Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මත්තල ගුවන් තොටුපොල සහ රටේ සංවර්ධනය

මත්තල ගුවන්තොටුපොල

මත්තල ගුවන්තොටුපොල

සංවර්ධනේ නාමයෙන් දැන් මත්තල ගුවන් තොටුපොලක් සාදා ඇත. දැන් ඒ පැත්තෙන් යන එන විට ඩිස්කවුන්ට් ලු. එතකොට කටුනායකින් යන එන අයට මේ ඩිස්කවුන්ට් නැත්තේ එහෙන් යන එන එක හොඳ නැතිද? මේ රජය ආවත් හරි “හම්බන්තොටට කිරි අපිට කැකිරි” තත්වයකට පත්ව ඇති බව මගේ අදහසයි. රටක ජනාධිපති වරයෙක් යනු රටේ නායකයායි. ඔහු සැමගේ නායකයා විය යුතුයි. ඔහුගෙන් ලැබෙන සේවය සැමට සාධාරණ විය යුතුයි.

 

මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොල

මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොල

නමුත් අද අපේ රටේ එහෙම තත්වයක් දකින්න නැහැ. හම්බන්තොටට වරායක්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, ගුවන් තොටුපොලක්, දකුණටම යන අධිවේගී පාරක්, සිනමා ගම්මාන, මෙකී නොකී සෑම සම්පතක්ම හම්බන්තොටටයි. කොටින්ම මෙවර උසස්පෙල විෂය ධාරාවන් දෙකකින් වැඩිම ලකුණු ලාභීන් වාර්තා වුනෙත් හම්බන්තොටයි. අද හම්බන්තොට යන කෙනෙකුට එහි සිදුවන සංවර්ධනය ඇස් පනාපිටම දක්නට ලැබෙනවා. නමුත් ඒ සංවර්ධනය දිවයිනේ අන් ප්‍රදේශ වලට නැත්තේ ඇයි? මේවා ගැන ජනමාධ්‍ය විසින් විවේචනයන් කර රජය යහමගට ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? මාධ්‍ය කරුවන් වශයෙන් රජය කරන හැම දෙයකටම එහෙයියෝ නොවිය යුතුයි.

 

රටක ගුවන් තොටුපොලවල් බිහිවීම සංවර්ධනයට හිතකර බව සැබෑය. නමුත් එය සුදුසු තැනක ස්ථානගත කළ යුතුය. අප සැවොම දන්නා පරිදි හම්බන්තොට යනු ලංකාවේ අඩුවෙන්ම ගුවන් ගමන් යන පිරිසක් සිටින දිස්ත්‍රික්කයකි. එමෙන්ම දකුණට යාමට අධිවේගී මාර්ගයක්ද තිබෙන නිසා කටුනායකින් රටට එන මගියාට දකුණට යාමට ඒ හැටි වෙලාවක් ගත නොවේ. රටට දෙවැනි ගුවන්තොටුපොලක් අවශ්‍ය නම් එය සෑදිය යුතුව තිබුණේ උතුරේ හෝ නැගෙනහිර බව මගේ අදහසයි. මන්ද අද ගුවන් ගමනකදී වැඩියෙන්ම අපහසුතාවයට පත්ව සිටින්නේ ඔවුන්ය. එමෙන්ම උතුරු නැගෙනහිර යනු බොහෝ දෙනෙකු ගුවන් ගමන් වල යෙදෙන පිරිසක් සිටින්නාවු ප්‍රදේශයකි. එම ප්‍රදේශයට ගුවන්තොටුපලක් තිබුණා නම් ඒ පලාතේ සංවර්ධනය ඉතාමත් සීඝ්‍ර වන්නට ඉඩ තිබුණි.   

  

එමෙන්ම කොලඹ සංවර්ධනයක් කියා කරන්නේ තිබෙන සියළුම ඉඩම් විදෙස් සමාගම් වලට විකුණා දැමීම නොවේද? මෙය ඇත්තටම සංවර්ධනයක්ද? මෙයින් සිදුවන්නේ රටේ ජනතාවට තමන්ගේ බිමේ අයිතිය අහිමි කිරීම නොවන්නේද? අද කොලඹ නගරය තුල තදබදව සිටින ජනතාව ඉවත් කරමින් ඔවුන්ට වෙනත් ප්‍රදේශ වලින් ඉඩම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබීම ඉතා යහපත් කටයුත්තකි. නමුත් එතුලින් රටේ ඉඩම් විදෙස් සමාගම් වලට විකිණීම සංවර්ධනයක් ලෙස සැලකිය නොහැක. රට දියුණුව කරා ගෙනයාමට නම් රටේ දල ජාතික නිශ්පාදනය ඉහල නැංවීමට සැලසුම් සකසා ඒ සැලසුම් මත පදනම්ව ක්‍රියා කළයුතු බව මගේ අදහසයි. 

 

 

 

 

 

  • පුලස්ති says:

    //රටට දෙවැනි ගුවන්තොටුපොලක් අවශ්‍ය නම් එය සෑදිය යුතුව තිබුණේ උතුරේ හෝ නැගෙනහිර බව මගේ අදහසයි.//

    ඔන්න ඔන්න බල්ලා මල්ලෙන් එලියට පනිනවා. හරි අසා ඇති නේද එහේ ගුවන්තොටුපොලක් හැදුවනම්. අර ඉස්ලාම් අන්තවාදී අල්කයිඩා එවුන් කරා වගේගුවන් යානයක් කොල්ල කාලා කොලබට කෙලිනකොට හොදට තියෙයි. එතකොට අපිටත් වෙන්නේ අල්ලා හු අක්බර් කියලා කැ ගහන්න තමයි

    2013/03/16 at 11:45 AM
    • Anver Manatunga says:

      ඔය ප්‍රතිචාරයෙන් පෙනෙන්නෙත් ඔබට ඇති අන්තවාදී මානසිකත්වයයි. අප තුල වර්ගවාදයක්වත් ප්‍රදේශවාදයක්වත් නැත. ඒ නිසා අපට මුළු රටම එකයි.

      2013/03/16 at 4:14 PM
      • පුලස්ති says:

        // අප තුල වර්ගවාදයක්වත් ප්‍රදේශවාදයක්වත් නැත. ඒ නිසා අපට මුළු රටම එකයි.//

        එතකොට ඔළුවිල් ප්‍රකාශය කියලා න්‍යය පත්‍රයක් එලි දක්වලා ඉල්ලා හිටියේ මොකද්ද දන්න නැහැ නේද ?
        අන්වර් ඒ කලේ පොඩි ළමයනේ. එකයි ඕව මතක නැත්තේ.
        ලොල්

        2013/03/16 at 4:17 PM
        • Anver Manatunga says:

          පුලස්ති ගොයියෝ ඔයා දන්න ඔළුගෙඩියක් නැහැ. ඕක ගැන මේ අඩවිය තුල කලින් සංවාද කරලා තියෙනවා.

          2013/03/16 at 4:25 PM
  • Imthiyas says:

    එවා මොන ප්‍රශ්නද? හලාල්නේ ප්‍රශ්නේ.

    2013/03/16 at 12:03 PM
  • Mahesh says:

    ශ්‍රීලන්කාවේ සවර්ධනය කොළඹට වීමා වී තිබුනා කිව්වට ඇත්තටම තිබුනේ නිරිතදිග පෙදසේ දියුනුවක්. කුරුණාගල, මහනුවර, මාතර, ගාල්ල, කලුතර, ගම්පහ හා කොළඹ. මේකෙන් වෙන්නේ ඔය සන්වර්ධනය හන්බන්තොට දක්වා දීර්ග වීම පමණයි. රටට වඩා ගම ලොකු නායකයොන්ගෙන් කුමක් බලාපොරොත්තු වන්නද?

