ශ්රී ලංකා පොලිසියේ කොලඹ අපරාධ විමර්ශන ඒකකය විසින් මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායක අසාද් සාලි, ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ නීති යටතේ මැයි 2 දා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුට විරුද්ධ ව ඇති පැමිනිලි ඔස්සේ සාලිගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලිසිය ප්‍රකාශ කර ඇතත් රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටින්නේ දැයි පැහැදිලි නැත. Continue reading
Category Archives: ප්‍රතිචාර ලිපි
බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද?- රෂීඩ් රීසා
‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ වී සිට ඇත. ශ‍්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාගේ තත්වය වෙනස් වෙමින් තිබේ. ඉර පායන හැම උදාවක් සමගම එය තව තවත් උපද්‍රවයට පත්වීමේ අවදානමට ලක්වෙයි. Continue reading
අයාලේ ගිය භික්ෂූන්
මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම් හිංසාවක් සහ අමානුෂික හිරිහැරයක් පැවතිය හැක්කේ කෙසේ ද යන්නයි. Continue reading
බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක්‍රියාව | විචාරය පිළිබඳ විචාරයක් – දයාන් ජයතිලක
තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන (ලංකාවේදී නම් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි) සත්‍යක‍්‍රියාවක් විය යුතුය. Continue reading
පාටිය ජාති ආලය බයිට් එක මුස්ලිම්
කාලෙන් කාලෙට එක එක පැටන් වලින් වෛවාරන ඉස්ලාම් විරෝධී කැම්පේන් වලින් නම් අඩුවක් නැති ගාණයි. එහි ව්‍යාප්තියද එතරම් වේගවත් වන් අතර ඒ ට්‍රෙන්ඩ් එකේ ෆලොවර්ස්ලාගෙන්ද අඩුවක් නැත. එය ලංකාවේ වගේම ලංකාවෙන් පිටද විශේෂයෙන් ආසියාතික රටවල්වල දරුණුවටම ෆලෝ වෙන ට්‍රෙන්ඩ් එකකි. ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා රටවල්වල මෙම ට්‍රෙන්ඩ් එක අදහන සයිස් එකටම මෙය වැටී ඇත. Continue reading
මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව
අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන පිරිසක් නොවේ. ඒ නිසා මුස්ලිම් ජාතිකයාගේ සංක‍්‍රමණය සැළකිය යුත්තේ ‘ස්වාභාවික’ සංක‍්‍රමණයක් වශයෙනි. Continue reading
අභියෝගයක් වූ පරික්ෂණාත්මක ජීවිතය
මරණින් මතු ජිවිතයේ සාර්ථකත්වය මෙන්ම මෙලොව ජිවිතයේ සාර්ථකත්වය සඳහාද මගපෙන්වන ඉස්ලාමයෙහි කිසිදු කරුණක් උදෙසා මගපෙන්වීමක් නොකොට මගහැර නැත. ඕනෑම යහක්‍රියාවක් හෝ නැමදුමක් කිරීමේදීද එය කලයුතු ආකාරය ගැන ඉස්ලාමය මගපෙන්වා දී ඇත. Continue reading
“බහු භාර්යා විවාහය, ඉස්ලාම් හා යථාර්තය”
බහු භාර්යා විවාහය ලෝකයට නවක නොවූවද අද සියල්ලෝ එයින් මිදී අත පිස දමා ගනු ලබන්නේ පුරුදු පරිදි ඉස්ලාමය දෙසට දබරැගිල්ල දිගු කරමින්ය. එහෙත් ලොව පහළ වූ කිසිදු ධර්ම ග්‍රන්ථයක් බහු භාර්යා විවාහය තහනම් නොකල අතර අතීතයේ සිටම සෑම ආගමකම පාහේ මෙකී ක්‍රියාවලිය සිදුවිය. Continue reading
