අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි. Continue reading
Category Archives: අහු වෙන්න එපා
‘එයාල බලහත්කාරයෙන් හරි සාමය ආරක්ෂා කරන්න ඕන! එතකොට බොදු බල සේනාව?’
(බොදු බල සේනාවට එරෙහිව හැව්ලොක් පාරේ පැවති පළමු විරෝධතාව අවලංගු කිරීම කෙරෙහි පෞද්ගලිකව දක්වන ප‍්‍රතිචාරයකි) එදා හැන්දෑවේ (2013 අපේ‍්‍රල් 12 වන සිකුරාදා) ලෝරිස් පාරට යාබද සම්බුද්ධත්ව ජයන්ති ගොඩනැගිල්ල ඉදිරිපිට හැව්ලොක් පාරේ දී ප.ව. 7.15ට පමණ මට යළි වතාවක් මතක් කරන ලද්දේ අප රට තුළ කිසි ම නිදහසක් නැති බව යි. දැන් වසර 45ක් පමණ වයසැති මට, 30 වසරක දිගු කාලයක් තිස්සේ නානාවිධ ආකාරයෙන් විවිධ අවධිවල නොයෙක් තැන්වල දී යළි යළිත් මතක් කර දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් උගුලක සිරව සිටින බව යි. Continue reading
බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්
භික්ෂු කිරම විමලජෝති සහ දිලන්ත විතානගේ මහතාට යොමු කල විවෘත ලිපියක් ‘බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්’ යන නමින් පවත්වාගෙන යන මුහුණු පොත් පිටුවේ පලවිය. මෙය එම ලිපියේ සිංහල පරිවර්තනයයි. Continue reading
මුග්ධ ජානය – තිසරණී ගුණසේකර
‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට තිබේ. එහෙත් තවමත් යම් ජනප‍්‍රියත්වයක් නොනැසී පවතී. එය අරුමයට කාරණයක් නොවේ. අත්තනෝමතික පාලකයෝ සාමාන්‍යයෙන්, යම් කාලයකට, ජනප‍්‍රියත්වයක් උසුලති. Continue reading
ජාති ආගම් විදියට වැඩ කරන ජනතාව බෙදන්න කිසිවකුට ඉඩ නොදිය යුතුයි – ලාල් කාන්ත
දැන් මේ දිනවල ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා ජිනීවාවලදී ඇමෙරිකාව ඇතුළු රටවල් 47 ක් එකතුවෙලා යෝජනාවක් ගෙනල්ල ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 සමුළුවට ඉදිරිපත් කර සම්මත කරා. ඒකෙදි ඡුන්ද 25 ක් ලබාගෙන ජයග‍්‍රහණය කරා. 13 ක් විරුද්ධ වුණා. 8 ක් නිශ්ක‍්‍රීයව තිබ්බා. දැන් ඒ යෝජනාව සම්මත කිරීමත් එක්ක අපේ රටට මෙතනින් එහාට වෙන්නෙ මොකක්ද. ඒ පිළිබඳව රටේ පුරවැසියො විදියට අවබෝධයකට එන්න ඕන. අපි කරන්න ඕන මොකක්ද කියලා. Continue reading
අප්‍රේල් 1 වෙනිදා මෝඩයන්ගේ දිනයද?
බොරුවට විහිළුවක් කර යම් කිසි ආකාරයෙන් පොඩි ෆන් එකක් ගැනීම මෙම දවසේ විශේෂත්වයයි. ලෝකයේ බෝහෝ දෙනෙක් මෙම දවසේ ගල් පැලෙන බොරු ගොතා බොහෝ දෙනෙකු ගොනාට අන්දවයි. මෙහි ස්වභාවය කෙසේද යත් මෙම විහිළු වලින් 99.99% පට්ටපල් බොරුය. Continue reading
ස්වසමයාභිවෘද්ධිය උදෙසා පටිසෝතගාමීව යන සංවිධාන ලේකම්ගේ හපන්කම්!
