“නිරන්තරයෙන් අසන්නට ලැබෙන දෙයක් මත හෝ කට කථාවක් මත හෝ ධර්ම ග්‍රන්ථයක සදහන් වන කරුණක් මත හෝ අනුමානයක් මත හෝ සිද්ධාන්තයක් මත හෝ ආකර්ෂනීය තර්කයක් මත හෝ කිසියම් මතයක් කෙරෙහි ඇතිවන පක්ෂපාති භාවය මත හෝ කිසියම් අයෙකු තුළ ඇතැයි පෙනෙන හැකියාවක් කෙරෙහි ඇතිවන විශ්වාසය මත හෝ සානුකම්පිත භාවය මත හෝ පිහිටා කටයුතු නොකළ යුතුය. Continue reading
Tag Archives: ඉස්ලාම්
මුස්ලිම්වරුණි, අනාගතය දකිමු! පෙර සුදානම නබි ආදර්ශයයි!
මා විසින් මීට වසර දෙකකට පමණ පෙර අන්තවාදීන් විසින් ඉදිරියේදී ලංකාව තුල මුස්ලිම් විරෝධයක් මතු කරන්නට ඉඩ ඇති බවට පැවසු විට මගේ බොහෝ මිතුරන් එය පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් අද ඒ අයම ඔබ එදා පැවසු දේ නිවැරදි යැයි පවසති. එදා අප සුදානමින් සිටියා නම් අද අපට ඉතාමත් ලෙහෙසියෙන් අන්තවාදය පරාජය කළ හැකිව තිබුණි. මෙම ලිපියේ විමසුම නම් අප විසින් අනාගතය උදෙසා වර්තමානයේ කළයුත්තේ කුමක‍්දැයි විමසා බැලීමයි. Continue reading
හලාල් විරෝධය අවසන් වීම විමසුමක්!
හලාල් සලකුණු ගැටළුව දැන් අවසන් වී ඇත. මුස්ලිම් අයට හලාල් ඉතිරිව ඇත. නමුත් සලකුණ නැත. මුස්ලිම් නොවන අයද සලකුණකින් තොරව වුවද කිසිදු අපහසුවකින් තොරව දැන් හලාල් වලඳති. මෙම සිදුවීමෙන් ප්‍රථිලාභ හිමිවුයේ කාටද? මෙම ගැටළුවේ ප්‍රධාන පාර්ශව දෙක වුයේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ එයට දොස් තැබු බොදු බල සේනාවයි. Continue reading
බොදුබලසේනාව මුස්ලිම් සමාජය දෙකඩ කිරීමේ දිළිඳු ප්‍රයත්නයක!
ඊයේ බොදුබලසේනා සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්. ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට අභූත චෝදනාවක් එල්ල කරන ලදී. මෙහිදී ඔවුන් උත්සාහ දරන්නේ ඉස්ලාමීය සමාජය තුල දෙකඩ කිරීමක් ඇතිකර ගැනීමටයි. මෙහිදී ඔවුන් ලංකාවට පැමිණි යම් යම් ඉස්ලාමීය විද්වතුන් සහ ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් සංවිධාන වල නම් පවා සඳහන් කරමින් එම විද්වතුන් සහ සංවිධාන ත්‍රස්තවාදී බවට මඩ ප්‍රහාර එල්ල කරන ලදී. එම මාධ්‍ය නිවේදනය ඔබට කියවීම සඳහා අපි මෙසේ ඉදිරිපත් කරමු. Continue reading
බුදු දහමට අපහාස කරනවා! බලන්න එපා! ඒත් බලන්න ¿¿¿
“මෙන්න බුද්ධාගමට අපහාස කරනවා, මේ pages block කරන්න, යාළුවන්ටත් share කරන්න Block කරන්න කියලා”, “බුදුහාමුදුරුවන්ට අපහාස කරනවා. මුන්ට හෙණ ගහපිය, Share කරන්න” ලෙස සඳහන් කරමින් බුද්ධාගමට හා බුදුහාමුදුරුවන්ට ඉතා පහත් අන්දමින් අපහාස කරන Facebook Pages වලට හා වෙබ් පිටුවලට Links සඳහන් පින්තුර මේ දිනවල Facebook එකේ විශාල ලෙස share වෙමින් පවතී. බෞද්ධයන්ව බෞද්ධයන් ලවාම කුපිත කිරීමේ මෙම උපාය මාර්ගය පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම මඳක් විග්‍රහ කිරීමට කැමැත්තෙමි. Continue reading
විද්‍යාවේ දියුණුව යනු ආගම් වල පසුබෑමට හේතුවක් ද???