    2013/03/16 at 2:23 PM
    • Anver Manatunga says:

      ගම දියුණු කිරීම ගැන මම විරුද්ධ නැහැ. නමුත් ගම යනු රටේ නායකයාගේ ගම පමණක් නොවේ.

      2013/03/16 at 4:22 PM
    • පාලම් කොකා says:

      පිචුද මෙයා, ගමට වඩා පවුල ලොකුයි නෙවැයි.

      2013/03/16 at 8:40 PM
  • ahamed says:

    හම්බන්තොට….. හබ්බ්යන්ගේ + තොට == හම්බන්තොට වුනේලු ….මොකද කියන්නේ කට්ටිය දැන් වර්ජනය කරමුද හම්බන්තොට…

    2013/03/16 at 2:25 PM
  • Faiz Mohamed says:

    anver sahodaraya me awurudu 10 athulatha thama hambantotata yamak karala tyenney.eeta kalin pathwunu aandu janadhi pathi kawruth hambantoatata karapu deyak netha ..except Hon ..Sajith Premadasa

    2013/03/16 at 4:07 PM
  • fazlan says:

    රටේ සංවර්දනයට පෙර අප රටේ මේ දවස්වල පවතින තත්වය (ජාති වාදය)පාලනය කිරීමට අධි ගරු ජානාති පති තුමා කිසිම ආකාරයකින් පිළිවෙලක් නොගන්නා එක ගෙන කනගාටුය්.

    2013/03/16 at 6:29 PM
  • M F Rasheed says:

    Me too agree with Faiz. Hamantota needs some development which is important for regional development in the country. It is not just enough; all administrative activities too should be devolved to regions that only decentralize economic flow and lead to regional development.

    හම්බන්තොට කලිං කිවුවා වගේ හම්බයන්ගයන්ගේ තොට. එත් එක්කම මේ වරාය සහ ගුවන්තොටුපොළ අතිකිරීමට දායකත්වය ලබාදුන්නෙත් සමහර හම්බයෝ.

    හෙබැයි පොඩි වෙනසක්: හම්බන්වලින් ලංකාවට ආවේ අරාබි කාරයෝ නොවෙයි. ඒ ම්ලේසියව සහ ඉන්දොනේසියාවෙන් ආපු මෙලේ කට්ටිය. ඒ දවස්වල ඒ පෙත්තේ ලෝකෝ හම්බ රාජ්‍යයක් තිබුනා. හම්බන්තොට පෙත්තත් ඒ රාජ්‍යයට යටවී තිබුනා කියලත් ආරංචී. ඉතිං දෙන් තියන අබියෝගයත් එකමයි.

    In the history the Europeans landed in seaport area and captured it first before they invade the country. Should the internal conflict be left uncontrolled it may attract external invasion by then these port could become a curse. As we can see now internal conflict era (terrorism) is over now and the possibilities of external invasions are emerging. Mali is the latest example.

    2013/03/16 at 7:17 PM
  • පාලම් කොකා says:

    තව මේ ටිකත් හම්බන්තොටට පටවමු.
    – Medical and Engineering faculties (close down Colombo and katubeddha or intake only from Hambanthota Schools).
    -Museum, ළමා වාට්ටුව, MRI, ඇස් වාට්ටුව, All embassies, janadhipathi mandeeraya, dhalada Maligawa, seegiriya, sri pade. WTC, kotuwa ඉස්ටේෂම. රුපවාහිනී and ගුවන් විදුලි, තාප බලාගාරය. සපුගස්කන්ද තෙල් පිරිපහදුව, ඔඩෙල්,house of fashion. (Nolimit එපා), internet. etc තව මතක උනොත් ලියන්න.

    2013/03/16 at 8:51 PM
  • සහන් says:

    හම්බන්තොටට ටිකක් වැඩි සැලකිලි ලැබෙන බව ඇත්ත,නමුත් වරායවල් උතුරේ හැදුවට වැඩක් නෑ,නැගෙනහිර වරාය නැව් මාර්ගයෙන් ඈතයි,ඒත් දැන් මැලේ ජාතිකයන් වැඩියෙන්ම ජීවත්වෙන පලාතනම් ඔයාල සන්තෝස වෙන්න ඕනෙනේ….ආ………
    මගේ අදහසනම් ගුවන් තොටුපල උතුරු මැද පිහිටුවීම සුදුසු බවයි,මන්ද විසාලව පැතිරුනු තැනිතලා බිම් හා උතුරු නැගෙනහිර හා වයබ පලාත් ජනතාවට ඉතා ලග වීම,සන්චාරක ආකර්සනය සහිත ප්රදේසවලට ඉක්මනින් ලගා වීමට හැකි වීම,කොලබට තව ගුවන් තොටුපල අනවස්යයිනෙ.කටුනායක හයි වේ එක හැදුනම අපිට හූවයි බල්ටි දෙකයි.කොලබ නගරය ඇත්තෙන්ම දැන් ලස්සන වෙලානෙ,ඉස්සර වගේද?මුඩුක්කු එහෙම ගොඩක් අඩු උනා,ඒවා විදෙස් සමාගම්වලට දී ඇත්තේ 99 අවුරුදු බද්දට,ගෝල්ෆේස් එක පැත්තේ ඒවත් එහෙමයි.කොලබ වරාය ලොකු කරා….හොද නැද්ද?තව අක්කර 400ක් ගොඩකරලා නව කොටසක් කොලබට එකතු වෙනවා,දැන් රාජ්ය ආයතන බත්තරමුල්ලෙ අලුතින් හදනවා,කොලබ අයටත් ඒක හොදයිනෙ,ට්රැෆික් එක අඩු වෙනවා,කටුනායක එයාපෝට් එක 3 ගුනයකින් ලොකු වෙනවා,ඉතින් කොලබට නොකරාම කියන්න බෑ

    2013/03/16 at 9:01 PM
    • Anver Manatunga says:

      කොලඹ වරාය ලොකු කළා. ඒක ඇත්ත. නමුත් මුහුද ගොඩකරලා අපිට ලැබෙන්නේ නැහැ. ඒ ටික විදේශයන්ට. කොලඹ ට්‍රැෆික් නම් අඩුවෙයි. මොකද මිනිස්සු නැහැනේ.

      2013/03/16 at 9:10 PM
      • සහන් says:

        අගනගරය ජනාකීර්න නොවන තරමට හොදයි,පේන්නෙ නැද්ද වෙන නාස්තිය,වෙලාව යනවා,ඉන්දන අපතේ යනවා,ඒවා අඩු වෙනවනෙ,මුහුද ගොඩ කරලා බෙදලා දෙන්න බෑනෙ,ඒ සල්ලි හොයන්න වෙනවා,99අවුරුදු බද්දට දෙන්නෙ ඒකයි

        2013/03/17 at 11:22 AM
        • Anver Manatunga says:

          අගනගරය පිළිවෙලකට කිරීමයි කළ යුත්තේ. මිනිස්සු නැති අගනගරයකින් වැඩක් නැහැ. නගරයේ ඉන්න මිනිස්සු එලවලා ඒව පිටරටවලට විකුණලා කරන සංවර්ධනේ කාටත් කරන්න පුළුවන්. මුහුද ගොඩ කරලා 99 අවුරුද්දකට බද්දට දෙනවා නම් ඒ ගොඩ කරපු එකේ පලක් නැහැ. මුහුද ඔහොමම තියෙන එක ඊට ලාභයි.

