දඹුල්ල ඛයිරියා ජුම්මා පල්ලිය සහ දඹුල්ල රජමහා විහාරය අතර ඇතිවු ප්‍රශ්නය අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කළ එකක්. මේ ගැන අපි බ්ලොග් අඩවියෙන් බොහෝ දේ ලිව්වෙමු. පහත ලිපිය පලවුයේ ඒ කාලයේ දිවයින පුවත් පතෙහිය. එය අපගේ බ්ලොග් අඩවියේද තිබිය යුතු ලිපියකැයි සිතන නිසා මෙසෙ පලකරමි. Continue reading
Tag Archives: දඹුල්ල ඛයිරියා ජුම්මා මුස්ලිම් පල්ලිය
ලංකාවේ මුස්ලිම් පල්ලි වලට මෙතරම් විරෝධයක් ඇයි?
කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි. Continue reading
රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලිය තහනම් කළ යුතුයි-ඇමති රවුෆ් හකීම් පවසයි
පසුගිය සෙනසුරාදා රැස්වු පක්ෂ රැස්වීම තුලින් ගත් තීරණ මොනවාදැයි බීබීසී සංදේශය වැඩ සටහනට අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය පක්ෂයේ ස්ථාවරය ලෙස පවසා ඇත්තේ ආන්දෝලනාත්මක දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව අධිකරණයේ විමර්ශන තීන්දුවකට අනුව පමණක් ක්‍රියා කරන බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධව පරිපාලනය විසින් දෙන තීරණ වලට සහයෝගය නොදෙන බැව්ද පවසන ලදී. Continue reading
දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය
ඊයේ සිකුරාදා දිනයේ දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලංකාවේ අනෙකුත් පල්ලි අභියස කළබල සිදුවේ යැයි දැඩි බියක් තිබුණි. මේ අරබයා කිසිදු උද්ඝෝෂණයකට නොයා සාමකාමීව අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නැයි සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කලින්ම නිවේදනය කරන ලදී. මෙයට හේතුව වුයේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මුස්ලිම් අය අතර සිට යම් කලබලයක් ඇති කරන්නට ඉඩ තිබුණු බැවිණි. Continue reading
හෙට සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධව ජමියතුල් උලමා සහ මුස්ලිම් කවුන්සිල ඒකාබද්ධ නිවේදනය
හෙට පැවැත්වෙන සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයත්, සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
දඹුල්ල අර්බුදය උදෙසා සාමකාමී විසඳුමක් උදෙසා දුආ (දෙවිඳුන්ගෙන්) ප්‍රාර්ථනා කරමු. Continue reading
දඹුලු පල්ලිය වෙනුවෙන් හෙට කලබල කරන්න එපා – දඹුල්ල පල්ලි නායකයන් ඉල්ලයි.
හෙට දිනය මුස්ලිම් වරුන්ගේ ජුම්මා දිනයක් හෙවත් සිකුරාදා නැමදුම් දිනයක් බැවින් හෙට දින සියළුම මුස්ලිම් වරුන් සිකුරාදා පල්ලි වලට යනු ඇත. මේ නිසා සිකුරාදා දින මුස්ලිම් පල්ලි ඉදිරිපිට නොයෙකුත් කලබල ඇති කරන්නට සමහරු මුස්ලිම් ජනතාව පෙලඹ වීමට මාන බලති. මේ ගැන ප්‍රකාශයක් කරන ආන්දෝලනාත්මක දඹුල්ල ඛයිරියා ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මන්ඩලය මෙසේ පවසා ඇත. Continue reading
දඹුල්ල පල්ලි සිද්ධිය ගැන ඇමති ජනක බන්ඩාර කියන කථාව සහ තවත් කථා
මතබේධයට තුඩු දී ඇති දඹුල්ල මුස්ලිම් පල්ලිය පුජා භූමියෙන් පිටත පිහිටා ඇති එකක් බව ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත. ඒ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ මහතාගේ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් පැවසු සම්පුර්ණ කථාව පහත දැක්වේ. Continue reading