ඉවසුවා ඉවසුවා හෙටත් ඉවසනවා
ඉවසීමෙන් සැනසීම ලැබේ යයි ආප්තෝපදේශයක් ඇත. හතර වටින් වැදුණු මුස්ලිම් සමාජයේ ඉවසීමද සියලු දෙනා මවිතයට පත් කරනු ලැබ ඇත. කෙසේ වෙතත් මුස්ලිම් සමාජයට සැනසීම උදා වන බවක් තවමත් දෑස් මානයේ පෙනෙන්නට නොමැති වුවත් අපගේ ඉවසීම තුලින් අප උපන් මාතෘ භුමිය සැනසෙනවා දැක අප උද්දාමයට පත් වන්නෙමු. Continue reading
ගලවන්නට වෙර දරන මුස්ලිම් කාන්තා වස්ත්‍රය
මුස්ලිම් කාන්තා වස්ත්‍රය දැන් සමහරුන්ට හීනෙන්ද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මෙතුවක් කල් මනෝ තෘප්තිය ලැබුවේ විවර කර ගෙන යන තමන්ගේම අක්ක නංගි අම්ම දෙස බලාය. හැමදාමත් දකින කුකුලාගේ කරමල සුදු පාටයිලු. ඒ නිසාම දැන් දැන් එකී මනෝ තෘප්තිය තෘප්තියක් නොවන නිසාම වසාගෙන යන මුස්ලිම් කාන්තාවන්ගේ කාන්තා වස්ත්‍රය විවර කර මනෝ තෘප්තිය ලබන්නට පුල පුලා බලා සිටින මනෝ විකෘතිතාවයෙන් පෙලෙන උන් වැඩට බැස තිබේ. Continue reading
බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසවීම- (-අවරදිග ආවර්ජනා. රාවය. 2013.03.16) Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ
බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය’ යි. එහි සඳහන් පරිදි, ඔවුන් සකල ජාතිවාදයන්ට සහ පටු ආගම්වාදයට විරුද්ධ ලූ. එය, පතිවතක් ගැන කතා කරන ගණිකාවකගේ ‘සිල්වත්’ ප‍්‍රකාශයකට දෙවැනි නැත. Continue reading
හිවල් හමුදාවකින් මුස්ලිම් වෙලඳසැලකට ලියුමක්!
සිංහ මුහුණක් ලිපි ශීර්ෂයකට දමා නිදහස් ලංකාවේ විමුක්ති හමුදාව නමින් නිකුත් කළ නිර්ණාමිකයෙකුගේ හෝ පිරිසකගේ ලිපියක් අපේ සහෝදරයෙක් විසින් එවා ඇත. මෙම ලිපිය අද දින නුගේගොඩ ප්‍රදේශයේ නිමිඇඳුම් සැලකට මෙම ලිපිය තැපැල් මාර්ගයෙන් එවා තිබුණි. මෙය කිසියම් අන්තවාදී සහ බියගුළු මානසික රෝගියෙකුගේ ක්‍රියාවක් බව පැහැදිලිය. Continue reading
අන්තවාදය හා ශ්‍රී ලංකාවේ අනාගතය
අනාදිමත් කාලයක් පටන් අපේ රටෙහි පැවති ආගමික සහෝදරත්වය අද මිය යමින් පවතී. කුඩාවට වුවද අද එකිනෙකා අනෙකා දෙස බලන්නේ ජාතිවාදි කෝණයකිනි. සමහර අයට දිගු රැවුල, හිජාබය දිරවන්නේ නැත. ආගමික සිද්ධස්ථාන පහරදීම් වලට ලක්ව ඇත. අහිංසක ජනතාව නින්දා අපහාස වලට ලක්වී ඇත. Continue reading
ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!
හුදෙක් එක්තරා පිරිසක පටු දේශපාලන සහ පෞද්ගලික අරමුණු මුල් කරගෙන මෙයට මාස කිහිපයකට පෙර ඇරැඹී, එතෙක් අවුලක් නොවූ නමුත් ජාතිවාදී වුවමනාව මත අවුලක් බවට පත් කළ හලාල් විරෝධී ව්‍යාපාරය, මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉවසීම හේතුවෙන් සේනාව ප්‍රමුඛ ජාතිවාදීන්ට ජයගෙන දෙමින් (ඔවුන් සිතන ආකාරයට) ඊයේ දින (09.03.2013) හලාල් සහතිකය නොමිලේ ලබා දීමේ එකඟත්වය මත තාවකාලිකව නිමාවට පත්විය. Continue reading
ද්වේශ ජනක කථාව ලංකාවේ තහනම් කල යුතුද?
