Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක් – ජනතා විමුක්ති පෙරමුණ

ජවිපෙ පත්‍රිකා බෙදමින්

ජවිපෙ පත්‍රිකා බෙදමින්

අප රටේ බරපතල ආකාරයෙන් නැවතත් ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්‍රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. Continue reading

අද මැයි දිනයයි, පාරේ යන්නේ බලාගෙනයි.

ලෝක කම්කරු දිනය

ලෝක කම්කරු දිනය

අද මැයි පලවෙනිදා කම්කරුවන්ගේ දිනයයි. ඉතිහාසයට අනුව මැයි දිනයේ ආරම්භය සනිටුහන් වන්නේ 1886 මැයි 1 වනදා ඇමරිකාවේ හේමාකට් චතුරශ්‍රයේය. එදින එම ස්ථානයට රැස්වු කම්කරු ජනයා ඉල්ලා සිටියේ දෛනිකව පැය 8 ක සේවා කාලයකි. නමුත් එය මර්ධනයකින් කෙලවර විය. පසුව 1889 දී ලෝක කම්කරු දිනය මැයි පලවෙනි දින වශයෙන් ආරම්භ විය. එදා පටන් මැයි පලවෙනිදා ලෝක කම්කරු දිනයයි. Continue reading

අපක්ෂපාතී වීමේ සුවය

අසු හැරවිය යුතු දිසාව

අසු හැරවිය යුතු දිසාව

අපේ රටේ ජනතාවගෙන් බහුතරය දේශපාලනිකව එක් එක් මතයක සිරවී සිටින අයයි. මේ අයගෙන් බහුතරය යු.එන්.පී, ශ්‍රී ලාංකා, පැරණි වාමාවාදී හෝ ජවිපෙ යන කොටස් වල මතවාදීව සිරව සිටිති. ඔවුන්ගේ අභිලාශය ඉහත සඳහන් කන්ඩායම් අතුරින් තමන්ට රිසි කන්ඩායම බලයට ගෙන ඒමයි. මෙහිදී තමන්ට රිසි කන්ඩායම බලයේ සිටියද සිතට සැනසුමක් ඇති වන්නේ නැත. එයට හේතුව බලයට පැමිණි පාර්ශවයන් විසින් කරන්නාවු අනුවණ ක්‍රියා අනෙක් පාර්ශවයන් විසින් දැඩිසේ විවේචනය කිරීමයි. මේ සෑම පාර්ශවයකම තිබෙන අඩුපාඩුන් අනෙක් පාර්ශවයන් විසින් විවේචනය කරන කල ඉන් වඩාත්ම සිත් වේදනාවට පත්වන්නේ ඔවුන්ට පක්ෂපාත අයවළුන්ය. Continue reading

චේ මාර්කට් කිරීම සහ චේ භීතිකාව

චේ යන ආදරණීය නාමයෙන් ලොවම හදුන්වන අර්නස්ටෝ ඩි ගුවේරා යනු සමාජවාදය හෝ ධනවාදය පිළිගන්නාවු සැවොම ආදරය කරන්නාවු චරිතයක් බව නොකිවමනාය. ඒ මෙතරම් තම පුද්ගලික අරමුණු සියල්ල සමාජවාදය උදෙසා කැප කළ අන් චරිතයක් ලොව නොමැති තරම් නිසාය. මේ නිසා චේ යනු වෙලඳපොල තුල සැමදා මාර්කට් කළ හැකි උන්මාදයක් බවට පත් වී ඇත. සමාජවාදය උදෙසා සිය දිවියම කැප කළ මේ පුද්ගලයාගේ රුව අද විකිණෙන්නේ ධනවාදීන්ගේ වෙලඳ භාන්ඩයක් ලෙස බව අද චේ දන්නවා නම් ඔහුට කුමක් සිතේද? Continue reading

යාපනේ බිස්නස් (ජන අරගල ව්‍යාපාරය)

සමහරු රස්සා කරන්න කැමති නැත. රස්සාවක් කළොත් ලැබෙන්නේ මාස් පඩියකි. ජීවන වියදමත් එක්ක බැළුවහම ඒක සොච්චමක්. අනික පඩි වැඩි වෙන්නෙත් අවුරුද්දකට සැරයක් නේ? ඒක නිසා මොකක් හෝ බිස්නස් එකකට ඔළුව දාගන්න සමහරු දඟලනවා. කොහෙන් හරි චාන්ස් එකක් වැදුනොත් ඉතිං ගොඩ තමයි.

