Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

අට වසරක මාෆියා ප්‍රගතිය

සුනන්ද දේශප්‍රිය

සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂ ආණ්ඩුවේම ඇමැතිවරුන් පවසන පරිදි ජාවාරම්කාර පැලැන්තියක් විසින් සමාන්තර කලූ ආර්ථිකයක් එනම් දූෂිත, වංචනික්, භිෂක සහ දුරාචාර ආර්ථිකයක් පවත්වා ගෙන යමින් රටට කරන බලපෑම සහමුලින්ම රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන වර්ධනයකි. රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අවුරුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි. Continue reading

වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු

 

ලුක්මාන් හරීස්

ලුක්මාන් හරීස්

අපි අසන බණ මගින් අප අතර සාමය හා සුහදත්වය වර්ධනය විය යුතුය. වෛරය එමගින් වපුරනු ලැබුවහොත් බුදුන් වහන්සේද එමගින් උරණු වෙනු ඇත. ආචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී සංකල්පනාවක් වූ විශාරද නන්දා මලිනීය විසින් ගැයූ ගීතයක් මගින් මෙම පණිවිඩය අගේට හුවා දැක්වේ. Continue reading

මහාවංශය හොල්මන් කිරීම – තිසරණී ගුණසේකර | Thisarani Gunasekara

මහාවංශය

මහාවංශය

එක කණ්ඩායමක වෛරය වෙනත් අයගේ වෛරයට තුඩුදිය හැකිය. අමාර්ත්‍යා සෙන් (‘වාදශීලී ඉන්දියානුවා’ කෘතියෙන්) ශ‍්‍රී ලංකාවේ මිථ්‍යා ප‍්‍රබන්ධය සහ ඉතිහාසය අතර මායිම් ඉර, භයානක ලෙස අනියතාකාර හැඩයක් ගනී. ලාංකීය දේශපාලනය තුළ ඒ ගොම්මන් ලෝකය රඟපාන භූමිකාව ඉතා තීරණාත්මක ය. Continue reading

මගේ මව් රට – ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

අන්තවාදී සුළුතරයකගෙන් දසතින් නැගුන හඬක් වුයේ මුස්ලිම්වරු මේ රටට අයත් නොවේය, ඔවුන් මේ රටට පැමිණි වෙළෙදුන්ය, ඔවුන්ගේ රට අරාබිකරයයි, ඔවුන් වහාම මේ රටින් පිටවිය යුතුය. අහෝ! අප උපන් මාතෘ භුමිය අතහැර අපට රටින් පිටුවහල් වන්නට යයි පවසන ඔවුන්ට අනුකම්පා කරමු. එකී අනුකම්පාවෙන් යුතුව මේ ලිපිය ඔවුන් වෙත ලියමි. Continue reading

අමද්‍යප ව්‍යාපාරයෙන් බිහි වූ නිදහස් සටනේ නායකයෝ – නිදහස් සටනේ කතාව

සිත්ති ලෙබ්බේ

සිත්ති ලෙබ්බේ

සාර කෙත් වතු පිස හමා එන ඒ සුළඟ සශ්‍රිකත්වයේ සුළඟයි. නෙක මල් ඵල  අතර දැවටී දියවරෙහි සිහිලසද රැගෙන එන ඒ සුළඟ ඉහළ නිල් අහසේ වලාකුළු අතර ද දැවටෙයි. ඒ නිදහසේ සුළඟයි. හැටපස් වසරක් පුරා පොළොව පිස හමන නිදහසේ සුළඟයි. Continue reading

මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (3 කොටස)

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්

පෙර ලිපි වල සඳහන් කලාක් මෙන් මෙම මාතෘකාව යටතේ කරුණු ඉදිරිපත් කරන්නට අදහස් කළේ මෑතක සිට ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන් පිළිබඳව අපට අළුත් මතවාදයන් අසන්නට ලැබී තිබෙන හේතුවෙනි. මුස්ලිම් විරෝධී ජාත්‍යන්තර වෙබ් අඩවි මගින් කළකට පෙර මතුකරණ ලද අදහසක් වූ සම්ප්‍රදායික හා නුතන මුස්ලිම් වරුන් ලෙස බෙදීමේ පිළිවෙත ලාංකීය මුස්ලිම් විරෝධීන් විසින් අහුලා ගෙන ඇති බව පෙනෙන්නට ඇත. Continue reading

