Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

පංසලේ සලාතය කළ නිසා මුස්ලිම් පල්ලියේ පිරිත් කිව යුතුද? නාඳුණන ලියුම්කරුවෙකුගේ ලිපියක්

සමාජ සහජීවනය

සමාජ සහජීවනය

ආගම්බේධවාදීන් විසින් ඉෆ්තාර් වැඩසටහන් සම්බන්ධව ඇති කර තිබෙන ඝෝෂාව අරබයා මා විසින් ලියු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් එක්තරා සහෝදරයෙකු හෝ සහෝදරියක විසින් මවෙත නිර්නාමික ලිපියක් එවා ඇත. එම ලිපියේ ඉතා වැදගත් කරුණු තිබෙන හෙයින් සහ එම ලිපිය ඉතා කා‍ලෝචිත හෙයින් එහි පලවන අදහස් වල වගකීම මවෙත පවරා ගනිමින් මෙම ලිපිය අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලකරන්නට තීරණය කළෙමි. සහජීවනය කැමති සියළු දෙනාගෙන්ම මා ඉල්ලන්නේ මෙම ලිපිය හැකිතාක් බෙදා ගන්නා ලෙසයි.

 

විහාරස්ථානයේ සලාතය ඉටුකරන්නට ඉඩ දුන් නිසා මස්ජිදයේ පිරිත් සජ්ජායනයට ඉඩ දිය යුතුව ඇත්ද???

 

විහාරස්ථානයක මුස්ලිම් වරුන්ට සලාතය ඉටුකරන්නට ඉඩ දුන් නිසා බෞද්ධයින්ට පිරිත් සජ්ජායනයට මස්ජිදයේ ඉඩ දිය යුතු බව නැගෙන හඬ පිළිබඳව බුද්ධිමත්ව විමසා බැලීමකි මෙම ලිපියෙන් කරන්නට අපේක්ෂා කරන්නේ. පළමුව මුස්ලිම් වරුන්ට විහාරස්ථානයේ සලාතය ඉටුකරන්නට ඉඩ දීමේ පසුබිම ගැන සලකා බලමු.

 

සලාතය ඉටුකරන්නට මුස්ලිම් වරුන් ට පන්සල ප්‍රයෝජනයට ගැනීමට සිදුවුයේ කුමන හේතු නිසාද? රාමදාන් උපවාසය පවාරණය කිරීමේ කටයුත්ත සඳහා මුස්ලිම් වරුන්ට ආරාධනා ලැබ එහි පැමිණි අවස්ථාවේ නිෂ්චිත කාලවකවානුවක් තුල ඉටුකළයුතු නැමදුමක් වූ සලාතය ඉටුකරන්නට ආසන්න මස්ජිදයක් නොමැති තත්වයක් තුල විහාරාධිපතින් වහන්සේගේ අනුමැතිය හා ආරාධනාව අනුව එය කළා මිස පන්සල සලාතය ඉටුකරන තැනක් ලෙස තෝරා ගැනීමට මුස්ලිම් වරුන්ගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති බව පළමුව අවධාරණය කළයුතුව ඇත. එයට ප්‍රධාන හේතු කිහිපයක්ම ඇත. පන්සල බෞද්ධයින්ගේ පුජාවන්, තේවාවන්, හා නැමදුම් ඉටු කරන තැනක් බව මුස්ලිම් වරුන් ඉතා හොඳින් දනිති. බෞද්ධ පිළිවෙත් හා ඉස්ලාමීය පිළිවෙත් අතර විශාල පරතරයක් ඇති හෙයින් මෙම කාරනා දෙක එක තැන ඉටුකිරීමට යෑම සහතික වශයෙන්ම අති විශාල ගැටුමක් මෙන්ම දෙපාර්ශවයටම තමන්ගේ පිළිවෙත් නිසිලෙස ඉටුකර ගැනීමට නොහැකි තත්වයක් ඇති කරවන්නක් බව සුළු වශයෙන් හෝ සිතීමට හැකි අයෙකුට අවබෝධ කරගත හැකි සත්‍යයකි. මෙම කරුණ අවබෝධ කරගැනීමට අවශ්‍ය බුද්ධිය මුස්ලිම් වරුන්ට තිබීම ගැන සතුටු වන්නෙමු. එනිසා අහම්බෙන්, නොවැලක්විය තත්වයක් මත පන්සලේ සලාතය ඉටුකිරීමට  ලැබුණු අවස්ථාව තමන්ගේ අයිතියක් ලෙස හුවා දක්වමින් මොර දෙන්නට මුස්ලිම් වරුන් ඉදිරිපත් වී නොමැත. යම් හෙයකින් පන්සලට පැමිණි මුස්ලිම් වරුන්ගෙන් කිහිප දෙනෙක් පන්සලේ වැසිකිලිය තමන්ගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවයට පාවිච්චි කලේ නම් බුදු දහම පිළිබඳව දැනුමකින් තොරව වෛර හා ක්‍රෝධ ව්‍යාප්තියේ පමණක් නියලී සිටින මෙම ඊනියා බෞද්ධයින් අපට මස්ජිදයේ වැසිකිලිය පාවිච්චියට අයිතිවාසිකම් ඉදිරිපත් කළහොත් මෙහි ඇති හාස්‍ය ජනක භාවය අවබෝධ කරගැනීමට කුඩා මොලයක් වුවද ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.    

 

මෙවැනි අන්තර් ආගමික සුහදත්වය හා සහන සීලිත්වය පිළිබඳව පිටකා ගත තොරතුරු හා බුද්ධ චරිතාපදානයෙන් අප ඉගෙන ගන්නා කරුණු කිහිපයක් මෙම ඊනියා බෞද්ධයින්ගේ අධ්‍යාපනය සඳහා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

 

තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණය වී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත. එය එසේ තිබියදී අද අප නියැලෙමින් සිටින්නේ තවත් භයානක ව්‍යසනයකට රට ඇද ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියක නොවේද? විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින්  මුස්ලිම් වරුන්ගේ දහමට ඉතා නින්දිත අයුරින් අපහාස කරමින් මෙම පහත් හා නින්දිත චින්තනයක වහලුන් බවට පත්වී ඇති උදවිය කරන්නේ නැවත මේ රට ඉතා භයානක ආඝාධයකට තල්ලුකර දමන්නට නොවේද? මොවුන්ගේ සැඟවුණු න්‍යාය පත්තරය හා එයට ඈඳුනු නින්දිත අරමුණු රටට හෙළි දරව් කරන්නට කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු.

