ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක උත්සවය අගෝස්තු 10 පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. මෙම උත්සවය වර්ණවත් කිරීමට විදෙස්ගත රෙගේ ගායකයන්, ඉන්දියානු සිනමා තරු සහ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ද සහභාගී වී ඇත. මේ අතරේ SLPL තරඟා වලියේ නිල වෙබ් අඩවිය වෙබ් අඩවි හැකර් කෙනෙකුගේ ප්‍රහාරයට ලක්වෙලා තිබුණා. ආන්ඩුව විසින් ජනතාවට ගසන හැකර් ප්‍රහාරයක් වන SLPL ට හැකර් ප්‍රහාර එල්ල කරන්නට තරම් මොකාටද හයියක් තියෙන්නේ? කියන එකත් ප්‍රශ්නයක්.
රටේ ජීවන වියදම එන්න එන්නම උග්‍රවෙලා මිනිසුන් ආර්ථිකව හෙම්බත් වී සිටින වෙලාවක රජය කළ යුත්තේ කෙසේ හෝ ජනතාවට සහනයක් සැලසීමට කටයුතු කිරීමයි. නමුත් අප පෙනී යන කරුණක් නම් රජය එසේ නොකර ජනතාවට සිය ප්‍රශ්න අමතක කරවන ක්‍රියාවලීන්ට යොමු වී ඇති බවයි. මේ දිනවල ආරම්භ වී තිබෙන Sri Lanka Premier League (SLPL) ක්‍රිකට් තරඟාවලියද ආන්ඩුවේ තවත් එවැනි උප්පර වැට්ටියක් බව මගේ අදහසයි. මන්ද අප රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් අතර ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වන නිසා ක්‍රිකට් උන්මාදය තුලින් ජනතාවගේ ප්‍රශ්න ඔවුන්ට අමතක කරවන්නට සිතනවා විය හැක.
ඉන්දියාව යනු ලොව දෙවැනි වැඩිම ජනගහනය ඇති රට සේම රටේ වැඩිපුර ජනගහණයක් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන රටකි. ඉන්දියානු ජනතාව මිරිකී සිටින මෙම ආර්ථික තත්වයෙන් ඔවුන්ව ඉක්මණින් මුදවා ගැනීමට කිසිදු රජයකට නොහැක. ඒ නිසා සිදුකළ යුත්තේ ජනතාවට සිය ප්‍රශ්න අමතක කරවීමයි. මෙම කටයුත්තට ඉන්දියානු සිනමාව (එනම් බොලිවුඩ්, කොලිවුඩ් සහ අනෙකුත් ප්‍රාන්ත සිනමාවන්), IPL වැනි ක්‍රිකට් සැණකෙළි ආයතන සහ විවිධ ආකාරයේ තරු (Reality Stars) බිහිකරන රූපවාහිණී ආයතන විසින් මැනවින් දායකත්වය ලබා දෙයි. ඇත්ත වශයෙන්ම ඉන්දියානු මධ්‍යම රජය සහ අනෙකුත් ප්‍රාන්ත රජයන් මෙම විනෝදාත්මක කටයුතු සංවිධානය කරන්නාවු ආයතන වලට ණයගැතිය.
නමුත් ඉන්දියාව යන්නේ අරමුණක් සහිතවය. ඉන්දියාව දිනෙන් දිනම තාක්ෂන දියුණුවේ හිණි පෙත්තට ගමන් කරන අතර එමගින් රටේ නිශ්පාදනය විශාල වශයෙන් දියුණු කරගෙන ඇත. ඉන්දියාවේ කෘෂි කර්මාන්තය සහ කර්මාන්තශාලා නිශ්පාදන දිනෙන් දින දියුණුවෙන් දියුණුව කරා පියනගමින් පවතියි. මේ නිසා රජයක් වශයෙන් සුළු කලකට ජනතාවගේ ප්‍රශ්න අමතක කරවන ක්‍රියාවලීන් දියත් කළද එය එතරම් ප්‍රශ්නයක් නොවන්නේ දීර්ඝ කාලීණව ජනතාවගේ අනාගතය සුරක්ෂිත වන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බැවිනි. නමුත් ලංකාවේ තත්වය එසේද? ඉන්දියාවට සාපේක්ෂව ලංකාව ගමන් කරන්නේ දිනෙන් දින දියුණුව කරාද? අද ඉන්දියානු රුපියලක් ලංකාවේ රුපියල් 2 සත 50 කට ආසන්න වේ.
අද අපේ රටේ නිශ්පාදනය ඉහල නංවා ගැනීම ඕනෑ තරම් අවස්ථා තිබෙන නමුදු දුරනොදක්නා සැලසුම්, දුෂනය සහ නාස්තිය විසින් රට ප්‍රපාතයට තල්ලු කරමින් පවතියි. මේ රජය විසින් තිස් වසරක යුද්ධයෙන් රට මුදා ගත්තද ආර්ථික සැලසුම්, දූෂනය සහ නාස්තිය අවම කිරීම් අතින් මේ රජය අසමත් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. රජය කරන්‍නේ තමන්ගේ අඩුපාඩු සකසා ගෙන ඉදිරියට යාම වෙනුවට සිදුවන වැරදි වසා ගැනීමට උපක්‍රම දියත් කිරීමයි. අනෙක් පසින් රජය සුමගට ගැනීමට බලවත් විපක්ෂයක්ද අප රටේ නැත. ආන්ඩු පක්ෂයේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කථා කරන විපක්ෂ නායකයා තමන්ගේ පක්ෂය පාලනය කරන්නේද ඒකාධිපතියෙකු සේය.