අප්‍රිකානු වහල් සේවය යුරෝපයේ පැතිරී තිබු සමයේ කළු අප්‍රිකානුවන් සම්භන්ධයෙන් විවිධ මත තිබුණි. අප්‍රිකානුවන් මනුෂ්‍යන් නොවේය, අප්‍රිකානුවන්ට ආත්මයක් නැත්තේය, වහල් භාවයට යටත් නොකළහොත් ඔවුන් එකිනෙකා මරා ගන්නේය, යනාදී ලෙස පැතිරී තිබුන මත නිසා වහල් සංස්ථාව පවත්වාගෙන යෑම සහ අප්‍රිකානුවන් පීඩාවට පත්කිරීම සාධාරණීකරණය විය. Continue reading
ආගමික අන්තවාදීන් නිසා රටට නැවතත් අනතුරක්; යෝජිත පාර්ලිමේන්තු කාරක සභාවෙන්ම පලක් වේවිද?
කලක පටන්ම අපේ රටේ අසන්නට දකින්නට ලැබෙන්නේ මහා පුදුම කතාය. තමන් අදහන ආගමට පටහැනි යැයි කියමින් මූලධර්මවාදී ක්‍රිස්තියානි දෙමාපියෝ රෝගී වූ තම දරුවන්ට බෙහෙත් නොදෙති. රෝහලට ඇතුළු කළත්, වෙනෙකකුගේ රුධිරය දීමට එරෙහි වෙති. හේ හේතුවෙන් දරුවෝ කීප දෙනෙක් ඉකුත් කාලයේදී මරුමුවට පත් වූහ. මේ අතර තවත් පිරිසක් යක්ෂයාගේ අපලයෙන් දුරස්වීමට යැයි කියමින් පාසල් සිසුන් දෙදෙනෙකු ගිනිගොඩකට දමා පුච්චා මරා දැමූහ. Continue reading
හලාල් (කැප) සහ හරාම් (අකැප) පද පිලිබඳව සරල විග්‍රහයක්!
හලාල් යන්න අද වන විට පුළුල් කතිකාවතකට වඩා විරසකයකට හේතු පාදක වුනු කරුණක් ලෙස හැඟී යාමත්, අද වන විටත් ප්‍රායෝගික වශයෙන් බහුතරයක් මෙම කරුණු තවමත් හරියාකාර ලෙස තේරුම් ගත බවක් ද , නොහැගෙන හෙයින් මෙකී “හලාල් පදය” සහ “හරාම් පදය” සරලව තේරුම් කර දීමට අදහස් කරමින් මෙම සටහන් තබමි. Continue reading
සලෆි, වහාබි යනු කුමක්ද?
මුස්ලිම් කණ්ඩායම් අතර අන්තවාදී කොට්ඨාශ හැඳින්වීම සඳහා නිතර භාවිතා වන පද දෙකකි “සලෆි” සහ “වහාබි”. නිතර භාවිතා වුවද මොවුන් කව්රුන්ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් සොයා ගැනීම තරමක් අසීරුය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම පද යොදාගැනීමේදී පැහැදිලි අර්ථකතනයක් නැතිවීමයි. එසේම ලෝකයේ කලාපය අනුවද මෙම වචන වලින් නිරූපණය වන අදහස සමාන නැත. ඇතැම් විට පොදුවේ අන්තවාදීන් හැඳින්වීමට සලෆි හෝ වහබි යන වචන භාවිතා වීම දක්නට ලැබුනත් එය නිවැරදි නොවේ. මේ සම්බන්ධයෙන් කෙටි විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි.
බොදු බල සේනා බඳු සංවිධාන පිළිබඳව ඉස්ලාමිකයෙකුගේ දැක්ම
ක්‍රි.ව. 236 දී ධර්මාසෝක රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජු සමයේ බුදු දහම ලක්බිමට ගෙන ආ වග ඉතිහාසය අපට උගන්වයි. ලොව අන් කිසි දහමකට නොලැබුණු සුවිශේෂත්වයක් බුදු දහමට ලැබෙන්නේ ගෙන එනු ලැබූ දින සිටම ශ්‍රී ලංකාවේ එය රාජ්‍යය දහම බවට පත්වීම හේතුවෙනි. මෙවැනි තත්වයක් දහමක් පිළිබඳව ලොව කිසිම රටකින් වාර්තා වන්නේදැයි මම නොසිතමි. Continue reading
ශ්‍රී ලංකා මුස්ලිම්වරු ව්‍යාපාර කිරීමට දක්ෂ ඇයි?
