Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මචං….. ඥානසාර!

මචං ඥානසාර!

මචං ඥානසාර!

අපිත් එක්ක එකට සිගරට් එක බොන, බියර් වීදුරුව ගහන බඩු කෑලි ගැන කතා කරන හාමුදුරුලාට අපි කියන්නෙ මචං සාදුලා කියලා. ඉතින් ඒ මචං සාදුලා අතර අද වෙනකොට ඉහළින්ම ඉන්න අය ගැන අපි දන්නවනෙ. ඒත් මචං ඥානසාර අපේ මචං සාදු කෙනෙක් වෙන්නෙ වෙන කාරණාවක් හින්දයි. ඒ තමයි මචං ඥානසාර අද ලංකාව ඉන්න ලොකුම චන්ඩියා. Continue reading

දුනේෂ් ගංකන්ද බීලා බයිට් එකට තිවාගේ නහය කාලා

නහය සපා කෑම

නහය සපා කෑම

දුනේෂ් ගංකන්ද කියන්නේ සමන් දෙයියන්ගේ අඩවියෙන් ආපු කෙනෙක්. නමුත් දැන් එයා වැඩියෙන් කැරකෙන්නේ සමන් දේවාලය පැත්තේ නෙමෙයි. කොලඹ තුල තිබෙන Night club අස්සෙයි. පහුගිය දවසක Night club එකක සිල් ගන්න ගිය එයාගේ අතින් තිවා කියන දමිල ව්‍යාපාරිකයෙක්ගේ නහයකුත් හැපිලා. ඇත්තටම මම අතින් කියලා කිව්වේ වැරදීමකින් හැපිලා තියෙන්නේ කටින් එනම් මුඛයෙන්. ඒ වෙලාවේ තිවාට හෙම්බිරිස්සාව නොතිබුණේ අවාසනාවකටයි. Continue reading

කොරියාවේ එහෙම වුනත් – ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!

පසුගිය දිනක කොරියාවේ චීවරධාරීන් (මම මෙහෙම චීවරධාරීන් කියා ලිව්වේ එසේ නොවුවහොත් ධර්මධර විනයධර භික්ෂූන්ට අපහාසයක් වන්නට ඉඩ ඇති නිසයි) පිරිසක් මත්පැන් සහ දුම්පානය කරමින්, සූදුවේ නිරතව සිටිනු දක්නට ලැබෙන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව, දකුණු කොරියාවේ බලවත්ම බෞද්ධ නිකායේ මහා නායක හිමියන්ට ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින්නට සිදුවුණා. මේ සිද්ධියට සම්බන්ධ ජෝග්යේ නිකාය යනු, දකුණු කොරියාවේ ලක්ෂ ගණනක් අනුගාමිකයන් සහිත ප්‍රධාන බෞද්ධ නිකායයි. Continue reading

ජයලත් ජයවර්ධන සහ දුප්පතා අතර වෙනස

වෛද්‍ය ජයලත් ජයවර්ධන

වෛද්‍ය ජයලත් ජයවර්ධන

විපක්ෂ මන්ත්‍රී සම්මාන මහාචාර්ය ජයලත් ජයවර්ථන මහතාට හෘදයාබාධයක් ඇති වී ඇතැයි වාර්ථාවේ. Heart Attack (හෘදයාබාධ) යනු ධනවතුන්ට පමණක් වැල‍දෙන රෝගයක් නොවේ ලාංකීය සාමාන්‍ය දුප්පතුන්ටද සෑදෙන ලෙඩකි. නමුත් දුප්පතා සහ ජයලත් ජයවර්ධන මහතා අතර වෙනසක් ඇත.