 

නිදහස දිනා ගැනීමත් සමග ජාතිවාදී පදනමකින් ගොඩ නැගුනු පටු අරමුණු අපේක්ෂාවෙන් රට ඉදිරියේ තැබූ දේශපාලන ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වුයේ බිහිසුණු යුධ ක්‍රියාවලියකට රට අවතීර්ණ වීමය. යුද්ධය රටට අහිමි කල විශාලතම සම්පත වුයේ “ජීවිතයයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කල යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුලම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් අදත් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩි හිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්ය ප්‍රතිපලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කල හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥාණය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළයුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද? මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොලවන්නට යමෙක් ඉදිරිපත් වන්නේද සැබැවින්ම ඔහු අබෞද්ධයෙක් හා ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකිද? මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝදීන්ද යන්නද සැකසහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ.  පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු..

 

                             අක්කොච්ජි මං, අවධි මං,

                             අජිනි මං, අහාසි මෙ

                             යෙ තං උපනය්හන්ති

                             වෙරං තේසං න සම්මති

 

අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.

 

                             අක්කොච්ජි මං, අවධි මං,

                             අජිනි මං, අහාසි මෙ

                             යෙ තං උපනය්හන්ති

                             වේරං තෙපු පසම්මති

 

අර්ථය: “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.

           

                             න හි වෙරෙන වේරානි

                             සම්මන්තීධ කුදාචනං

                             අවෙරෙන ව සම්මන්ති

                             එස ධම්මො සනන්තනො

 

අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.

 

මෙලෙස බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස වෛරය ඉවත්කොට අවෛරයෙන් යුත් සුහදවූ සමාජයකට මග පෙන්වද්දී බුදුන් වහන්සේට හා උන් වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ මිනිසා ඉදිරියේ තැබූ කරුණා, මෛත්‍රි, මුදිතා හා උපෙඛ්කා මත පදනම්වූ දහමට අපහාසයක් වන අයුරින් මෙම වෙබ් වීරයන් කටයුතු කිරීම ගැන සැබෑ බෞද්ධයන්ට නිහඬ නිරීක්ෂකයන් බවට පත් විය හැකිද? දශක තුනක කෘර යුද්ධයකින් පීඩා විඳි මෙරට ජනයාව නැවත මෙලෙස වෛරය වපුරා තල්ලුකරන්නට උත්සාහ කරන්නේ කුමන තත්වයකටද? මෙම වෙබ් වීරයින්ගේ හා ඔවුන් පිටිපස ඉන්නාවූ කපටින්ගේ පටු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය උදෙසා නැවතත් මෙරට ලේ ගංගාවක් බවට හා ජීවිත දස දහස් ගණනකගේ විනාශයට හේතුවන ක්‍රියාවකට අපට ඉඩ දිය හැකිද?

 

 

අසත්‍ය තොරතුරු වෙබ් අඩවිවල පළකරමින් ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට නින්දා සහගත ලෙස ප්‍රචාරයේ යෙදී සිටින ඊනියා බෞද්ධ හා සිංහල දේශප්‍රේමීන්ට බුදුන් වහන්සේගේ අලංකාර සමාජ සහජීවන ඉගැන්වීම් ගැන ඇති තොරතුරු වලින් බිඳක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. අසත්‍යවාදියෙකුට හා වෛරය, ක්‍රෝධය වපුරන්නට කටයුතු කරන්නෙකු සැබැවින්ම යහ බෞද්ධයෙකු විය නොහැකි බව සියලු බෞද්ධයින් දන්නා කරුණකි. මේ සියල්ලටම වඩා භයානක වන්නේ ඔවුන් අද ඉටුකරමින් ඉන්නේ වීරෝධාර රණවිරුවන් හා මෙරට සිංහල, මුස්ලිම් ද්‍රවිඩ ජනයා ජීවිත පරිත්‍යාගයෙන් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කොට දිනාගත් නිදහස නැතිකොට කොටිඩයස්පෝරාවේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරවන්නට බව නොරහසකි.    

 

සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

 

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

 

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

 

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”

 

ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න.    

 

“චතුරාර්ය සත්‍යය” නම් තම ග්‍රන්ථයේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි පවසා සිටින්නේ “බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්ය සත්‍යයමය. එබැවින් නියම බෞද්ධයෙකු වන්නට නම් ආර්ය සත්‍යයන් පිළිබඳව තරමක වත් දැනුමක් ඇති කර ගත යුතුය.” යනුවෙනි. ඇසල මස පුරපසලොක්වක දා ඉසිපතනයේදී බුදුන් වහන්සේ තමන්ගේ මංගල ධර්ම දේශනාව පැවැත්වූ බව සංයුක්ත නිකායේ ධම්මචක්කප්පවත්තන සුත්තය අනුව පැහැදිලිකෙරේ. කොන්ඩඤ, බද්දිය, වප්ප, මහානාම, හා අස්සජී යන පස්වග මහනුන්ට කළ මෙම දේශනාවට චතුරාර්ය සත්‍යය අන්තර්ගතවේ. මෙහි සතරවන සත්‍යය වන්නේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද දැක්වේ.

 

සම්‍යක් දෘෂ්ටිය,  සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය හා සම්‍යක් සමාධිය මෙම අෂ්ටාංගික මාර්ගයයි.

 

අප මෙහිදී සකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සම්‍යක් වචනය නොහොත් සම්මා වාචා යන සංකල්පයයි. විභංග පාලියෙහි දක්වා ඇති පරිදි:

 

“තත්ථ කතමා සම්මා වාචා?

මුසාවාදා වේරමණී,

පිසුනා වාචා වේරමණී,

ඵරුසාවාචා වේරමණී,

සම්ඵප්පලාපා වේරමණී,

අයං වුච්චති සම්මා වාචා”

 

මෙහි අර්ථය: සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, ඵරුසා වාචාවෙන් වැළකීමය, සම්ඵප්‍රලාපයේන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.

 

මෙම කරුණු ටිකක් විස්තර සහිතව විමසා බැලුවිට වෙබ් අඩවි මගින් මෙරට දහමට ලැදි යහ බෞද්ධයින්ව උද්වේගයට පත්කොට නැවත ලේ ගංගාවන් ගලන තත්වයක් ඇති කරන්නට වෙර දරන අඳබාලයින්ගේ ක්‍රියාවන් කොතරම් බෞද්ධ විරෝදීධ යන්න අවබෝධ කරගන්නට හැකි වනු ඇත.