ආන්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙකම විවේචනය කරන මා ෂුවර් එකටම ෆොන්සේකා වාදියෙක්, ජවිපෙ හො පෙසපෙ කෙනෙක් ලෙස ඔබ හංවඩු ගසන්නට ඉඩ ඇත. ඇත්තටම මා ලාංකීය දේශපාලනය තිත්ත වු කෙනෙකි. අපේ රටේ දරිද්‍රතාවයෙන් අසරණව පීඩා විඳින ජනතාවට කිසිදු පිළිසරණක් මේ දේශපාලකයන්ගේ තුල හෝ දේශපාලනය තුල නැත්තේය. සියළුම පක්ෂ වනාහී ස්වකීය අරමුණු මුදුන්පත් කරගැනීමෙහිලා වලිකන ආත්මාර්ථකාමීන්ය. ජනතාවට සුගතියක් නොවන මේ දේශපාලනයට කඩේ යාම මා වැනි කෙනෙකු හට කළ නොහැක්කකි. අපට කළ හැක්කේ ජනතාවට සත්‍ය පහදා ජනතාව අවදි කිරීම පමණි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු රටේ පලාත් කිහිපයකට බෙදා ඒ පලාත් නියෝජනය කරන ක්‍රීඩක කන්ඩායම් ඇතිකර කරන්නාවු ක්‍රිකට් තරඟාවලියකි. නමුත් මේ ක්‍රීඩා කන්ඩායම් දෙස බලන විට පෙනී යන කරුණක් නම් මෙහි කන්ඩායම් වල ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් ඒ පලාතේ අය නොවන බවයි. මේ ක්‍රීඩකයන් අතර විශාල මුදලක් ගෙවා මෙරටට ගෙන්වා ගත් විදෙස් ක්‍රීඩකයන්ද ඇතුලත්ය. ඇත්තටම මේ ක්‍රීඩකයන් ක්‍රිකට් ගසන්නේ එම පලාත් වෙනුවෙන් නොව මුදල් වෙනුවෙන්ය. මේක ඇත්තටම සල්ලි කාරයන් විසින් තමන්ගේ මුදලින් ජොකියන් සහ අශ්වයන් යොදාගෙන කරන්නාවු අස්ස රේස් එකක් වැනිය. ජනතාවටද අවශ්‍ය නම් කා සමග හෝ ඔට්ටුවක් අල්ලා ගතමනාවක් සොයාගත හැක. නැත්නම් අතේ තිබෙන පිච්චියත් පූජා කළ හැක.
තරඟාවලිය අතර තුර ඒ ඒ ප්‍රදේශ වලට අයත් පිල් විසින් ජයග්‍රහණ ලබන විට ඒ ඒ ප්‍රදේශ වල ජනතාව උද්දාමයෙන් කුල්මත් වනු ඇත. මේ කුල්මත් වීම අස්සේ වෙලඳ ප්‍රචාරකයන් තමන්ගේ භාන්ඩ ජනතාව අතර රිසි පරිදි ප්‍රචාරය ලබාදී විකුණනු ඇත. අවසානයේ එක් පිලක් ජයගෙන අනෙක් කන්ඩායම් සියල්ලම පරාජය වුවද ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් නැත්තේ තමන්ට කලින් නියමවු ගතමනාව නොවරදවාම අතට හම්බ වෙන බැවිණි. නමුත් තමන් සහය පලකළ කන්ඩායම ජයග්‍රහණය කිරීමෙන් උද්දාමයට පත්වු සහ තමන් සහය පලකළ කන්ඩායම පරාජයට පත්ව සොවින් පෙලෙන සියළුම ප්‍රේක්ෂක ජනතාවට අවසානයේ ඉතිරි වන්නේ හිස්වු තමන්ගේ පොකැට්ටුව පමණි.
ඉන්දියාව යනු විශාල ජනගහණයකින් යුක්ත රටක් නිසා එහි ව්‍යාපාරිකයන්ට වෙලඳ අවස්ථාවන් බහුලය. මේ නිසා ඔවුන්ට අවශ්‍ය කරන්නේ ප්‍රචාරයයි. ඒ නිසා ඔවුන් වෙලඳ ප්‍රචාරණ උපක්‍රමයක් වශයෙන් ඒ නිසා ඔවුන් ක්‍රිකට් සැණකෙළි වලට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරති. නමුත් ලංකාව එසේ නොවේ. ලංකාවේ ජනගහනය ඉන්දියාවට සාපේක්ෂව ඉතාමත් සුළු බැවිනුත් එම ජනතාවගෙන්ද මිලදී ගැනීමේ හැකියාව Buying Power ඇති අය ඊටත් වඩා අඩු බැවින්ද දැවැන්ත ව්‍යාපාරිකයන් ලංකාවේ ක්‍රිකට් වලට අනුග්‍රහ දක්වතියි සිතිය නොහැක. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරඟාවලියට ආයෝජනය කරන මුදල නැවත ලබා ගතහැකි වේදෝ යන්න සැක සහිතය.