          2013/03/17 at 3:07 PM
          • සහන් says:

            අගනගරය සන්වර්දනය කිරීමේදී ප්රදාන ප්රස්නය ජනගහනය අදික ලෙස එක්වීමයි,කොටුවෙ ස්ටේෂන් එක බලන්න,කොච්චර සෙනගද?සින්ගප්පූරුව දියුනු කරේ පිටින් ව්යවසායකයො ගෙන්වලා,එහෙම කරන්නෙ රටේ ව්යාපාරිකයින්ට ඒ සා විසාල මුදලක් ප්රාග්දනය ලෙස යෙදවීමට නොහැකි නිසයි.උදාහරනයක් ලෙස,කොටුවේ ක්රිෂ් නිවාස ව්යාප්රුතිය ගනිමු,තට්ටු 85ක බිල්ඩින් එකක් හා ඊට මදක් කුඩා බිල්ඩින් 3ක් හදන්න තරම් මුදල් යෙදවිය හැකි ලාන්කික ව්යාපාරිකයෙක් ඉන්නවද?නමුත් එය මගින් සේවය කරන්නන් හා බාන්ඩ සපයන්නන්ගෙන් රටට ආදායම් ලැබිය හැකියි,ෂැන්ග්රිලා හෝටල් ව්යාප්රුතියත් එහෙමයි,එහි වැඩකරන අය චීනෙන් ගේන්නෙ නෑනෙ,එමගින් රැකියා අවස්තා අපේ රටට ලැබෙනවා

            2013/03/17 at 4:10 PM
          • Anver Manatunga says:

            සිංගප්පූරුව තම රට ලොවට වෙලද මධ්‍යස්ථානයක් ලෙස විවෘත කලේ මීට දශක කිහිපයකට පෙරයි. එම අවස්ථාවේ ලොව අනෙක් රටවල් ඒ ගැන උනන්දු වුනේ නැහැ. සිංගප්පුරුව දියුණු වුනා. නමුත් අද එසේ නෙමෙයි. අද හැම රටවල්ම තරගකාරියි. ඒ තරගකාරීත්වය හමුවේ අද සිංගප්පුරුවේ ජනතාවත් පීඩනයට පත්වෙලා. එදා ඔවුන් ක්‍රියාත්මක කළ ආර්ථික ක්‍රමවේදය උපායශීලි එකක් වුවද අද එම උපායන් යල්පැන ගොස් ඇත.

            කොලඹ නගරයේ තට්ටු බිල්ඩින් හැදුවයි කියා ඇතිවෙන දියුණුවක් නැහැ. එහෙම දියුණු වෙනවා නම් මුළු ලෝකෙම අය තට්ටු බිල්ඩිං ගසන්න ඉදිරිපත් වෙයි. ලොව ගොඩක් තැන් වල මෙවැනි ඉදිකිරීම් කරලා පසුව ආර්ථකයන් කඩා වැටිලා තියෙනවා. අද කොලඹ නගරයේ තිබෙන ප්‍රධාන තරුපහේ හෝටල්ද ගෙනියන්නේ ඉතා අමාරුවෙන්. තවත් හෝටල් ගසන විට ඔවුන් තවත් අමාරුවට පත්වන එක වලක්වන්න බැහැ. කළයුත්තේ රටතුල සංචාරකයන් ආකර්ශනය කරවන්නට සංවර්ධන යෝජනා ක්‍රම සිදු කිරීමයි.

            චීනයෙන් ගෙන එන ව්‍යාපෘති ගැන ඔබ දන්නෙ නැහැ වගෙයි. චීනෙන් ලංකාවට ව්‍යාපෘතියක් ආවොත් ඒක කරන්නේ ඔවුන්ගේ සමාගමක්. අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එහෙන් ගේනවා. සුළු සේවකයන් පවා ඔවුන් චීනෙන්ම රැගෙන එනවා.

            2013/03/18 at 7:46 AM
          • සහන් says:

            සින්ගප්පූරුව කියන්නෙ බොන්න වතුරවත් තිබුනෙ නැති රටක්,වගුරු බිමක් සහ මුඩුක්කු නිවාස විතරයි තිබුනෙ,ලී ක්වාන් යූ බාරගෙන ලස්සනට වැඩේ කරා මිසක් සින්ගප්පූරුව විවුර්ත ආර්තිකේ ගෙනාපු ගමන් කට්ටිය පැනලා ආයෝජනය කරේ නෑ.කොලබ නගරයේ තට්ටු බිල්ඩින් හදන්නෙ ගනන් කර කර ඉන්න නෙමේ….ආයෝජනය කරන්න,රැකියා අවස්තා බිහි කරන්න.ඔයා හිතනවද පාඩුවෙන දේවල්වල ආයෝජනය කරයි කියලා…..මෙච්චර සල්ලියක් වැය කරන්නෙ හොදට හොයලයි,චීනෙන් ලන්කාවට ණය දෙන්නෙ ඒ ව්යාප්රුති චීනයට දෙන පොරොන්දුව පිටයි,චීනෙත් අපිට ආදරේට නෙමේ දෙන්නෙ

            2013/03/18 at 10:16 PM
          • Anver Manatunga says:

            තට්ටු බිල්ඩිං හදන්නේ පාඩු ලබන්න නෙමෙයි කියලා අපිත් දන්නවා. නමුත් දැන් ඇමරිකාවේ පවා පාඩු ලබලා තියෙනවා. මේව හරියට සුදු වගේ වැඩ. හරි ගියෙත් ගොඩ වැරදුනොත් රටම අනාතයි.

            2013/03/19 at 12:56 AM
          • සහන් says:

            ඉතින් වැරදුනත් අපිට මොකද අන්වර්?ඒවා අපේ සල්ලිවත්,රජයෙ සල්ලිවත් නෙමේනෙ,එයාලගෙම සල්ලි.එයාලා ගියොත් බිල්ඩින් ටිකත් අපිට ඉතුරු වෙයි

            2013/03/19 at 8:43 AM
          • Anver Manatunga says:

            ඔබ අත්දැකීම් නැති කුඩා කෙනෙක් බව තේරෙනවා. රටක මෙවැනි ඉදිකිරීම් අරඹා එකපාරට එය අතහැරියොත් සිදුවන දේ ඔබට තවම වටහා ගන්න බැරි හැඩයි.

            2013/03/19 at 8:54 AM
    • Shamil says:

      සහන් ඔබ සිතන්නේ වරායවල් නව මාර්ගවල හැදු පලියටම සාර්ථක වන බවද? එය එසේ නම් ඔම්නයේ සලාල වරයා (ප්‍රධාන නව මාර්ගයක පිහිටා ඇත) අතී සාර්ථක විය යුතුය්. නමුත් වැඩ සාර්ථක ඩුබාය් හි ජබෙල් අලි වරයා (ප්‍රදාන නැව් මාර්ගවලින් පිට පෙර්සියානු බොක්කේ පිහිටා ඇත). කුමක්ද හේතුව?

      1)වරයා ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඇතිකිරීම

      2) ලෝකයේ ඕනෑම විශාල නැවකට නැංගුරම් ලා හැකි වරායක් වීම.