 

මුසාවාදය         

 

අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඉදිරිපත්කරන අසත්‍යය තොරතුරුද මෙයට ඇතුලත්වේ. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

 

පිසුනාවාචා

සවන්දෙන තැනැත්තා කියන තැනැත්තා කෙරෙහි ඇති ඇතිකරගන්නා ප්‍රිය බවද, අනෙකා කෙරෙහි ඇති කරගනු ලබන අප්‍රිය බවද යන මේ වාචසිකව සිදු කෙරෙන අකුසල කර්මයට පිසුනාවාචා යැයි කියනු ලැබේ. හුදෙක් මෙයට කේලම යැයිද ව්‍යවහාර කරති. සමගියෙන් හා සමාදානයෙන් සිටින්නවුන්ගේ සමඟිය බිඳීම සඳහා ඇතැම්හු මේ අකුසල කර්මය කරති. වෙබ් දේශප්‍රේමීන්ගේ ප්‍රධාන අකුශල පථය මෙයයි. මෙවන් අය මරණින් මතු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ආදී කාම දුගතියෙහි උපදී. යම් හෙයකින් එයින් චුතව මනුසත් ලොව උපන් කළ, ඔහුට ප්‍රියයන්ගෙන් වෙන්ව විසීමට සිදුවේ.

 

ඵරුසාවාචා

කියන තැනැත්තා ද්වේෂ මුඛයෙන් කීමත්, අසන තැනැත්තා වේදනාවකින් හා ද්වේෂයකින් ඇසීමත් යන මෙම අකුසල කර්මය ඵරුසාවාචා නම්වේ. දුටු දුටුවන් නොරුස්සන ස්වභාවය ඇති ඇසීමට අප්‍රිය වුද නොරිසි වුද ස්වර ඇත්තෙක් වීම මෙහි ඵලයයි.

 

සම්ඵප්පලාපය

මෙහි සම්ඵ යනු හිත සුව විනාශ කර දමන, අර්ථ ශුන්‍යවූ කථාවයි. මෙම අකුසල කර්මයෙහි යෙදුනු පුද්ගලයා මරණින් මතු නිරයෙහි උපදින්නේය, ප්‍රේත ලෝකයෙහි උපදිනේය, එයින් චුතව මනුසත් ලොව උපන් කළ එකට එකක් නොගැලපෙන ශරීරවයන්ගෙන් යුත් බලන්නට ප්‍රිය නැති සිරුරකට හිමිකරුවෙක් වන්නේය.

 

වෙබ් අඩවි මගින් අසම්මා වාචා හි යෙදෙමින් කටයුතු කරන්නන්ට මෙවන් දරුණු විපාක විඳින්නට සිදුවන බව බුදු දහම උගන්වයි. අකුසලයට උපකාර කරමින් කටයුතු කරන්නන්ගේද තත්වය මෙයට වෙනස්විය නොහැක. රටේ අමාරුවෙන් දිනාගත් සාමය විනාශ කරන්නට මෙම වෙබ් කාරයින්ට ඉඩ නොදෙන ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

 

ජන සම්මුතිය ගොඩ නැගීම සදහා භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත්වීම් කිහිපයක් පහතින් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. රෝහිනී නදියේ ජලය පිලිබඳව ශාක්‍ය හා කෝලීය වංශිකයින් අතරේ ඇතිවෙන්නට ගිය මහා යුධ තත්වය දැනගත් උන්වහන්සේ නිහඬව සිටියේ නැත. වහාම දෙපාර්ශවයම කැඳවා අත්තදන්ඩ සුත්තය දේශනා කොට ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය ඉවත්කොට සම්මුතියක් ඇති කරන්නට මැදිහත්වුහ. භාග්‍යවතුන් වහන්සේ එන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක,හා වට්ටක ජාතක යන මෙයින් දම් දෙසා ශාක්‍ය හා කෝලීය රජුන් සමගි කරවූ සේක. මෙයයි අලංකාර බෞද්ධ පුර්වාදර්ශය. අද රටට අවශ්‍යවී ඇත්තේ මෙම දහම් සුවයෙන් මතුවන සාමුහිකත්වයයි.   

 

බුදුන් වහන්සේගේ පින්බර පා පහස ලක්මවට තෙවරක් ලැබුණු බව ඉතිහාසය අපට පවසයි. මෙයින් දෙවරක්ම විසම්මුතිය, ක්‍රෝධය, වෛරය ඉවත්කොට සාමය හා සම්මුතිය ස්ථාපිත කිරීම සඳහාම විය. දැනට මහියංගන චෛත්‍ය පිහිටි තැනට දුරුතු මස පසළොස්වක පොහෝ දින වැඩම කොට මහවැලි ගඟ අසබඩ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක්ව සංග්‍රාමයට සුදානම්වූ යක්ෂ ගෝත්‍රිකයින්ව පලවා හැර, ඇති වෙන්නට ගිය මහා විනාශයක් උන් වහන්සේ  වලක්වා ලු සේක.

 

බක් මස පසළොස්වක්දා දෙවෙනි වරට ලක් බිමට බුදුන් වහන්සේ  වැඩියේ චුලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා ඇති වෙන්නට ගිය මහා යුද්දයක් කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකිම ජාතක, හා වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුහස්ද පැහැදිලිකොට සාමය හා සම්මුතිය ඇතිකරවීම පිණිසය.

 

මෙම ශ්‍රේෂ්ට හා අලංකාර පුර්වාදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද? බෞද්ධයින් ලෙසින් අපට මෙම ඉගැන්වීම් වලට පටහැනිව හා අපහාසයක් වන ලෙසින් කටයුතු කල හැකිද?

 

සාමයික සහජීවනය

සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වාගෙන යායුතු යහ සම්බන්ධතාවයයි. බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මකවිය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ.

 

මේ කාලයේ බුදුන් වහන්සේ සමගද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේදී ක්‍රියා කලේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයටය. බුදුන් වහන්සේ මෙහිදී ප්‍රකාශකර සිටියේ හැම දෙයකම යථා භුතය හෙවත් යතාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු බවය. බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම්වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ.

 

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයටද වරින් වර වැඩම කළහ. කලකට පසුව තම ආරාමයට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේව පිළිගෙන එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැයි ගෞරවාන්චිතව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මතභේද මත විරසකවී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාවය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙලා නොදුටු බවය.

 

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇතිවන්නේ එක් ආගමක් අත්හැර අනිත් ආගම වැළඳ ගැනීමේදීය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන්  දෙදෙනෙකුවූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහිදී බුදුන් වහන්සේ ඒ දෙදෙනාට කොන්දේසියක් ඉදිරි පත් කළහ. එම කොන්දේසිය තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයාට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේම පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතු බවය. ඔවුහු එය පිළිගත්හ.

