Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!

අන්තවාදය එපා!

අන්තවාදය එපා!

හුදෙක් එක්තරා පිරිසක පටු දේශපාලන සහ පෞද්ගලික අරමුණු මුල් කරගෙන මෙයට මාස කිහිපයකට පෙර ඇරැඹී, එතෙක් අවුලක් නොවූ නමුත් ජාතිවාදී වුවමනාව මත අවුලක් බවට පත් කළ හලාල් විරෝධී ව්‍යාපාරය, මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉවසීම හේතුවෙන් සේනාව ප්‍රමුඛ ජාතිවාදීන්ට ජයගෙන දෙමින් (ඔවුන් සිතන ආකාරයට) ඊයේ දින (09.03.2013) හලාල් සහතිකය නොමිලේ ලබා දීමේ එකඟත්වය මත තාවකාලිකව නිමාවට පත්විය. Continue reading

අන්වර් මනතුංග ඉංග්‍රීසි බ්ලොගය පිළිබඳව දැනුම් දීමයි!

ඉංග්‍රීසි

ඉංග්‍රීසි

අන්වර් මනතුංග සිංහල බ්ලොගය අරඹා දැන් වසරක් ගෙවී යන කල ලැබී ඇති ප්‍රතිචාර සම්බන්ධව මා තුල ඇත්තේ බලවත් සතුටකි. අප විසින් ඉතාමත් මෑතක ඇරඹු අපගේ ඉංග්‍රීසි අඩවියට ඊටත් වඩා ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඇත්තටම ඒ ගැන සියළුම දෙනාට ප්‍රණාමය පලකරමි. සිංහල සහ ඉංග්‍රීසි අංශ දෙකට වෙනම ෆේස් බුක් පිටු දෙකක් ඇත. සිංහල අඩවිය කියවන ඔබට ඉංග්‍රීසි අංශයේ දැනුම්දීම් අවශ්‍ය නම් ඉංග්‍රීසි පිටුවෙහි ඇති මුණු පොත් පිටුවට ගොස් වෙනම Like කරන්න. Continue reading

දඹුල්ල පල්ලි ප්‍රශ්නය දෙස බෞද්ධ මාධ්‍යවේදියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන්!

බුලිත ප්‍රදීප් කුමාර

බුලිත ප්‍රදීප් කුමාර

දඹුල්ල ඛයිරියා ජුම්මා පල්ලිය සහ දඹුල්ල රජමහා විහාරය අතර ඇතිවු ප්‍රශ්නය අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කළ එකක්. මේ ගැන අපි බ්ලොග් අඩවියෙන් බොහෝ දේ ලිව්වෙමු. පහත ලිපිය පලවුයේ ඒ කාලයේ දිවයින පුවත් පතෙහිය. එය අපගේ බ්ලොග් අඩවියේද තිබිය යුතු ලිපියකැයි සිතන නිසා මෙසෙ පලකරමි. Continue reading

ලංකාවේ මුස්ලිම් පල්ලි වලට මෙතරම් විරෝධයක් ඇයි?

මෙත පැතිරවීම

මෙත පැතිරවීම

කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි ‍වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි. Continue reading

දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ඉනාමළුවේ හිමියන් විශ්ණු දෙවියන් හමුවට යයි

පොල් ගසන බොදුනුවෙක්

පොල් ගසන බොදුනුවෙක්

දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධ භූමිය ගැන ඇති වී තිබෙන අර්බුධය සමථයකට පත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මේ අර්බුධය විසඳීමට බාධා කරන්නේ දේශපාලනඥයින්ය. මේ නිසා දඹුල්ල පූජා භූමියට එරෙහි වන සියළුම දේශපාලනඥයන්ට එරෙහිව පොල් ගැසීමේ ව්‍යාපාරයක් සහ විශ්ණු දේව පූජාවක් කර එම දෙවියන්ට කන්නලව් කිරීමේ  වැඩ සටහනක් අද දින එනම් ජූනි 02 දා කිරීමට දඹුල්ල බෞද්ද උරුමය සුරැකීමේ සංවිධානය විසින් කටයුතු යොදා ඇත. Continue reading

රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලිය තහනම් කළ යුතුයි-ඇමති රවුෆ් හකීම් පවසයි

