අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සුභ පතන්නේ,
ශ්‍රී ලංකා ජනතාවට සහ රටින් පිටත සිටින ලාංකික සමාජයට සහ මෙම බ්ලොග් අඩවිය කියවන සියළුම පාඨකයන්ට, මේ ආශිර්වාද ලත් අවස්ථාව වන ඊද්-අල්-ෆිත්ර්. ඊද් මුබාරක්!
ඊද්-අල්-ෆිත්ර් යනු රමදාන් මාසයේ පරිපූර්ණත්වයයි, එනම් මුස්ලිම් වරුන් උපවාසය තුලින්, ආධ්‍යාත්මික නැමදුම් වර්ධනය, පුර්ණත්වය සහ දෙවිඳුන් විසින් උන්වහන්සේගේ මැවීම් කෙරෙහිවු කැමැත්ත සැමරීමයි.
අද දින මුස්ලිම් වරුන්, උපවාසය නම් ත්‍යාගය තමන්ට දුන් දෙවිඳුන්ට තුති පුදති. ඉස්ලාමයේ අවසන් නබි වරයාණන්වු මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් මෙසේ පවසා ඇත.
“කවුරුන් හෝ රමදාන් මාසයේ භක්තිමත්ව උපවාසයේ යෙදෙන්නේද, එහි ත්‍යාගයන් සොයන්නේද, ඔවුන්ගේ පෙර පාපයන් ක්ෂමා කරන්නේය.”
ඊද් නම් වු අද දිනය ගැන මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා මෙසේ පවසා ඇත.
“ඒ ආහාර, පාන සහ දෙවිඳුන් සැමරීම සඳහා දිනයන් වේ.”
ඉස්ලාම් අපට අණ කරන්නේ, වරප්‍රසාද නැති සහ අවාසි සහගත දෙයින් ආරක්ෂා වී සතුට සහ ප්‍රීතිය සමාජයේ අසරණ සියළු දෙන සමග බෙදාහදා ගන්නා ලෙසයි.
ඊද්-අල්-ෆිත්ර් සංධ්‍යාවේ නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් විසින් විශ්වාසවන්තයින්ට අණ කළේ ෆිත්ර් දීමනාව එනම් දිළිඳුන්ටද ඊද් සමරන්නට දෙන ධාන්‍ය පංගුව, අපගේ සහෘදයන්ටදී මෙය ඔවුන්ටද හොඳාකාරව සැමරීමට අවස්ථාව දෙන ලෙසයි.
අද දිනය, මුස්ලිම් වරුන්ව දිරි ගන්වන්නේ මෙම වසර තුල සිදුවු, පැරණි කෝන්තර අමතක කරන්නට, ක්ෂමාව දෙන්නට, සියළු ආකාරයේ එදිරිවාදිකම් අමතක කරන්නටය.
ඊද්-උල්-ෆිත්ර් යනු වරප්‍රසාද නොලත් ජනතාව සොයා ඔවුන් සමග දුක සැප බෙදා ගැනීමට අවස්ථාවකි. මෙයින් සමාජීය යහපතට ධනාත්මක බලපෑමක් බලා දෙයි.
ඊද් අවස්ථාවේදීද සදාචාරාත්මක සීමාවන් හි රැදෙන්නට ඉස්ලාම් අපට උගන්වයි.
ඊද් යනු සර්වබළධාරී අල්ලාහ් ගේ මහාර්ඝවු ත්‍යාගයකි.
ඊද් යනු එකමුතු බවේ සංකේතයකි.
ඊද් යනු සමාජීය එකමුතුබවේ දිනයකි.
ඊද් යනු ක්ෂමාවේ සහ ප්‍රීතියේ දිනයකි.
ඔබට, ඊද් මුබාරක්!
අන්වර් මනතුංග,
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

සහෝදරයා says:
eid mubarak
Shafraz Nizamdeen says:
ඊද් මුබාරක්! අන්වර් සහෝදරයා.
Mr. Who-2 says:
ඊද් මුබාරක්!
fathima says:
සියලු දෙනාටම ඉද් මුබාරක් !!!!! අල්ලාහ් ශ්‍රී ලාංකීය සියලු දෙනාට යහතින් ජිවත් වීමට බග්‍ය ලබා දී සහෝදරත්වය සියලු සිත් තුල ඇති කරත්වා…සුබ අනාගතයක් ..
Mohamed Raslan says:
ඊද් මුබාරක්!
සහෝදරයා.
KHL says:
Eid Mubarak!!!!!!!
Anver Manatunga says:
ඔබට ස්තූතියි!
Mohamed Fahad says:
Eid Mubarak to Brother Anver and all brothers and sisters..!!!!
True Story says:
EID Mubarak
Rishad says:
අන්වර් සහෝදරයාට සහ මෙමෙ බ්ලොග් අඩවියේ සියලුම පාඨකයන්ට ඊද් මුබාරක්!
amal biso says:
ඊද් මුබාරක්!
ජලස්ති says:
තකබ්බර් අල්ලාහු මින්න වමින්කුම් !!!!
subashini says:
ඔබ ඇතුළු මෙම බ්ලොග් අඩවියේ සියළුම මුස්ලිම් බැතිමතුන්ට ඊද් මුබාරක්.
hasan says:
ඊද් මුබාරක්! තකබ්බලල්ලාහු මින්නා වමින්කුම්
bunanm says:
Eid Mubarak!!!
සාබිත් says:
Eid Mubarak~