 

උදුම්බරික සීහනාද සුත්තයෙන්ද බුදුන් වහන්සේගේ ආගමික සහනසීලිතාවය මැනවින් ප්‍රකට වෙයි. එහිදී උන් වහන්සේ “නිග්‍රෝධය, මා වරදවා තේරුම් ගන්න එපා. මා ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබ මාගේ ධර්මයට හරවා ගැනීමට නොවේ” යැයි ප්‍රකාශ කළහ. එයින් පැහැදිළි කළේ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අන්‍යාගමිකයන් තමන්ගේ දහමට හරවා ගැනීමට නොව ඔවුනට කරුණු කාරනා පැහැදිළි කරදීමට බව පැහැදිළි වෙයි. එහිදී බුදුන් වහන්සේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඔබේ ගුරුවරයා හෝ ඔබ හෝ විවේචනය කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඒ සියල්ල දැනට තිබෙන විදියටම තිබේවා යැයි ද දන්වා සිටිසේක. මෙයින් පැහැදිළි වන්නේ බුදුන් වහන්සේ යහමග පෙන්වීමට දහම් දෙසු බවත් අන්‍යාගමිකයින් තමන් වෙතට හරවා ගැනීම පදනම කරගෙන දහම් නොදෙසූ බවත්ය.

 

ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිළි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක් භාවයෙන් යුක්තවය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපයට පත් නොකළහ. පැරණි බ්‍රාහ්මණ ආර්යවරු අභිඥාලාභීන් නොවුවද ඔවුන් සීලය හා සෘජු බව මැනවින් ප්‍රකාශ කළ අය හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එසේම, බුදුන් වහන්සේගේ ගෞරවයට පාත්‍රවූ වෙනත් දෘෂ්ටි අනුගමනය කළ අය වුහ. ජෝතිපාල, හත්තිපාල, කුද්දාලක, ආරක, සුනෙත්ත, යන ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බොහෝ දෙනා ස්වර්ගගාමී වූ බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන්වූ අය වශයෙන් උන්වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වුහ. බුදුන් වහන්සේගේ ආගමික සහනසීලි තාවයෙන් පැහැදිළි වන්නේ සියළුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි. දීර්ග වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳව කරුණු සාකච්චා කරන්නට අදහස් කෙරුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘත කරමින් සමාජයේ වෛරය හා ද්වේශය වපුරන්නට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට යුධ කරන්නට සිදුවුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. බුදු දහම හැම විටම අගය කරන්නේ කරුණාව හා මෛත්‍රිය පදනම් කරගත් සාමයයි. යුද්ධය තුලින් කෙනෙකුට ජය අත්වෙයි. එම ජයග්‍රහණය තවත් කෙනෙකුගේ වෛරය සඳහා හේතුවෙයි. පරාජිත පුද්ගලයා හැම විටම දුකට පත්වෙයි. එය යුද්ධයේ ස්වභාවයයි. බුදුන් වහන්සේ ඒ බව ධම්ම පදයෙහි දේශනා කර වදාළේ මෙසේය:

ජයං වෙරං පසවති

දුක්ඛං සෙති පරාජිතෝ

උපසන්තෝ සුඛං සෙති

හිත්වා ජය පරාජයං

 

අර්ථය: ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුනු පුද්ගලයා දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.

 

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

 

අක්කොධෙන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානෙන

සච්චෙන අලිකවාදිනං

 

අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

 

දැනට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ක්‍රියාවන් පිළිබඳව බුදු දහම පදනම් කරගෙන එහි ඇති මිනිසත් භාවයට නොහොබිනා තත්වය පැහැදිළි කරන්නට කරුණු ඉදිරි පත් කළෙමු. සැබැවින්ම  මෙම වෙබ් අඩවි කාරයින් බුදු දහමේ නාමයෙන් දැනට කරගෙන යන්නාවූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසයට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයාට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීමට බලධාරීන් මෙන්ම සාමයට කැපවූ සියළු ලාංකීය ජනයා කටයුතු කළයුතුව ඇත.

 

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන දේශ ද්‍රෝහීන්ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත්තු වෙබ් වීරයින්ගේ ක්‍රියාකාරකම් නැවත්වීමට වහාම ක්‍රියාකරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත.  වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ටාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.      

 

 සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා

  • Chamith says:

    Good article , appreciate. BUT islam is never ever peace religion. They want only increase no of heads and take governing power. After that non-islam believers has to escape form this country.

    They build mosque in our temple land when we going to remove it they say er are Jathwadae. before building they should think is this land belong to buddhsit temple.

    You are telling so call article not relevant to islam believers. i show below historical incident ( What happen to Nalanda University oin India)

    http://www.awakeningvajra.org/nalanda-history
    http://en.wikipedia.org/wiki/Nalanda_International_University
    http://www.youtube.com/watch?v=7wF-pqIyI6Q

    We don not allowed to do again. This countries belong to Sinhalese.

    you do not see what anver manathunga spreading falls information.

    2012/08/17 at 4:49 PM
    • Anver Manatunga says:

      Good article , appreciate. BUT islam is never ever peace religion. They want only increase no of heads and take governing power. After that non-islam believers has to escape form this country.
      මුස්ලිම් රටවල මුස්ලිම් නොවන අය නැද්ද? මලයාසියාව වැනි රටවල් බලන්න.

      They build mosque in our temple land when we going to remove it they say er are Jathwadae. before building they should think is this land belong to buddhsit temple.
      දඹුල්ල පූජා භූමියක් ලෙස නම්කර ඇත්තේ එහි නැමදුම් ස්ථානය බිහිවු පසුවයි. එතැන කලින් යාච්ඥා මඩුවක් තිබුණු බව ඉණාමළුවේ හාමුදුරුවන් පවා පිළිගත්තා. යාච්ඥා මඩුවක් යනු නැමදුම් ස්ථානයකි.

      You are telling so call article not relevant to islam believers. i show below historical incident ( What happen to Nalanda University oin India)

      http://www.awakeningvajra.org/nalanda-history
      http://en.wikipedia.org/wiki/Nalanda_International_University

      මා මේ ගැන බොහෝවර පිළිතුරු දී තිබෙනවා. එය කර තිබෙන්නේ රජ කෙනෙක් විසින්. එවැනි කෙනෙක් කළ දෙයකට දහමක් පලි නැහැ. ලංකාවේ මහායාන මධ්‍යස්ථානය වන අභයගිරිය විනාශ කළේ කවුද? එහි තිබුණු වටිනා සංස්කෘත ග්‍රන්ථ විනාශ කළේ කවුද?