Continue reading

වාහන පසුපස අඹා යාම හෙවත් ඩ්‍රැයිවින්

ඩ්‍රයිවින් හෙවත් එලවීම

ඩ්‍රයිවින් හෙවත් එලවීම

මහ පාරේ බයිසිකලය පැදගෙන යෑමට පියාගෙන් අවසර ගත් ආකාරය තවම මතකය. පුංචි කාලයේ වත්තේ බයිසිකල් පැදලා සෙල්ලම් කළාට තුරුණු විය එළඹෙත්ම අවශ්‍ය වුණේ මහ පාරේ බයිසිකලය පැදගෙන යන්නයි. නමුත් තාත්තගෙන් ඇහුවාම කියන්නේ තවම ඔයාට පුරුදු නැහැ කියලයි. කොහොමින් කොහොම හරි මගේ ඇවටිල්ල නිසාමදෝ දවසක් තාත්තා බයිසිකලය ඇරගෙන පාරට යං කිව්වා. මට සීට් එකේ වාඩිවෙන්න කියලා තාත්තා ඉදිරිපසින් වාඩි වුණා. මම හිතුවේ නැහැ තාත්තා මේ වගේ ට්‍රයල් එකක් බලයි කියලා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. තාත්තත් දාගෙන පදින්න පටන් ගත්තා. Continue reading

වාහන ආනයන සමාගම් පේන බළලා???

ආයිත් පැරණි යුගයටද?

ආයිත් පැරණි යුගයටද?

ඊයේ සිට වාහන වල බදු ඉහල යාම නිසා දැන් ලාංකීය අන්තර්ජාලය හොඳටම රත්වෙලා සමහරු කියන්නේ ඉන්දියාවට හොඳ වැඩේ කියලයි. තවත් සමහරු කියන්නේ ආන්ඩුවට ඡන්දෙ දුන්න ඈයින්ට හොඳ වැඩේ යනුවෙනි. මේ කාට හොදි නැති පරිප්පු හිමි වුවද මහා පරිමාණයෙන් වාහන ගෙන්වු අය ගොඩේ ගොඩය. සමහරුන්ගේ ආදායම එක රැයින්ම වැඩි වී ඇත. තමන්ට හාල්පොත වගේ තිබුණු එකම වාහනය විකුණා ගන්නට සිතා සිටි අයටද සහනයක් වන්නේ තමන් බලාපොරොත්තු වු මුදලටත් වඩා මිලකට වාහනය අලෙවි කරගත හැකි වනු ඇති නිසාය. නමුත් ඔවුන් එය විකුණා තවත් වාහනයක් ගන්නට සිතා සිටින්නේ නම් මහා අලකලංචියකි. Continue reading

තෙරේ මේරේ ගගේ පාවී කෙලියේ

මන් මෝහන් සිංග්

මන් මෝහන් සිංග්

ළඟදී ජිනීවා හි පැවති ඡන්දය ගැන ඇමති ඩලා මහත්තයා මාද්දිය වෙත කියා තිබුණේ ඉන්දියාවට ඕන උනේ ලංකාවට සහය දීමට උවත් ඒ ගොල්ලන්ගේ මන්ඩලේ කචල් වෙන්න ගිය නිසා එම අදහස අතඇරිය බවයි. අනේ! ඊට පස්සේ ඉන්දියාවේ අකමැති මනමෝහනත් ඒ වගේම ලියා එව්වා. Continue reading

ඔන්න තැඹිලි වතුර බොන්න ඔට්ටු නැහැ!

මිහින්තලය රජමහා විහාරයේ හිටපු විහාරාධිපති පූජ්‍ය නාමල්වැවේ රතනසාර හිමියන් ඊයේ (මාර්තු 12) පස්වරුවේ ඉඳලා මිහින්තලේ නගර මධ්‍යයේ  මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා. ඒ සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව මිහින්තලය රජමහා විහාරාධිපති ලෙස පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පත් කිරිමට ගෙන ඇති තීරණයට විරෝධය පාලා. මෙතුමාණන් වහන්සේට දරුණු අපචාර චෝදනා එල්ල වෙලා තියෙනවා. දැන් උන්වහන්සේ කියන්නේ තනතුර නැත්නම් මැරෙනවා කියලලු. බුදු දහමට අනුව කරන්න ඕන සියල්ල අතහැරීමයි. ඒත් දැන් සිද්ධ වෙන්නේ සියල්ල බදා ගැනීමයි. අන්වර් මනතුංගට හිතුනා මේ මාරාන්තික උපවාසය ගැනත් ලියන්න. මේකෙ හෙළුවත් පෙන්නා දීම මගේ යුතුකමක් හා වගකීමක් ලෙස පෙනුන හින්දා. Continue reading

