අපේ රටේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් බහුතරයකට, එසේ විදෙස් ගත වීමට හේතුව ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ය. සමහර කාන්තාවන්ගේ පුරුෂයන් අධික බීමත් කමට ඇබ්බැහි වුවන්ය. තවත් සමහර කතුන්, ස්වකීය ස්වාමි පුරුෂයන් විසින් පොලියට ගත් ණය, පියවීමට නොහැකිව විදෙස් ගතවුවන්ය. තවත් සමහරු තමන්ගේ පුරුෂයාට ව්‍යාපාරයක්, නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ අභිලාශයෙන් හෝ දරුවන් දීගතල දීමේ අරමුණින් විදෙස්ගත වුවන්ය.
මේ කරුණු කුමකින් විදෙස්ගත වුවද කාන්තාවන් එසේ යන්නේ පිරිමින්ගේ කොන්ද පණ නැති කම නිසා මිස අන්කිසිවක් නිසා නොවන බව මගේ අදහසයි. තමන්ගේ ආදරණීය බිරිය නොදන්නා රටක, නොදන්නා පිරිසක් මැදට යවා, ඉසුරු සොයන්නෝ, සහ ඒ ඉසුරින් පිස්සු කෙළින්නෝ, ඇත්තටම නරුමයෝ නොවෙත්ද? ඒ කෙසේ වුවද? අපේ රටේ දිළිඳු ජනතාව අතර, මැදපෙරදිග ගෘහසේවය ඉතාමත්ම ප්‍රචලිත ක්‍රියාවකි. දැන් එය ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක් ලෙස බද්ධ වී ඇති බැවින් එහි කිසිදු වරදක් ඔවුන් නොදකිති. සමහරුන්ට කුමණ හෝ ආකාරයේ ආර්ථික ප්‍රශ්ණයක් නැගේද? එයට හොඳම සහ ලෙහෙසිම විසඳුම නම් තම බිරිය රට පැටවීමයි. බිරිය රට පැටවු පසුව පුරුෂයන් කරන්නේ, වැඩි වැඩියෙන් බෝතලයේ පහස ලැබීමයි. තවත් සමහරු වෙනත් කාන්තා ඇසුර හෙවත් පරදාර සේවනයද සොයති.
අසංක ප්‍රියමන්ත පීරිස් ගායකයා විසින් “මගේ දරු පැටව් අහසට දෑත දිගුකරන්” නම් වු මැදපෙරදිග ගිය බිරියකගේ ස්වාමි පුරුෂයෙකුගේ විලාපය නැගෙන ගීතය සංගීත සංදර්ශන වලදී ගයන විට අපේ ජනතාව ඊට අත්පොඩි තලන්නේ එහි යථාර්තය නොදැන සෙලුලොයිඩ් සිහින වල අතරමංව සිටින නිසාය. අසංක ප්‍රියමන්තගේ මෙම ගීතයට මැදපෙරදිගට බිරියන් පැටවු අයද අත්පොඩි තලනු ඇත. මන්ද ඔවුන් “හඬන සිතන නිවන්නට මල්පැණි” කියා කසිප්පු සප්පායම්ව සිටින නිසාවෙනි. ඔවුන්ට ලැජ්ජාවක් කියා දෙයක් නැත. මන්ද ඔවුන්ට ලැජ්ජා වන්නට තිබුණු දෙය අද ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක් කර ඇති බැවිනි.