බොදු බල සේනාව සංවිධානයක් වී පෙරට පැමිණියේ බොදුනු ජනතාවගේ ආධ්‍යාත්මය නගා සිටවන්නයි. නමුත් දැන් ඒ සියල්ල අමතක කර සිදුකරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියාගේ සහ ඩිලන්ත විතානගේ නම්වු එන්ජීඕ කප්පිත්තාගේ මානසික අසහනය සමනය කරගැනීමට රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්‍රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු. Continue reading
බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප්‍රහාරයන් ඉහළ නංවයි
මුළු සිරුර ම වැසෙන සේ “අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් ප‍්‍රජාවේ සාකච්ඡාවල දී මේ ප‍්‍රශ්නය අවධානාත්මක සැලකිල්ලට බඳුන් වී ඇති අතර, විවිධ මාධ්‍ය උපක‍්‍රමයන් ඔස්සේ ගෙනයන අදහස් හුවමාරු අතරේ ද ප‍්‍රකට ව ප‍්‍රචාරය කැරෙයි. Continue reading
බොදු බල සේනාව කරන්නේ ජනතාව අතර හුඔස් බියක් ඇතිකර පටු අරමුණු ඉටුකරගැනීමක් -බද්දේගම සමිත හිමි
*ඔබ වහන්සේ බොදු බල සේනා සංවිධානයට විරුද්ධ වන්නේ ඇයි ?
අප අවරුදු තිහක යුද්ධයකින් බැට කෑ රටක්. ප්‍රභාකරන්ට ඕනෑකර තිබුණේ ජාතින් අතර අසමගිය ඇති කරලා මේ රට දෙකඩ කරන්න. ප්‍රභාකරන්ට එරෙහිව සටන් කලේ සිංහලයන් පමණක් නොවේ දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු ජනවර්ගවල කොටස් ඊට එකතු වුණා. යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් මුත්තලිෆ්, කර්නල් මීඩීන් වැනි මුස්ලිම් නිලධාරියොත් ඒ අතර සිටියා. යුද්ධය තිබු කාලයේ ඉන්දියාව අපට ආයුධ දෙන්නේ නැතිකොට මුස්ලිම් රටක් වන පකිස්ථානයයි ආයුධ දුන්නේ, නියමුවන් පුහුණු කලේ. Continue reading
ජාතිවාදය හා ශ්‍රී ලංකා රජය
ශ්රී ලාංකික මිනිසසුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වුන මෙම ආණ්ඩුව ලංකාවේ මෙම මොහොතේ සිද්ධ වෙන මෙම ජාති වාදී ප්‍රශ්නයට කිසිම විරුද්ධතාවයක් හෝ එකඟතාවයක් නොපෙන්වා සිටින්නේ ඇයි.?? පවතින රජය මෙම ජාතිවාදී ව්‍යාපාරයට එකඟතාවයක් නැහැ පවසන්නට බැරිය. එයට හේතුව රජය මෙයට පැහැදිලි විරුද්ධතාවක් නොපෙන්වීමයි. නමුත් බහුතර සිංහල ජනතාව මෙයට විරුද්ධ බව අප දනිමු. Continue reading
බොදු බල සේනාවේ බෞද්ධයන්ව ගොනාට අන්දන අලුත්ම මෙහෙයුම
පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු හිදී භික්ෂුන් වහන්සේට පහරදුන් බව අපි කවුරුත් දන්නා දෙයකි. මෙම ප්‍රහාරය එල්ල කරේ මුස්ලිම් අන්තවාදියන් ලෙස බොදු බල සේනාව අද පවතී මාධ්‍ය හමුවකදී පවසා ඇත. මොවුන් හදන්නේ මෙයිනුදු සිය මුස්ලිම් වරුන්ට එරෙහිව පවතින අසහනය සමනය කරගන්නට බව පෙනෙන්නට තිබෙන කරුණකි. ඒ ගැන සඳහන් වු පුවත පහත උපුටා දක්වමි. Continue reading
හලාල් සහතිකය ඉවත් කරගත්තාද? ඇත්තද? බොරුද?