අතීත සැමරුම් – පාසැල් මහා ක්‍රිකට් තරඟය

ඉගෙන ගන්න යම් දක්ෂ කමක් තිබුණද දඩබ්බර කම් වලටද ඒ හා සමාන දක්ෂතාවයක් තිබුණි. ඒ නිසා පාසැල් වියේදී බොහෝ දඩබ්බර කම් වලදී මම නායකත්වය දුන්නෙමි. බිග් මැච් හෙවත් මහා ක්‍රිකට් තරඟ සම්බන්ධවද එවැනි සිද්ධියක් විය. අපේ පාසැල් කාලයේ එක් වසරක බිග්මැච් සඳහා වාහන වලින් ගොස් විවිධ තැන්වල මුදල් එකතු කිරීම පොලීසිය විසින් තහනම් කරන ලදී. ඇත්තටම අපිට අපේ දෙමව්පියන් විසින් වියදමට මුදල් දුන්නද අපිට ඒ දවස් වල විවිධ තැන් වලට ගොස් සින්දු කියා නටා එකතු කරන මුදල් තරම් ගෙදරින් ගේන මුදල් වටින්නේ නැත. ඒ නිසා පොලීසියට හොරෙන් බිග්මැච් කැම්පේන් යන්න වාහනයක් ලෑස්ති කරගත්තෙමු. Continue reading

යළි පෙරලෙන ඉතිහාස පිටු

කටුපේමා ඇන්ටි ජීවත්වුයේ අපේ ගමේ කෙලවර ගෙදරට ගෙවල් කිහිපයකට මෙහාය. ඇයගේ නම පේමවතී වුව ඇයට කටුපේමා කියන්නේ ඉතාමත් හීන්දෑරි සිරුරක් ඇයට තිබෙන නිසා වන්නට පිළිවන. දිලිඳු බවින් ජයගන්නටදෝ ඇය එකල විදෙස් ගත විය. මේ ලියන්නේ කටුපේමා රටගිහින් ආව කාලේ කථාවකි. ඇවිත් දින කිහිපයකට පසුව කටුපේමාගේ දියණිය මල්වර වී යැයි අපේ අම්මාට ආරංචිය ගෙනාවේ තවත් අසල්වැසි කාන්තාවකි. Continue reading

හිතවත් මහේල,

හිතවත් මහේල,

 

ඊයේ රෑ ඔබ මැච් එක පරාද වු එකේ වගකීම බාරගත්තා. ඔයා ඒ කලේ ලංකාවේ කෙනෙක් හැටියට නොකල යුත්තක්. ඔහොම වැරදි පිළිගන්න ගියොත් දවසක ජනතාව කියයි ඔයාට ඉල්ලා අස්වෙන්න කියලා. එතකොට මොනවද කරන්නේ?  ඔයාගේ හිටපු ගුරා කැප්ටන් පූල් වත් කවදාවත් එහෙම කරලා නැහැ. එයා අසෝකේ කොල්ලන්ට බැට් පැලෙන්න ගහලා ගිහිල්ලා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් වුනේ හරියට ඉස්කෝලේ කොල්ලන්ගෙන් ගුටි කාලා වගෙයි. අන්න එහෙමයි වැඩ කරන්න ඕන. Continue reading

