Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

සෞදි අරාබියේ මරණ දන්ඩනය ලැබ මිය ගිය රිසානා නෆීක් විසින් ලියන ලද අවසන් ලිපිය!

රිසානා නෆීක්

රිසානා නෆීක්

සෞදි අරාබිය තුල මරණ දන්ඩනය ලැබ මියගිය රිසානා නෆීක් සහෝදරියගේ මරණයට මොහොතකට පෙර ඇය විසින් ලියන ලද ලිපිය සෞදි අරාබියේ සිට අප වෙත ලැබී ඇත. එම ලිපිය ඒ ආකාරයටම  පරිවර්ථනය කර සිංහල බස හසුරුවන පාඨකයන් වෙනුවෙන් මෙසේ පලකරමු.

කරුණාවේ පණිවිඩය අපේ දොරකඩ වෙත පැමිණියා නම් සාමයේ පණිවිඩය ඉපදුන පොලවෙහි මම ඇයි එල්ලුම් ගසට යායුත්තේ ..?

 

මා වෙනුවෙන් ශෝකයෙන් සිටින මාගේ සහෝදර සහෝදරියනි,අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!

 

අල්ලාහ්ගේ කැමත්ත පරිදි මම දුප්පත් පවුලක ඉපදී හැදීවැඩී සිය ගණන් සමාජ අසාධාරන වලට ලක්වු මා මෙන් දහස් ගනන් සහෝදරියන් අතරින් කෙනෙකු ලෙස මමත් නොදන්නා අවදියේ මුහුදෙන් එතෙරට පිටත්ව ආවෙමි. මාගේ පියා කැළෑවට ගොස් දර කපාගෙන විත් විකුණා අපව ජීවත්කරවීමට ඇති කළාවු සටන, සාගින්නෙන් පෙළෙන නංගිලගේ මල්ලිගේ අසරණ තත්වය, අපට උගන්වා මනුෂ්‍යයන් කළ යුතය යන අම්මාගේ සාංඛාව… මේ සියල්ලටම අවසානයක් ලෙස මාව පිටරට යවන ලෙසට බලකරමින් සිට පිට රටට පැමිණියෙමි.

 

බාල වයස්කාර මාව කුමන ලෙස කෙසේ කවුරු විසින් පිටරට යැව්වාද යනාදිය පරික්ෂා කිරීමට වඩා මගේ මරණය ගැන ශබ්දයෙන් පවසන පණිවිඩය ලබාගෙන තවත් සිය ගණන් රිසානාවරුන් ඇතිවීම වලක්වා ගන්න. මාගේ දෙමාපියන්ට දොස් නොකියන්න. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න. ඒ සමගම ඔවුන් මෙන් අනාථයට පත්වු සිය ගණන් දෙමාපියන්ට ඔබලා අතදී උදව් කරන්න.

 

මුස්ලිම් කාන්තාවන් මහ්රම් -ලේ ඤාතීන් නැතුව පිටරට නොයා යුතුයි  යනුවෙන් මා වැනි සහෝදරියන්ට යහ දේශනා කරන්න සිය ගණන් විද්වතුන් සිටියහ. සංවිධාන තිබුනි. නමුත්, පිරිමින් කාන්තාවන්ව කව්වාමුන් (භාරකරුවන්) ලෙස සිට කෙසේ ජීවත් කරවිය යුතුද යනුවෙන් ශබ්ද නගා පැවසීමටත් ස්ථාපිත කිරීමටත් ඔවුන් ඉදිරිපත් වී සිටියේ නම් තිරය පිටුපස දහස් ගණන් සමාජ අසාධාරණ වලට මා වැනි අය පත් නොවෙයි.

 

මිනිස් සංහතියටම දයාවේ කරුණාවේ ස්වරූපයෙන්  පැමිණි නබි  (සල්) තුමානන් ගෙනා පණිවිඩය උසුලාගෙන ඒ වෙනුවෙන් වෙහෙස වන  යහපත් අය අප වැනි දුප්පත් අයගේ දොරකඩට කරුණාවේ පණිවිඩය රැගෙන පැමිණියේ නම් පණිවිඩය ඉපදුන භූමියේ මම එල්ලුම් ලණුව සිඹ ගන්නෙමිද? ඉස්ලාමයේ පණිවිඩය කොටස් වශයෙන් හඳුන්වා දෙන යහපත් අය අපවැනි දුප්පත් අසරණ අයගේ දොරකඩට එය සම්පූර්ණයෙන් නොගෙනාවේ ඇයි?