පාඩු පිට පාඩු ලබා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙවැනි ක්‍රීඩා සැණකෙලි වලින් බලාපොරොත්තු වෙන්නේ ආදායමක් උපයාගෙන ගොඩ එන්නට වුවද මා නම් සිතන්නේ ඔවුන් මෙමගින් තවත් වලපල්ලට යනු ඇති බවයි. මෙම ක්‍රීඩා සැණකෙළි වලට මුදල් යොදවන ව්‍යාපාරිකයන් කෙසේ හෝ තම ව්‍යාපාරික අරමුණු ජයගනු ඇත. නමුත් ක්‍රිකට් පාලක මන්ඩලය අතින් දීලා ඉල්ලන් කාපු අයෙක් මෙන් වනු ඇත. ලංකාවේ පැවති අයිෆා සිනමා සම්මාන උළෙලේදී සහ විස්සයි විස්ස ලෝක කුසලානයේදීද සිදුවුයේ මෙයම නොවේද? මෙවැනි ජාතික ධනය වනසන ක්‍රීඩා උළෙල වලින් ජනතාවට තාවකාලික සැනසුමක් නැතිනම් චූන් එකක් ලැබුණද අවසානයේ මේ සියල්ලේ බරපැන ගෙවන්නට සිදුවනුයේද අහිංසක ජනතාවටමය.


True Story says:
මමත් ශ්‍රි ලංකීය දේශපාලනය තිත්ත වුනු කෙනෙක් , ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීග් කොයි තරම් අසාර්ථකද කියන එක ඊයේ තරඟ වලට හිටිය සෙනගෙන්ම පේනවා , කරන්නන් වාලේ කරන ගොං වැඩ !
අනික් රටවල ප්‍රාන්ත කියන්නේ ඉතා විශාල ප්‍රදේශයකට , ඉන්දියාවේ ප්‍රාන්තයක මනුස්සෙයෙක් තමන්ගේ ජිවිත කාලෙදි වෙනත් ප්‍රාන්තයට පවා යන්නේ කලාතුරකින් (සමහර රැකියා වලට සංක්‍රමණය වු සුලු පිරිසක් ඇරෙන්න ) , ඒ අයට තමන්ගේ ප්‍රාන්තය කියන්නේ රටවගේ හැඟිමක් තියන දෙයක් , අනික ඒ ඒ ප්‍රාන්ත වලට ආවේණික සංස්කෘතිනුත් වෙනස් (උදා චෙන්නයි , පන්ජාබ් , දිල්හි , කල්කටා , රාජස්ථාන් කියන අයිපීල් ටීම් ගත්තොත් සහ මුලින් එකිනෙකට වෙනස් සංස්කෘතින් නියෝජනය කරන්නේ )
ලංකාවේ අපි එක පලාතක ඉඳන් කෝච්චි වැඩට යනව තවත් පලාතකට , පවුලක් ගත්තොත් මහත්තය දකුණේ , නෝනා උඩරට , පවුල පදිංචි බස්නාහිර ඉතින් පලාතකට චියර් කරන්න තරම් ගැම්මක් මිනිස්සුන්ට නැහැ
chiranthaka bulankulama. says:
well said.bro great article
Anver Manatunga says:
Thank you!
Nazeem says:
good article. politicians now that SL poeple are so mad & caught to for these kind of things
Subashini says:
ජනතාව රවට්ටන්න පුළුවන් නිසා ආන්ඩුව බය නැතිව මේවගේ දේවල් කරනවා.
Hora says:
SLPL web eka hak kare Muslim wenna barida?
Anver Manatunga says:
ආගම්බේධවාදින්ට නම් වාතයක් ගියත් පලි මුස්ලිම් අය තමයි
hasan says:
ෂෛතාන්ගේ පෙළඹවීම් ගැන දැනගන්න!
මේ ලඟදී ආණ්ඩුවේ වගකිවයුත්තකුගේ පුතෙක් මිලියන් කොච්චරදෝ ගණනක් ගෙවා නිලියෙකුව ගෙන්නෙව්වලු.
මේවාට යොදන මුදල් පෞද්ගලික මුදල්ද? මහජන මුදල්ද කියා මම නොදිනිමි. කාගේ මුදල් වුනත් වැඩේ වැරදියි.
ලංකාවේ සිටින මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් ‘නැව ගිලුනත් බෑන් චූන්‘ යන ස්ථාවරයෙහි සිටිති. මෙවැනි අය ලංකාවෙන් කවර දිනයක අඩුවේද එදා තමයි මේ වගේ දේවල්වලට වියදම් කරන සල්ලි කන්දරාව ඉතිරිවන්නේ.
