Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ඔබගේ ආදායම වියදමට ප්‍රමාණවත්ද?

ජීවන වියදම

ජීවන වියදම

අද බඩුමිල දරන්නට බැරි තරම් ඉහල ගොස් ඇති බව වෙලඳපොලට යන කෙනෙකුට ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි. බඩුමිල දිනෙන් දින වැඩි වුවද ඊට සාපේක්ෂව සාමාන්‍ය ජනතාවගේ ආදායම ඉහල යන්නේ නම් ප්‍රශ්නයක් නැත. නමුත් එය සිදුනොවේ. බඩුමිල වසරකට කිහිප වතාවක් වැඩි වන නමුදු වැටුප් වැඩි වන්නේ වසරකටම වරකි. එයද ඉතා සොච්චමකින් විය හැක.

වත්මන් ආර්ථිකය තුල දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් නම් පීඩිතයා අඛන්ඩවම තැලෙන නමුදු ධනවතා තවදුරටත් තම ධනය වැඩි කරගැනීමයි. මෙහිදී තිබෙන ප්‍රධාන ගැටළුවක් නම් පීඩිතයාට ඉදිරියට එන්නට අවස්ථාවක් නොමැති කමයි. මන්ද ඔහු ජීවන බර දරාගෙන යන විට වෙනයම් දෙයක යෙදීමට සිතක් නොවන බැවිනි. නමුත් සමාජය අධ්‍යනය කරන විට මා දුටු දෙයක් නම් අප ඕනෑම කෙනෙකුට දියුණුවෙන් ඉදිරියට යාමට හැකියාවක් තිබෙන නමුදු නිර්මාණශීලී විචාර බුද්ධියක් නොමැති කම නිසා ප්‍රපාතයට ඇද වැටෙන බවයි. මේ බව මම කලින් ලිපියක එනම් “පොල් කඩලත් දියුණු වෙන්න පුළුවන්” නම්වු ලිපියෙන් (http://www.anvermanatunga.com/2012/04/02/business-idea-sinhala-doc/) නිදසුනක් සහිතවම පෙන්වා දුන්නෙමි.

 

අප සතු ආදායම අපගේ වියදමට ප්‍රමාණවත් නොවීමට ප්‍රධානතම හේතුවක් නම් අප සතුව අනවශ්‍ය වියදම් තිබීමයි. අප මේ අනවශ්‍ය වියදම් සොයා, ඒවා කෙසේ ඇති වන්නේදැයි, අධ්‍යනය කර ඒවා කපා හරින්නේ නම්, ප්‍රමාණවත් මුදලක් ඉතිරිකර ගත හැකි බව මගේ අදහසයි. විශේෂයෙන් අප ගෙදර දොරේ බඩු ගන්නට කඩපලට යන විට හෝ වෙනයම් දෙයක් මිලට ගන්නට සාප්පු සවාරි යන විට අප විසින් මිලට ගන්නට සිතා නොසිටි බොහෝ දේ දුටු පමණින් මිලට ගනිති. මෙහිදී සිදුවන්නේ අවශ්‍යතාවයන් පසෙක තිබියදී අනවශ්‍යදේ සඳහා මුදල් යෙදවීමයි. පසුව අවශ්‍යදේ මිලදී ගන්නට ණය ගැනීමට සිදුවේ.

 

තවත් අනවශ්‍ය වියදමක් නම් සෙලියුලර් දුරකථනයයි. මා අත්දුටු ප්‍රධානම දෙයක් නම් අද අප රටේ සෙලියුලර් දුරකථනයක් කිසිසේත්ම අවශ්‍ය නොවන අය දුරකථන දෙක තුන තබාගෙන සිටින බවයි. උදේට වැඩට ගොස් සවසට නිවසට පැමිණෙන ස්වාමියා සේවා ස්ථානයේ සිට කිහිප වතාවක් බිරිඳ දුරකථන ඇමතුම්ද දිය යුතුය. ‍නැත්නම් ආදරේ නැතැයි රන්ඩු වී පසුව එම ආරවුල් පොලීසිය දක්වාද ගොස් ඇති අවස්ථා අපට මාධ්‍ය තුලින් දක්නට ලැබේ. සෙලියුලර් දුරකථන සම්බන්ධ අනෙක් කාරණය නම් අද බොහෝ දෙනෙක් දුරකථන මිලට ගන්නේ සෝබනයටයි. ඒ නිසා ඔවුන් මිල අධික විවිධ වර්ගයේ නොයෙකුත් වැඩ කළ හැකි දුරකථන මිලට ගනිති.

