මා විසින් ඊයේ දිනයේ ඉංග්‍රීසි වෙබ් අඩවියට ලිපියක් පලකරමින් අසා තිබුණේ ලංකාවේ ජාතිබේධය පැතිරවීමට රජය හවුල්ද? යන්නයි. එහිදී මා පෙන්වා දුන්නේ පවතින රජය මෙම ජාතිවාදීන්ට සෘජුව සහය නොදක්වන නමුදු ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සීතල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. ඊයේ මහරගම නෝලිමිට් වෙලඳ ආයතනය අභියස සිදුවු සිදුවීම තුලින්ද එය ඔප්පු වු බව මගේ අදහසයි. Continue reading
Tag Archives: ආගම්බේධවාදීන්
ජාතිබේධකයින්ගේ පැණි වරකා ගසට හෙන ගැසීම
අන්වර් මනතුංග බ්ලොගය දැන් ජනතාවගේ බ්ලොග් අඩවිය වී හමාරය. එයට ප්‍රධාන සාධකයක් නම් දැන් අන්වර් මනතුංගට තමන්ගේ ලිපියක් පලකර ගැනීමට අවස්ථාව නොමැති වීමයි. මම මේ ලිපිය පලකරන්නේද අත්‍යවශ්‍ය බව නිසා තවත් අපගේ සහෘදයෙකුගේ ලිපියක් නවතාගෙනය. එමනිසා අප බ්ලොගයේ ලේඛක මන්ඩලයේ සැමට මගේ ප්‍රණාමය පලකරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. Continue reading
ජාතිවාදීන්ගේ යටි අරමුණු
තම ජාතිය, ආගම හෝ පක්ෂයට සැබෑ ලෙස ආදරය කරන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබේ. තම ජාතිය, ආගම හෝ පක්ෂයේ උන්නතිය සඳහා කටයුතු කිරීමටද එසේමය. නමුත් තම ජාතියේ, ආගමේ හෝ පක්ෂයේ පිරිහීමට හේතුව වෙනත් ජාතියක්, ආගමක් හෝ පක්ෂයක් ලෙස හුදෙක් ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් අන්ධව වෙනත් පාර්ශවයකට ඇඟිල්ල දිගුකිරිම සාධාරණ නැති බව සමාන්‍ය දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. Continue reading
වෙබ් අඩවි මගින් අසත්‍ය පතුරවන්නන්ට බුදු දහමට අනුව විපාකය කුමක්ද?
අබුෆාතිමා විසින් මා ලියු ලිපියකට එවු ප්‍රතිචාරයක් ඉතාමත් කාලෝචිත අදහසක් නිසා මෙසේ ලිපියක් ලෙස පලකිරීමට අදහස් කළෙමි. මෙහි පෙන්වා දෙන්නේ වත්මන් අන්තර්ජාලය තුල බුදුදහම ඔසවා තබන්නට යැයි පවසමින් අන්‍ය ආගම් වලට එරෙහිව මුසාව පතුරවන්නන්ට බුදුදහමට ආදීනව සිදුවන දෙයයි. Continue reading
මුන්නේස්වරම බිලිපුජා සිද්ධියේ සමාලෝචනය
මුන්නේස්වරම බිළිපුජාවට එරෙහිව ආගම්බේධවාදීන් විසින් විරෝධතා එල්ල කළ අවස්ථාවේ මා එයට එරෙහි වෙමින් “මුන්නේස්වරම සත්ත්ව බිළිපුජාව වැලැක්වීමේ මහා මාධ්‍ය සංදර්ශනය” යනුවෙන් ලිපියක් (http://www.anvermanatunga.com/2012/08/27/munneswarama-sathwa-bilipuja/) පල කළෙමි. මෙම ලිපිය එයින් පසුව ඇතිවු තත්වය සමාලෝචනය කිරීමකි. Continue reading
පංසල තුල ඉෆ්තාර් දුන් පමණින් මුස්ලිම් පල්ලියක පිරිතක් කිව හැකිද? 2
නැවත වරක් අන්තර්ජාලය තුල මා ජනප්‍රිය කරවීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. සමහර විට මා ජනප්‍රිය වුවා මදියැයි ඔවුන් සිතනවා විය හැක. මෙවර ඔවුන් අල්ලාගෙන තිබෙන තුරුම්පුවම වැරදි එකකි. මන්දයත් පංසලක ඉෆ්තාර් කෑම වේලක් දී පල්ලියක පිරිතක් කීමට ඉල්ලීමයි. ඉෆ්තාර් යනු ආහාර වේලකි. දානයද යනු ආහාර වේලකි. මේ දෙකටම දහම් දෙකෙහි ගැටළුවක් නොමැති තැන මුස්ලිම් පල්ලියක පිරිත් කියන්නත් පංසලක ඉස්ලාමීය නැමදුම් කරන්නත් යන්නේ ඇයි? Continue reading
ආගම්බේධවාදීන්ට කටු අණින ඉෆ්තාර් – දිනයේ උපවාසය අවසන් කරන සහජීවන වැඩසටහන්
ලංකාව තුල රමදාන් මාසයේ ඉෆ්තාර් හෙවත් දිනයේ උපවාස ශීලය අවසන් කිරීමේ වැඩසටහන් වලට මුස්ලිම් නොවන අයද සහභාගී කරගෙන කිරීම දැන් ඉතාමත් ජනප්‍රිය දෙයක් වෙලා අවසන්. ඇත්තටම මෙවැනි වැඩ සටහන් තුලින් සිදුවන්නේ මේ රටේ සිංහල, දමිල සහ මුස්ලිම් ජනවර්ග අතර සංහිඳියාවක් ගොඩ නැගීමයි. නමුත් දැන් ඒ තුලින්ද සමහරුන්ට රිදී ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. ඒ රට ජාතිය බේධ බින්න කරන්නට වලිකන ආගම්බේධවාදීන්ටයි. Continue reading
හජරුල් අස්වද්-ඉස්ලාමයේ පූජණීය වස්තුව කාන්තා රහසඟද?
