Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මගේ ඉදිරි පියවර

ඉදිරි පියවර

ඉදිරි පියවර

අන්වර් මනතුංග බ්ලොගය තහනම් වීම ගැන සමහරුන්ට ඇත්තේ කාලකන්නි සතුටක්. ඒ බව ඔවුන් විවිධ වෙබ් අඩවි තුල දමන ප්‍රතිචාර වලින් පේනවා. මම දකින්නේ මෙහි සුබවාදී පැත්තක්. කෙටිකාලීනව අවාසියක් ලෙස පෙනුනද දීර්ඝ කාලීනව වාසි සහගත තත්වයක් උදාකරගත හැකියි. ඒ සඳහා ඉවසීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කළයුතු බව මගේ අදහසයි. අන්වර් මනතුංග බ්ලොගය මෙන් රජයට හිසරදයක් වු තවත් වෙබ් අඩවි කලින් තහනම් වුණා. එයින් සමහර ඒවා නැතිවුණු නමුදු තවත් සමහර අඩවි අදත් ක්‍රියාත්මක වෙනවා.

 

රජය මෙලෙස අසාධාරණකම් කරනවා නම් අප කළයුත්තේ රජය කරන අසාධාරණකම් වලට පිළිතුරු දීමයි. එයට වඩා හොඳම පිළිතුර නම් වෙබ් අඩවිය ඒ අයුරින්ම පවත්වාගෙන යාම සහ එහි අදහස් ජනතාව වෙත ගලා යාමට මග සැලසීමයි. අප දැන් පලමුව කළයුත්තේ පාඨකයන් හට මෙම බාධක බිඳගෙන වෙබ් අඩවියට පැමිණීමට ඇති අවස්ථාව වැඩි කිරීමයි. එයට අප විසින් තහනම්වු වෙබ් අඩවි වලට යා හැකි මාර්ග පිළිබඳව ඔවුන් දැනුවත් කළ යුතුයි. මේ සම්බන්ධව තාක්ෂණික දැනුම සහිත අය ඉදිරිපත් විය යුතු බව මගේ අදහසයි. තහනම් වු වෙබ් අඩවියකට යන්නේ කෙසේද? යන්න පියවරෙන් පියවර විස්තර කරදෙන කුඩා ලිපි සකසා ඒවා ෆේස් බුක් ජාලය හරහා පැතිරවීමෙන් පාඨකයන් දැනුවත් කළ හැකියි. ඒ සඳහා හැකියාව ඇති අය ඉදිරිපත් වන ලෙස මා ඉල්ලා සිටිමි. ඒ සම්බන්ධ ඔබගේ ලිපි anvermanatunga@gmail.com යන ලිපිනයට එවන්න.  

 

බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලා සිටින්නේ ෆේස් බුක් තුලට පැමිණ ලියන ලෙසයි. නමුත් ඒ ගැන මගේ කිසිදු අදහසක් නැහැ. එය ඇත්තටම අනුන්ගේ තැනක කූඩු තැනුවාට සමානයි. කිසියම් දිනයක එතැන අපට අහිමි වන්නට පුළුවන්. අප ඔවුන්ට ආර්ථික වාසි අත්පත් කරදී දිනයක අකුලාගෙන යාමට සිදුවුවහොත්! ඒ නිසාඅප කළයුත්තේ අප අඩවියට පැමිණෙන්නේ කෙසේද? යන්න ෆේස් බුක් තුලින් ජනතාව දැනුවත් කිරීම බව මගේ අදහසයි. මන්ද අප මුණුපොත තුල ලිපි පලකළහොත් පාඨකයන් හට වෙබ් අඩවියට පැමිණීමට අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා මා ඉදිරියටත් කරන්නේ ෆේස් බුක් තුල ලින්ක් පලකිරීම පමණයි. නමුත් ෆේස්බුක් තුල ප්‍රොක්සි හරහා අප අඩවියට එන ආකාරය සම්බන්ධ ලිපි පමණක් පලකිරීමට බලාපොරොත්තු වෙමි.   

 

මෙම අඩවියට ලෙංගතු සැමගෙන් මා ඉල්ලා සිටින්නේ දැන් ඔබේ වාරය පැමිණ ඇති බවයි. තහනම් වු වෙබ් අඩවියකට යා හැකි විධිපිළිවෙත් සොයන්න. ඒ ගැන ලිපි සාදා මවෙත එවන්න. එමෙන්ම ඒ ගැන ඔබට හැකි අයුරින් පාඨකයන්ද දැනුවත් කරන්න. ජාතිවාදය ඇවිළු සහ එයට එරෙහි වන අප වැනි අයට වැට බැන්දු මේ ආන්ඩුව ගෙදර යනතෙක් ඉන්ෂා අල්ලාහ්! අප අන්වර් මනතුංග බ්ලොගය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔබ සැමට දන්වමි!

