Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනිතබා ගැනීම විමසුමක්!

දැවෙන සිරුර

දැවෙන සිරුර

ලංකාවේ බුදු දහම අන්තර්ජාතිකව අපකීර්තියට ලක්වන පුවතක් ඊයෙත් වාර්තා වුණා. ඒ බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතණයට එරෙහිව තමන් විසින්ම ගිනි තබා ගැනීමයි. පුද්ගලයෙකු තමන් විසින්ම දිවි නසා ගැනීමට තැත් කිරීමත් අපේ රටේ නීතිය තුල වරදක්. නමුත් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වේ යැයි මා නම් සිතන්නේ නැහැ. මන්ද දැනටමත් එහිමියන් කළ ක්‍රියාවට මාධ්‍ය මගින් සුදුහුණු ගාන බවක් දක්නට ලැබෙනවා. Continue reading

ඥාති සංග්‍රහ සහ මිත්‍ර සංග්‍රහ

පවුල් ගසක්!

පවුල් ගසක්!

කිසියම් දේශපාලකයෙක් බලයට පත්වු පසුව සිය ඥාති හිත මිත්‍රාදීන්ට විශේෂ සැලකුම් දැක්වීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. අතීතයේ ලංකාව තුල මෙය වඩාත්ම ඉස්මතු වුයේ සිරිමාවෝ බන්ඩාරනායක පාලන කාලය තුලයි. නමුත් වත්මන් රාජපක්ෂ පාලනය ඒ සියළුම වාර්තා බිඳහෙලමින් වැඩිම ඥාති හිතමිත්‍ර සංග්‍රහ කළ රජය ලෙස ඉතිහාස ගත වනු ඇත. නමුත් මේ නරක පුර්වාදර්ශය නිසා ඉදිරියේදී බිහිවන පාලකයන් මීටත් වඩා අන්තයට ගමන් කරනු ඇත.  Continue reading

ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමී මැරවැඩ

මෙත පාන්නෝ

මෙත පාන්නෝ

තමන්ගේ මුලස්ථානය ඉදිරියට පැමිණ උද්ඝෝෂනය කරන්නට පැමිණි භික්ෂුන් වහන්සේලාට පටිසෝතගාමීව ගුටිබැට වලඳවන්නේ කෙසේදැයි ඊයේ බොදු බල සේනා චීවරධාරීන් පිරිසක් පෙන්වා දී තිබුණා. එම ගුටිබැට දංසලෙන් වැලඳු භික්ෂුන් වහන්සේ නමක් දතකුත් අහිමිව රෝහල් ගත වුණා. එම පුවත මේ වන විටත් ඉංග්‍රීසි බසට හැරවී අන්තර්ජාතිකව ප්‍රචාරය වී හමාරයි. Continue reading

මෙදා වෙසක් සැමරුම විමසුමක්!

වෙසක් සුභපැතුම්!

වෙසක් සුභපැතුම්!

බෞද්ධ ජනතාවට මෙදා සැරේ වෙසක් සමරන්න වෙලා තියෙන්නේ ප්‍රශ්න ගොඩක මැදිවෙලයි. එකපැත්තකින් බොදු බල සේනාව විසින් වෙසක් එකට බකට් පත්තු කරන එකට ඔළුබක්කෝ නටන එකට විරුද්ධ වෙලා. පහන් පුජා කරන එකත් බෞද්ධ විරෝධීයිලු. මමත් එයට 100% ක්ම එකඟයි. නමුත් පහන් විතරක් නෙමෙයි! මල් පුජා කිරීම, බෝධි පුජා කිරීම, චෛත්‍ය වන්දනාව සහ බුද්ධ ප්‍රථිමා වන්දනාවත් බුදු දහමට අයත් ඒවා නොවේ. Continue reading

බුද්ධාගම පමණයි පිළිවෙත ව්‍යවස්ථා විරෝධියි – ලංකා හින්දු සම්මේලන සභාපති පවසයි!

