බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශය තම බලවත් විරෝධය හා පිළිකුල ප‍්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමය පවසා ඇත. එම ප්‍රකාශය පිළිබඳව එජාපයේ ස්ථාවරය කුමක්දැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා. Continue reading
Tag Archives: එජාපය
කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි!

රනිල් සොවින්!!!
නැගෙනහිර පලාත් සභා ඡන්දයෙන් මුස්ලිම් වරයෙකු මහ ඇමති වු පසුව ඒ පිලිබඳව මා විසින් කිසිවක් නොකියා සිටින්නට තීරණය කළද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇත. එයට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනය වෙත කුරාණය ඈඳා ගැනීම නිසයි. Continue reading
අද මැයි දිනයයි, පාරේ යන්නේ බලාගෙනයි.
අද මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයට අනුව මැයි දිනයේ ආරම්භය සනිටුහන් වන්නේ 1886 මැයි 1 වනදා ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේය. එදින එම ස්ථානයට රැස්වු කම්කරු ජනයා ඉල්ලා සිටියේ දෛනිකව පැය 8 ක සේවා කාලයකි. නමුත් එය මර්ධනයකින් කෙලවර විය. පසුව 1889 දී ලෝක කම්කරු දිනය මැයි පලවෙනි දින වශයෙන් ආරම්භ විය. එදා පටන් මැයි පලවෙනිදා ලෝක කම්කරු දිනයයි. Continue reading
සජිත් ප්‍රේමදාස යාපනයේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට නොයයිද?
අන්තර්ජාලය තුල නිර්පාක්ෂිකයෙක් ලෙස අනන්‍යතාවය ගොඩනගන්න කොතෙකුත් උත්සාහ දැරුවත් සෑම අවස්ථාවකම මට ආන්ඩු පක්ෂයේ එකෙක්, විපක්ෂයේ හෝ ජන අරගල කාරයෙක් කියා මාරුවෙන් මාරුවට කාඩ් ගැහෙනවා. මම මේ ලිපිය කියවන අය මම සජිත් වාදියෙක් හැටියට අළුත් කාඩ් එකක් ගහන්න බැරි නැහැ. නමුත් ගහන කාඩ් දිහා බලබලා මගේ ලිවීම වෙනස් කිරීම රුචි නොවන නිසා මේ ලිපිය ලියමි. යාපනයේ පවත් වන්නට යෙදෙන විපක්ෂයේ පොදු මැයි රැලියට ටී.එන්.ඒ හෙවත් ද්‍රවිඩ ජාතික සංධානය සහභාගී වන නිසා තමන් එය වර්ජනය කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබීම මේ ලිපියේ නිමිත්තයි. Continue reading
රනිල් ආවත් කරු ආවත්…………….
අද වනවිට අපගේ විපක්ෂය අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බව සැවොම පිළිගන්නාවු සත්‍යයකි. ආන්ඩු පක්ෂය පවසන්නේ පවතින විපක්ෂය සැමවිටම ආන්ඩු විරෝධී බවත් හොඳ දේදී පවා සහයක් නොදෙන විපක්ෂයෙන් වැඩක් නොමැති බවත්ය. අනෙක් පැත්තෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙවැනි විපක්ෂයකින් කවදාවත් ආන්ඩු බලය ලබා ගත නොහැකි බවයි. Continue reading
මොහාන් ලාල් ග්‍රේරු අභිනිෂ්ක්‍රමනය
අයවැය සමබර එකක් බැවින් තමන් අයවැයට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බැව් ප්‍රකාශ කළ මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා ආන්ඩු පක්ෂයට යන බව ඉතා පැහැදිලිය. මගේ අදහස නම් පුනර්භවයක් විශ්වාස නොකරන සියළුම විපක්ෂ මංත්‍රීවරු ආන්ඩු පක්ෂයට යායුතු බවයි. මන්ද අපේ රටේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ ආත්මයේ බලයට පත්වන බවක් පෙනෙන්නට නොමැති බැවිනි. අද විපක්ෂයේ සිටින්නට වලංගු එක්කෝ නායකත්වයට කෙළහලා ගෙන සිටින කෙනෙකි. නැත්නම් කාගේ හරි කොන්තරාත්තුවක් ඉෂ්ඨ කරන්න බාරගත් කෙනෙකි. එසේ නොමැතිව මොලේ ඇති කෙනෙක් එසේ සිටිනු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. Continue reading