 

කරුණාකර හැකියාව ඇති කෙනෙක් මෙම ලිපිය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර එවන්න. දමිල බසට පරිවර්තනය කර දමිල වෙබ් අඩවි වල පලකරන්න.

 

 

අන්වර් මනතුංග

 

 

 

 

 

  • jayathilaka says:

    ethakota mama me mobitel connection ekakin me blog ekata log une kurunegala idala.e kohamada thahanam nam ehema endath bene?
    Boru karanne ai?

    2013/04/08 at 9:38 AM
    • Hassen says:

      ජයතිලක බීලද කොහෙද

      2013/04/08 at 10:25 PM
  • iqbal says:

    pls check dis link of lankaenews.com. may be our site can be joint with sfr.. barakallah..

    2013/04/08 at 9:43 AM
  • iqbal says:

    http://lankaenews.rsf.org/Sinhala/index.html

    2013/04/08 at 9:44 AM
  • Mr. Who says:

    Although some are expressing their delight at Anver Manatunga blog getting banned in Sri Lanka, I see a silver lining. Even though the situation appears to be detrimental, I believe this can be turned in to a win in the long term. Though that would require patience and planning. There are precedence for banned webpages in Sri Lanka prior to this incident, and although some of those websites has been inactive, some do still function.

    If the government takes an unjust stand, the best reply would be to keep this site “open for business” as usual. First thing though, would be to inform the public of the ways they could access this site. Those with relevant technical knowledge could help me out by writing a small step-by-step guide on how to access the blocked site. Such informative articles could be shared on Facebook, for example. I request volunteers: please send me your articles to my email at anvermanatunga@gmail.com.

    Although quite a few readers have suggested that I write my articles on Facebook, I do not think that would be a good idea. It is possible that such pages would be deactivated for some reason. However, I do intend to link my articles in Facebook. In my opinion, we should make available the information necessary to access this site. I hope volunteers would come forward with articles with such information.

    I would like to say to the friends of this site: It’s your turn now. Please write articles on how to access the blocked site, and send such articles to me. And if possible, share that information elsewhere. Insha Allah (If God wills), I intend to keep this site functional to oppose racist propaganda.

    2013/04/08 at 10:27 AM
  • බින් සමීම් says:

    මෙම ලින්ක් මගින් යන්න
    http://5.hidemyass.com/ip-1/encoded/Oi8vd3d3LmFudmVybWFuYXR1bmdhLmNvbS8%3D&f=norefer

    2013/04/08 at 12:52 PM
  • Nishan Perera says:

    මන් මේ නොදන්නා කම හින්දායී අහන්නේ දැන් මේක block උනේ අල්ලාහ් දෙවියන්ගේ කෑමත්තටද ? නැත්නම් අල්ලාහ් ගේ විරුදත්වය මැදද ?

    2013/04/08 at 1:02 PM
    • Anver Manatunga says:

      ඔබ ඇසීමේ අරමුණ මම දනිමි. එයට පිළිතුරු දුන්නාට ඔබගේ මනස අගුල් වැටී ඇත. කැමැත්තක් හිතාගන්න.

      2013/04/08 at 3:26 PM
    • A muslim says:

      @නිශාන්ත පෙරේරා ,

      මේක මේ blog එකේ දියුණුවට අල්ලාහ් කළ ආශීර්වාදයක් .insha allah ඉදිරියට ඔයාට මේක දැකගන්න ලැබේවි

      2013/04/08 at 5:29 PM
    • eranga says:

      නියම ප්‍රශ්නෙ. සර්වබලධාරී අල්ලගාව කන්නලව් කරල ඉල්ලන්නකෝ Blog එකේ Block එක අයින්කරල දෙන්න කියල. අල්ලට මේ ලෝකෙ කරන්න පුලුවන් දෙයක් නෑ. මෙච්චර කල් කරපු දෙයකුත් නෑ. කොටින්ම අල්ලෙක් එලොවෙත් නෑ මෙලොවෙත් නෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑනෑ

      2013/04/11 at 6:39 PM
      • Anver Manatunga says:

        මෙයාට මනසට එන අදහස් දරාගන් බැරුව වගේ. මෙයා මෙහෙම කියලා මනස තෘප්තිමත් කරන්න හදනවා. මගේ බ්ලොග් එක බ්ලොක් කරාට මට අඩන්න සිද්ධ වෙලා නැහැ. බ්ලොගය තහනම් කරලත් තවම ලංකාවේ වැඩියෙන්ම කියවන බ්ලොගය අන්වර් මනතුංග බ්ලොගයයි.

