අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිවුරු ත්‍රස්තවාදයක් ගැන පැවසීම නිසා නැවතත් ආගම්බේධවාදීන්ට පළතුරක් හමුවී තිබේ. ඇමති හකීම් මහතා විසින් එවැනි ප්‍රකාශයක් කළ බව පවසා තිබෙන්නේ නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාෆා මහතායි. ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් තමා විසින් කළාද? හෝ නොකළාද? යන්න තවම ප්‍රකාශ කර නොමැත. මේ නිසා මෙහි වලංගු බව ගැන තවම අපට කිසිවක් කිව නොහැක.
කෙසේ නමුත් හොරි ඩොට් කොම් මෙය උපුටමින් අසා සිටින්නේ ජාතිවාදියා තමන් වැනි ආගම්බේධවාදීන්ද නැත්නම් රවුෆ් හකීම් මහතාද? කියායි. නමුත් මට නම් කියන්න තිබෙන්නේ තොපි ඔක්කෝම ජාතිබේධවාදීන් කියායි. ලිපිය ආරම්භයේදීම ජාතිවාදය සහ ජාතිබේධය අතර වෙනස ගැනත් යමක් කියන්නට තිබේ. එනම් ජාතිවාදය සහ ජාතිබේධය යනු දෙකක් බවයි. ජාතිවාදය යනු තමන්ගේ ජාතිය ගැන උදම් ඇනීමයි. කිසියම් අයෙකුට තමන්ගේ ජාතිය ගැන උද්දාමයක්, කැක්කුමක් සහ වගකීමක් තිබිය යුතුය. එහි කිසිදු තර්කයක් නැත.
නමුත් අහිතකර දෙය නම් ජාතිවාදියා, ඉන් ඔබ්බට ගොස් තමන්ගේ ජාතිය ගැන පමණක් සිතා ආත්මාර්ථකාමීව කටයුතු කිරීමයි. උසස් සහ තිබිය යුතු එකම ජාතිය තමන්ගේ ජාතිය යැයි සිතන මිනිසුන් තුලින් ජාතිබේධය ඉස්මතු වේ. මිනිසුන් ලෙස අපට ජාතියක් සහ ජන්මයක් ඇති නමුදු අනෙකාටද එවැනිම වු ජාතියක් සහ ජන්මයක් තිබෙන බව තේරුම් ගත යුතුය. එමෙන්ම අනෙකාද තමන් හා සමාන ජන්මයක් ඇත්තෙකු බව පිළිගත යුතුය. මෙසේ නොවන කල ඇවිලෙන්නේ ජාතිබේධයයි. ජාතිබේධය යනු රටක සුළු ජාතීන්ට පමණක් නොව මහජාතියට පවා අහිතකර එකකි.
දැන් අපි නැවත මාතෘකාවට එමු. ඉංග්‍රීසි බසින් Terrorism හෙවත් ත්‍රස්තවාදය යන වචනයට අන්තර්ජාතිකව පොදු සම්මත අරුතක් නැත. පොදුවේ ගත්කල ප්‍රචන්ඩත්වය, භීෂනය, බලපෑම සහ බලහත්කාරය යන වචන රාශියේ කැටි කිරීමක් ලෙස අපට ත්‍රස්තවාදය නම්වු වචනය ගිණිය හැක. එමෙන්ම ත්‍රස්තවාදය යනු සංවිධානාත්මක ක්‍රියාවලියකි. එය කිසියම් හෝ හේතුවක් නිසා ඇරඹෙන අතර එය විනාශ කරන තුරු හෝ එම කන්ඩායමේ අභිලාශය ඉටුවන තුරුම අඛන්ඩව පවතින්නේය. සමහර රටවල ත්‍රස්තවාදය පරපුරෙන් පරපුරට යන අවස්ථාවන්ද ඇත.
අනෙක් පසින් බලනවා නම් කෙනෙකුට ත්‍රස්තවාදයක් ලෙස පෙනෙන්නාවු දෙය තවත් කෙනෙකුට එසේ නොපෙනෙන්නටද ඉඩ තිබේ. නිදසුනක් ලෙස ඒකාධිපතියෙක් පාලනය කරන රටක් ගැන බලමු. එම ඒකාධිපති පාලකයාට එරෙහිව නැගී සිටින කවර කන්ඩායමක් වේද? ඔවුන් එම රට තුල ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසනු ඇත. ඒකාධිපතියා විසින් තම කෘර හස්තය යොදා ඔවුන්ව වනසා හෝ සමුළ ඝාතනය කරනු ඇත. මෙහිදී මිය යන ඔවුන් හැඳින්‍වෙන්නේ ත්‍රස්තවාදීන් හෙවත් ත්‍රස්තවාදී මළසිරුරු ලෙසයි.
නමුත් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසුණු ඔවුන් පසුව එම රටේ බලය අල්ලා ගත්තා නම් ජාතික වීරයන් බවට පත්වෙනු ඇත. එනමුදු තම රට වෙනුවෙන් දිවිපිදුවද ත්‍රස්තවාදීන් ලෙසම තවමත් හංවඩු ගැසෙන වීරවරයින් බොහෝ දෙනෙකු ගැන අපට අසන්නට ලැබී ඇත. අද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ත්‍රස්තවාදීන් යැයි මුස්ලිම් රටවලට ඇඟිල්ල දිගු කරන විට මුස්ලිම් ලෝකය විසින් ත්‍රස්තවාදීන් කියා ඇඟිල්ල දිගු කරන්නේද බටහිර පාලකයන් දෙසටය. මෙයින් පෙනෙන්නේ එක පාර්ශවයකට පෙනෙන්නේ අනෙක් පාර්ශවය ත්‍රස්තවාදීන් ලෙස බවයි. මේ නිසා ත්‍රස්තවාදය අරබයා නිශ්චිත මානයක්ද නොමැති බව අපට පැවසිය හැක.
මෙතැන ප්‍රශ්නය ඇතිවුයේ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ලංකාව තුල සිවුරු ත්‍රස්තවාදයක් තිබෙන බව මැතිවරණ වේදීකාවේ පැවසීම නිසාය. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම ප්‍රකාශය විවේචනය කිරීම සිය මැතිවරණ වේදිකාව වර්ණවත් කිරීම සඳහා යොදාගෙන ඇත. මේ දෙදෙනාම දේශපාලකයන්ය. දෙදෙනාම ආන්ඩු පක්ෂයේ අය වුවද දැන් නැගනහිර පලාත් සභා මැතිවරණ වේදිකාවේ පසමිතුරන්ය. එන ඕනෑම දෙයක් තමන්ගේ පැත්තට කුමණ අන්දමේ වාසියකට හරවා ගන්නේදැයි දේශපාලකයා නිරතුරුවම විමසිල්ලෙන් පසුවන්නේය. එය මුස්ලිම්, හෝ හින්දු, හෝ බෞද්ධ දේශපාලකයන් යැයි වෙනසක්ද නැත. දේශපාලකයන් සියළුම දෙනා එක මල්‍ලේ පොල්ය.
ඒ නිසා අප ඇත්තටම ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් තිබෙනවා දැයි දැන් විමසා බලමු. ලංකාවේ මෑතක සිට එනම් උතුරේ යුද්ධය අවසන් වු දා සිට ආගම්බේධවාදීන් මුස්ලිම් වරුන් දෙසට හැරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණි. පලමුව සිදුවුයේ මුස්ලිම් වරුන්ට එරෙහිව මාධ්‍ය තුලින් විවිධාකාරයේ මඩ ප්‍රචාර දියත් වීමයි. මෙය බහුල ලෙසම සිදුවුයේ අන්තර්ජාලයෙහිය. මෙහිදී කාන්තා නිදහස, ගව ඝාතනය, ජන සංඛ්‍යාවේ වර්ධනය සහ මුස්ලිම් පල්ලි වැනි දේ මුලික මාතෘකාවන් බවට පත්විය. මුස්ලිම් අප විසින් බොහෝ වර ඒවාට පිළිතුරු දෙමින් ඔවුන්ගේ තර්ක බිඳ දැමුවද නැවත නැවතත් වෙනත් වෙනත් කෝණ වලින් පහර දීම ඔවුන් දිගටම කරති. මෙහිදී බොහෝ විට ඔවුන් බොරු පුවත් මැවීම සහ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම සිදුකරති.
මා පොදුවේ මොවුන්ව අමතන්නේ ආගම්බේධවාදීන් ලෙසයි. එයට හේතුව ඔවුන් විසින් මුලිකව කරන්නේ ලංකාවේ බොදුනු සහ මුස්ලිම් වරුන් අතර ආගම්බේධයක් ඇතිවන පරිදි කටයුතු කිරීම වන බැවිනි. මෙම ආගම්බේධවාදීන් අතර බහුතරයක් ගිහියන් සිටින නමුදු භික්ෂූන් වහන්සේලා කුඩා පිරිසක්ද සිටින බව පැහැදිලිය. නමුත් සමස්ථ ලාංකීය භික්ෂු පරපුර ගතහොත් මේ කුඩා කන්ඩායම ඉන් ඉතාමත්ම අතලොස්සකි. ඇමති රවූෆ් හකීම් මහතා විසින් ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් පවතින බවට පැවසුවා නම් මා එයට මුලින්ම විරුද්ධ වන්නේ මේ හේතුව නිසයි. මන්දයත් ලංකාවේ මෑත බිහිවී තිබෙන ආගම්බේධවාදී ව්‍යාපාරය තුල භික්ෂූන් වහන්‍සේලා සිටින්නේ ඉතාමත් ස්වල්පයක් වන බැවිනි. කිහිප දෙනෙක් කරන වැරදි වලට සමාජයක් පලිද?
ආගම්බේධවාදීන් විසින් මෑතක සිට දිවයිනේ යම් යම් ස්ථාන වල ප්‍රචන්ඩව සහ කලහකාරීව හැසිරී ඇත. එයට ප්‍රධාන නිදසුනක් නම් අනුරාධපුරයේ පුජා භූමියක තිබෙන මුස්ලිම් සොහොනක් යැයි පැවසෙන ස්ථානයක් කඩා බිඳදැමීමයි. මෙම ක්‍රියාවට භික්ෂූන් පිරිසක්ද සක්‍රීයව දායක වු බව එම සිද්ධියට අදාල වීඩියෝ මගින් සනාථ වේ. ඊට පසුව දඹුල්ල මුස්ලිම් පල්ලි සිද්ධියේද, දෙහිවල, දැදුරුඔය ගම සහ රාජගිරිය ධාරුල් ඊමාන් මස්ජදයේ ඇතිවුණු සිද්ධීන්ටද භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්බන්ධ වී ඇත. මෙහිදී ආගම්බේධවාදීන් විසින් භික්ෂූන් වහන්සේලා පෙරටු කර ගන්නේ බොහෝ විට එයින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන බව දන්නා බැවිනි. අනෙක් පසින් මෙම සිද්ධි වලට අදාලව අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් භික්ෂූන් වහන්සේලාද අත්අඩංගුවට ගතයුතු තත්වයකට පත්කිරීම තුලින් ආරක්ෂක අංශ පැකිලෙන බව ඔවුන් දනිති.