අද පැවැත්වුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවේ පැවසු දෙය වැරදි අන්දමින් මාධ්‍යයන් විසින් ප්‍රචාරය කරන වගක් පෙනේ. ඒ මෙතෙක් කලක් ආන්දෝලනාත්මක කරුණක්ව තිබුණු සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් ලාංඡනය ඉවත් කර ගැනීමට එම සංවිධානය විසින් තීරණය කර ඇති බවයි. එය සැබවින්ම ඇත්තක්ද? මා විසින් එම සංවිධානයේ ප්‍රකාශකයෙකුගෙන් විමසා බැළුවෙමි. ඔහු පවසන්නේ මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර ඇති බවයි. Continue reading
පරික්ෂාකාරී නොවුනහොත් පැහැදිලි නොවන මිථ්‍යාවේ දෝලනය…
එකමදේ නැවත නැවත කීමට අකමැති ස්වබාවයක් ඇති මට හලාල්, නිකාබ් හෝ වෙන දෙයක් ගැන ලිපියක් ලිවීමට සිතක් නොවිය. එයට හේතුව ඒවා ගැන ඕනෑවටත් වඩා අපේ ගෞරවනීය උලමාවරුන් (ආගමික විද්වතුන්) පැහැදිලිකර ඇති නිසාවෙනි. මෙම ප්‍රශ්න හමුවේ මුස්ලිම් සමාජයට බොහොම ඉවසීමෙන් හා සංයමයෙන් කටයුතු කරන ලෙස අද වනතුරු උලමාවරුන් ඔවදන් දෙමින් සිටිති. Continue reading
සෙලින්කෝ ප්‍රොෆිට් ශෙයාරින් ආයතනයේ මගඩිය පෙන්වා ජමියතුල් උලමාවට මඩගැසීම විමසුමක්!
බොදු බල සේනාව විසින් පසුගිය කාලයේ ජමියතුල් උලමා සංවිධානයට හලාල් සලකුණ සම්බන්ධව නොයෙකුත් චෝදනා නැගුවද ඒ සියල්ල බොරු යැයි පසුව එළිවිය. එහෙත් ඔවුන් තවදුරටත් චෝදනා එල්ල කිරීම නවතා නැත. බොදු බල සේනාවේ උපාය නම් මෙලෙස දිගටම විවිධාකාරයේ චෝදනා නැගීමයි. ජමියතුල් උලමාවට පහර ගැසීම සඳහා බොදු බල සේනාවේ අළුත්ම ආයුධය නම් සෙලින්කෝ ප්‍රොෆිට් ශෙයාරින් මගඩියයි. Continue reading
බටහිරින් පැමිණෙන මොල සේදීමේ මාධ්‍ය මෙහෙයුම!