      2012/08/17 at 10:35 PM
    • asd says:

      මොකෙක්ද බන් උබ , උබල අවේ ඉන්දියවෙන්, එක මතක තියාගන්න , මේ රට හැදිලා තියෙන්නේ සන්ක්රමනිකයන්ගෙන්

      2012/08/17 at 11:01 PM
  • hasan says:

    කෙනෙකුට ඇති වන කෝපය හා පළිගැනීමේ චේතනාව තුනී කරගැනීම

    කෙනෙකු ගැන කෙනෙකුට වෛරයක් ඇතිවන්නේ කෙනෙක් තව කෙනෙකුට යම් අසාධාරණයක් ක‍ළේ නම්ය. මෙම ප්රශ්නයේදී ඉස්ලාමය කෙසේ ක්රියා කරන්න පවසන්නේද? යි දැනගනිමු.

    ඔවුහු පොහොසත් තත්ත්වයෙහිද, දුප්පත් තත්ත්වයෙහිද (යහකම්හි) වියදම් කරන්නෝය. තවද කෝපය ගිල, මිනිසුන්ට සමා කරන්නන් ලෙසද සිටින්නෝය. අල්ලාහ් යහකම් කරන්නන්ව ප්රිය කරයි.(ශු.කු.3:134)

    ඉහත කුර්ආන් වැකියෙහි සැදැහවත් මිනිසුන් කණ්ඩායමක් ගැන කියවේ. මෙම සැදැහවතුන් සතු යහපත් ගුණ දෙකක් ගැන පැවසේ.

    1.ඔවුහු පොහොසත් තත්ත්යේ සිටියත්, දුප්පත් තත්ත්වයේ සිටියත්, යහකම්හි වියදම් කරති.

    2.ඔවුහු තමන්ගේ කෝපය ගිල මිනිසුන්ට සමා කරති.

    එනම් සැදැහවත් අය, තමන්ට යම් අයගෙන් අසාධාරණයක් ඇති වූයේ නම් තමන්ට ඇති වන කෝපය ගිල දමන බව පැවසේ. එනම් විශ්වාසවන්තයෙක් තමාට යම් අසාධාරණයක් යම් කෙනෙකුගෙන් ඇති වූයේ නම්, එවිට ඇති වන කෝපය මැඩපවත්වාගත යුතු බව කුර්ආනය පවසයි.

    කෙනෙක් කෝපය මැඩපත්වාගත යුත්තේ කෙසේද?
    කෝපය ඇති කරනුයේ ෂෛතාන්ය. කෙනෙකුට කෝපය ඇති වන කල, ඔහු “අඌදු බිල්ලාහි මිනස් ෂෛතානිර්රජීම්” යැයි කිව යුතුය.

    එනම් ෂෛතාන්ගෙන් ඇති වන විපාකයෙන් ආරක්ෂා කරන ලෙස අල්ලාහ්ගෙන් අයදිය යුතුය.

    මෙසේ කී විට අල්ලාහ් එම විශ්වාසවන්තයාට ඇති වූ කෝපය තුනී කර දමන්නේය.කෙනෙකුට කෝපය තුනී වූයේ නම්, ඔහුගේ පළිගැනීමේ චේතනාව ඔහුගෙන් පහවී යන්නේය. මෙසේ කෝපය තුනී කරගෙන අසාධාරණය කළ කෙනාට සමාව දෙන ලෙස අල්ලාහ් පවසයි.

    මෙසේ කෙනෙකුගෙන් යම් අසාධාරණයක් ඇති වූ කල, කෝපය ගිල සමා කිරීම යහකමක් ලෙස අල්ලාහ් මෙහි පවසයි. එනම් මෙම ක්රියාවට අල්ලාහ්ගෙන් කුසල් ලියවේ. එහෙයින් ඉස්ලාමය සමාජයේ ගැටුම් ඇතිවීම වළක්වා සාමයෙන් සිටීමේ මඟ පෙන්වයි.

    යහකම් හා අයහකම් සමාන නොවේ. ඔබ වඩාත් හොඳ දෙය මගින්ම (අයහපත) වළක්වන්න! එකල, කවරෙකු හා ඔබ අතර එදිරිවාදීකම ඇත්තේද ඔහු සමීප මිතුරෙකු සේ වන්නේය.(ශු.කු.41:34)

    එදිරිවාදීකම තුනී කරගැනීමට ඉහත වැකිය තවත් ක්රමයක් පෙන්වා දෙයි. කවරෙක් හෝ කෙනෙකුට යම් විපතක් කළේ නම්, එම තැනැත්තාට උපකාර කරන ලෙස ඉහත වැකිය පවසයි. එසේ කළේ නම් එදිරිවාදියා තමාගේ කිට්ටුම මිතුරා වන්නේය යි මෙම වැකිය පවසයි.

    කෙනෙකුට කෝපය එන විට යම් ක්රියාවක නොයෙදෙන ලෙස අල්ලාහ්ගේ දූතයා(සල්) පවසයි. කෙනෙකුට කෝපය පැමිණියේ නම් ‘වුලූ’ කළ යුතුය.

    ‘වුලූ’ කිරීම යනු පිරිසිදු ජලයෙන් අවයවයන් සේදීමය. මෙසේ කිරීමේදී ඔහුගේ කෝපය තුනී වන්නේය.

    මෙසේ කෝපය තුනී කරගත් කෙනා පසු අවස්ථාවක තම එදිරිවාදියාට උදව් කළ යුතුය. මෙසේ උදව් කළේ නම් සතුරා මිතුරා වන්නේය යි කුර්ආනය පවසයි.

    2012/08/18 at 12:33 AM
    • Anver Manatunga says:

      හසන් සහෝදරයා ඔබමේ ලියු සියවැනි කමෙන්ටුවයි. ඔබ මෙම අඩවියට පැමිණ කරන්නාවු සේවයට අල්ලාහ්ට තුති පුදමි!

      2012/08/18 at 12:39 AM
  • hasan says:

    අල්හම්දු ලිල්ලාහ්! සියලු ප්රශංසා හිමිවනුයේ අල්ලාහ්ටමය!

    2012/08/18 at 5:06 AM
    • bunanm says:

      @ Hasan..bro you are relay great.May Almighty Allah bless you!

      2012/08/18 at 10:13 AM
  • Amal says:

    good article..!!!
    listen to this conversation too..

    2012/08/18 at 10:07 AM
    • Ajward says:

      Thank to Anver Manatunga blog I could read very many good articles in one place. I listened the whole of this discussion and became very happy about Hon Dhambara Amila Himi’s open-mindedness.I wish he will read the Quran translation just to answer the questions posted to him by the budhists.