මෙසේ ලංකාවේ තැන් කිහිපයක කලහකාරී සිද්ධීන් වාර්තා වුන නමුදු සමස්ථයක් ලෙස ගත්කල තවම ලංකාව තුල භීෂණයක් ඇති කිරීමේ තත්වයක් දක්වා එය වර්ධනය වී නොමැත. සුළු පිරිසක් කළ වරදකට මුළු සමාජයටම දොස් තැබිය නොහැක. ගරු දිවංගත එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතාව ඝාතණය කළේද බෞද්ධ භික්ෂුවක විසිනි. එම ඝාතනය භික්ෂුවක විසින් කළ පලියට සමස්ථ භික්ෂු පරපුරම එයට පලි නැත. මෙම ආගම්බේධවාදීන් අතර සිටින භික්ෂූන් කිහිප නමක් විසින් කරන්නාවු අලජ්ජි ක්‍රියාවන්ට සමස්ථ භික්ෂු පරපුර වගකිව යුතු නැත. එවැනි අයවළුන් අද මෙන්ම අනාගතයේද බිහිවිය හැක. එමගින් අප තුල බහුතර භික්ෂු සමාජයට තිබෙන ගෞරවය සහ ආදරය නැතිකර ගතයුතු නැත.
රවුෆ් හකීම් මහතා විසින් ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් තිබෙන බව පවසා ඇත්නම් එය පවතින තත්වය හරියාකාරව අවබෝධ නොකොට කළ නොඉවසිලිමත් ප්‍රකාශයක් බව මගේ අදහසයි.




True Story says:
කලහාකාරිව අනික් ආගමිකයින්ට හිංසා කරමින් හැසිරෙන කිසි කෙනෙක් භික්ෂුන් වහන්සෙලා නෙවෙයි ඔවුන්ට ගැලපෙන නම චීවර ධාරින්
කොහොම වුනත් හකීම් ඔහොම දෙයක් කිව්වා නම් ඔහු කරන්නෙත් ඔබ කියන ආගම් බේධය ඇති කිරීම , රජයේ ඇමති කෙනෙක් විදිහට ඔහු කලයුතු වෙන්නේ රජය ඇතුලේදි අදාල පාර්ශ්ව දැනුවත් කරන එක මිසක් රැස්වීම් ගානේ කිය කියා ඇවිදින එක නෙවෙයි
asd says:
thatz true buddy
COOL GUY says:
I found this phone number on facebook and called sinhalese buddhist to join with them to destroy “THAMBIYO”
If somebody can could you pass this number to CID in Srilanka this sort of people should be punished and should be removed from the society for peace full SRILANKA.Although I am not Muslim.I am peace loving person and I hate violence
…………….
Anver Manatunga says:
තරහා වෙන්න එපා මම ඒ නොම්මර පලකරන්නේ නැහැ. එය මේ වෙබ් අඩවිය තුලින් ඔවුන්ට දෙන අනියම් ප්‍රචාරයක්.
amjad says:
Statement by Rauff Hakeem, Leader, Sri Lanka Muslim Congress
A statement I made recently in Sainthamaruthu, Kalmunai, has created a very grave concern among Buddhists leaders and Buddhist prelates including the Jathika Hela Urumaya.
With no further attempts at procrastination, I wish to tender an unreserved apology to all Buddhists of Sri Lanka. I specifically request the Maha Sangha of Sri Lanka to accept this apology for which I, as the Leader of the Sri Lanka Muslim Congress take personal responsibility.
My reference to any grievance of the Muslims was entirely confined to a local issue in a very specific locality. Unfortunately, my choice of words, when removed from the specific context, has resulted in creating a perception that it was a derogatory remark on the Sangha who are the guardians of Buddhism, the predominant faith of our people.
As the Leader of the Sri Lanka Muslim Congress, I have always acknowledged that the Muslims are an integral part of the Sri Lankan nation. We have enjoyed the patronage and the benevolence of the Sinhala people from the time of Sinhala Kings. In fact, it was only a few months ago that I addressed the International Liberal Council in Colombo where I publicly acknowledged the pluralism as practiced by Sinhala Buddhists from the Time of King Senarath who gave refuge to the Muslims persecuted by the Portuguese invaders. Any interpretation of my statement as an expression of intolerance of all Buddhist Sangha is both erroneous and even mischievous.
I am deeply conscious of the desire of the Muslims of Sri Lanka to live in absolute harmony with the Buddhists as well as others practicing other faiths. It is the only path towards the full integration of Muslims in to a Sri Lankan nation.
http://www.jaffnamuslim.com/2012/08/blog-post_6964.html?spref=fb
wathsala j says:
sinhala bauddha rate idagena muslim ayata ehema kiyanna aithiyak thyanawada?
Obathuma ahanda athi australia agamethiniyage prakashaya e rate muslim ayata.
LIVE ACORDING TO THE WAY OF AUSTRALIANS OR ELSE. LEAVE…
asd says:
ඔබ කොහොමද කියන්නේ මේක සිංහල බෞද්ද රට කියල ? වැද්දෝ ඕගොල්ලන්ට යන්න කිව්වොත් යන්නේ ඉන්දියවටනම් , තවදුරටත් කියන්න මේක සිංහල බෞද්ද රටක් කියල
True Story says:
ඔය සිංහල බෞද්ධ ලේබල් එකට නම් මාත් විරුද්ධයි . මේක මේ රටේ ඉපදුන හැම මිනිහගෙම රට , ඒත් මොකක්ද ඔය වැද්දගේ කථාව ?
asd says:
සරල සිංහලෙන් බුද්දාගම මෙරටට පැමිණෙන්න කලින් ආගම් ජාතින් තිබුණා,තවදුරටත් ලංකාවේ ඉතිහාසය අවුරුදු 2500 ක් නෙමෙඉ 5000 කට වැඩි
suban says:
Yes. They embraced buddhism, except very small number of folk lived in Jungle.
Sri Lanka’s culture was established by Buddhists.
mohamed riyas says:
oya khohomada kiyanne lankawa sinhala ayata vitharak aithi kiyala api ipaduneth lankawe ne apeth maw bima lankawai.
Anver Manatunga says:
ලංකාව මෙහි ඉපදුනු සෑම කෙනෙකුගේම මව්බිමයි.
hasan says:
ලංකාවේ සිවුරු ත්රස්තවාදයක් තිබේද?
මුස්ලිම්වරයෙක් අදහස් ප්රකාශ කිරීමේදී කෙසේ ක්රියා කළ යුතුද?
මුස්ලිම්වරයෙක් තමන්ට හිතවත් කෙනෙකු ගැන හෝ තමන් ප්රිය නොකරන කෙනෙකු ගැන අදහස් ප්රකාශ කිරීමේදී කෙසේ ක්රියා කළ යුතුද? යි බලමු.
විශ්වාස කළවුනි! ඔබලා යුක්තිය ඉටු කරන්නන් ලෙසද, අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පවසන්නන් ලෙසද වන්න. (එය) ඔබලාට, නැතිනම් දෙමාපියන්ට, සමීප නෑයන්ට අවාසි වුවදය! (වැරදිකරු) ධනවතෙක් හෝ දුප්පතෙක් හෝ වුවද එම දෙදෙනාටම අල්ලාහ්ම භාරකාරයා වේ. (ශු.කු.4:135)
විශ්වාස කළ කෙනෙක් සාක්ෂි පැවසීමේදී, එම සාක්ෂිය තමන්ගේ කිට්ටුම නෑයෙකුට එරෙහි වුවද, ඔහු අල්ලාහ් වෙනුවෙන් සත්යයම පැවසිය යුතුය.
මෙවැනි අවස්ථාවල, තමන්ගේ ජාතියේ කෙනෙක්, අමාත්යවරයෙක්, රටේ ආරක්ෂක ලේකම් හෝ ජනාධිපති යැයි නොබලා, එය කවර පුද්ගලයෙකුට අවාසි වුවද සත්යයම පැවසිය යුතුය.
කෙනෙක් තව කෙනෙකුගේ නිලයක් හෝ සම්පත් ගැන හෝ අවධානය යොමු කර යම් යම් කරුණු පැවසීම වසන් කරයි නම් එය වැරැද්දක් බව ඉහත වැකිය පවසයි.
රවුෆ් හකිම් “ලංකාවේ සිවුරු ත්රස්තවාදයක් තිබේ“ යැයි පැවසුවේ නම්, මෙම ප්රකාශයෙහි සත්යතාවයකුත් ඇත. වැරැද්දකුත් ඇත.
මෙම ප්රකාශයෙහි සත්යතාවය හෝ වැරැද්ද හෝ සෙවීමට පෙර, අප උපයෝගී කරන වචනවල අර්ථයන් ගැන වටහාගැනීමට උත්සාහ ගනිමු.
ජාති හිතෛෂීන් හා ජාතිවාදීන්
ජාති හිතෛෂී කෙනෙක් තමාගේ වර්ගයාට හෝ තමාගේ ආගමට සේවයක් කරයි. නමුත් අන්ය වර්ගයාට හෝ අන්ය ආගමට වින නොකරන්නේය.
ජාතිවාදී කෙනෙක් තමාගේ වර්ගයාට හා තමාගේ ආගමේ උන්නතියට සේවය කරයි. නමුත් අනෙක් වර්ගයාට හා අන්ය ආගම්වලට වින කරන්නේය.
එහෙයින් කෙනෙක් ජාති හිතෛෂි වීම වැරැද්දක් නොවේ. නමුත් ජාතිවාදී නොවිය යුතුය. හේතුව ජාතිවාදීන්ගෙන් අන් වර්ගයාට හා අන්ය ආගම්වලට බාධා පැමිණෙන්නේය.
එහෙයින්, රවුෆ් හකීම් ජාතිවාදියෙකු නොවේ. කෙනෙක් තමාගේ ආගමේ අයිතියක් නැති වූ කළ එයට එරෙහිව හඞ නැගීම ජාතිවාදී ක්රියාවක් නොවේ. එය ජාති හිතෛෂි ක්රියාවකි.
නමුත් තවත් ජාතියකට හෝ ආගමකට බාධා පමුණුවයි නම් ඔහු ජාතිවාදියෙකු වන්නේය. රවුෆ් හකීම් සිංහල වර්ගයාගේ අයිතිවාසිකම් නැති කර දැමීමට හෝ බෞද්ධාගමේ අයිතීන් නැති කර දැමීමට ක්රියා කළ වගක් මා නම් දුටුවේ නැත. ඔහු එසේ ක්රියා කර ඇත් නම් ඔහුද ජාතිවාදියකි.