අතීතයේ මිෂනාරි ධර්මදුත ක්‍රියාකාරකම් වලින් පතුරන්නට උත්සාහ දැරු බටහිර වැරහැලි සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමට අද යොදා ගන්නාවු ප්‍රධානතම මෙවලම වනාහී මාධ්‍යයයි. මාධ්‍ය මගින් බටහිර සංකර වැඩපිළිවෙල ආකර්ශනීය ආකාරයට ඉදිරිපත් කර පසුව එය එම රටවල සංස්කෘතීන් සමග එබ්බ වීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථයයි. අතීතයේ මිෂනාරි ධර්මදුත සේවයට වඩා මෙම ක්‍රමය තුලින් සාර්ථක ප්‍රථිඵල අත්වී ඇති බව මගේ අදහසයි. Continue reading
නිල නොලත් පොලිසිය සහ කැලෑ නීතිය
“බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ නිල නොලත් පොලීසියක් අපි” යනුවෙන් බොදු බල සේනාව හඳුන්වමින් ගල්ගොඩ අත්තේ ඥානසාර හිමි සදහන් කර ඇත. සාමාන්‍යයෙන් නිල නොලත් පොලිසිය යනු, අනවසරයෙන් නීතිය අතට ගෙන සිය බලය ක්‍රියාත්මක කරන කණ්ඩායමකි. හුදෙක් “පොලිසිය අපි” ලෙස සඳහන් කිරීම වාච්‍යාර්ථයෙන් ගැනීමට හෝ කලබල වීමට හේතුවක් නොවේ. නමුත් බො.බ.සේ. ක්‍රියාකලාපය සහ ඔවුන් නිසා බිහිවී ඇති පරිසරය දෙස බලන විට ඉහත ප්‍රකාශය සුළුවෙන් සැලකිය නොහැක. Continue reading
අන්තවාදීන් එස්.එම්.එස් වලින් කරන හදිය සහ යථාර්තය
අන්වර් මනතුංග සිංහල බ්ලොග් අඩවිය 2013 පෙබරවාරි මාසය නිමකළේ නැරඹුම් 126,000 කට අධික ප්‍රමාණයක් ලබමින්. එයට දායක වු හැමට අපගේ ප්‍රණාමය පලකරමු. පසුගිය මාසයේ අපි විසින් නොයෙකුත් ලේඛකයන් විසින් පුවත්පත් සහ සඟරාවන්ට ලියන ලද ලිපිද ඔබ වෙත ඉදිරිපත් කළා. පැපරාසියා සඟරාවේ කතෘ සේපාල් අමරසිංහ මහතාගේ ලිපිද ඉන් සුවිශේෂයි. ඉතිං මාර්තු මාසේ පටං ගන්නකොටම ඒ මහතාට ලැබුණු එස්.එම්.එස් එකක් ගැන ලියපු ලිපියක් මෙසේ පලකරමි. Continue reading
මුස්ලිම් දරුවෙක් සසුන් බිමට පුවතෙහි ඇතුල් පැත්ත!
මුස්ලිම් දරුවෙකු සසුන්ගතවු හෙවත් පැවිදි වු බවට ඊයේ එනම් 2013 පෙබරවාරි 25 වැනි දින වෙබ් අඩවි මගින් වාර්තා විය. එසැනින් ක්‍රියාත්මක වු ෆේස් බුක් ලයික් කාක්කෝ එම ඡායාරූපයෙන් පොස්ටරයක් නිර්මානය කර ලයික් හිඟා කන්නට පටන්ගෙන ඇත. කෙසේ වුවද ඇත්තටම මුස්ලිම් දරුවෙක් සසුන්ගත වුණාද? එයට හේතුව කුමක්ද? යන්න විමසීමට මා තීරණය කළෙමි. Continue reading
ආරක්ෂාවට තර්ජනයක් නොමැති ඇඳුම
නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන තුලින් පසුගිය සතියේ ඉතාමත් අපුරු වැඩසටහනක් විකාශනය කරන ලදී. එනම් එක්තරා ප්‍රදේශයක බුර්කාව ඇඳගත් හමුදාවෙන් පැන ආ පුද්ගලයෙකු බැංකුවක් කොල්ල කෑමට තැත් කල බවත් එසේම පාතාල නායකයන් ආරක්ෂක හමුදා ඇසින් සැඟවී පැන යාම සදහා මෙම ඇඳුම භාවිතා කර ඇති බවත් ඒ අනුව වහාම මෙම බුර්කා ඇඳුම ලංකාවට තර්ජනයක් බැවින් තහනම් කිරීමට පියවර ගත යුතු බවත් ඔවුන් පවසන ලදී. Continue reading
සිංහල සේරිවාණිජලා වෙනුවෙන් සිවුරු පසුපස යෑම
බොදු බල සේනාවේ සිවුරු පැළඳි නායකත්වයේ ඉතාම සිල්වත් සහ ගුණවත් වාගේම ජාතිවාදී තක්කඩියන් කියන කතා අනුව, ගෙවී ගිය ආසන්න කාලයේ මුස්ලිමුන්ට විරුද්ධව පාරට බැස කලකෝලාහල කර ඇත්තේ, ඔවුන්ගේ නමට කැළලක් කිරීමේ වුවමනාවෙන්, වෙනත් පිරිසකි. Continue reading
සිංහල මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමේ විජාතික කුමන්ත්‍රණය පරදවමු!
