ක්‍රීඩාව දේශපාලනී කරණය ඇරඹුණේ මීට දශක කිහිපයකට පෙර සිටය. එදා පටන් බලයේ සිටින දේශපාලකයන් විසින් ක්‍රීඩා සංගම් වල සභාපති ධූරයන්ට පොරකන්නට විය. මේ නිසා කළුගල් වල ඔළුව හප්පා ගන්න අකමැති ක්‍රීඩා සංගම් නිලධාරීන් කරන්නේ ඔවුන්ට ඕනෑ කුදයක් ගහගන්නට ඉඩදී පැත්තකට වී සිටීමයි. දැන් ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ දෙවෙනි අධියර ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ දේශපාලකයන්ගේ පුතුන් ක්‍රීඩාවට අවතීර්ණ වීමෙනි.
ඊයේ දිනයේ (එනම් 2012 අගෝස්තු 12 වැනිදා) මහනුවර නගරයේ, තිත්තවෙල ක‍්‍රීඩා පිටියේ පැවති, අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලිය වෙනුවෙන් මහනුවර කන්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර පැවති තරගය අවසානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගන්නට හේතුවත් මෙයම බව මගේ අදහසයි. එම කණ්ඩායම් දෙක අතර පැවති තරඟයෙන් ලකුණු 25-20ක් ලෙස මහනුවර කණ්ඩායමට ජය හිමි කරගත් පසුව මෙම ගැටුම ඇති වී ඇත. ශ්‍රී ලංකා රග්බි කන්ඩායමේ නායකත්වයට පත්වන්නට සුදුස්සන්ව සිටි ක්‍රීඩකයන් නියෝජනය කරන්නේ මහනුවර කන්ඩායමයි.
දේශපාලකයන්ගේ පුතුන්ටද ශාරීරික සුවතාවය අවශ්‍යය. එහි කිසිදු විවාදයක් නැත. ඇත්තටම ඔවුන් ගන්නා සැප වැඩි නිසා අද වැඩියෙන් ශාරීරික සුවතාවය අවශ්‍ය ඔවුන්ටමය. නමුත් ප්‍රශ්නය වන්නේ දේශපාලකයන් මෙන්ම මෙම ක්‍රීඩක පුතුන්ද ක්‍රීඩාවේ ඉහළම තනතුර එනම් කන්ඩායම් නායකත්වය ලබා ගන්නට පෙලඹීමයි. මේ නිසා දක්ෂයන්ට සිදුවන්නේ දේශපාලක පුත්තුන්ගේ සපත්තුවට පෑගී සිටින්නටය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයක් නොවේද? මෙමගින් සිදුවන්නේ ක්‍රීඩාව දිනෙන් දිනම පරිහානිය කරා ගමන් කිරීමයි. ජනතාව ආඩම්බරකාර තාත්තලා පත්‍කළේ මෙවැනි තත්වයක් බලාපොරොත්තුවෙන්ද?
මෙය අපේ රටේ දේශපාලකයන්ට නොතේරෙන්නේද? නැතිනම් සිදුවන සියල්ලම දැන දැනම බීරි අලින් මෙන් කටයුතු කරන්නේද? යන්න මට නම් ප්‍රශ්නයකි. රටේ ඉදිරිපෙල නායකයන් විසින් මෙසේ කරන කළ ඔවුන්ගේ දෙවැනි පෙල නායකයන් කුමක් නොකරයිද? මෙය විශාල නරක පුර්වාදර්ශයකි. තමන්ගේ දරුවන්ට මෙන්ම රටේ දරුවන්ටද එකසේ ආදරය කරන නායකයෙක් වේ නම් මෙම තත්වය සොයා බලා නිසි පියවර ගත යුතුය යන්න මගේ අදහසයි. කෙසේ වුවද නිලධාරීන් දේශපාලකයන් හමුවේ දණ ගසද්දී දේශපාලකයන්ගේ පුතුන් ඉදිරියේ දණ නොනමන්නට කොන්දක් තිබෙන ක්‍රීඩකයන් තවම අප රටේ සිටීම ගැන මම සතුටු වෙමි.

Mohammed says:
අන්වර් සහෝදරයා, මොකෝ ෆ්‍රී වයිට් වෑන් රයිඩ් එකක් ඕන වෙලා වගේ!!
Anver Manatunga says:
ආගම්බේධවාදීන්ට තමන්ගේ නමින් පෙනී හිටින්න කොන්දක් නැහැ වගේම මේ වගේ ලිපි ලියන්නත් කොන්දක් නැහැ. මම මේ ලිපියෙන් කිසිවෙකුටත් පහර ගසා නැහැ. කවුරු කවුරුත් මේවා කියවලා තමන්ගේ වැරදි හදාගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතිව මාව වයිට් වෑන් රයිඩ් යවන්න ගියොත් එයාලගේ පරිහානිය ඉක්මන් වෙයි.
