Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මගේ ඉදිරි පියවර

ඉදිරි පියවර

ඉදිරි පියවර

අන්වර් මනතුංග බ්ලොගය තහනම් වීම ගැන සමහරුන්ට ඇත්තේ කාලකන්නි සතුටක්. ඒ බව ඔවුන් විවිධ වෙබ් අඩවි තුල දමන ප්‍රතිචාර වලින් පේනවා. මම දකින්නේ මෙහි සුබවාදී පැත්තක්. කෙටිකාලීනව අවාසියක් ලෙස පෙනුනද දීර්ඝ කාලීනව වාසි සහගත තත්වයක් උදාකරගත හැකියි. ඒ සඳහා ඉවසීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කළයුතු බව මගේ අදහසයි. අන්වර් මනතුංග බ්ලොගය මෙන් රජයට හිසරදයක් වු තවත් වෙබ් අඩවි කලින් තහනම් වුණා. එයින් සමහර ඒවා නැතිවුණු නමුදු තවත් සමහර අඩවි අදත් ක්‍රියාත්මක වෙනවා. Continue reading

ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

අන්වර් මනතුංග වන මම වෘත්තියෙන් ධර්ම දේශකයෙක්මි. ශ්‍රී ලංකාව තුල සහ ලොව රටවල් රැසක ඉස්ලාම් ධර්මය දේශනා කිරීමේ නියුතුව සිටිමි. මීට අමතරව අන්තර්ජාලය තුල අන්වර් මනතුංග නමින් www.anvermanatunga.com සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අතර එය ආරම්භ කලේ මගේ අදහස් උදහස් ජනතාව වෙත ගෙනයාමේ මගක් ලෙසිනි. නමුත් ලංකාව තුල අන්තවාදීන් විසින් ආගම්බේධවාදය පතුරමින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට පහර ගැසීමට පටන් ගත් කල එය වෙනස් අතකට පෙරළුනි. Continue reading

අන්වර් මනතුංග බ්ලොගයට නැවතත් අන්තර්ජාල බාධා!

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

අන්වර් මනතුංග බ්ලොග් අඩවියට ලංකාවේ සමහර දුරකථන සේවා ආයතන වලින් නැවතත් බාධා මතුවී ඇත. සමහර විට මෙය බ්ලොග් අඩවිය තහනම් කිරීමේ පියවරක ආරම්භයද විය හැක. කෙසේ වුවද අන්තවාදය පතුරවන ලංකා සී නිවුස් ඇතුළු වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක වෙද්දී සහ ඉස්ලාමයට සෘජුවම අපහාස කරන බ්ලොග් අඩවිය රැසක් ක්‍රියාත්මක වෙද්දී අන්වර් මනතුංග බ්ලොගය පමණක් තහනම් කරන්න යනවා නම් එය කෙතරම් සාධාරණදැයි මැදහතුන් සිතා බැලිය යුතුය. Continue reading

නැවතත් මට විරුද්ධව තර්ජන ගර්ජන

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

මට විරුද්ධව නැවත වතාවක් අන්තවාදී තර්ජන මතුවෙමින් පවතී. ඒ සම්බන්ධව ආසන්නම සිදුවීමක් ඊයේ වාර්තා වුණා. ඒ මගේ වසා ඇති කඩයකට තිදෙනෙකු පැමිණ බලෙන් විවෘත කිරීමට උත්සාහ දැරීමත් සමගයි. පෑන තුලින් ජනතා මෙහෙවරක් කරන අප වැනි අයට මෙලෙස තර්ජන ගර්ජන එල්ලවීම ගැන මම කණගාටු වන අතර දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකිමි. Continue reading

ආගිය කථා සහ නොකියු කථා

අන්වර් මනතුංග බ්ලොගය

අන්වර් මනතුංග බ්ලොගය

නොවැලැක්විය හැකි කාරණාවක් නිසා අන්වර් මනතුංගට දවස් කිහිපයකට බ්ලොගයෙන් නිවාඩු ගන්න සිදුවුණා. පසුගිය කාලයේ අඛන්ඩවම වැඩකළ නිසා මඳක් නිවාඩු ගත්ත එකත් ඇඟට නම් ගුණයි. නමුත් බ්ලොගයක් වශයෙන් නම් එය ගුණදායක නැහැ. මේ නිසා මම සිටියත් නැතත් මෙම බ්ලොගය පවත්වා ගෙන යාමට වැඩ පිළිවෙලක් සැකසීමට කාලය හොඳ බව දැනෙමින් පවතිනවා. Continue reading

වැලන්ටයින් දිනය සහ මුස්ලිම් වරුන් – අන්වර් මනතුංගගේ වැලන්ටයින් පණිවිඩය!