අතීතය පුරාම මුස්ලිම්වරු මේ රටේ මහජාතිය වූ සිංහල ජාතිය සමග සහෝදරත්වයෙන් ජීවත් වූහ. මුස්ලිම්වරු කවදාවත් මේ රට කෑලි කෑලිවලට කඩන ලෙසටත්, බෙදුම්වාදයන් පිළිබඳවත් ඉල්ලීම් කළේ නැත. එවන් වුවමනාවක් අදටත් මුස්ලිම් ජනතාවට නැත. Continue reading
අවුරුද්දට කලින් හලාල් සලකුණ ඉවත් කිරීමේ ජා.හෙ.උ ගිගුරුම විමසුමක්
ජාතික හෙළ උරුමය දේශපාලන කරලියට පිවිසෙන්නේ අපවත්වී වදාල ගංගොඩවිය සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසුවය. ආරම්භයේදී එය ලාංකීය දේශපාලනය තුල අමුතුම පෙරළියක් කළද අද සාම්ප්‍රදායික දේශපාලනික පක්ෂයක් වී හමාරය. එය හැඩ ගැන්වුවෝ අද එහි නැත. අද එහි සිටින්නේ එදා සිහල උරුමයට ලැබුණු එක මංත්‍රී ආසනය බෙදා ගන්න බැරුව පොර කෑ චම්පිකලා වැනි අයයි. Continue reading
සිංහල මුස්ලිම් ගැටුමකට අර අඳින විජාතික බලවේග
බෙදුම්වාදී ත්‍රස්තවාදය බටහිර බලවේග අපේ රටට මැදිහත්වීම සඳහා පාවිච්චි කළ බළල් අතකි. ත්‍රස්තවාදය පාවිච්චි කරමින්ම උතුරු නැගෙනහිර වෙනම ඊලමක් නිර්මාණය කිරීමට ප්‍රයන්ත දැරූ විජාතික බලවේගය ජාතික බලවේගය විසින් පරාජය කරනු ලැබීය. එහෙත් අදටත් විජාතික බලවේග අපේ රටේ අභ්‍යන්තරයට ඇඟිළි ගැසීමේ අරමුණ පෙරදැරීව විවිධ වේෂ හරහා තම කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටී. දැනුවත් හෝ නොදැනුවත්ව අපේ ජාතික බලවේගද මේ කුමන්ත්‍රණයන්හි ගොදුරු බවට පත්වේ නම් එය අප විසින්ම අපේ විනාශය ළඟා කර ගැනීමකි. Continue reading
ජාතිවාදය සහ හීනමානය
ජාතිවාදය පෝෂණය කරන සාධක සියල්ලම මිනිසා විසින් සොයා ගෙන නැතත්, ඒවායින් කිහිපයක් ගැන අපි දන්නෙමු. තන්හාව, අවිඥානය, ශික්ෂණ පරිසරය, සමාජ බලපෑම සහ හීනමානය මේ අතර සඳහන් කල හැක. ජාතිවාදයට පිළිතුරු සොයන්නන්ටත් සමගිය අගයන පුගලයන්ටත් මෙම සාධක ගැන සිත යොමු කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. Continue reading
බොදු බල සේනාවට අභියෝගය; හැකි නම් හලාල් සලකුණට එරෙහිව නීතියට යන්න!