Continue reading

වැඩවරපල්ලා, වැඩවරපල්ලා හොඳටම වැඩවරපල්ලා

මා කුඩා කාලයේ අප ප්‍රදේශයේ ඉංග්‍රීසි නමකින් හැඳින්වුන කර්මාන්ත ශාලාවක් විය. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයෙක් වුවද අපේ කාලයේ මෙම ආයතනයේ හිමිකරුවා වුයේ සිංහල කෙනෙකි. පසුව ඔහුගෙන් දරුවන්ට එය උරුම විය. මේ දරුවන්ගේ පාලන කාලයේ කර්මාන්ත ශාලාව තුල වැඩවර්ජනයක් දියත් විය. එම වර්ජකයන්ගේ ඉල්ලීම් පාලනාධිකාරියට දීමට අපහසු බව පැවසීම නිසා එය අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා දික් විය. මාස කිහිපයකට පමණ පසුව එම කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් එය විකුණා සේවකයන්ට වන්දි ලබාදී කර්මාන්ත ශාලාව වසා දමන ලදී. දැන් එම ස්ථානයේ තිබෙන්නේ සාප්පු සංකීර්ණයකි. මෙම සිද්ධියෙන් එහි සිටි සේවකයන්ට යම්කිසි වන්දියක් හිමිවීම නිසා ඔවුන් ආර්ථිකව යම් ස්ථාවරත්වයකට පත්වෙන්නට ඇත. නමුත් ඔවුන්ගේ එම ක්‍රියාව නිසා රටේ නිශ්පාදන ධාරිතාවයට අගයක් එක්කලාවු කර්මාන්ත ශාලාවක් රටට අහිමි විය. ඔවුන්ගේ බඩ වියත සුරැකුනද අනාගතයේ දරුවන් රැසකගේ බඩ වියත රැකුමට එම ආයතනය අද නැත. Continue reading

මොහාන් ලාල් ග්‍රේරු අභිනිෂ්ක්‍රමනය

අයවැය සමබර එකක් බැවින් තමන් අයවැයට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බැව් ප්‍රකාශ කළ මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා ආන්ඩු පක්ෂයට යන බව ඉතා පැහැදිලිය. මගේ අදහස නම් පුනර්භවයක් විශ්වාස නොකරන සියළුම විපක්ෂ මංත්‍රීවරු ආන්ඩු පක්ෂයට යායුතු බවයි. මන්ද අපේ රටේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ ආත්මයේ බලයට පත්වන බවක් පෙනෙන්නට නොමැති බැවිනි. අද විපක්ෂයේ සිටින්නට වලංගු එක්කෝ නායකත්වයට කෙළහලා ගෙන සිටින කෙනෙකි. නැත්නම් කාගේ හරි කොන්තරාත්තුවක් ඉෂ්ඨ කරන්න බාරගත් කෙනෙකි. එසේ නොමැතිව මොලේ ඇති කෙනෙක් එසේ සිටිනු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. Continue reading

නිදහස් මාධ්‍යය, වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි තහනම

ඉහත සඳහන් වන්නේ තුන්ඈදුතු එහෙත් ඉතා කලෝචිත මාතෘකා තුනකි. අද මාධ්‍ය මගින් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන කරුණක් නම් ආන්ඩුව විසින් මාධ්‍ය නිදහස වලපල්ලට යවන බවයි. ඒහා සම්බන්ධව සිද්ධිදාමයේ වඩා මෑතකම සිදුවීම් ලෙස වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි කිහිපයක් වාරණයට ලක් කිරීම ඔවුන් හුවා දක්වති. අප මේ පිළිබදව කථා කිරීමේදී ප්‍රථමයෙන් නිදහස් මාධ්‍යය යන්න ගැන පුර්ණ ගවේෂනයක නියැලිය යුතුය.

Continue reading