නමුත් මෑත කාලයක සිට සිවුරු පොරවාගත් යම් පිරිසක් තමන්ගේ ආගම ගැන පමණක් සිතා, ඉස්ලාම් ආගමට වින කිරීම පැහැදිලිව දක්නට ලැබේ. එනම් මෑත කාලයේ සිට, භික්ෂූන් පිරිසක් ජාතිවාදීව ක්රියා කරන බවක් පැහැදිලිව පෙනේ.
ලංකාවේ මෑතකදී ඇති වූ පල්ලි කීපයක් සම්බන්ධ වූ ඇති වූ නොසන්සුන්තාවයන්හි පෙරමුණ ගෙන ක්රියා කළේ භික්ෂූන්ය.
මෙවැනි භික්ෂූන්ට ජාතිවාදී භික්ෂූණ් යැයි හෝ අන්තවාදී භික්ෂූන් යැයි පැවසීම වරදක් නොවේ.
භික්ෂුව යන එකම හේතුව මත පොලීසියද මෙම සියළුම සිදුවීම්වලදී ඒකාකාරව ක්රියා කර ඇත. එනම් පොලීසිය ජාතිවාදීව ක්රියා කර නීතිය ඉටු නොකළේය.
පොලීසිය මෙම භික්ෂූන්ට එරෙහිව නීතිය ක්රියාත්මක නොකිරීමෙන් පොලීසිය මෙම කටයුතුවලදී ජාතිවාදීව ක්රියා කර ඇති බව පැහැදිලිවම පෙනේ.
සෑම සිදුවීමකදීම පොලීසිය ක්රියා කළේ එකම විදිහකටමය. මෙම ක්රියා කලාපය ආරක්ෂක අංශයේ ලොක්කන්ගේ උපදෙස් දීම් ගැන සැක සිතීමේ තත්ත්වයක් ඇති කර ඇත්තේය.
එමෙන්ම රජය මේ වන තෙක් මෙම කරුණු ගැන කිසිම දෙයක් පැවසුවේ නැත. එහෙයින් ප්රශ්නවලට ලක්වන මුස්ලිම් පල්ලි විෂයන්හි, රටේ නායකත්වය ගැන මුස්ලිම්වරුන්ට සැක පහළ වී තිබේ. එයට හේතුව රජය නිහඞව සිටිමය.
රවුෆ් හකීම් දේශපාලඥයෙකි. එමෙන්ම ෆයිසර් මුස්තෆාද දේශපාලඥයෙකි. එහෙයින් මොවුන්ගේ දේශපාලන කටයුතු අපගේ මාත්රුකාවට අදාල නොවේ. අපගේ මාත්රුකාව වනුයේ, අන්තවාදී භික්ෂූවරුන් පිරිසක් විසින් කලහ ඇති කළ පල්ලි ගැනය.
මෙම පල්ලි ගැන මේ දක්වාම ෆයිසර් මුස්තෆා , අතාවුල්ලා, හා අස්වර් යන දේශපාලඥයින් කිසිවක් ප්රකාශ කළේ නැත. අද හෙට පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් මොවුහු කථා කරන්නට ඉදිරිපත් වී සිටිති.
නමුත් රවුෆ් හකීම් ආරම්භයේ පටන්ම මෙම පල්ලි ගැන කථා කළ කෙනෙකි. මෙසේ තමන්ගේ අයිතීන් නැතිවන කල, ඒ ගැන කථා කිරීම ජාතිවාදයක් නොවේ.
මෙම ජාතිවාදී කණ්ඩාමේ, ඉනාමළුවේ චීවරධාරියා, රතනශීලී චීවරධාරියා, අක්මීමන චීවරධාරියා , චම්පික රණවකලා කැපී පෙනෙන පුද්ගලයින් වෙති. මොවුන්ට අන්තවාදීන් යැයි කීම වැරැද්දක් නොවේ.
එසේ කීම වැරදි නම් මෙම ක්රියාවම කරන සාමාන්ය ජනයාට අන්තවාදීන් යැයි කීමද වැරදිය. මා පළමුව කුර්ආන් වැකියෙන්ද පෙන්වූයේ, පුද්ගලයින්ගේ තරාතිරම් බලා අදහස් ප්රකාශ නොකළ යුතු බවය.
ත්රස්තවාදය යනු කුමක්ද?
ත්රස්තවාදය යනු, රටක ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් තිබියදී, එම රට අනුමත කළ නීතිවලට පටහැනිව යම් දෙයක් හෝ යම් ප්රදේශයක බලයක් අත්පත් කරගැනීමට වෑයම් කිරීමය.
රටක සම්මත වූ නීතියක් තිබියදී, එම නීතිවලට ගරු නොකර, පල්ලිවලට ගොස් තමන් බහුතරය යන බලය පෙන්වමින් ක්රියා කිරීම සැකයක් නැතිව ත්රස්තවාදී ක්රියාවක්මය.
එහෙයින් සමහර අන්තවාදී භික්ෂූහු ත්රස්තවාදීන් ලෙස ක්රියා කළෝය යන්න සත්ත්යකි.
නමුත් “ලංකාවේ සිවුරු ත්රස්තවාදයක් “ ඇති බව කීමෙන් සියළුම භික්ෂූන් වහන්සේලා මෙයට සම්බන්ධ බව සිතීමට ඉඩ තිබේ. ඇත්ත තත්ත්වය බහුතර භික්ෂූන් වහන්සේලා මෙයට සම්බන්ධ නැත යන්නය.
එහෙයින් රවුෆ් හකීම්ගේ ප්රකාශය, “ලංකාවේ සමහර චීවරධාරීන්ගෙන් ත්රස්තවාදී ක්රියාවන් සිදුවේ“ යැයි නිවැරදි කිරීම උචිතය.
chiranthaka bulankulama. says:
MUSLIMS ARE THE TROUBLE MAKERS.
THEY STARTED 1915 SINHALA-MUSLIM CONFLICT THROUGH DISTURBING A PERAHERA…
AND ONCE AGAIN IN NEAR FUTURE IN 2001-MAWANELLA,
AND AFTER IN MALIGAWATHTHA…
M.R ANVER U A JUSTIFYING??
THEY BUILD A MONUMENT EVEN IN DUTUGEMUNU SEYA.??
SHOULD WE LET THEM DO SO…
Anver Manatunga says:
අපේ රටේ ඉන්න හැම ජනවර්ගයකම TROUBLE MAKERS ලා ඉන්නවා හොද මිනිස්සුත් ඉන්නවා. ඔබ ඉතිහාසය ගැන කථා කරන්නේ පක්ෂග්‍රාහීවයි. මේ රටේ හැම ජනවර්ග අතින්ම වැරදි සිදුවී තිබෙනවා.
dilhan Max says:
Hambayo patta meti mole bn.
Hora buisness witharai danne.
Ape moratuwa engineering facultyatama hambayo kee denada inne.
MORATUWATA DEMALU ENNETH NE MOKADA MEKE INNE 70./. K MA OLCOTT ISKOLAWALA SINHALA BAUDDHA KOLLO.. SET PITIN INNE APE ANANDE,NALANDE,MALIYADEVA,DHARMARAJA,MAHINDA,RAHULA WAGE EWAGE KOLLOI.
THAMBINAM LOKA ENAYAK OKUNTA KOI RATAKAWATH HODIN INDA BENE.APO JARAWAK.
Anver Manatunga says:
Hambayo patta meti mole bn. Hora buisness witharai danne.
හැබැයි ඒ අය ගාව වැඩකරන්නේ උපාධිධාරියෝ.
Ape moratuwa engineering facultyatama hambayo kee denada inne.
MORATUWATA DEMALU ENNETH NE MOKADA MEKE INNE 70./. K MA OLCOTT ISKOLAWALA SINHALA BAUDDHA KOLLO.. SET PITIN INNE APE ANANDE,NALANDE,MALIYADEVA,DHARMARAJA,MAHINDA,RAHULA WAGE EWAGE KOLLOI.
ඔබ කැම්පස් සිසුවෙක් වුණාට මෙලෝ රහක් නැති එකෙක් වග හොදට පේනවා. නැත්නම් මේ තරුණ කාලෙම ජාතිබේධය ඉස්මුදුනටම ගහලා තියෙයියැ?
THAMBINAM LOKA ENAYAK OKUNTA KOI RATAKAWATH HODIN INDA BENE.APO JARAWAK.
අපි තම්බිලා ලෝකේ හැම රටකම වගේ ඉන්නවා. හොද හොද තානාන්තර වලත් ඉන්නවා. නමුත් ඔබලාගේ පිටරට ඉන්න බහුතරයක් මැදපෙරදිග වලං හෝදනවා.
ajward says:
as a campus guy you seems so proud,this kind of speech people hate.I see most of the comments use inferior language,it reflects the mentality of the person.you better learn good manners as you are going to hold good positions in the country.
Sahih Al-Bukhari HadithHadith 8.97 Narrated byHaritha bin Wahb
Al-Khuzai: The Prophet said, “Shall I inform you about the people of Paradise? They comprise every obscure unimportant humble person, and if he takes Allah’s Oath that he will do that thing, Allah will fulfill his oath (by doing that). Shall I inform you about the people of the Fire? They comprise every cruel, violent, proud and conceited person.” Anas bin Malik said, “Any of the female slaves of Medina could take hold of the hand of Allah’s Apostle and take him wherever she wished.”
vuusl says:
Ane nammboo, uba degree eka ivara wela middle east rassawak hoyanawa nemei harida, ubalage sinhala set ekatath kiyapang..
mohamed shaffy says:
ත්‍රස්තවාදය සහා ඉස්ලාම් පළිබදව අසනුලැබු ප්‍රශ්ණයකට ජර්මානුජාතික මුස්ලිම් උගතෙක්වු ඔහු මෙසේ උත්තර ලබාදුන්නේය…පළවෙනිලෝකයුද්ධය ඇතිකලේ කව්ද?මුස්ලීම්ද?.දෙවෙනි ලෝක යුද්ධය ඇතිකලේ කව්ද?මුස්ලීම්ද?.මිලියන 20ක ඔස්ට්‍රේලියානු ආදිවාසීහු ඝාතණයකලේ කව්ද?මුස්ලීම්ද?.හිරෝශිමා සහා නාගසාකී නගරදෙක පරමාණු බෝම්බදමා විනාශකලේ කව්ද?මුස්ලීම්ද?.මිලියන 100 ඉන්දියානුවන් උතුරැ ඇමරිකාවේ ඝාතනයකලේ කව්ද? මුස්ලීම්ද?.මිලියන 50ක ඉන්දියානුවන් දකුණු ඇමරිකාවේ ඝාතනයකලේ කව්ද?මුස්ලීම්ද?මිලියන 180ක අප්‍රිකානු ජාතිකයන් වහල් භාවය සදහා ඇමරිකාවට ගෙන යාමේදි ඔවුන්ට ඇතිවු රෝගාතුර තත්වයනිසා ඔවුන්ව අත්ලන්තික් සාගරයට විසිකෙරැවෙ කව්ද? මුස්ලීම්ද?.මිලියන 6ක ජර්මානු ජාතික ජිවුස් ඝාතනයකලේ කව්ද?මුස්ලීම්ද?.(දහස් ගනන් මුස්ලීම් ජනතාව මියන්මාරයේ මරා දමන්නේ කව්ද? බෞදයන් නොවේද?)මුලින් ත්‍රස්තවාදයයනු කුමක්දකියා අවබෝධකරගත යුතුය.මුස්ලීම් නොවන කෙනෙකු විසින් යම් අපරාධයක් කලවිට ඔහුට කියන්නේ අපරාධ කාරයා යනුවෙන්ය.නමුත් මෙයට සමාන අපරාධයක් මුස්ලීම් ජාතිකයකු විසින් කළවිට ඔහුට කියන්නේ ත්‍රස්තවාදියා කියාය ඒ නිසා මේ දෙබිඩි පළිවෙත අත්හරින්න.
hasan says:
@ chiranthaka bulankulama.
chiranthaka bulankulama. says:
////MUSLIMS ARE THE TROUBLE MAKERS.