කේ. නීලකන්දන්

කේ. නීලකන්දන්

ශ්‍රී ලංකාව සිංහලයන් සහ බෞද්ධයන් සඳහා පමණක් උරුම වූ රටක් ලෙස අන්තවාදී බෞද්ධ සංවිධාන ගෙනයන ප්‍රචාර නැවත්වීමට පියවර ගත යුතු යයි සමස්ත ලංකා හින්දු මහා සංගමය රජයෙන් ඉල්ලා සිටී. රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ඇතිවාක් මෙන්ම අනිකුත් ආගම් ඇදහීමේ අයිතියද සහතික කර ඇති බවයි හින්දු මහා සංගමයේ සභාපති කන්දයියා නීලකන්ඩන් අධිනීතිඥ වරයා කියා සිටියේ. Continue reading

ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ රටවිරු සොමිය

ඩිලාන් පෙරේරා

ඩිලාන් පෙරේරා

මේ වනවිට රටට වැඩිම ආදායමක් ගෙන එන අමාත්‍යාංශය ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය පත්වෙලා ඉවරයි. නමුත් එලෙස තමන්ගේ ශ්‍රමය දහඩිය අන්රටකට පුදලා රටට මුදල් රැගෙන එන විදෙස් ගත ශ්‍රමිකයන්ට මේ රජය විසින් කරපු මගුලක් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන ඩිලාන් පෙරේරා ඇමතිවරයා කරපු දෙයකුත් නැහැ. එයා කරලා තියෙන එකම දේ විදෙස් ගත ශ්‍රමිකයාට “රට විරුවන්” කියා නමක් දාපු එක විතරයි. Continue reading

අහෝසි කළ යුත්තේ පලාත් සභා ක්‍රමයද? විධායක ජනාධිපති ක්‍රමයද?

ජේ ආර් ජයවර්ධන

ජේ ආර් ජයවර්ධන

ජේ.ආර්. ජයවර්ධන විසින් තමන්ට අසීමිත බලයක් ආරෝපනය කරගැනීම සඳහා නිර්මාණය කරගත් විධායක ජනාධිපති පට්ටමෙන් කළහැකි උපරිම දේවල් මොනවාද? යන්න මහින්ද රාජපක්ෂ චරිතය විසින් මේ වන විටත් පෙන්නා දී ඇත. දේශපාලකයන්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන යන සියළුම තලයන්හි අය මේ වන විටත් විධායක ජනාධිපති ක්‍රමය රටට අනවශ්‍ය එකක් බව පිළිගෙන සිටිති. මේ සම්බන්ධව රටේ පුළුල් කථිකාවක් ඇති කිරීම විපක්ෂයේ වගකීමයි. Continue reading

ගිංතොට පෙන්තකොස්ත දේවස්ථානයට පහරදීමේ සැකකරුවන් තවම අල්ලා නැහැ!

ගාල්ල පොලීසිය

ගාල්ල පොලීසිය

ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය. ගිංතොට පිහිටි පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්ථානයක භාරකරුවන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළේය. Continue reading

දේශප්‍රේමය සහ මුස්ලිම් ප්‍රේමය!

දලයි ලාමා තුමා

දලයි ලාමා තුමා

මේ දිනවල ලංකාවේ මාධ්‍ය නිහඬතාවයක් පල කෙරේ. පොඩ්ඩක් හෝ සද්දයක් දමන්නේ ඥානසාර සහ විමල් වීරවංශයි. ඥානසාර කෙසේ හෝ නොර්වේ සල්ලි වලට වැදුණු මඩ සෝදා ගන්නට උත්සාහ දරන අතර විමල් වීරවංශ දේශප්‍රේමයට මුස්ලිම් ප්‍රේමයද එක්කර දේශපාලනික වාසියක් ගැනීමට තැත් දරයි. නමුත් විමල් වීරවංශ මහතාට අමතක වී ඇති දෙය නම් ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මුල‍්වුයේ ඔහුගේම චක්ගෝලයන් විසින් පවත්වාගෙන යන සීනිවුස් වෙබ්අඩවිය බවයි. Continue reading

අට වසරක මාෆියා ප්‍රගතිය

සුනන්ද දේශප්‍රිය

සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරුන් පවසන පරිදි ජාවාරම්කාර පැලැන්තියක් විසින් සමාන්තර කලූ ආර්ථිකයක් එනම් දූෂිත, වංචනික්, භිෂක සහ දුරාචාර ආර්ථිකයක් පවත්වා ගෙන යමින් රටට කරන බලපෑම සහමුලින්ම රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන වර්ධනයකි. රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. Continue reading