 

මා වෙනුවෙන් ශෝකවන අයට මගේ නිදහස වෙනුවෙන් කටයුතු කරපු අය දෙස බලා “නුඹලා ඇයි ඉස්ලාමීය ෂරිආ නීතියට විරුද්ධව හඩ නගන්නේ” යනුවෙන් මගේ සවනට ඇසුනු අවස්තාවේ, ෂරිආ අධිකරනයේ මගේ පැත්තෙන් සාධරණය ඉදිරිපත් කර මා වෙනුවෙන් වාද කිරීමට නීතිඥවරු පත්කිරීම සදහා විශාල මුදලක් අවශ්‍යවු අවස්තාවේ එයට අවශ්‍ය නීති සකස් කිරීමත් මුදල් වෙන් කිරීමත් නොමැති බවට දැනුම් දෙන අවස්තාවේදි මෙම ෂරිආ මග පෙන්වීම දන්නා සමහරෙක් හෝ හඬ නොනැංවීම මා වැනි අසරණයන්ට අවාසනාවකි. 

 

මගේ සත්‍ය වයස ඔප්පු කිරීම සඳහා කිසිම ලියකියවිල්ලක් ශරිආ අධිකරණය ඉදිරියේ අවසාන මිනිත්තුව දක්වාත් මගේ ගමන් බලපත්‍රයත් උප්පැන්න සහතිකයත් ව්‍යාජ ඒවා බව ඔප්පු කිරීමට ශක්තිමත් නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කලේ නැත. මා වෙනුවෙන් සවාරියේ යෙදුනු අයගෙන්ද ඉදිරිපත් වූයේ නැත. අන් රටක අසරණ වු කාන්තාව වන මම අනතුරක පැටලී සිටින විට මා වෙනුවෙන් අත දීමට මුහ්තසම් බිල්ලාහ් (අතීතයේ සිටි යහපත් පාලකයෙකුගේ නමක්) කෙනෙක් හෝ සිටියේ නැත. එසේ සිටියා නම් නුඔලා පවසන එම ෂරිආ නීතිය අනුව මට නිදහස ලැබීමට තිබිනි. අරාබි බස නොදන්නා මාව දෙමළ බස හරියාකාරව නොදන්නා මලයාලි පරිවර්ථකයා පොලිස් කාරයන්ගෙත් ස්වාමි දුවගේත් පහරදීම් ඉදිරියේ කට උත්තර ගත් අවස්තාවේ මා වෙනුවෙන් වාද කිරීමට හා හඩ නැගීමට ඉස්ලාමිය ෂරිආ හැදෑරු එක යහපත් කෙනෙකුවත් ඉදිරිපත් නොවුනේ ඇයි? මන්දයත්  අසනීපෙන් පසුවන තාත්තාටත් අන්ත ප්‍රපාතයේ වැටී සිටින අම්මාටත් ශරිආ නීතිය සම්බන්ධව කතා කිරීමට අධ්‍යාපනයක් හෝ අධ්‍යාපනය ලත් අයගේ සේවය මුදල් දී ලබා ගැනීමට තරම් සුදුසු කමක් හෝ නැතිවීම සත්‍යයක් නේද?

 

මා වෙනුවෙන් වාද කිරීමට නීතිඥ කෙනෙක් පත් කිරීමට ඔබලාට නොහැකි වීමට පුලුවන. ඒ වෙනුවෙන් මම කණගාටු නොවෙමි. නමුත් මෙම තත්වය මින් ඉදිරියට කිසිම කෙනෙකුට සිදු නොවීමට රට හැර ගොස් රැකියා කරන්නන් වෙනුවෙන් නීති භාණ්ඩාගාරයක් හා නීති උපදෙස් ලබා ගැනීමේ ක්‍රම වේදයක් මින් පසුව හෝ මා වැනි අය වෙනුවෙන් සකස් කර දෙන්න.

