සෞදි නීතියට පිටුපා එරටදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමැති දෙදරු පියාට කස පහර 100ක්ද සමගින් වසරක කාලයක් සඳහා සිරදඬුවම් නියම කර තිබේ. මෙම තැනැත්තා ගැන මුලින්ම ලංකාවේ මාධ්‍ය වල සටහන් වුයේ බුද්ධ ප්‍රතිමාවක් ලඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට පත්වු බවකි. නමුත් එය පට්ටපල් බොරුවක් ලෙස පසුව අනාවරණය විය. Continue reading
Tag Archives: ගෘහ සේවිකාවන්
වයස 30 ඉක්‌මවූ කතුන්ට පමණක් ගෘහ සේවයට රට යැමේ අවස්‌ථාව-ඇමති ඩිලාන්ගේ ප්‍රකාශය ගැන විමසුමක්
වයස අවුරුදු තිහ සම්පූර්ණ වූ කාන්තාවන් පමණක් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා යෑවීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසා ඇත. Continue reading
මැදපෙරදිග ගෘහ සේවිකා ප්‍රශ්නයේ යථාර්තය
අපේ රටේ සිට ගෘහ සේවිකාවන් වශයෙන් මැදපෙරදිග යන කාන්තාවන්ගෙන් බහුතරයකට, එසේ විදෙස් ගත වීමට හේතුව ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ය. සමහර කාන්තාවන්ගේ පුරුෂයන් අධික බීමත් කමට ඇබ්බැහි වුවන්ය. තවත් සමහර කතුන්, ස්වකීය ස්වාමි පුරුෂයන් විසින් පොලියට ගත් ණය, පියවීමට නොහැකිව විදෙස් ගතවුවන්ය. තවත් සමහරු තමන්ගේ පුරුෂයාට ව්‍යාපාරයක්, නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමේ අභිලාශයෙන් හෝ දරුවන් දීගතල දීමේ අරමුණින් විදෙස්ගත වුවන්ය. Continue reading
මැදපෙරදිග යන ලාංකික බොදුනුවන් බලෙන් මුස්ලිම් කරණවාද?
පසුගිය දිනක පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා විසින් සෞදියේදී අත්අඩංගුවට ගත් පී.පී. තුංගසිරි නැමැත්තා ගැන මාධ්‍යයට කරුණු දක්වා තිබුණා. අප ඒ ගැන පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි? නම්වු ලිපියෙන් කරුණු දැක්වුවා. නමුත් ඒ මහතා විසින් කරන ලද එම ප්‍රකාශය විසින් වෙනත් මාධ්‍ය වලින් ප්‍රචාරය වුයේ තවත් කරුණුද සමගයි. එහිදී ඔහු විසින් චෝදනා කර ඇත්තේ සමහර හාම්පුතුන් විසින් අපගේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත් කාරයෙන් ඉස්ලාම් දහමට බඳවා ගන්නා බවයි. Continue reading
මැදපෙරදිග හාම්පුතුන් වැඩියෙන්ම කැමති අපේ රටේ කාන්තාවන්ට ද?
අපේ විමල් ඇමති තුමා මොන්ටිසෝරි කතා කියන්න හරි දස්සයි. ලංකා සී නිවුස් වෙබ් එක ඒවගේ කතා පලකරන්නත් හරි දස්සයි. මම ඇමති තුමාගේ කතා මේ බ්ලොග් එකේ කීප වතාවක්ම විවේචනය කරලා තියෙනවා. විමල් ඇමති තුමා මේ සැරේ මොන්ටිසෝරි ප්‍රකාශය කරලා තියෙන්නෙත් මොන්ටිසෝරි වලට බඩු බෙදන උත්සවයක ප්‍රධාන අමුත්තා වෙලයි. ඒ කතාවේ උපුටා ගැනීම මෙසේය. Continue reading
නන්දා මාලනීට කුවෙට් රටේදී වුණේ කුමක්ද?