වැලන්ටයින්

වැලන්ටයින්

ජාතික බ්ලොග් අඩවියක් නිසා හැම මගුලම ලියන්න වෙලා. මොකක් හරි ගැන ලිව්වේ නැත්නම් අපේ අය මට මෙසේජ් එවනවා. ඒ නිසා මා අද ලියන්නේ අදටම සුවිශේෂ “වැලා” ගැනයි. අපි කොල්ලා කාලේ “වැලන්ටයින්”ට කිව්වේ වැලා කියලයි. “වැලන්ටයින් දිනය” එන විට වැලා එනවා කීවා මතකයි. ඉතිං වැලා එනවිට පෙම්කරන අයට යුතුකම් බහුලයි. වැලා සමරලා ලවට මොනවා හරි දිය යුතුයි. අපි ඉතිං ඒක කළේ ක්ලාස් යන්න දෙන සල්ලි රුපියලෙන් රුපියල සතෙන් සතේ එකතු කරලා. Continue reading

බොදු බල සේනා නායක කිරම විමලජෝති හිමියන්ට ලිපියක්!

කිරම විමලජෝති හිමි

කිරම විමලජෝති හිමි

මම ඔබවහන්සේ ගැන මුලින්ම දැනගත්තේ මීට වසර ගණනාවකට ප්‍රථම මා විසින් පරිශීලනය කරන්නට බෞද්ධ පොත්පත් මිලදී ගැනීමට දෙහිවල, ඇන්ඩර්සන් පාරේ, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදීයි. එහිදී මම මෙහි අධිපති කවුදැයි විමසු අවස්ථාවේ එය ඔබවහන්සේගේ යැයි දැනගත්තෙමි. මගේ මතකය නිවැරදි නම් එවකට එහි කලමනාකරු කිතුණු භක්තිකයෙකි. Continue reading

අන්වර් මනතුංග බ්ලොගය මසකට නැරඹුම් 100,000 පසුකරයි!

ඒ.එම්.බී

ඒ.එම්.බී

පසුගිය මාසය (2013 ජනවාරි) ආරම්භයේදී මා විසින් ඉලක්කගත කළේ අන්වර් මනතුංග බ්ලොගයේ සිංහල සහ ඉංග්‍රීසි අංශ දෙකෙන්ම එකතුවෙන් නැරඹුම් Views 100‍,000 ක් අභිබවා යාමයි. නමුත් මාසය අවසන් වන විට එම ඉලක්කය පසු කිරීමට අපගේ සිංහල අංශය තනිවම සමත් වී ඇත. මේ සඳහා දායක වු පාඨක ඔබ සැමට මගේ ප්‍රණාමය පලකිරීමට අවස්ථාව කරගනිමි. එමෙන්ම මෙතරම් ඉදිරියට යාමට මට අත්වැලක්වු අපගේ ලේඛක/ලේඛිකාවන්ටද මගේ ප්‍රණාමය පලකරමි. Continue reading

ඊයේ බොදුබලසේනාව සහ ජනපති මහින්ද රාජපක්ෂ හමුව විමසුමක්!

බොදු බල සේනා

බොදු බල සේනා

මෙතෙක් කලක් රජයට සහ දේශපාලකයන්ටද සිය දේශනා වලින් බැන වැදුනු බොදුබලසේනාවේ නායකයන්, ඊයේ එනම් 2013 ජනවාරි 27 වැනිදා ජනපති හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. මා විසින් මෙම ලිපිය ලිවීමට අදහස් කළේ ඔවුන් ජනපතිඳුන් හමුවීමට ගියේ මන්ද? සහ එහි සිදුවුයේ කුමක්ද? යන්න විමසා බැලීමටයි. Continue reading

අන්වර් මනතුංගට ධර්මානුකූල පිළිතුරක්!!!

මඩ එපා‍!!!

මඩ එපා‍!!!

අන්වර් මනතුංග බ්ලොගය ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා මට චෝදනා නගන්නන් විශාල වශයෙන් බිහිව ඇත. මම ඔවුන් කරන දේ අධ්‍යනය කළෙමි. ඇත්තටම ඔවුන් කරන්නේ මට කුමණ හෝ බොරු චෝදනාවක් නගා තමන්ගේ Like ගොඩ වැඩිකර ගැනීමයි. හොරි ඩොට් කොම් සහ හිවල් හඬ මින් පෙරමුණේ සිටියි. Continue reading

අන්වර් මනතුංග බ්ලොග් අඩවියට වසරයි!