      3) ප්‍රති අපනයනයට අවශ්‍ය ගුදම් පහසුකම් සලසීමන්

      ලංකාවේ හම්බන්තොට වරයා (තටාකය?) විශාල නව වලට නැංගුරම් ලමට අවශ්‍ය ගැඹුර හා හැරවීමට අවශ්‍ය ඉඩ නොමැත. හමබන්තොට පසුකරන් යන නව වැඩි ප්‍රමාණයක් විශාල නෞකා (අන්තර් මහද්වීප ප්‍රවාහනයේ යෙදෙන නිසා). තවද, මුහුදු ප්‍රවාහනයේ නව ප්‍රවනතාවය අතිවිශාල යාත්‍රා යොදගැනිමය් (පිරිවැය අඩුකරගැනීම සඳහා) එවැනි නැව් වලට හම්බන්තොට වරායට පිවිසිය නොහැක. කල යුතුව තිබු හොඳම දෙය නම් ත්‍රිකුණාමල වරයා දියුණු කෙරිමය්. එහි ඇති ගැඹුර හා විශාලත්වය (කොළඹ වරයා මෙන් දහ ගුණයක්) කර්මාන්ත පුරයක් ඉදිකිරීමට ඇති ඉඩම් හා එහි ඇති ඉන්දන ගබඩා. පාලකයන් මෙය නොදන්නවා නොව. නමුත් ඔවුන්ගේ ඇති මන්ද මානසිකත්වය , රටේ සීමිත සම්පත් ජනතාවට උපරිම ප්‍රයෝජනයක් දෙන ලෙස යොදාගැනීමට ඉඩ සලසා නැත. මෙය එකක් පමනය්.

      2013/03/17 at 12:01 PM
      • සහන් says:

        // විශාල නව වලට නැංගුරම් ලමට අවශ්‍ය ගැඹුර හා හැරවීමට අවශ්‍ය ඉඩ නොමැත.//
        ලෝකේ අති විසාලම නැවට පවා හම්බන්තොට වරායේ ඉඩ ඇත,එහි දෙවන අදියර අවසන් වන විට ලෝකයේ විසාලම වරාය 20 අතරට එක්වේ.ත්රිකුනාමල වරාය මාර්ගයෙන් ඈතයි,එයට නැව් ගෙනියනවාට වඩා කෙලින්ම සින්ගප්පූරුවට යාම ලේසියි,අපි වරාය හදන හදන තැනට නැව් එන්නෙ නෑ,නැව් යන එන තැන්වල වරාය හදන්න ඕනෙ

        2013/03/17 at 4:15 PM
        • Shamil says:

          >>අපි වරාය හදන හදන තැනට නැව් එන්නෙ නෑ,නැව් යන එන තැන්වල වරාය හදන්න ඕනෙ<<

          ඒක හින්දදද මාස 36ට නැව් 32ක් ආවේ?

          2013/03/18 at 12:33 PM
          • Anver Manatunga says:

            නැව් ගණන් කරන්න එපා! හරි නෑනේ!

            2013/03/18 at 2:03 PM
          • සහන් says:

            හිහ්,අන්වර්ගෙ කතාවමයි මාත් අහන්න හැදුවෙ නැව් ගනන් කර කර හිටියද?ඒක පැත්තකින් තියමු.තාම වරායෙ වැඩ ඉවර නෑ,තෙල් ගහන්නෙ නෑ,අලුත්වැඩියා කරන්නෙ නෑ,ප්රතිඅපනයනය කරනවා විතරයි….වරාය කලින්ම සද්දෙ දාලා ඇරපු එකට මාත් විරුද්දයි

            2013/03/18 at 10:08 PM
  • dilshath says:

    අන්වර් මනතුංග වෙතටය් මම සතියකට දෙකකට ඉස්සල්ල මේ හම්බන්තොට වරාය ගෙනත් මත්තල ගුවන්තොටුපල ගෙනත් මම කොමෙන්ට් එකක් දැම්මා ඒක පල උනේ නෑ මං හිතන්නේ මගේ සිංහල බාසාවේ ප්‍රශ්නයක් වෙන්ට ඇති. දැන් ඉහත සදහන් කොමෙන්ට් ටික බලලා මට තේරුනා මෙතන කාටවත් ලෝකෙයේ මොනාද වෙන්නේ කියලා තේරුම් නොගෙනිමය්.

    2013/03/16 at 9:55 PM
    • Anver Manatunga says:

      ඔබගේ ඒ ප්‍රතිචාරයේ අදහසද පැහැදිලිව තිබුනේ නැහැ. මේ ප්‍රතිචාරයේද එහෙමයි. කරුණාකර අදහස පැහැදිලිව දක්වන්න.

      2013/03/17 at 7:55 AM
  • Brother says:

    මා සිතන ආකාරයට මේ විෂය මෙයට වඩා වෘත්තීය මට්ටමෙන් විවෙචනයට ලක් කල යුතුයි. දැනට භාවිතාවන ගුවන්තොටුපල ඒ ආකාරයෙන්ම තිබෙන්නට ඉඩ හරින්නේ නම් මේ ලංකාව තුල ඕනෑම තැනක ගුවන්තොටුපලක් ඉදි කිරීම ගැන අපහට ගැටලුවක් නොතිබිය යුතුයි. නමුත් එය සුදුසු ස්ථානයකම විය යුතුය. නමුත් මෙකී ප්‍රදේශය සම්බන්ධයෙන් විකල්ප මාධ්‍යයන් උදාහරණ සහිතව ගෙනහැර පෑවේ මෙය මේ සඳහා සුදුසු ස්ථානයක් නොවන බවය. ලිපියේ කේන්ද්‍රීය විෂය එය විය යුතු වුවත් එය විශේෂයෙන් මෙහි සඳහන් වී නැත. මෙය මා දකින්නේ අඳොනාවක් ලෙස මිස යථාර්තය ගෙනහැර පෑමක් නොවන බවයි. කෙසේ නමුත් දීර්ඝ කාලයකින් පසුව හෝ ආගමික කරුණු වලින් බැහැරව මෙවන් මාතෘකා සාකච්ඡාවට ගැනීම අගේ කල යුත්තකි.

    ප.ලි- අදාල ව්‍යාපෘතිය ගොඩනැගිමේදී ඉහල සිට පහල දක්වාම කොමිස් ගසා ඇත්නම් එය නොසලකා හරිමින් මේ ප්‍රතිචාරය කියවන ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.

    2013/03/17 at 5:27 PM
    • Brother says:

      පොඩි නිවැරදි කිරීමකි.

      ‘ගුවන්තොටුපලක් ඉදි කිරීම’ යන්න ‘ගුවන්තොටුපලක් අවශ්‍යතාවය මත ඉදි කිරීම’ යනුවෙන් නිවැරදි විය යුතුය. අන්වර්ට හැකි නම් මෙය නිවැරදි කර පල කරන ලෙස ඉල්ලා සිටිමි. (මේ ප්‍රතිචාරය එවිට පලකිරීම අවශ්‍ය නැත )

      2013/03/17 at 5:34 PM
  • rukshan says:

    aiyo maththala mulinma enne air arabia eka balannako ekath halal kerala

    2013/03/17 at 7:38 PM
  • Ruhunu RAJA says:

    මම ඔබතුමාගේ බ්ලොග් එක හැමදාම බලන දකුණ කොල්ලෙක්. එත් කවදාවත් මට හිතුනේ නැ කොම්මෙන්ට් එකක් දාන්න. මත්තල ගුවන් තොටුපල ගැන ඔබතුමාගේ අදහස් වලට නම් මම එකග නැ. මොකද කිව්වොත් හැමදාම අපි කැකිරි කන්න තරම් අවාසනාවන්ත නැති නිසා. හැමදාම කොලබට කිරි වුනාම හරි ද? දකුණේ අපිට කිරි බොන්න හොද නැද්ද? ඔබතුමාගේ බ්ලොග් එක හැමදාම බලන කෙනෙක් විදියට මට හිතෙනවා ඇය් අපේ මුස්ලිම් ජාතිය වෙනුවෙන් කතා කරන ඔබතුමා මුස්ලිම් මිනිස්සු වැඩි පුර ජිවත් වෙන හම්බන්තොට දියුණු වෙනවට අකමැති කියල. මම වැරදි නම් සමාවෙන්න.