 

ඉස්ලාමීය සෙවන තුල කාන්තාවන් නෙත් මෙන් ගෞරවයට පත්වන්නන්ය. ඔවුන්ට පවුල තුලත් සමාජය තුලත් ලබාදෙන ගෞරවය මෙයයි. මහ්රම් නොමැතිව මුහුද හරහා පමණක් නොව දොර හරහා හෝ යාමට අවශ්‍ය තත්වය සිදු නොවනවා යනුවෙන් ලෝකයටත් රටටත් ඉහලින් හඬනගා කියන්න. එදාටයි ඉස්ලාමයේ පණිවිඩය සම්පූර්ණ වන්නේ. එමෙන්ම ඇමතීමේ මෙහෙයද අර්ථවත් වේ. අනිවාර්‍යය නොවන හජ් වන්දනාවටත් අනිවාර්‍යය නොවන උම්රා වන්දනාවටත් සිය ලක්ෂ ගනන් මුදල් අවුරුදුපතා වියදම් කරන අපේ සමාජය ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් විසිකරන අපේ ආයතන සහ මවුලවිලා මාගේ නංගිලාට මල්ලිට අධ්‍යාපනය වෙනුවෙන් අතදි තිබුනේ නම් බාලවයස්කාර දැරියවු මාගේ අතින් කුඩා දිළිදෙක් හුස්ම හිරවි මරණයට පත්වන තත්වය සිදුවෙයිද?

 

අද රටේ අපේ සහෝදරියන් මුහුණ දෙන අභියෝග මැද මාගේ මරණ දැන්වීමද පැමිණේයි. සමාජයෙහි නිවස තුල තිබෙන දහස් ගනන් ප්‍රශ්නවලට විසදුම් නොලබා අපව අප විසින්ම සකස් නොකර අනෙක් සමාජවලට මුහුණ දිය හැක්කේ කෙසේද? මාගේ ජීවිතයේත් මරණයේත් කුමන හෝ ඉගැන්වීමක් තිබේ නම් ඒවා හිස මත තබා මා වැනි සිය ගනන් දිළිදු දරු දැරියන්ගේ ජීවිතයට මග පාදා දෙන්න. එයයි මා පවසන පණිවිඩය.

 

මෙයට ඔබලාගෙන් වෙන්ව යන සහෝදරී

 

 

රිසානා නාෆික්.

 

අපවෙත එව්වේ ඉනාමුල්ලා මශිහුද්දීන්. KSA

සවුදි අරාබියේ සිට ඒ මහතා විසින් එවු එම ලිපිය දෙමළ බසින් සිංහලට පරිවර්තනය කර අපවෙත එව්වේ

කුවයිල්දීන් මුහම්මද් සිද්දීක්.

 

 

 

 

Category: Uncategorized
  • bunanm says:

    very sad…

    2013/01/12 at 6:51 PM
    • siraj says:

      Al Quranayata anuwa thama dharuwawa wasara 2k yanathuru thama baraye thaba mawak hediya yuthuy. (*1) Rizanage contract eka House maid not “Aya” (*2). Udavvaka wasayen lamaya beluwath eyata danduwam kala noheki hethuwa eya lamai hadapu mediviye kenek nemey (*3). Al quranaye Allah samava gena vachanayen vachanayata pahadaddi, minisunta samava denda beri eyi? Aneka Islamaya upan deshaya… mekada panividaya… harima vedanakaree? Rizanata honda lawyer kenek selasuwanam adatath eya apa athare… Siraj

      2013/01/13 at 12:36 PM
  • නුවන් says:

    ඔන්න ඔකයි තත්ත්වය!ෂරියා නීතිය මිලෙච්චයි කියපු රන්ජන් විතරයී රිසානා ගැන කතා කලේ! රජයේ හිටිය මුස්ලිම් මන්තිරිලා ඇමතිලා මුකුත් කලේ නැ! ඔබ මෙක ප්‍රචාරය කරයිද දන්නැ එත් බෙල්ල කපන එක රුපවාහිනියේ පෙන්විමට තරම් සෞඳිය මිලෙච්ඡ උනා

    2013/01/12 at 6:56 PM
    • Anver Manatunga says:

      රංජන් කළෙත් මුහුදෙන් මෙහා ඉදගෙන සරම කැහැපට ගහගෙන කෑගහපු එක විතරයි. සවුදි ගිහින් කරපු මගුලක් නැහැ. ස්වාධීන රූපවාහිනියෙන් පෙන්වපු රිසානා ඝාතණය කිරීමේ වීඩියෝව බොරු එකක්. එම වීඩියෝවේදී මරන්නේ ඉන්දුනීසියානු කාන්තාවක්. ස්වාධීන රූපවාහිණිය කළේ කල දුටු කල වල ඉහගන්න වැඩක්.