පලමු වසර

පලමු වසර

අල්හම්දුලිල්ලාහ්! අන්වර් මනතුංග බ්ලොග් අඩවිය වසරක් සම්පුර්ණ කර ඇත. මේ බව මතක් කළේ මගේ මිතුරෙකි. එයට හේතුව මම උපන් දිනය ගැන හෝ සැලකීමක් නොදක්වන කෙනෙකු බැවිනි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 30 වන දින ඇරඹි මෙම අඩවිය එම මාසය අවසන් වන විට නැරඹුම් Views ප්‍රමාණය සටහන් වුයේ 228 ක් ලෙසිණි. Continue reading

ඇයි මෙතරම් මට විතරක් මඩ???

මඩ ප්‍රචාර

මඩ ප්‍රචාර

අන්වර් මනතුංග වන මට මුණුපොත තුල මඩ ගැසීමේ ව්‍යාපාරය නැවත වටයකින් ආරම්භ වෙලා. මේ පාර මට දාලා තියෙන්නේ දුෂණ චෝදනාවක්. එය කොපි කරගන්නට ඇත්තේ ඇමරිකාව විසින් wiki leeks අඩවියේ ජුලියන් අසාන්ජ්ට කළ දෙයින් වෙන්න ඇති. මේ අය මට මඩගසන්න ගෙනාපු චෝදනාවට මමම ප්‍රසිද්ධිය ලබා දෙන්නට තීරණය කළා. Continue reading

බ්ලොග් අඩවියේ වෙනස් කම් පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමයි!

ලාංඡනය

ලාංඡනය

අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පාඨක ප්‍රමාණය දිනෙන් දින වැඩි වන විට ආගම්බේධවාදීන්ගේ විරෝධතාද එන්න එන්නම දැඩි වෙමින් පවතියි. ඔවුන් විසින් කරන්නාවු නොයෙකුත් ප්‍රයෝග අතරින් කිහිපයක් මා විසින් හඳුණා ගෙන ඇත. ඒ නිසා මවිසින් එම ප්‍රයෝග වලට එරෙහිව විවිධවු පිළිවෙත් අනුගමනය කරමින් සිටිමි.  මේ ඒ ගැන දැනුවත් කිරීමකි. Continue reading

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය පිළිබඳව- විමසුමක්!

බ්ලොග් ලාංඡනය

බ්ලොග් ලාංඡනය

නැරඹුම් 200,000 යේ කඩඉම පසුකරමින් පැමිණ ඇති වැදගත් සන්ධිස්ථානය අරබයා මා මෙලෙස කෙටියෙන් මාගේ අදහස් ප්‍රකාශ කිරීමට තීරණය කලේ ලිවිය හැකි කොතෙකුත් කාලීන මාතෘකා සොයා ගැනීමට හැකි තත්වයක් තුල මෙහි වැදගත්කමක් දුටු නිසාවෙනි. Continue reading

නැරඹුම් Views 200,000 යි. පාඨක ඔබට තුතිමල්!!!

ඔබට තුති මල්!

ඔබට තුති මල්!

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹී තවම මාස 10 ක් සපිරුණා පමණි. මේ කාලය තුල මා අතින් පමණක් ලිපි 350 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත. අපට ලැබෙන සහ ලැබී ඇති ප්‍රතිචාරද ඉමහත්ය. මේ ගැන නිහතමානීව සතුටු වෙමි. මෙහි සියළුම ගෞරවය සහ පැසසුම් දෙවිඳුන්ට හිමිය. එමෙන්ම මේ ආ ගමන්මග මට ශක්තියක් සහ අත්වැලක් වු සැමට මගේ හෘදයාංගම ප්‍රණාමය පලකරමි! Continue reading

ලක්දිව බුදු දහම අභියස ඇති සැබෑ අවධානම පිළිබඳව අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව

අන්ධව මග සෙවීම

අන්ධව මග සෙවීම

මුස්ලිම් වරුන් ඉතිහාසයේ කවරදාවත් මේ රට ආක්‍රමණය කර නැත. නමුත් අනාගතයේ එවැන්නක් සිදුවේ යැයි සිහිනෙන් බියවී සිටින කොටසක් දැන් ලංකාවේ ඇත. ඔවුන් පවසන්නේ නුදුරු අනාගතයේදීම මුස්ලිම් වරුන් බහුතරය වන බවත් ඉන්පසු ලංකාව මුස්ලිම් වරුන් විසින් ආක්‍රමණය කරනු ඇති බවත්ය. නමුත් මේ මෝඩ පුද්ගලයන්ට එක දෙයක් නොවැටහේ. එනම් මෙහි සැබෑ අනතුර මුස්ලිම් වරුන් නොව බොදුනුවන් අන්‍යාගම්කරණය වීම බවයි. Continue reading

ෆේස් බුක්හි පලවුන මගේ ඡායාරූපය සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය. Continue reading

අඩු වයස් විවාහය ළමා අපචාරයක්ද?

