Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දේශප්‍රේමය සහ මුස්ලිම් ප්‍රේමය!

දලයි ලාමා තුමා

දලයි ලාමා තුමා

මේ දිනවල ලංකාවේ මාධ්‍ය නිහඬතාවයක් පල කෙරේ. පොඩ්ඩක් හෝ සද්දයක් දමන්නේ ඥානසාර සහ විමල් වීරවංශයි. ඥානසාර කෙසේ හෝ නොර්වේ සල්ලි වලට වැදුණු මඩ සෝදා ගන්නට උත්සාහ දරන අතර විමල් වීරවංශ දේශප්‍රේමයට මුස්ලිම් ප්‍රේමයද එක්කර දේශපාලනික වාසියක් ගැනීමට තැත් දරයි. නමුත් විමල් වීරවංශ මහතාට අමතක වී ඇති දෙය නම් ලංකාවේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මුල‍්වුයේ ඔහුගේම චක්ගෝලයන් විසින් පවත්වාගෙන යන සීනිවුස් වෙබ්අඩවිය බවයි. Continue reading

බොදු බල සේනාව, නොර්වේ සහ රටින් පැන්න කොටින්ගේ අශුද්ධ සංධානය

බොදු බල සේනා

බොදු බල සේනා

බොදු බල සේනාව, නොර්වේ සහ යුද්ධයෙන් පසුව යුරෝපයට පැන්න කොටි සමග අශුද්ධ සංධානයක් තිබෙන බව දැන් සනාථ වන්නේ පසුගිය 11 වැනිදා කෑගල්ලේ පැවති බොදු බල සේනා වාර්ෂික සම්මේලනයේදී ආගම්බේධකාරී ඥානසාර චීවරධාරියා විසින් තමන් විසින් නොර්වේදී සාකච්ඡා කලේ දෙමළ ඩයස්පෝරාවේ හොඳ කට්ටිය සමග බව පිලිගැනීමෙන්ය. මෙහිදී මට මතුවන පලමු ගැටළුව නම් මේ අය හොඳ දෙමළ ඩයස්පෝරාව වෙන්කර හඳුනාගත්තේ කෙසේද? යන්නයි. Continue reading

රාජපක්ෂ නම කන රාජපක්ෂලා

අසාත් සාලි

අසාත් සාලි

අසාත් සාලි අත්අඩංගුවට ගැනීමේ අර්බුධය අවසන් වුයේ රාජපක්ෂ පාලනයට දැඩිලෙස අවාසිදායක තත්වයක් නිර්මානය කරමිනි. රජයට සම්බන්ධ වෙබ් අඩවි විසින් අසාත් සාලි සමාව ගත්තා යැයි ප්‍රකාශ කළද එය පුස්සක් බව මාධය මගින්ම හෙළිවිය. චෝදනා 18 ක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් සාලි මහතා කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කිරීමට රජයට සිදුවිය. Continue reading

මොලේ තිබෙන විට බලය නැහැ! බලය තිබෙන විට මොලය නැහැ!

හොස්නි මුබාරක්

හොස්නි මුබාරක්

සාමාන්‍ය දුප්පත් පවුලක ඉපිද දේශපාලනය ඇරඹි ඊජිප්තුවේ හොස්නි මුබාරක් අවසානයේ ඩොලර් බිලියන 40 කට වඩා ධනසම්පත්තියක් හිමි අයෙකුව සිටියේය. එමෙන්ම ඔහු ඉදිරිපත්වු සෑම මැතිවරණයකින්ම අතිබහුතරයක් සහිතව ජයග්‍රහණය කරන ලදී. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි කො‍ළු කුරුට්ටන් පිරිසක් එක්වී කළ විරෝධතාවයක් තුලින් මුබාරක්ගේ මහා ප්‍රතිරූපය විනාශ කර ඔහුව බලයෙන් පහකරන ලදී. මුබාරක්ගේ ජීවිතයෙන් අපේ රටේ නායකයන්ද උගතයුතු කරුණු බොහෝය. Continue reading

අද අසාත් සාලි හෙට? මෙය නතර වෙයිද?