රන්ගිරි එෆ්.එම්

රන්ගිරි එෆ්.එම්

පසුගිය සෙනසුරාදා රැස්වු පක්ෂ රැස්වීම තුලින් ගත් තීරණ මොනවාදැයි බීබීසී සංදේශය වැඩ සටහනට අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය පක්ෂයේ ස්ථාවරය ලෙස පවසා ඇත්තේ ආන්දෝලනාත්මක දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව අධිකරණයේ විමර්ශන තීන්දුවකට අනුව පමණක් ක්‍රියා කරන බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධව පරිපාලනය විසින් දෙන තීරණ වලට සහයෝගය නොදෙන බැව්ද පවසන ලදී. Continue reading

අසාත් සාලි බුදු පිළිම කැඩිය යුතුයි කී කථාව ඇත්තක්ද?

අසාත් සාලි මහතා

අසාත් සාලි මහතා

සියළුම අනවසර බුදු පිළිම පලමුවෙන් කැඩිය යුතු බවට කොලඹ මහනගර සභා මන්ත්‍රී අසාත් සාලි මහතා පැවසු බවට සඳහන් පෝස්ටරයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සැරි සැරුවා. එම පෝස්ටරයේ ඉතාමත් පහත් ආකාරයෙන් අසාත් සාලි දේශපාලඥයාට බැන වැදී තිබුණු අතර “මේ සිහල බිමේ බුදු පිළිම වෙහෙර විහාර ගොඩ නගන්නට කිසිවෙකුගේ අවසර අවශ්‍ය නැති අතර ඒවා කඩා බිඳ දමන්නට කිසිදු බල්ලෙකුටවත් නොහැකි බැව්” පවසා තිබුණා. Continue reading

දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

ඊයේ සිකුරාදා දිනයේ දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලංකාවේ අනෙකුත් පල්ලි අභියස කළබල සිදුවේ යැයි දැඩි බියක් තිබුණි. මේ අරබයා කිසිදු උද්ඝෝෂණයකට නොයා සාමකාමීව ‍අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නැයි සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කලින්ම නිවේදනය කරන ලදී. මෙයට හේතුව වුයේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මුස්ලිම් අය අතර සිට යම් කලබලයක් ඇති කරන්නට ඉඩ තිබුණු බැවිණි. Continue reading

හෙට සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධව ජමියතුල් උලමා සහ මුස්ලිම් කවුන්සිල ඒකාබද්ධ නිවේදනය

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය

හෙට පැවැත්වෙන සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයත්, සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

දඹුල්ල අර්බුදය උදෙසා සාමකාමී විසඳුමක් උදෙසා දුආ (දෙවිඳුන්ගෙන්) ප්‍රාර්ථනා කරමු. Continue reading

දඹුලු පල්ලිය වෙනුවෙන් හෙට කලබල කරන්න එපා – දඹුල්ල පල්ලි නායකයන් ඉල්ලයි.

සාමය පතුරවමු

සාමය පතුරවමු

හෙට දිනය මුස්ලිම් වරුන්ගේ ජුම්මා දිනයක් හෙවත් සිකුරාදා නැමදුම් දිනයක් බැවින් හෙට දින සියළුම මුස්ලිම් වරුන් සිකුරාදා පල්ලි වලට යනු ඇත. මේ නිසා සිකුරාදා දින මුස්ලිම් පල්ලි ඉදිරිපිට නොයෙකුත් කලබල ඇති කරන්නට සමහරු මුස්ලිම් ජනතාව පෙලඹ වීමට මාන බලති. මේ ගැන ප්‍රකාශයක් කරන ආන්දෝලනාත්මක දඹුල්ල ඛයිරියා ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මන්ඩලය මෙසේ පවසා ඇත. Continue reading

අවධානම අභියස පිස්සු කෙළීම

අවධානම අභියස !!!

අවධානම අභියස !!!