    2013/03/17 at 8:12 PM
    • Anver Manatunga says:

      මම රටට ආදරේ කෙනෙක් මිස ප්‍රදේශවාදියෙක් නෙමෙයි. දකුණට ගැලපෙන දේ දකුණට දිය යුතුයි. නොගැලපෙන දේ ගැලපෙන තැනකට දිය යුතුයි. ඒ වගේම හම්බන්තොට මුස්ලිම් අය සිටින නිසා අපි එහෙට සලකන්න ඕන කියලා මම මතයක සිටිනවා නම් එය වර්ගවාදී එකක් නොවේද?

      2013/03/18 at 8:00 AM
  • RIZVI SAKAF says:

    SAHAN MAHATTAYO INDANA BAAWITHAYA ADUKERAGANNE EIKA HALAL EI MUDAL HAMBAYANTE YANNE ADIN PASSE MOADA PAALA HALAL GANE KATHAAKERANNALLU AI BAYADE API HALAL MAI KANNE DAN KURAGALE YANAWALU ANEI PAW EYAA PIN DENAWALU ACJU EKATE JAATHIYA AWADIKELAATE API STUTHIWENAWA BBS EKATE APEI JATHIYA AWADIKELAATE SARPAYO API ATHARA INNAWA KIYALA

    2013/03/17 at 11:47 PM
    • සහන් says:

      හලාල් ගෙනෙල්ලා අහක ඉන්න සර්පයෝ රෙ** අස්සෙ දාගෙන කනවෝ,කනවෝ කිව්වෙ අපිද?ඔයා හලාල් කන්න,හැබැයි අපිට එපා!

      2013/03/18 at 10:20 PM
  • dilshath says:

    හම්බන්තොට වරායේ යථාර්තය මත්තල ගුවන්තොටුපලේ අවශතාවය

    පලවෙනි ලෝක බලවතා මහබ්‍රිතන්ය ක්‍රි ව 900 සිට ක්‍රි ව 1900 වෙනකන් එතකොට ලෝකයේම බලගතු මුදල ස්ටෙර්ලින්ග්පෞන්ඩ්ස්. දජ්ජාල්ගේ (anticrist ) පලවෙනි දවස ඉවරය්. දෙවැනි ලෝක බලවතා ඇමෙරිකාව ක්‍රි ව 1900 සිට ක්‍රි ව 2000 දක්වා. ලෝකයේ බලගතු මුදල ඇමෙරිකන් ඩොලර් දජ්ජාල්ගේ (anticrist ) දෙවැනි දවසත් ඉවරය්. තුන්වෙනි ලෝක බලවතා ඊශ්‍රායලය. ඉස්රායලයේ ජෙරුසෙලමේ සිටය් දජ්ජාල් (anticrist )මුළු ලෝකයම පාලනය කරන්න යන්නේ. දැන් අපේ මුහම්මධ් නබි නායක තුමාණන්ගේ දේශනාව බලමු දජ්ජාල් (anticrist ) මේ ලෝකයේ ජීවත් වෙන්නේ දවස් හතලියය් පලවෙනි දවස අවුරදු 1 අහස වර්ෂ( ලෝකවර්ෂ 1000) වගේ ගෙවයි දෙවැනි දවස මාසයක් වගේ ගෙවයි(ලෝකවර්ෂ 100 ) තුන්වෙනි දවස සතියක්(ලෝකවර්ෂ 20 ) වගේ ගෙවයි ඉතරි දවස් 37 අපේ දවස වගේ ගෙවයි. දැන් තුන්වෙනි දවස ගෙවීගෙන යනවා ගෙලිලි සමුද්‍රයත් හිඳී ගෙන යනවා ඔහු මනුෂ්‍ය වෙසින් ඉදරිපත් වීමට දැන් ළඟයි. මුළු මෙදපෙරදිග ම දැන් ඊශ්රයලය අත්පත් කරගෙන යනවා ඊට පසු මුළු තෙල් සම්පත් ටික ඊශ්රායල අතට ගෙන මුළු ලෝකයම දනගස්සන්න ප්ලැන් එක. ඒත් මේ චීනයයි රුසියාවයි දකුණු කොරියාවයි ඉරානයයි නිසා මේ ප්ලැන් එක ඉටුකරගන්න බෙරුවයි ඉන්නේ තවත් පොඩි පොඩි රටවල් මේ රටවලට සහයෝගය දෙනවා එකෙන් එක රටක් තමයි අපි යම්කිසි දවසක තුන්වෙනි ලෝකයුද්දය පටන්ගතොත් යම්කිසි දවසක් නෙමයි ඉතා ඉක්මනින් තුන්වෙනි ලෝකයුද්දය පටන්ගනී එතොකොට දකුණු ආසියාවේන් තමයි මේ රටවලට යන්න ඕනේ එතකොට සිසෙල්ස් රටේ රුසියාවේ වරාය ඒක තමයි ෆ්රෝන්ට්ලයින් එක දෙවනුවට චිනයවිසින් හදපු අපේ හම්බන්තොට වරාය තුන්වෙනුවට වියට්නාමයේ රුසියාවේ වරාය මේවා ලෝකයට පෙන්නන්න හදපු වරායවල් නෙමයි මේවා බේස් මුළු ලෝකයම තුන්වෙනිලෝක යුද්දයට ලෑස්ති වෙනවා අපේ මැට්ටෝ පිස්සු කෙලිනවා ආ මට කියන්න බැරි උනා මේ අපේ අසල්වැසිය ඉන්දියාව කාගේ මිතුරාද දන්නවාද ඊස්රාඉල් කාරයාගේ ඒක තමයි චීනය විසින් ඉන්දියාව වටකරලා තියෙන්නේ පකිස්ටනයේ කරත්චී වරාය බංග්ලාදේශයේ ඩකා වරාය තවත් පකිස්ටානයේ කෙශ්මීර් ප්‍රාන්තය මේ ඔක්කම පෙත්තෙන් චීනය විසින් ඉන්දියාව වට කරලා
    තියෙන්නේ. දැන් මගේ අදහස පෙහෙදිලිද පෙහෙදිලි නෙත්නම් සමාවන්න මට. මෙතනින් එහාට පෙහෙදිලි කරන්න මට තේරෙන්නේ නෑ.

    2013/03/18 at 12:04 AM
    • Brother says:

      ..දැන් මගේ අදහස පෙහෙදිලිද පෙහෙදිලි නෙත්නම් සමාවන්න මට. මෙතනින් එහාට පෙහෙදිලි කරන්න මට තේරෙන්නේ නෑ….

      කිසිම දෙයක් පැහැදිලි නැහැ. කරුණාකර මූලාශ්‍ර එක්ක ඉදිරිපත් කරනවාද?

      2013/03/18 at 2:31 PM
      • Roshan Ruzaik says:

        brother ,ඔහු පවසන්නේ ලංකාවේ ඉදිවූ හම්බන්තොට වරාය පසු කලකදී ඇති වීමට ඉඩ ඇති WW III ( තුන්වන ලෝක යුද්ධයට) පෙර සුධානමක් ලෙස විදේශ හස්තයක් ( ඉශ්‍රයිලය සමග බටහිර බලවේග හෝ චීනය මුලිකව ) මගින් මෙහෙයවූ ව්‍යාපෘතියක් බවයි. දකුණු ආසියාවේ තම හමුදාමය බලය පතුරුවන්නට ඉතා යෝග්‍ය වරායක් තිබේ නම් එය ලකාවේ හම්බන්තොට වරායයි.

        dilshath මුලාශ්‍රය විදියට ගෙන ඇත්තේ ඉම්රාන් හුස්සෛන්( http://www.imranhosein.org/about-imran-n-hosein.html) නම් ඉමාම් වරයාගේ අදහස් බව කිව හැක. මෙතුමා කුරානය මගින් දජ්ජාල් (anti criest) ගේ පැමිණීම සහ වර්තමාන ලෝකයේ වෙන අසාධාරනකම් අතර ඇති සම්භන්ධතාවය ඉතා ගැඹුරෙන් විස්තර කරයි. ඔහුගේ කෘතියක් වන Jeruselem In The Quran හි මෙය සවිස්තරාත්මකව විස්තර කර තිබේ(http://www.imranhosein.org/books/37-jerusalem-in-the-quran.html) (http://www.youtube.com/watch?v=nGac5JoNnG0) .

