භික්ෂු කිරම විමලජෝති සහ දිලන්ත විතානගේ මහතාට යොමු කල විවෘත ලිපියක් ‘බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්’ යන නමින් පවත්වාගෙන යන මුහුණු පොත් පිටුවේ පලවිය. මෙය එම ලිපියේ සිංහල පරිවර්තනයයි. Continue reading
Tag Archives: ආගම්බේධය
සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම – ෂාර්මිනී සේරසිංහ
‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. අතීතයේ කළ ‘වැරදි’, 2009 න් පසු ‘නිවැරදි’ කර ගැනීමට එළැඹුණු ස්වර්ණමය මොහොත, ගෙවී ගොසිනි. Continue reading
අවුරුද්දට කලින් හලාල් සලකුණ ඉවත් කරන්න අන්තවාදී බලහත්කාරය විමසුමක්!
හලාල් සලකුණ ගැන ජමියතුල් උලමාවට විරුද්ධව තමන් නීතියට යන බව බොදු බල සේනාව විසින් මාධ්‍යට ප්‍රකාශ කරන ලද අවස්ථාවේ මම හැකි නම් එසේ කරල ලෙස අභියෝගයක් කළෙමි. නමුත් එය භාරගනු වෙනුවට දැන් බොදු බල සේනාව විසින් තමන්ගේ ස්ථාවරය වෙනස් කර ඇත. ඔවුන් නීතියට නොයා නැවතත් කැලෑ නීතියට ගොස් ඇත. එනම් හලාල් සලකුණ ඉවත් කිරීමට ජමියතුල් උලමාවට කල්දීමෙන් තර්ජනය කිරීමයි. Continue reading
එස්.බී. විසින් ජාතිවාදීන්ගේ අඬුකඩන බවට කළ ප්‍රකාශයෙන් හෙළඋරුමයට රිදිලා!
පසුගිය දිනක අමාත්‍ය එස්.බී දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ රැස්වීමක් අමතමින් මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින් ජාතිවාදීන්ගේ අඬු කඩන බවට තර්ජන, ගර්ජන කළ ආකාරය ජාතික හෙළ උරුමය විසින් හෙලා දැක ප්‍රකාශයක් නිකුත් කර තිබේ. Continue reading
ඊයේ බොදුබලසේනාවෙන් නිකුත් කළ බබාපාර්ට් මාධ්‍ය නිවේදනය විමසුමක්!
ඊයේ (2013 ජනවාරි 28) බොදුබලසේනාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව මාධ්‍ය මගින් දුටුවෙමි. ඇත්තටම මෙය මා විසින් බලාපොරොත්තුවෙන් සිටි එකකි. “තෝර මාළු කෑව නම් විඳවපන් බළලෝ” කියා අපේ සමාජයේ කියමනක් ඇත. මෙම මාධ්‍ය නිවේදනයෙන් අප දුටුවේ එම පිරුලෙහි යථාර්තයයි. කෙසේ නමුත් මෙම තොත්ත බබා පාර්ට් මාධ්‍ය නිවේදනය කළ අයට තමන් විසින් පෙරකළ දේවල් අමතක වී ඇති සෙයකි. Continue reading
ඊයේ බොදුබලසේනාව සහ ජනපති මහින්ද රාජපක්ෂ හමුව විමසුමක්!
මෙතෙක් කලක් රජයට සහ දේශපාලකයන්ටද සිය දේශනා වලින් බැන වැදුනු බොදුබලසේනාවේ නායකයන්, ඊයේ එනම් 2013 ජනවාරි 27 වැනිදා ජනපති හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. මා විසින් මෙම ලිපිය ලිවීමට අදහස් කළේ ඔවුන් ජනපතිඳුන් හමුවීමට ගියේ මන්ද? සහ එහි සිදුවුයේ කුමක්ද? යන්න විමසා බැලීමටයි. Continue reading
ඊයේ කුලියාපිටිය නගරයේ පැවති හලාල් විරෝධී උද්ඝෝෂණය විමසුමක්!