 

අපගේ නිවසේ තිබෙන විදුලි භාන්ඩ සහ ගෘහ භාන්ඩ මිලට ගන්නා විට වගකීමක් සහිත කල්පවතින භාන්ඩම මිලට ගත යුතුය. නිදසුනක් ලෙස අද වෙලඳ පොලේ ඇඹරුම් යන්ත්‍ර Blender & Grinder ඉතාම අඩු මදලට පවා ඇත. මේ අඩු මිලට තිබෙන භාන්ඩයක් ගෙද ගෙන ගොස් පාවිච්චි කළ හැක්කේ මාස තුනකටත් වඩා අඩු කාලයකි. ඉන් පසුව එයින් වැඩක් ගත නොහැකි තත්වයට පත්වේ. තවත් නිදසුනක් පවසන්නම්. අද බොහෝ නිවෙස් වල කාන්තාවන් රෙදි සෝදන මෙෂින් මිලට ගන්නේ තමන්ගේ අතින් රෙදි සේදීම අපහසු යැයි කියමිනි. මේ නිසා මොවුන් වෙලඳ පොලේ ඇති අඩුමිලට ගතහැකි රෙදි සෝදනයක් ගෙදර ගෙනයති. ඒවා අඩු මිලට ලබා දෙන්නේ ඒයායේ ඇති ආම්පන්නද බාල ආකාරයට සැකසු ඒවා නිසාය. මේ රෙදි සෝදන මිලට ගෙන අතින් රෙදි අතුල්ලා ඊට පසුව සෝදනයට දමා සෝදන අය අපට එමට හමුවන්නේ ඒ නිසාය.

 

බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ දිනපතා බඩු ගන්නා කඩයෙන් ණයට ගෙන මාස අවසානයේ මුදල ගෙවා දැමීමටයි. මේ නිසා බොහෝ දෙනෙක් අද කඩ වලට ණය වී මුළු වැටුපම කඩේට පුජා කරමින් සිටිති. මා බොහෝ අයට උපදෙස් දෙන්නේ මෙය නවත්වන ලෙසයි. මන්ද එමගින් අප පිරිමසන්නට පුරුදු පුහුණුවක් නොලබන බැවිනි. අප කඩයෙන් ණයට නොව අත්පිට මුදලට භාන්ඩ මිලදී ගන්නවා නම් අපට බඩු ලාභ ස්ථාන සොයා බලා ඒ ඒ තැන් වලින් අවශ්‍ය දේ මිලට ගත හැකිය. නමුත් ණයට ගන්නා කඩෙන් මිලට ගන්නා කළ අප ඔවුන් කියන මුදල කොපමණද? අප ඒ මුදලට එකඟ විය යුතුය.

 

අනෙක් කාරණය නම් අප අත්පිට මුදලට භාන්ඩ ගන්නා විට අපගේ අතේ ඇති මුදල හිඟවන කල අප විසින් භාන්ඩ සීමා කරනු ඇත. නිදසුනක් ලෙස කිරිපිටි දිනකට එක් වරක් දමා පමණක් තේ බීමට පුරුදු වී කිරිපිට වලට යන මුදල අවම කරගත හැක. අනවශ්‍ය ලෙස ගන්නා ආහාර අඩුකර ගත හැකිය. නමුත් අප ණයට බඩු ගන්නා කල අපට වියදම පිළිබඳව කිසිදු හැඟුමක් ඇති නොවේ. එමගින් අවසානයේ අපට සිදුවන්නේ මිය යනතාක් කඩ හිමියාට ණය කරුවෙක් වී ජීවත්ව සිටීමටය. 