      2012/08/23 at 11:38 AM
  • Shakir ifham says:

    Good Article.

    2012/08/18 at 10:55 AM
  • hasan says:

    ඉස්ලාම් ධර්මය මිනිසාගේ බුද්ධියට ඉඩ නොදෙන ආගමක්ද?

    (ඉස්ලාමය වැළඳ ගැනීමේදී) මෙම ධර්මයෙහි කිසිදු බල කිරීමක් නැත. මං මුළාවෙහි සිට යහමඟ වඩාත් පැහැදිලි විය.(ශු.කු.2:256)

    ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නැයි ඉස්ලාමය මිනිසාට බල නොකරන බව ඉහත වැකිය පවසයි.

    එයට හේතුවද ඊළඟ වැකියෙන් පැවසේ. ස්ත්යය කුමක්ද? අසත්ත්ය කුමක්ද? කියා මෙම ධර්මයෙහි පැහැදිලිව පවසා ඇති බව අල්ලාහ් මෙහි පවසයි. එහෙයින් කෙනෙක් ඉස්ලාමය වැළඳ ගන්නේද නැද්ද යන්න තීරණය කළ යුත්තේ එම මිනිසාම බව අල්ලාහ් මෙයින් පවසයි. එහෙයින් ඉස්ලාමය වැළඳ ගැනීමේදී මිනිසාට නිදහසක් ලබාදී ඔහුගේ බුද්ධියට ඉඩදීමක් කර ඇත.

    එමෙන්ම අල්ලාහ් තමාගේ වගකීම නිසියාකාරව ඉටු කළ බවද මෙහිදී පවසයි.

    එම වගකීම කුමක්ද?

    මිනිසෙකුට ස්වයංව සත්ත්යය කුමක්ද? කියා සොයාගැනීම අසීරු කාරණයක්ය. එහෙයින් අල්ලාහ් මිනිසාට සත්යය කුමක්ද? අසත්යය කුමක්ද? කියා පහදාදීම ඉස්ලාම් ධර්මය තුළින් පැහැදිලිවම කර ඇත. එය අල්ලාහ්ගේ වගකීම හෙයින් අල්ලාහ් එය ඉස්ලාම් ධර්මය තුළින් නිසියාකාරව ඉටු කර ඇත.

    සමහරු වඳුරාගෙන් මිනිස් පරම්පරාව ආරම්භ වූ වග පවසති.

    බුද්ධාගම මිනිසාගේ ආරම්භය ගැන වෙනත් මතයක් ඉදිරිපත් කරයි. එනම් සියල්ල ස්වාභාවිකව සිදු වේ යන මතයක් ඉදිරිපත් කරයි.

    නමුත් මිනිසා, මෙම විශ්වය මැවූ මැවුම්කරු වන අල්ලාහ් විසින් මවනු ලැබූ මැවීමක් ලෙස ඉස්ලාම් ආගම පවසයි.

    මෙම කාරණය හුදෙක් වචනයකින් හෝ තර්කයකින් හෝ උදාහරණවලින් නොපවසා, එම මැවීම එනම් ආරම්භක මැවීම කෙසේ සිදුවූයේද?

    ඊට පසුව මවගේ කුස තුළ එම මැවීම කෙසේ සිදුවේද? යන්න ගැන අල්ලාහ් විස්තරාත්මකව පවසයි.

    මෙම කරුණ නවීන විද්යාවද තහවුරු කර ඇත. එනම් මිනිසුන්ගෙන් සමහරු තමන්ගේ දැනුම උපයෝගී කර එය සත්ය යැයි පිළිගෙන ඇත.

    ඉස්ලාමය, එයට එරෙහිව කවරෙක් කවර චෝදනාවක් ඉදිරිපත් කළත් එයට පිළිතුරු ලබාදෙන ආගමකි.

    මෙසේ පිළිතුරු දීමෙන් මිනිසාගේ බුද්ධියට අනුව තීරණයක් ගැනීමේ අවකාශයක් ඉස්ලාමය ලබා දෙයි.

    මිනිසුනි! ඔබලාගේ ස්වාමියාගෙන් ඔබලාට උපදේශයද, සිත්හි ඇති දේට නිවාරණයද, විශ්වාසවන්තයින්ට යහමඟද කරුණාවද නියතව පැමිණ ඇත්තේය.(ශු.කු.10:57)

    මිනිසුන්ගේ සිත්හි ඇති දේට නිවාරණයක් පැමිණ ඇති බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    එනම් මිනිසෙක් තමාගේ ආරම්භය, මෙලොවෙහි ක්රියාකාරිත්වය, මරණයට පසු යමක් මිනිසාට වන්නේද? එමෙන්ම තමන් කරන කුසල් අකුසල්වල තත්ත්වය කුමක් වන්නේද? මරණය මිනිසාගේ අවසානයද? නැත්නම් වෙනත් සිදුවීමක් තිබේද? යනාදී වශයෙන් විවිධාකාරව සිතයි. මෙසේ සිතේ හටගන්නා හැඟීම්වලට කුර්ආනය නිවාරණයක් බව අල්ලාහ් පවසයි.

    මොවුන් මෙම කුර්ආනය විමර්ෂණය කරන්න එපාය? නැතිනම් සිත් මත ඒවාට අයත් අගුළු දමා තිබේද? (ශු.කු.47:24)

    කුර්ආනය ගැන විමර්ෂණය කරන ලෙස අල්ලාහ් මෙහි පවසයි. එහෙයින් සමහරුන් පවසන්නා සේ ඉස්ලාමය මිනිසාගේ බුද්ධියට ඉඩ නොදෙන ධර්මයක් නොවේ. කුර්ආනය ගැන තමන්ගේ බුද්ධිය මෙහෙයවා බලන්න! යි ඉස්ලාමය පවසයි.

    ඔබලා සිතා බැලීම පිණිස අල්ලාහ් ඔබලාට මෙසේ වැකි පැහැදිලි කරයි.(ශු.කු.2:219)

    අල්ලාහ්ගේ වැකි ගැන සිතා බලන ලෙස අල්ලාහ් මෙහි පවසයි. එනම් මිනිසාගේ බුද්ධිය මෙහෙයවන ලෙස පවසයි.

    ඔවුන් මෙම කුර්ආනය විමර්ෂණය කර වටහාගන්න එපාය? මෙය අල්ලාහ් නොවන්නෙකුගෙන් පැමිණ තිබුණේ නම් ඔවුහු මෙහි බොහෝ විෂමතාවයන් දැක තිබෙන්නෝය.(ශු.කු.4:82)

    කුර්ආනය විමර්ෂණය කර වටහාගන්නා ලෙස අල්ලාහ් මෙහි පවසයි. මෙහිදීද මිනිසාගේ බුද්ධිය මෙහෙයවන ලෙස පවසයි.

