Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

පංසලේ ඉෆ්තාර් දුන් පමණින් මුස්ලිම් පල්ලියක පිරිතක් කිව හැකිද?

ඉෆ්තාර් බෝජනයක්

ඉෆ්තාර් බෝජනයක්

පසුගිය 2012 – අගෝස්තු මස එකොලොස් වන සෙනසුරාදා වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණබෝධිරාජ විහාරයේ විහාරාධිපති කිරිවැල්දොල පියනන්ද හිමිගේ ප්‍රධානත්වයෙන් එම විහාරයේදී දිනයේ නෝම්බි හෙවත් උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.  

 

ඉෆ්තාර් වැඩ සටහන සදහා සකස් කර තිබුණු ආරාධනා පත

ඉෆ්තාර් වැඩ සටහන සදහා සකස් කර තිබුණු ආරාධනා පත

 

මා දන්නා පරිදි මෙම ඉෆ්තාර් වැඩසටහන පැවැත්වුණේ දෙවැනි වතාවටයි. මේ ගැන ඊමේලයක් මගින් සහෝදරියක මගෙන් අසා තිබුණේ “පංසලක ඉෆ්තාර් තිබුණා නම් මුස්ලිම් පල්ලියක පිරිතක් කියන්න බැරි ඇයි?” යනුවෙනි. පලමුව කිව යුත්තේ ඉහතකී විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ, දායක සභාව සහ වැල්ලවත්ත මයුර පෙදෙස මුස්ලිම් පල්ලියේ අය විසින් පංසලක සංවිධානය කළ එම ඉෆ්තාර් වැඩ සටහනට අපගේ ප්‍රණාමය පලකරන වගයි!

 

විශේෂයෙන් අද බොහෝ දෙනෙක් සමාජය බෙදන්න කටයුතු කරන කළ සංඝ පීතෘන් වහන්සේ කෙනෙක් මුල් වී මෙවැනි ආගමික සහජීවනය ඇති කරවීමේ ක්‍රියාදාමයන්හි නිරත වීම සම්බන්ධව අප බෙහෙවින්ම ස්තූති වන්ත විය යුතුය. තවතවත් ඔවුන්ට මෙවැනි වැඩ සටහන් පැවැත්වීමට දේව අනුග්‍රහයද පැතිය යුතුය. එමෙන්ම ආගමික නායකයන්ට මෙලෙස එක්වන්නට හැකි නම් ජනතාවට කෙසේ කළ නොහැකිද? යන්න අප විසින් තේරුම් ගතයුතු තවත් කරුණකි.

 

උපවාසය අවසන් කිරීමට රටඉදි ස්වල්පයක් සහ වතුර හොදටම ප්‍රමාණවත්ය.

උපවාසය අවසන් කිරීමට රටඉදි ස්වල්පයක් සහ වතුර හොදටම ප්‍රමාණවත්ය.

 

දැන් අපි මාතෘකාවට පැමිණෙනවා නම් ඉෆ්තාර් යන්නෙහි අර්ථය නම් දිනයේ උපවාසය අවසන් කිරීමේ ක්‍රියාවයි. එම අවස්ථාවේදී කරන්නේ මහ්රිබ් හෙවත් සන්ධ්‍යාකාල නැමදුමට අදාන් හෙවත් කැඳවීම සිදුකරන අවස්ථාවේ කිසියම් අහරකින් උපවාසය අවසන් කිරීමයි. මෙහිදී ඊට අදාල කිසිදු වත්පිළිවෙතක් නැත. උපවාසය අවසන් කළ පසු අප විසින් අපගේ සිතින් “අප උපවාසය අවසන් කළ බව දෙවිඳුන්ට පවසා එයට දුන් බෝජනයට උන්වහන්සේට ස්තූති කිරීම” ප්‍රමාණවත්ය. එයට අමතරව ඉෆ්තාර් වැඩ සටහනකදී වෙනත් කිසිදු ආගමික වත්පිළිවෙතක් සිදු නොවේ.

 

ඇත්තටම ඉෆ්තාරයක් යනු උපවාසයේ නියැලී සිටින අයෙකුට උපවාසය අවසන් කිරීම සඳහා ආහාර වේලක් ලබා දීමයි. එය හරියට මුස්ලිම් පල්ලියක බෞද්ධ ස්වාමින් වහන්සේලාට දණක් දුන්නා හා සමානය. මෙහිදී මම දානයක් යනුවෙන් අදහස් කළේ මුස්ලිම් කෙනෙකු විසින් තව කෙනෙකුට ආහාර වේලක් දීම ඉස්ලාමයට අනුවද දානයක් (අරාබි බසින් සදකා) වන බැවිනි. මාධ්‍ය වල නොදැම්මාට මුස්ලිම් අපි ඕනෑ තරම් භික්ෂූන් වහන්සේලාට අපගේ මුස්ලිම් පල්ලි තුලදීම දන් පිරිනමා ඇත. එමෙන්ම එවැනි ක්‍රියාවන් ආරම්භ වුයේද අදක ඊයෙක නොවන බවද පැවසිය යුතුමය.   

