Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

කුමක්ද? ඊ 296 (E 296) හෙවත් මැලික් අම්ලය (Malice Acid)

නෝලිමිට් ටොෆිය

නෝලිමිට් ටොෆිය

පසුගිය දින වල නෝලිමිට් වෙලඳ ආයතනයෙන් සිංහල කාන්තාවන් ඉලක්ක කරගෙන ජාතිය වඳ කිරීමට ටොෆි වර්ගයක් නොමිලේ ලබා දෙන කුමන්ත්ර ණයක් ඇති බවට අන්තර් ජාලයේ නොයෙක් වෙබ් අඩවි වල පුවත් පලවුණා. මේවා මුස්ලිම් වෙලඳ ආයතනයන් ඉලක්ක කරගෙන ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් ද්වේෂ සහගතව කරන චෝදනා බව අප හෙළි කළා. http://www.anvermanatunga.com/2012/04/03/sinhalaravaya/ බලන්න. නමුත් ඔවුන් විසින් තවදුරටත් ජාතිවාදී මඩ ප්රaහාර අත් නොහරියි. ඔවුන්ට අවශ්ය උත්සව සමයේ එම ආයතනයේ වෙලඳාම කඩා කප්පල් කිරීමයි. ඔවුන් විසින් ඊ 296 හෙවත් මැලික් අම්ලය ගැන කරන චෝදනාව ගැන අපගේ සහෝදර ලේඛකයෙක් වන ඉබ්නු මන්සුර්ගේ අදහස මෙසේයි. Continue reading

Nolimit වස දැමූ ටොෆි බෙදනවා යැයි පච නිවුස් එකේ ඇත්ත නැත්ත

ඊයේ දින අප්‍රේල් 2 වෙනිදා සිංහල රාවය නමින් තිබෙන වෙබ් අඩවියේ සහ ෆේස්බුක් අවකාශයේ මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් වන නෝලිමිට් ඉලක්ක කරගනිමින් මඩ පුවතක් ප්‍රචාරය කරන ලදී. ඇත්තටම ජාතිබේධ වාදීන් විසින් පසුගිය කාලයේ නෝලිමිට් ඉලක්ක කරගනිමින් අසත්‍ය ප්‍රචාර රැසක් සිදු කරන ලදී. ඔවුන්ගේ මේ සියළුම උත්සාහයන්හි අරමුණු වුයේ එම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය සම්බන්ධ අසත්‍ය දේ ජනතාව අතර වපුරා ඉන් ජාතිබේධයක් නිර්මාණය කර සිංහල ජනතාව එම ව්‍යාපාරික ස්ථානය වෙත යෑම වැලැක්වීමයි. අළුත් අවුරුදු සමය ආරම්භයේම මොවුන් විසින් ජනතාවට නෝලිමිට් වර්ජනය කරන්න කිව්වද ජනතාව එය පිළිගත් වගක් පෙනෙන්නට නොතිබුණි. මේ නිසා ඔවුන් අවුරුදු සමයේ නෝලිමිට් යන සිංහල පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරය සිදුකර ඇත. පහත සඳහන් වන්නේ සිංහල රාවය වෙබ් අඩවිය විසින් නෝලිමිට් අරබයා පලකල අසත්‍ය පුවතයි. Continue reading

බුදු දහමට අපහාස කරගන්නා ලංකාසී නිවුස් වෙබ් අඩවිය නබිතුමාටත් උනේ මට වුන දේ – රනිල්ගේ ප‍්‍රකාශයට ‘ජමිතුල්උලමා’ විරෝධය පුවත පලකරමින් ඉස්ලාමයටද අපහාස කරයි.

ජනමාධ්‍ය යනු වගකීම් සහගත ක්ෂේස්ත්‍රයකි. මා එසේ කීමට ප්‍රධානතම හේතුව නම් ජනමාධ්‍ය තුලින් සමාජයක ජන විඥානයට කළ හැකි බලපෑම ඉතා ප්‍රබල වීමයි. එම බලපෑම සමාජයට හිතකර වේ නම් එහි කිසිදු ප්‍රශ්නයක් පැන නොනගී. නමුත් එතුලින් සමාජයට අහිතකර දේ ජන විඥාණය තුලට ඇතුළු වේ නම් එය විශාල ප්‍රශ්නයකට සහ සමාජ අර්බුධයකට හේතු වනු නියතය. ඒ නිසා ජනමාධ්‍ය ක්ෂේස්ත්‍රයේ නියැලෙන්නන් මේ පිළිබඳව සිතාබලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් සහ කාලෝචිත කරුණකි. මම මේ පුර්විකාව ලිවීමට ප්‍රධානතම හේතුව මාතෘකාවෙහිම දක්වා ඇත. Continue reading

ප්‍රදේශවාදය හීනමාන රෝග ලක්ෂණයක්ද?

මේ ආන්ඩුව ආවත් හරි අපිට නිරතුරුව අහන්න ලැබෙන දෙයක් නම් අපි දකුණේ අපි රුහුණේ වැනි කථාවන්ය. අතීතයේදීත් මේ වගේ කථාවන් නොතිබුණාම නොවේ. නමුත් දැන් නම් රුහුණේ කථාව අප්පිරියා වෙන්නම ඇසී ඇත. මේකට ඇත්තටම මට තද වෙන්නේ මම රුහුණේවත් උඩ රටවත් නොවෙන නිසාද වන්නට පුළුවන. Continue reading