මෙම මාතෘකාව මා තෝරාගැනීමට අදහස් කලේ මිනිසුන් දරන මෙම මතයට විද්‍යානුකූල හේතු තිබෙද? යන්න විමසා බැලීමට ය. බොහෝ දෙනෙකු විද්‍යාඥයන් ආගමින් බැහැර වී ඇතැයි සිතුවද සියලුදෙනා එසේ නොවන බවත් කිවයුතුය. කරුණු කෙසේ වෙතත් අපගේ බුද්ධියෙන් සොයා බැලිය හැකි කරුණු ගැන අවධානය යොමුකිරීමට අදහස් කරමි. Continue reading
බින් ලාඩින්, ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, යුද්ධ, ජිහාද් යන කරුණු පිළිබඳව ඉස්ලාමය දරණ මතය කුමක්ද?
යුද්ධ හා ගැටුම් පිළිබඳව මානව විද්‍යාත්මක (anthropological) අධ්‍යයනයන් කිහිපයක් පවත්වා ඇත. අවසානයේ මේ අධ්‍යයනයන් සියල්ලම වාගේ පැමිණ ඇත්තේ සමාන නිගමනයන්ටය. අනාදිමත් කාලයේ සිට මිනිසා ගැටුම් හා යුද්ධයන්ට මැදිහත් වී ඇති අතර සැබැවින්ම මෙය මිනිස් ස්වභාවයේ යතාර්ථයක් බවත් මෙම අධ්‍යයනයන් ගෙන් ඔප්පු වී ඇත. Continue reading
මුස්ලිම් කාන්තා වස්ත්‍රය පිලිබඳව බෞද්ධ විද්වතෙකුගේ අදහසක්
අද අන්තර්ජාල අඩවි ලිපි වලට ලැබෙන ප්‍රතිචාරයන්ගේ ගුණාත්මක බව විශාල වශයෙන් පිරිහී ඇති යුගයකි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ යනු අන්තර්ජාල අඩවි තුල ඉතාමත් ගුණාත්මක පාඨක ප්‍රතිචාරයන් දමන්නාවු මධ්‍යස්ථ මතධාරී බෞද්ධ විද්වතෙකි. ඔහු අපගේ අඩවියේද පාඨකයෙක් වන අතර විශේෂ අවස්ථාවන්හිදී තමන්ගේ බුද්ධිමත් අදහස් සංවාදයන්ට යොමුකර ඇත. Continue reading
හලාල් ප්‍රෝඩාවක්ද? ඇත්තක්ද? පාඨක ප්‍රතිචාරයකට පිළිතුරක්!
එක්තරා ප්‍රතිචාරයකදී මා විසින් කළ “ජාමියතුල් උලමා හෙවත් ආගම්ක විද්වතුන් අන්තවාදීන් බව පවසන්නට ඔබට සාක්ෂි සාධක තිබෙනවාද? හැකි නම් පෙන්වන ලෙස මම අභියෝග කරමි” යන ප්‍රකාශයට කපිල නැමැත්තෙකු පිළිතුරක් එවා ඇත. ඔහුගේ ප්‍රතිචාරයත් ඉන්පසුව මගේ පිළිතුරත් මෙසේ ලිපියකින් පෙලගැස්වීමට තීරණය කළෙමි. පලමුවෙන් ඔහුගේ ප්‍රතිචාරය උපුටා දක්වමි. පසුව ඔහු විසින් එල්ලකර ඇති චෝදනා වෙන වෙනම ගෙන ඊට පිළිතුරු සපයමි. Continue reading
දෙසැම්බර් 21 ලෝක අවසානය සිදුවෙයිද?!!!
දෙසැම්බර් 21 ලෝක අවසනය යැයි සමහර මිනිසුන් අතර විශ්වාසයක් ඇත. විද්‍යාවෙන් මෙතරම් දියුණුවක් අත්පත් කරගෙන ඇති රටක් වන ඇමරිකානුවන් අතරත් මේ විශ්වාසය තිබීම පුදුමයකට කරුණකි. මේ විශ්වාසය විද්‍යාව පදනම් කරගෙන සිදුකල එකක් නොවේ. Continue reading
දෙවියන් ඇදහීම!
