ඊයේ දින සවස 3.30 ට පමණ වැලිගම කෝට්ටේගොඩ සිදුවු අමානුෂික ඝාතණයකින් මුළු නගරයම උණුසුම් විය. ඝාතණයට ලක්වුයේ සය හැවිරිදි ෆාතිමා අෆ්රා නැමති දැරියයි. එම දැරිය තවත් දැරියක් සමග සෙල්ලම් කරමින් සිටියදී සාහසිකයෙක් විසින් ඇයව සිය නිවස දෙසට අඬගසා ඇයට උදැල්ලෙන් පහරදී ඇගේ මුඛයේ පස් පුරවා සැඟව ගොස් ඇත.
මෙම සිද්ධියට අදාල අනෙක් දැරිය වහා එම ස්ථානයෙන් පලාගොස් මියගිය දැරියගේ පවුලේ උදවිය දැනුවත් කිරීම නිසා එම ස්ථානයට පැමිණි පවුලේ අය සහ අසල්වාසීන් මෙම සාහසිකයාව අල්වාගෙන තමන් භාරයේ රඳවාගෙන පසුව පොලීසිය පැමිණි පසුව පොලීසියට බාරදී ඇත. පසුව ඇතිවු නොසන්සුන්කාරී තත්වය හමුවේ එම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ පොලිස් සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව දැඩිකර තිබුණි. වැලිගම ජුම්මා මස්ජිද කමිටුවද ප්‍රදේශයේ සියළුම දෙනාට සාමකාමී වී පොලීසියට සහය වන්නැයි ඉල්ලා සිටින ලදින් කිසිදු සිද්ධියක් වාර්තා නොවුණි.
අද දින ලුහර් හෙවත් දහවල් නැමදුමට පසුව දැරියගේ දේහයට ජනාසා දේව නැමදුම ඉටුකර මිහිදන් කරන ලදී. සය හැවිරිදි වියේ උන් ෆාතිමා අෆ්රා දැරිය ඉතාම හුරුබුහුටි මෙන්ම දක්ෂ දැරියකි. ඇය මද්රසාවෙහි අල්-කුර්ආනය ඉගෙනීමෙහිද දක්ෂතා දක්වා ඇති බව අසල්වාසීන් පවසයි. ඇය ප්‍රදේශයේ සියල්ලන්ගේම සිත්ගත් දැරියකව සිටි නිසා ප්‍රදේශවාසීන් අතර මේ සිද්ධිය පිළිබඳව කණගාටුව අධික වීමට හේතුවී ඇත. කෙසේ වුවද ජනාසා නැමදුමෙහිද කිසිදු ආකාරයේ සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා නොවීය.

Mohammed says:
කිසිම ඊ-පත්තරයක ඕක වාර්තා කලේ නැහැ, කරපු කෙනා මුස්ලිම් නොවන කෙනෙක් වෙන්නැති කියලයි මට හිතෙන්නේ. මුස්ලිම් කෙනෙක් නම් මේ වෙනකොටත් අපේ වෙබ් වීරයන්ගේ අකුරු හැකියාව බලාගන්න තිබ්බා අපට.
Anver Manatunga says:
මුස්ලිම් නොවන කෙනෙක් තමයි. නමුත් අපි ඒක සදහන් නොකළේ ජාති හෝ ආගම්බේධයක් මෙයට අවශ්‍ය නොවන නිසයි. අපරාධකාරයාට ආගමක් නැත.
Mohammed says:
yes, crimes and criminals don’t have a religion
but, what if he was a Muslim???
it’ll be a breaking news in all local media, his name, photo, family details, religion…etc all will be published by now and Islam will be under attack too.
this was the point I wanted to highlight
Anver Manatunga says:
ඔබ පවසන දේ නිවැරදියි. අපි මේ ක්‍රමය වෙනස් කර පෙන්වමු. මැදහත් ජනතාව කවුද නිවැරදි යන්න ඉන් දැනගනු ඇත.
mohamed shaffy says:
ඇතටම ඔබේ මේ ලිපිය අන් අයටත් ආදර්ශයක්.(ඔහු අපරාධකාරයාය එයට ආගමක් ජාතියක් පළිනැත.) නමුත් මෙයට සමාන වැරද්දක් මුස්ලිම් ජාතිකයෙක්කරොත් මොනවගේ ප්‍රවෘත්ති පලවෙයි කියලා මම විශේශයෙන් සදහන් කරන්න ඕනැනැහැ.
asd says:
Anver Manatunga says:
සහෝදරයා මෙහි ලින්ක් එවීමේදී ගැටළුවක් ඇත. කරුණාකර ඔබේ ලින්ක් එක
srilankafrst@gmail.com ඊමේල් ලිපිනයට එවන්න.