සිංහල මුස්ලිම් අතීත සබඳතා

ඉබ්නු බතුතා

ඉබ්නු බතුතා

සහෝදරත්වය නම් බැඳීමෙන් උනුන් බැදී සිටි වගට ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. උනුන් ලෙසින් සඳහන් කළේ සිංහලයන් හා මුස්ලිම්වරුන්ය. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය සොයා යන ගමනේදී ඔවුන් දුරාතීතයේ සිටම ලංකාව සමග ලංකාවේ රාජ්‍ය පාලකයන් සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඉතිහාසයෙන් හමුවේ. ඒ සබඳතා ආර්ථික සබඳතා සහ දේශපාලන සබඳතා යනුයෙන් දෙයාකාර වේ. 7 – 8 සියවස් වෙද්දී අරාබීන් හෙවත් මුස්ලිම්වරු වෙළඳාම මුල් කරගෙන මේ රට සමග දැඩි සබඳතාවක් ගොඩ නගා ගෙන තිබුණි. Continue reading

මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (2 කොටස)

ඉස්ලාම් භීතිකාව

ඉස්ලාම් භීතිකාව

මෙයට කළකට පෙර මුස්ලිම් කාන්තාව තම ශරීරය වැසෙන්නට ඇඳුම් අඳින විට මුස්ලිම් විරෝධී පාර්ශවයෙන් නැගුනු චෝදනාව නම් පිරිමින්ගේ බලකිරීම මත ස්ත්‍රීන්ට මෙවැන්නක් කරන්නට සිදුවී ඇති බවය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දක්වා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන කාන්තා සංවිධානද ඔවුන් සමග අත්වැල් බැඳ ගත්හ. මෙහි සැඟවුණු අර්ථය නම් කාන්තා අයිතිවාසිකම් ලෙස ඔවුන් දුටුවේ ස්ත්‍රිය නග්නව හෝ අර්ධ නග්න භාවයෙන් සිටීම බව නොරහසකි. Continue reading

දේශයේ සැබෑ මිතුරන් හඳුනා ගනිමු!

සියා උල් හක්

සියා උල් හක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව යම් යම් මතවාදද මුස්ලිම් රටවල් විරෝධී යම් යම් මතවාදද මේ දිනවල පැන නැගෙමින් පවතී. සැබවින්ම එය එසේ විය යුතුද?මේ සඳහා පළමුව සලකා බැලිය යුතු වන්නේ ශ්‍රී ලංකාවට වඩාත්ම හිතවත් මිතුරන් සිටින්නේද? සිටින්නේ නම් ඒ කවර රටවල්ද යන්නයි. Continue reading

නිදහස් සටනට නායකත්වය දි රජකමට පත් වූ මොරටුවේ කිතුනු තරුණයා

වීර පුරන් අප්පු

වීර පුරන් අප්පු

නිදහස් සටනට නායකත්වය දි රජකමට පත් වූ මොරටුවේ කිතුනු තරුණයා ප්‍රන්සිස්කු ප්‍රනාන්දු හෙවත් වීර පුරන් අප්පු (පළමු වැනි වලිසිංහ රජු) මෙරට ඇතැම් දෙනෙක් “කතෝලික ජනයාව” හදුන්වනු ලබන්නේ පෘතුගීසින් ගෙනා දහමක් වැළඳ ගත් මෙරටට ආදරයක් නොමැති ජන වර්ගයක් ලෙසිනි. Continue reading

කෙටිකලකින් ලොව විශාලතම අධ්‍යාත්මික විප්ලවය කල මුහම්මද් නබි තුමා

මුහම්මද්

මුහම්මද්

දැනට ලෝක ජනගහණයෙන් ආසන්නව හතරෙන් එකක්, එනම් මිලියන එක් දහස් හත්සියයක් පමණ මුහම්මද් නබි තුමාණන්ගේ  අනුගාමිකයන්ය. නබිතුමා ආදර්ශවත් පියෙකු, සෙන්පතියෙකු, අධ්‍යාත්මික නායකයෙකු, කථිකයෙකු, කාන්තා නිදහස වෙනුවෙන් පෙනි සිටියෙකු, සමාජ සංශෝදකයෙකු, ව්‍යාපාරිකයෙකු, විනිසුරුවෙකු, යන සියලුම ක්ෂේස්ත්‍රයන්හි කැපිපෙනෙන චරිතයකි. Continue reading

2013 නව වසරට සුභ පැතුම්!!!

ප්‍රීතිමත් නව වසරක්!!!

ප්‍රීතිමත් නව වසරක්!!!