      2013/01/12 at 8:38 PM
      • නුවන් says:

        අන්වර් මන් කියන්නේ නැ රන්ජන් සෞදි යන්න ඔනේ කියලා!එත් එයා විපක්ශයේ ඉදන් හඩ නැගුවා..මුස්ලිම් ආගමික නායකයන් මුකුත් කලේ නැනේ! මන් කිව්වේ ITN NEWS ගැන නෙවේ! රිසානාව මරන එක සෞදියේ රුපවාහිනීයක පෙන්නලා තිබ්බා! ලංකාවේ හෝ වෙන රටක හෝ වෙවා කෙනක් එහෙම බෙල්ල කපන එක පෙන්වන්නේ මිලේච්ඡ කම නෙවේද? ඔබ තාමත් කියන්නේ සෞදිය හොදයි කියලාද?

        2013/01/13 at 9:33 AM
        • Anver Manatunga says:

          මම සෞදිය හොදයි කියලා නැහැ. සෞදිය නීති ක්‍රියාත්මක කරන ආකාරය හොදයි කියලත් නැහැ. මේ අඩවියේ ලිපි කියවන අයනම් මා ගැන දන්නවා. මා කිව්වේ රංජනුත් එකයි අනෙකුත් මුස්ලිම් වේවා මුස්ලිම් නොවන හෝ නායකයන් වේවා සැවොම එකයි කියායි.

          2013/01/13 at 10:01 AM
  • ඉම්තියාස් says:

    මෙ කෙල්ල මෙ අවුරුදු 8 කාලය තුල කී වතාවක් මෙරී මෙරී ඉපදෙන්න එතිද. එය් මේ මිනිස්සු මෙතරම් නපුරු. සාමයේ උලපත උපන් දෙශයෙ ඉදන් මෙවන් අසාදරන කන්කරන මොවුන්ට අල්ලාහ් නියම සාදරනය ඉටු කරය්. සහොදරී මෙවන් අපාදුක වින්දී නොකර්පු වරදකට ජීවිතයෙන් වන්දි ගෙවූ ඔබට අල්ලාහ් ඉහලම ස්වර්ගය ලබා දෙවා.

    2013/01/12 at 7:30 PM
    • යාසීන් says:

      ආමීන්!

      2013/01/12 at 11:41 PM
    • නුවන් says:

      ඉමිතියාස් @ ෂාරියාව කියන්නේ අල්ලාහ්ගේ නිතීය නේ එහෙනම් ඒ අල්ලාහ්ගේ නිතීය අනුව මරපු කෙනෙක් ස්වර්ගයට යා හැකිද?

      2013/01/13 at 9:37 AM
      • Anver Manatunga says:

        කිසියම් කෙනෙකු වරදකට මෙලොව දඩුවම් වින්දේ නම් පරලොව දඩුවම් විදිනු නොලබයි. රිසානා දඩුවම් ලැබුවේ නොකල වරදකට නම් ඇයට ඉතා යහපත් විපාක හිමි වනු ඇත.

        2013/01/13 at 10:03 AM
        • නුවන් says:

          එහෙනම් අන්වර් කිසිම වරදක් නැතිව ඒ කෙල්ලව මරපු සෞඳි පවුලට, පොලිසියට මොනවගේ විපාක ලැබෙද? එතකොට බෙල්ල කපනා කෙනා බෙල්ල කපන්නේ මරන චේතනාවෙන් නේ එතකොට එයාට මොන විපාකද පල දෙන්නේ? ඔහු ෂාරිආව ක්‍රියාත්මක කරන නිසා දෙවියෝ සමාව දෙවිද?

          2013/01/13 at 10:21 AM
          • Anver Manatunga says:

            ඔවුන් නීතිය වැරදියට ක්‍රියාත්මක කරන්නේ නම්, නිදොස් අය වරදකරු කරන්නේ නම් එයටද විපාක ලැබෙනු ඇත.