 

මෙහිදී සහෝදරියක නැගූ ප්‍රශ්නය නම් මුස්ලිම් පල්ලියේ පිරිතක් කියන්නට බැරි ඇයි? යනුවෙනි. එයට හේතුව මෙයයි. මුස්ලිම් පල්ලියක් යනු මුස්ලිම් අපගේ දෙවිඳුන් වන අල්ලාහ් නමදින නැමදුම් ස්ථානයයි. එම ස්ථානය වෙන්කර තිබෙන්නේ දේව නැමදුමට පමණි. අද පංසල් තුල නොයෙකුත් වෙනත් ව්‍යාපාරික කටයුතු සිදුවෙතත් පංසලක් යනු මූලිකව බෞද්ධ පූජනීය ස්ථානයක් බව සැමගේ පොදු මතයයි. එවැනි තැනක අපට ගොස් අපගේ දෙවිඳුන් වන අල්ලාහ්ව නැමදුමට නොහැක්කා සේම මුස්ලිම් පල්ලියකද පිරිතක් කියවීම නොහොබිය.

 

අප විසින් අපගේ ආගම් අතර සහජීවනය ගොඩ නැංවීමට යෑමේදී එකිනෙකාගේ සංස්කෘතීන් මෙන්ම ඔවුන්ගේ ආගමික සීමාවන්ද නිසියාකාරව අවබෝධ කරගත යුතුය. බොදුනුවන් ඉස්ලාම් දහම පිළිබඳවත්, මුස්ලිම් වරුන් බුදු දහම පිළිබඳවත්, ඔවුනොවුන්ගේ සංස්කෘතීන් පිළිබඳවත් නිසියාකාරව දැනුවත් වී එකිනෙකාගේ ප්‍රතිපත්ති සහ වත්පිළිවෙත් පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරන්නේ නම් අපේ රටේ ඉතාමත් අලංකාර සමාජයක් ගොඩ නැංවෙනු ඇත.    

 

කෙසේ වුවද මෙම සහෝදරිය තමන්ට නැගුණු ප්‍රශ්නය සිතේ නොසඟවා අප වෙත ලියා එවීම ගැන අපි අපගේ ස්තූතිය පලකරමු!

 

  • ජිල්බුවා says:

    මම මේ නොදන්න කමට අහන්නේ. නෝම්බි අරින්න 9ඉෆ්තාර් ගන්න ) දෙවියන් වඳින්න ඕන නැත්ද? ඒක පන්සල ඇතුලේ ඉඳන් කලේ කොහොමද?

    2012/08/14 at 11:56 AM
    • Anver Manatunga says:

      අප අප බොහෝ ස්ථාන වල ඉෆ්තාර් කර නමදින්නේ අසල තිබෙන පල්ලියකය. සාමාන්‍යයෙන් අප නිව‍සේදී ඉෆ්තාර් කළද නමදින්නට පල්ලියකට යන්නෙමු. පංසලක ඉෆ්තාර් කළාට පංසල තුල නමදින්නට අවශ්‍ය නැත.

      2012/08/14 at 12:10 PM
      • ජිල්බුවා says:

        “උපවාසය අවසන් කළ පසු අප විසින් අපගේ සිතින් “අප උපවාසය අවසන් කළ බව දෙවිඳුන්ට පවසා එයට දුන් බෝජනයට උන්වහන්සේට ස්තූති කිරීම” ප්‍රමාණවත්ය. ”

        මේක දෙවියන් වැදීම ද නැද්ද? කෙලින් පිලිතුරක් අපේක්ෂා කරනවා.

        2012/08/16 at 11:16 PM
        • Anver Manatunga says:

          මුස්ලිම් අප විසින් කරන්නාවු සෑම යහපත් දෙයකදීම දෙවිදුන් සිහිකරනවා. අවසන් වු පසුව තුති පුදනවා. අප විසින් නැමදුම් කරනවා යනුවෙන් අදහස් කළේ සලාතය හෙවත් ඉස්ලාමීය පස්වේල් නැමදුමයි.