බොදු බල සේනාව, නොර්වේ සහ රටින් පැන්න කොටින්ගේ අශුද්ධ සංධානය

බොදු බල සේනා

බොදු බල සේනා

බොදු බල සේනාව, නොර්වේ සහ යුද්ධයෙන් පසුව යුරෝපයට පැන්න කොටි සමග අශුද්ධ සංධානයක් තිබෙන බව දැන් සනාථ වන්නේ පසුගිය 11 වැනිදා කෑගල්ලේ පැවති බොදු බල සේනා වාර්ෂික සම්මේලනයේදී ආගම්බේධකාරී ඥානසාර චීවරධාරියා විසින් තමන් විසින් නොර්වේදී සාකච්ඡා කලේ දෙමළ ඩයස්පෝරාවේ හොඳ කට්ටිය සමග බව පිලිගැනීමෙන්ය. මෙහිදී මට මතුවන පලමු ගැටළුව නම් මේ අය හොඳ දෙමළ ඩයස්පෝරාව වෙන්කර හඳුනාගත්තේ කෙසේද? යන්නයි. Continue reading

අද ඉන්නේ පුරවැසියෙක් නොවේ! ප්‍රබන්ධයක්! – නීතිඥ එස්.ජී. පුංචිහේවා

 නීතිඥ එස්.ජී. පුංචිහේවා

නීතිඥ එස්.ජී. පුංචිහේවා

අද ඉන්නේ නියම පුරවැසියෙක් නොවන ප්‍රබන්ධ කරපු පුරවැසියෙක් බවත් මේ ප්‍රබන්ධය හදන්න මේ රටේ මාධ්‍ය පුදූම දායකත්වයක් දී ඇති අතර මාධ්‍යවේදීන්ට ලැප්ටොප්, වාහන බලපත්‍ර දී මේ ප්‍රබන්ධය හැදීමට ඔවුන් පොළඹවාගෙන අහවර බවත් නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා පැවසීය. සිවිල් සංවිධාන එකමුතුවක් ගොඩනගමු යන මැයෙන් මානව හිමිකම් කේන්ද්‍රය සහ පර්යේෂණ ආයතනය සංවිධාන කළ වැඩමුළුවක් අමතමින් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය. Continue reading

තණකොල සහ පුන්නක්කු – ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි. Continue reading

රාජපක්ෂ නම කන රාජපක්ෂලා

අසාත් සාලි

අසාත් සාලි

අසාත් සාලි අත්අඩංගුවට ගැනීමේ අර්බුධය අවසන් වුයේ රාජපක්ෂ පාලනයට දැඩිලෙස අවාසිදායක තත්වයක් නිර්මානය කරමිනි. රජයට සම්බන්ධ වෙබ් අඩවි විසින් අසාත් සාලි සමාව ගත්තා යැයි ප්‍රකාශ කළද එය පුස්සක් බව මාධය මගින්ම හෙළිවිය. චෝදනා 18 ක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් සාලි මහතා කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කිරීමට රජයට සිදුවිය. Continue reading

ඔවුන්ට බුදුන් සිහිවෙත්වා! – මියන්මාරයේ සහ ලංකාවේ බෙදුම්වාදී භික්ෂූන් ගැන දලෙයි ලාමා පවසයි.

දලයි ලාමා

දලයි ලාමා

ටිබෙටයේ අධ්‍යාත්මික බෞද්ධ නායකයා වන දලෙයි ලාමා, පසුගිය අට වැනිදා ඇමෙරිකාවේ මේරිලන්ද විශ්වවිද්‍යාලයෙදී (University of Maryland) කල දේශනයකදී බෞද්ධ බෙදුම්වාදී ගැටුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. එම දේශනය සඳහා පසළොස් දහසක පමණ ප්‍රමාණයක් සභාගත වූහ. Continue reading

අසාත් සාලි මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ විපක්ෂයේ විරෝධය

දේශපාලන සිරකරු

දේශපාලන සිරකරු

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රමවේදය ගැන විපක්‍ෂ නායකතුමන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යතුමන් කියා සිටියේ, ‘‘ලංකා ආණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම, එසේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම, වැසියන් අතර අසමගිය වර්ධනය කිරීමට තැත් කිරීම වැනි දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වැනි වගන්තිය ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත.’’ එමෙන්ම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට හෝ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කාර්යයන් ආවරණය ආකාරයට එය සංශෝධනය කිරීමට හෝ ආණ්ඩුව කි‍්‍රයා නොකරන බවය. Continue reading

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුව විමසුමක්!

ඕමල්පෙ සෝභිත හිමි

ඕමල්පෙ සෝභිත හිමි

2013 මැයි මස 8 වැනි බදාදා  “ලංකාදීප” පුවත් පතේ 17 වැනි පිටුවේ “නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි” යන මාතෘකාව යටතේ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එහි සභාපති ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඉදිරිපත් කරණ ලද කරුණු පිළිබඳව අපගේ වැටහීම අනුව එහි සාරාංශය පහතින් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. Continue reading

මොලේ තිබෙන විට බලය නැහැ! බලය තිබෙන විට මොලය නැහැ!