THEY STARTED 1915 SINHALA-MUSLIM CONFLICT THROUGH DISTURBING A PERAHERA…
AND ONCE AGAIN IN NEAR FUTURE IN 2001-MAWANELLA,
AND AFTER IN MALIGAWATHTHA…
M.R ANVER U A JUSTIFYING??
THEY BUILD A MONUMENT EVEN IN DUTUGEMUNU SEYA.??
SHOULD WE LET THEM DO SO…////
ඔබ අන්වර් සහෝදරයා කිවූ පරිදි, පක්ෂග්රාහීව කථා කරන පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔබගේ සටහන බැලූ කෙනෙකුට., “මේ රටේ හැම ප්රශ්නයක්ම කර ඇත්තේ මුස්ලිම්වරුන්ය! බෞද්ධයින් කිසිවක් කර නැහැ!“ කියලා කෙනෙක් හිතයි!
අප මෙතැනදී ලංකාවේ ඇති වූ ජාතිවාදී කොලාහල හෝ ගැටීම් ගැන කථා නොකළෙමු. ඒවා අපට අවශ්යකුත් නොවේ. මෙම කෝලාහලවලට, කෙල්ලෙක් සම්බන්ධව ඇති, නැත්නම් බීපු මිනිහෙක් සම්බන්ධවී ඇති, නැත්නම් දේශපාලකයෙක් චන්ඩිකම් පෙන්වලා ඇති.
මෙම කෝලාහලවලට මුස්ලිම්, සිංහල යන දෙපාර්ශවයෙන්ම යම් යම් අයගේ වැරදි හැසිරීම කාරණාවන් වී ඇත.
නමුත් අප දැන් කථා කරන්නේ, ඉස්ලාම් ආගමේ අයිතීන් නැති කර දැමීම පිණිස, සමහර චීවරධාරීන්ගේ නායකත්වයෙන් යුත් ත්රස්ත ක්රියාවන්වලට, පොලීසියෙන් හා රජයෙන් සාධාරණයක් ඉටු නොවීම ගැනය.
එමෙන්ම මෙම ප්රශ්නවලදී, මුස්ලිම් පිරිසක් බෞද්ධයින් පිරිසක් හමුවට ගොස් කෝලාහලයක් ඇති කළේ නම්, එවැනි අවස්ථාවන් ගැනද අපි මෙම චීවරධාරීන්ට දොස් නොපවරන්නෙමු.
මෙතැන තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. මුස්ලිම්වරුන් තමන්ගේ ආගමික ස්ථානයකදී, තමන්ගේ ආගමික කටයුතුවල නිරත වන විට, සමහර චීවරධාරීන්ගේ මැදිහත්වීම යටතේ, බෞද්ධයින් පිරිසක් එතැනට ගොස් කලහකාරී ලෙස හැසිරීම ගැනයි අප කථා කරන්නේ!
මුස්ලිම්වරුන් හා බෞද්ධයින් කණ්ඩායම් වශයෙන් සැදී ගුටි බැට කරගැනීම මා ඉහතින් පෙන්වූ ක්රියාව හා සම නොවන්නේය. එහෙයින් ඔබ මෙම කාරණා දෙක සම කරන්න උත්සාහ කරන්න එපා! එසේ ඔබ වෑයමක් දරන්නේ නම් එය වැරදිය.
අනෙක් කාරණය, පෙරහැරවලට මුස්ලිම්වරුන් විරෝධය දැක්වීම:
ඉතා ඈත අතීතයේ පටන්, සමහර මුස්ලිම් පල්ලිවලට මඳක් දුරින්, “පල්ලිය ඉදිරිපිට නිශ්ශබ්ද වෙනු“ යැයි ඵලකයක් තිබීම ඔබ නොදැක ඇති.
එවැනි පල්ලි ඉදිරිපිට බෙර ශබ්ද නගා යාමට උත්සාහ කිරීමේදී සමහර අවස්ථාවලදී මෙසේ ගැටුම් ඇති වී තිබේ.
///THEY STARTED 1915 SINHALA-MUSLIM CONFLICT THROUGH DISTURBING A PERAHERA…
AND ONCE AGAIN IN NEAR FUTURE IN 2001-MAWANELLA,///
ඔබ ඉහත දක්වා ඇති ප්රකාශයෙන්, වර්ෂ 1915 සිට 2001 දක්වා ඇති වී තිබෙන්නේ සිදුවීම් දෙකක් පමණි. එනම් අවුරුදු 86 කට ඔබට පෙන්විය හැක්කේ සිදුවීම් දෙකක් පමණි.
නමුත් මේ අවුරුද්දේ පමණක් අනිසි ලෙස පල්ලි වටකිරීම් කීයක් සිදු වී ඇත්තේද?
ajward says:
very good reply.
jayasundara. says:
Ahamben me blog ekata awe??AI ME SINHALA THARUNA PARAPURA ATHARE LOKU MUSLIM WIRODAYAK?
MEKA COLOMBO HA NUWARA,GALLE KURUNEGALA WEDI WASAYEN THYANAWA ??
WISESAYEN THARUNA KOLLO ATHARA..UGATH THARUNA PRAJAWA ATHARE TAMA 90./. K MA.
MAMA ME LAGADI APE NENDAGE GDARA GYA NOLIMIT URAYAK MA GAWA TIBUNA E GDARA PUTHA DAKKA GAMAN KEWE APO LEJJA NADDA HAMBA EUWATA YANDA?
LOKU DESHANEKUTH DUNNA.KEWA SAMAHARADEWAL ATHTHA..MATH IITA PASSE APEMA AYAGE. C.I.B,A.S.B,HOUSE OF FASHION,KOTUWE KADE,KANDY,THILAKAWARDHANA,ODEL WAGE EWATA TAMA GYE…M.R
ANVER OBA AI ARA ANURADHAPURE DUTUGEMUNU SEYA GAWA IDIKALA ANAWASARA IDIKIREEM SADANIKARANAYA KARANNE?
OBE SWABAWAYA EKENMA PENAWA.
OBATHUMA DANNEDA ANURADHAPURA BAUDDHA APE MUDUN MALKADAK..
PASSE GOTABHAYA EKA KEDUWA THENA -SADAHIRU SEYA’- KYALA SUWISALA CHAITHYAK HADANDA PATAN ARAN ME WENAKOTA KARAN YANAWA EKA NAM NIYAMA WADAK…
Anver Manatunga says:
ඔබගේ කථාවෙන්ම ඔබ පට්ට ජාතිබේධවාදියෙක් කියලා පේනවා. නැන්දගේ පුතාගේ කථාවක් ඇදලා ගන්නේ ඒක වහගන්නයි. මම එහෙම දෙයක් සාධාරණීය කරනය කර නැහැ. මා එසේ කළේ කොතැනකදැයි උපුටා දක්වන්න.
mohamed riyas says:
oya ahambenda awe jayasundara. awanam redhi kadawala advertisement danne nethuwa pansal gihilla mal pooja karanna
Mr. Who-2 says:
// ජාතිවාදය යනු තමන්ගේ ජාතිය ගැන උදම් ඇනීමයි. කිසියම් අයෙකුට තමන්ගේ ජාතිය ගැන උද්දාමයක්, කැක්කුමක් සහ වගකීමක් තිබිය යුතුය. එහි කිසිදු තර්කයක් නැත. //
small correction. you have defined ජාතිකත්වය.
ජාතිවාදය is the thing with negative connotations.
Anver Manatunga says:
ජාතිකත්වය, ජාතිවාදය සහ ජාතිබේධය යනු වචන තුනකි.
sana says:
හස්සන් @
ඔබ හරි, ත්රස්දවාදීන්ට ත්‍රස්තවාදීන් කියා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? හකීම් ඇමති තුමාට එක හරියට කියාගන්න බැරුව ගියා කියලයි මමනම් සිතන්නේ. බහුතර බෝව්ද හිමිවරු මේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට කැමති නැති බව ඇත්ත. නමුත් ඉතා සුළු හාමුදුරුවරු පිරිසක් රට ගිනි තිබීමේ මේ වැඩ කරගෙන යන බව දැනගෙනත් බහුතරයින් විසින් මේවා නිශ්ශබ්දව බලා සිටීම කනගාටුවට කරුණක්. රජය මේ වගේ කිරියාවන්ට එරහිව නීතිය කිරියාත්මක කරන්නේ නැති එක ඊට වඩා කනගාටුයි. බංගලිදේශ, පාකිස්තාන වැනි රටවල අන්තවාදී කිරියාවන්ට එරෙහිව නීතිය කිරියාත්මක වෙනවා. ඉන්දියාවේ පවා හින්දු අන්තවාදීන් විසින් දුම්රියක් ගිනිතියා මුස්ලිම් ය උද පටවලා ලොකු කෝලාහලයක් ඇති කරලා විසාල පිරිසක් මුස්ලිම් වරු මිය ඒමට කටයුතු කළා. නමුත් පසුව එම සිද්දිය සැලසුම් කර කිරියාත්මක කල හින්දු ත්‍රස්තවදේඊ සාදු වරයෙක් ඇතුළු ත්රස්දවාදීන් පිරිසක් අත් අඩංගුවට ගත්තා. තවද ඉන්දියාවේ තිබෙන RSS, සිව සේනා, රස්ට්‍රිය සේවා සංග්, සංග් පරිවාර් වැනි ත්‍රස්ත සංවිදාන සමග ලංකාවේ තිබෙන බඩු බල සේනා වැනි සංවිදාන වලට සම්බන්ද තිබෙන්නටත් පුළුවන්. ඉන්දීය රජයත් මේ සංවිදාන වලට විරුද්දව කිසි පියවරක් ගන්නේ නෑ. අවස්තාවක රාහුල් ගාන්දි මේවට විරුද්දව ප්‍රකාශයක් කළා කියාලා බාරතීය ජනතා පක්ෂය රාහුල්ට සමාව ගන්නමෙන් බලකළා. හෙළ උරුමයත් රවුෆ් හකීම්ට සමාව ගන්න මෙන් මෙහෙම තමයි බලකරන්න ඇත්තේ. .