හුරේ! ක්‍රිකට් කොල්ලෝ ටික ස්කෝර් කරන්නේ නියම වෙලාවටයි

ලංකා පිල දකුණු අප්‍රිකාවට ගිහින් ආවේ පැරදිලා විතරක් නෙමෙයි. ඩිල්ශාන්ගේ නායක පට්ටමත් ගලවගෙන. ආපහු මහේලටම නායකත්වෙ ගන්න වුණා. මේක ගැන වැඩියෙන්ම නොරිස්සුමෙන් හිටියේ සනාබෝයි. කාලෙක ඉඳලා සනාබෝයි අපේ ටීම් එකේ අනික් අයත් සමග ඉන්නේ ටිකක් හොඳ නැති ගාණටයි. සමහරු කියන්නේ මේවා දේශපාලන ප්‍රශ්න කියලයි. කොහොම වුනත් ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලනේ රිංගලා දැන් ගොඩක් කල්. මම නම් කියන්නේ ගාමිණි දිසානායක ඉඳලම ක්‍රිකට් වලට ඇඟිලි ගැහීම වැරදියි කියලයි. එදා එයාට ක්‍රිකට් ගොඩ ගන්න සභාපති වෙන්නේ නැතිව කරන්න බැරි වුණේ ඇයි? Continue reading

අයියෝ!!! කුසට ලෝකල් පබෙක් හිටියේම නැද්ද?

අන්වර් මනතුංග සිනමා කර්මාන්තය ගැන නම් ඉන්නේ එය අභාවයටම යැවිය යුතුය යන මතවාදයේයි. සිනමාව වනාහී ඉතා ප්‍රබල සංනිවේදන මාධ්‍යයක් කියන මතවාදයේ එල්බිලා ඉන්න අයට මම කියන්නේ ඊට වඩා කාලය නොකන, ලාබදායි සහ පහසු සංනිවේදන ක්‍රම තියෙද්දීත් තවදුරටත් සිනමාවක් බදාගෙන ඉඳීමෙන් පලක් නොමැති බවයි. වර්තමානයේ හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, අරවුඩ්, මේවුඩ් මෙකී නොකී හැම වුඩ් එකෙන්ම කරන්නේ සංනිවේදනය පැත්තක තබා සන්නිවාදනයකි. ඒවායින් නරඹන ජනතාවට ගතයුත්තක් ඇත්තේම නැත. ඒ වුනාට සිනමා නිශ්පාදකයන්, අධ්‍යක්ෂවරුන්, තාක්ෂණික ශිල්පීන්, නළුනිළියන්, ෆිල්ම් හෝල් අයිතිකාරයන් මෙකී නොකී හැම කෙනෙක්ටම ගතයුත්තක් ඇත. ඒ සල්ලිය. Continue reading

පුදුම නෑමක් නේ!!!

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

හලෝ! මේ කර්සායි කථා කරන්නේ මට පොඩ්ඩක් හරක් ඔබාමාට කථා කරන්න පුළුවන්ද?

 

හරක් ඔබාමා? යකෝ උඹ කාටද එහෙම කතා කරන්නේ?

 

ආ‍! මේ උඹමද ආන්සර් කළේ? ඇයි යකෝ හරක් වැඩ කරන එවුන්ට ඒ නම පාවිච්චි කළාම මොකක්ද වැරැද්ද? Continue reading

අනේ ඩලා අයියේ! සොරි ඩලස් අලහප්පෙරුම මැතිතුමණි! හැන්දෑවට ගෙදර යන්න

ප්‍රදීපා අක්කාගේ, අනේ සොරි ප්‍රදීපා ධර්මදාස මැතිණියගේ පොස්ටරයක් තාප්ප වල දැක ගන්නට ලැබුණේ හැන්දෑවට ගෙදර එන්න කියායි. මේ පෝස්ටරයේ එතුමිය සිටියේ කෙට්ටු වෙලාය. මම ලඟට ගොස් බැළුවෙමි. අනේ මේ තරුණ කාලේ ගහපු එකක නේ! ඉතිං ඇයි? ලඟදි ෆොටෝ එකක් ගහන්න බැරි වුණාද? Continue reading