එවැනි තත්ත්වයක් ඇති වේද? එවැනි තත්ත්වයක් ඇති කිරීමට කුමක් කළ යුතුද?
තමන් අදහන ආගමේ උපදේශකයින් මෙවන් නාස්තිකාර, බොරු ශෝභන හා පව් සිදුවන කාර්යයන්ගෙන් ජනයාව වැළැක්විය යුතුය. එනම් මේවායින් වැළකී සිටින ලෙස උපදෙස් දිය යුතුය.
ලංකාවේ තිබෙන මුස්ලිම් පල්ලිවලින් මෙම කාර්යය සිදු වේ. මේ හේතුවෙන් මෙවන් බොරු ශෝභන උත්සවවලට සහභාගී වන මුස්ලිම් ජනයාගේ ගණන අඩු වී තිබේ.
නමුත් අනෙක් ආගම්වලින්ද මෙවැනි දේශනා පැවැත්වෙනවාද කියා මම නම් නොදනිමි.
මිනිසාව නොමඟ යවන්නේ ෂෛතාන්ය.
කෙසේ වෙතත් එකක් පැහැදිලිව කිව යුතුය. මිනිසාව නොමඟ යවන්නේ ෂෛතාන්ය. ඉස්ලාම් ධර්මය නොපිළිගත් එමෙන්ම පිළිගෙන ඉස්ලාමය පිළිනොපදින මෙම කණ්ඩායම් දෙක සමඟම ෂෛතාන් ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගනියි.
මෙම ෂෛතාන්ගෙන් ඈත් වීම යනු ඉතාම අසීරු කාර්යයකි.ෂෛතාන්ව මැව්වේද අල්ලාහ්ය. මෙම ෂෛතාන් මිනිසාට පැහැදිලි සතුරාය. ෂෛතාන් මිනිසාව නිරයට යෑමටම කටයුතු කරන වර්ගයකි.මෙම ෂෛතාන්ගෙන් ගැලවිය හැකි එකම මාර්ගය අල්ලාහ්ගෙන් උදව් පැතීම පමණය.
දියුණු යැයි සිතන ඇමරිකාව, ප්රංශය, එංගලන්තය වැනි රටවලද මෙම නළු නිලි වයිරසයට හසුවී සිටින ජනයා ලක්ෂ ගණනක් සිටිති. නමුත් මෙවැනි වසංගතවලින් ජනයාට බේරී සිටීමට හැකිද? කිසි සේත්ම නොහැකිය.
හේතුව ෂෛතාන් මෙවැනි අය සමඟ කිට්ටු සම්බන්ධතාවයක් තබාගැනීමය.
මෙම මිනිසාව මුලාවේ යවන සම්බන්ධතාවලින් ගැලවී සිටීමට ඇති එකම මඟ ෂෛතාන් ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් පමණක්මය.
එනිසා ෂෛතාන් ගැන යමක් දැනගැනීමට උත්සාහ කරමු.
තවද, ජනයාගේ ප්රශංසාව උදෙසා තමන්ගේ සම්පත් වියදම් කරන්නන්ටද, අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස නොකළවුන්ටද (ෂෛතාන්ම මිතුරා වේ.) ෂෛතාන් කවරෙකුට මිතුරා ලෙස සිටියිද ඔහුම ඉතාම නපුරු මිතුරා වේ.(ශු.කු.4:38)
අල්ලාහ්ව හා අවසාන දිනය විශ්වාස නොකරන ජනයාට ෂෛතාන් මිතුරා වන්නේය. එහෙයින් මෙවැන්නෝ තමන්ගේ මිතුරාගේ පෙළඹවීමට හසුවන්නෝය.
‘නියතව මම ඔවුන්ව මං මුළාවෙහි යවන්නෙමි. ඔවුනට බොරු හැඟීම් ඇති කරන්නෙමි. තවද මම ඔවුනට අණ කරන්නෙමි. එකල ඔවුහු (දෙවිවරුන් වෙනුවෙන් හැර දැමූ) සතුන්ගේ කන් කපා දමන්නෝය. තවදුරටත් මම ඔවුනට අණ කරන්නෙමි. එවිට ඔවුහු අල්ලාහ්ගේ මැවීම(ට නියමිත හැඩය) නියතව වෙනස් කරන්නෝය’ (යිද කීය.) කවරෙක් අල්ලාහ්ව හැර ෂෛතාන්ව භාරකාරයා ලෙස අරගනියිද ඔහු නියතව පැහැදිලිවම පාඩු ලැබුවේය.(ශු.කු.4:119)
ෂෛතාන් මිනිසාව මං මුළාවෙහි යවන්නේය. මිනිසාගේ සිත තුළ බොරු හැඟීම් ඇති කරන්නේය.