          2012/08/17 at 5:18 AM
  • hasan says:

    ඉස්ලාමය පවසන සහජීවනය

    ඉස්ලාම් ධර්මය මිනිසාගේ සියළුම ක්රියාකාරකම් ගැන පවසන ධර්මයකි. මෙම ධර්මයේ අයිතිකරු අල්ලාහ්ය.

    කාලයට අනුව හෝ අවස්ථාවට අනුව හෝ යම් යම් අයගේ ත්රුප්තිය උදෙසා හෝ ඉස්ලාම් ධර්මයේ නීති රීති වෙනස් කිරීම තහනම්ය.

    එමෙන්ම යම් යම් අයගේ ඉල්ලීම වෙනුවෙන් ඉස්ලාමයට පටහැනිව අනුකූලතාවය දැක්වීමද තහනම් ක්රියාවකි.

    පළමුව මෙවැනි දේ ගැන ඉස්ලාමය කුමක් පවසයිද? යි බලමු.

    මොහු අප කෙරෙහි සමහර වචන ගොතා පවසන්නේ නම්, ඔහුගේ දකුණත අල්ලන්නෙමු.(ශු.කු.69:44,45)

    ඉහත වැකියෙන් පවසනුයේ කුමක්ද?

    ඉස්ලාම් ධර්මය අල්ලාහ්ගේ ධර්මය වේ. එහෙයින් එහි නීති රීතිද දන්වනුයේ ඔහුමය. මෙසේ අල්ලාහ් විසින් දන්වනු ලබන පණිවුඩයට වෙනස්ව යම් වචනයක් හෝ නබිවරයා පවසයි නම් ඔහුගේ දකුණත අල්ලාගන්නා බව අල්ලාහ් මෙහි පවසයි.

    මෙහි දකුණත යැයි උපයෝගී කිරීමට හේතුව කුමක්ද? මිනිසෙකුගේ දකුණත වැරෙන් කෙනෙක් අල්ලවාගත්තේ නම් ඔහුට කිසිවක් කරගැනීමට නොහැකිවන්නේය.

    එහෙයින් තම නබිවරයා යම් වචනයක් වෙනස් කර හෝ ඉවත් කර හෝ අලුතින් එක් කර හෝ පවසයි නම් ඔහුගේ දකුණත වැරෙන් අල්ලාගන්නා බව අල්ලාහ් පවසයි.

    පසුව, අපි ඔහුගේ බල නහරය කපා දමන්නෙමු.(ශු.කු.69:46)

    මෙම වැකියෙන් පවසනුයේ කුමක්ද? එසේ දකුණත අල්ලාගත් පසු, නබිවරයාගේ බල නහරය කපා දමන බව අල්ලාහ් පවසයි. බල නහරය යනු හදවත හා සම්බන්ධ නහරය වේ. එනම් නබිවරයාව මරා දමන බව අල්ලාහ් පවසයි.

    ඉහත වැකි දෙකෙන් කුමක් වැටහේද? එනම් තමාගේ නබිවරයා තමා දැන්වූ පණිවුඩයට වෙනස්ව යමක් පැවසුවේ නම් ඔහුගේ ජීවිතය නැති කර දමන බව අල්ලාහ් මෙහිදී පවසයි.

    එයට හේතුව අල්ලාහ්ගේ පණිවුඩ මෙම නබිවරයා මගින් මෙම සමාජයට ළංවීමට සලස්වා තිබීමය.

    අප ඔබට ‘වහී‘ ලෙස දැන්වූ දේ හැර දමා, එය නොවන්නක් ඔබ අප කෙරෙහි ගෙතීම පිණිස ඔවුහු ඔබව වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. (ඔබ එසේ කළේ නම්) එකල ඔවුහු ඔබව සමීප මිතුරෙකු ලෙස අරගෙන තිබෙන්නෝය.(ශු.කු.17:73)

    මෙම වැකිය කුමක් පවසයිද?

    ////අප ඔබට ‘වහී‘ ලෙස දැන්වූ දේ හැර දමා, එය නොවන්නක් ඔබ අප කෙරෙහි ගෙතීම පිණිස ඔවුහු ඔබව වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ.//// .(ශු.කු.17:73)

    ‘වහී‘ යනු ‘අල්ලාහ්ගේ දැනුම්දීම‘ යන්න වේ. එනම් නබිවරයාට දන්වනු ලබන ‘වහී‘වල යම් යම් වෙනස් කිරීම් කරන මෙන් එකල විසූ ප්රතික්ෂේප කරන්නෝ නබිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

    ////(ඔබ එසේ කළේ නම්) එකල ඔවුහු ඔබව සමීප මිතුරෙකු ලෙස අරගෙන තිබෙන්නෝය.//// .(ශු.කු.17:73)

    එසේ යම් යම් වෙනස් කිරීම් කළේ නම්, තමන් නබිවරයාව මිතුරෙකු ලෙස අරගන්නා බවද ඔවුහු පැවසූහ.

