ජීවිතයට ප්‍රශ්න ඇති වෙන ඇති වන්නේ දුකක්. නමුත් ඒ ප්‍රශ්නය අභියෝගයක් බව දකිනකොට ඇති වන්නේ සතුටක්! මන්ද මම සහජයෙන්ම කෙසේ හෝ එම අභියෝගය ජයගන්න බව දන්න නිසයි. මම ජීවිත ගමනේ මේ දක්වා පැමිණ තිබෙන්නේ රෝස මල් යහනාවකින් නොවේ. බොහෝ දෙනෙකු සිතුවේ අප අඩවිය ලංකාවේ තහනම් කරපු ගමන් වෙබ් අඩවිය වැටෙයි කියලයි. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් දැන් නැවත හෙමින් බාධක මැඩගෙන ඉදිරියට යනවා. Continue reading
Tag Archives: අන්වර් මනතුංග බ්ලොග් අඩවිය
ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි
අන්වර් මනතුංග වන මම වෘත්තියෙන් ධර්ම දේශකයෙක්මි. ශ්‍රී ලංකාව තුල සහ ලොව රටවල් රැසක ඉස්ලාම් ධර්මය දේශනා කිරීමේ නියුතුව සිටිමි. මීට අමතරව අන්තර්ජාලය තුල අන්වර් මනතුංග නමින් www.anvermanatunga.com සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අතර එය ආරම්භ කලේ මගේ අදහස් උදහස් ජනතාව වෙත ගෙනයාමේ මගක් ලෙසිනි. නමුත් ලංකාව තුල අන්තවාදීන් විසින් ආගම්බේධවාදය පතුරමින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට පහර ගැසීමට පටන් ගත් කල එය වෙනස් අතකට පෙරළුනි. Continue reading
නොනවතින ජාතිබේධය ඉදිරියේ සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව අපගේ විරෝධය පලකරමු!
ලංකාව තුල දිනපතා ජාතිබේධය සම්බන්ධ සිදුවීම් වාර්තා වෙමින් පවතී. මෙම ක්‍රියාවන් මැඩපැවැත්වීමට රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. මේ නිසා පවතින් තත්වය පිළිබඳව රජයට බලපෑම් කිරීමත් ඒ සම්බන්ධව මුළු මහත් ලාංකීය මුස්ලිම් ප්‍රජාවම එක මතයකට ගෙන ඒම සඳහාත් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් එළඹෙන 2013 මාර්තු 25 වන සඳුදා හර්තාල් ව්‍යාපාරයක් සුදානම් කර ඇත. Continue reading
නැවතත් මට විරුද්ධව තර්ජන ගර්ජන
මට විරුද්ධව නැවත වතාවක් අන්තවාදී තර්ජන මතුවෙමින් පවතී. ඒ සම්බන්ධව ආසන්නම සිදුවීමක් ඊයේ වාර්තා වුණා. ඒ මගේ වසා ඇති කඩයකට තිදෙනෙකු පැමිණ බලෙන් විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමගයි. පෑන තුලින් ජනතා මෙහෙවරක් කරන අප වැනි අයට මෙලෙස තර්ජන ගර්ජන එල්ලවීම ගැන මම කණගාටු වන අතර දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකිමි. Continue reading
අන්වර් මනතුංග බ්ලොගය මසකට නැරඹුම් 100,000 පසුකරයි!
පසුගිය මාසය (2013 ජනවාරි) ආරම්භයේදී මා විසින් ඉලක්කගත කළේ අන්වර් මනතුංග බ්ලොගයේ සිංහල සහ ඉංග්‍රීසි අංශ දෙකෙන්ම එකතුවෙන් නැරඹුම් Views 100,000 ක් අභිබවා යාමයි. නමුත් මාසය අවසන් වන විට එම ඉලක්කය පසු කිරීමට අපගේ සිංහල අංශය තනිවම සමත් වී ඇත. මේ සඳහා දායක වු පාඨක ඔබ සැමට මගේ ප්‍රණාමය පලකිරීමට අවස්ථාව කරගනිමි. එමෙන්ම මෙතරම් ඉදිරියට යාමට මට අත්වැලක්වු අපගේ ලේඛක/ලේඛිකාවන්ටද මගේ ප්‍රණාමය පලකරමි. Continue reading
ඊයේ බොදුබලසේනාව සහ ජනපති මහින්ද රාජපක්ෂ හමුව විමසුමක්!
