිය යුතුයි.
dnote king says:
samahara moda sinHELLayan…boru prachaara karala thamange kaale naasthi karanawa…munge genunwa niruwathwa paare yawalaa…muslim ayage ………. ringanna enawa booruwo tika…
shaz says:
Sangarathnayata Sewuru Adagena NIC Pinthura Ganapuluwannam Aneykuth Agamikka Parshawange Pujakawarunta Owunge agamata Dahamata Anuwa NIC Sadaha Pinthura ganemata hakinam Islam Dharmayata Anuwa Siayaluma Bakthiyan Pujakawarun ta Samana nam (Pujawarayata Wenama Nithiyak Bakthikayata Wenama Nethiyak Nomatha)Owun Ge agamata Dahamata Anuwa Chayarupa Sadaha Penisitimata Aythiyak Atha Meya therum gatha Nohaki Hiwalunnta Mona Agamak Dhamak DA………..
fathima says:
Anver Manatunga says:
ඔබ ලින්ක් එක දාලා නැහැ.
Shakir ifham says:
හිවල් හඬ horry.com ඔල මොට්ට මෝඩයෝ මුස්ලිම්වරු එක්කමෛ හැප්පෙන්ඩ enneh , දැනේට තව මොනවහරි ගොතෙනවා ඇති
fathima says:
මන් දාපු Dr මොරිස් බුකෛල් ගේ ලින්ක් එක නැහැනේ
Anver Manatunga says:
ඔබ එවන එක ලින්ක් එකක්වත් මට ඇවිල්ලා නැහැ.
nasir says:
http://www.youtube.com/watch?v=Y4vNTvhLBt4&feature=player_embedded
නාසා ආයතනය ඉස්ලාම් ඇත්ත කියා සනාත කර ඇත.
Anver Manatunga says:
සහෝදරයා ලින්ක් එක නිකම් දාන්න එපා. ඒකේ කරුණු උපුටාගෙන පලකර ඉන්පසුව ලින්ක් එක දාන්න. නැත්නම් ඔක්කොම කමෙන්ට් වෙනුවට ලින්ක් දාන්න පටන් ගනියි.
hasan says:
fathima says
fathima දැමූ වීඩීයෝව තව තවත් ඔප කරන කුර්ආන් වැකි:
නියතව මෙය සත්යයක් යැයි ඔවුනට පැහැදිලි වන තෙක් විවිධ පැතිවලද ඔවුනතරද අපි අපගේ සාක්ෂීන්ව ඔවුනට පෙන්වන්නෙමු. නියතව ඔබගේ ස්වාමියා සියල්ල බලා සිටියි යන්න ඔහුගේ විෂයෙහි ප්රමාණවත් නොවේද? (ශු.කු.41:53)
ඉස්ලාම් ධර්මය සත්යයක් යැයි මිනිසුනට පැහැදිලි වන තෙක් මිනිසුන් අතරින්ද විවිධ පැතිවලින්ද සාක්ෂීන් පෙන්වන බව සියල්ල බලා සිටින මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.
අල්ලාහ් මිනිසාට දැනුම ලබා දී, එම දැනුම උපයොගී කර, මිනිසාම අල්ලාහ් මෙම ලොවෙහි නිර්මාතෘවරයා යැයි පැවසීමට සලස්වන්නේය.
fathima දැමූ වීඩීයෝව මෙම වැකිය තහවුරු කරයි.
අල්ලාහ් සියල්ලේම මැවුම්කරුවාය! ඔහු ලක්ෂණ මැවුම්කරුවාය! ඔහු ශ්රේෂ්ඨ මැවුම්කරුවාය!
ඔහුම ඔබලාගේ ස්වාමියා වූ අල්ලාහ්ය. (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙකු නොමැත. ඔහුම සියල්ල මැවූ කෙනාය. එහෙයින් ඔබලා ඔහුටම නමදුම් කරන්න. ඔහු සියල්ල කෙරෙහිම භාරකාරයාය. (ශු.කු.6:102)
පසුව, ඉන්ද්රිය බිංදුව (ගර්භාෂයේ සිවියෙහි) ඇලී සිටීමට හැකි දෙයක් ලෙස මැව්වෙමු. පසුව, (ගර්භාෂයේ සිවියෙහි) ඇලී සිටීමට හැකි දෙය මස් පිඞක් කළෙමු. පසුව, මස් පිඞුව ඇට කටු බවට පත් කර, මසින් ඇට කටු ආවරණය කළෙමු. පසුව, ඔහුව වෙනත් මැවීමක් ලෙස කළෙමු. මැවුම්කරුවන්ගෙන් වඩාත් ශ්රේෂ්ඨයා වූ අල්ලාහ් භාග්ය ඇත්තෙකු වූයේය. (ශු.කු.23:14)
මිනිසාව ඔහුගේ මවගේ කුසය තුළ කෙසේ නිර්මාණය කරන්නේද? යි අල්ලාහ් ඉහත වැකියෙන් විස්තර කරයි.
