යුද්ධ හා ගැටුම් පිළිබඳව මානව විද්‍යාත්මක (anthropological) අධ්‍යයනයන් කිහිපයක් පවත්වා ඇත. අවසානයේ මේ අධ්‍යයනයන් සියල්ලම වාගේ පැමිණ ඇත්තේ සමාන නිගමනයන්ටය. අනාදිමත් කාලයේ සිට මිනිසා ගැටුම් හා යුද්ධයන්ට මැදිහත් වී ඇති අතර සැබැවින්ම මෙය මිනිස් ස්වභාවයේ යතාර්ථයක් බවත් මෙම අධ්‍යයනයන් ගෙන් ඔප්පු වී ඇත. Continue reading
Tag Archives: ජිහාද්
මලාලා යුසුෆ්සායි, පකිස්තාන් තලේබාන් වරු සහ ජිහාද් සංකල්පය!!!
පකිස්තානු තලේබාන් වරු විසින් 14 හැවිරිදි මලාලා යුසුෆ්සායි ශිෂ්‍යාවට වෙඩිතැබීම අප සියළු දෙනා විසින්ම තරයේ හෙළාදැකිය යුතු ක්‍රියාවකි. සමහර වෙබ් අඩවි මෙම ම්ලේච්ඡ ක්‍රියාව ඉස්ලාමය සමග ඈඳීමට අසාර්ථක ව්‍යායාමයක යෙදෙමින් සිටිති. Continue reading
අල්-කායිදා “මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි” පුවත සත්‍යයක්ද?
මේ දිනවල face book හිවල් හඬ විසින් තවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ කිසියම් කාන්තාවක් කුඩා දරුවෙක්ට මරාගෙන මැරෙන බෝම්බයක් පලඳන ආකාරයේ එකකි. ඔවුන් මේ ඡායාරූපය සහ පුවත උපුටා ගෙන තිබෙන්නේ ලංකා චී නිවුස් වෙබ් අඩවියෙනි. එහි මාතෘකාව වශයෙන් සටහන්ව තිබුණේ මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි යනුවෙනි. මෙම ලිපිය ඒ පුවත සහ ඡායාරූපය සම්බන්ධවයි. Continue reading
සිංහල බෞද්ධයා වෙබ් අඩවිය පලකළ පච නිවුස් එකට අපේ පිළිතුර
පසුගිය මාර්තු 11 වැනිදා සිංහල බෞද්ධයා වෙබ් අඩවිය විසින් පලකළ “මුස්ලිම් ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන කරයි.” යන සිරස සහිතව පුවතක් පල කරන ලදී. පහත සඳහන් වන්නේ එම පුවත සහ එයට අපගේ පිළිතුරයි. Continue reading
වහාබි යනු ආගමික ත්‍රස්තවාදයක්ද?
නැගෙනහිර පලාතේ වහාබි ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයෙක් පවසා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වුණා. මේ පිළිබඳව මා විමසුමක් කළ විට දැන ගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශයක් නොකල බවටයි. නමුත් ඒ වන විටත් මාධ්‍ය මගින් පලමු ප්‍රවෘත්තියට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබු අතර පසුව ඔහු එවැනි ප්‍රකාශයක් නොකල බවට කළ ප්‍රකාශය පල කිරීමට තරම් ලංකාවේ කිසිදු මාධ්‍යයක් සදාචාර සම්පන්න වු බවක්ද නොපෙණිනි. කෙසේ වුවද මින් වහාබි ත්‍රස්තවාදයක් යනුවෙන් අළුත් වචනයක් අපේ ශබ්ද කෝෂයට ඇතුල් වී ඇති නිසා වහාබි වාදය හෙවත් Wahaabism යනු කුමක්දැයි මඳක් සොයා බලමු. Continue reading


