මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත. Continue reading
Tag Archives: ගව මිතුරු සංවිධාන
දෙහිවල ගල්වල පාරේ මුස්ලිම් දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක්ද?
දෙහිවල සත්ත්වෝද්‍යානයට අයිනෙන් ගල්වල පාරට යන අතුරු මාර්ගයේ එනම් අතපත්තු පෙදෙසේ තිබෙන ඉස්ලාමීය දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක් ලෙස නම් කරමින් දිවයින පුවත් පත විසින් පලකරන ලද සාවද්‍ය පුවතක් එම පුවතම උපුටා දක්වමින් දැන් අන්තර්ජාල වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස්ද පලකර තිබෙන බව දුටුවෙමි. Continue reading
මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගැනීමේ ප්‍රෝඩාව
අපේ රටේ නීතියේ හැටියට එළදෙනුන් මරන්නට නීතියෙන් තහනම්ය. එසේ නම් මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගත්තා යැයි පවසමින් මේ කරන්නාවු ප්‍රෝඩාව කුමක්දැයි මඳක් සොයා බලන්නට මම තීරණය කළෙමි. මම මේ කරුණු සොයා ගන්නා ලද්දේ මස්කඩ ව්‍යාපාරිකයන්ගෙන්මය. Continue reading
ගබ්සාවට නවනීති ගෙන ඒම නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තයකි!!!!!
ගර්භනී වු මවකට ආබාධිත හෝ මන්දමානසික දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව කලින් දැනගත් අවස්ථාවක, එම දරුගැබ ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය අවසරය ලබා දීම සඳහා නව නීති රීති සකස් කිරීමකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සාකච්ඡාවට බඳුන් වී ඇති බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්තාවී ඇත. මේ පිළිබඳව මා ලිවීමට අදහස් කළේ දැනට පවතින නීතියේ හිඩැස් වලින් පනිමින් මෙපමණ විනාශයක් සිදු කරද්දී මෙම අභිනව නීති සැකසීමෙන් තවදුරටත් ව්‍යසනය උග්‍ර විය හැකි බැවිනි. Continue reading