අනෙක රවුෆ් හකීම් චන්ද බලාපොරුත්තුවෙන් හරි ඉඳ හිට හෝ කට වරද්දාගෙන මොනවා හරි දොඩවනවා. ඔය ෆෛසල් මුස්තාෆා මුස්තාෆා ගෙන් මොනවද තියන ප්‍රයෝජනේ.මුස්ලිම් ජනතාවගේ චන්ද ටික අරගෙන ආණ්ඩුවට හේත්තු වෙලා තමාගේ බඩ පුරවාගන්නවා. මොහු 2008 පළාත් සබා චන්ද කාලේ මාවනැල්ල ප්‍රදේශයට ගෝලබාලයෝ එක්ක ඇවිල්ල මුස්ලිම් ගම්මානවල මුස්ලිම් අය චන්දය නොදී ඉන්න බීෂණයක් ඇතිකළා. අනිත් එක්කනා තමයි පුත්තලමේ බායිස්. මොවුන් සේරම මුස්ලිම් චන්ද ටික ආණ්ඩුවට උකස් තියල බඩ පුරවාගන්න බඩගොස්තරවාදීයෝ.
sana says:
හලෝ බුලන්කුලම,
ඔය සේරම කෝලාහල ඇතිවුනේ ඔහෙලගෙ අන්තවාදිකමෙන් හා කප්පම් ගන්න ගිහිල්ල ලජ්ජා නැද්ද කියන්න ? ඔයා කියන්නේ හරියට ඔයාලගේ අයට කටේ ඇඟිල්ල තිබ්බනම් හපන්න දන්නේ නැති කිරි සප්පයෝ වාගේ කියලද?
sana says:
jayasundara@
Ahamben me blog ekata awe??AI ME SINHALA THARUNA PARAPURA ATHARE LOKU MUSLIM WIRODAYAK?
ඔය කියාපු කොල්ලෝ ඒ තරම් බුද්දිමත්( ලිං මැඩියෝ)!
ATHTHA..MATH IITA PASSE APEMA AYAGE. C.I.B,A.S.B,HOUSE OF FASHION,KOTUWE KADE,KANDY,THILAKAWARDHANA,ODEL WAGE EWATA TAMA GYE…
අනේ ඉතින් ඔයා no limit යන්න එපා මේවටම යන්න හොඳේ හොඳ ළමය වගේ!
ANVER OBA AI ARA ANURADHAPURE DUTUGEMUNU SEYA GAWA IDIKALA ANAWASARA IDIKIREEM SADANIKARANAYA KARANNE?
OBE SWABAWAYA EKENMA PENAWA.
OBATHUMA DANNEDA ANURADHAPURA BAUDDHA APE MUDUN MALKADAK..
PASSE GOTABHAYA EKA KEDUWA THENA -SADAHIRU SEYA’- KYALA SUWISALA CHAITHYAK HADANDA PATAN ARAN ME WENAKOTA KARAN YANAWA EKA NAM NIYAMA WADAK…
අපි සාදාරණිය කරත් නොකරත් ඔයාල කඩාපු එක සාදාරනීය කරානේ, ඉතින් ඔයාලට අර තලිබාන්ලට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්කමක් නෑ. මොකද බාමියන් ඒගොල්ලන්ගේ මුදුන් මල්කඩක් වෙන්න පුළුවන්. ඔය දෙගොල්ලම එකම පන්තියේ අය නෑද, දැන් සැපයි නෑද?
sana says:
DILHAN MAX @
ඔයාගේ ලිපියෙන් පේනවා කවුද ඔල මොට්ටයා කියල.
අනෙක මුස්ලිම් හා දෙමලු ඔය මෝඩයෝ, ලිං ගෙම්බෝ ඉන්න තැන්වලට වැඩියෙන් යන්නේ නෑ.
සිංහල කෙල්ලෝ කවදාවත් ඔහොම කියන්නේ නෑ. ඔවුන් කියන්නේ ඔයාල හරි ගඳයි ජරාවයි කියලා.
Shiyam Razak says:
Dilhan malli kiyanawa api set pitin inne kiyala, ekenma penawa mahalokuwata kaiwaru gahuwata kochchara bayada kiyala. Oya kiyana thamange bauddha ratema thamanta thaniyama inna ba ne.
Oyala koheda api koheda inne. Api hambayo thamai eth katath baya na mokada ape aagamika wiswashaya anuwa api ipadenneth eka sarayai marenneth eka sarayai.
Oya tikak parissam wenna, moko me ka gahana widihata labana aathme gembek wenda bari na, mama mey kiwwe me aathmedi wage kakul deke gembek nowey.
Ehema unoth gembi set ekata wela baya nathuwa inna puluwan wewi.
Shiyam Razak says:
Jayasundara, hariyata jaya gana sundara heena mawanawagene name theruma
api ona tharam ahala thiyenawa walisundarala gana, eth dekalanam thiyenne bayasundaralawa thama.
Malli oya kiyana aayathanawalata badu ena widiha dannawada. Oya lanke import statistics ara balanna. Nolimit, fashion bug, hameedias okkoma improted ewa, namuth oyage laiysthuwe inna boho dena karanne garment stock lot, export walin reject badu. Thawa oya garment wala pannana, wagema ithuru redi walin mahana ewa.
මිරන්ද විජේතුංග says:
අන්වර් සහෝදරයා, ” ඉස්ලාම් ආගම අදහන මිනිස්සු තමයි ආගමේ නාමයෙන් වැඩිපුරම මිනී මරන්නේ” කියල මම කිව්වොත් ඔබතුමා ඒකට මොකද කියන්නේ?
මම එහෙම කියන්නේ අතීතයේ ඇතිඋන කුරුස යුද්ධ වල ඉඳන් වර්තමාන ලෝකයේ යුද්ධ තියෙන රටවල් ගැන හිතලයි.
ඒක එහෙම වෙලා තියෙන්නේ ඔබලාගේ ආගමෙන්ම ඒක අනුමත කරලා තියෙන නිසාද?
” කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න.
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න.”
මම කිසිදිනක කුරානය කියව නැත. ඉහත උපුටාගැනීම කලේ අන්තර්ජාලයෙනි. එහි ඇත්ත නැත්ත මම නොදනිමි. ඒ නිසා ඔබගෙන් දැනගෙනීමට කැමැත්තෙමි.
ලංකාවේ සිංහල මුස්ලිම් දෙමල සියල්ලෝම සමගියෙන් සිටිති. සුළු සුළු ප්‍රශ්න ඉඳ හිට ඇති නොවෙනවා නොවෙයි. නමුත් ඒවා බොහෝ දිග දුර යන ඒවා නොවේ.
අපට දෙනාට ඇති ප්‍රශ්න බොහොමයක් සාමාන්‍ය මිනිසුන් විසින් ඇතිකරන ලද ඒවා නොවේ. ඒවා ලාංකික අවස්ථාවාදී සිංහල මුස්ලිම් දෙමල දේශපාලුවන් විසින් ඇති කරන ලද ඒවාය යන්න මගේ හැගීමයි.
නමුත් මුස්ලිම් ජනතාවගේ අසාමාන්‍ය ජනගහන වර්ධන වේගය අනුව ඔවුන්ගේ ප්‍රතිශතය වැඩි වෙන ඉදිරි කාලයකදී, දැනට අනිත් රටවලදී ඉස්ලාම් ආගමේ නාමයෙන් මුදාහරින භීෂණය අපේ රටේදී ඇති නොවන්නේයි ඇති සහතිකය කුමක්ද? මොකද එකලයේදී අනිවාර්යෙන්ම මේ අදහස් හුවමාරු කරන ඔබත් මමත් මෙහි නැත.
Anver Manatunga says:
සහෝදරයා මෙලොව වැඩියෙන්ම මිය යන්නේ මුස්ලිම් වරුන් කිව්වොත් ඊට වඩා නිවැරදි බව මගේ අදහසයි. ඔබ ලොව මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රහාර එල්ලවන සියළුම ස්ථාන බලන්න. ඉරාකය, ඇෆ්ගනිස්ථානය මෙන්ම ඔබලාගේ බොදුනු රටක් වන මියන්මාරයේද වැඩියෙන් මිය යන්නේ මුස්ලිම් වරුන්ය. බටහිර මාධ්‍ය විසින් ගෙන යන බොරු ප්‍රචාර වලට හසු නොවන්න.
ඉස්ලාම් විසින් නිකරුණේ අහිංසක මිනිසුන් මරන්නය කියා පවසා නැත. ඔබ විසින් පලකර තිබෙන්නේ ආගම්බේධවාදීන් විසින් ඉස්ලාමයට එරෙහිව බොරුවට අර්ථකතනය කළ අල්-කුර්ආන් පරිවර්තන පදයන්ය.
මේ දිනවල මා සිටින්නාවු ස්ථානයේ අල්-කුර්ආන් සිංහල පරිවර්තනයක් නැත. අල්-කුර්ආනය කියවිය යුත්තේ එහි අර්ථවිවරණයක්ද සමගය. එසේ නොවුයේ නම් සිදුවන්නේ වැරදි අර්ථකථනයන් ලැබීමයි. මේ ආගම්බේධවාදීන් විසින් කරන්‍නේ අල්-කුර්ආනයේ පාඨයන් කොටස් වශයෙන් ගෙන එහි වැරදි අර්ථතන පෙන්වා දීමයි.
fathima says:
සිඋරු ත්‍රස්තවාදය කියන වචනේ අසාදාරන වචනයක් මොකද හැමෝම එහෙම නැහැනේ
chiranthaka bulankulama. says:
I AM JUST SAYING ABOUT THE NEW TREND OF RACIAL PROVOKINGS BETWEEN ETNIC SINGALESE AND MUSLIMS..
@HASAN BRO-HW WOULD U JUSTIFY BUILDING A ISLAMIC MONUMENT IN SECREAT SITE ANURADHAPURA..FROM THE AGE SINHALE KINGS AND FROM THE AGE OF MY GREAT GRAND FATHERS..WELL RENOWNED …-BULANKULAMA DISAVA….
WE PROTECTED ANURADHAPURA SECEAT SITE JUST AS OUR EYES..