ඉතා ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් අදහති. එක එක ජන කොටස් අදහන දෙවියන් වෙනස් යැයි සිතා ඔවුන් හරියැයි සිතන දෙවියන්ට තමන් දන්නා විදියට ඇදහීම් කරති. ඒ ඒ ආගම් අනුව ඔවුන්ට තමන් අදහන දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් ඇත. Continue reading
ශ්‍රී ලංකා මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්. (1).
ලංකා යෝනකවරුන්ට ප්‍රෞඪ ඉතිහාසයක් තිබේ.
සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසිනි.
(සිලෝන් ඔබ්සර්වර්, ඉරුදින සංග්‍රහය – 1949 ඔක්තෝබර් 23) Continue reading
කිසිවක් රැගෙන ආවාද? කිසිවක් රැගෙන යන්නේද?
සිත යනු තත්පරයකින් විවිධවූ දිශාවන් ඔස්සේ වේගයෙන් ගමන් කළහැකි දෙයකි. මා මේ ලියන්නේ මගේ සිත මොහොතකදී දිව ගිය දේ ගැනයි. මිනිස් සිත විවිධ දේ කෙරෙහි ආශාවන් ඇතිකර ගනී. ආශාවන් වැඩි වූ විට එහි හොඳ නරක ආදීනව ගැන සිතීමටවත් සිත පිළිකුල් කරයි. ඒවා පොදි බැඳගෙන කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමට විවිධවූ දේ කර පසුව අතරමං වේ.
ජීවිතාරක්ෂණය හා ෂරියා නීතිය
උපතේ සිට මරණය දක්වාවූ කාල පරාසය පොදුවේ ජීවිතය යනු කුමක්ද? යන්න පිළිබඳව දිය හැකි කෙටිමවු අර්ථ විවරණය ලෙස දැක්විය හැක. මිනිසා හට මේ මිහිතලය මත සදාකාලික ජීවිතයක් උරුම නැත. උත්පත්තියෙන් ආරම්භ වන ජීවිතය අවසන් වන්නේ මරණයෙනි. Continue reading
බොදුබල සේනාව කියන පරිදි රජය අද ඌරු කොටුවක්ද?
බුද්ධ ශාසනය සුරක්‍ෂිත කරන්න දිවුරුම් දුන් රජය අද තනිකර ඌරු කොටුවක් යයි බොදු බල සේනා සංවිධානය පවසා ඇති බව ආගම්බේධවාදී අන්තගාමීන්ගේ වැසිකිලිය වන ලංකා චී නිවුස් විසින් වාර්තා කර ඇත. ලංකා චී නිවුස්ට නම් මෙවැනි පුවත් ගජවාසි සහිත ඒවාය. මන්ද ආගම්බේධවාදී මානසිකත්වයෙන් ඔද්දල් වී සිටින ඔවුන්ගේ චී නිවුස් කමෙන්ට් රැළට මෙය හොඳ අතුරුපසක් බැවිනි. Continue reading
ශ්‍රේෂ්ඨතම මිනිසා පිලිබඳ කෙටි හැඳින්වීමක්
මේ දිනවල ලොව වඩාත්ම කතාබහට ලක්වන පුද්ගලයා බවට මුහම්මද් නබි තුමාණන් නැවත පත්ව ඇත. ඒ එතුමන්ට අපහාස වන අයුරින් සාහසික ලෙස තැනුනු චිත්‍රපටයක් හේතුවෙනි. මේ නිසා මම එතුමන් පිළිබඳව මගේ ස්වල්පවු හැකියාවෙන් කෙටි සාරාංශයක් එළිදැක්වීමට අදහස් කළෙමි. Continue reading
මුස්ලිම් කාන්තාවට හිජාබය වදයක්ද?
“අර බලන්නකෝ! අනේ මන්දන්නෑ! මේ අව්රස්නේ කොහොම ඇඳලා ඉන්නවද? කියලා!” මේ දිනක් මට ඇසෙන්නට බස් නැවතුම්පොලකදී කාන්තාවක විසින් තවත් කාන්තාවක් සමග පැවසු වදනකි. ඇත්තටම ඇය සිතා සිටින්නේ ඔවුන්ට තිබෙන ග්‍රීස්මය අපටද ඇත කියායි. Continue reading
Innocence of Muslims චිත්‍රපටය නිෂ්පාදනය කල ආකාරය හෙළිවේ!
මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන ආකාරයෙන් සැකසු Innocence of Muslims චිත්‍රපටය නම්වු චිත්‍රපටය සැකසු ආකාරය දැන් හෙලිවෙමින් පවතී. මේ එම චිත්‍රපටය සැකසු ආකාරය ගැන දැනට හෙලි වී ඇති කරුණු වලින් කිහිපයකි. Continue reading
චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සහ ඉස්ලාම්
ඩාවින්ගේ පරිනාම වාදය පිලිබඳ අදහස් කිහිපයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. එය නිවැරදිව අධ්‍යයනය කලවිට සැබවින්ම ඔප්පු වන්නේ ඉස්ලාමයේ සත්‍ය තාවය බව මගේ අදහසයි. පරිනාමවාදය ලෝකයාට ඉදිරිපත් කළේ චාල්ස් රොබට් ඩාවින් විසිනි. 1832 දී එච්.එම්.එස්. බීගල් නෞකාවෙන් බ්‍රිතාන්‍යයෙන් පිටත්ව ගිය ඩාවින් විසින් පුරා වසර පහක් තිස්සේ විවිධ සත්වයින්ගේ වෙනස්කම් හා පරිසරයේ අවශ්‍යතාවයන් අනුව හැඩගැසීම් සිදුවී ඇති ආකාරය අධ්‍යනය කරන ලදී. Continue reading
පුනරුත්පත්තිය පිළිබඳ ඉස්ලාමීය මතය
මෙම මාතෘකාව සඳහන් කළ විගසම කෙනෙකුගේ මනස තුල ජනිත වන්නේ ‘නැවත ඉපදීම’, ‘පුනර්භවය’ යන වචන වලින් අදහස් වන සංකල්පයන්ය. මෙම වචන වැඩි වශයෙන් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති හෙයින් පළමුව එම කෝණයෙන් එහි අර්ථය විමසා බලමු. එසේ කිරීමෙන් ඉතා නිවැරදි ලෙස ඉස්ලාමීය සංකල්පය අවබෝධ කරගැනීමට මෙය උපකාරී වේ යැයි අපේක්ෂා කරන්නෙමු. Continue reading
සැබෑ මුස්ලිම්වරයා යනු කවුරුන්ද?
මා මැවූ, මගේ ප්‍රාණය නැවත අත්පත් කරගන්නා හා මා නැවත නැගිටුවන් ලබන සර්ව බලධාරී අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි .
අද සමාජයේ සමහර කොටස් මුස්ලිම් වරුන් දෙස බලන්නේ වපර ඇසිනි. ඒ ඔවුන්ගේ වරද නිසා නොව ජාතිවාදී බලවේග විසින් ඔවුන්ගේ සිත් තුල වපුරුවා ඇති අන්තවාදී විශබීජ නිසාවෙනි. Continue reading
මුස්ලිම් වරයෙකු සතුවිය යුතු ගුණාංග
පුද්ගලයෙකු සතු ගෞරවය, චරිතය රැකෙන්නේ සහ දෙවිඳුන් හට ඔහු ලඟා වන්නේ ඔහුගේ පෝසත්කම, උගත්කම, ශරීර ලක්ෂණ, දක්ෂතාවය හෝ ඔහු ලබා ඇති පදවිය මත නොවේ. කෙනෙකුට කෙතරම් ලස්සන ගතිගුණ හා ප්‍රතිපත්ති ඇත්තේද ඔහු දිනෙන් දින දෙවිඳුන් කර ලඟා වන්නේය. Continue reading
ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ නබි වදන්
ෆාතිමා සහෝදරිය විසින් ඉස්ලාම් සහ සත්ව කරුණාව යන මැයෙන් ලියු ලිපිය (http://www.anvermanatunga.com/2012/08/28/islam-saha-sathwa-karunawa/) දුටු මා හට සත්ව කරුණාව පිළිබඳව මුහම්මද් නබි තුමාණන් විසින් පවසා ඇති වදන් සහ ආදර්ශයන් මොනවාදැයි සොයන්නට සිත්විය. මෙම “ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳ නබි වදන්” නම් ලිපිය එම සෙවුමේ ප්‍රථිඵලයයි. Continue reading
නැරඹුම් Views 200,000 යි. පාඨක ඔබට තුතිමල්!!!
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹී තවම මාස 10 ක් සපිරුණා පමණි. මේ කාලය තුල මා අතින් පමණක් ලිපි 350 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත. අපට ලැබෙන සහ ලැබී ඇති ප්‍රතිචාරද ඉමහත්ය. මේ ගැන නිහතමානීව සතුටු වෙමි. මෙහි සියළුම ගෞරවය සහ පැසසුම් දෙවිඳුන්ට හිමිය. එමෙන්ම මේ ආ ගමන්මග මට ශක්තියක් සහ අත්වැලක් වු සැමට මගේ හෘදයාංගම ප්‍රණාමය පලකරමි! Continue reading
“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!