අසාත් සාලි

අසාත් සාලි

පසුගිය කාලය තුල රාජපක්ෂ රජය සහ එහි අනුබලයෙන් ක්‍රියාත්මක වන ආගම්බේධකාරී කල්ලි කන්ඩායම් විසින් ලංකාවේ ආගමික සහජීවනය බිඳ දැමීමට උත්සාහ දරන අවස්ථාවේ එයට එරෙහිව අභීත ලෙස හඬ නැගුවන් අතර අසාත් සාලි මහතාද ප්‍රමුඛ අයෙකි. අසාත් සාලි මහතා ඒ වන විටත් ආන්ඩුවෙන් ඉවත්ව කටයුතු කළ නිසා විපක්ෂ ක්‍රියාකාරීයෙක් නිසා මෙය සාධාරණීකරණය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ දරන ලදී. Continue reading

ජාතියක උරුමය සොයනු/රකිනු වෙනුවට අනුන්ගේ රෙද්දවල් සොයන කරුමක්කාරයෝ!

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

හෙළයාගේ උරුමය රකින්නට පාර්ලිමේන්තුවට වැඩි ස්වාමින් වහන්සේලා දැන් උරුමය සොයනු/රකිනු වෙනුවට රටේ සිටින සුළුතර ආගමිකයන්ට කරුමයක් වෙලා තිබෙන බව පැහැදිලිවම පෙනීයන කරුණකි. “යකෝ උරුමය හොයනවා කියන්නේ අනුන්ගේ ජාතියක රෙද්දවල් හොයන එක නෙමෙයි. ඉස්සෙල්ලා ජාතියට වෙලා තියෙන සංගෙදිය හොයා බලාපල්ලා” යැයි මොවුන්ට කියාදීමට තරම් කෙනෙකු නොමැති බවද පැහැදිලිවම පෙනීයන කරුණකි. Continue reading

ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න වලට ලංකාවේ මුස්ලිම් දේශපාලකයන් කථා කරන්නේ නැති බවත් නමුත් තමන් තනිවම කථා කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇත්තටම ලාංකික මුස්ලිම් වරුන්ට නායකත්වයක් නැත්ද? නැතිනම් මුස්ලිම් වරුන්ගේ නායකයා රනිල් වික්‍රමසිංහද? යන ප්‍රශ්නය විමසා බැලිය යුතුය. මෙහිදී පලමුව සොයා බැලිය යුත්තේ මුස්ලිම් වරුන්ට වෙනම නායකත්වයක් අවශ්‍ය ඇයි? යන කරුණයි. Continue reading

විදුලි බිල වැඩි කිරීම, ආන්ඩුවේ අසමත් කම සහ විපක්ෂයේ නිද්‍රාශීලී බව

චන්ද්‍රිකා මතකද?

චන්ද්‍රිකා මතකද?

විදුලි බිල අසීමිත ලෙස ඉහල නැංවීමෙන් ආන්ඩුව නැවත වරක් රට ගොඩනැගීම සම්බන්ධව සිය අසමත් බව විදහා දක්වා තිබේ. මෙහිදී “විදුලි බිල වැඩිවුණා තමා ඒත් යුද්ධය දින්නනේ!” යනුවෙන් ජනතාවගෙන් සමහරු හිත සනසා ගන්නවා විය හැක. රජයද මෙවැනි හිතුවක්කාර තීරණ දියත් කරන්නේ මොනවා වුවද තමන්ට හොඳ ජනපදනමක් තිබෙනවා යැයි අධිතක්සේරුව නිසාය. ඉස්සර චන්ද්‍රිකා පාලනයද සිතුවේ එසේමයි. මොනවා වුනත් චන්ද්‍රිකා සිනහ වී සිටින පෝස්ටරයක් ඇලෙව්වාම ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියායි. Continue reading

අභියෝග මැද ජීවිතය සහ ජඩමාධ්‍ය කලාව

අභියෝගය

අභියෝගය

ජීවිතයට ප්‍රශ්න ඇති වෙන ඇති වන්නේ දුකක්. නමුත් ඒ ප්‍රශ්නය අභියෝගයක් බව දකිනකොට ඇති වන්නේ සතුටක්! මන්ද මම සහජයෙන්ම කෙසේ හෝ එම අභියෝගය ජයගන්න බව දන්න නිසයි. මම ජීවිත ගමනේ මේ දක්වා පැමිණ තිබෙන්නේ රෝස මල් යහනාවකින් නොවේ. බොහෝ දෙනෙකු සිතුවේ අප අඩවිය ලංකාවේ තහනම් කරපු ගමන් වෙබ් අඩවිය වැටෙයි කියලයි. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් දැන් නැවත හෙමින් බාධක මැඩගෙන ඉදිරියට යනවා. Continue reading