Hora says:
kattiyak unusum kiyanawa. Oba samanaya wuna kiyanawa. Mokakda eththa.
Anver Manatunga says:
ඒවා පිළුනු නිවුස් මේවා හොට් නිවුස් වෙනස ඒකයි.
Brother says:
මොකද්ද මරන්න හේතුව? මං කිසිම වෙබ් අඩවියක මේ ගැන දුටුවේ නැහැ.
Anver Manatunga says:
තවම හේතුවක් දන්නේ නැහැ. සමහරු කියනවා මිනිහට මොලේ අප්සට් එකක් තියෙනවා කියලා. නමුත් ඒක පැහැදිලි නැහැ.
Brother says:
ඔය ‘ජයශ්‍රි’ නමින් බ්ලොග් කරන පුද්ගලයා, ඔහුට හොඳ ලිවීමේ හැකියවක් මෙන්ම හොඳ ගවේෂනාත්මක හැකියාවක් තිබෙන කෙනෙක්. මාතෘකාවට අදාල නොවුනත් මේ සටහන තියන්නේ එවන් පුද්ගලයින් දිරි ගැන්වීම යහපත් දෙයක් ලෙස පෙනුනු හින්දයි. මුස්ලිම් පාඨකයන්ට ආරාධනා කරනවා ඔහු වෙත ‘කමෙන්ට්ස්’ දමා දිරි ගන්නා කියා.
http://jayavasana.blogspot.com/
Hora says:
Sinhalayeni, Mohuta like kireemen walakinna. Mohuwa janapriya wenne obage waradini.
Anver Manatunga says:
ජනතාව ඔබවැනි ආගම්බේධවාදීන්ට රැවටුනු යුගය ඉවරයි.
Mr. Who-2 says:
අන්තවාදීන්ගේ ප්‍රධාන ලක්ෂනයක් නම්, තම අදහසට වෙනස් අදහසක් තිබීම දරාගැනීමට නොහැකියාවයි. හොරා ගේ කොමෙන්ටුවෙන් එය ඉතා අනර්ඝ ලෙස පෙනී යයි.
ඒ කෙසේ වෙතත් ජය ශ්‍රී ගේ බ්ලොගයේ “බුදු දහමට එල්ල වී ඇති සැබෑ අභියෝග” නම් වන ලිපියෙන් වටිනා අදහස් කිහිපයක් ඉදිරිපත් කර ඇත. හොරා බිය වී ඇත්තේ ඇයිදැයි යන්නද පැහැදිලි වේ.
kaush says:
everybody has the right to express their views, but the unfortunate thing happening in our country is that every body look at things in their tribal point of view, rather than a as one society…
sarji says:
me gena srilankamirror ake pala karala thibuna..samahara wita muslimkenekugen sinhala lamayekuta mehema deyak wunaa nam balaaganna thibba,…..
wathsala d says:
eye sirase kewe me lamayata aiya wena nede tharunayekmal kadala dnda kyala ekka ghn me aparade kala kiyalane?
E lamayage achchith prakasha kale ehemai.ai muslim nowana kenek kala kiyala boru kyanne?#puluwaninam oppu karanda
Anver Manatunga says:
ඔප්පුකරන්න දෙයක් නැහැ. වැලිගම පොලීසියෙන් පරීක්ෂා කරලා බලන්න. ඔහු මුස්ලිම් නොවන අයෙක්.
අම්ජඩ් says:
පහුගිය කාලයේ පස්සර සිදුවූ සිදුවීම අමතක වී ගොසින්ය ,නමුත් ජාතික පුවත්පතක් වන දිවයින එම සිදුවීම වර්තාකලේ මියගිය තරුණය මුස්ලිම් වුනේ නම් තත්වය කෙබදු විය හැකියි ද ? යයි පවසා මුස්ලිම් අයව මිලේච්චයන් පිරිසක් බව නොකියා කියවීමය ,එදා එහි මරුනේ සිංහල තරුණයෙකි ,එත් සමගම පස්සර මුස්ලිම් පාසල් වස දැමීමට පවා තත්වය දරුණු විය .මුස්ලිම් ජනයා බියවී නිවෙස තුලටම වී සිටියහ.නමුත් දැන් පිළිතුර ලැබී තිබේ ,දැන් මියගියේ මුස්ලිම් දැරියෙකි ,එදා පස්සර මෙන් වැලිගම රත්වුනේ නැත ,වැලිගම සිංහල දරුයක් මෙලෙස ඝාතනයට ලක්වුණේ නම් මෙලහකට වැලිගමේ ඇදිරි නිතිය පවා දමන තත්වයට පව් වීමට ඉඩ තිබේ ,තවද නරි ඩොට් කොම් ,හිවල් හද ය ස්වයන් වින්දනයේ පවා යෙදෙනු ඇත.