තෙල්ගාලා හිස පීරන් නෑනෝ – තෙල් මිල බලමින් නුහුලන් නෑනෝ

පෙරේදා රෑ පරණ යාළුවෙක් කෝල් කරලා ඇහුවේ මචං උඹ කොහෙද? කියලයි. නිදිමතේ හීනෙන් වගේ මම උත්තර දුන්නේ ගෙදර මිසක් වෙන කොහේද? කියලයි. මම නම් ඉන්නේ පෙට්‍රල් පෝලිමේ කියලා ඔහු උත්තර දුන්නා. මේ මහ රෑ මොන පෙට්‍රල් පෝලිමක්ද? ඇයි දන්නැද්ද? උඹලගේ ආන්ඩුවෙන් හෙට වෙනකොට ඩීසලුයි පෙට්‍රලුයි දෙකම වැඩි කරනවලු. ඔහු එහෙම කිව්වත් මම හැරිලා බුදිය ගත්තේ ඕන නම් රුපියල් 5 කින් 10 කින් වැඩි වෙන්නේ නැතැයි කියලයි. නමුත් උදේ පෙට්‍රල් ෂෙඩ් එකට ගියාට පස්සෙයි තරු විසිවුණේ. ඩීසල් 31 කින්ම නැගලා. වෙනදා 700කින් ගහන තෙල් ටිකට දැන් 1000ක් විතර ගෙවන්න ඕන. මගේ අදහස නම් මේකට ආන්ඩුවට බැනලා වැඩක් නැහැ. මොන ආන්ඩුව ආවත් දැන් තියෙන ලෝක තත්වෙ අනුව තෙල් මිල වැඩි කරන්නම වෙනවා. Continue reading

කුකුළා ෂුවර් නැති නිසා වුණු කුකුල් සංහාරයක්

නිකරුණේ සිදුවුණු කුකුල් සංහාරය

නිකරුණේ සිදුවුණු කුකුල් සංහාරය

පසුගිය දිනවල ලංකාවේ එක්තරා කුකුළු ගොවිපොලක කුකුළන්ට ඇතිවුණු හඳුණා නොගත් රෝගයක් නිසා එය කුරුළු උණ යැයි සැක කළ බැවින් එවෙලේම කුකුළන් දහස් ගණනක් මරණ දන්ඩනයට යටත් කරන ලදී. මේ පිළිබඳව මාධ්‍ය මගින් සැම වෙතම දැන ගන්නට ලැබුණත් අපට සත්ත්ව අවිහිංසාවාදීන්ගෙන් නම් කිසිම හඬක් අසන්නට ලැබුණේ නැහැ. මේ අය නිදිවත්ද? කියා සිතූ මම මගේ සත්ත්ව අවිහිංසාවාදී මිතුරෙක්ට කථා කළා. මම ඔහුගෙන් ඇසුවේ මේ මරන්න යන කුකුළන් ගැන මොකක්වත් කරන්න අදහසක් නැත්ද? කියලයි. ඔහු ගත් කටටම ඇසුවේ Continue reading

අනේ වාසනාවන් හිරුණිකා බේබි

අපේ රටේ දේශපාලකයන් විසින් සිය අනාගත පරපුර එනම් දුදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට ගන්නාවු පියවර වන්නේ ඔවුන්ව තමන්ට පසුව දේශපාලනයට ඒම සඳහා මග විවර කර තැබීමයි. අපේ රටේ බේබි දේශපාලනය ගැන කලින් ලිපියකින් (http://www.anvermanatunga.com/2012/01/14/) පෙන්වා දුන්නෙමි. එහි ඌන පුර්ණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ අපේ රටේ ඡන්දදායකයන්ගේ කඳුළු පිස දැමීමට මෑතකදී දේශපාලනයට අළුතෙන්ම එක් වී ඇත්තේ බේබිණියක බවයි. ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බේබිණියයි. ඇය පියාගේ අඩි පාරේ යන බව ඇසු සැනින් මගේ හිරිගඩු පිපුණි. ඇත්තටම මයිල් ඉස්මයිල් විය. Continue reading

රහසින්වත් වස්සෙක් විකුණමුද?