හලාල් සහ මුස්ලිම් සමාජයට අපහාස කිරීම නිසා කරටම මඩේ එරී සිටින බොදු බල සේනාව තවදුරටත් සිය නිර්ලජ්ජිත බව පෙන්වමින් මාධ්‍ය ප්‍රකාශයකින් අදෝනාවක් කර ඇත. එම අදෝනාවේ අඩංගු සියල්ල අපට අනවශ්‍යය. එහි සඳහන් කරුණු දෙකක් පිළිබඳව පමණක් අවධානය යොමු කරමි. Continue reading
අදිසි හස්තය සහ ජාතිවාදය
ලංකාවේ ජාතිවාදය හෝ අන්තවාදය ගැන කතාකරන විට නිතර මතුවන අදහසකි ‘අදිසි හස්තය’. ඔබ මේ ලිපිය කියවන්නේ ඒ අදිසි හස්තය කුමක්ද යන්න දැනගැනීම සඳහා නම් දැන්ම කියවීම නතර කරන්න. මා මෙහිදී පැවසීමට උත්සහ කරන්නේ අදිසි හස්තය සැමදා අදිසිව පවතින බිල්ලෙක් බවයි. Continue reading
සෞදියේදී තුංගසිරි වසරකට හිරේ යවයි – කස පහර 100 කුත්!
සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියාට කස පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ. මෙම තැනැත්තා ගැන මුලින්ම ලංකාවේ මාධ්‍ය වල සටහන් වුයේ බුද්ධ ප්‍රතිමාවක් ලඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්වු බවකි. නමුත් එය පට්ටපල් බොරුවක් ලෙස පසුව අනාවරණය විය. Continue reading
බොදු බල සේනාවට ඉපදී ඇති සාම්ප්‍රදායික මුස්ලිම් කැක්කුමේ ඇතුල් පැත්ත
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥාණසාර ථෙරුන් විසින් දිගින් දිගටම මුස්ලිම් නායකයන්ට සහ සංවිධාන වලට බොරු මඩ ගැසීම නිසා “කෙප්පසාර” යනුවෙන් “අළුත් නමක්” ෆේස් බුක් පෝස්ටරයක සටහන් වී තිබෙනු දුටුවෙමි. කෙසේ වෙතත් මෙම ලිපිය වෙන්කරන්නේ බොදු බල සේනාවට හදිසියේ ඇති වී තිබෙන සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් කෙරෙහි කැක්කුම කුමක්දැයි විමසා බැලීමටයි. Continue reading
අන්තවාදීන්ගේ අළුත්ම උපක්‍රමය; චීවරයට මුවාවී බණ බෝම්බ ගැසීම
සිංහල රාවය සහ බොදු බල සේනා ඇතුළු ජාතිවාදී කල්ලි විසින් ගෙනගිය අන්තවාදී රැල්ලෙහි අඩුබවක් පිටතින් පෙනුනද එය ප්‍රාදේශීයව දැවැන්ත ලෙස පැතිරෙන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා අපට මෙම ක්‍රියාකාරකම්ද හෙළිදරව් කිරීමද අත්‍යවශ්‍යය. ඔවුන්ගේ අළුත්ම උපක්‍රමය නම් ජාතිවාදී චීවරධාරීන් යොදා බණ තුලින් අන්තවාදය පැතිරවීමයි. මෙම ලිපිය ඒ උපක්‍රම ජනතාවට හෙළිකරන පලමු ලිපිය වේ. Continue reading
මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (1 කොටස)
රට තුළ “මුස්ලිම් භීතිකාවක්” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය අස්වද්දන පිරිස ඉදිරිපත් කොට අති නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ථ අති බහුතරය, සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක් අවශ්‍යය බව සිතුනු නිසා මෙම ලිපිය සකස් කරන්නට අදහස් කළෙමු. Continue reading




