පසුගිය ජිනීවාහි මානව හිමිකම් සිද්ධි දාමය හෙවත් නාඩගම අවසන් වී ගෙවී ඇත්තේ ඉතාමත් කෙටි කලකි. මෙහිදී අපට අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන තත්වය ඉහල නංවා ගැනීමට වසරක කාලයක් ලැබී ඇත. මේ කාලය යනු ඇත්තටම පරිවාස කාලයකි. මේ පරිවාස කාලය තුලදී අපේ රටේ මානව හිමිකම් තත්වයේ ගුණාත්මක වර්ධනයක් නොපෙන්වුව හොත් අපට විරුද්ධව ඊලඟ සමුළුවේදී අපේ රටට එරෙහිව චෝදනාවන් එල්ල වනු නියතය. මේ අප රට ඉදිරියේ ඇති අවධානමයි. මේ දිනවල රටතුල තිබෙන කැලඹීම අන්තර්ජාතිකව අපගේ ප්‍රතිරූපය කෙරෙහි කොතරම් බලපාන්නේද? Continue reading

සාමකාමී වන්නට ආගමෙන් දී ඇති දායකත්වය

චුලෝදර මහෝදර මැණික් පුටුව

චුලෝදර මහෝදර මැණික් පුටුව

බුදුරජාණන් වහන්සේ වරක් ලංකාවට වැඩියේ චුලෝදර සහ මහෝදර දෙමාල්ලන් අතර ඇතිවු මැණික් පුටුවක් අරබයා බැව් පැවසේ. ලංකාවට කිසිදු ශාස්තෘ වරයෙක් පැමිණ ඇතැයි මා විශ්වාස නොකරන නමුදු ඒ කථාවෙන් අපට ගතහැකි පාඩමක් ඇත. මේ කථාවේදී පැවසෙන්නේ මැණික් පුටුවක් අරබයා ඇති වන්නට ගිය මහා ව්‍යසනයක් බුදුරජාණන් වහන්සේ වැඩම කර විසඳූ බවයි. Continue reading

දඹුල්ල පල්ලි සිද්ධිය ගැන ඇමති ජනක බන්ඩාර කියන කථාව සහ තවත් කථා

අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්

අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්

මතබේධයට තුඩු දී ඇති දඹුල්ල මුස්ලිම් පල්ලිය පුජා භූමියෙන් පිටත පිහිටා ඇති එකක් බව ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත. ඒ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ මහතාගේ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් පැවසු සම්පුර්ණ කථාව පහත දැක්වේ. Continue reading

දඹුල්ලේ සිද්ධියෙන් මතුවන දේශද්‍රෝහීන් සහ කුමන්ත්‍රණ කරුවන්

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමය

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වුණි. එනම් වසර 49 ක් පමණ තිබුණු දඹුල්ලේ ඛයිරියා ජුම්මා පල්ලිය ඉවත් කරන ලෙස බෞද්ධ පාර්ශවයෙන් නැගුණු උද්ඝෝෂණයට එරෙහිව ලංකාවේ මුස්ලිම් පාර්ශවය විසින් සිය විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. මේ ඇතිවුණු සිද්ධිය අරබයා ජාතික හෙළඋරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශයක් කර ඇත. මෙම ලිපිය එම ප්‍රකාශය සම්බන්ධවයි. Continue reading

දඹුල්ලේ සිද්ධියෙන් උගත හැකි පාඩම් මොනවාද?

මුස්ලිම් ඇමතිවරු දඹුල්ලේදී

මුස්ලිම් ඇමතිවරු දඹුල්ලේදී

දඹුල්ලේ ඇතිවු සිද්ධියෙන් පසුව මා ඇමතු අපේ කිහිප දෙනෙක් අපි මේකට මොනවා හරි කරන්න ඕන කියා පවසන ලදී. නමුත් මා දකින්නේ මෙය වෙනස් ආකාරයකටයි. ඇත්තටම මේ සිද්ධියෙන් සිදුවුයේ කුමක්ද? මේ සිද්ධියට සම්බන්ධ යතිවරයාණන්ගේ චරිත ලක්ෂණ ඉතාමත් අලංකාර අන්දමින් මාධ්‍ය ඉදිරියේ නිරුවත් වීමයි. ඇත්තටම එහිමියන් කළේ උඩපැන තමන්ගේ හිසට ඉහලින් කෙල ගැසීමයි. දැන් ඒ කෙල සියල්ල සියල්ල වැටුණේ කොහේ දැයි දැන් සියල්ලෝම දන්නා කරුණකි. Continue reading

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

සාමය කඩ කළ අය

සාමය කඩ කළ අය

වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත. Continue reading