මැදපෙරදිග හාම්පුතෙකු විසින්, තමන්ට ගෘහසේවිකාවක් ලබා ගන්නේ, ඇගෙන් විශාල වැඩ කොටසක් කරවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම රටවල නිවාස බොහෝ විට අපේ රටේ මෙන් නොව, ඉතා විශාල සහ වැඩ අධික ඒවාය. අනෙක් අතට අද මැදපෙරදිග හාම්පුතුන්ට සිය නිවසට ගෘහසේවිකාවක් ගැනීමේදී රජයේ ගාස්තු සහ එරට ඒජන්සියේ ගාස්තු වශයෙන් එක් වරකට රුපියල් 400,000/= පමණ මුදලක් (ලංකාවේ ඒජන්සි වලට එන්නේ එයින් කොටසකි) වැය කිරීමට සිදුවේ. මෙම මුදලින් කොටසක් අද මැදපෙරදිග යන කාන්තාවගේ වියදමට යැයි දෙන ඒජන්සි කරුවන්ද සිටිති. හාම්පුතෙකු විසින් ලබා ගත්තාවු ගෘහ සේවිකාවට මාසික වැටුපක් දෙන්නේ මීට අමතරවයි. මෙතරම් අධික මුදලක් ගෙවා ඔවුන් ගෘහ සේවිකාවක් ලබා ගන්නා අතර, ඔවුන් ඇගෙන් එම ප්‍රමාණයටම සේවයද බලාපොරොත්තු වේ.
මෙම හාම්පුතුන් විසින් ගෘහ සේවිකාවක් ගත් සැණින්ම, ඇගේ ගමන් බලපත්‍රය සියතට ගන්නේ, ගමන් බලපත්‍රය ඇගේ අත තිබුණ හොත්, ඈ හට පලා යාමට ලෙහෙසි බැවිනි. මේ නිසා මැදපෙරදිග ගෘහසේවිකාවක් වු කාන්තාවක් වනාහී ඇත්තටම සිරගත වු එකියක මෙනි. එම සිරෙන් නිදහස් වන්නට ඇයට හැකියාවක් ලැබෙන්නේ අදාල කොන්ත්‍රාත් කාලය අවසන්වු පසුව, එනම් වසර දෙකකට හෝ තුනකට පසුවය. ඒද හාම්පුතාට ඇය රටින් පිටතට නොයනු ඇතැයි, යන සැකය නිසා ඔහු විසින්ම ගුවන්තොටුපොලේ ඇතුලතටම ගොස් ඇයව ඇරලවනු ඇත. මේවාට හේතුව අන්කිසිවක් නොව අපේ රටින් පෙරකල ගිය ගෘහසේවිකාවන් විසින් පෙන්වා ඇති ශිල්ප වල දක්ෂකම්ය.
මේ නිසා අපේ රටින් ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන බොහෝ කාන්තාවන් පත්වන්නේ දැඩි අපහසු තත්වයකටය. මෙහිදී කාන්තාව විසින් තමන් වැඩ කරන්නාවු නිවසේ වැඩ අධික බව නිසා, එරට තිබෙන ඒජන්සියට ගොස් පැමිණිලි කළද සිදුවන්නේ නැවත එම නිවසට පිටත් කර යැවීම හෝ එවැනිම වූ වෙනත් නිවසකට දැමීමයි. එමෙන්ම එම රටවල තිබෙන අපේ රටේ තානාපති කාර්යාල වලට යෑමද තවත් සිරගත වීමක් වැනිය. එහිදී සිරගත වී සිටීමට අමතරව තානාපති කාර්යාල නිලධාරීන්ගේද මනදොල සපුරාලන්නටද සිදුවනු ඇත. මේ සියල්ලම ගැන කල්පනා කරන ඔවුන් ඊලඟට බලන්නේ තමන් වැඩ කරන නිවසින් පැන යන්නටයි.