ඊයේ (2013 ජනවාරි 24) කුලියාපිටිය නගරය තුල හලාල් සහතිකයට විරුද්ධව අන්තවාදී උද්ඝෝෂනයක් පැවැත්වුණි. මෙම උද්ඝෝෂනය කළ පිරිස කියා සිටියේ තමන් “සිංහල අපි” සංවිධානයෙන් බවයි. ඔවුන් කුලියාපිටිය නගරය මැදින් ගමන් කර හලාල් සහ මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් පාඨ කියමින් කෑගසන්නට විය. Continue reading
ජාතියට විහිළු සැපයීමේ පුරෝගාමියා වෙතින් බෞද්ධයාට කසාද 5ක්!
සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය නිමකර එහි පාළුව මකන්නට බොදුබලසේනාව ඇරඹුණ දා සිට සතිපතා ජාතියට විහිළු සහ ජාතිවාදීන්ට බයිට් සැපයීමේ කර්තව්‍යයේ නියැලී සිටින බොදුබලසේනාව විසින් අළුතින්ම නිපදවු විහිළුව නම් මුස්ලිම් වරුන්ට කසාද හතරක් නම් බෞද්ධයාට කසාද 5 ක් අවශ්‍ය බවයි. Continue reading
බුදු දහමට අපහාස කරනවා! බලන්න එපා! ඒත් බලන්න ¿¿¿
“මෙන්න බුද්ධාගමට අපහාස කරනවා, මේ pages block කරන්න, යාළුවන්ටත් share කරන්න Block කරන්න කියලා”, “බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා. මුන්ට හෙණ ගහපිය, Share කරන්න” ලෙස සඳහන් කරමින් බුද්ධාගමට හා බුදුහාමුදුරුවන්ට ඉතා පහත් අන්දමින් අපහාස කරන Facebook Pages වලට හා වෙබ් පිටුවලට Links සඳහන් පින්තුර මේ දිනවල Facebook එකේ විශාල ලෙස share වෙමින් පවතී. බෞද්ධයන්ව බෞද්ධයන් ලවාම කුපිත කිරීමේ මෙම උපාය මාර්ගය පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම මඳක් විග්‍රහ කිරීමට කැමැත්තෙමි. Continue reading
හෙළ උරුමය සහ බොදුබලසේනාව ජාතිවාදය අවුස්සමින් රට වනසනවා – බද්දේගම සමිත හිමි
බොදුබලසේනාව සහ ජාතික හෙළ උරුමය වැනි සංවිධාන විසින් ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු කරමින් යළිත් මේ රට විනාශ කිරීමට කටයුතු කරන්නේ යැයි දකුණු පලාත් සභාවේ ආන්ඩු පක්ෂ මංත්‍රී බද්දෙගම සමිත හිමියන් පවසා ඇත. උන්වහන්සේ මේ බව වදාරා ඇත්තේ දකුණු පලාත් සභා රැස්වීම සභාපති කේ.ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු විටදීය. Continue reading
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මව්බිම ප්‍රවෘත්ති සාකච්ඡාව-විමසුමක්
මෙය, 2013 ජනවාරි මස 13 වැනි ඉරිදා “මව්බිම” පුවත් පත සමග ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව කරන්නාවූ සමාලෝචනයකි. මෙම සාකච්ඡාව ආරම්භයේ උන්වහන්සේ දැක්වූ යහ අදහස් පිළිබඳව පළමුව අපගේ ස්තුතිය ප්‍රකාශ කර සිටින්නට කැමැත්තෙමු. ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් මෙම ලිපියේ උපුටා දක්වා ඇත්තේ පුවත්පත් ලේඛකයා ඇසු ප්‍රශ්නය හා එයට ස්වාමීන් වහන්සේ විසින් දුන් පිළිතුරුය. Continue reading
ශාසනයේ කඳ පනුවෝ!! සිල්වත් බෞද්ධයිනි අවධි වන්න!!!
දසක කිහිපයක් තුල ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව ආවර්ජනය කර බැලු විට බුදු සසුන වැනසීමේ ක්‍රියාවලියක් සසුන තුලින්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන සාධකයකි. පසු ගිය සියවසේ ද්‍රවිඩ විරෝදයට මුලිකත්වය ගෙන කටයුතුකළ සංඝ පරපුර එම සියවසේ අවසාන භාගයේ ඇතිවූ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ නිර්මාතෘන් තමන් වහන්සේලා බව නොසිතන්නට ඇත. Continue reading
ආගමික හා වාර්ගික අන්තවාදය හෙළා දකිමු!