අනෙකා දෙසට එකකි. ඔබ දෙසට කීයද?

අනෙකා දෙසට එකකි. ඔබ දෙසට කීයද?

ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය වයස අවුරුදු 9 දී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්නයට අප පිළිතුරු දීමත් සමග බොහෝ දෙනෙක් ඇවිස්සිලා. දැන් ඒ අයත් පිළිතුරු දෙන්න පටන් අරගෙන. මන්ද ඉස්ලාම් පිළිබඳව ඔවුන් විසින් ප්‍රචාරය කළ මඩ සියල්ලටම අප විසින් පිළිතුරු දෙමින් ඉදිරියට පැමිණ ඇත. කාලයක් වසාදමා තිබුණු මඩ බ්ලොග් අඩවිත් (මඩ කරත්ත) දැන් ආයිත් වැඩ පටන් අරන්. Continue reading

කරන්න වැඩක් නැති ඉන්ටර්නෙට් පාළුවෝ

අන්තර්ජාලය

අන්තර්ජාලය

සමහරු Internet එකේ නිදියගෙන ඉන්නවද මන්දා. හැම තිස්සෙම Chat හෝ Comment කරගත්තු ගමන්. මේකත් එක්තරා මානසික ව්‍යාධියක්. නමුත් බේත් ගන්න තවම Dispensary යක් ලෝකේ කොහේවත් හදලා නැහැ. මම හිතන්නේ මේ Dispensary ය හදන්න ඕනත් Internet එක ඇතුලෙමයි. නැත්නම් එලියේ හැදුවොත් මුන් එකෙක්වත් බෙහෙත් ගන්න යන එකකුත් නැහැ. ඇයි එලියේ යන්න වෙලාවක් නැහැනේ? පිස්සො අල්ලලා පිස්සන් කොටුවට දාන හෝ පිස්සු බල්ලන් අල්ලලා බලු වෑන් වලට දානවා වගේ වැඩක් Internet එකෙත් පටන් ගත්ත නම් ඊටත් වඩා හොඳයි.   Continue reading

මාතෘකාව ඕන එකක්! තහනම් වචනය අන්වර් මනතුංග

අද බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි වල සහ අන්තර්ජාල සංවාද සමාජ Discussion Forum වල මගේ අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලවන විවිධ ලිපි ගැන සංවාද ඇති වේ. අන්තර්ජාලයේ කොතැනක හෝ මගේ ලිපියක් හෝ අදහසක් ගැන සංවාදයක් ඇති වන විට මාව ඒ පිළිබඳව දැනුවත් කරන පිරිසක් ඇත. මා ඔවුන්ට මගේ හෘදයාංගම ප්‍රණාමය පලකරමි. නමුත් ඒ කිසිදු සංවාදයකට මා නොයමි. එයට එක් හේතුවක් නම් අධික කාර්යබහුලත්වයයි. අනෙක් ප්‍රධාන කරුණ නම් කිසියම් විෂයක් අරබයා මගේ ලිපියක් පලවීම යනු මගේ අදහස සමාජය වෙත ඉදිරිපත් කිරීමයි. මා විසින් යම් අදහසක් පලකළාට පසුව තවදුරටත් එය සනාථ කිරීමට වෙර දැරීම නොකළ යුත්තක් බවට මා සිතමි. මා විසින් යම් අදහසක් ඉදිරිපත් කළ පසු සිදුවිය යුත්තේ ඒ පිළිබඳව ජනතා සංවාදයයි. Continue reading

පම්පෝරි ගැසීම

තමන් තුල නොමැති දෙයක් ඇත යැයි පෙන්වමින් අතිශයෝක්තියට නැගීම අප පම්පෝරි ගැසීම යනුවෙන් හඳුන්වමු. අප සමාජයේ බොහෝ දෙනෙකු මෙම පම්පෝරි ගැසීම සඳහා ඇබ්බැහි වී ඇත. මේ වගේ අයට දිනක් තුල එක් වතාවක්වත් පම්පෝරියක් ගසා ගන්නට නොහැකි වුනොත් එදාට නොකෑවාසේය. බොහෝවිට පම්පෝරි ගැසීමට රුචිකත්වය දක්වන්නේ වැඩක්පලක් කිරීමට අපහසු වයසක අය හෝ වැඩක් නොකර නිකම්ම සිටින්නාවු ඕනෑම වයසක නිකමුන්ය. නමුත් වැඩප‍ලෙහි කාර්ය බහුලවුවන්ද පම්පෝරි නොගසනවා නොවේ. Continue reading