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී ඇතුළු පිරිසක් කුවේට් රාජ්‍යයේ සංචාරයක නිරත වන්නට ගිය විට එහි ගුවන් තොටුපොලේදී ඔවුන්ට විශාල අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු වී ඇති බව පසුගිය දිනවල වාර්තා වුණා. මේ පිළිබඳව අන්තර්ජාලයේ පුවත පලවු විට එම පුවතට කමෙන්ට් එකක් වශයෙන් මේකත් තම්බියෙක්ගේ වැඩක් කියලා සඳහන් වුණා. අද සතිඅන්ත පුවත් පතකුත් ඔවුන්ගේ පත්තරය විකුණ ගන්න හිට් නිවුස් එකක් හැටියට මේ පුවත දාලා තියෙන බව මම දැක්කා. ඇත්තටම නන්දා මාලනී මහත්මිය ඇතුළු පිරිසට කුවෙට් රටේ සිදුවුයේ කුමක්ද? යන්න ගැන සොයා බැලීමට අන්වර් මනතුංගට සිතුනා. Continue reading
රැකියාවක් සඳහා ගෘහ සේවිකාවක ලෙසින් මැදපෙරදිග යෑමේ (අ)සුභ සිහිනය
හොඳ ගෙයක් දොරක් හදා ගන්න බඩු මුට්ටු ටිකක් ගන්න මෙහේ ඉඳලා කුඹුරලා කවදාවත් කරගන්න බැහැ. කොහොම හරි රට ගිහිල්ලා කීයක් හරි හොයා ගෙන එන්නම වෙනවා.
මෙවැනි මානසිකත්වයක පසුවන අය අප රටේ දිලිඳු ජනතාව අතර බොහෝ සිටිනවා. මොකකට හරි පොලියට ගත්ත ණයක් ගෙවන්න බැරි වුනහම, ගෙදර පිරිමයාට හරි හමන් රස්සාවක් නැති වුනහම ඔවුන් කෙලින්ම තීරණය කරන්නේ ගෙදර බිරිඳ රට පටවා එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමටයි. මේ සඳහා ඔවුන් කුමණ ඒජන්සියකට යායුතුදැයි බොහෝ විට දන්නේ නැත. නමුත් ගම්ගොඩේ මේවා හොඳට කර පලපුරුද්ද ඇති අය සිටිති. බැලූ බැල්මට පිට රට යන්න ඉන්න කෙනාට සපෝර්ට් එකට එන්න ඉදිරිපත් වෙන කෙනෙක් ලෙස පෙනුනද ඇත්තටම මෙයා සබ් Sub Agent කෙනෙකි. සබ් කෙනෙක් යනු ඒජන්සි වලට බිස්නස් අරන්දෙන දිවයින පුරා සිටින නියෝජිත වරුන්ය. මොවුන්ට ස්ථිර වේතනයක් නැත. තිබෙන්නේ කමිෂන්ය. කමිෂන් යනු එසේ මෙසේ කමිෂන් නොවේ. කෙනෙකු සවුදි යවනවා නම් රුපියල් 90,000/= කි. කුවේට් හෝ වෙනත් මැදපෙරදිග රටකට යවනවා නම් 70,000/= කි. හැබැයි මේ මුළු මුදලම ගන්න නම් අර කියන කාන්තාවට පාස්පෝර්ට් නැත්නම් එය අරන්දී, ඇය විදේශ සේවා එකේ පුහුණුව ලබා නැත්නම් එයද කරවාදී, බියුරෝ එකට ගෙවන මුදල් (රක්ෂණ) ගෙවා ඇයව එයාර්පොර්ට් ගෙනගොස් ඇතුලටම ඇරලවිය යුතුය. සබ් ට මුදල් ලැබෙන්නේ ඇය ඒ රටේ ඒජන්සියෙන් එයාර්පොර්ට් එකේදී භාරගත් බවට පණිවුඩයක් ලැබුණු පසුවය. නමුත් වැඩේ අතරතුර ඒජන්සි කරුගෙන් අත්තිකාරම් ලබා ගත හැක. Continue reading