..SO BROTHERS IS IT GOOD TO BUILD A ISLAMIC MONUMENT VERY NEAR TO THE ‘DUTUGEMUNU SEYA”
ALSO REMEMBER THERE’S A JUMMA MOSQUE IN ANURADHAPURA AND WE HV NO PROBLEM WITH THAT…
SO GUYS LOOK EACH AND EVERY MINORITY ETHNIC GROUP IN S.L SHOULD RESPECT BUDDHIST CULTURE.COZ S.L IS SHAPED BY A GREAT BUDDHIST CIVILAZATION..
ANY ARGUMENT??
.I HAD FEW WORDS WITH M.R IMITIYAZ BAKIR MAKER..HE WAS AMONG HANDFULL MUSLIM ANANDIANS..
HE SAID THERE ARE NUMEROUS SETS IN MUSLIM SOCIETY AND SOME ARE FUNDED BY INTERNATIONAL ISLAMIC TERRORIST GROUPS..
WE EVERY ONE KNWS THAT THE GOVERMENT ASKED MRE THAN 500 MUSLIMS BELONG TO VARIOUS COUNTRIES TO LEAVE S.L..
WAT IS GOING ON??
chiranthaka bulankulama. says:
saw some spelling mistakes in my cmment just sorry mate.
.we mant to get together to form a sri-lanka.where each and everybody respect each other…
JATHIKATHWAYA IS VERY GOOD..
BT NO MORE JATIWADA…
BROTERS THERE ARE THUGS AND BRAIN WASHED RACIAL EXTREMISTS IN BOTH THE COMMUNITIES.LETZ WIFE THEM OUT…
I KNW THERE ARE LOT OF DIVERCITIES IN SINHALA COMMUNITY.
I AM A BORN UDARATA RADALA..
AND THEN WE HV GOVIGAMA AND SME LAW CASTS TOO-NT TO ME THEY SAY THEY ARE LAW CASTES-
THESE DIVISIONS ARE USELESS
hasan says:
හෙල උරුමය ලංකාවේ මුස්ලිම්වරුන්ගේ උරුමය කප්පාදු කරන්න ආ පක්ෂයකි!
ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව RSSS, SIVASENA වැනි සංවිධාන ඇතිවුණේය.
ලංකාවේද ජාතිවාදය අවුස්සා ගිනි තියන්න සමහර සංවිධාන ඇතිවුණා! එයින් එකක් ‘වීර විධාන‘ සංවිධානය. දැන් හැබැයි මේ ගොල්ලන්ගේ ශබ්දයක් නැහැ!
ජාතිබේද වපුරන්න, අලුතින් උපත ලබල ඉන්න සංවිධානය තමයි, ‘හෙල උරුමය‘ .
හෙල උරුමය තමන්ගේ වර්ගයාගේ උරුමය වෙනුවෙන් වෙහෙසෙනවා නම් එහි කිසිම වැරැද්දක් නැත.
නමුත් ඔවුන් කරන්නේ කුමක්ද?
ඔවුන් මුස්ලිම් වර්ගයාගේ අයිතීන් කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටිනවා! ඒකයි වැරැද්ද!
ලංකා ඉතිහාසයේ පළමු වතාවට, සලාතය වෙනුවෙන් අඞගසන ‘අදාන්‘ කීම පරිසර දූෂණයක් කියා තහනම් කළේ කව්ද?
එවකට පරිසරය භාරව සිටි, චම්පික ‘අදාන්‘ කීම තහනම් කළා!
‘අදාන්‘ කීමට වැයවන්නේ විනාඩි 5 ක් පමණි. නමුත් සංගීත සංදර්ශණ උදේ වෙන තෙක් පැවැත්වේ!
සවුදි අරාබියානු ආණ්ඩුවෙන් පරිත්යාග කළ නිවාස බෙදා දීම වැළැක්වූයේ කව්ද? මේ චම්පිකයි!
මුස්ලිම්වරුන්ට මොවනවා හරි කළේ නැත්නම් එයාට නින්ද යන්නේ නෑ වගේ!
ඌරා එක්ක එකතු වූ වසුපැටියත් අසූචි කෑව වගේ ආණ්ඩුවත් හෙල උරුමය සමඟ එක් වී අසූචි කනවා!
chiranthaka bulankulama. says:
@ sana.
Api harima baye bn.facultyata wela inne.hambayo awith nelai kyala.iskole kaleth baye hitiye zahira ekeunta eah.
Apine danne api iskola 3 ma royal,nalanda,ananda.
Setwela hambainta nelapu nelilla hehehe duwapu diwilla ahaganin 2009 a.l liyapu maradana sahira hambayekgen..
Lol ae…
Anunge ratakata awama kujeetha widiyata idapalla.
Puluwannam gihin palliyak hadapanko ambalangoda ubalata ithuru konath kapagaththeki…
Kiribathgodath hodai.
Ane pala pala bn. Hambayo yanda.me lagadi mama beheth genda gyama hamba geniyak awith E.N.T kenekgen beheth ganda kane amaruwakata e geni mulu munama es dkama wahan hitiye docter kyanawa kana pennalu geni belu.
Lol
docata mala penala gon thambi kiyala eleuwa.
Hehehe
mohamed riyas says:
ANE PALAYAN BULAN THOPE EWUN SAUDI ,KUWAIT GIHIN KARANNE KIYALA MAGE ES DEKINMA DEKALA THIYENAWA EY GEHANU AYAGEN AHAPAN THAMBILAGE KEMAWALA AGE KOHOMADA KIYALA
Anver Manatunga says:
ආවේගශීලී නොවී පිළිතුරු දෙන්න බලන්න.
sana says:
chiranthaka @
ඔන්න තව බොරුවක් කිව්වා, අපි උඩරට රදල කියල. අපිත් උඩරට, හැදුනේ වැඩුනේ සිංහලයන් අතර, උඩරට උසස් කුල අය ළඟ ඔය පහත් ගතියෙ ලක්ෂණ නෑ. ඔයාගේ මඩ බාශාවෙන් පේනවා ඔයා කොහොම කෙනෙක්ද කියල.
I HAD FEW WORDS WITH M.R IMITIYAZ BAKIR MAKER..HE WAS AMONG HANDFULL MUSLIM ANANDIANS..
HE SAID THERE ARE NUMEROUS SETS IN MUSLIM SOCIETY AND SOME ARE FUNDED BY INTERNATIONAL ISLAMIC TERRORIST GROUPS..
WE EVERY ONE KNWS THAT THE GOVERMENT ASKED MRE THAN 500 MUSLIMS BELONG TO VARIOUS COUNTRIES TO LEAVE S.L..
WAT IS GOING ON??
තවත් සුරංගනා කතා කියන්නේ නැතුව නවත්වන්න!
//Setwela hambainta nelapu nelilla hehehe duwapu diwilla ahaganin 2009 a.l liyapu maradana sahira hambayekgen..
Lol ae…//
මේවා මුඩුක්කුවල ඉන්න පොකට් කාරයින්ගේ, ගංජා කාරයින්ගේ, වැඩ හා කියුම්.
උඩරට රදල උසස් කුල අය මේ වගේ සමාජවලට එන්නේ නෑ.
//Ane pala pala bn. Hambayo yanda.me lagadi mama beheth genda gyama hamba geniyak awith E.N.T kenekgen beheth ganda kane amaruwakata e geni mulu munama es dkama wahan hitiye docter kyanawa kana pennalu geni belu.
Lol
docata mala penala gon thambi kiyala eleuwa.
Hehehe//
ENT දොස්තර කෙනෙක් කාන්තාවක් පරීක්ෂණය කාමරයට ඔයා මොකටද රිංගුවේ?
වැදගත් උසස් කුල රදලයෝ මේ වගේ වැඩක් කරයි කියල කාටවත් විස්වාස කරන්න පුලුවන්ද?
මෙයා මානසික රෝගියෙක් වගේ මටනම් පෙනෙන්නේ.
ඔයාගේ කුණු ගඳ මඩ බාශාවෙන් ලියන එක නවත්වන්න, ඔයාට උත්තර දීල මේ බ්ලොග් එක ගඳ ගස්සවන්නට මම හේතුවක් වෙනවාට මම කැමති නෑ.
(මමනම් ඔයාගේ නම සමග බුලන්කුලම කියන පවුලේ නම ලියන්නේ නෑ, මොකද ඒ පවුලේ අය වැදගත් අය විය හැකි නිසා!)
Anver Manatunga says:
සනා කියන එක ඇත්ත. මගේ අම්මත් උඩරට. ඒ අය කවදාවත් තමන්ගේ ලොකුකම කියවන්නේ නැහැ. ලොකු කම කියවන්නේ හීනමානය තියෙන පහත් අයයි. අනෙක උඩරට රදළ පවුල් වල අය අද ඉන්නේ ස්වල්පයයි. අනෙක් ඔක්කොම බොරුවට රදළ කමක් ඉහට ගත්ත අයයි.
අද ගොඩක් දෙනෙක්ගේ ලස්සන වාසගම් තිබුණට ඒ අයගේ පැටිකිරි වල බලනකොට පරම්පරා කිහිපයකට එහා ඒ වාසගම් නැහැ. ඒ කියන්නේ ඒ අය වාසගම් පස්සේ දමා ගත් අයයි. තමන්ට නැති වංසයක් ගැන කබල් ගාන්නේ මෙවැනි අයයි.
chiranthaka bulankulama. says:
mage namin wena kenek oya uda comment eka dala thyenne.
Extremely sorry
romafour says:
Chiranthaka:: udarata radalla part thaada ghilla noondi unaawage ….SANA ge reply ekata….. deng boruth kiyanawa ea oya nemaikiyala….
sana says:
chiranthaka BULANKULAMA @
චිරන්තක සහෝදරයා මගේ වචනවලින් ඔයාට යම් සිත් වේදනාවක් ඇතිවුනානම් සමාවන්න.
anver සහෝදරයා, ඔය කවුරු හරි රණ්ඩුවක් පටන්ගන්න වගේ හදන්නේ. පුලුවන්නම් අර චිරන්තකගේ නමින් වෙන කවුරු හරි කළ කොමන්ට් එක, ඊට පිළිතුරු දුන් මගේ කොමන්ට් එක, චිරන්තක සහෝදයය sorry කියාපු කොමන්ට් එක හා romafour ගේ කොමන්ට් එකත් මකල දාන්න. ස්තුතියි.
Shiyam Razak says:
අමාත්‍ය රවුෆ් හමීම් මහතා, සිය ප්‍රකාශය නිවැරදි කරගැනීම වඩාත් නුවනත්කාරී වීමට තිබූ නමුත් මෙම සමාව ගැනීම තුල සිය අස්තාවර බව පමණක් නොව තමා නායකත්වයට කිසිසේත් නුසුදුසුද යන්නද ඔප්පු කර හමාරය.