            2013/01/13 at 10:48 AM
      • ඉම්තියාස් says:

        ඔව් ශරියාව අල්ලහ්ගෙ නීතියය්. එම අති සාදාරනව ක්‍රියාත්මක කලානම් සහ ඔහු අනෙකුත් පව්වලින් මිදී එත්නම් ඔහු ස්වර්ගයට යය්. අනෙක් කාරනය, මෙම් දන්ඩුවම ලබන්නාද ඔහු කල පවෙන් මිදෙනවා. ඔහුට එලොවෙ මෙම වරදට අල්ලාහ් සමාව දෙවි.
        නබි තුමානන්ගෙ කාලයෙ හිටපු එතුමානන්ගෙ සමහර අනුගාමිකයන් තමන් කල පව් පාපොච්චාරනය කර එම දන්ඩුවම සතුටින් වින්ද දරාගෙන එත. එලොවදී ලෙබෙන දන්ඩුවම් හා සසන්දන කල මෙහෙ දන්ඩුවම් අල්පය. එලොව දන්ඩුවම් අති භයන්කරය. මෙලොව මිනිසෙක් මෙරුනොත් මෙරුනාමය නමුත් එලොව එනම් නිරයෙ නෙවත නෙවතත් ප්‍රානය දී දන්ඩුවම් පමුනුවනු ලබෛ. යා අල්ලාහ් අප සියල්ලොම එම නිරයෙන් ආරක්ශා කර දෙත්වා.

        2013/01/13 at 11:47 AM
  • fathima says:

    මෙයට අප සමාජයම වගකිව යුතුය්.තමන්ට වඩා අනුන් ගැන සිතන සහාබාවරුන් ඉන්න කාලේ නොඉපදීම අපේ අවාසනාවක්….

    2013/01/12 at 7:32 PM
    • mohammed siphan says:

      eththatama fathima aathmarthakami samajayak me

      2013/01/16 at 3:40 AM
  • MufaHussain says:

    If this letter is really from her, It’s really tearing and hart touching… but remember she have respected the law by ISLAM.

    So called NGO and Authorities of the government and opposition Pls NOW at least open your eyes and make the rule strict more. There is a famous sihala saying “ගෙදර හදන්න බල්ලෙක් ගන්නකොටත් උගේ පැටිකිරිය බලලයි ගන්න ඕනේ” when you do this to a very basic thin like buying a pet to home, why cant we make the rules more tuff on foreign employment.

    My dear beloved Ulamas and maulavies: Why do not interfere on Muslim girls sent for HOUSEMAID to foreign country. Friday sermons and advises on media (via paid programs) is not going to safeguard you in the day of judgment in front of Allah unless you really practice ISLAM in your life and practically influence others to practice. We know many Ulamas live luxurious life in Colombo City and also they travel across the globe for many personal reasons. As according to latter above, Rizana rightly have stated, about the HAJJ & UMRAH, Umrah is not a MUST to Muslims, but HAJJ is YES A MUST payer and it is the last in the pillar after you doing the first four correctly, which starts with Al-KALIMA (Believe in Allah), then As-SALAH (5 time a day), AZ-ZAKATH (Islamic tax. From your earning, apart from your needs what ever you have and you need to pay 2.5% for poor who are in need), then AS-SAWUM (fasting in the month of Ramazan) and last is HAJJ.

    Our most of rich Muslims forgets the 3rd Pillar and follow every other to show off in the society and many does repeated HAJJ continually year after year for no reason, as Islam also say to do it only once in life.
    by the way if we have followed this accordingly we will not have poor in our society and we will not be sending Girls/Ladies to work as housemaids.

    So called RICH MUSLIMS lets forget about our prestige in the society and work for Muslims. If at least one can take care of a FAKEER (who don’t have a way to live and seeking help) that it self will bring you a better respected icon here in this society and in here after at the day of judgment.

    This is Over to you RICH MUSLIMS & RESPONSIBLE ULAMAS….

    2013/01/12 at 7:44 PM
  • rizmiya says:

    can you please publish the english translation of the letter…

    2013/01/12 at 7:52 PM
    • මුස්නාද් says:

      If the message of mercy reached to our doorsteps, Why should I be hanged on the earth that gave birth to peace? O’ all those who were stricken in grief for my sake…. Peace be upon You All
      I, as per Allah’s wish, being born in a very poor family, came out of the shore as a person out of thousands of people subjected to social injustice. The struggle that my father went through to enliven us by cutting firewood, The helplessness of my starving brothers and sisters and the worry of my mother to educate and bring us up to a greater standard of life compelled me to compel my parents to send me abroad and thus I came.
      Rather than trying to verify who and how I was sent here as a teenager, take a message from what s being said through my death and prevent emergence of many other Rizanas. Please do not blame my parents. But pray for them. And also please lend your helping hand to many other helpless parents.
      There were enough scholars and organizations to advise that Muslim ladies should not go out without a Mahram (blood relative). But had they come forward to advise the males on how to look after the women as guardians, situations of thousands of helpless’ like me would not have been left unattended
      Why would I kiss the rope of the guillotine in the land where the message of mercy descended if those so called great people brought the message of mercy to our doorsteps, I mean, the message of mercy brought by the Mercy to mankind? Why didn’t those who spread the message of islam little by lttle, bring it completely?
      It is pathetic for innocents like me when I heard those who were aggrieved on my matter and those who strived for my release being asked ‘ why you raise voice against Islamic Sharia Law’ , It is very unfortunate as there was none to raise voice from those who knew the Sharia law when I was informed that no financial support can be rendered to appear on my behalf.
      None could present with original documents to prove my true age citing that my passport and the birth certificate were fakes. Not even by those who were on joy ride on my behalf. There was no one to lend me a helping hand when I was stranded in a foreign country. If there was one, I could have been released through the sharia law that you are boasting of. Why didn’t any of those who learnt sharia law appear for me who did not know Arabic , leaving me the only option of the Malayali interpreter who did not know proper tamil ? And I went through thorough beating by the ‘Madam’ and the policemen. Isnt it a fact that my sick father and the mother stricken by poverty do not have knowhow and the financial ability to facilitate one who speak on my behalf.
      You may not be able to find an attorney to appear for me. I am not worried over it. But make sure that this would not happen any further. But Bring up a system that look after those who leave the shores and that gives legal advice.
      Women are considered as equal as eyes in dignity under the shadow of Islam. It is the same that she receives in the family and the society. Say it loudly that it is not allowed to go without ‘Mahram’ not only across the sea but also across the door. It is the day that the message of Islam becomes completely received. Had our society that spends annually hundreds of thousands for un obligatory hajjs and Umras , given a helping hand to my brother and sister, will a situation like dying of infant by a teenager like me occur?
      Today, my death notice comes amidst challenges faced by our sisters. How can we face the society when we could not find solutions for own problems at home? If there are any lessons in my life and also in my death, please pave a way through it to hundreds of poor girls like me. That is my message to you.
      I am your sister who bids adieu
      Rizana nafeeq

      2013/01/13 at 1:10 AM
      • Anver Manatunga says:

        සහෝදරයා, ඔබගේ ප්‍රතිචාර ස්පෑම් එකට ගොස් තිබුණි. ඒ ගැන සමාවෙන්න.

        2013/01/13 at 4:09 PM
  • Taha says:

    Hithak papuwak thiyenawanam kandulak watennama oni. Agamai shariyawai wikurthi karanne me arabi karayo kalakanni minissu

    2013/01/12 at 8:11 PM
  • Prince Ajward says:

    May Allah grant her jannathul Firdaus…Ameen

    2013/01/12 at 8:32 PM
  • TUAN R.S says:

    its so pain full i think better we live in kaburustan hereafter hearing those incidents we r getting more upset.brother soo sin this girl.

    2013/01/12 at 8:55 PM
  • ඉම්තියාස් says:

    ඕනෙවටය් නෙතිවටය් කතාකරන මුස්ලිම් මන්ත්‍රීලා කොතෙකුත් ඉන්දෙදී වචනයකින් හරි දුක ප්‍රකාශ කල රන්ජන් රාමනායකට මගෙ ප්‍රනාමය.

    2013/01/12 at 9:17 PM
  • usman says:

    May Allah grant her jennathul firadus… Ameen.. lets all our prayers be with her Ammen..

    2013/01/12 at 9:25 PM
  • Muhammad Samih says:

    Assalamu Alaikum..
    May Allah Grant her Jannathul firthous to sister Risana Nafeek…
    Everybody Talking about Risana.ok as a sri lankan muslim i am very sad..but why people not taking about that died kid?
    people not talking about that kids mothers pain and fathers pain??

    2013/01/12 at 9:56 PM
  • fathima says:

    http://www.youtube.com/watch?v=eASeh-ALTpk&feature=share
    මන් පාටක මුස්ලිම් අයට වැදගත් වේ යැය් සිතන නිසා මේ වීඩියෝව දාන්න හිතුවා

    2013/01/12 at 10:34 PM
    • A'ishah says:

      ජසාකල්ලාහ් ෆාතිමා සහෝදරිය..
      මැදහත්ව සිතීමේ අවශ්‍යතාවය මැනවින් පැහැදිලි කර ඇත.

