Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ව්‍යාජ නම් (Fake name) වලින් අපහාස කරන්නේ කොන්දක් නැති නිසාද?

ව්‍යාජ නාම

ව්‍යාජ නාම

ආගම්බේධවාදී කැණහිළුන් විසින් විවිධාකාරයේ අසත්‍ය ප්‍රචාර ගෙනෙමින් මා යන ගමන නවතන්නට උත්සාහ දැරූමුත් ඒ සියල්ල ව්‍යර්ථ විය. දැන් ඔවුන්ගේ ඊලඟ ඉලක්කය මගේ නමට සමාන ආකාරයෙන් ව්‍යාජ නම් (Fake  name) සාදාගෙන ඉන් මා ලියන දේ වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් බංකොලොත් බව ප්‍රකාශ කරන මේ ක්‍රියාවලියද නවතින්නේ පරාජයකින් බව ඉඳුරාම පැවසිය හැක්කේ සත්‍ය කෙදිනක හෝ ජයගන්නා නිසාය. Continue reading

ෆේස් බුක්හි පලවුන මගේ ඡායාරූපය සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය. Continue reading

මුස්ලිම් ව්‍යාපාර සහ හලාල් නිශ්පාදන වර්ජනය

හලාල්

හලාල්

අහෝ මේ දෙව්දත්ලා කිසිදා නොදකිති මොක්පුර!

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් උන්වහන්සේට එරෙහි වු භික්ෂූන් සිට ඇත. දෙව්දත් ථෙර ඉන් ප්‍රමුඛ ස්ථානය ගනියි. ඒ නිසා අහෝ දෙව්දත් නොදුටි මොක්පුර! යැයි කියමනක්ද ඇත. මෙයින් ගම්‍ය වන සත්‍යය නම්, චීවරය දැරූ පමණින් මෝක්ෂය ලබා ගන්නට බැරි බවයි. කෙනෙකුට ලොවටම යහපතක් කරමි යැයි අරමුණු කරමින් චීවරය දරන්නට හැකි වා සේම තවත් කෙනෙක්ට ස්වකීය ආත්මාර්ථය ප්‍රමුඛ කරමින්ද චීවරය දැරිය හැක. Continue reading

මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්!

හිවල් හඬ

හිවල් හඬ

අන්වර් මනතුංග මාස කිහිපයකට පෙර face book එකට ආවේ එහි ආගම්බේධවාදී හිවලුන් එහි රජකරමින් සිටින බව ආරංචි වු නිසයි. එහිදී අන්වර් මනතුංග බ්ලොගයේ දැවැන්ත පහර වලට හසුවු සමහර හිවල් අඩවි තම වැඩ ටිකක් අඩු කරගෙන. ඒත් හිවල් හඬ නම් තවම නවත්වා නැහැ. මොකද සුකරයාට අසුචි කනවා හැර වෙන Job එකක් නැත්තාසේ මේ හිවලාටද අනුන්ගේ මගුල් ඇදගෙන නානවා හැර වෙන මොනවා කොරන්නද?   Continue reading

ආගම්බේධ වාදීන් නෝලිමිට් සමග ඇති අරෝව කුමක්ද?

නෝලිමිට්, පල්ලු සහ ග්ලිට්ස්

නෝලිමිට්, පල්ලු සහ ග්ලිට්ස්

අන්තර්ජාලය හරහා සිංහල මුස්ලිම් ජාතිබේධය අවුස්සන්න හදන්න පටන් ගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටයි. උතුරේ යුද්ධය අවසන්න වන විට මේ අය ටිකෙන් ටික ඔළුව උස්සන්න පටන් ගත්තා. මේ කට ඇත්තටම අපේ අසල්වැසි රටක ඔත්තු සේවයකුත් සම්බන්ධ බවට කටකථාවක් තියෙනවා. ඒකත් සමහර විට ඇත්තක් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ අපේ රටේ සිංහල දෙමළ ප්‍රශ්ණයේදී ලෙඩේ අමාරු වෙන්න එයාලා කොරපු හරිය අපිට අමතක නැති නිසයි. ‍නෝලිමිට් කියන්නේ මුස්ලිම් කෙනෙක්ට අයත් ව්‍යාපාරික ස්ථානයක් වන අතර එම ආයතනය සම්පුර්ණයෙන්ම දේශීය සමාගමකි. එම සමාගම තුල මේ වන විට සේවක සේවිකාවන් රැසක් සේවය කරයි. මෙන්න මෙතැනදී ආගම්වාදීන් පලමුවන ප්‍රශ්නය ඇද දමයි. Continue reading