මේ කථාව අසන්නට ලැබුණේ සබරගමුව පලාතෙන්. එක්තරා පවුලක සිය ආදායම වුයේ කිරි ගවපට්ටියක් පවත්වාගෙන යෑමයි. දිනපතා කිරි වෙලඳාමෙන් දිවි සරිකරගන්නා ඔවුන්ට එම ආදායම සෑහුනේ එදිනෙදාට පමණි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තිදෙනෙකුම පාසැල් යන වයසේ සිටි නිසා වසර අවසානයේ දරුවන්ට පාසැල් පොත් නිල ඇඳුම් සපත්තු මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. වෙනදාට ඔවුන් ඒ සඳහා කළේ වසරකට වරක් ගවපට්ටියේ සිටි වස්සෙක් විකුණා ඉන් ලැබෙන ආදායමෙන් එම වියදම් සපයා ගැනීමයි. Continue reading

බේබි ලන්තයේ බේබි දේශපාලනය

බේබි දේශපාලනය වනාහී බේබි ලන්තයට නිදහස ලැබුණු කාලයේ පටන් පැවත එන එකකි. නිදහස ලැබී ටික දොහකින් නායකබන්ඩාර තුමාට තමන්ට මේ කපේදී නායකසේනා තුමාගෙන් රජකම ගන්නට බැරිය යන්න තේරී වෙන අතක් බලා ගත්තත් වලකොතලා තුමා සිතා සිටියේ තමන්ට තිබු හිතවත් කම නිසා කෙසේ හෝ තමන්ට රජකම ලැබේ යැයි කියායි. නමුත් ඔහුටත් හොරෙන් නායකසේනා තුමා අන්තිම කැමැත්ත තමුන්ගේම බේබිට පවරා තිබු නිසා රජකම එවේලේ වලකොතලා තුමාට අහිමි විය. බේබි දේශපාලනය බේබි ලන්තයේ මුල්බැස ගත්තේ මින් පස්සේ බවයි පරණ ඈයින්ගේ කතාව. Continue reading

වෝල්ස් ස්ට්‍රීට් සහ කොලඹ හත

ඇමරිකාවේ ධනවත් කුවේරයන් ගැන කථා කරනවා නම් නිතැතින්ම මතක් වන්නේ වෝල්ස්ට්‍රීට් හි පදිංචි මිනිසුන් ගැනයි. එම වීදියේ සිටින කුඩා පිරිසක් විසින් මුළු මහත් ඇමරිකාවේ ආර්ථිකයම හසුරුවන බව සිතෙන විටත් පුදුමාකාරය. එමෙන්ම මුළුමහත් ඇමරිකානු ආර්ථිකයෙන් වැඩිම කොටසක් බුදින්නේ මේ සුළුතරය යන්න ගැන සිතන විට ධනවාදය කෙතරම් රුදුරුද යැයි සිතේ. (නමුත් මේ ලියුම්කරු වනාහී ධනවාදී ආර්ථිකයේ ඵල බුදිමින් එය විවේචනය කරන්නාවු බංකොලොත් සමාජවාදියෙක් නම් නොවේ) මේ තත්වය අප  ලංකාව සමග සසඳනවා නම් වෝල් ස්ට්‍රීට් සමාන වන්නේ ලංකාවේ කොලඹ 7 හෙවත් කුරුඳුවත්තටය. Continue reading

නත්තල යනු කුමක්ද?

යේසුස් තුමන් (නබි ඊසා අලෛහිසලාම්) යනු මුස්ලිම් අපගේ පෙර මානව ශාස්තෘ වරයෙක් හෙවත් පෙර නබි වරයෙක් නිසා එතුමා මෙලොවට ඉපදීම අපටද ඉතා වැදගත්ය. එහෙත් ඇත්තටම නත්තල් දින එනම් දෙසැම්මබර් 25 වෙනිදින එතුමන් මෙලොව ජනිත වී නැති නිසා අපට නත්තල් දිනයෙන් ඇති වැඩක් නැත. කෙසේ වුවද මුස්ලිම් අප විසින් උපන් දිනයන් සමරන්නේද නැත. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාගේ උපන් දිනය වන මිලාද් උන් නබි දිනයේ අප සැමරුම් කරන්නේද නැත. මා සිතන්නේ උපන් දින සැමරුම් යනු අපට බටහිරයෙන් ලැබුණු චාරිත්‍රයකි. Continue reading

ලංකාවේ ගණිකාවන් නැත්නම් මිනිස්සු පිස්සන් වෙයිද?