මත් පැන්, සූදු සෙල්ලම යනාදිය මගින්, ඔබලා අතර එදිරිවාදීකම, හා ක්රෝධය ඇති කිරීමටද, ඔබලාව අල්ලාහ් ගැන වූ මතකයෙන්ද, සලාතයෙන්ද වැළැක්වීමට ෂෛතාන් ප්රිය කරයි. එහෙයින් ඔබලා ඉවත් වී සිටින්නෙහුද? (ශු.කු.5:91)
ෂෛතාන් මත් පැන් හා සූදු සෙල්ලම මගින් මිනිසුන් අතර එදිරිවාදීකම හා ක්රෝධය ඇති කරන්නේය. එමෙන්ම අල්ලාහ්ව සිහි කිරීම කෙරෙන් විශ්වාසවන්තයින්ව වැළැක්වීමටද ප්රිය කරයි. එහෙයින් මෙවැනි ක්රියාවලින් ඉවත් වී සිටින ලෙස අල්ලාහ් පවසයි.
ආදම්ගේ දරුවෙනි! ෂෛතාන් ඔබලාගේ දෙමාපියන් දෙදෙනාගේ රහසාංග ඔවුනට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්ර ඔවුන්ගෙන් ඉවත් කර, ඔවුන්ව ස්වර්ගයෙන් පිට කළා සේ ඔබලාවද (රවටා) ව්යාකූලත්වයෙහි නොගිල්විය යුතුය. නියතව ඔහුද ඔහුගේ කණ්ඩායමද ඔබලා ඔවුන්ව නොදුටුවද ඔවුහු ඔබලාව බලමින් සිටිති. නියතව අපි විශ්වාස නොකළවුන්ට ෂෛතාන්වරුන්ව මිතුරන් කර ඇත්තෙමු.(ශු.කු.7:27)
ෂෛතාන් හා ඔහුගේ කණ්ඩායම මිනිසුන්ට නොපෙනෙන සේ සිටිති.
නියතව අපි විශ්වාස නොකළවුන්ට ෂෛතාන්වරුන්ව මිතුරන් කර ඇත්තෙමු: මෙහි අර්ථය කුමක්ද?
එනම් ෂෛතාන් මිනිසුන් සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටින වර්ගයකි. මිනිසාගේ සිත් තුළ හැඟීම් ඇති කිරීමේ හැකියාවක් මොවුනට ඇත. ෂෛතාන් සෑම මිනිසෙකුටම සිතේ හැඟීම් ඇති කරන වර්ගයකි. නමුත් අල්ලාහ්ව විශ්වාස කළ පුද්ගලයා, තමාට ෂෛතාන් යම් වැරදි කාර්යයක් ගැන හැඟීම් ඇති කරන කල, එය වටහාගන්නේය. එවිට එම විශ්වාස කළ පුද්ගලයා, තමාව ෂෛතාන්ගෙන් ආරක්ෂා කරන ලෙස අල්ලාහ්ගෙන් අයැද සිටින්නේය. එවිට අල්ලාහ් ඔහුව ෂෛතාන්ගේ නපුරු හැඟීමෙන් බේරාගන්නේය. මෙම හේතුවෙන් ඔහු ෂෛතාන්ගෙන් ඇති වන නපුරෙන් බේරී සිටින්නේය.
නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ පුද්ගලයා, තමා අල්ලාහ්ව විශ්වාස නොකළ හේතුවෙන් මෙසේ අල්ලාහ්ගෙන් ආරක්ෂාව නොඅයදින්නේය. මෙම තත්ත්වයේදී, එම මිනිසා ෂෛතාන්ගේ ග්රහණයට හසු වී ෂෛතාන් පෙන්වන මඟෙහිම ගමන් කරන්නේය. මෙම හේතුවෙන් ෂෛතාන් අල්ලාහ්ව විශ්වාස නොකළ මිනිසාට මිතුරෙකු ලෙස සිට ක්රියා කරන්නේය.
ෂෛතාන් ඔබලාට දුගීභාවය ගැන බිය ගන්වා, අයහපත් දේ පොළොඹවයි. අල්ලාහ් ඔහුගෙන් සමාවද දායාදයද ප්රතිඥා දෙයි. අල්ලාහ් විශාලවන්තයාද, හොඳින් දන්නාද වේ.(ශු.කු.2:268)
යම් කෙනෙක් යහ මාර්ගයක වියදම් කරන්න උත්සාහ කරන විට, එසේ වියදම් කළේ නම්, ඔබ දුගීභාවයට පත්වන්නෙහිය යන්නක් එම මිනිසාගේ සිතෙහි ඇති කිරීමෙන් ෂෛතාන් එම මිනිසාව යහකම්හි වියදම් කිරීමෙන් වළක්වන්නේය.
එමෙන්ම ෂෛතාන් අයහකම් කරන ලෙස මිනිසාගේ සිත තුළ හැඟීම් ඇති කරන්නේය.
නමුත් යහකම්හි වියදම් කළේ නම්, තමාගෙන් සමාවද විශාල ලෙස දායාදයද හිමිවන බව අල්ලාහ් මිනිසාට ප්රතිඥා දෙයි.