මධ්‍යස්ත බෞද්ධ විද්වතෙකුගේ විශ්ලේෂණාත්මක විමසුමකි. මෙම ලිපිය සම්පුර්ණයෙන්ම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ විසින් අපගේ ලිපියකට එවු ප්‍රතිචාරයකි. එම ප්‍රතිචාරයේ අදහස් වල ඇති වැදගත් බව දුටු නිසා මෙසේ ලිපියක් ලෙස පලකරමු. Continue reading
ලංකාවේ මේ මොහොතේ ලොකුම ප්‍රශ්නය ‘හලාල්’ද?
ජාතිවාදී – ආගම්වාදී සර්පයාව කහ රෙදි අස්සේ සඟවා ගත් එක්තරා සේනාවක් බදුල්ලට ගොස් නැටූ නාඩගම ගැන අයන්නේ පටන් කතාන්දරය ජනරළ විසින් හෙළි කරන ලදී. එහි මුල සිටින්නේ ධනපති පාලකයන් බවත් මැද සිටින්නේ කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන් පිරිසක් බවත් අග සිටින්නේ ප‍්‍රාදේශීය වශයෙන් පාරාජිකා වී ගිය හෝ වන්නට නියමිත දේශපාලන කල්ලකඩත්තයන් පිරිසක් බවත් දැන් කිසිවකුට රහසක් නොවේ. Continue reading
හලාල් සංකල්පය පිලිබඳ සමාලෝචනයක්
අනුමත-කැප (හලාල්) හා තහනම්-අකැප (හරාම්) සංකල්පය පිළිබඳව නොයෙක් ආකාරයේ නිවැරදි නොවූ මත ඉදිරිපත්වී ඇති බව දකින්නට ඇත. මෙයට ප්‍රධාන හේතුව, මේ පිළිබඳව සිංහල බසින් ප්‍රමාණවත් අර්ථ දැක්වීම් ඉදිරිපත් නොවී තිබීම බව අපගේ අදහසයි. එහෙයින් මෙම කරුණු සියල්ල සලකා බලා මෙම සංකල්පය පිළිබඳව කෙටි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. Continue reading
මහත්වරුනේ, මට ජාතිවාදියෙකුයැයි කියාපල්ලා! ලිපිය විමසුමක්!
ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික විප්‍රවාසියෙකු වෙන රෝහිත මුණසිංහ නැමැත්තා විසින් ඉහත ප්‍රස්තූතය යටතේ ලියන ලද ලිපියක් මගේ අවධානයට ලක්විය. ඒ ලිපියෙන් ඔහු අපෙන් ඉල්ලන්නේ තමන්ට “ජාතිවාදියෙකු” ලෙස අමතන ලෙසට නමුදු මේ ලිපියට අනුව සාධාරණ වන්නේ “ජාතිවාදියා” යැයි පැවසීම නොව 88-89 යුගයේදී රට විනාශ කර ප්‍රංශයට පැන දැන් නැවතත් රටේ ගිනි අවුළුවන්නට තනන “අවස්ථාවාදියෙකු” ලෙස නම් කිරීම බව මගේ අදහසයි. Continue reading
මහනුවරදී මුස්ලිම් වරුන්ට තර්ජනය කළෝ මැරබල සේනාවක්ද?
බංගලිදේශයට විරුද්ධව මුස්ලිම්වරු උද්ඝෝසණ නොකරන්නේ නම් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණදෙන්න සිදුවේවි. මෙසේ කියා තර්ජනය කර ඇත්තේ නුවර දළදා මාලිගාව අසල උද්ඝෝෂනයකට සහභාගී වූ ගිහි පැවිදි පිරිසක් ය. මේ ප්‍රවෘත්තිය පළකර තිබුනේ වීරකේසරි නම් දෙමල පුවත් පතට අයත් වෙබ් අඩවියේය. Continue reading
සිංහල-සලාගම කුලය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණයි! මෙරටට ගෙනවිත් තිබෙන්නේ පෙරිය මුදලි මරික්කාර්!!!
