Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මුඛ පිළිකා හා පෙනහළු පිළිකා රූප දුම්වැටි පැකට්‌වල අනිවාර්යයි

දුම්පානය

දුම්පානය

ලංකාවේ විකිණෙන සියළුම දුම්වැටිවල සහ දුම්වැටි පැකට්‌ වල මින් ඉදිරියට “මුඛ පිළිකා” සහ “පෙනහලු පිළිකා” රූප සටහන් අනිවාර්යයෙන් ඇතුළත් කළයුතු බවට වන ගැසට්‌ පත්‍රයට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වී ඇත. Continue reading

දුම්වැටි අලෙවිය ධාර්මික ඉපැයීමක්ද?

ධාර්මිකව උපයමු

ධාර්මිකව උපයමු

බොහෝ ආපන ශාලා හිමිකරුවන් පවසන්නේ තමන් දුම්වැටි අලෙවි කරන්නේ එසේ නොකළ හොත් පාරිබෝගිකයන් වෙනත් ආපන ශාලා වලට යාම නිසා බවයි. සමහරු පවසන්නේ දුම්වැටි නොබී එය අළෙවි කළාට පවක් නොමැති බවයි. තවත් සමහරු පවසන්නේ දුම්වැටි ගැන ගැන තහනමක් සෘජුව කිසිදු දහමකින් පනවා නොමැති තත්වයක් තුල දුම්වැටි විකිණීම වරදක් නොවන බවයි. මේ ගැන කථා කරන විට මට සිදුවු එක් අත්දැකීමක්ද මතක් වුණා.    Continue reading

දුම්වැටියට එරෙහි වන්නට දුම්වැටි විරෝධී දිනයක් අවශ්‍යමද?

දුම්පානය සියදිවි නසා ගැන්මකි

දුම්පානය සියදිවි නසා ගැන්මකි

අත්හදා බලන්නටවත් කිසිදාක දුම්වැටියක් උරා නොමැති මට හැමදාම දුම්වැටි විරෝධී දිනයකි. දුම්වැටි වලට සහ ඒ පානය කරන්නන්ට විරෝධය දැක්වීම මම සෑම දිනකම කරමි. ආපන ශාලාවකදී හෝ බස් රථයක හෝ ඕනෑම ස්ථානයකදී මා ඉදිරියේ දුම්බොන කෙනෙක් වේ නම් මා දුම් නොබොන බැව් පවසා එතැනින් ඉවතට යන ලෙස පැවසීමට බිය නොවෙමි. මුස්ලිමෙකු වන්නට පෙරද මා එලෙස කළෙමි. නමුත් දැන් මා එසේ කරන විට බොහෝ දෙනෙක් ඉවතට යන්නේ මා දෙස තදින් ඔරවා ගෙනය. එයට හේතුව මම රැවුල වවාගත් මුස්ලිම් කෙනෙකු ලෙස ඔවුන්ට පෙනීම නිසා බව අත්දැකීමෙන් දනිමි. Continue reading

මතට අත්පොත් තබන වෙරල සාද (බීච් පාටි)

අතීතයේ සුද්දන් විසින් මෙරට ජනතාව අතර සිගරට් ප්‍රචලිත කළේ කෙසේදැයි මගේ පියා වරක් පවසනු මා අසා ඇත. එකල ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් ජනතාව අතර නොමිලේ සිගරට් බෙදා දී ඇත. ඒ වන විටත් සුරුට්ටු සහ බීඩි වැනි දුම්පානයන්ට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් මෙම නව දුම්පානයට පුරුදු වන්නට ඇත. කෙසේ වුවද එදා සුද්දාගෙන් නිකම් බිව් සිගරට් එක දිරවා ගත නොහී දැන් පරම්පරා ගණනාවක පටන් අප සුද්දාට නය ගෙවමින් සිටිමු. (මේ ලියුම්කරු වන මම එවැනි සිගරට් බොන පල් මෝඩයන්ගේ සමාජයට අයත් නොවන නමුදු අපත් ගෙවමින් සිටින්නේ එලෙස සිගරට් බොන්නන්ගේ කරුමයයි) පහත සඳහන් වන්නේ තවත් එවැනිවු ප්‍රයත්නයක්දැයි සිතේ. මෙවැනි දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය සතු වගකීමක් වුවද අපේ රටේ කිසිදු මාධ්‍යයක් එවැනි දේ කරනු අප දැක නැත.     Continue reading