    ඔහුම ඔබලාව එකම ජීවයෙන් ආරම්භ කළේය. පසුව (පියා හමුවෙහි) නැවතුම් ස්ථානයද (ගර්භාෂයෙහි) සුරැකුම් ස්ථානයද ඇත. වටහාගන්නා සමූහයාට නියතව අපි අපගේ සාක්ෂීන් පැහදිලි කර ඇත්තෙමු.(ශු.කු.6:98)

    ඉහත වැකියෙන්ද බුද්ධිය උපයෝගී කර, සත්යය වටහාගන්නා සමූහයක් ගැන කියවේ.

    ඉස්ලාමයේ පැවසෙන කාරණාවන් ගැන සිතා බලන ලෙස මිනිසාට පවසන වැකි කුර්ආනය පුරාම දක්නට ලැබේ.

    තත්ත්වය මෙසේ තිබියදි, ඉස්ලාමය බුද්ධියට ඉඩ නොදෙන ආගමක් යැයි කවරෙක් හෝ පවසයි නම්, ඔහු ඉස්ලාමය ගැන නොදන්නෙකි.

    එනම් ඔහු අලියෙකුව අතගා අන්ධයෙක් අලියාගේ හැඩ රුව ගැන පවසන්නා සේය යන්න ඉතාම පැහැදිලිය.

    2012/08/18 at 4:27 PM
  • Hafeel says:

    මිල කල නොහැකි ලිපියක්.තරු පහක් නෙමෙයි තරු හතක වර්ණනාවෙන් පුද කල හැකි.මේ ලිපියේ අඩංගු දේවල් ඔය කියන අන්තවාදීන් හදාරා තිබේද කියන එක ප්‍රශ්නයක්.මොකද මේ ගැන වැටහීමක් තිබෙනවානම් අයාලේ යන එකක් නැහැ.මේ ලිපිය කියවලාවත් තමුන්ගේ වැරදි හද ගන්නවානම් හොදයි.

    2012/08/18 at 4:38 PM
  • KHL says:

    Good article.

    @Mr.Anver Manatunga,
    The one at Kuragala is also a ” මඩුවක්” which is built on a Buddhist religious site. It is very easy for you to wipe your hands saying it does not conform to Islam, but you are not doing anything to make those Muslims in Kuragala see the truth and give back the Buddhist’s their religious site.

    About the Nalanda University destruction and massacre, As far as I know it was done by a Islamic Warrior who demanded that those in the University and nearby places read the Quran & then proclaim their allegiance to Islam and Allah. The people (who were mostly monks) read or listened to what the Quran says and said that they could not believe it when comparing it with Buddhism. (Remember Buddhism gives you the freedom to question it’s Dhamma) Only after this refusal to convert to Islam occurred did the massacre and the destruction of the University and burning of it’s library took place.

    “ලංකාවේ මහායාන මධ්‍යස්ථානය වන අභයගිරිය විනාශ කළේ කවුද? එහි තිබුණු වටිනා සංස්කෘත ග්‍රන්ථ විනාශ කළේ කවුද?”
    King Mahasen under the influence of a monk from the Mahayana sect destroyed the “Maha Viharaya” (made the land into a pady field)in Anuradhapura and later build the “Jethavanaramaya” and gave it to the Mahayana sect. The Theravada Bhikku’s were discriminated and the Mahayana gained ground. Later on King Mahasen came to understanding that what he did was wrong & repented for what he did. He then rebuild the “Maha viharaya” and gave the Theravada sect and it’s bhikku’s the status and place back. But interestingly he also allowed the Mahayana sect to continue. So Mahayana sect came into existence in Sri Lanka. It is not “Abhayagiriya” the main center for Mahayana’s , it was “Jethavanaramaya”. Anyway over the years these changed back and forth. But the Mahayana’s never gained much ground in Sri Lanka. Why? – According to you it was persecution. But actually it was because they couldn’t compete with (in logic and reasoning) Theravada. There were never any “Rahathan wahansela” in the Mahayana sect (bcoz it says everyone can achieve the Buddha status. Rahathan Wahansela only existed in Theravada. Even now the main reason why Mahayana cannot establish in Sri Lanka is because it cannot compete with Theravada logically and by reason.
    There have been many incidents which occurred between Theravada and Mahayana sect’s in Sri Lanka. But none in the scale of what happened at Nalanda. If you are comparing these incident’s with what happened in Nalanda (Which at the time was the Biggest University in the world and had the Biggest Library) it’s very amusing or it’s for the justification of of those responsible in Nalanda.

    @Hasan,
    Quote,
    “නමුත් මිනිසා, මෙම විශ්වය මැවූ මැවුම්කරු වන අල්ලාහ් විසින් මවනු ලැබූ මැවීමක් ලෙස ඉස්ලාම් ආගම පවසයි.

    මෙම කාරණය හුදෙක් වචනයකින් හෝ තර්කයකින් හෝ උදාහරණවලින් නොපවසා, එම මැවීම එනම් ආරම්භක මැවීම කෙසේ සිදුවූයේද?

    ඊට පසුව මවගේ කුස තුළ එම මැවීම කෙසේ සිදුවේද? යන්න ගැන අල්ලාහ් විස්තරාත්මකව පවසයි.

    මෙම කරුණ නවීන විද්යාවද තහවුරු කර ඇත. එනම් මිනිසුන්ගෙන් සමහරු තමන්ගේ දැනුම උපයෝගී කර එය සත්ය යැයි පිළිගෙන ඇත.”

    Can you please explain the above. And how has modern Science proven creationism?

    @asd,
    The Sinhalese did not come from Vijaya. It is a misconception. There were people and kings in Sri Lanka even before King Vijaya. And every country in the world is made up of migrants. Many thousands of years ago the Aryans came to India & Sri Lanka and spread through Asia. So essentially every country is made up from immigrants. But over thousands of years the people living in a particular region becomes the native population.