මේ දවස්වල මුස්ලිම් ව්‍යාපාර වලට විරුද්ධව නොයෙකුත් අන්තවාදී කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ හා පෙලපාලි ගෙනයති. මුස්ලිම්වරුන් තමුන්ගේ ව්‍යාපාර ආක්‍රමණය කරන බව, වස දැමු ටොෆි බෙදන බව ආදී නොයෙක් චෝදනා නගති. මට මෙයට යම් පිළිතුරක් ලියන්නට සිතුනේය. ඔවුන්ගේ ව්‍යාපාර දුර්වල වීමට හේතු රාශියක් තිබුණත් ඒ පිළිබඳව මෙතැන සඳහන් නොකර මුස්ලිම්වරු ව්‍යාපාර වලට යොමුවීමට හේතු, ඒවා සාර්ථකවීමට හේතු සහ ඉස්ලාම් දහම හා ව්‍යාපාරවලට ඇති සම්බන්ධය පිළිබඳව ලිවීමට සිතාගත්තෙමි. Continue reading
මුලධර්මවාදය යනු කුමක්ද?
ඕනෑම ආගමක පැවැත්ම ඇත්තේ එහි පදනම මත බව බුද්ධිමත් ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. විද්‍යාව හරියාකාරව තේරුම් ගැනීමට නම් විද්‍යාවේ එන මුලධර්මයන් නිසි පරිදි තේරුම් ගෙන තිබිය යුතුය. ගණිතය හෝ වේවා වෙන ඕනෑම විෂයක වැඩි දුර අද්‍යාපනය සදහා මුලික සිද්ධාන්ත නිසියාකාරව තේරුම් ගෙන තිබිය යුතුය. එනම් ඒ ඒ විෂයයේ මුලධර්මයන් නිසි පරිදි දැනගෙන තිබීම එම විෂයයන් නිසි පල නෙලීමට හේතුවක් වෙනු ඇත. Continue reading
අල්-කුර්ආනය යල්පැනගිය ග්‍රන්ථයක්ද?
ඕනෑම නිෂ්පාදනයක් සමගම එහි නිෂ්පාදකයා තම නිශ්පාදනය ගැන අත්පොතකුත් Manual නිකුත්කරනු ලබයි. උදාහරණයක් හැටියට වාහනයක් භාවිතා කරන්නෙකු වාහනය ගැන යම් දැනුමක් මෙන්ම වාහන නීතිරීති සම්බන්ධවද හොඳින් දැනගෙන සිටිය යුතුය. නැතිනම් “මේ මගේ වාහනේ මට ඕන විදිහට යන්ට බැරි මොකද” කියා රතු සිග්නල් ගණන් නොගෙන ගියොත් දඩ කොලේ මෙන්ම, එසේ ගොස් අනතුරක් කර ගත්තොත් හිරේ තපින්ටත් ලෑස්ති විය යුතුය. Continue reading
හලාල් සහ හරාම් කන බොන දේට පමණක්ද?
හලාල් සහ හරාම් යන වචන දෙක විස්තර කිරීමට අවශ්‍ය නැති තරමට මෙම වෙබ් අඩවියේ ලිපි පලවිය. දැන් මේ වචන දෙක සිංගල ශබ්ද කෝෂයේ අන්තර්ගත වචනයන් බවට පත්ව ඇත. මෙම ලිපියෙන් අදහස් කරන්නේ මේ පිළිබඳව පුළුල්ව තව කරුණු විමසා බැලීමකි. Continue reading
දෙවියන් ඇදහීම නතරකලයුතු කාලය උදාවෙලාද???