විශ්වාස කළවුනි! ෂෛතාන්ගේ අඩි පාරවල් අනුගමනය නොකරන්න. කවරෙක් ෂෛතාන්ගේ අඩි පාරවල් අනුගමනය කරයිද නියතව ඔහු (ඔහුට) ලැජ්ජාශීලී ක්රියාද, අයපතද අණ කරයි. ඔබලාට අල්ලාහ්ගේ ආශිංෂණයද ඔහුගේ කරුණාවද නැතැ යි තිබුණේ නම් ඔබලාගෙන් කිසිවෙකු කිසිදාක පිරිසිදු වී නොසිටින්නේය. නමුත්, අල්ලාහ් තමා සිතන්නන්ව පිරිසිදු කරයි. අල්ලාහ් සවන්දෙන්නාය; හොඳින් දන්නාය.(ශු.කු.24:21)
///විශ්වාස කළවුනි! ෂෛතාන්ගේ අඩි පාරවල් අනුගමනය නොකරන්න:///
ෂෛතාන් මිනිසාගේ හදවතෙහි ඇති කරන හැඟීම්වලට අවනත වී ඔහුව අනුගමනය කිරීම මගින් ඔහු අණ කරන දේ පිළිනොපදින ලෙස අල්ලාහ් විශ්වාස කළ මිනිසාට පවසයි.
/// කවරෙක් ෂෛතාන්ගේ අඩි පාරවල් අනුගමනය කරයිද නියතව ඔහු (ඔහුට) ලැජ්ජාශීලී ක්රියාද, අයපතද අණ කරයි:////
කෙනෙක් ෂෛතාන්ගේ පෙළඹවීම්වලට අවනත වන විට, ෂෛතාන් එම මිනිසාට ලැජ්ජාශීලී ක්රියාද, අයපතද කරන ලෙසට ඔහුගේ සිතට අණ කරන්නේය.
////ඔබලාට අල්ලාහ්ගේ ආශිංෂණයද ඔහුගේ කරුණාවද නැතැ යි තිබුණේ නම් ඔබලාගෙන් කිසිවෙකු කිසිදාක පිරිසිදු වී නොසිටින්නේය:////
ෂෛතාන්ගේ පෙළඹවීමෙන් විශ්වාස කළ මිනිසාව බේරාගැනීම, අල්ලාහ් එම මිනිසාට කළ ආශිංෂණයක් වේ.
එමෙන්ම මනිසුන් මෙසේ කරන්නා වූ කාර්යයන්වලින් බොහෝමයකට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් මෙම දෙකම නොකළේ නම්, මිනිසුන්ගෙන් කවරහු වුවද පව්වලින් ඉවත් වී, පිරිසදු වී නොතිබෙන්නෝය.
////නමුත් අල්ලාහ් තමා සිතන්නන්ව පිරිසිදු කරයි:////
එනම් තමා දෙසට හැරී ෂෛතාන්ගෙන් වන නපුරෙන් ආරක්ෂා කරන ලෙස අයදින්නන්ව හා කළ වරදට සමාව අයදින්නන්ව අල්ලාහ් පිරිසිදු කරයි. එයට හේතුව අල්ලාහ් සියල්ලට සවන්දෙන්නාය. සියල්ල ගැන හොඳින් දන්නාය.
අල්ලාහ්ව හැර දමා සූර්යයාට සුජූද් කරන්නන් ලෙස ඇයව හා ඇයගේ සමූහයාව (මම) දුටුවෙමි. ෂෛතාන් ඔවුන්ගේ ක්රියා ඔවුනට අලංකාරවත් කර පෙන්වා, ඔවුන්ව (යහ) මඟෙන් වැළැක්වූයේය. එහෙයින්, ඔවුහු යහමඟ නොලබන්නෝය.(ශු.කු.27:24)
මෙයට පෙර සිටි සමාජයක් අල්ලාහ්ට සුජූද් (එනම් වැඳ වැටීම්) නොකර, සූර්යයාට වැඳ වැටීම් කළහ. ෂෛතාන් එම ජනයාට තමන් කළ එම කාර්යය ලක්ෂණ කාර්යයක් ලෙස ඔවුන්ගේ සිත්වල හැඟීම් ඇති කර, ඔවුන්ව යහ මඟෙන් වැළැක්වූයේය. මෙසේ අන් දේවලට වැඳ වැටෙන්නෝ යහමඟ නොලබන්නෝය.
ෂෛතාන් ඔවුනට ඔවුන්ගේ ක්රියා අලංකාරවත් කර පෙන්වූයේය. ඔවුන් ඵලදායි දැනුමෙන් යුතුව සිටියද ඔහු ඔවුන්ව (සෘජු) මාර්ගය කෙරෙන් වැළැක්වූයේය. (ශු.කු.29:38)
සමාජයක අය කොතරම් දැනුමෙන් යුක්ත වූවන් වුවද, තමාව මිතුරා කරගත් කෙනාව ෂෛතාන් නොමඟෙහි යවන්නේය.
නියතව ෂෛතාන් ඔබලාට සතුරා වේ. එහෙයින්, ඔබලා ඔහුව සතුරෙකු ලෙසම අරගන්න. ඔහු තම කණ්ඩායම වන ඔවුන්ව නිරයේ වැසියන් වීම පිණිසම අඞගසයි. (ශු.කු.35:6)
ෂෛතාන් මිනිසාට සතුරා වේ. මේ හේතුව නිසා ෂෛතාන් මිනිසාව නිරයට යැවීමේ කාර්යයන් කිරීමටම පොළඹවන්නේය.
