ජාතික හෙළ උරුමයට දේශපාලන පක්ෂයක් වශයෙන් තමන්ගේ ඡන්ද පදනම ගොඩ නගා ගැනීම පිණිස විවිධ ආකාරයේ කටයුතු වල නියැලෙන්නට සිදුවී තිබෙන බව අපි දනිමු. රටේ, සමාජයේ ආර්ථික, සමාජයීය හා දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම සෑම දේශපාලන පක්ෂයකම වගකීමකි. Continue reading
Tag Archives: ගව ඝාතන පනත
ප්‍රශ්න දහසක් මැද්දේ කිරි අම්මා උපහාරය!!!
අද බොහෝ උගත් අය එළදෙනට කිරි අම්මා කියා කියන්න පටන් අරන් තියනවා. ඒවාට විරුද්ද වෙන්න අපිට අයිතියන් නෑ කියලයි මම නම් සිතන්නේ. නමුත් ප්‍රශ්නේ තියන්නේ හරකට අපිත් අම්ම කියන්න බල කරන්න ගියොත් තමයි. මේ අයගේ හොඳ කම කියන්නේ ඇත්තටම තමාගේ අම්මට අම්ම හැටියට නො සැලකුවත් කිරි අම්මට අසාධාරණයක් වෙන්න බෑ කියන එකයි. Continue reading
මුස්ලිම් වරුන්ට ගවමස් කෑම අනිවාර්යද?
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත. Continue reading
ගවදෙන යනු ඔබේ පෙම්බර කිරි අම්මාද?
ඉස්ලාම් ආගමට එරෙහිව කවුරුත් සුලබව භාවිතා කරන්නේ හරකා බව කව්රුත් දන්නා කරුණක්. මේ වන විටත් එකී පදනම් විරහිත විවේචනයන්ට විශේෂයෙන්ම සයිබර් අවකාශය තුළ මේ සඳහා ලබා දිය යුතු පිළිතුරු තර්කානුකුලවත් යථානුරූපීවත් දී අවසන්. Continue reading
සත්ත්ව හිංසාව නතර කිරීමට හෙළ උරුමයෙන් පනතක්
සත්ත්ව හිංසා සම්පූර්ණයෙන් නතර කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ජාතික හෙළ උරුමය පවසයි. හලාවත මුන්නේස්‌වරම් කාලි කෝවිලේ සැප්තැම්බර් 1 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සත්ත්ව බිලි පූජාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම මත නතර කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසා ඇත. Continue reading
ගව ඝාතණයේ ඇතුල් පැත්ත
බුදු දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. ඒ නිසා ගව ඝාතණය කිරීමද අකුසල කර්මයක් වේ. ලංකාවේ බොදුනුවන් ගවයා සම්බන්ධව විශේෂත්වයක් දක්වන නිසා ලංකාවේ ගව ඝාතණයට එරෙහිව විරෝධතාවයන් එල්ල වේ. මෙම ගව ඝාතණ විරෝධීන් විසින් බොහෝ විට චෝදනා එල්ල කරන්නේ ලාංකික මුස්ලිම් වරුන්ටය. බොහෝ විට ඔවුන් මෙමගින් බොදුනු සහ මුස්ලිම් වරුන් අතර විශාල ආගම්බේධයකට මුල පුරති. Continue reading
මස් මාළු ගෙදර ගෙනයාම නරකද?
කලක් අපේ නිවසට මගේ මිතුරෙක් එන්නට සහ අපේ ගෙදරින් කෑම කන්නට ඉමහත් රුචිකත්වයක් දැක් විය. එයට හේතුව ඔහුගේ නිවසට මස් මාළු නොගෙන එන නිසාය. ඔහුට මස් මාළු ඉතාමත් රසවත් වුවද නිවසේ අනෙක් අය මස් මාළු ගෙදර ගෙන ඒමට අකමැති නිසා මෙලෙස ගෙදරින් පිටතදී රිසිපරිදි මස්මාළු කයි. දිනක් ඔහුගෙන් මා ඇසුයේ එතකොට ගෙදර අනිත් අය මස් මාළු කන්නෙම නැද්ද? Continue reading
එපා එපා මස් කරන්න කිරි දරුවාව
පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි. Continue reading