        2013/03/18 at 7:41 PM
    • සහන් says:

      ඒ උනත් ඊෂ්රායලය ලෝක බලවතෙක් නෙමේ,බලවතා තාමත් ඇමෙරිකාව,දෙක චීනය,තුන රුසියාව,හතර බ්රිතාන්ය,පහ ප්රන්ෂය……….ඊෂ්රායලය ඇමරිකාවට ජැක් එක ගහගෙන ඉන්නෙ.ඉන්දියාව සපෝට් කරන්නෙ ඇමරිකාවටයි,කවදාහරි යුද්දයක් ඇති උනොත් අපි චීනෙ පැත්තට යයි(යූ අන් පී ආවොත් ඇමරිකන් පැත්තට)

      2013/03/18 at 10:27 PM
      • Roshan Ruzaik says:

        සහන් මල්ලි, අද ඇමෙරිකාවේ ඉන්නා බොහොමයක් බලවත් සහ ධනවත් සියලුම දෙනාගේ පසුබිම පොඩ්ඩක් හොයල බලන්නකෝ.ඒගොල්ලෝ සියලු දෙනාම පාහේ යුදෙව්වන්.ඊෂ්රායලය යුදෙව්වන්ගේ එකම කේන්ද්‍රස්ථානය. ඇමෙරිකාව සහ ඊෂ්රායලය අතර සම්බන්ධය දෙවන ලෝක යුද්දය කාලේ පටන් ශක්තිමත් වුන එකක්.ඇමෙරිකාව ලෝකයේ බලවතෙක් බවට පත්ව සිටියට ඒ රට අද අල්ලේ තියන් නටවන්නේ ඊෂ්රායලය. මේ සම්භන්දව Alex Jhone , David Icke , Imran Houssain වැනි අය බොහෝ කරුණු ඉදිරිපත් කරලා තියනවා. (ගූගල් කරලා බලන්න.) මේ ගැන අධ්‍යනය කරලා බලනකොට අපි අද ඉන්න ලෝකයේ යථාර්තය විශ්වාස කරන්නට පවා බැරි තරම්!

        2013/03/19 at 8:58 AM
        • සහන් says:

          වෙන්න පුලුවන්,නමුත් ඇමෙරිකාව අල්ලෙ නටවන්නෙ CIA එකයි,එෆ් බී අයි එකත් ගේමෙ ඉන්නවා,ඇමෙරිකාවෙ ජනාදිපතිවත් ඒ ආයතනවලට ඇගිලි ගහන්නෙ නෑ,ගැහුවොත් ජනාදිපතිටත් සොරි තමයි,දන්නවද?කෙනඩි ජනාදිපති මැරුවෙත් සී අයි ඒ එකෙන් කියලයි කියවෙන්නෙ,ඒකට හේතුව යූ එෆ් ඕ ගැන වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කල නියෝගය,යූ එෆ් ඕ ගැන ඇමෙරිකන් ආමි එකේ විසේස ලියකියවිලි ගොඩක් තියනවා ඒවා එලිවෙයි කියලා කෙනඩිට ස්නයිපර් ප්රහාරයක් දුන්නා,ගාතකයත් නෑ සාක්සිත් නෑ,මෙච්චර බලවත් ඇමරිකාවෙ ජනාදිපති මැරුව එකා අල්ලන්න බෑද?බෑ නෙමේ අල්ලන්න බාර දෙන්නෙත් සී අයි ඒ එකට,ඒක නිකන් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේනෙ,ජනාදිපතිටවත් නැති හයිය දනවතුන්ට කොහෙන්ද?එහෙව් ඇමෙරිකාව ඊෂ්රායලේ කියන ව්දියට නටයිද?

          2013/03/19 at 11:06 PM
      • dilshath says:

        සහන් අපේ රටේ අවුරුදු 30 යුද්දයක් තිබුනා ltte යත් සමග. අපි වගේ දුප්පත් රටක් කිසිම සම්පතක් තිබුනේ නෑ යුද්ධ කිරීමට එහෙත් අපි කොහම හරි යුද්දේ දින්නා. ඔබ කියනවා තාමත් ඇමෙරිකාව ලෝක සුපරි බලවතා කියලා. ඔය සුපරි බලවතාට යුධ සම්පත් වලින් කිසිම අඩුවක් නැ එහෙම තිබිලත් වියට්නාම් යුද්දය පරාදයි ඇෆ්ගනිස්ටාන් වල පරාදයි දැන් අව්රුදු 12 වෙනවා සුපරි බලවතාට බැරි උනා රොටි කන ගල්ගුහා වල ඉන්න තාලිබන්වරු පරද්දන්න ඇමෙරිකාව විතරක් නම් කමක් නෑ සුපිරිම රටවල් 45ක් ගහනවා තාලිබාන්වරුන්ට කෝ ඔබ කියපු සුප්රිබලවත්කම අන්න 2014 ඇෆ්ගනිස්තාන් වලින් පිට වෙන්න යනවා තලිබාන්ලාව දැක්කම සුපරි බලවතාට කක්කා යනවලු.මේ බලවතාට පකිස්ථානයෙන් කන්ටිනේර් දෙකක් යවලා තියනවා ඇෆ්ගනිස්තාන් වල ඉන්න ඇමෙරිකන් හමුදාවට තනිකර පෙම්පස් තිබිලා තියෙන්නේ මම මේ බොරුවක් නෙමේ කියන්නේ මම නිවුස් එකකින් දැක්කේ ඇමෙරිකන් සුපිරි බලවතාට තලිබන්වරුන් දැක්කම කලිසම පිටින් මලපහ යනවා. මට පුලුවන්ව්නොතින් මතුවට එම නිව්ස් එක පලකරන්නම් හරිද.

        2013/03/19 at 10:09 AM
        • සහන් says:

          ඇමෙරිකාව පරාද උනේ වියට්නාම් යුද්දෙ විතරයි,ඒකත් වියට්නාමෙ අයගෙ ගරිල්ලා සටන් ක්රම නිසයි,තලේබාන් එකනම් ටොයිස් ගේමක්,ඒත් ඉවර කරන්නෙ නෑ…ඒකට හේතුව ඇෆ්ගනිස්තානය හිගන්නගෙ තුවාලෙ කරගෙන පාර පාර ඉන්නවා,එතකොට ඇෆ්ගනිස්තානෙ ආයෙ නැගිටින්නෙ නෑ,ඇමරිකාවට ඒ කලාපෙ හොද බලයකුත් ලැබෙනවා,ඉරාන් වගේ රටවලට ගහන්න ලේසියි,ඒ අය ඇෆ්ගනිස්තානෙන් අයින් වෙනවා කියලා කිව්වෙ ජෝජ් බුෂ් හිටපු කාලෙ ඉදන්,ඒ තාම නෑ,ඇෆ්ගන් යුද්දෙන් ඒ අය ගොඩක් දේවල් කරගත්තා,බින්ලාඩන් මරාගත්තෙත් ඒකෙම ප්රතිපලේකින් තමයි,අනිත් එක චීනෙට ලගින් ඉන්න එකත් හොදයි,දකුනු ආසියානු කලාපෙ ඇෆ්ගනිස්තානෙ නිසා ඇමරිකන් බලය රැදෙනවා,අපේ රටටත් ඒ ගේමම තමයි දෙන්න යන්නෙ,අපේ රටේ හිටියොත් ලේසියි පහසුයි,සෑහෙන කොටසක් පාලනය කරන්න පුලුවන්,ඒ අය දතකන්නෙත් ඒකට තමයි

          2013/03/19 at 11:16 PM
  • Imthiyas says:

    Exellent Dilshath…

    2013/03/18 at 2:08 PM
    • dilshath says:

      THANK U IMTHIYAS IF U WANT MORE DETAILS GO TO THE UTUBE AND SEE THE IMRAN NAZAR HOSEINS VIDEOS THAN U WILL GET THE WHOLE PICTURE.