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය ගැන සොයා යන ගමනේදී මට හෙළිවු තවත් කරුණක් නම් වත්මන් සිංහල සමාජයේ පවතින කුල වලින් කිහිපයක් ලාංකීය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණව මෙරටට පැමිණි අයගෙන් බිහිවු ඒවා බවයි. සමහර සිංහල කුල මෙරටට පැමිණ ඇත්තේ මුස්ලිම් වරුන්ටත් පසුව බව ඔබද මේ ලිපියට පෙර නොදැන සිටි බවට මට සහතිකය. Continue reading
ජාතිවාදියා මානසික රෝගියෙක් නොවේද? – නීතිඥ ධර්මපාල සේනාරත්න විසින් ලියු ලිපියකි.
පෙර සටහන
මෙම ලිපිය නීතිඥ ධර්මපාල සේනාරත්න මහතා විසින් සකස් කරණ ලද්දක් වන අතර, වාර්ගික අනන්‍යතාවය සහමුලින්ම ඉස්ලාමය ප්‍රතික්ෂේප නොකර බව අවධාරණය කල යුතුව ඇත. නමුත් තම වාර්ගිකත්වය ශ්‍රේෂ්ඨ යන මතයේ පිහිටා අන් වාර්ගිකයින්ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි. Continue reading
ජාතිවාදය, වර්ගවාදය, අන්තවාදය හා දේශපාලනය
මා විසින් මේ මාතෘකාව යටතේ කෙටි සටහනක් ඉදිරිපත් කිරීමට අදහස් කලේ කරුණු 2ක් මුල් කරගෙනය. ඉන් පලමුවැන්න මේ වදන් හී සැබෑ විග්‍රහය පාඨකයන් හමුවේ තබන්නටත් ඉන් අනතුරුව රටේ පැන නැගී ඇති වත්මන් අර්බුදය යම් දුරකට ඒ ඔස්සේ අවබෝධ කර දීමත් සඳහාය. Continue reading
බුදුන් වහන්සේ අද වැඩ වසන්නේ නම් බිලි පුජාවට කුමක් කරයිද?
බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට උපුටාගත් සාක්ෂි පහතින් උපුටා දක්වා ඇත්තෙමු. උද්වේගකාරී නොවන්නේ නම් මෙහි සත්‍යය අසත්‍යය තාවය ඔබටම විමසා සහතික කරගත හැක. මෙහි සඳහන් ඉංග්‍රීසි කොටස උපුටා ගැනීමේ සිංහලට පරිවර්තනය නොකළේ එය ඉතා සරල බසින් පැහැදිලිව සඳහන් ව ඇති හෙයිනි. Continue reading
පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ජාතිවාදය සහ ආගම්වාදයට එරෙහිව ලිපියක්!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නැගී එන ආගම්බේධවාදී සහ ජාතිබේධවාදී රැල්ල පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම ප්‍රකාශය මා අතට පත්වු විට එහි තිබෙන්නාවු කරුණ මෙම බ්ලොග් අඩවිය කියවන පාඨකයන්ටද වැදගත් වේ යැයි සිතුණු නිසා එම ලිපිය සම්පුර්ණයෙන් පහත පලකරමි. Continue reading
ලංකාවේ සිවුරු ත්‍රස්තවාදයක් තිබෙනවාද?
අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිවුරු ත්‍රස්තවාදයක් ගැන පැවසීම නිසා නැවතත් ආගම්බේධවාදීන්ට පළතුරක් හමුවී තිබේ. ඇමති හකීම් මහතා විසින් එවැනි ප්‍රකාශයක් කළ බව පවසා තිබෙන්නේ නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාෆා මහතායි. ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් තමා විසින් කළාද? හෝ නොකළාද? යන්න තවම ප්‍රකාශ කර නොමැත. මේ නිසා මෙහි වලංගු බව ගැන තවම අපට කිසිවක් කිව නොහැක. Continue reading
උතුරේ යුද්ධය තිස් වසරක අතරතුර සිදුවුයේ කුමක්ද?
