Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ගවමස් කඩ වැසීමෙන් විමුක්තිය සොයන්නෝ!

සත්‍ය සෙවීම

සත්‍ය සෙවීම

“ඇඹිලිපිටියේ සහ පානදුර ගවමස් කඩ දෙකක් වසා දමලා” කියා උදම් අනන පෝස්ටර් මුණුපොත තුල සැරිසරනවා දුටුවෙමි. “මාර වැඩේ! දැන් හරක් මස් කඩ ඔක්කොම වැහෙයිද?” සමහරුන්ට මෙවැනි අදහස් පහල වෙන එක පුදුමයක් නොවේ. සහතිකවම කිසිදිනෙක එය සිදුවන්නේ නැති බව මගේ අදහසයි. Continue reading

මුස්ලිම් වරුන්ට ගවමස් කෑම අනිවාර්යද?

ගව මස්

ගව මස්

මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත. Continue reading

ගවදෙන යනු ඔබේ පෙම්බර කිරි අම්මාද?

එළකිරි වීදුරුවක්

එළකිරි වීදුරුවක්

ඉස්ලාම් ආගමට එරෙහිව කවුරුත් සුලබව භාවිතා කරන්නේ හරකා බව කව්රුත් දන්නා කරුණක්. මේ වන විටත් එකී පදනම් විරහිත විවේචනයන්ට විශේෂයෙන්ම  සයිබර් අවකාශය තුළ මේ සඳහා ලබා දිය යුතු පිළිතුරු තර්කානුකුලවත් යථානුරූපීවත් දී අවසන්. Continue reading

ඉස්ලාම් සහ සත්ව කරුණාව

ඉස්ලාම් සහ සත්ව කරුණාව

ඉස්ලාම් සහ සත්ව කරුණාව

සත්ව කරුණාව වනාහී අද බොහෝවිට ඇසෙන්නට ලැබෙන කාලින මාතෘකාවකි. සැබවින්ම සතෙකුට පමණක් නොව ලොව සියලු ඇති සියලු ජීවින්ට අපි කරුණාව දැක්විය යුතුය. මෙය සාධාරණව සිතා බලන ඕනෑම කෙනෙකු පිළිගන්නා දෙයකි. Continue reading

හජ් වතාවත් වෙනුවෙන් කිරි අම්මලා ඝාතණය කරනවාද?

මේ කිරි අම්මාද?

මේ කිරි අම්මාද?

මා මෙම ලිපිය ලියන්නට හේතු වුණේ face book හි පලවු ඡායාරූපයක වදන් කිහිපයක් දැකීමෙනි. එනම් හජ් වතාවත් වෙනුවෙන් කිරි එළදෙනුන් මරා ඇති බවට පලවු වැරදි සටහනක් දැකීමෙනි. මෙවන් ඡායාරූප සහ සටහන් මුණු පොතේ පලවන්නේ හුදෙක් ගව ඝාතනය වැලැක්වීම උදෙසා නොව තමන්ගේ අන්තර්ජාලය තුල පොරක් වනු දැකීමේ මන්ද මානසික අභිලාශය ඇති අය නිසා බව අපට වැටහී තිබෙන කරුණකි. නමුත් මේ තුලින් සමාජයට යන්නේ වැරදි අදහසකි. Continue reading

Cattle first හෙවත් ගවයාගෙන් පටන් ගැනීම

Cattle 1st හෙවත් පලමුව ගවයා

Cattle 1st හෙවත් පලමුව ගවයා

මා අද කථා කරන්න යන්නේ අමුතු මාතෘකාවක් ගැනයි. එනම් Cattle first හෙවත් පලමුව ගවයා වැඩ පිලිවෙල ගැනයි. ඔබට මෙය උහතෝකෝටික මාතෘකාවක් වනු ඇත. නමුත් ඇත්ත තත්වය මෙයයි. ධර්ම දේශකයන් විසින් රටේ ජනතාව සුමගට ගැනීමෙහිලා ධර්මය දේශනා කළ යුතුය. අපරාධ මොනවාද? ඒ අපරාධ වල ආදීනව මොනවාදැයි පෙන්නා දිය යුතුය. නමුත් ඔවුන් මුල්තැන දී තිබෙන්නේ ඒ කිසිවකට නොව ගව ඝාතනය වැලැක්වීමටයි. Continue reading

දෙහිවල ගල්වල පාරේ මුස්ලිම් දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක්ද?

මාත් නමදින්නද?

මාත් නමදින්නද?