    අප ඔබව (සත්යය මත) ශක්තිමත් නොකළේ නම් ඔබ ඔවුන් දෙසට සුළු වශයෙන් වුවද නැඹුරු වන්නට පිළිවන!(ශු.කු.17:74)

    තම නබිවරයා සත්යය මතම සිටින්නේය යන ස්ථාවරයක් අල්ලාහ් ඇති කළේය. එවැනි තත්ත්වයක් අල්ලාහ් ඇති නොකළේ නම් නබිවරයා සුළු වශයෙන් වුවද වෙනස්වන්නට සිටිය බව අල්ලාහ් මෙහිදී පවසයි.

    එසේ වූයේ නම්, ජීවිතයෙහි දෙගුණයක්ද, මරණයෙන් පසු දෙගුණයක්ද අපි ඔබට (වේදනාව) විඳීමට සලස්වන්නෙමු. පසුව ඔබ අපට එරෙහිව ඔබට කිසිම උදව්කරුවෙකුව නොලබාගන්නෙහිය.(ශු.කු.17:75)

    නබිවරයා ප්රතික්ෂේප කරන්නන්ගේ කැමැත්තට අනුව සුළු වශයෙන් වුවද නැඹුරු වූයේ නම්, නබිවරයාට ඔහුගේ ජීවිත කාලයේදී දෙගුණයකින්ද, ඔහුගේ මරණයෙන් පසු දෙගුණයක්ද වේදනාව විඳීමට සලස්වන බව අල්ලාහ් මෙහි පවසයි.

    එසේ අල්ලාහ් තම නබිවරයාට දඞුවම් කළේ නම්, අල්ලාහ්ට එරෙහි වීමට කිසිවෙකුටත් නොහැකි බවද අල්ලාහ් මෙහි පවසයි.

    මුස්ලිම් පල්ලිවල අන්යාගමික වැඩ සටහන් කරගැනීමට ඉස්ලාමයේ අනුමැතිය තිබේද?

    (අල්ලාහ්ගේ) නිවෙස්(හි ඔහුව) උස් කරනු ලැබ, ඒවායෙහි ඔහුගේ නම පැවසිය යුතු යැයි අල්ලාහ් අණ කරයි.(ශු.කු.24:36,37)

    ////(අල්ලාහ්ගේ) නිවෙස්(හි ඔහුව) උස් කරනු ලැබ,//// .(ශු.කු.24:36,37)

    අල්ලාහ්ගේ නිවෙස් යනු, අල්ලාහ්ව සිහි කිරීම පිණිස සාදවනු ලැබූ නිවෙස්ය. එනම් මුස්ලිම් පල්ලිය ය.

    අල්ලාහ්ගේ නිවෙස්හි ඔහුගේ නම උස් කළ යුතු බව ඔහු පවසයි. එනම් පල්ලියේදී කරනු ලබන කාර්යයන් මගින් ඔහුව උසස් කිරීමක් කළ යුතුය.

    අල්ලාහ් නොවන කෙනෙකුව පල්ලියේදී සිහිකිරීමේ වැඩ සටහනක් ඇති කළේ නම්, අල්ලාහ්ව හැර දමා අන් අයව උසස් කිරීමේ ප්රවනතාවයක් එහි ඇතිවන්නේය.

    ////ඒවායෙහි ඔහුගේ නම පැවසිය යුතු යැයි අල්ලාහ් අණ කරයි.////(ශු.කු.24:36,37)

    මුස්ලිම් පල්ලිවල අල්ලාහ්ගේ නම පමණක් පැවසිය යුතු බව අල්ලාහ් මෙහිදී පවසයි.

    නම පැවසීම යනු, ඔහුව උසස් කර වර්ණනා කිරීම තුළින් ඔහුගේ නම පැවසීම වේ.

    එහෙයින් අල්ලාහ්ගේ නිවෙස්හි අල්ලාහ් නොවන අන් අයව උසස් කර වර්ණනා කිරීම තහනම් ක්රියාවක් වේ.

    ආගමික සහජීවනය යන නමින් මෙවැනි දේවලට ඉඩදීම ඉස්ලාමය අනුමත නොකරයි.