මා විසින් ඊයේ දිනයේදී පලකරන ලද ලක්දිය බුදු දහම අභියස තිබෙන සැබෑ අවදානම පිළිබඳ අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව යන ලිපියට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුනා. සමහරු පවසන්නේ මේ මිෂනාරීන් ක්‍රියාත්මක වුවද එය ලක්දිව ආගමික සංඛ්‍යාලේඛන වෙනස් කරන්නට තරම් බලපෑමක් නොවු බවය. නමුත් මා පවසන්නේ ලංකාවේ ආගමික ජනසංඛ්‍යා ලේඛන දත්ත වැරදි බවයි. නිවැරදි ආගමික ජන සංගණනයක් තබා එම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරමි. Continue reading
හොරි ඩොට් කොම් ආරක්ෂක ලේකම්ට මුවාවී ජාතිබේධය පතුරන්න හදයි
අන්වර් මනතුංග face book ආදා සිට ආගම්බේධ වාදය පතුරවන්නන්ට අපල කාලයක් උදා වුණි. කාලයක් අන්තර්ජාල වීරයින් සේ සිටි ඔවුන් ජාතිවාදී සහ ආගම් වාදීන් ලෙස සමාජයේ පට්ට ගැසී හමාරයි. මේ නිසා දැන් සමහරුන්ගේ දතකට පූට්ටු වෙලා අනේ අපි ජාතිවාදීන් නොවන බව ඒ ගොල්ලන්ම කටින් කියනවා. මේ අතරේ සමහරු අළුත් අළුත් දේවල් අත්හදා බලන්නත් පටන් අරන්. ඒ තමයි තව කෙනෙක්ගේ පානෙන් එළිය බලා ගැනීමට උත්සාහ දැරීමයි. Continue reading
ජනපතිගෙන් මාධ්‍යයට ඔවදන්
ඊයේ (මැයි 15 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසා ඇත්තේ ජාතිවාදය අවුළුවන ආකාරයේ මාධ්‍ය හැසිරවීමෙන් වලකින ලෙසයි. එමෙන්ම අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයේ පුවත් පලකිරීම වැදගත් බවත් එතුමා අවධාරණය කර ඇත. Continue reading
අවධානම අභියස පිස්සු කෙළීම
පසුගිය ජිනීවාහි මානව හිමිකම් සිද්ධි දාමය හෙවත් නාඩගම අවසන් වී ගෙවී ඇත්තේ ඉතාමත් කෙටි කලකි. මෙහිදී අපට අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන තත්වය ඉහල නංවා ගැනීමට වසරක කාලයක් ලැබී ඇත. මේ කාලය යනු ඇත්තටම පරිවාස කාලයකි. මේ පරිවාස කාලය තුලදී අපේ රටේ මානව හිමිකම් තත්වයේ ගුණාත්මක වර්ධනයක් නොපෙන්වුව හොත් අපට විරුද්ධව ඊලඟ සමුළුවේදී අපේ රටට එරෙහිව චෝදනාවන් එල්ල වනු නියතය. මේ අප රට ඉදිරියේ ඇති අවධානමයි. මේ දිනවල රටතුල තිබෙන කැලඹීම අන්තර්ජාතිකව අපගේ ප්‍රතිරූපය කෙරෙහි කොතරම් බලපාන්නේද? Continue reading
ආගම් අතර සහජීවනයට සිංගප්පූරුවේ ආදර්ශය
කලක් මා සිංගප්පුරුවේ නතර වී සිටියේ එහි තිබෙන ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වන මස්ජිද් සුල්තාන් පල්ලියට අයත් කාමරයකයි. එහි සිටි මා හට උදෑසන අවේලාවේ (නියමිත නැමදුම් නොමැති වෙලාවක) පල්ලිය වෙත පැමිණෙන පාසැල් සිසුන් කන්ඩායමක් සහ ඔවුන්ගේ ගුරුවරයෙක් යැයි සිතෙන පුද්ගලයෙක් සමග පැමිණුනි. ඔහු විසින් සිසු කන්ඩායමට පල්ලියේ සියළුම ස්ථාන පෙන්වා මුස්ලිම් අය නමදින්නේ කාටද, නමදින ආකාරය කෙලෙසද සහ මුස්ලිම් අයගේ චාරිත්‍රවිධි මොනවාදැයි පල්ලිය තුලදීම සිසුන් දැනුවත් කරන ලදී. ඔහුගේ ඉගැන්වීම අවසන් වු වහාම මම ගොස් ඔහු හමු වුනෙමි. මා විසින් ඔහු හමුවී ඔහු මේ කරන ලද ක්‍රියාව ගැන විමසුවෙමි. Continue reading



