ඉහත මාතෘකාව යටතේ මහා රාවණ බලකාය නම් තුච්ඡ ආගම්බේධවාදියෙක් විසින් මූණු පොතට පෝස්ටරයක් සහ ලිපියක් පලකර ඇත. ඔහු එය උපුටා ගෙන ඇත්තේ තවත් ආගම්බේධවාදියෙක් විසින් පවත්වාගෙන යන අන්නිසා anniisa නම්වු බ්ලොග් අඩවියකිනි. ඇත්තටම මෙවැනි අලජ්ජික ම්ලේච්ඡයන් අපේ රටේ සිටීම අපටද ලැජ්ජාවකි. කෙසේ නමුත් ඔවුන් මේ නගන මුසාවන් පිළිබඳ ජනතාවට සත්‍ය එළිදරව් කිරීම් වස් මේ ලිපිය ලියමි. Continue reading
බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්!!!
“බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්” යනුවෙන් සඳහන් අන්තර්ජාල පෝස්ටරයක් මා දුටුවෙමි. ඒ ගැන විමසිලිමත්වු මා හට දැනගන්නට ලැබුණේ බුදු දහමට නිගාදෙන ප්‍රකාශන වලට එරෙහිව පනතක් ළගඳීම ගෙන ඒමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවයි. ආගම්බේධවාදීන් කියන්නේ නොබෝදා පැවති බොදුබල සේනා සම්මේලනයට බියවු ආන්ඩුව මේ පියවර ගත් බවයි. Continue reading
ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු විකෘති කර දැක්වීම
ආගම්බේධවාදීන් සිය මතවාද පතුරවන්නට විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරති. මා ළඟදී දුටු අන්තර්ජාල පෝස්ටරයක පලවුයේ ජපානයේ මුස්ලිම් වරුන්ට එරෙහිව තිබෙන ජපාන ප්‍රතිපත්තියක් ගැනයි. මෙය පලකර තිබුණේ සිංහ හඬ ලෙස පෙනී සිටින හිවල් හඬ විසිනි. මෙය ජනතාව මුලා කරන අසත්‍ය එකක් බව පෙනුනු නිසා මම ජනතාවට නිවැරදි තොරතුරු දැක්වීමට මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. Continue reading
අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක්!!!???
මේ දිනවල අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක් යන මැයෙන් අන්තර්ජාලයේ විවිධ ආගම්බේධවාදී වෙබ් අඩවි වල පලවේ. අපගේ පාඨකයන් විසින් එහි පසුබිම කුමක්ද? සහ ඒ ගැන මගේ ස්ථාවරය කුමක්ද? යන්න දැන ගැනීම සඳහා මේ ලිපිය ලියමි. කෙසේ නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මා විසින් එවැනි ලිපි වලට පිළිතුරු ලිවීම නොකරන බව පලමුවෙන් කිව යුතුය. Continue reading
ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව
ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්‍රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි. Continue reading
PC House ආයතනය සම්බන්ධව අන්තර්ජාලයේ පලවන ප්‍රචාර සම්බන්ධව
මේ වන විට PC House ආයතනය සම්බන්ධව අන්තර්ජාලය තුල මාධ්‍ය ආයතනයක් මගින් නිපදවු වැඩසටහනක් ප්‍රචාරය වේ. වෙලඳ ආයතනයක් සම්බන්ධව එවැනි ප්‍රචාරයක් දියත් කිරීම සදාචාරාත්මකද? සහ මෙම ප්‍රචාර වල පදනම සහ අරමුණ කුමක්ද යන්න ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. Continue reading