මෙතෙක් කලක් රජයට සහ දේශපාලකයන්ටද සිය දේශනා වලින් බැන වැදුනු බොදුබලසේනාවේ නායකයන්, ඊයේ එනම් 2013 ජනවාරි 27 වැනිදා ජනපති හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. මා විසින් මෙම ලිපිය ලිවීමට අදහස් කළේ ඔවුන් ජනපතිඳුන් හමුවීමට ගියේ මන්ද? සහ එහි සිදුවුයේ කුමක්ද? යන්න විමසා බැලීමටයි. Continue reading
ජාතිබේධකයින්ගේ පැණි වරකා ගසට හෙන ගැසීම
අන්වර් මනතුංග බ්ලොගය දැන් ජනතාවගේ බ්ලොග් අඩවිය වී හමාරය. එයට ප්‍රධාන සාධකයක් නම් දැන් අන්වර් මනතුංගට තමන්ගේ ලිපියක් පලකර ගැනීමට අවස්ථාව නොමැති වීමයි. මම මේ ලිපිය පලකරන්නේද අත්‍යවශ්‍ය බව නිසා තවත් අපගේ සහෘදයෙකුගේ ලිපියක් නවතාගෙනය. එමනිසා අප බ්ලොගයේ ලේඛක මන්ඩලයේ සැමට මගේ ප්‍රණාමය පලකරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. Continue reading
මා හට එවන පුද්ගලික පණිවිඩ සම්බන්ධව විශේෂ නිවේදනයයි!
දිනපතා බොහෝ දෙනෙකු මට මුහුණු පොතෙන් සහ ඊමේල් මාර්ගයෙන් නොයෙකුත් ප්‍රශ්න සහ ලිපි යොමු කරති. නමුත් මුල පටන් ගත් ආරක්ෂණ පියවරක් වශයෙන් මා විසින් නොහඳුණන කිසිදු ඊමේල් පණිවිඩයකට හෝ මුණුපොත් පණිවිඩයකට පිළිතුරු නොදෙන්නෙමි. ඒ නිසා පිළිතුරු බලාපොරොත්තුවෙන් මා හට පණිවිඩ එවා අමනාප නොවන්න. Continue reading
අන්වර් මනතුංගට ධර්මානුකූල පිළිතුරක්!!!
අන්වර් මනතුංග බ්ලොගය ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා මට චෝදනා නගන්නන් විශාල වශයෙන් බිහිව ඇත. මම ඔවුන් කරන දේ අධ්‍යනය කළෙමි. ඇත්තටම ඔවුන් කරන්නේ මට කුමණ හෝ බොරු චෝදනාවක් නගා තමන්ගේ Like ගොඩ වැඩිකර ගැනීමයි. හොරි ඩොට් කොම් සහ හිවල් හඬ මින් පෙරමුණේ සිටියි. Continue reading
අන්වර් මනතුංග බ්ලොග් අඩවියට වසරයි!
අල්හම්දුලිල්ලාහ්! අන්වර් මනතුංග බ්ලොග් අඩවිය වසරක් සම්පුර්ණ කර ඇත. මේ බව මතක් කළේ මගේ මිතුරෙකි. එයට හේතුව මම උපන් දිනය ගැන හෝ සැලකීමක් නොදක්වන කෙනෙකු බැවිනි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 30 වන දින ඇරඹි මෙම අඩවිය එම මාසය අවසන් වන විට නැරඹුම් Views ප්‍රමාණය සටහන් වුයේ 228 ක් ලෙසිණි. Continue reading
ඇයි මෙතරම් මට විතරක් මඩ???
අන්වර් මනතුංග වන මට මුණුපොත තුල මඩ ගැසීමේ ව්‍යාපාරය නැවත වටයකින් ආරම්භ වෙලා. මේ පාර මට දාලා තියෙන්නේ දුෂණ චෝදනාවක්. එය කොපි කරගන්නට ඇත්තේ ඇමරිකාව විසින් wiki leeks අඩවියේ ජුලියන් අසාන්ජ්ට කළ දෙයින් වෙන්න ඇති. මේ අය මට මඩගසන්න ගෙනාපු චෝදනාවට මමම ප්‍රසිද්ධිය ලබා දෙන්නට තීරණය කළා. Continue reading
මෙම බ්ලොග් අඩවිය සඳහා උපදෙස් මාලාව
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සඳහා මා විසින් උපදෙස් මාලාවක් පලකිරීමට තීරණය කළේ බොහෝ දෙනෙකු අනෙක් වෙබ් අඩවි තුලින් කරන්නාවු විෂමාකාර දේවල් මෙම අඩවිය තුලද කිරීමට වෑයම් කරන බැවිනි. එම නිසා දැනට මා සතු අත්දැකීම් භාවිතයට ගනිමින් මෙම උපදෙස් මාලාව සැකසුවෙමි. මෙම උපදෙස් මාලාව ඉදිරියේදී සංශෝධනය විය හැකි බවද කරුණාවෙන් සලකන්න. Continue reading
බ්ලොග් අඩවියේ වෙනස් කම් පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමයි!
අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පාඨක ප්‍රමාණය දිනෙන් දින වැඩි වන විට ආගම්බේධවාදීන්ගේ විරෝධතාද එන්න එන්නම දැඩි වෙමින් පවතියි. ඔවුන් විසින් කරන්නාවු නොයෙකුත් ප්‍රයෝග අතරින් කිහිපයක් මා විසින් හඳුණා ගෙන ඇත. ඒ නිසා මවිසින් එම ප්‍රයෝග වලට එරෙහිව විවිධවු පිළිවෙත් අනුගමනය කරමින් සිටිමි. මේ ඒ ගැන දැනුවත් කිරීමකි. Continue reading
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය පිළිබඳව- විමසුමක්!