Ashfa says:
she z 1f our relativ,,,ohh such kinda incidnt
evry perants must lookaftr their chidrn very wel mor than b4
fathima says:
මොහු පිස්සෙක් වෙන්න බැහැ මොකද කටේ පස් පුරවන්න තරම් බුද්දියක් ඔහුට තිබුනා නේ.
bunanm says:
@ Brother & Mr Who. i agree he is such good writer.. forget about this bl… hora……thamange nama kiyannavath konda pananathi ……..???
hasan says:
ඔවුහු කවුරුන්ද යත්, තමන්ට කිසියම් විපතක් ඇතිවන විට ‘ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්’ (නියතව අප අල්ලාහ්ටම අයත් වූවන්ය. තවද, අප ඔහු හමුවටම ආපසු යන්නන්) යැයි පවසන්නෝය.((ශු.කු.2:156)
ඝාතකයා මානසික රෝගයෙන් පෙළෙන කෙනෙකු බව පොලිස් නිලධාරියෙක් පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙය තීරණය කළ යුත්තේ මානසික වෛද්වරයෙකුය. ඔහු එසේ මානසික රෝගයෙන් පෙළෙන්නෙකු බව වෛද්ය වාර්තාවලින් ඔප්පු වුවහොත්, ඔහුට එරෙහිව කිසිදු ක්රියා මාර්ගයක් ගත නොහැකිය.
නමත් මෙම පුද්ගලයා මානසික රෝගියෙකු බව ඔප්පු වුවහොත්, ඔහුව මානසික රෝහලට ඇතුලත් කළ යුතුය. නමුත් එවැනි දේ රජය මගින් කරන්නේද? යි මම නොදනිමි.
Anver Manatunga says:
ප්‍රශ්නය වන්නේ අද බොහෝ දෙනෙකු වැරදි කර පසුව මානසික ප්‍රශ්නයක් යැයි පෙන්වා බේරෙන්නට සොයති. මෙවැනි අයට බන්ධනාගාරයේ මානසික වාට්ටුවක් ඇතිකර දඩුවම් කළ යුතුය.
Brother says:
මට හැකිනම් කිසිවකු හෝ විසින් ‘ජයශ්‍රී’ ගේ අඩවියේ ‘කමෙන්ට්’ කල හැකි ආකාරය පෙන්නා දෙන්න. මා මීට කලින් කිහිපවතාවක්ම එහි දැක්වෙන options අනුව යමින් මාගේම අනන්‍යතාවයක් යටතේ e-mail ID පල කරමින් උත්සහ කලත් ඒ කිසිවක් පල වූයේ නැහැ. ඉදින් එයට මා විසින් කලයුත්තේ කුමක්ද?
fathima says:
අර ග්‍රීස් හොරුත් මානසික ලෙඩ්ඩු නිසා මේගැනත් මටනම් ටිකක් සැකඉ.
ජිල්බුවා says:
එතකොට මේ මන්ද බුද්ධිකයව අත් අඩංගුවට ගත්තට පස්සේ ඒකාට දඩුවම් කරන්න තමන්ට දෙන්නය කියල වැලිගම පොලීසිය වට කරල උද්ඝෝෂණ කරපු කට්ටිය කවුද?
Anver Manatunga says:
ඒ සිද්ධිය ගමේ අනෙක් අයට ආරංචි වු විට ආවේගශීලි අයත් එතැනට එන්න ඇති. ඔවුන් එසේ කළ පමණින් මුස්ලිම් සමාජයම එම ගොඩට දැමිය හැකිද? ඒ තැනැත්තාව පොලීසියට බාරදුන්නේ කවුද? එසේ නම් ඔහුව පොලීසියට බාරනොදී ඉන්න තිබුණා නේද?
subashini says:
කටේ පස් පුරවා තිබ්බ නම් මම නම් හිතන්නේ අනිවාර්යයෙන්ම මේ දැරියව ඒ පුද්ගලයා විසන් දූෂනය කරල ඇති කියලා.
Anver Manatunga says:
එහෙම ආරංචි මාර්ග තිබෙනවා. නමුත් ඒවා ඇත්තද නොදනිමි.
muhammed ilyas says:
anwar haji oya dannawada aa magea sister gea duwa insha allah friday nadu kathakaranawa monawa weida dannea mahatthayo pls ask duwa
Anver Manatunga says:
ඉන්ෂා අල්ලා!