ඊනියා බෞද්ධ පුනරුදය සහ පපට්තන්ත්‍රවාදය

රූකඩ

රූකඩ

අද ලංකාව තුල යන්නේ අමුතුම ගේම් එකක් හලාල් ගැන පණ යනකම් කෑ ගැහුව ඥානසාර කියන්නේ තමන් දැන් ඒක ගෝඨාභයට බාර දී තිබෙන නිසා කිසිවක් නොපවසන බවයි. ඒ කියන්නේ හලාල් වලට විරුද්ධ ඔහු ගෝඨා නිසා දැන් හලාල් කන බවයි. අනෙක් පැත්තෙන් රවුෆ් හකීම් රජයට බැන්නද රජයෙන් ඉවත් වෙන්නේ නැහැ. මේ සියල්ල පසුපස ආන්ඩුව සිටින බව ප්‍රකාශ කරමින් ඔහු ආන්ඩුවෙම සිටිනවා. මම ප්‍රකාශ කරන්නේ ඥානසාර සහ හකීම් යන දෙදෙනාම මේ ආන්ඩුව තුල සිටින රූකඩ Puppet දෙකක් පමණක් බවයි. Continue reading

මගේ ඉදිරි පියවර

ඉදිරි පියවර

ඉදිරි පියවර

අන්වර් මනතුංග බ්ලොගය තහනම් වීම ගැන සමහරුන්ට ඇත්තේ කාලකන්නි සතුටක්. ඒ බව ඔවුන් විවිධ වෙබ් අඩවි තුල දමන ප්‍රතිචාර වලින් පේනවා. මම දකින්නේ මෙහි සුබවාදී පැත්තක්. කෙටිකාලීනව අවාසියක් ලෙස පෙනුනද දීර්ඝ කාලීනව වාසි සහගත තත්වයක් උදාකරගත හැකියි. ඒ සඳහා ඉවසීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කළයුතු බව මගේ අදහසයි. අන්වර් මනතුංග බ්ලොගය මෙන් රජයට හිසරදයක් වු තවත් වෙබ් අඩවි කලින් තහනම් වුණා. එයින් සමහර ඒවා නැතිවුණු නමුදු තවත් සමහර අඩවි අදත් ක්‍රියාත්මක වෙනවා. Continue reading

ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

අන්වර් මනතුංග වන මම වෘත්තියෙන් ධර්ම දේශකයෙක්මි. ශ්‍රී ලංකාව තුල සහ ලොව රටවල් රැසක ඉස්ලාම් ධර්මය දේශනා කිරීමේ නියුතුව සිටිමි. මීට අමතරව අන්තර්ජාලය තුල අන්වර් මනතුංග නමින් www.anvermanatunga.com සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අතර එය ආරම්භ කලේ මගේ අදහස් උදහස් ජනතාව වෙත ගෙනයාමේ මගක් ලෙසිනි. නමුත් ලංකාව තුල අන්තවාදීන් විසින් ආගම්බේධවාදය පතුරමින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට පහර ගැසීමට පටන් ගත් කල එය වෙනස් අතකට පෙරළුනි. Continue reading

අන්වර් මනතුංග බ්ලොගයට නැවතත් අන්තර්ජාල බාධා!