අත්තෙන්ම ඔහුට කිව යුතුව තිනුනේ එම ප්‍රකශය පොදු එකක් නොවන බවත් ඉනාම්ලුවේ සුම0ගල වැනි සිවුරේ ගරුත්වය වටහා නොගත් අයවලුන්හට කල ප්‍රකශයක් බවත්ය.
ඊටත් වඩා මේ රටේ සියලු දෙනා දැනගයුතු තවත් දෙයක් නම් රවුෆ් හකීම් මහතා හුදෙක් මුස්ලීම් කොන්ග්‍රස් නම්වු දේශපාලන පක්ශයේ නායකය පමණක් මිස ඔහු සමස්ථ මුස්ලීම් ජනතවගේ නායකයා නොවන බවත්ය. එම නිසා ඔහුගේ ප්‍රකශයන් හුදෙක් පෞද්ගලික එවා පණක් බවත්ය.
Anver Manatunga says:
ඔබ කියන දෙයට මම එකගයි. නමුත් හකීම් මහතා සමාව ගැනීම ගැන මම දකින්නේ වෙනස් ආකාරයෙන්. අද බොහෝ දෙනෙක් වැරදි කළත් පසුව තමන් වැරැද්දක් කළා කියා පිළිගෙන සමාව ගන්නේ නැහැ. හකීම් මහතාට තමා කළ වැරැද්ද තේරුම් ගිය විට සමාව ගැනීම ඔහු කළ හොද දෙයක්.
ජිල්බුවා says:
//ලංකා ඉතිහාසයේ පළමු වතාවට, සලාතය වෙනුවෙන් අඞගසන ‘අදාන්‘ කීම පරිසර දූෂණයක් කියා තහනම් කළේ කව්ද? එවකට පරිසරය භාරව සිටි, චම්පික ‘අදාන්‘ කීම තහනම් කළා!
අදාන් කියන එක විතරක් නෙවෙයි, ලවුඩ්ස්පීකර් දාගෙන බණ කියන එකත් තහනම් කළා. ඒක කියන්න කට ඇරෙන්නේ නැත්තේ ඔයාගේ පක්ෂග්‍රාහී බව ලස්සනට පෙන්නගෙන
//‘අදාන්‘ කීමට වැයවන්නේ විනාඩි 5 ක් පමණි. නමුත් සංගීත සංදර්ශණ උදේ වෙන තෙක් පැවැත්වේ!
මේවත් 10න් පස්සේ බෑ කියල කිව්වා මතක නැත්ද? තවමත් ඒ නීතිය එහෙමමයි. අපිට කණක් ඇහිල නිදා ගන්න ඕන. පන්සලේ පිරිත් කියන එක, පල්ලියේ අදාන් කියන එක ඔක්කොටම ඇහෙන්න කියන්න ඕන නෑ. මේ 6 වෙනි සියවස නෙවී. නැමදුමට කාලසටහනක් හදාගෙන වඳින එක මහ ලොකු දෙයක් නෙවී. මොකද හැම ගෙදරටම ඔරලෝසු තියෙනව. ඒකට රටටම ඇහෙන්න බෙරිහන් දෙන්න ඕන නෑ.
//සවුදි අරාබියානු ආණ්ඩුවෙන් පරිත්යාග කළ නිවාස බෙදා දීම වැළැක්වූයේ කව්ද? මේ චම්පිකයි! – එව්වා මුස්ලිම් අයට විතරක් බෙදල දෙන්න සැලසුම් කලේ කවුද?
ඔබතුමා චම්පිකට ඇඟිලි දික්කරන්න කලින් හරියට වෙච්ච දේවල් කියවල එන්න. චම්පික හරියට වැඩ කරන මිනිහෙක්. එයාගේ දේශපාලනේට අපි එකඟ නැතුව ඇති. කොටින්ම පුත්තලමේ මුස්ලිම් අවතැන් අය ගැන මුලින්ම කතා කලේත් චම්පිකම තමයි. ඒ දවස් වල හකීම් ල හිටියේ කොටින්ට බයේ නැට්ට පස්සේ ගහගෙන්
Anver Manatunga says:
මෙතැන ජිල්බුවා කර ඇත්තේ හසන් සහෝදරයාගේ ප්‍රතිචාරයට පිළිතුරකි.
hasan says:
ජිල්බුවා says:
//ලංකා ඉතිහාසයේ පළමු වතාවට, සලාතය වෙනුවෙන් අඞගසන ‘අදාන්‘ කීම පරිසර දූෂණයක් කියා තහනම් කළේ කව්ද? එවකට පරිසරය භාරව සිටි, චම්පික ‘අදාන්‘ කීම තහනම් කළා!/// (මාගේ ප්රකාශය)
////අදාන් කියන එක විතරක් නෙවෙයි, ලවුඩ්ස්පීකර් දාගෙන බණ කියන එකත් තහනම් කළා. ඒක කියන්න කට ඇරෙන්නේ නැත්තේ ඔයාගේ පක්ෂග්රාෙහී බව ලස්සනට පෙන්නගෙන//// (ජිල්බුවා ගේ ප්රකාශය)
පරිසර දූෂණය කියා, නැවැත් වූ ‘අදාන් කීම‘ දැන් නැවත අනුමත කර ඇත. ඒ ඇයි? දැන් පරිසරය දූෂණය සිදුවන්නේ නැද්ද?
ජපානයේ සමහර ගුවන් තොටුපලවලට රාත්රියේ යම් වේලාවකට පසු ගුවන් යානා ගොඩබැස්සවීම තහනම්ය. මිනිසාගේ නින්දට බාධා ඇති වේ යන්න එයට හේතුව වේ.
නමුත් එම ජපානයේ රාත්රි කාලයේදී වාහන ගමනාගමනය තහනම් නැත! වාහන ගමනාගමනයෙන් මිනිසාගේ නින්දට බාධා ඇති නොවේද? බාධා ඇති වේ.
නමුත් මෙම දෙකෙන් බාධා ඇති වන ප්රමාණය වෙනස්ය. එහෙයින් පරිසර දූෂණය යැයි කීවාට සෑම දෙයකින්ම පරිසර දූෂණය සමාන ලෙස නොසිදුවේ.
පල්ලියක ‘අදාන්‘ කීමට ගතවන්නේ විනාඩි 5 ක් පමණ කාලයක්ය. නමුත් රාත්රී සංගීත සංදර්ශණයක් 10 වන තෙක් තැබීමෙන් කොපමණ පරිසර දූෂණයක් සිදුවේද? අනෙක මෙම සංගීත සංදර්ශණ රාත්රි 10 ටම අවසන් වේද? නැත! ඊට පසුද සිදු වේ.
ඡන්ද කාලවලදී, ඡන්ද කටයුතු ප්රචාරක රැස්වීම් රාත්රි 12 වන තෙක් අනුමත කර ඇත. මෙම නීතිය අනුමත කළේ පරිසර දූෂණය ගැන සිතාද? ඒ කියන්නේ දේශපාලන කරන අයට එක නීතියක්. අනෙක් අයට එක නීතියක්. හරි ලස්සන නීති.
මෙම ඇමතිවරයා දූරර්ශීව ක්රියා කරන කෙනෙක් නම්, මෙම ප්රශ්නය නීතිගත කරන්න පෙර අදාල මුස්ලිම් පාර්ශවය ගෙන්වා විෂය ගැන දැනුවත් කර, ඔවුන්ගේ අදහස් විමසා තිබිය යුතුය. ඔහු එසේ කළේද?
යම් දෙයක් නීතිගත කර, ඉන්පසු විරෝධතා පැමිණෙන විට එම නීතිය ඉවත් කරගැනීම ඥානවන්ත ක්රියාවක් නොවේ. එය අදූරදර්ශී ක්රියාවකි.
එහෙයින් ඇමතිවරයා ගත් වැරදි තීරණය ගැන ඔබ කිසිවක් නොපැවසීම තුළින් ඔබ පක්ෂග්රාහීව අදහස් පළ කර ඇති බව මගේ හැඟීමයි.
ඇමතිවරුන් යන කොටස නැති ප්රශ්න ඇති කරන අය නොවිය යුතුය. තිබෙන ප්රශ්න අඩු කරන අය විය යුතුය.
එසේ කවරෙක් හෝ ක්රියා කරයි නම් ඔහු රටට ආදරය ඇති පුද්ගලයෙකු වන්නේය.
ජිල්බුවා says:
//පරිසර දූෂණය කියා, නැවැත් වූ ‘අදාන් කීම‘ දැන් නැවත අනුමත කර ඇත. ඒ ඇයි? දැන් පරිසරය දූෂණය සිදුවන්නේ නැද්ද?
සිද්ද වෙනවා. ඇත්ත දකින්න අකමති වෙච්ච හොර ගණයෝ ටිකකකුයි, පල්ලියෙ හොර ඉමාම්ල ටිකයි, වටේ පිටේ මිනිස්සුන්ට හෙණ ගැහිල ගියත් සද්දෙ දාගෙන තමන්ගේ වැඩ කරගන්න ඕනෙය කියල හිතපු එකේ වැරද්ද තමයි මේක.
//පල්ලියක ‘අදාන්‘ කීමට ගතවන්නේ විනාඩි 5 ක් පමණ කාලයක්ය. නමුත් රාත්රී සංගීත සංදර්ශණයක් 10 වන තෙක් තැබීමෙන් කොපමණ පරිසර දූෂණයක් සිදුවේද? අනෙක මෙම සංගීත සංදර්ශණ රාත්රි 10 ටම අවසන් වේද? නැත! ඊට පසුද සිදු වේ.
සංගීත සංදර්ශන තියෙන්නේ මාස තුනකට එකකි. අදාන් කීම දවසට පස් වතාවත් දවස් 365ම පුරා සිද්ද වෙනව. සංගීත සංදර්ශනේ තියෙනකොට නිදාගන්න බැරි අවුරුද්දට දවස් කීපයයි. මේක හැමදාම එක වගේ. අදාන් කියන එක විතරක් නෙවේ පිරිත් කියන එකත් මේ වගේ. මොන බම්බුවට හැමදාම කියවනවද මන්ද
//ඡන්ද කාලවලදී, ඡන්ද කටයුතු ප්රචාරක රැස්වීම් රාත්රි 12 වන තෙක් අනුමත කර ඇත. මෙම නීතිය අනුමත කළේ පරිසර දූෂණය ගැන සිතාද?
මෝඩ කතා කියන්න එපා. ඡන්ද ප්‍රචාරක කටයුතු වලත් සද්ද දාන එක තහනම්. ක්‍රියාත්මක වෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නය. මෙතන ඔයාගේ වැරද්ද අනික් අයත් කෑගහලා කරදර කරන නිසා අපිත් කලාට කමක් නෑ කියන කැත අදහස.