 

සමහර නිවෙස් වල ගෘහ මුලිකයන් දුම්පානයට හෝ මත්පැනට ඇබ්බැහි වී සිටිති. කිසියම් කෙනෙකු දිනකට සිගරට් 5 ක් පමණ බොනවා යැයි සිතන්න. ඔහු ඒ දුම්වැටි 5 යොදවන්නේ මුළු පවුලේම ආදායමෙන් කොටසක් නේද? ඔහුගේ දුම්පානයට ඇති කෑදර කම නිසා පවුලේ සියළුම දෙනා භුක්ති විඳිය යුතු මුදලක් පුද්ගලිකව තමන්ගේ දුම්පානය සඳහා පමණක් වැය කරයි. මත්පැන් බොන අයද එසේමය. තමන් පවුලේ ආදායම ගෙනෙන්නා වුවද ඒ ආදායම තමන්ට රිසි පරිදි භුක්ති විඳවා නම් පවුලේ සාමුහික වගකීමට කුමක් සිදුවේද?

 

ජීවන වියදම ඉහල යාම අද ලොව තිබෙන සෑම රටකම ජනතාවට තිබෙන ප්‍රශ්නයකි. බොහෝ දියුණු රටවල වැටුප් ඉතා ඉහල තත්වයක තිබුණද ජීවන වියදමද ඒ හා සමානවම ඉහල අගයක පවතියි. මෙය අද සාමාන්‍ය ලෝක ස්වභාවයයි. මේ නිසා අප කාටවත් දොස් නොතබා අපට අතේ ඇති මුදල ඉතාමත් ක්‍රමානුකූලව පාවිච්චි කරන්නේ නම් විශාල සහනයක් ලබා ගත හැකි බව මගේ අදහසයි. 

 

 

  • කොස්තා says:

    රට විනාශයට ගෙනියන ආන්ඩුවට විරුද්ධව ඔබ නොලියන්නේ ඇයි?

    2012/08/12 at 12:49 AM
    • Anver Manatunga says:

      මම හැම දෙයක් ගැනම ලියන්න ආසයි. වෙලාව තමයි ප්‍රශ්නේ. මොනවා හරි දෙයක් ගැන ලියන්න හදන කොටම ආගම්බේධවාදියෙක් මොනවා හරි ඉස්ලාමයට විරුද්ධව අසත්‍යයක් පතුරවනවා. එවිට සියල්ල පසෙකලා ඒකට පිළිතුරු ලියන්න වෙනවා.

      2012/08/12 at 12:54 AM
  • Subashini says:

    අන්වර් සහෝදරයා කාලෙකට පස්සේ ආගමෙන් පිට යමක් ලියලා. දිගටම මෙහෙම ලියන්න. ඔබට මගෙන් සුභ පැතුම්

    2012/08/12 at 1:32 AM
    • Anver Manatunga says:

      ආගමෙන් පිට යමක් ලියන්න විදිහක් නැහැ. ජීවිතේ හැම දෙයක් ගැනම ඉස්ලාම් කියලා තියෙනවා.

      2012/08/12 at 1:37 AM
  • True Story says:

    න්‍යායිකව ඔබ කියන දේ නිවැරදියි , නමුත් ලංකාවේ ආර්ථිකයේ බරපතල ගැටලුවක් තියනවා , ධනවතුන් සහ දුප්පතුන් අත්හැරල මධ්‍යම පාන්තිකයින් දිහාවට හැරුණොත් ලංකාව මධ්‍යම පාන්තිකයෙකුට ජීවත් වීමට අපහසු සහ ජීවන තත්වය පහල රටවල් වලින් එකක් විදිහට ලංකාව හඳුනාගන්න පුලුවන් , මධ්‍යම පාන්තිකයින්ගේ ඉල්ලුම වැඩි වීම හරහා භාණ්ඩ හා සේවා නිශ්පාදනය ඉහල යාමත් , ඔවුනගේ ඉතුරුම් හරහා මුල්‍ය පද්ධතිය ශක්තිමත් වීමත් රටකට අවශ්‍යයි . ලෝකයේ වේගයෙන්ම විශාල වෙන මධ්‍යම පාන්තික යින් ගණන සතු ඉන්දියාවේ ආර්ථික වර්ධනය පිලිබඳ යහපත් පුරෝකථනයන් ලැබිලා තියෙන්නේ ඔය කාරණා දෙක නිසා , දියුණු රටවල තත්වයන් අමතක කරලා ලංකාවට වඩා ඒක පුද්ගල ආදායම අඩු ඉන්දියාවේ සහ ලංකාවේ එකම රැකියාවක් කරන පවුල් දෙකක් සැසඳුවොත් ඉන්දියානු පවුලේ ජීවන තත්වය අනිවාර්යෙන්ම උසස් , ඒකට හේතුව ඔවුන්ට ලැබෙන භාණ්ඩ හා සේවා වල සැබැ වටිනාකම (මුදල් වල වෙනස් කම් ඉවත් කල පඩු ) ඉතා අඩු නිසා

    මගේ රැකියාවම කරන ආසන්න වශයෙන් එකම වැටුප ලබන (ඔහුගේ වැටුප මදක් ඉහලයි , පශ්චාත් උපාධියක් තියන නිසා ) ඉන්දියානු මිතුරෙක් ඉන්නවා , ඔහුත් එක්ක කථා කරත්දි මට මේතත්වය හොඳින්ම දැනිලා තියනවා

    2012/08/12 at 7:36 AM
    • Anver Manatunga says:

      ඔබ කියන තත්වය මමත් පිළිගන්නවා. අපි ලාංකිකයන් වශයෙන් ඉන්දියානුවන්ට වඩා දක්ෂ අය බව බොහෝ රටවල අය පිළිගන්නාවු දෙයක්. නමුත් අපට අපේ ජීවන තත්වය උසස් කරගැනීමට බැරි වී තිබෙන්නේ පවතින රජයන් විසින් නිසි ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය නොකිරීම නිසයි. ලංකාව වැනි ලස්සන රටක ඉපදුනු අපි වාසනාවන්තයන් වන නමුදු මෙවැනි කරුමක්කාර ආන්ඩු යටතේ ඉදීමට සිදුවීම මහා අවාසනාවකි.

      2012/08/12 at 9:23 AM
  • Nalin says:

    එමෙන්ම මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් යුද්ධයේදී කෙලෙස ක්‍රියා කළ යුතුද යන්න සිය ජීවිතාදර්ශයෙන්ම පෙන්වා දී ඇත. ඒ නිසා එතුමා ලොව පවතින අන් සියළුම දහම් වල ප්‍රධාන ශාස්තෘ වරුන්ට වඩා වෙනස් යැයි අපට පැවසිය හැක. එමෙන්ම දිවියට වඩාත් සමීප සහ වඩාත් ප්‍රායෝගික ශාස්තෘ වරයාණන් බවටද කෙනෙකුට තර්ක කළ හැක. මුහම්මද් නබි තුමාණන් යුද්ධය සඳහා සක්‍රියව දායක වු ශාස්තෘවරයාණන්ය. ඒ ඇයි? තමන් සහ තමන්ගේ ජනතාවගේ ආත්මාරක්ෂාවටය. එහි කිසිදු ආත්මාර්ථකාමී අරමුණක් නොවීය.———————
    නබි තුමාට …………… (මෙතැන තිබුණේ අසභ්‍ය වචනයකි)

    2012/08/12 at 8:33 AM
    • Anver Manatunga says:

      මේ ප්‍රතිචාරය දෙස බලන්න මේ ප්‍රතිචාරය දැමු නලීන් සම්පත් නැමැත්තා ඉහත පාඨය උපුටා ගෙන ඇත්තේ මගේ වෙනත් ලිපියකිනි. එම පාඨය ගැන ඔහුට ගොඩක් රිදී ඇති සෙයකි. නමුත් එයට විරුද්ධව කිසිවක් ලියන්නට ඔහුට හැකියාවක් නැත. ඒ නිසා ඔහු එම පාඨය උපුටා ගෙන පසුව අසභ්‍ය වදනක් සමග එවා ඇත. ඇත්තටම මේ අයගේ ආගම කුමක්ද? කිසිදු දහමක් මෙවැනි ක්‍රියා අනුමත කරනවාද?

      2012/08/12 at 9:28 AM
    • sarji says:

      නලින්ලා වගේ අය ජාතිවාදිත් නෙවෙඉ ආගම්බෙදවාදිනුත් නෙමෙඉ.ඔවුන් ඒ හා කිසිම සම්බන්දවත්හවයකුත් නොදැක් වය්.ඔවුන් සාජයට බය්ට් සපයන්නන්.
      ඔහු දන්නවනම් ඔහුව මේ බ්ලොග් එක කියවන පාටකයන් ඔහුව පිලුකුල් කරන බව.ඔහුගේ උපතේ හෝ ඔහුගේ දෙමව්පියන්ගේ වරදකින් ඔහු මෙසේ හැසිරෙය්.

      2012/08/12 at 4:24 PM
  • Ajward says:

    Brothe Anver your article provide good advice to everyone who want to improve himself financially,but most of the people want to follow the society.If a person follow a life stile shown by our beloved prophet Mohomed (SAW)I can expect at least a trouble free life for him.My own life is a good example to Mr Anver Manathunge’s article.

    2012/08/12 at 9:56 AM
  • hasan says:

    ලංකාවේ ජනයාගෙන් වැඩි පිරිසක් දුෂ්කරතාවයෙන් පසුවීම

    ලංකාවේ ඔනෑ තරම් ආර්ථික විශේෂඥයින් සිටිති. පක්ෂය කුමක් වුවද කවර ආණ්ඩුවක් යටතේ වුවද මෙවැනි ආර්ථික විශේෂඥයින් සෑහෙන ප්රමාණයක් සිටිති.

    මොවුහු තම රටේ ජනයාව මෙම තත්ත්වයෙන් මුදාගැනීම පිණිස, නොයෙක් නොයෙක් සැලසුම් දියත් කරති. නමුත් මේ එකකින්වත් නියම ප්රතිඵලයක් නොලැබිණි. එනම් ජනයා තවම දුෂ්කරතාවයෙන් කාලය ගත කරති.

    ලංකාවේ ආණ්ඩු මාරුවෙන් මාරුවට පැමිණ ඇත. එනම් කලක් එ.ජා. පයත්, තවත් කලෙක ශ්.ල.නි.පයත් ආණ්ඩු කර ඇත. මෙම පක්ෂ දෙකටම මනිසාගේ ජීවන තත්ත්වයේ සැළකිය යුතු වෙනසක් ඇති කිරීමට නොහැකි විය.

    එහෙයින් ලංකාවේ ජනයා දුෂ්කරතාවයකින් යුත් ජීවිතයක් ගත කිරීමට බලපා ඇති කරුණු රාශියක් ඇත.

    1.දේශපාලඥයින් අවංක නොවීම

    2.දේශපාලනය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස තිබීම

    3.සමහර දේශපාලකයින්ගේ අදූර දර්ශී දේශපාලනය හේතුවෙන් ජනාවාර්ගික ප්රශ්න මතුවී ඒවා යුද්ධ බවට පත් වී, රටේ ආර්ථිකය විනාශයට පත්වීම

    4.මිනිස් අයිතිවාසිකම වැරදි අන්දමින් උපයෝගී කරමින්, නිතර නිතර වැඩ වර්ජන ඇතිවීම. මෙම කාරණයද ආර්ථිකයට බලපා ඇත. මෙයටද වගකිව යුත්තේ, වුර්තීය සමිතීන් හා පාලකයින්ය.