      2013/01/13 at 11:02 AM
  • යාසීන් says:

    රිසානා හිත් පිත් නොමැති ලෙස මරා දැමුණි. එත් යා අල්ලාහ්, ඇයට ස්වර්ගය ලබා දෙත්වා. එමෙන්ම ඇයට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට ඉඩ නොදුන්, නබි තුමාගේ දහම විකෘර්ති කරමින් තෙල් සල්ලි වල බලයෙන් උමතු ලෙස හැසිරෙන ඔවුනට දඬුවම් ලැබේවා. ආමීන්!

    2013/01/12 at 11:39 PM
    • Faies says:

      yasin obe parthanawata math amin kiyanawa akaga wanawa
      but lankawan viya uthu uthukam wala nahaneda Rizanage latter Aka Mulu Muslim Samajatama yawnna wadakaranawanam hodai

      2013/08/17 at 1:42 PM
  • IMPARTIAL says:

    pls, watch every one below tamil vidio. it speaks the fact.

    2013/01/13 at 12:15 AM
  • අවංක says:

    වගකිව යුත්තන් රිසානාගේ වයස පිළිබද වැඩි අවදානයක් යොමු නොකළේ
    ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර වලට ලෝකයේ සැකයේ බැල්මක් ඇතිවන නිසාය.
    වාචිකව මිසක් නිත්‍යානූකූලව කළදෙයක් නොමැත. මේවා මෙසේ තිබියදී ෂරියා
    මත නැගී පලායාමට පොට පාදාගනී.

    2013/01/13 at 7:58 AM
  • A'ishah says:

    අල්ලාහ් පැනවූ නීතින් සියල්ල පිලි පදිනවානම් ක්‍රියාවන්වල පරස්පර විරෝධී භාවයක් කිසි සේත්, කිසි විටෙකත් ඇතිවෙන්නේ නැත.. ඉස්ලාමයේ මග පෙන්වීම් එකින් එක බැඳුනු , එමෙන්ම ඉතා සියුම් දේවල් පවා හොඳින් විග්‍රහ ඇති නිසා විවේචනයට ඉඩක් නැත.. නමුත් කනගාටුවට කාරණාව නීතින් වලින් කෑලි කෑලි අරගෙන ක්‍රියා කිරීමය්.
    සවුදියටත් සිදුවී ඇත්තේ එයය්.. භාරකරුවන් නොමැතිව ගෘහ සේවිකාවන් එරටට ගෙන්වා ගැනීම ශරීය නීතියට පටහැනිය්.. නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙදී ඔවුන් සැබෑ ලෙසම ශරීයා ව පිලිපැද ඇත(ඔවුන්ගේ තර්කවලට අනුව). . මේ දෙක පරස්පර විරෝදී ය..
    බොරුවක් එකතු කර ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ හා එයට අනුබල දීමේ අවසානය කෙතරම් ඛේදනීයද ??
    පරිපූර්ණ මුස්ලිම් වරයෙක් වීම තමන්ටත් , සමාජයටත් කරන මහඟු සේවයකි…

    2013/01/13 at 11:37 AM
  • නිරොශන says:

    අන්වර්
    මම ඔබ ගෑන් දෑන් ගත්තෙ මෑතකදී ඔබ බුදු දහම අතහෑර ඉස්ලාම් අගම වෑලඳ ගෑනීමට හෙතුවු කරුනු පෑහෑදිලි කිරීමට පුලුවන්ද

    2013/01/13 at 11:57 AM
    • Anver Manatunga says:

      මෙම අඩවිය මගේ පුද්ගලික කථා කතා කරන තැනක් නොවේ.

      2013/01/13 at 3:49 PM
  • Priyantha says:

    අන්වර් සහෝදරයා ඔබ විසින් ඉහත පල කරන ලිපිය අනුව අපට පෙනී යන්නේ රිසානා නෆීක් එම රටේදී හිස ගසා මරණ බව දැන සිටිය බවක් නේද? තවද රිසානා මෙම ලිපිය ලියා ඇත්තේ කාහටද? මෙම ලිපිය කියවෙමේදී මට දැනුනු ප්‍රශ්නය ඇගේ හිස ගසා මරා දැමුණු පසු ඇති වන තත්වය තේරුම් ගෙන මෙවැනි ලිපියක් ලියන්නට තරම් හොඳ මානසිකත්වයක් තිබුනාද යන්නයි. කෙසේ වෙතත් ඇය මැරීමට පෙර ඒ බව ඇයට නිල වශයෙන් දැනුම් දෙනවද?