    එසේ ඉඩ ලබාදෙන්නා අල්ලාහ්ගේ දඞුවමට පාත්රවන්නේය.

    මෙවැනි කාර්යයන් හැර බෞද්ධයින්ට උපකාර කිරීම, ඔවුන් සමඟ යුක්තියානුකූලව ක්රියා කිරීම, ඉස්ලාමය අනුමත කරයි.

    එමෙන්ම බෞද්ධයෙකුට අසාධාරණයක් කිරීම, හිංසා කිරීම, අයුක්තිය ඉටු කිරීම, ඔවුන්ව වෛරයෙන් බැලීම යනාදිය ඉස්ලාමය අනුමත නොකරයි.

    2012/08/14 at 12:06 PM
  • Shiyam Razak says:

    මා ඉතාමත් සතුටකට පත්වෙනවා මෙකි ගුණ යපත් මෙන්ම චීවරධාරීන් මෙරට ඉන්නා බවින්.

    එසේම ආගමික නායෙකු යනු, යම් පුද්ගලයෙකුහට ආගම සහ අයහගම අතර වෙනස වටහා දිය හැහි කෙනෙකුම විය යුතුය.

    මෙවන් ආදර්ශමත් ස්වාමිඳ්‍රයණන් වහණ්සේලාහට අප සැබවින්ම ස්තුතිපූර්වක වෙමු.

    2012/08/14 at 12:34 PM
  • Shaheen says:

    ඉතාමත් අගය කල යුතු වැදගත් ක්‍රියාවක්. මේ හරයකට නැති ආගම් බේධ, ජාති බේධ ඇති කරන්න හදන ස්වල්ප දෙනෙකුට දුන්නු හොඳ ආදර්ශයක්. තමන්ගේ ක්‍රියාවෙන් ඒ හාමුදුරුවෝ සහ දායක සභාව මුළු ලංකාවටම පෙන්වා දී තිබෙන්නේ කුමක්ද? මුළු රටම එක්සේසත් විය යුතු බව. අප රටේ දියුණුවට එය ඉතාමත් අවශ්‍යයි. පටු අදහස් වලින් කුහක කමින් හදවත පුරවාගෙන ලෙඩ වෙනවට වඩා විවෘත මනසක් ඇති කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීම මැනවි. මගේ ප්‍රණාමය ඒ කටයුත්තට සහභාගීවූ සියලු දෙනාටම. නමුත් පටු අදහස් දරන කිහිප දෙනාට මම කියන්න කැමති, ඉස්ලාම්හි බලකිරීමක් නැත. එය ලස්සනට ශුද්ධ වූ අල් කුරන්හි පවසා ඇත. ” ආඌ සු බිල්ලහි මිනෂ් ශෙය් තානිර් රජීම්! බිස්මිල්ලහිර් රහ්මනිර් රහීම්! ලා ඉක්රාහ ෆිද්දීන්. 2 චේදය 256 වාක්‍ය. තේරුම ඉස්ලාම්හි බලකිරීමක් නැත.

    2012/08/14 at 1:22 PM
  • Hafeel says:

    විහාරාදිපති ඇතුළු දායක සබාවට මාගේ ප්‍රනාමය.හොද ආදර්ශවත් ක්‍රියාවක්.

    2012/08/14 at 3:22 PM
  • Hora says:

    api dane denne eva muslim unta kawanna newei. Hamuduruwan ebawa dana gatha yuthui.

    2012/08/15 at 2:44 AM
    • Anver Manatunga says:

      අපි පංසල් වල ගිහින් ඉෆ්තාර් ගන්න කොට ආගම්බේධවාදීන්ට බඩ යනවා.

      2012/08/15 at 2:49 AM
      • Mohammed says:

        ඕනෑවටත් වඩා දේශප්‍රේ-මී පුන්නක්කු තප්පුලනකොට මඤ්ඤං වෙලා බඩ කොලප්පුත් වෙනවා,,, ඒත් කමක් නැහැ, බඩ එළිය යන්නේත් කටින්ම නොවැ, ඒකයි මටත් දුක.

        2012/08/15 at 12:26 PM
    • Sri Lankan says:

      උඹ රුපියල් 10 දීල ඔච්චර කහිනවද, චිකේ ලජ්ජෛ යහළුවා

      2012/08/20 at 4:11 PM
  • Ajward says:

    This is a good act to promote mutual relationship among nations, but we must know the limits of religious boundaries.Islam is complete religion it clearly led down all the rules and regulations of a person has to observe in this life.What I fear is when we are ending our fasting at a place where statures are placed in high esteem our ignorant muslims brothers may loose the aversion to stature worship.