ජනවාරි 1 වෙනිදා නව වසරක ඇරඹුමක් ලෙස සමරන අන්වර් මනතුංග බ්ලොගයේ පාඨක සියළුම දෙනාට, ලැබුවාවු 2013 නව වසර ප්‍රීතිමත් වේවා යැයි පතමි! මිනිසෙකුට වසරක් උදාවීම යනු ජීවිතය සහ බලාපොරොත්තු අළුත් වන අවස්ථාවකි. කෙසේ වුවද නව වසර සමරන ඔබට මේ වසර ක්‍රමයේ ඇරඹුම කෙසේ වීද? යන්න දැන ගැනීමත් වැදගත් යැයි සිතමි. Continue reading

පූජාභූමියට පූජණීයත්වය ලැබෙන්නේ කෙසේද ?

මක්කාහ් පුදබිම

මක්කාහ් පුදබිම

පූජාභූමිය පූජණීයයි. එය දහමක ‍ගෞරවයක් ලෙසටද සැලකෙයි. එය ආරක්ෂා කිරීමත් එහි තිබෙන පෞරාණික අයිතීන් සුරැකීමත් එම ආගමිකයන්ගේ යුතුකමක් පමණක් නොව  සියළුම මනුෂ්‍යයන්ගේ යුතුකමකි. මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම පිළිපදින මුස්ලිම් වන අපට පැහැදිළි අවබෝධයක් හා හැඟීමක් ඇත. මන්දයත් ඉස්ලාම් දහමද තමාගේ  පූජණීය භූමි (Holy Land) ප්‍රකාශයට පත්කොට ඇත. ඒවා ආරක්ෂා කිරීම ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ යුතුකමකි.

Continue reading

අන්වර් මනතුංග බ්ලොගයේ නත්තල් පණිවිඩය!

නත්තල් සුභපැතුම්!

නත්තල් සුභපැතුම්!

අන්වර් මනතුංග බ්ලොගය කියවන සියළුම කිතුණු ජනතාවට ප්‍රීතිමත් නත්තලක් යනුවෙන් පතන්නට මා මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේ නමුදු අන් සෑම දෙයක් ගැනම යථාර්තය පෙන්වා දෙන්නට උත්සාහ දරන මා නත්තල ගැනත් ඔබගේ දැන ගැන්මට කරුණු ඉදිරිපත් කිරීම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. Continue reading

ශ්‍රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්. (2)

19 වන සියවසේ මුස්ලිම් පවුලක්

19 වන සියවසේ මුස්ලිම් පවුලක්

ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් ඇත.

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23)

(දෙවන කොටස) Continue reading

ශ්‍රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්. (1).

 

මුස්ලිම් වරුන්

මුස්ලිම් වරුන්

ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ.

සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.

(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23) Continue reading

ජීවත් වෙන්න රටක් නැති මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්

රෝහින්ග්‍යා කතක්

රෝහින්ග්‍යා කතක්

රෝහිග්‍යා යන නම ඇතිවු ආකාරය පැහැදිලි නැත. කලීලුර්රහ්මාන් වැනි ඉතිහාසඥයන් පවසන්නේ මෙම වචනය අරාබි බසෙහි “රහ්මා” යන වචනයෙන් බිඳී ආවක් බවයි. එහි අරුත කරුණාවයි. ඔවුන් අටවැනි සියවසෙහිදී නැවක් මුහුදු බත්වීමෙන් පැමිණි පිරිසක් බවටද මතයක් පවතියි. Continue reading

ලාංකීය මුස්ලිම් වරුන්ගේ මව්බස දෙමළ බස වුයේ කෙසේද?

දෙමළ බස

දෙමළ බස

ලංකාවේ මුස්ලිම් වරුන්ගෙන් අතිබහුතරය සිය මව්බස ලෙස පිළිගන්නේ සහ භාවිතා කරන්නේ දමිළ බසයි. ලංකාවේ මුස්ලිම් වරුන් දමිළ බස මව්බස කරගැනීම සිදුවුයේ කෙසේද? යන්න බොහෝ දෙනෙකු නගන පැනයකි. ඒ පිළිබඳව සංවාදයක් ගොඩ නැගීම උචිත යැයි හැඟුණු නිසා මහාචාර්ය ලෝනා දේවරාජ මහත්මිය විසින් රචිත ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු නම් වු ග්‍රන්ථයේ 24 සහ 25 පිටුවල කොටසක් උපුටා දක්වමි. Continue reading

සිංහල-සලාගම කුලය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණයි! මෙරටට ගෙනවිත් තිබෙන්නේ පෙරිය මුදලි මරික්කාර්!!!