“පස්වේල් සලාතය සමාජ සමගියට බාධාවකි” – බුද්ධශාසන අමාත්‍යාංශයේ අළුත් සොයා ගැනීමක්!!!
(ඉහත මැයෙන් ෆේස් බුක්හි දෙමළින් පළවූ ප්‍රවෘතියක් මවිසින් සිංහලට පරිවර්තනය කර එවා ඇත්තෙමි) Continue reading
අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ඊද් පණිවිඩය
අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සුභ පතන්නේ,
ශ්‍රී ලංකා ජනතාවට සහ රටින් පිටත සිටින ලාංකික සමාජයට සහ මෙම බ්ලොග් අඩවිය කියවන සියළුම පාඨකයන්ට, මේ ආශිර්වාද ලත් අවස්ථාව වන ඊද්-අල්-ෆිත්ර්. ඊද් මුබාරක්! Continue reading
මුස්ලිම් කාන්තා හැඳුණුම්පත ගැන නොදන්නා දේ කථා කරන හිවල් හඬ
මුස්ලිම් කාන්තාවගේ හැඳුණුම්පත දඩමීමා කරගෙන මේ වන විට හිවල් හඬ නැවතත් ජනතාව මුලා කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ට සිය හැඳුණුම්පතෙහි ඡායාරූපය හිජාබ් වස්ත්‍රය සමග පල කිරීමට රජය අවසර දුන්‍නේ පසුගිය වසරේදීය. මෙහිදී හිජාබ් යන්නෙහි මානයන් නොහඳුනන හිවල් හඬ කරන්නේ ඒ ගැන ජනතාව අතර එම නීතිය කෙරෙහි වැරදි අර්ථ කථනයක් ඇති කිරීමටයි. Continue reading
ආගම්බේධවාදීන්ට කටු අණින ඉෆ්තාර් – දිනයේ උපවාසය අවසන් කරන සහජීවන වැඩසටහන්
ලංකාව තුල රමදාන් මාසයේ ඉෆ්තාර් හෙවත් දිනයේ උපවාස ශීලය අවසන් කිරීමේ වැඩසටහන් වලට මුස්ලිම් නොවන අයද සහභාගී කරගෙන කිරීම දැන් ඉතාමත් ජනප්‍රිය දෙයක් වෙලා අවසන්. ඇත්තටම මෙවැනි වැඩ සටහන් තුලින් සිදුවන්නේ මේ රටේ සිංහල, දමිල සහ මුස්ලිම් ජනවර්ග අතර සංහිඳියාවක් ගොඩ නැගීමයි. නමුත් දැන් ඒ තුලින්ද සමහරුන්ට රිදී ඇති බැව් පෙනෙන්නට තිබෙනවා. ඒ රට ජාතිය බේධ බින්න කරන්නට වලිකන ආගම්බේධවාදීන්ටයි. Continue reading
ලංඩන් ඔලිම්පික් අතරතුර ස්ත්‍රීවාදීන් විසින් ෂරියාවට එරෙහිව රෙදි ගලවා ගැනීම
මේ දවස් වල ලංඩන් ඔලිම්පික් උළෙල අස්සේ බළලුන් ලවා කොස් ඇට බාගන්නට තනන අයත් වැඩි වෙලා. ලංඩන් නගරයේ ස්ත්‍රීවාදීන් Feminists විසින් ෂරියාවට එරෙහිව උද්ඝෝෂනයක් කරන්නෙත් ඒ නිසයි. එයට ප්‍රධානතම හේතුව වුනේ ඔලිම්පික් කමිටුව විසින් සවුදි අරාබියේ ජුඩෝ ක්‍රීඩිකාවක වන වොඩ්ජාන් අලි සරාජ් අබ්දුල් රහීම් ෂහෙර්කානි Wojdan Ali Seraj Abdulrahim Shaherkani ට හිජාබ් සහිතව ජුඩෝ ක්‍රීඩාවේ යෙදීමට අවසර දීමයි. ඒ ගැන බලන්න මේ යොමුව තුලින් http://english.alarabiya.net/articles/2012/07/31/229440.html Continue reading
ලංකාවේ මුස්ලිම් පල්ලි වලට මෙතරම් විරෝධයක් ඇයි?
කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි. Continue reading



























