Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

“යහපත් සමාජයක දෙවන ඛේදවාචකය – 1කෙටස”

ලිංගික දඩයම

ලිංගික දඩයම

අද මම මේ කියන්නට යන දේ ඇතැම් විට ඔබට පට්ට කුණුහරුපයක් වන්නට බැරි නැත. කියවන්න තියා හිතන්නටවත් නොහිතෙන කතාවක් වන්නටද බැරි නැත. එහෙත් මේ කතාව කිව යුතුමයි මම සිතුවෙමි. එනිසාවෙන් ලියමි. Continue reading

මාධ්‍ය සදාචාරය හා අපි නොදන්න පුවත් කලාව

මාධ්‍යය

මාධ්‍යය

මෑතකදී සිට  අප රටේ ආගමට, ජාතියට, රටට, ආර්ථිකයට ආදී වශයෙන් නොයෙකුත් අංශයන් හට දැඩි ලෙස ලෙංගතු සේනාවන් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතී. එය රටක් ලෙස හා ජාතියක් ලෙස පැසසිය යුතු කරුණකි. නමුත් මෙම සංවිධානවල ක්‍රියාකාරකම් ගත්කල එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදිලි අරමුණක් හෝ පිළිපදින්නා වූ නීතිමය රාමුවන් සම්බන්ධයෙන් වගකීමක් දැරීම පිළිබන්දව බොහෝ ගැටලු සමාජය ඉදිරියේ මතුවෙමින් පවතී. Continue reading

අයවැය ගැන මගේ අදහස

අයවැය 2012

අයවැය 2012

අපේ රටේ අයවැය ගැන ජනතාව වැඩි අවධානයක් යොමු කළයුතු නොවන බව මගේ අදහසයි. එයට ප්‍රධානතම හේතුව නම් අයවැය තිබුණද නැති වුණද අපේ රටේ බඩුමිල දිගින් දිගටම ඉහල යති. ඒ නිසා උද්ධමනයද ඉහල යති. අයවැය ප්‍රකාශය තිබුණා හෝ නොතිබුණා හෝ කියා ජනතාවට විශේෂ වෙනසක් සිදු නොවේ. Continue reading

ආදායමට වඩා වියදම වැඩිවන්නේ අනුකරණය නිසයි

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ පීඨාධිපතිමහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි

කොපමණ මුදල් හරිහම්බ කළත් කිසිදු ඉතිරියක් නැති බව මේ සමාජයේ වැඩි දෙනා ගේ අදහස ය. Continue reading

පොලියට අහුවෙන්න එපා!

පොලිය

පොලිය

පොලිය යනු අද ලොව පිළිලයක් මෙන් පැතිරී ගිය සංකල්පයකි. පොලිය යනු ධනවාදයේ ප්‍රධාන අතුරු ඵලයකි. එහෙත් ධනවාදය කෙතරම් ඔඩු දුවමින් පවතීද ඊටත් වඩා වේගයෙන් පොලිය ලොව පුරාම ඔඩුදුවා පැතිරීමට ප්‍රධාන හේතුව නම් සමාජවාදී රටවලද බැංකු මගින් පොලිය අනුමත කර තිබීමයි. Continue reading

ලංකාවට අඩුවෙලා තිබුණේ SLPL විතරමද?

එස් එල් පී එල් 2012

එස් එල් පී එල් 2012

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක උත්සවය අගෝස්තු 10 පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. මෙම උත්සවය වර්ණවත් කිරීමට ‍විදෙස්ගත රෙගේ ගායකයන්, ඉන්දියානු සිනමා තරු සහ විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ද සහභාගී වී ඇත. මේ අතරේ SLPL තරඟා වලියේ නිල වෙබ් අඩවිය වෙබ් අඩවි හැකර් කෙනෙකුගේ ප්‍රහාරයට ලක්වෙලා තිබුණා. ආන්ඩුව විසින් ජනතාවට ගසන හැකර් ප්‍රහාරයක් වන SLPL ට හැකර් ප්‍රහාර එල්ල කරන්නට තරම් මොකාටද හයියක් තියෙන්නේ? කියන එකත් ප්‍රශ්නයක්. Continue reading

ඔබගේ ආදායම වියදමට ප්‍රමාණවත්ද?