වර්ගවාදය

වර්ගවාදය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය ගැන සොයා යන ගමනේදී මට හෙළිවු තවත් කරුණක් නම් වත්මන් සිංහල සමාජයේ පවතින කුල වලින් කිහිපයක් ලාංකීය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණව මෙරටට පැමිණි අයගෙන් බිහිවු ඒවා බවයි. සමහර සිංහල කුල මෙරටට පැමිණ ඇත්තේ මුස්ලිම් වරුන්ටත් පසුව බව ඔබද මේ ලිපියට පෙර නොදැන සිටි බවට මට සහතිකය. Continue reading

කුමන්ත්‍රණයකින් මියගිය කුරුණෑගල අවසන් රජු, මැරූයේ මුස්ලිම් වරුන්ට පක්ෂපාත නිසාද?

ඇත්තද? බොරුද?

ඇත්තද? බොරුද?

ලංකා ඉතිහාසය දෙස බලන කල රජ කෙනෙකුගේ පුතු ලෙස මුස්ලිම් යුවතියකට දාව ඉපදුනු කුමාරයෙක් කලක් ප්‍රාදේශීය රජ කෙනෙක් වශයෙන්ද කටයුතු කර ඇත. ඒ අන් කවරෙකු වත් නොව වත්මන් කුරුණෑගල ජනතාව විසින් ගලේබන්ඩාර දෙවියන් වශයෙන් හඳුන්වන වත්හිමි බන්ඩාර කුමාරයාය.  Continue reading

ජාතියක මුලය සොයා ගිය පිය සටහනක්.

ජාතියක මුලය

ජාතියක මුලය

ලොව විශාලතම මිනිස් ඝාතන සිදු වුයේත්, අපේ රටේ බොහෝ ඇත්තෝ පාර්ලිමේන්තුවට යාමට මග පාදා ගත්තෙත්, අන්තර්ජාලයේ වැඩිම කතා බහට ලක් වුයේත්, රටවල් තුළ අභ්‍යන්තර යුද්ධ වලට මුල් වුයේත් “ජාතිය” නම් වු සංකල්පය නිසාය. ඉතින් මගේ මේ උත්සාහය ඒ “ජාතිය” නම් වු සංකල්පයේ උපත හෙවත් මුලය සොයා යෑමටයි. Continue reading

ලංකා මුස්ලිම් වරුන්ගේ අයිතිය කොහේද?

ජාමි-උල්-අල්ෆාර් මස්ජිදය

ජාමි-උල්-අල්ෆාර් මස්ජිදය

අද සමහර ආගම්බේධවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යායුතු බවත්ය. මේ නිසා මට වත්මන් ලාංකීය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි. Continue reading

දලදා මාලිගාවට මුස්ලිම් වරුන්ගෙන් ලුණු සහ කරවල කූරි

මහාචාර්ය ලෝනා දේවරාජ

මහාචාර්ය ලෝනා දේවරාජ

වත්මන් සමාජයට අතීතය දෙස බැලීමෙන් ඉතිහාසයෙන් ලද හැකි ආදර්ශයන් බොහෝය. විශේෂයෙන් අතීතයේ අප රට තුල තිබුණු ආගමික සහජීවනය අරබයා ලද හැකි පාඩම් බොහොමයක් ඇත. විශේෂයෙන් උඩරට පාලන කාලය තුල සහ ඊට පසුව මුස්ලිම් වරුන් සහ උඩරට සමාජය අතර තිබුණු සහසම්බන්ධය ඉතා විශිෂ්ඨය. ඒ ගැන ලියන මහාචාර්ය ලෝනා දේවරාජගේ “ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු” නම් වු කෘතියේ 146 වැනි පිටුවෙන් පහත කොටස උපුටා ගත්තෙමි. Continue reading