තවද, නියතව (ෂෛතාන්වරුන් වන) ඔවුහු මොවුන්ව යහමඟෙන් වළක්වති. තවද, යහමඟ ලැබූවන් තමන්මය යි මොවුහු සිතාගෙන සිටිති.(ශු.කු.43:37)
ෂෛතාන්වරු මිනිසාව යහමඟෙහි යෑමෙන් වළක්වන්නෝය. එමෙන්ම මිනිසා මංමුළාවෙහි සිටියත් තමා යහමඟෙහි සිටිනවා යන හැඟීමක් ඔහුගේ සිතෙහි ඇති කරයි.
ෂෛතාන්ගෙන් පෙළඹවීමෙන් ආක්ෂාවීමට මිනිසා කුමක් කළ යුතද?
සමහරු ෂෛතාන් අල්ලාහ්ට අවනත නොවන සමූහයක් යැයි වැරදි හැඟීමක් ඇති කරගෙන සිටිති. අල්ලාහ් මිනිස් වර්ගයාව මවා ඔවුනට යැයි කාල අවකාශයක් නියම කළේය. එම කාල අවකාශය ඔහුගේ මරණය වේ. එමෙන්ම මිනිසාට නිදහසේ තීරණය ගැනීමේ අවස්ථාවක්ද ලබාදී තිබෙන්නේය. මේ හේතුව නිසාම සමහරු අල්ලාහ්ව විශ්වාස කරති. සමහරු අල්ලාහ්ව ප්රතික්ෂේප කර, ඔහුට බැණ වදිති. මෙසේ බැණ වදින මිනිසා හෝ ප්රතික්ෂේප කළ මිනිසා අල්ලාහ්ගේ අණසකෙන් පිටත ජීවත්වන කණ්ඩායමක් නොවේ. ඔවුන් අල්ලාහ්ට අවනත නොවී සිටීමට හේතුව අල්ලාහ් මිනිසාට ලබා දී නිදහසය. මෙය අල්ලාහ්ගේ සැලසුම වේ.
මෙයට සමාන තත්ත්වයකම ෂෛතාන්වරුද සිටිති. ෂෛතාන්වරුන්ගේ වර්ගයා ජින්ය. මෙම ජින් වර්ගයාගේද අල්ලාහ්ව විශ්වාස කරන අයද ප්රතික්ෂේප කරන අයද සිටිති. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන ජින් වර්ගයා, ෂෛතාන් යන නමින් හැඳින් වේ.
ඔබට ෂෛතාන්ගෙන් යම් බලපෑමක් ඇති වූයේ නම් අල්ලාහ් මගින් ආරක්ෂාව සොයන්න! නියතව ඔහු සවන්දෙන්නාය; හොඳින් දන්නාය.(ශු.කු.7:200)
ෂෛතාන්ගෙන් යම් බලපෑමක් ඇති වන කල, ඔහුගේ පෙළඹවීමෙන් ආරක්ෂා කරන ලෙස කෙනෙක් අල්ලාහ්ගෙන් අයැද සිටියි නම්, අල්ලාහ් එවැන්නන්ව ආරක්ෂා කරන්නේය.
ඔබගේ ස්වාමියා කෙරෙහි දිවුරා පවසමි! අපි ඔවුන්වද, ෂෛතාන්වරුන්වද නියතව එක්රැස් කරන්නෙමු. පසුව, අපි ඔවුන්ව නිරය වටා දණගැසූවන් ලෙස ගෙන එන්නෙමු. (ශු.කු.19:68)
ඉහත වැකියෙන් අල්ලාහ් තමා කෙරෙහි දිවුරා යම් කාර්යයක් සත්යයක් බව පවසයි. එනම් මිනිසුන්ව පණ දී නැගිට්ටුවන ලබන දිනයේදී, අල්ලාහ් මෙම ෂෛතාන්වරුන්වද නැගිට්ටුවන්නේය. මෙසේ නැගිට්ටුවා, ෂෛතාන්වරුන්වද, ෂෛතාන්වරුන්ව පිළිපැදූ මිනිසුන්වද අල්ලාහ් තමා දෙසට එක්රැස් කරන්නේය. පසුව මෙම දෙවර්ගයාවම දණගැසූවන් ලෙස නිරය දෙසට ගෙන එන්නේය.
එහෙයින් නළු නිලියන් පිටු පසෙහි යෑම, සංගීත සන්දර්ශනවලට යෑම, මේවා වෙනුවෙන් මුදල් නාස්ති කිරීම, මේවාට බීමතින් යෑම ආදී මෙවැනි ක්රියා ෂෛතාන්ගේ පෙළඹවීම අනුවම සිදුවන්නේය. මෙවැනි ක්රියාවල ගැලී සිටින සමූහයා, අල්ලාහ්ගේ උපකාරයක් නොමැතිව මෙවැනි අඥාණ ක්රියාවලින් මිදී නොසිටින්නෝමය.