නැරඹුම් 200,000 යේ කඩඉම පසුකරමින් පැමිණ ඇති වැදගත් සන්ධිස්ථානය අරබයා මා මෙලෙස කෙටියෙන් මාගේ අදහස් ප්‍රකාශ කිරීමට තීරණය කලේ ලිවිය හැකි කොතෙකුත් කාලීන මාතෘකා සොයා ගැනීමට හැකි තත්වයක් තුල මෙහි වැදගත්කමක් දුටු නිසාවෙනි. Continue reading
නැරඹුම් Views 200,000 යි. පාඨක ඔබට තුතිමල්!!!
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹී තවම මාස 10 ක් සපිරුණා පමණි. මේ කාලය තුල මා අතින් පමණක් ලිපි 350 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත. අපට ලැබෙන සහ ලැබී ඇති ප්‍රතිචාරද ඉමහත්ය. මේ ගැන නිහතමානීව සතුටු වෙමි. මෙහි සියළුම ගෞරවය සහ පැසසුම් දෙවිඳුන්ට හිමිය. එමෙන්ම මේ ආ ගමන්මග මට ශක්තියක් සහ අත්වැලක් වු සැමට මගේ හෘදයාංගම ප්‍රණාමය පලකරමි! Continue reading
අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ඊද් පණිවිඩය
අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සුභ පතන්නේ,
ශ්‍රී ලංකා ජනතාවට සහ රටින් පිටත සිටින ලාංකික සමාජයට සහ මෙම බ්ලොග් අඩවිය කියවන සියළුම පාඨකයන්ට, මේ ආශිර්වාද ලත් අවස්ථාව වන ඊද්-අල්-ෆිත්ර්. ඊද් මුබාරක්! Continue reading
නවක බොදුනුවන් දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව
දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි. Continue reading
ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව
ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්‍රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි. Continue reading
කුණු හරප සහ අසභ්‍ය ප්‍රතිචාර සම්බන්ධව
මේ වන විට අන්වර් මනතුංග බ්ලොගයට ලැබෙන ප්‍රතිචාර අතරින් කුණු හරප සහ අසභ්‍ය වචන ප්‍රතිචාරයන්ගෙන් අඩුවක් නැහැ. මා කරන්නේ ඒ සියළුම ප්‍රතිචාරයන් මකා දැමීමයි. මේ අය බොහෝ විට මා හට වෛර කරන නිසා එවුවද ඔවුන් විසින් එවන දේ මා පලනොකරන නිසා තවත් ඔවුන්ගේ වෛරය වැඩි වන්නට පුළුවන. එමගින් ඒ පුද්ගලයාට සිදුවන්නේ දැඩි හානියකි. වෛරයේ ප්‍රථිඵලය අසහනයයි. අසහනයේ ප්‍රථිඵලය පුද්ගල විනාශයකි. තමන් තුල දැඩි ප්‍රතිපත්ති නිසා තමන් තමන්වම විනාශ කරගන්නේ ඇයි? Continue reading
දුර්මත වලට පිළිතුරු
මම අන්වර් මනතුංග බ්ලොග් අඩවිය කියවන්නට එන ප්‍රමාණය දිනපතා බලන අතරේ ඒ අය එන්නේ කුමන මුලයක් Source හරහා දැයිද සොයා බලමි. ඒ මෙම බ්ලොග් අඩවිය ගැන අන්අය පලකරන මතවාදය කුමක්දැයි සොයා බලනු පිණිසය. පෙරේදා දින එසේ බලන විට එක්තරා අන්තවාදී ආගමික වෙබ් අඩවියක් හරහා කිහිපදෙනෙක් පැමිණ ඇති බැව් පෙනුනි. එවිට මම එසේ පැමිනුණු අය පැමිණි URL එකෙන් එම වෙබ් අඩවියේ පලකර ඇති ලිපියට ගියෙමි. එම ලිපියේ මා ගැන පලකර තිබුනේ අභූත චෝදනාවන් නිසා මෙහිදී පිළිතුරු දෙන්නට සිතුවෙමි. Continue reading
ලිපි 200 කඩඉම පසුකරන අන්වර් මනතුංග බ්ලොග් අඩවිය
මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඔක්තෝබර් මස අගභාගයේදීයි. එහෙත් එය නිසිලෙස ක්‍රියාකාරී වූයේ ඔක්තෝබර් මස 30 වැනිදා සිටය. ඔබ මේ කියවන්නේ අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ 200 වැනි ලිපියයි. එදා මෙදාතුර ලිපි 200ක් ලියමින් මා ආ මග මේ වන විට කිසියම් සංධිස්ථානයකට පැමිණ ඇත. මාගේ ලිපි තුලින් සමාජය දැනුවත් වුවාසේම ඔබ විසින් කරන ලද අදහස් දැක්වීම් හෙවත් කමෙන්ට් තුලින් මා ඉගෙන ගත් දේද බොහෝය. Continue reading



