කපිලවස්තු සර්වඥ ධාතු වහන්සේලා සම්බන්ධව පවතින අර්බුදය

කපිලවස්තු සර්වඥ ධාතූන්වහන්සේ

කපිලවස්තු සර්වඥ ධාතූන්වහන්සේ

ඉන්දියාවෙන් මෙරටට වැඩමවු කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලාව ඉතා ගෞරව පුරස්සරව අපේ ජනාධිපති තුමා විසින් පිළිගන්නා ලදී. ඒ බව ඡයාරූප මගින් දුටු එ.ල.ජ.නි.ස පාක්ෂිකයෝ ශ්‍රද්ධාවෙන් යුතුය සාධු! සාධු!සාධු! යැයි පවසන්නට විය. නමුත් එ.ජා.ප සහ ජ.වි.පෙ ප්‍රමුඛ විපක්ෂ අනුගාමිකයෝ අනේ අපොයි! සර්වඥ ධාතූන්ද කිළිටි වී යැයි හිසේ අත්ගසා ගත්තෝය. Continue reading

මිනිසා පිළිබඳව හා ඔහු ජීවත්වන මිහිතලය ඇතුළු විශ්වය පිළිබඳව ඇති තොරතුරු වැරදි නම් මරණින් මතු ජීවිතය පිළිබඳව කුමන කථාද?

මහා පිපිරුම

මහා පිපිරුම

“ආරම්භක හේතුවක් නොමැතිව ලෝකය ඇති වුයේ කෙසේදැයි තේරුම් ගැනීම අපට ඉතා දුෂ්කරය. ආරම්භයේදී ඒ පළමු හේතුව කෙසේ ඇති වී දැයි අවබෝධය වඩාත් දුෂ්කර වී ඇත. අනමතග්ග සුත්‍රය අනුව ‘ආවර්තන (නැවත නැවත සිදුවන) සැරි සැරීම් ඇති සංසාර ගමනෙහි ජාති ජරා මරණ චක්‍රයේ කෙළවරක් හඳුනා ගැනීමට බැරි තරම්ය. සත්වයා අවිද්‍යාවෙන් අඳුරුව තෘෂ්ණාවෙන් බැඳී ඇත. එම සත්වයාගේ පළමු වටහා ගැනීම ප්‍රත්‍යක්ෂ කළ නොහේ.’ Continue reading

ශ්‍රී පාදයද? ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 2 වන කොටස

ශ්‍රී පාදයමද?

ශ්‍රී පාදයමද?

ඉහත ප්‍රස්තූතය යටතේ මා විසින් ලියන ලද පලමු ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. සමහරු මූණුපොතේ ආදම්ගේ පාදයද? කියමින් එකිනෙකා අතර බෙදා Share කරන්නේ සමන්තකූටය නැතිවෙයි කියන බයටද කොහෙද? නමුත් මා නම් මේ ගවේෂනය කරන්නේ සද්භාවයෙන්. එනම් එහි සැබෑ ඓතිහාසික තොරතුරු සොයා ගැනීමටයි. පහත සඳහන් වන්නේ  රිවිර පුවත් පතෙහි 2011 නොවැම්බර් මස 06 වෙනි ඉරිදා පුවත් පතේ පලවු ලිපියකි. එහි කතුවරයා ලෙස සඳහන්ව තිබුණේ ර/ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ලලීන්ද්‍ර සන්නස්ගම මහතායි. Continue reading

මක්කාහ් නුවර තිබෙන්නේ බුදුන්ගේ සිරිපතුලද?

මකාම් ඊ ඉබ්‍රාහීම්

මකාම් ඊ ඉබ්‍රාහීම්

බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි.

 

Continue reading

ශ්‍රී පාදයද?, ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 1 වන කොටස

ශ්‍රී පාදයමද?

ශ්‍රී පාදයමද?

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹු මුල් අවස්ථාවේ එහි Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය කෙසේ විය යුතුදැයි මා එතරම් අවධානයක් දැක්වුයේ නැහැ. ඉන් මාස කිහිපයකට පසුව නැවත වෙනස්කම් කරන අවස්ථාවක මට එය කරදුන් සහෝදරයා විසින් මෙහි ප්‍රධාන රූපිත පටයට කුමණ ආකාරයේ ඡායාරූපයක් ගතයුතු දැයි ඇසුවා. මම සාමාන්‍යයෙන් කඳු වලට ආශාවක් දක්වන්නෙක් බැවින් කිසිත් නොසිතාම සමනොල කන්ද ගමු යැයි යෝජනා කළෙමි. නමුත් එහි බරපතල කම වැටහුනේ මාස කිහිපයකට පසුයි. Continue reading

මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් වහන්සේලා ඝාතනය කළේද?

සත්‍යය සාමය ගෙන එයි

සත්‍යය සාමය ගෙන එයි

මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් Al Ma’thur සහ අල්-රාසුබ් Al Rasub නම් වු කඩු දෙකයි. Continue reading