      2013/03/18 at 8:31 PM
  • dilshath says:

    A top Iranian naval official says Iran’s 24th fleet has warned off an Australian reconnaissance plane as it approached the Sri Lankan coast.

    Commander Siavosh Jarreh said on Sunday that the Australian aircraft was approaching the Iranian fleet, which comprised of a helicopter carrier and a destroyer, for imaging.

    “Immediately after receiving the warning, the Australian reconnaissance plane changed its flight course, but it began dropping submarine detection devices…all of which was picked up by [our] marines,” he added.

    The admiral noted that the Iranian naval fleet is sailing the high seas in compliance with international regulations.

    On March 15, Iran Navy chief Rear Admiral Habibollah Sayyari said Iranian naval forces will be sailing the Atlantic Ocean after their successful mission in the Pacific Ocean and crossing the Equator.

    The Navy’s 24th fleet consisting of Sabalan destroyer and Kharg helicopter carrier, docked at China’s Zhangjiagang port on March 4 after sailing 13,000 kilometers in 40 days.

    Three days later, the fleet left the Chinese port city for the Strait of Malacca after training exercises.

    In recent years, Iran’s Navy has been increasing its presence in international waters to protect naval routes and provide security for Iranian merchant vessels and tankers.

    In addition, in line with the international efforts to combat piracy, the Iranian Navy has been conducting anti-piracy patrols in the Gulf of Aden since November 2008 to safeguard the vessels involved in maritime trade, especially the ships and oil tankers owned or leased by Iran.

    2013/03/18 at 8:13 PM
  • Roshan Ruzaik says:

    අනවේර් සහෝදරයා, මා Brother ට පිළිතුරු වශයෙන් දාපු කොමෙන්ටුව ඔබ පළකර නොමැත. මා ජාති වාදී අදහස්වලින් සම්පුර්ණෙන්ම නැති කොමෙන්ටුවක් කලේ. පළ නොකිරීමට හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද?
    Roshan Ruzaik

    2013/03/18 at 11:55 PM
    • Anver Manatunga says:

      මම එහෙම දෙයක් දැනුවත්ව සිදු නොකලෙමි. එය පලවී නැතිනම් කරුණාකර නැවත එවන්න. සිදුවු දෝෂයට සමාව ඉල්ලමි!

      2013/03/19 at 1:00 AM
  • Roshan Ruzaik says:

    සමාවෙන්න අනවෙර් සහෝදරයා, මා යොමුකළ කොමෙන්ටුව පලවී ඇත. ඔබට ස්තුති.

    2013/03/19 at 8:18 AM
  • shafik says:

    අපේ රටට තවත් ගුවන් තොටුපොළක් ලැබීම ගැන අවංකවම සතුටු වෙනවා. ජාත්‍යන්තරයෙන් උනත් අපේ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් පථයේ විශාලත්වයක් අවශ්‍ය බවට දැනුම් දී තිබු අවස්ථාවකදී තවත් ගුවන් තොටු පොලක් ඉදිකීරීම වැදගත් තීරණයක්. මතකනේ කොටි ගහපු වෙලාවේ ගුවන් යානා ගොඩ බැස්සුවේ කෙරළා ප්‍රාන්තයේ.

    නමුත් මම දකින විදිහට මෙය ගොඩනගන්න තිබුනේ ගාල්ල ආශ්‍රිතව හෝ අනුරාදපුර අශ්‍රිතව. මත්තල අශ්‍රිතව අබය බුමියකුත් තිබෙන නිසා සැලකිලිමත් වෙන්න තිබුනා මීට වඩා.

    2013/03/19 at 11:23 AM
  • Roshan Ruzaik says:

    අන්වෙර් සහෝ, මා සහන්ට දාපු reply කොමෙන්ට් එක පලවී නැත (22/03/2013) . මාතෘකාවට අදාල නැති නමුත් වර්තමාන ලෝකයේ සිද්ධවෙන දේවල් ගැන පාඨකයන්ගේ දැනගැනීම පිණිස අමතර කරුණු ඉදිරිපත් කලෙමි. ඇසු පමණින් කව්රුත් විශ්වාස නොකරන නමුත් කරුණු කාරණා සොයා බැලීමේදී මේවා ඇත්ත බව මටත් වැටහුණි. ලංකාවේ සිද්ධවෙන දේවල් දිහා අවධානයෙන් අද්‍යනය කර බැලුවිටද ඒ සියල්ල පිටුපස මෙම හස්තය ක්‍රියාත්මක වන බව ඔබටද තේරුම් යනු ඇත. හැමෝටම මෙය තේරුම් කරදීම ඉතා අමාරු කාරියක්.නමුත් තේරුම් ගත හැකි අයද අද සමාජයේ සිටිති. මෙය ඔවුන් සඳහාය. කුමන හෝ ක්‍රමයක් මගින් රටක සිවිල් යුද්ධයක් ඇතිකර එමගින් එරටේ ජාතික සමගිය බිඳ රට අස්ථාවර භාවයට පත්කර දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීමට මෙම පිරිස් කටයුතු කරයි. රටක යුධයක් ඇති කිරීමට ආගම්වාදය සහ වර්ගවාදය යන දෙක ඉතා බලවත් ප්‍රත්‍යක්ෂ ආයුදයන්ය. ඕනෑම සමාජයක් ඉතා ඉක්මනින් අසමගි කර එකිනෙකා මරා ගැනීමට සැලැස්විය හැක. එය තේරුම් නොගන්නා අය ජාතිවාදී ආගම්වාදී ලේබල් ගසා ගනිමින් ඉදිරියට පැමිණෙන්නාවූ සංවිධාන වටා එක්රොක්වී විෂම අදහස්වලින් තම ඔලු පුරවාගෙන අන්‍යයන් දෙස ද්වේශයෙන් බැලීමටත් ඔවුන්ගේ අදහස් උදහස් තමන්හට තම දේශයට නොගැලපෙන දේවල් ලෙසත් සිතා ක්‍රියා කිරීමට පෙලබෙති. රටේ මාද්යයද මෙය සාධාරණීකරණය කරයි. රටේ දේශපාලකයෝද දැනගෙන හෝ නොදැන ක්‍රියා කර රටේ කොලහලයකට ඉඩ සලස්වයි. දේශපාලනය කරන්නන්ට මෙමගින් වාසි ඇතිවන අතරම මෙයට පිටුපසින් සිටින්නා අයටද ඔවුන්ගේ අදහස් සහ අරමුණු මුදුන්පත්වේ. අප හැමෝම මෙය තේරුම්ගත යුතුයි. අනුන්ට තේරුම් කර දිය යුතුයි. බොඋධයෙක් හෝ වේවා මුස්ලිම් හෝ වේවා ක්‍රිස්තියානි හෝ වේවා දෙමල හෝ වේවා අප අතර තිබෙන්නාවූ බැඳීම තව තවත් ශක්තිමත් කර ගත යුතුයි. අප අතර තිබෙන්නාවූ වෙනස්කම් වලට අප පුරුදු විය යුතුයි. සමාජය බේධ කරන්නාවූ දේවල් වලින් අප ඈත් විය යුතුයි. ඉතා සුළු පිරිසකගේ විෂම අදහස් නිසා අප අතර ඇති බැඳීම් පලුදු වෙන ආකාරයට ක්‍රියා කල යුතු නොවේ.