    2012/08/15 at 10:15 AM
    • sheron says:

      samaharunta irisiyay me wedeta.. in the name of insulting… most of the people wat they does is making islam a popular religion.. i love it.. i respect islam.. amazing teaching….!

      2012/08/16 at 11:38 AM
  • fathima says:

    එහෙම අහන්න ඉතින් අපි බලෙන් පන්සලකට ගිහින් රිංගුවේ නැහැනේ..පල්ලියකට ඇවිත් පිරිත් කියන්න අසාවෙන් පන්සලේ ඉෆ්තාර් දුන්න නම් ඒවට මුස්ලිම් වරු නොයා ඉන්නේකෛ හොදම දේ..පල්ලියක් ඇතුලේ පිළිම නැහැනේ…කිසිම හේතුවක් නිසා අපිට ආගමික නීති හකුලා ගන්න බැහැ. මෙය අගය කල යුතු ක්‍රියාවක් නමුත් අන්තවාදීන් හදන්නේ එකත් අනිත් පැත්තට හරවන්න.අනික ඉෆ්තාර් වෙලාවේ වතුර ටිකක් බිල කම ටිකක් කනවා විතරනේ පන්සලේ දෙවියන් වන්දේ නැහැනේ.

    2012/08/16 at 5:32 PM
    • ජිල්බුවා says:

      “උපවාසය අවසන් කළ පසු අප විසින් අපගේ සිතින් “අප උපවාසය අවසන් කළ බව දෙවිඳුන්ට පවසා එයට දුන් බෝජනයට උන්වහන්සේට ස්තූති කිරීම” ප්‍රමාණවත්ය. ”

      මේක දෙවියන් වැදීම ද නැද්ද? කෙලින් පිලිතුරක් අපේක්ෂා කරනවා!

      2012/08/16 at 11:17 PM
  • Viru says:

    @fathima ඔයාටත් එක්කම තම මේ උත්තරේ

    http://www.youtube.com/watch?v=vuvNiQA8JGA&feature=player_embedded
    http://www.youtube.com/watch?v=kF-QHSh8U-Y&feature=player_embedded

    අන්වර් දන්නවද කතාවක් තියනවා සමාජේ මුසල්මනුවෝ තොප්පිය හැරෙන හැරෙන අතට කතා කරනවා කියලා..
    මට ඔහේ එක්ක වැදගත් විදිහට වචන පාවිච්චි කරන්න කිසිම උවමනාවක් නැහැ.. නමුත් මේ වෙලාවේ මන් ඇහෙම කරන්නම් (දැන් මේක දානකොට ලොකු කරලා දන්නා මේ දන කෙනාගේ හැටි මෙහමයි, ජාතිවාදී කියලා එහම.. එක ඉතින් ඔහේගේ ඉස්ලාමයේ මඩ සේදීමේ මහා කර්යභාරයනේ)

    පලවෙනියෙන් කියන්නේ ඕනේ අන්වර් එත්තටම ඔහේ පත්තරේකවත් වැඩ කරනවද? මොකද වැලිගම ලංකාවේ මුස්ලිම් හැම කෙනෙගනම ඔහේ හොඳට දන්නවනේ .. වැලිගම පොලිසියේත් විස්තර දන්නවා.. නුවරත් දන්නවා.. මුහුදු මහා විහාරේ පැත්තෙත් දන්නවා .. බලන්ගොඩ පැත්තත් දන්නවා.. මේ කිඋවේ පැත්ත ගැන නමයි.. විස්තර වෙන දේවල් මුස්ලිම් අය වැරදි නැති බව එහම..

    හරි..

    උපුටා ගැනීම :
    “පංසලක් යනු මූලිකව බෞද්ධ පූජනීය ස්ථානයක් බව සැමගේ පොදු මතයයි. එවැනි තැනක අපට ගොස් අපගේ දෙවිඳුන් වන අල්ලාහ්ව නැමදුමට නොහැක්කා සේම මුස්ලිම් පල්ලියකද පිරිතක් කියවීම නොහොබිය.”

    පිළිතුර
    (මෙතැන තිබුනේ එම ඉෆ්තාර් වැඩ සටහනේ ඡායාරූපයි)

    මේ එක කැමරාවකට අහු උන එක පින්තුරයක් පමණයි … දැන් පල්ලියකත් පිරිතක් කියන්න සලස්වල ආගමික සහයෝගය වැඩි දියුණු කල නම් හොඳයි නේද අන්වර් මහත්තයෝ..