ජීවන වියදම

ජීවන වියදම

අද බඩුමිල දරන්නට බැරි තරම් ඉහල ගොස් ඇති බව වෙලඳපොලට යන කෙනෙකුට ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි. බඩුමිල දිනෙන් දින වැඩි වුවද ඊට සාපේක්ෂව සාමාන්‍ය ජනතාවගේ ආදායම ඉහල යන්නේ නම් ප්‍රශ්නයක් නැත. නමුත් එය සිදුනොවේ. බඩුමිල වසරකට කිහිප වතාවක් වැඩි වන නමුදු වැටුප් වැඩි වන්නේ වසරකටම වරකි. එයද ඉතා සොච්චමකින් විය හැක. Continue reading

වෝල්ස් ස්ට්‍රීට් සහ කොලඹ හත

ඇමරිකාවේ ධනවත් කුවේරයන් ගැන කථා කරනවා නම් නිතැතින්ම මතක් වන්නේ වෝල්ස්ට්‍රීට් හි පදිංචි මිනිසුන් ගැනයි. එම වීදියේ සිටින කුඩා පිරිසක් විසින් මුළු මහත් ඇමරිකාවේ ආර්ථිකයම හසුරුවන බව සිතෙන විටත් පුදුමාකාරය. එමෙන්ම මුළුමහත් ඇමරිකානු ආර්ථිකයෙන් වැඩිම කොටසක් බුදින්නේ මේ සුළුතරය යන්න ගැන සිතන විට ධනවාදය කෙතරම් රුදුරුද යැයි සිතේ. (නමුත් මේ ලියුම්කරු වනාහී ධනවාදී ආර්ථිකයේ ඵල බුදිමින් එය විවේචනය කරන්නාවු බංකොලොත් සමාජවාදියෙක් නම් නොවේ) මේ තත්වය අප  ලංකාව සමග සසඳනවා නම් වෝල් ස්ට්‍රීට් සමාන වන්නේ ලංකාවේ කොලඹ 7 හෙවත් කුරුඳුවත්තටය. Continue reading

රුපියල බාල්දු කිරීම

පසුගිය දිනවල රුපියල අවප්‍රමාණය කිරීම ගැන බොහෝ දෙනෙකු කථා කරනු අසන්නට ලැබුණා. සමහරු ආර්ථික විශේෂඥයන්සේ ඒ ගැන ගැඹුරු විග්‍රහයන් කළා. විපක්ෂය නම් කථා කළේ රුපියල බාල්දු කිරීම ගැන බාල්දු විදිහටමයි. ඒ අය කථා කළේ හරියට ඔවුන් කවදාවත්ම රුපියල බාල්දු කර නැති ගාණටයි. රුපියල අවප්‍රමාණය කිරීමේදී සෑම විටම විපක්ෂය එයට විරුද්ධව කථා කිරීමත් ආන්ඩු පක්ෂය එයට පක්ෂව කෙස් පැලෙන ආර්ථික විග්‍රහයන් කිරීමත් සාමාන්‍ය දෙයක්. Continue reading

විවෘත ආර්ථිකයේ අමානුෂික මුහුණුවර

ජේ.ආර් මහතා විසින් ආරම්භ කළ විවෘත හෙවත් හෙළුවැලි ආර්ථිකය නිසා අද මුළු රටම පත්ව ඇත්තේ ව්‍යසනයකටය. සැවොම උත්සාහ දරන්නේ කෙසේ හෝ මුදල් උපයන්නටය. මුදල් උපයන්නට මෙතරම් තරඟයක් ඇයි? එයට හේතුව නම් ජනතාවගේ අවශ්‍යතාවයන් වැඩි වීමයි. හැමෝටම අවශ්‍ය තමන්ට කියා ලස්සන ගෙයක්, වාහනයක් සහ අළුතින් අළුතින් වෙලඳපොලට එන නානාප්‍රකාර මඩුමුට්ටු ගන්න සල්ලි වෙති. මේ සඳහා පැරණි සාම්ප්‍රදායික රටාවෙන් මිදී අතිධාවනකාරී විය යුතුය. මේ සමාජ ක්‍රමයෙන් ජය ලබන්නේ එවැනිවුන්ය.

Continue reading