පසුගිය දිනක ගොසිප් අඩවියක සඳහන් වුන ප්‍රවෘත්තියක දැක්වුණේ ලංකාවේ ගණිකාවන් නොසිටින්න මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවට ප්‍රසිද්ධ නිලියක රූපවාහිනී සාකච්ඡාවකදී පවසා ඇති බවයි. මේ පුවත බලමින් සිටි මාහට පුටුවේ ඇති සැපවත් බව නිසාමදෝ එහෙමම නින්ද ගියා. Continue reading

යාපනේ බිස්නස් (ජන අරගල ව්‍යාපාරය)

සමහරු රස්සා කරන්න කැමති නැත. රස්සාවක් කළොත් ලැබෙන්නේ මාස් පඩියකි. ජීවන වියදමත් එක්ක බැළුවහම ඒක සොච්චමක්. අනික පඩි වැඩි වෙන්නෙත් අවුරුද්දකට සැරයක් නේ? ඒක නිසා මොකක් හෝ බිස්නස් එකකට ඔළුව දාගන්න සමහරු දඟලනවා. කොහෙන් හරි චාන්ස් එකක් වැදුනොත් ඉතිං ගොඩ තමයි.

Continue reading

රැහැයියකු නොවී එහෙයියෙකු වන්නැ

රැහැයියා වනාහී කුඩා සතෙකු වුවදැ නගන්නේ අමිරිහිරි හඬක්මයැ. එහෙයියෙකු නොවන්නාදැ එසේමයැ. කි‍නම් ස්වරයකින් හඬක් නගන්නේදැ ඒ අමිහිරි හඬක්මැ වන්නේයැ. නමුත් එහෙයියා එසේ නොවේයැ. නුගුණ/ දුගුණ දක්නේ වී නමුදු වයන්නේමැ ගුණමයැ. Continue reading

නත්තල් උත්සව වර්ජනය

ප්‍රේම් ළමා නිවාසයේ සිද්ධිය උඩ කාදිනල් තුමා රජයේ නත්තල් උත්සව වලට සහභාගී වීමෙන් වැලකෙන බවට ප්‍රකාශයක් කර තිබුණා. දැන් ඊලඟට අනුරාධපුරේ පියතුමෙකුත් ඊට සහයෝගය දෙන්න පටන් අරගෙන මෙහෙම යනකොට මේ පාර නත්තල සමරගන්නත් බැරි‍ වෙයිද දන්නැහැ. Continue reading

මත්පැන් දුම්බොනවුන්ට බයිට් වෙන රටවැසියෝ

බීමත්ව යන පුද්ගලයෙක් පාරේ යන කන්තාවකට අසභ්‍ය වචනයෙන් බැන වදියි. නමුත් අවට සිටියවුන් ඒ ගැන කිසිවක් නොකරති. ඌ බීලනේ! යැයි කියනු ඇත. නමුත් සිහිබුද්ධිය ඇති පුද්ගලයෙක් එවැනි දෙයක් කළ හොත් ඔහු ඉවරය. මේ අප සමාජය තුල බේබද්දෙකුට නිතැතින් ලැබී ඇති සමාජ වරප්‍රසාදයකි. අනෙක් අතින් මත්පැන් සහ දුම්බොන අය කරන්නේ තමන්ගේ පවුලේ අදායමෙන් විශාල ප්‍රමාණයක් තමන්ගේ පුද්ගලික විනෝදය තකා වියදම් කිරීමයි. එහිදී පවුලේ අනෙක් සාමාජිකයන්ගේ අයිතිවාසිකම් රැසක් මේ බේබදුකමට සහ දුමට ඇබ්බැහිය නිසා යටපත් වෙති. Continue reading