දෙහිවල සත්ත්වෝද්‍යානයට අයිනෙන් ගල්වල පාරට යන අතුරු මාර්ගයේ එනම් අතපත්තු පෙදෙසේ තිබෙන ඉස්ලාමීය දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක් ලෙස නම් කරමින් දිවයින පුවත් පත විසින් පලකරන ලද සාවද්‍ය පුවතක් එම පුවතම උපුටා දක්වමින් දැන් අන්තර්ජාල වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස්ද පලකර තිබෙන බව දුටුවෙමි. Continue reading

රහසින්වත් වස්සෙක් විකුණමුද?

මේ කථාව අසන්නට ලැබුණේ සබරගමුව පලාතෙන්. එක්තරා පවුලක සිය ආදායම වුයේ කිරි ගවපට්ටියක් පවත්වාගෙන යෑමයි. දිනපතා කිරි වෙලඳාමෙන් දිවි සරිකරගන්නා ඔවුන්ට එම ආදායම සෑහුනේ එදිනෙදාට පමණි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තිදෙනෙකුම පාසැල් යන වයසේ සිටි නිසා වසර අවසානයේ දරුවන්ට පාසැල් පොත් නිල ඇඳුම් සපත්තු මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. වෙනදාට ඔවුන් ඒ සඳහා කළේ වසරකට වරක් ගවපට්ටියේ සිටි වස්සෙක් විකුණා ඉන් ලැබෙන ආදායමෙන් එම වියදම් සපයා ගැනීමයි. Continue reading

මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගැනීමේ ප්‍රෝඩාව

අපේ රටේ නීතියේ හැටියට එළදෙනුන් මරන්නට නීතියෙන් තහනම්ය. එසේ නම් මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගත්තා යැයි පවසමින් මේ කරන්නාවු ප්‍රෝඩාව කුමක්දැයි මඳක් සොයා බලන්නට මම තීරණය කළෙමි. මම මේ කරුණු සොයා ගන්නා ලද්දේ මස්කඩ ව්‍යාපාරිකයන්ගෙන්මය. Continue reading

එපා එපා මස් කරන්න කිරි දරුවාව

පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි. Continue reading

ගව ඝාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගෙන ඉවත දැමීම ජනතා ජයග්‍රහණයක්


ගව ඝාතනය ලංකාව තුල තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාව විවාදයකට හෝ ඡන්ද විමසීමකට හෝ නොගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම ඇත්තෙන්ම ජනතා ජයග්‍රහණයකි. සමහරු පවසන්නේ මෙය සිදුකළේ මස්කඩ හිමියන්ගේ වුවමනාවට බවයි. නමුත් එය සක්සුදක්සේ සාවද්‍ය අදහසක් බව මෙම ලියුම්කරුගේ අදහසයි. ලංකාව තුල බහුතරය හින්දු සහ බෞද්ධ නිසා බහුතරයකගේ මතය ගවමස් වලට විරුද්ධව බවට ඔවුන් සාවද්‍ය මතයක් පැතිරවීමට ඔවුන් යත්ත දරති. ඇත්තෙන්ම එය අමුලික මුසාවකි. ශ්‍රී ලංකාවේ බහුතරය මාංශ ආහාර අනුභව කරන්නන් බව සියළුම සංඛ්‍යාලේඛන වලින් සනාථය. එමෙන්ම 60% වඩා ලාංකිකයන් ගවමස් අනුභව කරන්නන් බවද ලියුම්කරුගේ අදහසයි. එමනිසා බහුතරයේ අදහස ගව ඝාතනයට විරුද්ධවය යන්න කවුරුන් හෝ සාහසිකව ගෙතු මුසාවකි. Continue reading

ගබ්සාවට නවනීති ගෙන ඒම නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තයකි!!!!!

ගර්භනී වු මවකට ආබාධිත හෝ මන්දමානසික දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව කලින් දැනගත් අවස්ථාවක, එම දරුගැබ ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය අවසරය ලබා දීම සඳහා නව නීති රීති සකස් කිරීමකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සාකච්ඡාවට බඳුන් වී ඇති බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්තාවී ඇත. මේ පිළිබඳව මා ලිවීමට අදහස් කළේ දැනට පවතින නීතියේ හිඩැස් වලින් පනිමින් මෙපමණ විනාශයක් සිදු කරද්දී මෙම අභිනව නීති සැකසීමෙන් තවදුරටත් ව්‍යසනය උග්‍ර විය හැකි බැවිනි. Continue reading