Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

එකම භාෂාවක් කථාකරන මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහි ප්‍රහාරයන් ගැන ප්‍රේක්ෂකයන් විය නොහැකියි” – ආර් සම්බන්ධන්

ආර්. සම්බන්ධන්

ආර්. සම්බන්ධන්

එකම භාෂාවක් කථාකරන සහෝදර ජනතාවක් ලෙස මුස්ලිම් ජනතාව ලංකාව හිංසනයට පත්වන්නේනම්, ඔවුන්ගේ ආගමික අයිතියට, ජීවත් වීමේ අයිතියට බාධා පමුණුවන්නේම් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොමැතිව ප්‍රේක්ෂකයන් ලෙස දෙමළ සමාජයට සිටිය නොහැකි බව දෙමළ ජාතික සන්ධනයේ නායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර සිටී. Continue reading

තමිල්නාඩු ජනතාව තුල නැගී එන සිංහල බෞද්ධ විරෝධය විමසුමක්!

පහරදීමට ලක්වු හිමිනම

පහරදීමට ලක්වු හිමිනම

ඊයෙත් (2013 මාර්තු 18 වැනිදා) බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ඉන්දියාවේදී අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවු බව මාධ්‍ය මගින් වාර්තා විය. පලමුව අප අන්වර් මනතුංග බ්ලොගය විසින් මෙම ක්‍රියාව තරයේ හෙලා දකින අතර සිද්ධියෙන් වේදනාවට පත්වු භික්ෂුන් වහන්සේලාට සහ ලාංකික බෞද්ධ ජනතාවට අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරමු. මෙවැනි දෙයක් සිදුවීමට හේතුව කුමක්දැයි සොයා බැලීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණයි. Continue reading

නැගෙනහිර පලාත් සභා මැතිවරණය කුමක්වේද?

ටී.එම්.වී.පී ලාංඡනය

ටී.එම්.වී.පී ලාංඡනය

මේ දිනවල බොහෝ දෙනෙකු බලා සිටින්නේ නැගෙනහිර පලාත් සභාවේ ඡන්දය දෙසයි. මෙවර මැතිවරණය තුල තියුණුම සටන තිබෙන්නේද නැගෙනහිර පලාත් සභාවේ ඡන්ද ව්‍යාපාරය තුලය. එමෙන්ම වැඩිම ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වන්නේද නැගෙනහිරින්මය. නැගෙනහිර පලාත් බලය සැමට තීරණාත්මක වී ඇත. සැමගේ අවධානය නැගෙනහිර බලය කුමන පාර්ශවයකට යාද? යන්නයි. Continue reading

සජිත් ප්‍රේමදාස යාපනයේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට නොයයිද?

 අන්තර්ජාලය තුල නිර්පාක්ෂිකයෙක් ලෙස අනන්‍යතාවය ගොඩනගන්න කොතෙකුත් උත්සාහ දැරුවත් සෑම අවස්ථාවකම මට ආන්ඩු පක්ෂයේ එකෙක්, විපක්ෂයේ හෝ ජන අරගල කාරයෙක් කියා මාරුවෙන් මාරුවට කාඩ් ගැහෙනවා. මම මේ ලිපිය කියවන අය මම සජිත් වාදියෙක් හැටියට අළුත් කාඩ් එකක් ගහන්න බැරි නැහැ. නමුත් ගහන කාඩ් දිහා බලබලා මගේ ලිවීම වෙනස් කිරීම රුචි නොවන නිසා මේ ලිපිය ලියමි. යාපනයේ පවත් වන්නට යෙදෙන විපක්ෂයේ පොදු මැයි රැලියට ටී.එන්.ඒ හෙවත් ද්‍රවිඩ ජාතික සංධානය සහභාගී වන නිසා තමන් එය වර්ජනය කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබීම මේ ලිපියේ නිමිත්තයි. Continue reading

ජාතික ප්‍රශ්නයට එකම විසඳුම ආකල්පමය සංග්‍රාමයයි

ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන සගයන් මියගිය පසු උතුරේ යුද්ධය අවසාන විය. දීර්ඝ කාලයක් යුද්ධයෙන් පීඩා විඳි දකුණේ ජනතාව ප්‍රීතියෙන් කුල්මත් විය. දකුණේ සෑමතැනම රතිඥ්ඥා හ ගිගුම් දෙමින් රබන් වැයෙන්නට විය. සමහරු කිරිබත් උයා අනෙක් අයට බෙදා දෙන්නට විය. නමුත් අප විසින් ඇත්තටම එදා සිදුකළ යුතුව තිබුණේ, එනම් අපගෙන් මගහැරී තිබුණේ කුමක්ද? යන්න ගැන අපගේ මුළු මහත් සමාජයම දැනුවත්ව නොසිටි බව මගේ අදහසයි.  Continue reading

ලාංකීය මුස්ලිම් ජනතාව යා යුත්තේ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාටද? මෙහාටද?

ලාංකීය මුස්ලිම් සමාජය වනාහී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා ඉතා විශාල ලෙස බැටකෑ ජනවර්ගයකි. කිහිප අවස්ථාවකදීම මුස්ලිම් ගම්මාන වලට කඩා වැදුනු ත්‍රස්තවාදීන් විසින් සමුලඝාතනයන් සිදුකරන ලද අතර එක් අවස්ථාවකදී සමුලඝාතනයක් සිදුකළේ මස්ජිදයේ උදෑසන දේව නැමදුමේ සිටි මුස්ලිම් වරුන්වය. මෙලෙස ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට හසුවුනු ලාංකීය මුස්ලිම් වරුන්ට අනූව දශකයේදී හිටි ගමන් උතුරු නැගෙනහිර සියගම්බිම් දේපොල වස්තුව සියල්ල තබා පලා යන ලෙස කෘර එල්.ටී.ටී.ඊ ය විසින් නියෝග කරන ලදී. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් සහ සිය දේපොල වස්තුව අහිමිව විශාල අසීරුතාවයන්ට මුහුණ දෙන්නට විය. Continue reading