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

අන්වර් මනතුංග බ්ලොග් අඩවියට ලංකාවේ සමහර දුරකථන සේවා ආයතන වලින් නැවතත් බාධා මතුවී ඇත. සමහර විට මෙය බ්ලොග් අඩවිය තහනම් කිරීමේ පියවරක ආරම්භයද විය හැක. කෙසේ වුවද අන්තවාදය පතුරවන ලංකා සී නිවුස් ඇතුළු වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක වෙද්දී සහ ඉස්ලාමයට සෘජුවම අපහාස කරන බ්ලොග් අඩවිය රැසක් ක්‍රියාත්මක වෙද්දී අන්වර් මනතුංග බ්ලොගය පමණක් තහනම් කරන්න යනවා නම් එය කෙතරම් සාධාරණදැයි මැදහතුන් සිතා බැලිය යුතුය. Continue reading

දුසිල්වත් චීවරධාරීන්ගෙන් අන්‍යාගමිකයන්ට වන හිංසා

දුසිල්වත් චීවරධාරීන්

දුසිල්වත් චීවරධාරීන්

පැපිලියාන – ෆැෂන් බග් ආයතනයට පහර දීමේ සිද්ධියේදී එහි තිබු සී.සී.ටී.වී කැමරා පද්ධතියට ගල් පහර දෙන චීවරධාරියා කවුද? ඇත්තටම ඔහු කළේ බුදු දහමට සහ බෞද්ධ ජනතාවට නිගාවක් පරිදි හැසිරීම නොවේද? මෙවැනි අය ඇත්තටම බෞද්ධයන්ද? මේ ගැන කවුරුත් සිතුවාදැයි මා නොදනිමි. අද බෞද්ධ සමාජය තුල මෙවැනි ඊනියා බෞද්ධ භික්ෂුන් රැසක් සිටින බවත් ඔවුන් බුදු දහමට මෙන්ම ශාසනයටත් අපහාසයක් බවත් බහුතර ජනතාව තේරුම් ගත යුතුය. Continue reading

ෆැෂන් බග් නාටකයේ අවසානය විමසුමක්!

අන්තවාදය එපා!

අන්තවාදය එපා!

අන්තවාදීන් විසින් රඟදැක්වුණු ෆැෂන් බග් නාටකයද දැන් අවසන්ව ඇත. මේ සිද්ධියට අදාල අය හඳුණාගෙන ඇති බව පොලීසිය පවසා ඇත. අප අවධාරණය කරන්නේ මෙම සිද්ධියට අදාල අය පොලීසිය මගින් හඳුනා ගැනුනද ඔවුන්ව අත්අඩංගුවට නොගෙන සිද්ධියට යම්තම් ගෑවුණු කිහිපදෙනෙකු පමණක් අත්අඩංගුවට ගැනෙනු ඇති බවයි. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීම යනු මෙයයි. වැරදි කරනවුන් නිදැල්ලේ නොකළවුන් ඇතුලේය. සමහර විට අගතියට පත්වුවන් අත්අඩංගුවට ගන්නටද බැරි නැත. Continue reading

අන්වර් මනතුංග බ්ලොගයට මොබිටෙල් තහනමක්!

මොබිටෙල්

මොබිටෙල්

මොබිටෙල් දුරකථන ජාලයෙන් අන්තර්ජාලයට පැමිණෙන අන්වර් මනතුංග බ්ලොගයේ පාඨකයන්ට දැන් අවහිරතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙලා. මේක රජයේ වගකිවයුත්තන් දැනුවත්ව සිදුවනවාද? නොදැනුවත්ව සිදුවන එකක්ද? යන්න ගැන තවමත් නොදනිමි. කෙසේ වුවද බොදු බල සේනාවේ තේමා ගීතය ස්වකීය එම් ටියුන් වලට දමා එම සංවිධානයට මුල්‍යාධාර සපයන්නට තරම් මොබිටෙල් ආයතනය කාරුණික වෙලා තිබුණා. Continue reading

මුස්ලිම්වරුණි, අනාගතය දකිමු! පෙර සුදානම නබි ආදර්ශයයි!

පෙර සුදානම

පෙර සුදානම

මා විසින් මීට වසර දෙකකට පමණ පෙර අන්තවාදීන් විසින් ඉදිරියේදී ලංකාව තුල මුස්ලිම් විරෝධයක් මතු කරන්නට ඉඩ ඇති බවට පැවසු විට මගේ බොහෝ මිතුරන් එය පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් අද ඒ අයම ඔබ එදා පැවසු දේ නිවැරදි යැයි පවසති. එදා අප සුදානමින් සිටියා නම් අද අපට ඉතාමත් ලෙහෙසියෙන් අන්තවාදය පරාජය කළ හැකිව තිබුණි. මෙම ලිපියේ විමසුම නම් අප විසින් අනාගතය උදෙසා වර්තමානයේ කළයුත්තේ කුමක‍්දැයි විමසා බැලීමයි. Continue reading

හලාල් විරෝධය අවසන් වීම විමසුමක්!