    2013/03/23 at 6:11 PM
    • Anver Manatunga says:

      ඔබගේ ප්‍රතිචාරයක් දැනුවත්ව නොමැකුවෙමි. කෙසේ වුවද ප්‍රමාද දෝෂය ගැන සමාව ඉල්ලමි.

      2013/03/23 at 6:17 PM
  • Roshan Ruzaik says:

    සහන මල්ලි, CIA , FBi ,ඇමෙරිකානු ජනාධිපති ඇතුලු ඇමෙරිකානු ආණ්ඩුව , ලෝක බැංකුව ,NATO , WHO (World Health Organization ) ,European Union (EU),NASA ආදී එකී මෙකි නොකී සැම ලෝක සංවිධානයක්ම ලෝක ආණ්ඩුවක්ම ගේම් එක රන් කරන අය නෙමෙයි.ගේම් එකේ ඉන්න ඉත්තන් විතරයි. ගේම සෙල්ලන් කරන ප්ලේයෙර්සලා ඉන්නේ පිටින්. ඔවුන් ලෝකයට පෙනෙන්නට එන්නේ නෑ . ඒ අයට කියන නම් තියනවා. ඒව තමයි ‘ඉලුමිනාටි’ (Illuminati) , secret society, freemasonry, skull & bone …etc. ඔය කෙනඩි ජනාධිපතිතුමාව ඝාතනය කරන්න ප්ලැන හැදුවෙත් මෙයාල තමයි. එකට හේතුව UFO නෙමෙයි. මෙතුමා ඔවුන් කියනදෙයට පිටින් යන්න හදපු නිසයි. මොවුන් ඔක්කොමලට තියෙන්නේ එක මෙහෙයුමයි. එක තමයි ඊශ්‍රායිලය ලෝකයේ ලොකුම බලවතා බවට පත් කිරීම. මේක අවුරුදු 10 – 20 ප්ලැනක් නෙමෙයි. මේක අවුරුදු සියදහස් ගණනක් පැරණි ප්ලැනක්. අපිට (මුස්ලිම් වරුන්ට) මේක නබි තුමා අවුරුදු 1400 කට කලින්ම පෙරනිමිති කියලා තියනවා. ( see Immran Hussain books and video from youtube ) මෙයාල ඒක කරන්නේ ඒක එයාලගේ අගමේම කොටසක් නිසයි. Satanism (සාතන් නැමදීම) මෙයාලගේ ආගමයි. ඉස්ලාමයේ දජ්ජාල් (anti criest) සාතන්ගේ පුතනුවන්. මොඋන්ගේ ආගමේ පෙරනිමිත්තක් හැටියට දජ්ජාල් පැමිණ මෙලොව පාලනය කරන්නේ බලගතු ඉශ්‍රිලයේ සිටයි. එමනිසා ලෝකයේ රටවල්වල ක්‍රියාකාරිත්වයන් ඉශ්‍රයිලයට තර්ජනයක් නොවන විදිහට බලා කියාගන්නේ අර කලින් කියපු ඉත්තන් ටික දාලයි. Continue…

    2013/03/24 at 11:46 AM
  • Roshan Ruzaik says:

    අද ලෝකයම හිතන්නේ ඇමෙරිකාව සදාම් හුස්සෛන් ගේ පාලනය කඩල එරටට ඇතුළු උනේ තෙල් වලට වහවටිලා කියලයි. නමුත් ඇත්ත තත්වය සදාම්ගේ න්‍යෂ්ටික ශක්තිය එරටට අසන්න්නයේ ඉන්න ඉශ්‍රයිලයට තර්ජනයක් වන නිසා ඒක අයින් කරගන්න ඕනේ නිසාත්ය.ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරගන්න ඕනේ වුනේ රුසියාවෙන් එන බලපෑම් මැඩ පවත්වන්නට ඇමෙරිකාවට සහය දක්වන පාලනයක් ඇති කරන්නයි. තලේබාන් හිටියොත් එක කරන්න හම්බවෙන්නේ නෑ . 9/11 එකත් මේ අයගෙම ප්ලැනක්. ඒක උපයෝගී කරගෙන අහිංසක මුස්ලිම්වරුන්ව ත්‍රස්තවාදීන් විදිහට ලෝකෙටම පෙන්නලා මැද පෙරදිග රටවල්වල ආක්‍රමණය කරන එක සාධාරණීකරණය කරගත්තා. මන් මේ කියනදේවල් ලිපියේ මාතෘකාවට අදාළ නැ . නමුත් ලෝකයේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මේක කියවන ඔබට හිතින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. මුල් කොමෙන්ට් එකේ කිව්වා වගේ ඇත්ත විශ්වාස කරන්නට බැරි තරම් පුදුමයි. UFO සංකල්පයත් මේ illuminati අයගේ ප්ලනක් තමයි. continue…

    2013/03/24 at 11:47 AM
  • Roshan Ruzaik says:

    මේ සම්භන්ධව පර්යේෂණ කරපු අය (Alex Jhone , David Icke ) ගේ අදහසනම් UFO තාක්ෂනය අද ලෝකයේ සොයාගෙන ගොඩක් කල් නමුත් එය ලෝකයෙන් වසන් කරලා තම අරමුණ ඉෂ්ට කරන්න පාවිචි කරනවා. උදාහරණයකට මෙක්සිකොවල පිහිටි Area 55 කියන්න පුළුවන්. එහි සිද්ධවෙන පර්යේෂණ තවමත් ලෝකයට රහසක් . UFO ගැන කුතුහලය ලෝකයට එදිරිපත් කර ඒක ඇත්ත විදිහට ලෝකයට පිළිගන්වලා මොඋන් උත්සාහ කරන්නේ මේලෝකයේ ඇතිවීමට හේතුවක් වුයේ පිටසක්වළ ජීවීන්ගේ අන්තර් සම්භන්ධතාවයක් නිසා යයි ඔප්පු කෙරීමටයි. මෙමගින් ඔවුන් බලාපොරොතු වන්නේ දෙවියන් කියන සංකල්පය ඇති වුයේ මෙම පිටසක්වල ජීවීන් නිසා බවත්ය ( අල්ලාහ් අපගේ ඊමානය ආරක්ෂා කරත්වා! මොවුන්ගේ ක්‍රියාවේ ප්‍රේතිපලය නිෂ්පල කරත්වා ) . මේක කියවන මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කියන්නට තියෙන්නේ මෙලොව සිදුවෙමින් පවතින සිදු වීමට නියමිත සියලුම දේවල් ක්‍රියාත්මක වන්නේ අල්ලාහ්ගේ අනුදැනුම සහ අවසරය ඇතිවයි. එය ගසකින් වියලි කොලයක් ගැලවී පොළොවට පතිත වීම වැනි ඉතා කුඩා නොසැලකිය යුතු දෙයක් වුවත්, අල්ලාහ්ගේ අවසරයක් නැතිව විය නොහැක. එම නිසා අප කලයුත්තේ මෙම fithnah කලබලයන් හමුවේ නොබියව නොසැලී සිටීමට අපගේ ඊමානය (දේව විශ්වාසය) ශක්තිමත් කර ගෙන අල්ලාහ්ගේ උදවු අයදීමයි.
    Check The Arrivals documentary in Youtube. (51 parts)

    2013/03/24 at 11:50 AM

Your email address will not be published. Required fields are marked *

*