Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

“ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැත” පුවත විමසුමක්

මධුෂා දිසානායක මහත්මිය

මධුෂා දිසානායක මහත්මිය

මා මෙම ලිපිය ලියන්නට සිතුයේ “ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි” යනුවෙන් මිරර් වෙබ් අඩවිය විසින් සිය අඩවිය තුල පලකළ පුවතක් දුටු නිසාවෙනි. මිරර් වෙබ් අඩවිය පවසන්නේ ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා ඇති බවයි. Continue reading

ගබ්සා පනත සංශෝධනයෙන් සිදුවන්නේ කුමක්ද?

නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තය

නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තය

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලංකාවේ සිදුවන ගබ්සාවන් ගැන කථාකළේ අද සමහර ඉන්ටර්නෙට් ඔස්තාර්ලා මේ ගැන කථාබහ කරන්නට බොහෝ කලකට පෙරයි. නමුත් මේ වන විට ගබ්සාව ගැන සමාජ කතිකාවතක් එලඹිලා තිබෙනවා. එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ රජය විසින් ගබ්සා නීතිය සං‍ශෝධනය කිරීමේ වෑයමක යෙදෙන බව මාධ්‍ය මගින් වාර්තා වීම නිසයි. මෙම ගබ්සා නීති සංශෝදනය මගින් කුමක්ද සිදුවේද? යන්න අප සොයා බැලිය යුතු කරුණකි. Continue reading

හෙළයා වඳ කිරීමේ කුමන්ත්‍රණය

මා කුඩා කාලයේ එක්තරා රජයේ රෝහලක බාහිර රෝගී අංශයේ බෙහෙත් කවුන්ටරයට ඉහළින් අඳින ලද අලංකාර පිංතුරයක් එල්ලා තිබිණි. එම පිංතුරයේ තිබුණේ දරුවන් දෙදෙනෙක් (ළමා සාරිය හැඳි ගැහැණු ළමයෙක් සහ ජාතික ඇඳුම හැඳි පිරිම දරුවෙක්) සිය දෙමව්පියන්ට දණ ගසා දොහොත් මුදුන් තබා වඳින දර්ශනයකි. එම පිංතූරයේම පහතින් මේ කවිය ලියා තිබුණි.

අපෙන් ලොවට බරක්                  නැතේ

අපෙන් රටට බරක්                      නැතේ

අපෙන් ගමට බරක්                     නැතේ

දරු දෙන්නයි අපි දෙන්නයි.   Continue reading

බිළිඳුන්ට මරණය හරකුන්ට ජීවිතය

දින කිහිපයක් මට අන්තර්ජාලයේ සැරිසරන්න බැරිවුණා. අද සැරිසරන කොට ටික දවසක් පරණ නිවුස් එකක් හමුවුණා. ඒ තමයිඃ

ලංකාවේ ගබ්සාව පිළිබඳ නීතිරීති ටිකක් ලිහිල් කරන්න යනවයි කියලා තිස්ස කරලියද්ද ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී ලඟදී දවසක් ප්‍රකාශ කරලා තිබුණා. ස්ත්‍රී දුෂණ සිදුවීම නිසා හටගන්නා අනවශ්‍ය දරු උපත් මෙන්ම ගණිකා සේවයේ නිරතවන්නියන්ගේ අනවශ්‍ය දරු උපත් ගබ්සා කිරීමට නීතියේ පවතින බාධා ඉවත්කරන්නට රජය සලකා බලා තිබෙන බවත්, ලංකාවේ ගබ්සා නීති වෙනස් කරන්නට නොව සංශෝධනයන් සිදුකරන්නට යන බවද ඔහු පවසා ඇත. (උපුටා ගැනීම අවසන්) Continue reading