මෙසේ පැනයන්නට වෙරදරන අපේ රටේ නංගිලාට සහය වන්නට වලිකන අපේම රටේ අක්කලා පිරිසක්ද එම රටවල් වල ඇත. ඔවුන් කරන්නේ මෙසේ පැනයන අය තමන් විසින් කුලියට ගෙන ඇති ගුබ්බෑයම් වලට ගෙන ගොස් ඔවුන්ව තමන්ගේ ගණුදෙනු කරුවන්ගේ මනදොල සපුරා ගැනීමට කුළියට දීමයි. බොහෝ කාන්තාවන් වෙන කරන්නට දෙයක් නැති නිසාත්, මුදල් යහමින් ලැබෙන නිසාත්, මේවාට එකඟ වෙති. ඒ අය තමන්ගේ ස්වාමි පුරුෂයන්ට දරුමල්ලන්ට ලියා එවන්නේ තමන්ට වැඩ අධික නිසා සේවය කළ නිවසින් පැනගිය බවත්, දැන් හොඳතැනක් හමුවී ඇති බවත්ය. ඒක අසන ලංකාවේ ගෙදර අයද අනේ වාසනාවං! කියති.
සමහරුන් මේ තුලින් ගැබ් ගනිති. එවිට ඒ කළල ගබ්සා කරන්නටද අපේ රටේ කාන්තාවන්ම එහි සැදී පැහැදී සිටිති. මේවාට කිසිදු වෛද්‍ය වරයෙක් නැත. කරන්නේ තවත් අපේම රටේ අක්කා කෙනෙකි. සල්ලි පසුපස ගොස් අන්තිමේදී කෙතරම් ජුගුප්සාජනක දේවල් කරන්නේදැයි බලන්න. නමුත් තවත් සමහරු තමන් ලඟට පැමිණි හොඳ ගැණුම්කරුවෙක් සමග මිතුරුවී එතැනින් පැනගොස්, ඉන්පසුව ඒ මිනිසා සමග පවුල් ජීවිත ගතකරන්නට පටන් ගනියි. මෙවැනි අය ලංකාවට වරින් වර ආවත් ලංකාවේ සිටින සැමියාව ගණන් නොගනිති. නැත්නම් සැමියාව අතහැර දමති. මේ අයගේ විශේෂත්වය නම් වසර දහය පහලව දිගටම විදේශ ගතවී සිටීමයි.
සමහර කාන්තාවන් ගැබ්ගෙන සිටියදී ඒ රටවල පොලීස් වලට අසුවෙති. එවිට එම රටවල අධිකරණ විසින් කරන්නේ ඇයගේ ගර්භනී කාලය තුලව ඇයව සිරගත කර බන්ධනාගාරයේම දරුවා ඉපදෙන්නට සලස්වා පසුව ලංකාවට එවීමයි. මෙවැනි දරුවන් රැගෙන කටුනායක ගුවන්තොටුපොලට එන සමහර කතුන් එහිදී අනෙක් මගීන්ගෙන් පිංසෙන්ඩු වෙන්නේ තමන් වැඩකළ නිවසේ අරාබි කාරයෙක් අතින් ගැබ්ගෙන දරුවෙකු වැදු බවත් දැන් මෙම දරුවා නිවසට ගෙනයාමට නොහැකි බවත්ය. මෙසේ මෙම කාන්තාවන් ගුවන්තොටුපොල තුලදීම දරුවා කාට හරි බාර දී සැහැල්ලු සිතින් ගෙදර යති. ගොස් මැදපෙරදිග නිවසේදී තමන්ට සිදුවු අතවර ලෙස පට්ටපල් බොරු ගොතති.
නමුත් පසුව මෙම කාන්තාවන් පාඩමක් ඉගෙන ගෙන නැවත පිටරට නොයා සිටින්නේ නැත. පසුව මෙම කාන්තාවන් නැවත මැදපෙරදිග වෙන රටකට යන්නට වෙර දරති. ඒ අන් කිසිවකට නොව, එහිදී කලින් තමන්ට නටන්න ගොස් වැරදුනු නාඩගම නැවත, නිවැරදිව රඟ දක්වන්නයි. මින් පසුව ඔවුන් ගැබ් නොගෙන කළයුතු සියළුම අකටයුතු කම් කිරීමට මැලි නොවන්නේය. ඔවුන්ට අවශ්‍ය නිදහස් ජීවිතයකි. ලංකාවේ තිබෙන සමාජීය වපසරිය තුල ඔවුන්ට ඒ නිදහස භුක්ති විඳිය නොහැක. මෙලෙස අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග පිස්සු නටන්නේ කාගේ වරදින්ද?