    5.රටේ නායකත්වයේ සිට පියුන් වරයෙකු දක්වා සිටින නිලධාරීන්ගෙන් වැඩිදෙනා මහජන මුදල් නාස්ති කිරීම. සාක්කුවේ දාගැනීම.

    6. ඉඩෝර ඇතිවීමෙන් වගාවන් පාළුවී විශාල ලෙස පාඩු සිදුවීම

    7.ගංවතුරු ඇති වී දේපල විනාශයට පත්වීමෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම

    8.සුනාමි වැනි විපත්වලින් රටේ ආර්ථිකයට පහර වැදීම

    ඉහත මා සඳහන් කළ කරුණු සියල්ල ගැන අවධානය යොමු කර, ඒවා ලංකාවෙන් ඉවත් කිරීමට රජයකට හැකිවූයේ නම් ලංකාවේ වෙසෙන ජනයාටද සව්භාග්යමත් ජීවිතයක් උදාවන්නේය.

    නමුත් ඉහත කාරණාවලින් එකක්වත් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිසිදු පක්ෂයකට හෝ කිසිදු රජයකට හෝ නොහැකිවන්නේය.

    ඒ සමඟම පහත සඳහන් කුර්ආන් වැකිය ගැනද අවධානය යොමු කරන්න!

    කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජීවිතයක් ඇත. තවද, අපි ඔහුව එලෝ දිනයෙහි අන්ධයෙකු ලෙස නැගිට්ටුවන්නෙමු.(ශු.කු.20:124)

    කවරෙක් හෝ අල්ලාහ්ගේ උපදේශය පිළිනොගෙන ඉවත දමන්නේ නම්, ඔහුට ලොවෙහි දුෂ්කරතාවලින් පිරී ජීවිතයක් ඇති බව ලොව පාලනය කරන අල්ලාහ් පවසයි.

    එමෙන්ම ඔහුව මිනිසුන්ව නැගිට්ටුවනු ලබන දිනයෙහි අන්ධයෙකු ලෙස නැගිට්ටුවනු ලබන බවද අල්ලාහ් පවසයි.

    2012/08/12 at 11:53 AM
  • fathima says:

    අර නලින් කියන කෙනා මුහම්මද් (සල් )තුමා ට එහෙම ලියල තියෙන්නේ තමන්ගේ දහම අවිහිංසාවාදී කියා පෙන්වන්න .යුද හමුදාවක් නැති රටක් තියේද ??? මදුරුවෙක් වත් නොමරා පණු බෙහෙතක් වත් නොබිපු කෙනෙක් මෙන්න මෙහෙම තත්වෙකට පත්වෙලා කියල කවදාවත් අහන්න ලැබිල තියේද ?? වගාවේදී කෘමි නාශක දාන නිසා බත් නොකා ඉන්ඩ ඕනි මොකද නැත්නම් වක්‍රව ප්‍රාණ ගතණයට උදව් කෙරෙනවා. තමුන් ප්‍රායෝගික නොවන දේවල් විශ්වාස කලාට කමක් නැහැ අනිත් ආගමික ශාස්තෘ වරුන්ට අපහස කරලා තමන්ගේ ගොන් කම ප්‍රදර්ශනය කරව ගන්නෙපා

    2012/08/12 at 8:32 PM
    • faizal says:

      එම නිසා අප සතුටු වෙමු. මන්ද මෙලොව ප්‍රයෝගිකව ඇදහිය හැකි එකම දර්මය ඉස්ලාම් නිසා.

      2012/08/13 at 3:13 AM
  • sana says:

    ඒ අයගේ ආගම අනුමත කරන හින්දනේ දාන්නේ! (සහෝදරවරුනි මොහු අදහන්නේ බුද්දාගම නොවෙයි කියා සිතමි)

    2012/08/12 at 11:36 PM

Your email address will not be published. Required fields are marked *

*