    2013/01/13 at 12:45 PM
    • Anver Manatunga says:

      අභියාචනයෙන්ද ඇයව මරණ දඩුවමට නියම කර ඇති බව ඇය අවසන් කාලය වන තුරුම දැන නොසිටියද ඇයව මරන්න ගෙනයාමට පෙර ඇයව දැනුවත් කළ යුතුය.

      2013/01/13 at 3:54 PM
  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:

    රිසානාගේ මේ ලිපිය කියෙව්වාම මට ඇය පිළිබඳව හා ඇගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා පිළිබඳව දැඩි ශෝකයක් සිට ඇති වුනා. සංවේදී සිතක් ඇති කෙනෙකු වශයෙන් මට මේ වීඩියෝම බැලීමට පුලුවන්කමක් තිබුණේත් නැහැ. පුදුම මිනිස් සමාජයක අපි ඉපදිලා ඉන්නේ කියලා මට හිතුනා. දෙවියනේ මිනිසුන්ට මේ තරම් ම්ලේච්ඡයන් විය හැකිද? අයියෝ රිසානා ඔයාට ඒ වෙලාවේ මොන වගේ හැඟීමක්ද මොන වගේ වේදනාවක්ද දුකක්ද ඇති වෙන්න ඇත්තේ කියලා මට දැනෙනවා වාගෙයි..විශේෂයෙන්ම මනෝවිද්‍යාව විෂයක් වශයෙන් කරපු නිසාද දන්නේ නැහැ මම බොහෝම සංවේදී චරිතයක්

    2013/01/13 at 5:47 PM
  • universal citizen says:

    As per Islamic teaching, “The judges will be the first to be judged on day of judgement”. Please correct me if this is wrong and may be elaborate if possible.
    Peace to All

    2013/01/15 at 9:51 AM
  • Fathima Mizra says:

    The law of shareeyah is not wrong.Its the law of Allah. However the people who use it , used it in a bad way. I mean they used it for a wrong decision.
    Thats the truth. However and whatever happens Allah is watching all these.
    Let us all pray for Risana and her family.
    Now Risana is no more.
    So as she mentioned in her last letter inshallah let us get together and do something for her family.
    Because her wish that went for Saudi is to earn money.
    That is her last will.
    So we can raise together to do something for her family.
    We all have brothers and sisters.
    Just think for a while about her feeling at her last moment.
    If i were there may be i feel to run to my mother.
    ALLAH the great knows everything.
    May ALLAH grant her Jennathul Firdous.
    Ameen.

    2013/01/16 at 12:16 AM
  • Shiran says:

    Its bit difficult for me to believe this. I think the reaction should be deferment, if you know if you are going to get killed. Harees Salih link is more close to reality but still difficult to believe, if some has the copy original Tamil version please send us.

    මෙය මට විශ්වාස කිරීමට අපහසුය, මම හිතන ආකාරයට මරණය සිදුවන බව දන්නා අයකුගේ ප්‍රතිචරය මෙයට වඩා වෙනස් විය යුතුය. Harees Salih ගේ link එකෙ ගොඩක් ඇත්ත තත්වයට ළඟය්. නමුත් එයත් විශ්වාස කෙරිමෙට අහපසුය්. ඔබ ලඟ Tamil version එක තියන වනම් අපට එවන්න. ඉස්තුති.

    2013/01/16 at 3:43 PM
  • Muzzammil says:

    Dear Brother Anwer,
    Assalaamu Alaikum.
    Can I please have a copy of the original tamil letter. Jazakuullah Khairah.

    2013/01/18 at 6:47 PM
  • Akila says:

    භෞතික සම්පත් වලින් පෝසත් වෙලා අනුන්ගේ නූල් රූකඩ වල නටන බුරුවො තමයි සවුදි කාරයෝ. ලෝකේම උන්ට කියන්නේ RICH FOOLS කියල. පිරිමි දහස් ගානක් වට වෙලා පොඩි කෙල්ලෙක් ගේ බෙල්ලට කොටන කොට එක මුළු රටේම TV වල telecast කරන්ඩ තරම් හරක්. නැවතත් මේ වගේම දෙයක් දුප්පත් රටක එකෙකුට නොකරොත් තමයි පුදුමේ.

    2013/02/13 at 5:32 PM
    • ishark says:

      Sure this letter not from her sure

      2013/09/07 at 10:42 AM

Your email address will not be published. Required fields are marked *

*