බොහෝ විට මෙලෙස මැදපෙරදිග සොර සැමියන් සමග ජීවත්වන අපේ රටේ කාන්තාවන්ගේ විදේශික සොර ස්වාමිපුරුෂයන්ට ස්වකීය රටේද බිරියන් සිටිති. ඔවුන් මැදපෙරදිගදී අපේ ලාංකික කාන්තාවන් තබාගෙන සිටින්නේ ඊට අමතරවයි. ඔවුන් විසින් තම පඩිපත සුරැකිව තම රටට එනම් පවුලට සහ දරුවන්ට යවති. අපේ කාන්තාවන් විසින් සිය දහඩිය මහන්සියෙන් උපයන මුදලින් ගෙවල් කුලිය සහ අනෙකුත් වියදම් දරති. මේ නිසා මෙම කාන්තාවන්ට ලංකාවේ සිය නිවෙස් වලට නිසිපරිදි මුදල් යැවීමට අපහසුය. මේ නිසා ඔවුන්ගේ ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතරමග නතරවී අනාථව නොමගට යෑම සිදුවේ.
රටේ ජාතික සම්පතක් වන කාන්තාවන් මෙලෙස විදෙස් රටවල අවලමේ යවන ආන්ඩුවක් තිබෙන වෙන කිසිදු රටක් දකුණු ආසියාවේම නැත. එමෙන්ම මේවා අපේ රටේ ජනතාවට හෙළිදරව් කර මැදපෙරදිග ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් යැවීම වලකන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ. අන්තර්ජාලයේ සිටින අසුචිරාළලා, හිවල් හඬලා, හොරි ඩොට් කොම්ලා මෙන්ම, එක එක සේනා, එවැනිම වු තවත් බලකා හෝ එක එක රාවයලා හෝ වෙන කවුරුන් වුවද, මේ ගැන කිසිවගක් නොපවසති.
ඔවුන්ගේ ඒකායන පැතුම අපේ රට ආසියාවේ ආශ්චර්යය කරන්නට, අපේ රටේ කාන්තාවන් වැඩි වැඩියෙන් පිටරටවල අවලමේ යවමු! යන්නය.

Hora says:
Ethakota oba kiyanne arabi aya ape genunta adanthettam karanne ne kiyada?
Anver Manatunga says:
ඒ මොනව වෙන්නත් ඇයි ගෑනුන්ව මැදපෙරදිග යවන්නේ?
Sri Lankan says:
ඊයා ඔයා ගෑනිව මැද පෙරදිගට යෙව්වද ?
Nazeem says:
good advice. these things will not be advised by media or newspaper.why??because agencies get loss if woman rejects middle east for house maid.
@Hora , most muslims love their wives & do not like to send middle east even middle people 90% muslim population. arab or american or indian,mind can be changed if man get feelings by sieng a woman. womans too easily get caught for money.
first man should protect her & avoid to send for house maid to middle east or any country.
Hafeel says:
හොඳ විග්‍රහයක් මෙවා ගැන අවබෝද කරගෙන ඉදිරියට හරි අපේ අය කටයුතු කරනවානම් හොඳයි.
dubai කොල්ලා says:
ඒ විතරක් නොවේ සමහර ගැනු indian කාරයොත් එක්ක සෙට් වෙලා ඉන්නේ දුක කියන්නේ අපි හිනවුනත් අපිව ගණන් ගන්නෙවත් නැහැ.