නෝ හලාල් එපා!

නෝ හලාල් එපා!

හලාල් සලකුණු ගැටළුව දැන් අවසන් වී ඇත. මුස්ලිම් අයට හලාල් ඉතිරිව ඇත. නමුත් සලකුණ නැත. මුස්ලිම් නොවන අයද සලකුණකින් තොරව වුවද කිසිදු අපහසුවකින් තොරව දැන් හලාල් වලඳති. මෙම සිදුවීමෙන් ප්‍රථිලාභ හිමිවුයේ කාටද? මෙම ගැටළුවේ ප්‍රධාන පාර්ශව දෙක වුයේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ එයට දොස් තැබු බොදු බල සේනාවයි. Continue reading

මත්තල ගුවන් තොටුපොල සහ රටේ සංවර්ධනය

මත්තල ගුවන්තොටුපොල

මත්තල ගුවන්තොටුපොල

සංවර්ධනේ නාමයෙන් දැන් මත්තල ගුවන් තොටුපොලක් සාදා ඇත. දැන් ඒ පැත්තෙන් යන එන විට ඩිස්කවුන්ට් ලු. එතකොට කටුනායකින් යන එන අයට මේ ඩිස්කවුන්ට් නැත්තේ එහෙන් යන එන එක හොඳ නැතිද? මේ රජය ආවත් හරි “හම්බන්තොටට කිරි අපිට කැකිරි” තත්වයකට පත්ව ඇති බව මගේ අදහසයි. රටක ජනාධිපති වරයෙක් යනු රටේ නායකයායි. ඔහු සැමගේ නායකයා විය යුතුයි. ඔහුගෙන් ලැබෙන සේවය සැමට සාධාරණ විය යුතුයි. Continue reading

ඔබ ජීවත් වන්නේ ඔබ වෙනුවෙන් පමණද? මුස්ලිම් වරුණි! ඔබට අභියෝගයක්!

ආත්මාර්ථය

ආත්මාර්ථය

ඔයා මෙහෙම කරන්න එපා! ඔයා ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්න! ඔයාගේ පවුලට යන කල දසාව ගැන හිතන්න! අන්වර් මනතුංග බ්ලොගය ජනප්‍රියතාවය වැඩි වෙනකොට බොහෝ අය මෙහෙම පැවසුවා. ඔවුන් මෙයින් පවසන්නේ කුමක්ද? “අපි කරන්නේ අපේ වැඩක් බලාගන්න එකයි. ඔයත් එහෙම ඔයාගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.” අද රටේ ලෝකෙ වෙන දේවල් දිහා බලන විට අපට මෙසේ සිටිය හැකිද? මේ ලිපිය ඒ ගැන විමසුමටයි. Continue reading

මාළු යාළුවන් සහ ඔබේ මාළු කන යාළුවන්

මිතුරුකම

මිතුරුකම

විදෙස් රටක සිටින මගේ මිත්‍රයෙකු ලංකාවේ සිටින සිය පවුල සමග උම්රා වන්දනාවේ යන්නට තීරණය කරන ලදී. එමනිසා ඔහු කලේ තමන්ගේ පවුලේ උදවිය ඔහු සේවය කරන රටට ගෙන්වා ගෙන ඔවුන් සමග උම්රා වන්දනාව සඳහා එම රටින් පිටත්වීමට ගුවන් තොටුපලට ළඟා වීමයි. නමුත් ගුවන් තොටුපොලේදී ඔහු මුහුණ දුන් සිදුවීමක් නිසා ඔහු දැඩි කම්පනයටත් අපහසුතාවයටත් පත්විය. Continue reading