නුවන් සුබසිංහ says:
මිනිස්සුන්ට විදුලිය පිරිමහින්න කියන ගමන්, ප්‍රේක්ෂකාගාරයේ 50ක් විතර තියාගෙන රෑ එලි වෙනකම් ලයිට් දාගෙන ක්‍රිකට් ගහන එක නම් අමන වැඩක්.
sana says:
අද පාලක පැලැන්තිය, ජනතාව ගොනාට අන්දලා, කිරීඩා උන්මාදය, ජාතිවාදය වැනි දේවලින් ජනතාවගේ ඔළුවයි බඩයි පුරවල තමන්ට ඕනේ දෑ නිසියාකාරව කරගෙන යනවා. මේකෙන් වෙන්නේ රට පාතාලයට ඇද වැටීමයි. GL පීරිස් ඇමති වරයාගේ ප්‍රකාශයකින් කියවුනේ රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවයි. බැසිල් රාජපක්ෂ ඇමති වරයාට අනුව බොහොමයක් වියපුර්ති සුදු අලි බවට පත්වී ඇත.අද්‍යාපනය, විදුලිය , තෙල් සං සංස්ථාව ඇතුළු බොහෝ සෙස්ත්‍ර අර්බුදයට පත්වී ඇත.
එසේ තිබියදීත් පාලකයෝ සෑම මාසයක් පතාම විදේශිය බැංකුවලින් හා IMF වැනි ආයතනවලින් නයට ගනියි. අරගෙන නොනවත්වාම සැණකිලි උත්සව පවත්වාගෙන යයි. ආණ්ඩුව ඉන්දියාවේ රඟපාන නළුවන්ට මෙහෙ ගෙනවිත් සම්මාන දෙනවා. පාර්ලිමේන්තු මන්තිරිවරු ඉන්දියානු නිළියෝ ගෙනත් මෙහෙ උත්සව පවත්වනවා.මේවායින් රටේ ආර්ථිකයට හෝ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැත. මේවා දිහා අපේ ජනතාව ඉතා පුදුමයෙන් බලා සිටිනවා. සමහරු උදම් අනනවා පෙර පාලකයින්ට මෙසේ කරන්න පුළුවන් වුනාද කියා. මේ ආණ්ඩුව ගෙන්න කඩේ ගිය මේ රට නළු, කළා රැල සුසුම් හෙලෙනවා.
මම පසුගිය කාලෙක මාද්යකින් දැක්ක විදෙස් ආදාරයකින් හදාපු පාලමක් හා පාරක් විවුර්ත කිරීම සඳහා ජනාතිපති ඇමතිවරු ආගමික නායකයින් පිරිවරාගෙන ඉතා විසාල මුදලක් වියදම් කරමින් ලොකු උත්සවයක් පැවැත්වුවා, එහි ආධාර කරපු රටේ තානාතිපතිවරයා අහිංසකයෙක් වගේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවත් දැක්කා. නමුත් ඒ ආධාර කරපු රටේ, අප රටට හිතා ගන්නවත් බැරි තරම් ලොකු මහා මාර්ගයක් හා පාලමක් (interchange) එකක් හදාපු සමාගමකට උප කොන්තරාත්තු කරපු සමාගමක සේවයකරපු මම දැක්කා වැඩ අවසන් කිරීමට පෙර දවසේ ප්‍රදාන පත්තරයක අඟල් 2*3 ප්‍රමාණයක ප්‍රවුර්තියක් මගින් අහවල් පාර හා පාලම (interchange එක ) මහජනයාගේ පාවිච්චිය සඳහා විවුර්තව ඇති බවයි. වැඩ අවසන් වීමෙන් පසුව ආදාළ නිලදාරීන් ඇවිත් පරීක්ෂා කල පසු කොන්ග්රීට් බැරියර් දමා එතෙක් වසා තිබුණු පාර ක්‍රෙන් එකක ආදාරයෙන් ඒවා අයින් කිරීමත් සමගම වාහන යන්න එන්න පටන්ගත්තා.
නමුත් චන්ද වේදිකාවලට ඇවිත් මේවා කියන විරුද්දපාක්සිකයන් බොරු කියන බව ආණ්ඩු පක්ෂය කියයි. ආණ්ඩුව යුද්දය දිනු නිසා ඕනෙම බොරුවක් කීමට අයිතියක් ඇති ජනතාව සිතයි. ඒවා බොරු වුනත් ඇත්තක් සේ පිළිගැනීම අපේ ජාතික වගකීමක් හා යුතුකමයි කියාද ජනතාව සිතයි.
ජනතාවට ඇත්ත වටෙහෙන්විට සියල්ල හමාරවී අවසන්. මේ සියලු දෑට පව් ගෙවන්න සීද්ද වෙන්නේ අර ගොනාට ඇඳගත්තු එවුන් පමණක් නෙවෙයි මේවට අකැමෙත්තෙන් වුවද කරන්න කියන්න දෙයක් නැතුව අහිංසකව බලාසිටි සෙසු රට වැසියන්(අප ඇතුළු) වීමද කණගාටුවට කරුණකි.
Hora says:
Api cricket gahanne apita ona nisa. Muslim unta e gana rudawak ay?
Anver Manatunga says:
එතකොට අපේ සල්ලි?