මිනිසුනි! ඔබලා කෙරෙහි ඇති අල්ලාහ්ගේ දායාද ගැන සිහි කරන්න. අහස් හා පොලොවෙහි සිට ඔබලාට ආහාර ලබා දෙන අල්ලාහ් නොවන මැවුම්කරුවෙකු සිටීද? ඔහු හැර (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා වෙන කිසිවෙකු නොමැත. ඔබලා කෙසේ වෙනත් දිශාවකට හරවනු ලබහුද?(ශු.කු.35:3)
අහසින් වර්ෂාව පහළ කර, එමගින් පළතුරු හා ගස් රෝපනයවීමට සැලස්වීම මගින් අල්ලාහ් මිනිසාට ආහාර ලබා දෙයි.
සමහරු ජල චක්ර ගැන කථා කරති. වර්තමාන ලංකාවේ විදුලි කැපීමක් සිදුවේ. හේතුව වර්ෂාව නොමැතිවීමය. ජල චක්රය බොරු මතයකි. ඔහු සිතුවේ නම් පමණක් වසින්නේය.
Unite says:
ආගම ජාතිය කුමක් උනත් කමක් නෑ, හැඳුනුම්පතේ අවශ්‍යතාවය සපිරෙන පරිදි පින්තූර ඇතුලත් වෙන්නයි ඕනේ. අනිත් ආගමික නායකයෝ ඒ අයගේ ආගමට අනුව පින්තූර වලට හිටියත්, හැඳුනුම්පතේ අවශ්‍යතාවයට, ඒ කියන්නේ හඳුනාගැනීමට ගැටළුවක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා ආගම, ජාතිය ඉස්සරහට දාගන්නේ නැතුව රටේ ආරක්ෂාව කෙරෙහි හිතල මුහුණ, වම් කණ පෙන්න ID පින්තූර වලට ඉන්න. මොකද ත්‍රස්තවාදයෙන් නැතිවෙන්නේ සිංහල බෞද්ධ ජීවිත පමණක් නොවන නිසා….. මුස්ලිම් සහෝදරවරු මේ ගැනත් හිතල ජාතිවාදයට මුලපුරන්නේ නැතුව හිටියොත් හොදා……
Anver Manatunga says:
මේ චක්‍රලේඛය පැනෙව්වේ මුස්ලිම් අය නොවේ රජය විසිනුයි. රජයට මෙය ප්‍රශ්නයක් නොවේ නම් කාටත් රුදාවක් ඇයි? ලංකාවේ මෙතුවක් කල් බෝම්බ පිපිරෙව්වේ ඔළුව වහගත්ත අයද? අනෙක මේ චක්‍රලේඛය ඇදගෙන ජාතිවාදය අවුස්සන්න හැදුවේ මුස්ලිම් අපිද?
Alijima says:
අපි මොන ආගමක ගැහැනු උනත් ඔලිම්පික් වගේ තරඟ වලදි ඇඳුම් සේරම ගලවලා අපේ මුලු ඇඟම තරඟ නිරික්ෂණය කරන අයට පෙන්නන්න ඕන. අපි මුස්ලිම් කියල විශේෂයක් නැහැ.
Anver Manatunga says:
දැන් ඔලිම්පික් නීතිරීති පවා වෙනස් කර ගැනීමට මුස්ලිම් අයට හැකි වී තිබෙනවා.
fazlan says:
@අලිජිමා – ඔලිම්පික් තරඟාවලියට සහභාගී වූ මුස්ලිම් තරුනියෙක්ගේ එන්දුමි මේ
ඔබගේ දෙනුම තවත් වෙඩි කර ගන්නා ලෙස ඉල්ලා සිටිමී
http://www.google.com.qa/imgres?q=muslim+girl+in+olympics&um=1&hl=en&sa=N&biw=1440&bih=799&tbm=isch&tbnid=FHTfY1IC_NFkxM:&imgrefurl=http://gatesofvienna.blogspot.com/2012/08/the-face-of-olympics.html&docid=f0owhij54xqFLM&imgurl=http://4.bp.blogspot.com/-khLbdpHPSpI/UB8h3JG6TcI/AAAAAAAAF8w/S78FB30ozRQ/s400/olympics-face.jpg&w=297&h=297&ei=ZGNEUaTRFJDLtAa8wIGoDg&zoom=1&ved=0CFMQhBwwAg&iact=rc&dur=2809&page=1&tbnh=185&tbnw=169&start=0&ndsp=21&tx=122&ty=122