දහම වෙනුවෙන් ආවේගශීලී වීම

ආවේගශීලී වීම

ආවේගශීලී වීම

අපි හැමෝටම තමන්ගේ ආගමට ආදරයක් තිබීම සාධාරණ මෙන්ම පිළිගත හැකි තත්වයකි. නමුත් තමන්ගේ දහම වෙනුවෙන් කියා ආවේගශීලී වීම සහ එසේ කටයුතු කිරීම පිළිගත නොහැකි තත්වයකි. මෙම වෙබ් අඩවියට පැමිණෙන මුස්ලිම් සහ මුස්ලිම් නොවන ආගමිකයන්ද එසේ කටයුතු කරන අවස්ථාවන් මම බොහෝ අවස්ථා වලදී දකිමි. ආගමක් වෙනුවෙන් ආවේගශීලී විය යුතුද? ආවේගශීලී වීම ආගමානුකූලද? යන්න අප විමසා බැලිය යුතු කරුණකි. Continue reading

ආගිය කථා සහ නොකියු කථා

අන්වර් මනතුංග බ්ලොගය

අන්වර් මනතුංග බ්ලොගය

නොවැලැක්විය හැකි කාරණාවක් නිසා අන්වර් මනතුංගට දවස් කිහිපයකට බ්ලොගයෙන් නිවාඩු ගන්න සිදුවුණා. පසුගිය කාලයේ අඛන්ඩවම වැඩකළ නිසා මඳක් නිවාඩු ගත්ත එකත් ඇඟට නම් ගුණයි. නමුත් බ්ලොගයක් වශයෙන් නම් එය ගුණදායක නැහැ. මේ නිසා මම සිටියත් නැතත් මෙම බ්ලොගය පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙලක් සැකසීමට කාලය හොඳ බව දැනෙමින් පවතිනවා. Continue reading

හලාල් සලකුණ රජයට පැවරීමෙන් කුමක් වේද?

සත්‍යය

සත්‍යය

හලාල් සලකුණු විරෝධය සම්බන්ධව මා විසින් අදහස් දක්වමින් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හලාල් නියාමන කටයුතු වලින් තාවකාලිකව ඉවත් විය යුතු යැයි යෝජනා කරද්දී මුස්ලිම් සමාජයේ විවිධ අයද මා සමග විරුද්ධ විය. ඔවුන් පැවසුවේ එතකොට අපි පරාජය භාර ගත්තා වෙනවානේ? යනුවෙනි. අප අත්පත් කරගත යුත්තේ හැඟීම් පුබුදුවන තාවකාලික ජයක් නොව මේ ප්‍රශ්නයට වඩා නිවැරදි දීර්ඝකාලීණ විසඳුමකි. මෙම ප්‍රශ්නය හදිසියේ පැන නැගුණාට එයට විසඳුම හදිසියේ ලබාගත නොහැකි බව මගේ අදහසයි. Continue reading

නිර්මාංශ ආහාර සඳහා ප්‍රමිති සහතිකය හලාල් ප්‍රශ්ණයට විසඳුමක්ද?

නිර්මාංශ

නිර්මාංශ

අන්තවාදී බොදු බල සේනාව විසින් ද්වේෂ සහගත ලෙස ආරම්භ කළ හලාල් සලකුණු විරෝධයට බෞද්ධාගමික පදනමක් නොතිබුණු ව්‍යාපාරයකි. මෙහිදී ඔවුන් නැගූ එකම පැහැදිලි තර්කය නම් අපිට හලාල් නොකෑමේ අයිතියක් ඇති බවයි. නමුත් ඉන් පැනනැගුණු ගැටළුව නම් හලාල් අකැප නම් කැප මොනවාද? යන්නයි. සමහරු පැවසුවේ බෞද්ධයාට කැප නිර්මාංශ බවයි. නමුත් බොදු බල සේනාව ඒ ගැන මුණිවත රකින ලදී. මන්ද ඔවුන්ගේ මාංශ ප්‍රතිපත්තිය නම් ගව විරෝධය පමණක් වීමයි. Continue reading

අවුරුද්දට කලින් හලාල් සලකුණ ඉවත් කරන්න අන්තවාදී බලහත්කාරය විමසුමක්!

අන්තවාදය එපා!

අන්තවාදය එපා!