හොස්නි මුබාරක්

හොස්නි මුබාරක්

සාමාන්‍ය දුප්පත් පවුලක ඉපිද දේශපාලනය ඇරඹි ඊජිප්තුවේ හොස්නි මුබාරක් අවසානයේ ඩොලර් බිලියන 40 කට වඩා ධනසම්පත්තියක් හිමි අයෙකුව සිටියේය. එමෙන්ම ඔහු ඉදිරිපත්වු සෑම මැතිවරණයකින්ම අතිබහුතරයක් සහිතව ජයග්‍රහණය කරන ලදී. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි කො‍ළු කුරුට්ටන් පිරිසක් එක්වී කළ විරෝධතාවයක් තුලින් මුබාරක්ගේ මහා ප්‍රතිරූපය විනාශ කර ඔහුව බලයෙන් පහකරන ලදී. මුබාරක්ගේ ජීවිතයෙන් අපේ රටේ නායකයන්ද උගතයුතු කරුණු බොහෝය. Continue reading

අසාත් සාලි රැඳවුම තුලින් මුස්ලිම් ජනතාව තුල ආන්ඩුව අප්‍රසාදයට

අවනීතිය

අවනීතිය

අසාද් සාලි මහතා ජාත්‍යන්තර මට්ටමින් සිදුකර ඇති ප්‍රකාශයක් ඇතුළු ‍චෝදනා 18ක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බවද සාලි මහතාට විරුද්ධව විශාල මූල්‍ය වංචාවක් ගැනද චෝදනා ඇතැයි ද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. Continue reading

මරාදැමුණු මාධ්‍යෙව්දීන්ගේ මිනිමැරුම් නොවිසඳීමෙන් ලංකාවද පෙරමුණේ!

සී.පී.ජේ

සී.පී.ජේ

ප්‍රතිවිපාක වලින් තොරව මාධ්‍යවේදීන් මරා දැමෙන රටවල් පිලිබඳ දර්ශකයක් (The Impunity Index) වාර්ෂික වාර්තාවක් ලෙස එලි දැක්වේ. මරා දැමුණ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථා 5ක් හෝ ඊට වැඩි නම් එම රටවල් අදාළ වාර්තාවට ඇතුලත් කෙරේ. මාධ්‍යවේදීන් ආරක්ෂා කරන කමිටුව (Committee to Protect Journalists) මගින් නිකුත් කරන මෙම වාර්තාවේ 2013 වසර සඳහා රටවල් 12ක් එම දර්ශකයට ඇතුලත් වන්නේය. Continue reading

පොලිසිය ත්‍රස්ත නීතිය ය‍ටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගැනීම – කේ. රත්නායක විසිනි

අසාත් සාලි

අසාත් සාලි

ශ්‍රී ලංකා පොලිසියේ කොලඹ අපරාධ විමර්ශන ඒකකය විසින් මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායක අසාද් සාලි, ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ නීති ය‍ටතේ මැයි 2 දා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුට විරුද්ධ ව ඇති පැමිනිලි ඔස්සේ සාලිගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලිසිය ප්‍රකාශ කර ඇතත් රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටි‍න්නේ දැයි පැහැදිලි නැත. Continue reading

අසාද් සාලි ට එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී – ලක්ෂ්මන් හුළුගල්ල

ලක්ෂ්මන් හුළුගල්ල

ලක්ෂ්මන් හුළුගල්ල

කොළඹ හිටපු උප නගරාධිපතිවරයකු වූ අසාද් සාලි එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී හෙළිදරව් කරන බව ජාතික ආරකෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කරයි. Continue reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩු විරෝධීන්ට එරෙහිව

අවනීතිය

අවනීතිය

ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ලබන දකුණේ දේශපාලන පක්ෂ ක‍්‍රියාකාරීන් හා නායකයන් මර්දනය කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රෙගුලාසි හා දණ්ඩ නීති සංග‍්‍රහයේ රෙගුලාසි යොදා ගැනීම ආරම්භ කර ඇති අතර ඒ අනුව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා එම රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන ඇත. Continue reading

ආන්ඩුව දකින එකම ත්‍රස්තවාදියා අසාද් සාලිද?