මෙම ලිපිය ලිවීමට සිදුවුයේ මා විසින් පලකල ලිපියකට එක පාඨකයෙකු විසින් අසා තිබුණු ප්‍රශ්න මාලාවකට පිළිතුරු සැපයීම පිණිසය. ඔහු ඇත්ත වශයෙන්ම දෙවියන් යන්නෙහි නිර්වචනය පවා නොදන්නා කෙනෙක් විය යුතුය. දෙවියන් යන්නෙහි නිර්වචනය නොදන්නේ නම් නොදන්නා දෙවියන්ට වැඳුමට වඩා තම කාලය නියම දෙවියෙකු සිටිදැයි සෙවීමට යොදා ගැනීම ප්‍රයෝජනවත්ය. Continue reading
හලාල් සහතිකය සහ බඩු මිල
මේ දිනවල හලාල් සහතිකය සම්බන්ධයෙන් මතුකරන චෝදනා කිහිපයකි. ඉන් ප්‍රධාන එකක් නම් හලාල් සහතිකය නිසා භාණ්ඩයේ මිල ඉහල යන බවයි. මේ චෝදනාව නගන අයට අනුව හලාල් සහතිකය සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සිදුවන්නේ එම පිරිවැයට සමානුපාතිකව භාණ්ඩයේ මිල වැඩි කිරීමෙනි. කතාව මතුපිටින් බලන විට සාධාරණයි. නමුත් මේ චෝදනාව සත්‍ය නොවන බව පෙන්වාදීම එතරම් අපහසු නොවේ. Continue reading
බහුභාර්යා විවාහය පිලිබඳව විග්‍රහයක්
නුතන සමාජය තුල කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි බහුභාර්යා විවාහය ඉස්ලාමය අනුමත කර ඇත්තේ ඇයි? මෙය අද බොහෝ මුස්ලිම් නොවන අයට තිබෙන ගැටළුවකි. ආගම්බේධවාදීන්ද ඉස්ලාමයට පහර ගැසීමේ නියායෙන් මේ ගැන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරති. අබු ෆාතිමාගේ මෙම විග්‍රහයෙන් බලාපොරොත්තු වන්නේ එම චෝදනාවන්හි යථාර්තය පැහැදිලි කිරීමයි. – සංස්කාරක Continue reading
රිසානා නෆීක්ට ලබාදුන් තීන්දුව සාධාරණද? අසාධාරණද?
රිසානා නෆීක් නම් ඒ දිළිඳු තරුණිය සම්බන්ධව විවිධ මුස්ලිම් සහ මුස්ලිම් නොවන පාර්ශවයන්ගෙන් විවිධ පැතිකඩවල සිටගෙන එක් එක් කණ්ණාඩි පළඳවා මත පලකරමින් සිටින අතර තමන්ගේ මතවල තමන්ම ගෙල හිරකරගෙන සිටින අයුරුද අපට මේ දවස්වල දැක බලාගත හැකිව තිබේ. Continue reading
රිසානාගේ නඩුව හා ඉස්ලාමීය විග්‍රහය (Rizana’s Trial and Islamic Analysis)
රිසානා ඝාතනය ගැන සමාජයේ ඇතිවු ප්‍රතිරාවය තවමත් මැකී ගොස් නැත. මාගේ අදහස අනුව ලංකා රජය මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එය එසේම පවතිනු ඇත. වර්තමානයේ මැදපෙරදිග, විශේෂයෙන්ම සෞදි වල ගෘහ සේවාවන්වල යෙදී සිටින කිසියම් කාන්තාවක් කුමන හෝ අඩන්තේට්ටමකට ලක්ව ලංකාවට පැමිණියේ නම් හෝ ඒ ගැන අපහට ආරංචි වූයේ නම් හෝ ඒ සෑම තත්වයක් තුලම රිසානා නෆීක්ව ලාංකිකයන්ට නැවත මතක් වනු ඇත. Continue reading
රිසානා නෆීක් සිදුවීම පිළිබඳ පසු විපරම
රිසානා නෆීක් අකාලයේ මරණ දන්ඩනයට ලක්වු මෙම අවස්ථාව ආගමික පැහැදිලි කිරීම් කල යුතු කාලය නොවේ. නමුත් සමහරක් අයවලුන් මෙම සිදුවූ අමිහිරි සිදුවීම දඩමීමා කරගෙන ඉස්ලාම් ආගම හා මුස්ලිම් වරුන් ගැන තමන්ගේ වෛරය පැතිරවීම සිදු කරන බව දක්නට ලැබේ. Continue reading
මුස්ලිම් වරුන්ට විශේෂ ෂරියාවක් කුමටද?
ෂරියාව යනු අල්ලාහ් දෙවියන් විසින් මිනිසාට පිරිනමන ලද සම්පුර්ණ ජිවන ක්‍රමයකි. මුස්ලිම් වරුන් මේ ආගමික නීති පිලිපදින්නේ හුදෙක් එය නීතියක් නිසාම නොව එම ජිවන ක්‍රමය ආනිශංස සමග බැඳී ඇති නිසාය. ස්වර්ගය හෝ නරකාදිය තීරණය වෙන්නෙත් මේ නීති නිසියාකාරව පිළිපැදීම හෝ එය කඩකිරීම මතය. මෙය සාමාන්‍ය නීතියේ දක්නට නොලැබෙන අවස්ථාවකි. Continue reading
