හලාල් සලකුණ ගැන ජමියතුල් උලමාවට විරුද්ධව තමන් නීතියට යන බව බොදු බල සේනාව විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලද අවස්ථාවේ මම හැකි නම් එසේ කරල ලෙස අභියෝගයක් කළෙමි. නමුත් එය භාරගනු වෙනුවට දැන් බොදු බල සේනාව විසින් තමන්ගේ ස්ථාවරය වෙනස් කර ඇත. ඔවුන් නීතියට නොයා නැවතත් කැලෑ නීතියට ගොස් ඇත. එනම් හලාල් සලකුණ ඉවත් කිරීමට ජමියතුල් උලමාවට කල්දීමෙන් තර්ජනය කිරීමයි. Continue reading

කුවේටයේදී පෙම් කිරීම වරදක්ද?

පෙම් කිරීම

පෙම් කිරීම

අපේ රටින් විදෙස් ගතවන බොහෝ දෙනෙකු විදේශයන්හි නීතිරීති තමන්ගේ රටේ මෙන් නොවන බව නොදනිති. මේ නිසා ඔවුන් එම රටවල් හිදී නොදන්නා වැරදි වලට දඬුවම් විඳීමට ලක්වීම වලක්වනු බැරි දෙයකි. මේ සම්බන්ධව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය තම අවධානය යොමුකළ යුතු බව මගේ අදහසයි. මේ එවන් සිදුවීමක් ගැන වු පුවතකි. Continue reading

වැලන්ටයින් දිනය සහ මුස්ලිම් වරුන් – අන්වර් මනතුංගගේ වැලන්ටයින් පණිවිඩය!

වැලන්ටයින්

වැලන්ටයින්

ජාතික බ්ලොග් අඩවියක් නිසා හැම මගුලම ලියන්න වෙලා. මොකක් හරි ගැන ලිව්වේ නැත්නම් අපේ අය මට මෙසේජ් එවනවා. ඒ නිසා මා අද ලියන්නේ අදටම සුවිශේෂ “වැලා” ගැනයි. අපි කොල්ලා කාලේ “වැලන්ටයින්”ට කිව්වේ වැලා කියලයි. “වැලන්ටයින් දිනය” එන විට වැලා එනවා කීවා මතකයි. ඉතිං වැලා එනවිට පෙම්කරන අයට යුතුකම් බහුලයි. වැලා සමරලා ලවට මොනවා හරි දිය යුතුයි. අපි ඉතිං ඒක කළේ ක්ලාස් යන්න දෙන සල්ලි රුපියලෙන් රුපියල සතෙන් සතේ එකතු කරලා. Continue reading

ඊයේ රාත්‍රී ටී.එන්.එල් රූපවාහිණි නාලිකාවේ විකාශයවු එලිච්චි වැඩසටහන විමසුමක්!

ටී.එන්.එල්. නාලිකාව

ටී.එන්.එල්. නාලිකාව

ඊයේ එනම් 2013 පෙබරවාරි මස 12 වැනිදා රාත්‍රියේ ටී.එන්.එල් නාලිකාවේ විකාශනය වු එලිච්චි වැඩසටහනට බොදු බල සේනාවේ කාන්ඩායමක් සහ මුස්ලිම් පාර්ශවයේ කන්ඩායමක් සහභාගී විය. මෙහිදී මුලින්ම කියවුනේ මෙම සාකච්ඡාවට ඔවුන් බලාපොරොත්තු වුයේ ජමියතුල් උලමා සංවිධානයේ නියෝජනයක් බවත්, නමුත් ජමියතුල් උලමා සංවිධානය විසින් ඒ ගැන ප්‍රතිචාරයක් නොදැක්වු බවයි. Continue reading

වෙස්වලා ගත් ආශිර්වාදය

සැඟවුණු ආශිර්වාදය

සැඟවුණු ආශිර්වාදය

අද ලංකාව තුල සියළුම මාධ්‍යයන් මගින් ඉස්ලාමයට අපහාස එල්ල වන්නේය. ඒ නිසා සෑම තැනම ඉස්ලාමය ගැන සහ මුස්ලිම් වරුන් ගැන සාකච්ඡා, සංවාද සහ විවාද ඇති වන බව පෙනේ. මෙයින් ඉස්ලාමයට දීර්ඝකාලීණ අසාධාරණයක් සිදු වන්නේද? මගේ අදහස නම් සිදුව තිබෙන්නේ දීර්ඝ කාලීණ ලාභයකි. මෙම ලිපියෙන් මා පෙන්වා දෙන්නේ එයට හේතූන්ය. Continue reading