    2012/08/16 at 8:08 PM
    • Anver Manatunga says:

      මෙම වීඩියෝ දෙකම මම බැළුවා. නමුත් එම වීඩියෝ තිබුණු වෙබ් අඩවිය ජනප්‍රිය කරවීමේ උවමනාවක් මට නැති නිසා එම වෙබ් අඩවියේ වීඩියෝ අඩංගු යූටියුබ් ලින්ක් එක පමණක් දැම්මා.

      මෙම ඉෆ්තාර් වැඩ සටහන තිබී ඇත්තේ පංසලක ධර්මශාලාවක බවයි පෙනෙන්නේ. එම ධර්මශාලාව තුල බුද්ධ ප්‍රථිමාවක්ද පෙනෙන්නට තිබෙනවා. පලමුවෙන් කියන්න තිබෙන දෙය නම් මෙතැන නැමදුම් කරපු මුස්ලිම් අය ඉස්ලාමයට පටහැනි දෙයක් කර ඇති බවයි. මන්දයත් කිසියම් ප්‍රථිමාවක් තිබෙන තැනක මුස්ලිම් අපට නැමදුම් කළ නොහැකියි. මුහම්මද් නබි තුමාණන් කාබා සිද්ධස්ථානයේ ප්‍රථිමා ඉවත් කරන තුරු එම ස්ථානයේ නැමදුම් ඉටු කළේ නැත. එයට නබි වදන් සහිතව විග්‍රහයක් අපේ හසන් සහෝදරයා විසින් ඉදිරිපත් කරනු ඇත.

      අනෙක් අතින් එතැන මුස්ලිම් අය නැමදුම් කර ඇත්තේ ‍එහි බෞද්ධ අයගේ ආරාධනයෙන්. බෞද්ධ ආරාමයක එවැනි නැමදුම් කිරීම හරිද? වැරදිද? යන්න මහානායක ස්වාමින් වහන්සේලා විසින් විසදිය යුතු ප්‍රශ්ණයක්. එම නැමදුම සම්පූර්ණයෙන් තිබෙන්නේ අරාබි බසිනි. අරාබි බසින් අප පවසන දෙය කුමක්ද? යන්න එතැන සිටි බොදුනුවන් දැන සිටියාද? මට මෙහිදී ඉස්ලාමීය නැමදුම සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කර පලකිරීමට වෙලාවක් නොමැත. නමුත් නැමදුමට කැදවීම එනම් අදාන් කියවීමද එතැනදී කළ නිසා එහි අරුත පලකරන්නම්.

      අල්ලාහු අක්බර්//// – අල්ලාහ් ශ්‍රේෂ්ඨයි

      අශ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහ්// – මම සාක්ෂි දරමි. අල්ලාහ් හැර අන් දෙවි කෙනෙකු නොමැත

      අශ්හදු අන්න මුහම්මදන් රසුලුල්ලාහ්// – මම සාක්ෂි දරමි. මුහම්මද් අල්ලාහ්ගේ දුතයාය. (මානව ශාස්තෘ)

      හයියාඅස්සලාත්// – නැමදුම කරා පැමිණෙන්න.

      හයියාමල්ෆාලාහ්// – ජයග්‍රහණය කරා පැමිණෙන්න.

      අල්ලාහු අක්බර්// – අල්ලාහ් ශ්‍රේෂ්ඨයි

      ලා ඉලාහ ඉල්ලල්ලාහ් – අල්ලාහ් හැර අන් දෙවි කෙනෙකු නොමැත.

      දෙවැන්නට මුස්ලිම් අපගේ නැමදුමේ ප්‍රධාන අල්-කුර්ආන පාඨය වන සූරා-ෆාතිහා හි අර්ථය බලමු.

      පැසසුම් සියල්ලම විශ්වයේ පරමාධිපති අල්ලාහ්ටම පමණි.
      (උන්වහන්සේ) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත(ද)
      විනිශ්චය දිනයේ අධිපතිද (ද වේ)
      ඔබම අපි නමදිමු. (ඉබාදත් කරමු) තවද ඔබගෙන් පමණක්ම පිහිට පතමු.
      සෘජු මාර්ගය (වෙත) අපට මගපෙන්වා දෙනු (මැනවි)
      (එය) ඔබගේ ආශිර්වාදය ප්‍රධානය කළ අයගේ මාර්ගයයි.
      ඔබගේ කෝපයට භාජනයවු හෝ නොමග ගියවුන්ගේ මාර්ගය නොව

      මෙවැනි දෙයක් බෞද්ධ පංසලක් තුල කිව යුතුද? යන්න තීරණය කළ යුත්තේ බොදුනුවන් බව ඇත්තකි. නමුත් මා නම් සිතන්නේ පංසලක් තුල මුස්ලිම් වරුන් එසේ නොකළ යුතු බවයි.

