Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයක් !!! (1 කොටස)

භීතිකාව

භීතිකාව

රට තුළ “මුස්ලිම් භීතිකාවක්‌” හා “මුස්ලිම් පිළිකුලක්” දියත් කරන්නට වෙර දරණ වෛරය හා ක්‍රෝධය අස්වද්දන පිරිස ඉදිරිපත් කොට අති  නවතම සටන් පාඨය වී ඇත්තේ මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයකට සිංහල බෞද්ධ ජනයා ලක්වී ඇති බවය. සිංහල බෞද්ධ ජනයාගෙන් මධ්‍යස්ථ අති බහුතරය, සැබැවින්ම මෙවන් පදනම් විරහිත බොළඳ හා මනඃකල්පිත මත වාදයන් මිළට ගැනීමට සුදානම් නොමැති බව අපි ඉතා හොඳින් දනිමු. එනමුත් ඒ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක් අවශ්‍යය බව සිතුනු නිසා මෙම ලිපිය සකස් කරන්නට අදහස් කළෙමු.  Continue reading

ඊයේ බොදුබලසේනාව සහ ජනපති මහින්ද රාජපක්ෂ හමුව විමසුමක්!

බොදු බල සේනා

බොදු බල සේනා

මෙතෙක් කලක් රජයට සහ දේශපාලකයන්ටද සිය දේශනා වලින් බැන වැදුනු බොදුබලසේනාවේ නායකයන්, ඊයේ එනම් 2013 ජනවාරි 27 වැනිදා ජනපති හමුවීමට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. මා විසින් මෙම ලිපිය ලිවීමට අදහස් කළේ ඔවුන් ජනපතිඳුන් හමුවීමට ගියේ මන්ද? සහ එහි සිදුවුයේ කුමක්ද? යන්න විමසා බැලීමටයි. Continue reading

සාමය සහ ගැටුම් නිරාකරණය (Peace & Conflict Resolution)

සාමය

සාමය

තිස් වසරක අමිහිරි යුද්ධයේ මතක සටහන් පසුකරමින් ශ්‍රී ලංකාව සාමකාමී අනාගතයක් ගොඩ නගමින් සිටිද්දී ලබා ගත් සාමය තව දුරටත් රැක ගැනීම පිලිබඳව අපේ අවධානය නිසි අයුරින් යොමු විය යුතුය. තවද සාමය සහ ගැටුම් නිරාකරණය යන සංකල්පය තුල කියවෙන “පොදු සතුරා” පිළිබධව සංකල්පය අද අපේ රටේ සාමය සහ ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීමට බෙහෙවින් රුකුලක් වනු ඇතැයි විශ්වාස කරමි. Continue reading

බුදු දහම හා සමාජ සහජීවනය

ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය

අසත්‍ය තොරතුරු වෙබ් අඩවිවල පළකරමින් හා බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන ක්‍රියාකරුවන් ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට එරෙහිව නින්දා සහගත ලෙස ප්‍රචාරයේ යෙදී සිටින ඊනියා බෞද්ධ හා සිංහල දේශප්‍රේමීන්ට බුදුන් වහන්සේගේ අලංකාර සමාජ සහජීවන ඉගැන්වීම් ගැන ඇති තොරතුරු වලින් බිඳක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. Continue reading

“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!

ජැ‍ෆ්නා මුස්ලිම් වෙබ් අඩවිය

ජැ‍ෆ්නා මුස්ලිම් වෙබ් අඩවිය

“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!

(ඉහත මැයෙන් ෆේස් බුක්හි දෙමළින් පළවූ ප්‍රවෘතියක් මවිසින් සිංහලට පරිවර්තනය කර එවා ඇත්තෙමි) Continue reading

ලංකාවේ මුස්ලිම් පල්ලි වලට මෙතරම් විරෝධයක් ඇයි?

මෙත පැතිරවීම

මෙත පැතිරවීම

කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි ‍වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි. Continue reading

බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්!!!

භාෂනයට නීතියක්!

භාෂනයට නීතියක්!

“බුදු දහමට නිගා කරන ප්‍රකාශන තහංචි පනතක්” යනුවෙන් සඳහන් අන්තර්ජාල පෝස්ටරයක් මා දුටුවෙමි. ඒ ගැන විමසිලිමත්වු මා හට දැනගන්නට ලැබුණේ බුදු දහමට නිගාදෙන ප්‍රකාශන වලට එරෙහිව පනතක් ළගඳීම ගෙන ඒමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවයි. ආගම්බේධවාදීන් කියන්නේ නොබෝදා පැවති බොදුබල සේනා සම්මේලනයට බියවු ආන්ඩුව මේ පියවර ගත් බවයි. Continue reading

ධර්ම ද්වීපයේ ඉරණම කුමක් වේද?

රටට සාමය

රටට සාමය

ධර්ම ද්වීපය හෙවත් දහම් දිවයින යනු අතීතයේ අප රට හැඳින්වු විරුදාවලී නම් වලින් එකකි.  එහෙත් අද තරම් දම් දෙසුම් වත්, විචිත්‍ර ධර්ම දේශකයන් වත්, විසිතුරු ආගමික ස්ථානවත් එදා නොතිබුණි. එක දම්දෙසුමක් රටපුරා සියල්ලන්ටම එකවර අසන්න තරම් තාක්ෂණයක් එදා නොතිබුණි. නමුත් එදා ධර්ම ද්වීපය ලෙස කටපුරා කියන්නට හැකියාවක් තිබුණද අද එසේ නැත. Continue reading

කූරගල මුස්ලිම් පුදබිමක්ද?

කූරගල ප්‍රදේශයේ ඓතිහාසික බෞද්ධ පුදබිමක් මුස්ලිම් වරුන් විසින් අල්ලාගෙන ඇතැයි යන හඬක් නැගෙන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් එය වනයක්වු තුවාලයක් මෙන් සැරෙන් සැරේ පාරන තත්වයකට පත්ව ඇත. මගේ අදහස නම් මින් ගැටළු ඇති වන්නේ රටේ ආගමික සහජීවනයට නිසා මේ පිළිබඳව ඉතාමත් ඉක්මණින් විසඳුමක් ලබා ගත යුතුය යනුයි. මෙයට ආසන්නතම සිදුවීම ජාතික හෙලඋරුමය ප්‍රමුඛ පිරිසක් 2012 ජනවාරි මස 08 වන දින එහි වන්දනාවේ යෙදීමයි. එතුමන්ලා විසින් කළ දේ පිළිබඳ විවේචනයක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නිසා ඒ ගැන සඳහනක් නොකරමි. Continue reading