Sanjeewa says:
බාල තෙල් ගහපු එකක්ද?
Hafeel says:
අනවර් සහෝදරයාට අල්ලාහ්ගේ රැකවරණය තිබෙනවා
Anver Manatunga says:
ආමීන්. ජසාකල්ලාහ්!
Hora says:
Mama danna hatiyata sudu van nevei sudu plain ekak ona wei wage.
Anver Manatunga says:
පිළිතුරක් නොදෙමි.
Hora says:
Ay kiyanna bayada?
Anver Manatunga says:
අනුන්ගේ දේවල් හොයන්නැතිව ඉන්න අමාරුද?
True Story says:
නුවරදි මැච් එකත් කාල උඩරට කොල්ලන්ගෙන් ගුටිත් කැවා කට්ටිය, මේවට කියන්න හොඳ දේවල් තියෙයි ඒත් මම නිර්නාමික වුනාට අන්වර් සහෝදරයා නමින් ඉන්න නිසා ඔය ටික ඇති
hasan says:
මිනිසාට භාර කරනු ලැබූ දේ ගැන මිනිසා ප්රශ්න කරනු ලබන්නේය
ඔබලා එක් එකකෙනාම භාරකරුවන්මය. ඔබලාගේ භාරකාරත්වයෙහි වූ දේ ගැන ඔබලා ප්රශ්න කරනු ලබන්නෙහුය. ජනයාව පාලනය කරන නායකයා ඔවුන්ට භාරකාරයා වේ. ඔවුන් (ව පාලනය කළ අන්දම) විෂයෙහි ඔහු ප්රශ්න කරනු ලබන්නේය. ස්ත්රිය තමාගේ පුරුෂයාගේ නිවෙසටද, ඔහුගේ දරුවාටද භාරකාරිය වේ. ඔවුන්(ව පාලනය කළ අන්දම) විෂයෙහි ඇය ප්රශ්න කරනු ලබන්නීය. වහළා තමාගේ ස්වාමියාගේ සම්පතට භාරකරු වේ. ඔහු එය ආරක්ෂා කළ අන්දම ගැන ප්රශ්න කරනු ලබන්නේය. එහෙයින් ඔබලා එක් එක්කෙනාම භාරකරුවන්මය. ඔබලාගේ භාරකාරත්වයෙහි වූ දේ ගැන ඔබලා ප්රශ්න කරනු ලබන්නෙහුය යි අල්ලාහ්ගේ දූතයා පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) පැවසුවේය. ග්රන්ථය: බුහාරි
chiranthaka bulankulama. says:
bro what is the incident happend?, is yoshitha rajapaksha too involed?
What happened at match bro..
..kandyans hv gone wild in rugby…cricket has gone out of style in hill capital.everyone just thinks supporting rugby is something related to the posh culture..
When comes to the kandy collges TRINITY,KINGSWOOD,SILVESTER,DHARMARAJA Have occupied a huge share in rugby ground…
Howeve mr anver manathuga hats off well wrriten article…i also hv the same opinion…
chiranthaka bulankulama. says:
onna math jathiwadayen ainwela mirshad kyala kenekwa company ekata ganda approvement eka dunna.
Api ape jatiya agama gena abimanayen yuthu wenda one e anayekge agama adaheeme nidahasath rekena widiyata.anika ratak.godanegenne hema jathikayekma sahayogen weda kalamai.me blog eka thulin agameeka sahajeewanaya goda negeema niyamai..
Ara kalin article ekaka wena kenek mage namain comment karala ape iskoleth charter karala tibuna.puluwaninam makanna
Anver Manatunga says:
ඒ ඔබ නොවන බව මේ වන විට අපි හදුනගෙන හමාරයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.
නුවන් සුබසිංහ says:
නියම ලිපියක්. 100% එකඟයි
sana says:
true story @
මම ඔබ සමග 100% එකඟයි.
sana says:
මහනුවර ඔය සිදුවීම මේ පළවැනි වතාව නෙවෙයි. මීට පෙරද මේ වගේම පැරදිලා දරාගන්න බැරුව නුවර කට්ටියට හොඳට තඩිබාලා තියනවා. මට තෙරන්නේ නෑ අවුරුද්දක් පාසා මෙහෙම දිනලා ගුටිකන්න තිබෙන වුවමනාව මොකක්ද කියාලා? බාරයක්වත් වෙලාද?