අසාත් සාලි

අසාත් සාලි

අසාද් සාලි මහතාව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෙවත් පීටීඅයි පනත යටතේ අත් අඩංගුවට ගන්නා අයෙකු ආරක්ෂක ලේකම්ගේ අත්සනින් දින 90 ක් යනතුරු රඳවා ගත හැකිය. ඉන් පසුව එය දීර්ඝ කරමින් දිගින් දිගටම රඳවා තබා ගත හැකිය. මේ යටතේ රඳවා ගන්නා අයෙකු බැලිය හැක්කේ එක් අයෙකුට පමණි. Continue reading

අද අසාත් සාලි හෙට? මෙය නතර වෙයිද?

අසාත් සාලි

අසාත් සාලි

පසුගිය කාලය තුල රාජපක්ෂ රජය සහ එහි අනුබලයෙන් ක්‍රියාත්මක වන ආගම්බේධකාරී කල්ලි කන්ඩායම් විසින් ලංකාවේ ආගමික සහජීවනය බිඳ දැමීමට උත්සාහ දරන අවස්ථාවේ එයට එරෙහිව අභීත ලෙස හඬ නැගුවන් අතර අසාත් සාලි මහතාද ප්‍රමුඛ අයෙකි. අසාත් සාලි මහතා ඒ වන විටත් ආන්ඩුවෙන් ඉවත්ව කටයුතු කළ නිසා විපක්ෂ ක්‍රියාකාරීයෙක් නිසා මෙය සාධාරණීකරණය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ දරන ලදී. Continue reading

අද දින උදෑසන අසාත් සාලි මහතා අත්අඩංගුවට පත්වීම විමසුමක්!

අසාත් සාලි

අසාත් සාලි

කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු සහ ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලිසිය විසින් අද (2013 මැයි 02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එනම් සී.අයි.ඩී විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. තමන්ව ආන්ඩුව විසින් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බවත් තමන් සැඟව සිටින බවත් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.   Continue reading

ලංකාවේ භීෂණකාරී වාතාවරණයක් ඇති බවට ඇම්නෙස්ටි වාර්තා කරයි!

ඇම්නෙස්ටි

ඇම්නෙස්ටි

ශ්‍රී ලංකා රජය විවේචනය කරන්නන්ට එරහිව රජයෙන් තර්ජන සහ පීඩන ඇති බවට ඇම්නෙස්ටි (Amnesty International ) වාර්තාවකින් අනාවරණය වේ. “රජය විවේචනයට එරහිව අඩම්තේට්ටම්” ලෙසින් එළිදැක්වූ මෙම වාර්තාව පිටු 78කින් සමන්විත වේ. එය මෙතනින්ලබා ගත හැක. Continue reading

‘එයාල බලහත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව?’

මෙත පාන්නෝ

මෙත පාන්නෝ

(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන සිකුරාදා) ලෝරිස් පාරට යාබද සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල ඉදිරිපිට හැව්ලොක් පාරේ දී ප.ව. 7.15ට පමණ මට යළි වතාවක් මතක් කරන ලද්දේ අප රට තුළ කිසි ම නිදහසක් නැති බව යි. දැන් වසර 45ක් පමණ වයසැති මට, 30 වසරක දිගු කාලයක් තිස්සේ නානාවිධ ආකාරයෙන් විවිධ අවධිවල නොයෙක් තැන්වල දී යළි යළිත් මතක් කර දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් උගුලක සිරව සිටින බව යි. Continue reading

ජාතියක උරුමය සොයනු/රකිනු වෙනුවට අනුන්ගේ රෙද්දවල් සොයන කරුමක්කාරයෝ!

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

හෙළයාගේ උරුමය රකින්නට පාර්ලිමේන්තුවට වැඩි ස්වාමින් වහන්සේලා දැන් උරුමය සොයනු/රකිනු වෙනුවට රටේ සිටින සුළුතර ආගමිකයන්ට කරුමයක් වෙලා තිබෙන බව පැහැදිලිවම පෙනීයන කරුණකි. “යකෝ උරුමය හොයනවා කියන්නේ අනුන්ගේ ජාතියක රෙද්දවල් හොයන එක නෙමෙයි. ඉස්සෙල්ලා ජාතියට වෙලා තියෙන සංගෙදිය හොයා බලාපල්ලා” යැයි මොවුන්ට කියාදීමට තරම් කෙනෙකු නොමැති බවද පැහැදිලිවම පෙනීයන කරුණකි. Continue reading