Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

අප වෙනුවෙන් හඬ නගන්නට කවුරුත් නැතිද? – නුතන බිළිඳුන්ගේ ශෝකාලාපය

බිළිඳුන්

බිළිඳුන්

කාන්තා දිනය නිමාවට පත් විය. තවත් එන්නට තිබෙන දින ගණනාවකි. නමුත් අවුරුද්දේ තවත් එක දිනයක් අප වෙනුවෙන් තිබුනත් මා ඇතුළු බිලිඳුන්ට හඬ නගන්නට ශක්තියක් නොමැතිය. ඒ අප බිලිඳුන් වූ නිසාවෙනි. එකී සිතිවිල්ල මත මේ ලියවෙන්නේ මා වන් බිළිඳුන්ගේ ශෝකාන්තයයි. Continue reading

අත් හරින්න! වෙනස් වෙන්න!!!!!!!!!!

අත්හරින්න

අත්හරින්න

මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි. Continue reading

තත්වෙ හුටු හුටු ඒත් හැපි වැලන්ටයින්!!

දවසින් දවස ජීවන වියදම වැඩි වෙන නිසා ජීවත් වෙන්නත් හරිම අමාරුයි. ඒත් අද වැලන්ටයින්. ඉතිං කෙල්ලට මොනව හරි අරන් නුදුන්නොත් ඒක හරි මදි. එතකොට එයා යාළුවන්ගේ ඉස්සරහත් කොන්වෙන්න පුළුවන්. උන් කියයි මෙයාගේ කොල්ල එයාට එච්චර ලව් නැහැ කියලා. ඒක නිසා සුසන්ත ගියේ නමගිය වැලන්ටයින් කඩයකටයි. Happy Valentine day කියලා ඒ කඩේ ලොකු අකුරින් ගහල ලස්සනට සරසලා තිබුණා. පෙම්වතුන්ට තෑගි දෙන්න වයිවාරන්න බඩු එතැන තිබුණා. ඇත්තටම ඒක වැලන්ටයින් කඩයක් කිව්වට තාවකාලිකවයි. ඒ කඩේ තව මාසයකින් පස්සේ අවුරුදු කඩයක් වෙනවා. එතකොට ඒකේ ගහලා තියෙන්නේ සුභ අළුත් අවුරුද්දක් කියලා. ඊට පස්සේ වෙසක් කඩයක් වෙනවා. මේ බිස්නස් කාරයෝට වැලන්ටයින් එකක්වත් අළුත් අවුරුද්දක්වත් වැඩක් නැහැ. මුන්ට ඕන සල්ලි. ඇත්තටම මේ බිස්නස් අයිතිකාරයන්ට නම් හැමදාම වැලන්ටයින්, හැමදාම ක්‍රිස්මස්, හැමදාම අවුරුදු. Continue reading