//මෙම ඇමතිවරයා දූරර්ශීව ක්රියා කරන කෙනෙක් නම්, මෙම ප්රශ්නය නීතිගත කරන්න පෙර අදාල මුස්ලිම් පාර්ශවය ගෙන්වා විෂය ගැන දැනුවත් කර, ඔවුන්ගේ අදහස් විමසා තිබිය යුතුය. ඔහු එසේ කළේද?
එහෙම කලා නම් මුස්ලිම් අය මේකට කැමති වෙනවද? නිකම් පූච්චානම් මොකටද? අනික නීතිය අයින් කර ගන්න වුණේ මුස්ලිම් අය නිසා නෙවෙයි, හොර ගණයෝ කීප දෙනෙකුයි, දේශපාලකයෝ කීප දෙනෙකුයි නිසා
//නැති ප්රශ්න ඇති කරන අය නොවිය යුතුය. තිබෙන ප්රශ්න අඩු කරන අය විය යුතුය.
දවසට පස්වතාවක් බෙල්ල පාගලා වගේ ලවුඩ්ස්පීකරෙන් කෑගහන එක ප්‍රශ්නයක් නෙවෙයි? රා පුරා පිරිත් කියන එක ප්‍රශ්නයක් නෙවෙයි? මේව තමයි තියෙන ප්‍රශ්න. ඔය ගොල්ලන්ට පත්තු වෙන්නේ ඒක මුස්ලිම් අයට බලපානකොට විතරයි.
hasan says:
ජිල්බුවා says:
//සවුදි අරාබියානු ආණ්ඩුවෙන් පරිත්යාග කළ නිවාස බෙදා දීම වැළැක්වූයේ කව්ද? මේ චම්පිකයි! ///(මාගේ ප්රකාශය)
////– එව්වා මුස්ලිම් අයට විතරක් බෙදල දෙන්න සැලසුම් කලේ කවුද?//// (ජිල්බුවා)
////ඔබතුමා චම්පිකට ඇඟිලි දික්කරන්න කලින් හරියට වෙච්ච දේවල් කියවල එන්න. චම්පික හරියට වැඩ කරන මිනිහෙක්. එයාගේ දේශපාලනේට අපි එකඟ නැතුව ඇති. ////(ජිල්බුවා)
ඔබ පළමුව පරිත්යාගයක හා අයිතිවාසිකමක වෙනස වටහාගත යුතුව ඇත.
කෙනෙක් පාරේ සිඟමනේ සිටින අයට තමාගේ මුදලින් ප්රමාණයක් බෙදා දීමට සිතුවේ යැයි ගනිමු. මෙහිදී ඔහු තමාට හැඟෙන පරිදි එක් එක්කෙනාට අඩු වැඩි කර දෙන්නේය. මෙසේ අඩු වැඩි කර දීම ගැන ප්රශ්න අසන්නට කිසිවෙකුටත් අයිතියක් තිබේද? කිසිවෙකුටත් අයිතියක් නොමැත. හේතුව බෙදන ලද මුදල එම පුද්ගලයාට අයිතිවීමය.
නමුත් යම් කෙනෙකුට වැඩිපුර යමක් ලබාදීමට කෙනෙකුට අවශ්ය වේ නම්, මෙම පුද්ගලයාට අදහසක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කළ හැකිය. නමුත් මෙසේ ඉදිරිපත් කරන යෝජනාව අයිතියක් නොවේ.
නමුත් ආණ්ඩුවෙන් දුන් මුදල් ප්රමාණයක් ජනයා අතර බෙදා දීම මෙසේ සිදු නොවන්නේය. මෙසේ සිදු නොකළ යුතුය. හේතුව ආණ්ඩුව යනු සැමදෙනාටම පොදු ආයතනයකි. ආණ්ඩුවේ මුදල් මහජනයාගේ මුදල්ය. එහෙයින් යම් අඩුවැඩි කිරීමක් කර ආණ්ඩුවේ මුදලක් බෙදා දෙන්නේ නම්, ඒ ගැන ඇසීමේ අයිතියක් සැමදෙනාටම ඇත.
සවුදි අරාබියානු රජයෙන් පරිත්යාග කළ, නිවෙස් බෙදා දීමේදීත්, ආණ්ඩුවෙන් සාදන ලද නිවෙස් බෙදා දීමේදීත් වෙනස ඔබ වටහාගනු ඇතැයි මම සිතමි.
සවුදි අරාබියානු රජයෙන් දුන් නිවාස ඔවුන්ගේ පරිත්යාගයක්. එය ඔවුන්ට කැමති අන්දමින් කළ හැකිය. එය ගැන ප්රශ්න කිරීමේ අයිතියක් කිසිවෙකුටත් නැත. නමුත් තමන්ගේ යෝජනාවක් ඇත් නම් එය අදහසක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එය පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම ඔවුන්ගේ කැමැත්තක්.
රජයෙන් යම් වැරැද්දක් වේ නම් ඒ ගැන ඇසීමේ අයිතිය සෑම පුරවැසියෙකුටම ඇත.
රජයෙන් මුදල් වෙන් කිරීම ජාතීන් වශයෙන් නොබලා, අවංකව සිදුවේද?
ලංකාවේ නැගෙනහිර සමහර පාසැල් හැරෙන්න අනෙක් දිස්ත්රික්කවල පවතින මුස්ලිම් පාසැල්වල තත්ත්වය කුමක්ද?
සෑම දිස්ත්රික්කයකම පාහේ මුස්ලිම් ජාතික පැසැල් කීපයක් බැගින් ඇත. විශේෂයෙන් එක පාසැලකවත්, සිංහල මාධ්ය පාසැල් මෙන් උසස් පෙළට නියමිත අංග සම්පූර්ණ විද්යාගාරයක් ලබා දී තිබේද? දෙමළ මාධ්ය පාසැල් එකකවත් උසස් පෙළට උචිත විද්යාගාරයක් ලබාදී නොමැත.
මෙයට හේතුව කුමක්ද? නැගෙනහිර ප්රදේශ හැරෙන්න මෙම ප්රදේශ සිංහල මන්ත්රීවරුම නියෝජනය කරති.
මෙම මන්ත්රීවරුන් සිංහල පාසැල් දියුණු කරන්න ගන්නා උත්සාහය සේ දෙමළ මාධ්ය පාසැල් වෙනුවෙන් උත්සාහ නොකරති.
එමෙන්ම විද්යා අංශයේ උසස් පන්තිවල ගුරු හිඟයක් පවතියි. මෙය අසාධාරණයක් නොවේද? මුස්ලිම්වරු මේවා වෙනුවෙන් උද්ඝෝෂණ නොපවත්වන්නෝය. එමෙන්ම නඩු මඟට නොයන්නෝය. මෙය මුස්ලිම්වරුන්ගේ නිහතමානිත්වයයි.
එහෙයින් අනුන්ගේ පරිත්යාගවලට ඇඟිලි ගසන්න පෙර, තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසියාකාරව සිදුවේද? යි සිතා බලන්න!
චම්පික නඩුවක් දැමීමෙන් මෙම නිවාස බෙදා දීම අත්හිටුවා ඇත. මෙය දූරදර්ශී ක්රියාවක්ද?
දැන් මෙම නිවාස අබලන් තත්ත්වයට පත්වෙමින් තිබේ. මෙම නඩුව අවසන් වන තෙක් මෙම නිවාස බෙදා දීම කළ නොහැකිය. මෙම නඩුව අවසන්වී නිවාස බෙදා දීම සිදු කරන කල, එම නිවාස අබලන් තත්ත්වයට පත්වී තිබෙන්නේය.
නඩුවක් දැම්මොත් මෙය නතර කළ හැකි බව චම්පික හොඳින් දනියි. එමෙන්ම මෙය බෙදා දෙන විට එය අබලන් තත්ත්වයට පත් වන බවද ඔහු හොඳින් දනියි. ඔහුගේ අරමුණ කුමක්ද?
මෙම නිවෙස් කාටවත් නොවී තිබීම ඔහුගේ අරමුණද?
වෙනත් රටක් පරිත්යාග කළ නිවෙස්වලට මෙවැනි තත්ත්වයක් ඇති කිරීමෙන් ඉන්පසු එවැනි රටවල් මින් ඉදිරියට නිවෙස් සාදා දීම් කරන්නේද?
චම්පික කළේ ඉතාම නරක පූර්වාදර්ශයකි.
////කොටින්ම පුත්තලමේ මුස්ලිම් අවතැන් අය ගැන මුලින්ම කතා කලේත් චම්පිකම තමයි. ඒ දවස් වල හකීම් ල හිටියේ කොටින්ට බයේ නැට්ට පස්සේ ගහගෙන් ////(ජිල්බුවා)
නැගෙනහිර ප්රදේශයේ මෑතකදී මුස්ලිම් පල්ලියක් යම් අය විසින් ගිනි තබා ඇත. මේ ගැන බැලීමට එම ප්රදේශයට පළමුව ගියේ ජේ.වී. පී එකේ සුනිල් හඳුන්නෙත්තිය.
සුනිල් හඳුන්නෙත්ති මුස්ලිම් ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරන කෙනෙක් කියා මෙම ක්රියාවෙන් කිව හැකිද?
මේවා ඔක්කෝම දේශපාලඥයින්ගේ ගැට.මේ සුනිල් හඳුන්නෙත්ති මේ දක්වා මුස්ලිම් පල්ලි ගැන වචනයක්වත් පැවසුවේද? නැත! මේවා සියල්ල දේශපාලන රඟපෑම්ය.
සිංහලයෙක් ලෙස මෙම ප්රශ්න ගැන නොබියව කථා කරන්නේ වික්රමබාහු වැනි සහෝදරයින් පමණය.
රවුෆ් හකීම්ද දේශපාලඥයකි. මොහුගේ දේශපාලනය පිරිසිදු යැයි මම නොකියමි. නමුත් රවුෆ් හකීම්ගෙන් අපගේ ආගමට බාධා සිදු නොවේ.නමුත් චම්පිකගෙන් අපගේ ආගමට බාධා සිදුවේ. වෙනස වටහාගන්න!
UMMA says:
හසන් මහත්තයෝ,
සවුදි අරාබියානු රජයෙන් පරිත්යාග කළ නිවෙස් හදල තියෙන්නේ කොහේ ඉඩමකද?
mohamed riyas says:
ANE MOTTAYO SAUDI ARABIYA GEWALUTH DEELA IDAM SAUDI IDALA GENNADA KIYANNE THOGE OLUWA UDA HADALA DEEPALLA
NIKAM MODAYEK WENNE NETHUWA GIHIN METI KOPPETA BATH HALAGENA KAPAN
UMMA says:
mohamed riyas හරි ආවේගකාරී නේද? නිවෙස් හදල තියෙන්නේ කොහේ ඉඩමකද කියල ඔබ තුමා දන්නේ නෑ වගේ. කොහොමත් මම හසන්ගෙන්නේ ප්‍රශ්නය ඇසුවේ. හසන් ඒකට පිළිතුරක් දෙයි.