Anver Manatunga says:
dubai කොල්ලාට හොදටම දුක ඇති!
amal biso says:
මුළුමහත් ශ්‍රී ලංකාවටම එකලෙස බලපා ඇති මේ කාලීන ප්‍රශ්නය පිලිබදව ලිවීම ගැන අන්වර් ඔබට ස්තුතියි.මෙහි වඩාත්ම ශෝකජනක කාරණය වන්නේ පවුලක මවක් විදේශගත වීම හරහා ඇරඹෙන පවුල් සංස්ථාවේ කඩාවැටීම මුළුමහත් ශ්‍රී ලාංකික සමාජයේම කඩාවැටීම තෙක් විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වීමයි..ජාති ආගම් කිසිදු භේදයකින් තොරව මේ නිසා මුළු මහත් සමාජයක් දුක් විදින බව රහසක් නොවේ.මව් කෙනෙක් නැති පවුලකත් අයාලේ යන සතුන් රැලකත් වැඩි වෙනසක් නැති කල කෙසේ නම් සමාජයක් යහපත් ගතිගුණ,යහපත් චර්යා ඇතිව ඉදිරියට යන්නද?
shafik says:
මේවැනි මත්තෘකාවක් යටතේ ලිවිම ගැන ස්තුති සහෝදරයා. ඇත්තෙන්ම ලංකාවේ බොහෝ කාන්තාවන් මැදපෙරදිග හැසිරෙන ආකාරයනම් ඉතා කණගාටුඉ. සමහරක් අය පිටරට අවේ මොකටද කියල ටික දවසක් යනකොට අමතක
වෙනවා. කියා නිමකරන්න බැරි නානාප්‍රකාර ජවනිකා ඔඋන් රගදක්වන්නේ. තම රාජකාරිය මානව ඉටු කරගෙන රටෙත් නම රැකෙන අන්දමින් කටයුතු කරන ඉතා සුළු පිරිසක්ද නැතුවා නොවේ. බොහෝ දුරට පිට රට යන අයගේ වරදින් හා ලංකාවෙත් එරටත් ඇති පහත් ඒජන්සි කාරයන්ගේ වැරදි වලින් මෙවැනි දේවල් වෙන්නේ. ඔබ කියූ පරිදි මැදපෙරදිග හාම්පුතුන්ට සිය නිවසට ගෘහසේවිකාවක් ගැනීමේදී රජයේ ගාස්තු සහ එරට ඒජන්සියේ ගාස්තු වශයෙන් විශාල මුදලක් වැය කරනවා එවිට ඔඋන් ඊට සරිලන සේවාවක් බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික උපකරණ හා පිළිවෙලකට වැඩකරන බොහෝ නිවාසවල නිසි දැනුමක් හෝ අත්දැකීමක් නැතිව මේ අය කරදරේ වැටෙනවා. හම්පුතටත් බලාපොරොත්තු වූ දේ ලැබුනේ නැති තැන මෙම කාන්තාව නැවතත් ඒජන්සියටත් නව නිවාස කිහිපයකටත් මාරු වෙනවා. තත්වේ තේරුම් අරගෙන එම සේවිකවන්ව මානව හුරු කරගන්න හොදින් සලකන හම්පුත්තුන්ද නැතුවා නොවේ. සමහරක් අය අවස්ථාවෙන් ප්‍රොයෝජන ගෙන එලියට පනිනවා ඒ අය තමඊ මේ ජවනිකා රගදක්වන්නේ වැඩේ කියන්නේ ඒ අයගේ ප්‍රතිසතය ඉතා ඉහලඊ.
ගොඩක් දෙනෙක් පිටරට පිරිමි හා එකට දීග කනවා දුරචරේ යෙදෙනවා මත්ද්‍රව්‍යට සම්බන්දවද පිරිමි දෙතුන් දෙනෙක් සමග දිගටම සම්බන්දකම් තියාගෙන ඉන්න අයද නැතුවා නොවේ. සමහරක් අයගේ විලාසිතා හා හැසිරෙන ආකාරය ඉතා පහත්. පිටරටක පිරිමින් අපේ අයව පාරේ තොටේ දැක්කොත් ” අහා ලංකාවේ අක්කා” යනුවෙන් කෑගසඉ ඒ තරමට ඔඋන්ව හදුනාගන්න පුළුවන්.