දේශපාලනය දුෂ්‍ය කරන දුෂිත ඡන්දදායකයන්

පසුගිය දිනෙක අපේ රටේ දේශපාලඥයෙක් විසින් ඉතා වැදගත් ප්‍රකාශයක් කරන ලදී. එනම් දුෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව බවයි. දේශපාලනඥයෙක් වුවද ඔහු කළ ප්‍රගකාශය සැබෑවක් බව මගේ අදහසයි. මේ රටේ සිටින දුෂිත පුද්ගලයන්, වංචා කාරයන්, ජාවාරම් කාරයන්, මැරයන් ඇතුළු සියළුම විෂමාචාරීන් පාර්ලිමේන්තුව සහ දේශපාලනය වෙතට ගෙන ඒම පිළිබඳව සම්පුර්ණ වැරදි කරුවා මෙරට ඡන්දදායකයාය. ජනතාව විසින් බුද්ධිමත්ව සිය ඡන්දයෙන් නිසි පුද්ගලයන් පමණක් බලයට පත්කළා නම් අද අපේ රටේ දේශපාලනය ඉතාමත් පුජනීය තත්වයක තිබෙනු ඇත. Continue reading

මොහාන් ලාල් ග්‍රේරු අභිනිෂ්ක්‍රමනය

අයවැය සමබර එකක් බැවින් තමන් අයවැයට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බැව් ප්‍රකාශ කළ මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා ආන්ඩු පක්ෂයට යන බව ඉතා පැහැදිලිය. මගේ අදහස නම් පුනර්භවයක් විශ්වාස නොකරන සියළුම විපක්ෂ මංත්‍රීවරු ආන්ඩු පක්ෂයට යායුතු බවයි. මන්ද අපේ රටේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ ආත්මයේ බලයට පත්වන බවක් පෙනෙන්නට නොමැති බැවිනි. අද විපක්ෂයේ සිටින්නට වලංගු එක්කෝ නායකත්වයට කෙළහලා ගෙන සිටින කෙනෙකි. නැත්නම් කාගේ හරි කොන්තරාත්තුවක් ඉෂ්ඨ කරන්න බාරගත් කෙනෙකි. එසේ නොමැතිව මොලේ ඇති කෙනෙක් එසේ සිටිනු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. Continue reading

පිංඇඩ් දැමීම සහ දේශපාලන ඇඩ් දමා ගැනීම

බෞද්ධයෙකු නොවන නිසා මම පංසලක ඇතුලට යන්නේ කලාතුරකිනි. එහෙත් පසුගිය දිනෙක හිතවත් භිකෂුවක් හමුවීමට පංසලකට යෑමට සිදුවිය. පංසලේ ගේට්ටුව ලඟට යනවිටම මා දුටුයේ අසවල් මිය ගිය පුද්ගලයාට පිංපිණිස දුදරුවන් විසින් (ඔවුන්ගේ නමුත් සඳහන්ව ඇත) මෙම තොරණ ඉදිකර ඇති බවට පුවරුවකි. බෝධිය අසල රන් ගෑ වැටකි. එහි එය සෑදු තැනැත්තන්ගේ නම් සහිත පුවරුවක් තිබුණි. පහන් වැට, මල් ආසනය, චෛත්‍යය, බුදුගෙය යන සෑම තැනකම පුවරු වල ඒවා ලබාදුන් සහ ඉදිකිරීමට ආධාර කළ අයවළුන්ගේ නම් සඳහන් පුවරු දක්නට ලැබුණි. මම මේ සම්බන්ධව මා හිතවත් භික්ෂුවට පවසා ඉස්ලාමයේ නම් මෙලෙස තමන් විසින් ප්‍රධානය කළදේහි නම සඳහන් කරන්නාට, කිසිදු කුසලක් හිමි නොවන බව සඳහන්ව ඇතැයි පැවසුවෙමි. එවිට එතුමා පැවසුයේ ඒ අන්දමට තමන්ගේ නම් පුවරුවල දමා ගන්නට ඉඩ නොදෙනවා නම් කිසිදු උපකාරයක් ලබාගත නොහැකි වනු ඇති බවයි. එහෙත් අපගේ මුස්ලිම් පල්ලියකට පැමිණ ඒ පිළිබඳව සියැසින්ම දැක ගන්නා ලෙස මම එතුමාට ආරාධනා කළෙමි. Continue reading