        අද අන්වර් මනතුංග බ්ලොගය තහනම් කරලත් සමහරු මට සහ ඉස්ලාමයට අපහාස කර ප්‍රතිචාර එවනවා. මම ඒවා මකා දානවා. මේ අඩවිය තහනම් කරලත් ඔවුන්ගේ හදවතට සැනසීමක් නැහැ. නමුත් මම නම් ඉතාමත් සමාදානයෙන් ජීවත් වෙමි.

        මේක තහනම් කලේ අල්ලාහ් නොවෙයි. නමුත් යහපත් කෙනෙකුට කළ නොපනත් ක්‍රියාව අල්ලාහ් දනියි. මම එය අල්ලාහ්ටම භාරකර මගේ කටයුතු සුපුරුද පරිදි කරගෙන යමි. ඔබගෙත් මගෙත් වෙනස එයයි. ප්‍රශ්න ඇතිවු විට ප්‍රශ්නයෙන් පලායාම හෝ ප්‍රශ්න නිසා සියදිවි හානිකර ගැනීම ඉස්ලාමීය පිලිවෙත නොවේ.

        2013/04/12 at 7:56 AM
      • a muslim says:

        @erahga
        ඔයාලා අල්ලාහ් ප්‍රතික්ෂේප කරන නිසා තමය් ඔයාලට කෆීර් කියන්නේ .අපිට අල්ලාහ් ගැන විශ්වාසය තියෙන නිසා තමය් අපිට මුස්ලිම් කියන්නේ ..අද රටේ පවතින තත්වය අනුව කෆීර් හා මුස්ලිම් අතර වෙනස පැහැදිළිව දැක ගන්න පුළුවන් .අපිත් ඔයාලා වගේ කාෆීර් වෙලා තිබ්බනම් ඔයාලගේ වැඩවල හැටියට මෙලහකටත් යුද්දයක් පටන් අරගෙන ඉවරය් .අපි අල්ලාහ් විශ්වාස කරන නිසා තමය් අපි මෙතරම් ඉවසගෙන ඉන්නේ .ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා අහිංසක ජිවිත බිලි නොගෙන රට යුද්ද පිටියක් නොකර ඉන්න .

        2013/04/12 at 10:45 AM
  • Hilmy says:

    My dear A.Manathunga please take it easy,things will be ok like you said.be cool.

    2013/04/08 at 1:53 PM
  • mhamed Hafeez says:

    Dear Anver,
    Keep up the good work I believe the web site has been blocked only in Sri Lanka but internationally it can be access so need to find a way out how Lankan readers can regain access

    Mohamed

    2013/04/08 at 2:05 PM
  • Ibnu Habeeb says:

    mama Anver Manatunga website ekata awith me comment eka dannae yodagath kramaya nam

    1) Go to http://proxyserver.asia/ proxy server website
    2) Enter http://www.AnverManatunga.com site address in the text field
    3) Anver’s blog opened!

    That’s all.

    me piyawara kihipaya images athulath kara kawuruhari lassanata poster ekak hadanna puluwannam apata emails, facebook etc. magin janathawa danuwath karanna puluwan wei

    2013/04/08 at 2:29 PM
  • Mohamed says:

    Allah with US!!!

    2013/04/08 at 2:59 PM
    • Prabani says:

      @Allah with US!!!

      LOL

      2013/04/08 at 3:30 PM
      • Shamil says:

        This is the difference between us! May allah guide you in the right path.

        2013/04/08 at 4:38 PM
  • M F Rasheed says:

    I suggest a group of people start doing the job of re-publishing the same post appeared on anwarmanathunga.com including facebook, in addition to all other options as said above. A new blog also could be considered as a proxi.

    2013/04/08 at 5:25 PM
  • sarji says:

    i am using https:vtunnel.com for browa this website.it works good.

    2013/04/08 at 9:34 PM
  • Mas says:

    You should mirror your blog with wordpress.com which cannot be blocked.

    2013/04/10 at 11:11 AM
  • Abdul Majeed says:

    Hotspot shield use kalaanam wede lezy… eka eka website walin log wenda onae na.. mama use karannath mekama thamay… mama danuth meka use karala thamay oyage site ekata evilla comments daala yanne…

    2013/04/15 at 5:00 PM
    • Anver Manatunga says:

      ඔබට ඒ ගැන ලිපියක් සකසා එවන්න බැරිද?

      2013/04/15 at 5:06 PM
  • Raslan says:

    වැඩියේ මහන්සි වෙන්න ඕනේ නෑ
    http://www.zend2.com/

    2013/04/20 at 1:36 AM
    • Anver Manatunga says:

      ලංකාව තුල සිටින අයට අන්වර් මනතුංග බ්ලොගයට පැමිණෙන ආකාරය විස්තර කර ලිපියක් ලියන්න බැරිද?

      2013/04/20 at 9:29 AM

Your email address will not be published. Required fields are marked *

*