      ඉස්ලාමයට අනුව නම් අනෙකුත් ආගමික වතාවත් මුස්ලිම් නැමදුම් ස්ථානයක කළ නොහැක. පංසලක එසේ කළ හැකිද? යන්න ශාසන හිතකාමීන් සහ මහානායක ස්වාමින් වහන්සේලා විසින් විසදිය යුතු දෙයක් බව මගේ අදහසයි.

      කෙසේ වෙතත් පංසලක මුස්ලිම් අය ආහාර වේලක් (ඉෆ්තාර් ලෙස හෝ) ගත්තාටද? මුස්ලිම් පල්ලියක ස්වාමින් වහන්සේලාට දනක් (ආහාර වේලක්-හදියා) දුන්නාටද වරදක් නැත. අපි අපගේ සීමාවන් හදුනාගෙන අවබෝධය තුලින් සහජීවනය ගොඩ නැගිය හැකි බව මගේ අදහසයි.

      2012/08/17 at 4:34 AM
  • මහා කළු සිංහලයා says:

    අන්වර් මහා කළු සිංහලයා මැරිලා නැහැ…….. තාම ඉන්නවා මතක තියා ගන්න

    2012/08/16 at 11:14 PM
    • Anver Manatunga says:

      මහා කළු සිංහලයා නමින් පෙනී ඉන්න ඔබ බොහෝ විට කුණුහරප සහ ඉස්ලාමයට අපහාස වන කමෙන්ට් දාන නිසා මම ඒවා පලකරන්නේ නැහැ. මට ඔබ හිටියත් එකයි. නොහිටියත් එකයි.

      2012/08/17 at 5:15 AM
  • sana says:

    //මහා කළු සිංහලයා says:

    අන්වර් මහා කළු සිංහලයා මැරිලා නැහැ…….. තාම ඉන්නවා මතක තියා ගන්න//

    ඇයි මැරෙන්න කිට්ටුයිද, වතුර ඕනෙද?

    2012/08/18 at 1:51 AM
  • fathima says:

    නොදැනුවත් කමින් මෙවැනි දෙයක් වෙන්න පුළුවන්.නමුත් ප්‍රතිමා තිබෙන තැනක වදින්න පුලුවන්ද බැරිද කියනඑක අවස්ථව අනුව සොයා බැලිය යුතු දෙයක්.ලගම තියෙන පල්ලියකට ගිහින් වන්දනම් සංවිදානය කරපු අයට කතා පවත්වන්න බැරිවෙනවා මොකද කාපු ගමන් පිටවෙන්න බැහැ ඒවගේම හරි වෙලාවට වදින්නත් ඕනේ.වැළක්විය නොහැකි අවස්ථාවක මෙවැනි දෙයක් සිදු උනාට එවැනි දෙයක් සැලසුම් කරද්දී මිට වඩා සිතිය යුථුඉ.අපේ නැමදුම නිශ්චිත වෙලාව ඇතුලත කල යුථුඉ එක අන් ආගමිකයන් තේරුම් ගත යුථුඉ එනිසා තමෛ මෙවැනි දෙයක් සිදු වී ඇත්තේ.නමුත් මන් අහල තියෙනවා අවස්ථව අනුව නබි (සල් )තුමාගේ කාලේදී කිතුනුවන්ට වැදීමට මුස්ලිම් පල්ලියක ප්‍රදේශයක් සකසා දුන්න කියලා.ඒ අවස්ථාව කුමක් දෛ මට මතක නැහැ.මුලාශ්‍ර නැතිව කියන්න බැරි නිසා හසන් සහෝදරයා හෝ වෙනත් කෙනෙක් පුළුවන් නම් පිළිගත හැකි මුලාශ්‍රයක් ආදාරයෙන් හදිසයක් ඉදිරිපත් කරන්නෛ ඉල්ලා සිටිනවා.

    2012/08/18 at 7:11 PM
  • fathima says:

    හැමදාම අපි බොන වතුර බින්දුවත් අපි බොන්නේ,කෑම ටිකක් කන්නේ අල්ලාහ් ප්‍රශංසා කරලා ලෝකේ ඉන්න හැම මුස්ලිම් වරයෙක්ම හැම විටම එහෙමෛ උපවාසේ අවසන් කිරීමට පමණක් නෙවෙඉ එක අදාල.

    2012/08/19 at 1:28 AM

Your email address will not be published. Required fields are marked *

*