    2012/08/18 at 7:36 PM
    • Anver Manatunga says:

      The one at Kuragala is also a ” මඩුවක්” which is built on a Buddhist religious site. It is very easy for you to wipe your hands saying it does not conform to Islam, but you are not doing anything to make those Muslims in Kuragala see the truth and give back the Buddhist’s their religious site.
      කූරගල ගැන මම කලිනුත් පවසා ඇත. එය මුස්ලිම් පුදබිමක් නොවේ. මුස්ලිම් වරුන්ට එවැනි පුදබිම් නැත. මුස්ලිම් යැයි නමින් පෙනී සිටින පිරිසක් ගැන ඉස්ලාමයට දොස් නොනගන්න. බලන්න http://www.anvermanatunga.com/2012/01/15/

      About the Nalanda University destruction and massacre, As far as I know it was done by a Islamic Warrior who demanded that those in the University and nearby places read the Quran & then proclaim their allegiance to Islam and Allah. The people (who were mostly monks) read or listened to what the Quran says and said that they could not believe it when comparing it with Buddhism. (Remember Buddhism gives you the freedom to question it’s Dhamma) Only after this refusal to convert to Islam occurred did the massacre and the destruction of the University and burning of it’s library took place.
      යුධකාමියෙකු විසින් කළ දේකට දහමක් පලි නැත. ඔහු රජ කෙනෙකි. ඔවුන් කරන්නේ ඔවුන්ට හරිව ‍පෙනෙන දෙයයි. ඒවා කරන්නේ දහමේ නාමයෙන් බවද ඔවුන්ට පවසන්නට පුළුවන්. නමුත් එය දහමින් අනුමත කර ඇති දෙයක් නොවේ. අහිංසකයන් මැරීම ඉස්ලාම් ප්‍රතික්ෂේප කරයි.

      King Mahasen under the influence of a monk from the Mahayana sect destroyed the “Maha Viharaya” (made the land into a pady field)in Anuradhapura and later build the “Jethavanaramaya” and gave it to the Mahayana sect. The Theravada Bhikku’s were discriminated and the Mahayana gained ground. Later on King Mahasen came to understanding that what he did was wrong & repented for what he did. He then rebuild the “Maha viharaya” and gave the Theravada sect and it’s bhikku’s the status and place back. But interestingly he also allowed the Mahayana sect to continue. So Mahayana sect came into existence in Sri Lanka. It is not “Abhayagiriya” the main center for Mahayana’s , it was “Jethavanaramaya”. Anyway over the years these changed back and forth. But the Mahayana’s never gained much ground in Sri Lanka. Why? – According to you it was persecution. But actually it was because they couldn’t compete with (in logic and reasoning) Theravada. There were never any “Rahathan wahansela” in the Mahayana sect (bcoz it says everyone can achieve the Buddha status. Rahathan Wahansela only existed in Theravada. Even now the main reason why Mahayana cannot establish in Sri Lanka is because it cannot compete with Theravada logically and by reason.
      ඔබ එක්කෝ ඉතිහාසය කියවා නැහැ. නැත්නම් එය විකෘති කරනවා. අභයගිරියේ මහායාන ග්‍රන්ථ අඩංගු මහා පුස්තකාළයක් විනාශ කළා. ඔබ කියන්නේ මහායාන දහම අද ලංකාව තුල නැත්තේ තර්කානුකූල නොවන නිසා කියලද? මම කියනවා බලහත්කාරය නිසයි කියලා. එක සරල සිද්ධියක් පෙන්නන්නම්. පිටිදුවේ සිරිධම්ම හිමියන් සමන්තබද්‍රයැයි නම වෙනස් කරගෙන වෙනස් සිවුරක් දරාගෙන තමන් සෝවාන් වී ඇති බැව් පවසන විට ඒ ආශ්‍රමය වටකර ඔහු ප්‍රචලිත කරන්නේ මහායාන දහම බවත් එය මේ රටේ කරන්නට දෙන්නේ නැති බවත් කෑගැහුවේ කවුද?

      2012/08/18 at 8:11 PM
  • Pamuditha Zen Anjana says:

    Good artical Anver… Hats off to you!! Keep writing!!

    2012/08/22 at 1:59 AM
    • Anver Manatunga says:

      මෙම ලිපිය මගේ එකක් නෙමෙයි. ස්තූතිය හිමිවිය යුත්තේ ලියු අයටයි. මෙම ලිපිය අපගේ වෙබ් අඩවියෙන් උපුටා ගෙන බොහො වෙබ් අඩවි වල පලවී තිබෙනුද දුටුවා. කෙසේ නමුත් මෙවැනි ලේඛකයන් දිගටම ලිවිය යුතුයි. මා ඉල්ලා සිටිනවා දිගටම අප වෙත ලිපි එවන්න. එම ලිපි වල වගකීම අප වෙත පවරාගෙන අප එය පලකරන්නම්.

      2012/08/22 at 6:25 AM
  • Amal says:

    @Hasan..

    කුරනය කියවන විට පහත සදහන් වෑකි තුලින් , ඔබ ඉදිරිපත් කර ඈති(ශු.කු.2:256) වෑකිය අතර පරස්පර විරොධි ස්වභාවයක් ශු.කු.2:256 ලියවී ඈති ලෙසම මා හටද ඈති වී තිබේ.sinhala translate karala type karanna time madi nisa kelinma copy paste kala..

    like to know your valuable explanation regarding this..

    (ශු.කු.4:89)
    They wish you would disbelieve as they disbelieved so you would be alike. So do not take from among them allies until they emigrate for the cause of Allah . But if they turn away, then seize them and kill them wherever you find them and take not from among them any ally or helper.

    (ශු.කු.9:66)
    Make no excuse; you have disbelieved after your belief. If We pardon one faction of you – We will punish another faction because they were criminals.

    (ශු.කු.9:73)
    O Prophet, fight against the disbelievers and the hypocrites and be harsh upon them. And their refuge is Hell, and wretched is the destination.

    (ශු.කු.9:74)
    {ඉස්ලාම් ධර්මය මිනිසාගේ බුද්ධියට ඉඩ නොදෙන ආගමක්ද?}They swear by Allah that they did not say [anything against the Prophet] while they had said the word of disbelief and disbelieved after their [pretense of] Islam and planned that which they were not to attain. And they were not resentful except [for the fact] that Allah and His Messenger had enriched them of His bounty. So if they repent, it is better for them; but if they turn away, Allah will punish them with a painful punishment in this world and the Hereafter. And there will not be for them on earth any protector or helper.

    2012/08/23 at 2:27 PM
  • Amal says:

    mage comment eka poddak nivaridi venna one…

    {… වෑකිය අතර පරස්පර විරොධි ස්වභාවයක් ශු.කු.2:256 ලියවී ඈති ලෙසම මා හටද ඈති … }

    {… වෑකිය අතර පරස්පර විරොධි ස්වභාවයක් ශු.කු.4:82 ලියවී ඈති ලෙසම මා හටද ඈති …}

    2012/08/23 at 3:06 PM

Your email address will not be published. Required fields are marked *

*