Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

නූතන අබු ජහීල් වරු

 

බොරුව ඇත්ත කිරීම

බොරුව ඇත්ත කිරීම

අබු ජහීල්  යනු ඉස්ලාමීය ඉතාහාසයේ විශේෂයෙන් මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) කාල වකවානුවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කැරලි ගැසූ හා මුස්ලිම්වරුන්ට විරුද්ධව මහා පරිමාණ බොරු ප්‍රචාරයේ නියැලුනු චරිතයකි. Continue reading

බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්!!!

භාෂනයට නීතියක්!

භාෂනයට නීතියක්!

“බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්” යනුවෙන් සඳහන් අන්තර්ජාල පෝස්ටරයක් මා දුටුවෙමි. ඒ ගැන විමසිලිමත්වු මා හට දැනගන්නට ලැබුණේ බුදු දහමට නිගාදෙන ප්‍රකාශන වලට එරෙහිව පනතක් ළගඳීම ගෙන ඒමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවයි. ආගම්බේධවාදීන් කියන්නේ නොබෝදා පැවති බොදුබල සේනා සම්මේලනයට බියවු ආන්ඩුව මේ පියවර ගත් බවයි. Continue reading

නවක බොදුනුවන්‍ දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

පටිරෝල් රගපෑ නළුවන් දෙදෙනා

දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි. Continue reading

ෆේස් බුක්හි පලවුන මගේ ඡායාරූපය සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය. Continue reading

කුණු හරප සහ අසභ්‍ය ප්‍රතිචාර සම්බන්ධව

කුණුහරප ප්‍රතිචාර

කුණුහරප ප්‍රතිචාර

මේ වන විට අන්වර් මනතුංග බ්ලොගයට ලැබෙන ප්‍රතිචාර අතරින් කුණු හරප සහ අසභ්‍ය වචන ප්‍රතිචාරයන්ගෙන් අඩුවක් නැහැ. මා කරන්නේ ඒ සියළුම ප්‍රතිචාරයන් මකා දැමීමයි. මේ අය බොහෝ විට මා හට වෛර කරන නිසා එවුවද ඔවුන් විසින් එවන දේ මා පලනොකරන නිසා තවත් ඔවුන්ගේ වෛරය වැඩි වන්නට පුළුවන. එමගින් ඒ පුද්ගලයාට සිදුවන්නේ දැඩි හානියකි. වෛරයේ ප්‍රථිඵලය අසහනයයි. අසහනයේ ප්‍රථිඵලය පුද්ගල විනාශයකි. තමන් තුල දැඩි ප්‍රතිපත්ති නිසා තමන් තමන්වම විනාශ කරගන්නේ ඇයි? Continue reading

අරාබි අය කොහොම කෑවත් අපිට ‍මොකෝ? හිවල් හඬට පිළිතුරක්

එක පතෙහි කෑම

එක පතෙහි කෑම

මේ දවස් වල face book එකේ අරාබි වරුන් කෑම කන දර්ශනයක් සහිත පිංතුරයක් ප්‍රචාරය වෙනවා. මේකත් Internet පාළුවෙක්ගේ වැඩක්. මම ඉන්ටර්නෙට් පාළුවන් ගැන ලියු ලිපිය බලන්න මේ Link එක ඔබන්න. (http://www.anvermanatunga.com/2012/05/29/internet/) මම නම් මේ වගේ කුණු කන්දල් ගැන ලියන්නත් කැමති නැහැ. බොහෝ දෙනෙක් මේ Link එක දාලා මගේ ලිපි වලට Comment වශයෙන් එවන්නේ ඔවුන්ට මුස්ලිම් වරුන් සමග තියෙන තරහ සමනය කරගන්න බව මම දන්නවා. නමුත් මට Comment එවලා ඒ වෛරය පිරිමහගන්න බැරි බව මම ඔවුන්ට පවසමි. Continue reading

කරන්න වැඩක් නැති ඉන්ටර්නෙට් පාළුවෝ

අන්තර්ජාලය

අන්තර්ජාලය

සමහරු Internet එකේ නිදියගෙන ඉන්නවද මන්දා. හැම තිස්සෙම Chat හෝ Comment කරගත්තු ගමන්. මේකත් එක්තරා මානසික ව්‍යාධියක්. නමුත් බේත් ගන්න තවම Dispensary යක් ලෝකේ කොහේවත් හදලා නැහැ. මම හිතන්නේ මේ Dispensary ය හදන්න ඕනත් Internet එක ඇතුලෙමයි. නැත්නම් එලියේ හැදුවොත් මුන් එකෙක්වත් බෙහෙත් ගන්න යන එකකුත් නැහැ. ඇයි එලියේ යන්න වෙලාවක් නැහැනේ? පිස්සො අල්ලලා පිස්සන් කොටුවට දාන හෝ පිස්සු බල්ලන් අල්ලලා බලු වෑන් වලට දානවා වගේ වැඩක් Internet එකෙත් පටන් ගත්ත නම් ඊටත් වඩා හොඳයි.   Continue reading