කෙසේ වෙතත් මේ පිරිස ලංකාවේ නම විනාශ කරමින්ද ඔඋන්ගේ පවුල් ජීවිතද විනාස මුකයට ඇදගෙන තමන්ගේ දරුවන්ගේ අනාගතය අදුරු කරඉ. ලංකාවේ මිනිස්සු මේ ගැන වැඩිදුර කතා නොකෙරුවට මෙය ප්‍රබල ප්‍රස්නයක් වී ඇත.
Suda says:
Attention –
නුඋගත් ජාතිකයනෙනි,,,
\\ඒ මොනව වෙන්නත් ඇයි ගෑනුන්ව මැදපෙරදිග යවන්නේ?\\
තොපිගේ ඔය මතය නිවෙරදි නම් මේ බෞද්ධ රටේ අපි උඹලට මොනවා හරි කලොත් උඹලත් මෙහෙන් යන්න ඕනේ.මොකද මේක බෞද්ධ රටක් නිසා..
Anver Manatunga says:
මේක බෞද්ධ රටක් වුනේ 2500 ක ඉදලා ඊටත් වසර දහස් ගණනක් මේකෙ මිනිස්සු ඉදලා තියෙනවා. මම පැවතෙන්නේ ඒ අයගෙන්.
Suda says:
මේ මම කිව්වේ මේ රට දැන් බෞද්ධ කියල.එහෙමනම් මට කියන්න පුළුවන් අරාබිය කියන්නේ මුස්ලිම් රටක් නෙවේ කියල . නිකන් මෝඩ කතා කියවන්න එපා.ඔයගොල්ලෝ කොහොමත් නිකන් පිටින් ඔහෙ කියවනවා.
Anver Manatunga says:
මේක දැන් බහුආගමික බහුසංස්කෘතික රටක්. රටේ ජනගහණයෙන් තුනෙන් එකක්ම අබෞද්ධ.
sana says:
Suda says:
Attention –
නුඋගත් ජාතිකයනෙනි,,,
\\ඒ මොනව වෙන්නත් ඇයි ගෑනුන්ව මැදපෙරදිග යවන්නේ?\\
තොපිගේ ඔය මතය නිවෙරදි නම් මේ බෞද්ධ රටේ අපි උඹලට මොනවා හරි කලොත් උඹලත් මෙහෙන් යන්න ඕනේ.මොකද මේක බෞද්ධ රටක් නිසා..//
උගත් සුදු මහත්තයෝ ජාතිය හා ආගම යනු එකක් නෙවෙයි දෙකකි. අපි ඉස්ලාම් දහම පිලිබදින ලාංකිකයින් පිරිසකි. ඉතින් මේ රටේ පුරවෙසියෙකුට තවකෙක් යන්න කියන්න බෑ. එක තේරුම් ගන්න උගත් කමක් නැද්ද මන්දා?
අපි කවදාද ලකාවට ආවේ කියන එකට පැහැදිලි සාක්ෂියක් නම් හොයාගන්න අමාරුයි. විජය කියා දාමරිකයා සමග ආපු සෙට් එක ආපු කාල වකවානුව නම් මහාවංසය හරහා හොයා ගන්න පුළුවන්. ඇවිල්ල කරපු ත්‍රස්ත වැඩ ද එකේ සඳහන් වෙලා තියනවා. ඔබ ඒ සෙට් එකට අයිති වාසිකම් කියනවනම් බල්ලගෙන මොකද මුලින් බස් එකට නැගපු කට්ටිය තමයි ඉස්සෙල්ල බහින්න ඕනේ.