ලංකාවේ විකිණෙන සියළුම දුම්වැටිවල සහ දුම්වැටි පැකට් වල මින් ඉදිරියට “මුඛ පිළිකා” සහ “පෙනහලු පිළිකා” රූප සටහන් අනිවාර්යයෙන් ඇතුළත් කළයුතු බවට වන ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වී ඇත. Continue reading
Tag Archives: දුම්පානය
දුම්වැටි අලෙවිය ධාර්මික ඉපැයීමක්ද?
බොහෝ ආපන ශාලා හිමිකරුවන් පවසන්නේ තමන් දුම්වැටි අලෙවි කරන්නේ එසේ නොකළ හොත් පාරිබෝගිකයන් වෙනත් ආපන ශාලා වලට යාම නිසා බවයි. සමහරු පවසන්නේ දුම්වැටි නොබී එය අළෙවි කළාට පවක් නොමැති බවයි. තවත් සමහරු පවසන්නේ දුම්වැටි ගැන ගැන තහනමක් සෘජුව කිසිදු දහමකින් පනවා නොමැති තත්වයක් තුල දුම්වැටි විකිණීම වරදක් නොවන බවයි. මේ ගැන කථා කරන විට මට සිදුවු එක් අත්දැකීමක්ද මතක් වුණා. Continue reading
දුම්වැටියට එරෙහි වන්නට දුම්වැටි විරෝධී දිනයක් අවශ්‍යමද?
අත්හදා බලන්නටවත් කිසිදාක දුම්වැටියක් උරා නොමැති මට හැමදාම දුම්වැටි විරෝධී දිනයකි. දුම්වැටි වලට සහ ඒ පානය කරන්නන්ට විරෝධය දැක්වීම මම සෑම දිනකම කරමි. ආපන ශාලාවකදී හෝ බස් රථයක හෝ ඕනෑම ස්ථානයකදී මා ඉදිරියේ දුම්බොන කෙනෙක් වේ නම් මා දුම් නොබොන බැව් පවසා එතැනින් ඉවතට යන ලෙස පැවසීමට බිය නොවෙමි. මුස්ලිමෙකු වන්නට පෙරද මා එලෙස කළෙමි. නමුත් දැන් මා එසේ කරන විට බොහෝ දෙනෙක් ඉවතට යන්නේ මා දෙස තදින් ඔරවා ගෙනය. එයට හේතුව මම රැවුල වවාගත් මුස්ලිම් කෙනෙකු ලෙස ඔවුන්ට පෙනීම නිසා බව අත්දැකීමෙන් දනිමි. Continue reading
මත්පැන් සිගරට් වල මිල ඉහල දැමීම හොඳද?
ඊයේ සිට මත්පැන් සහ සිගරට් වල මිල නැවත වැඩිවී ඇත. සමහරු කියන්නේ මෙම භාන්ඩ වල පරිබෝජනය අඩු කරන්නට රජය විසින් මෙම පියවර ගෙන ඇති බවයි. තවත් සමහරු “අනේ හොඳයි! ඔය අරක්කු සිගරට් නම් තව තවත් වැඩි කරන්න ඕන” යනුවෙන් පවසති. ඇත්තටම මෙම භාන්ඩ වල මිල ඉහල දැමීමෙන් ජනතාවගේ පරිබෝජනය අඩුවේද? මගේ අදහස නම් එය එසේ සිදු නොවන බවයි. රජය විසින් මෙම භාන්ඩ වල මිල ඉහල දමා ඇත්තේ රජයේ ආදායම වැඩිකර ගන්නට මිස අනෙකකට නොවේ. Continue reading
දෙබිඩ්ඩන්ගේ අමද්‍යප සටන්
කුඩා කාලයේ පටන්ම මත්පැන් දුම්වැටි පිළිකුල් කළ මා, ඒවාට ඇබ්බැහි වන්නන් සමග තර්ක විතර්කද කළෙමි. මේ නිසා පසුකාලීනව පාසලේ අමද්‍යප සංගමයේද කටයුතු කරන්නට හැකි විය. කලක් ගියපසු වැඩිමහල් සිසුවෙක් ලෙස පාසැල් අමද්‍යප සංගමයේ සභාපති තනතුරටද තරඟ කිරීමට ඉදිරිපත් වුණි. මට ප්‍රතිවාදියා වුයේ ධනවත් පවුලක දරුවෙකි. මම ඔහුට වඩා වසරකින් බාල විය. නමුත් මා තුල තිබුණු දක්ෂතාවයන් පිළිබඳව මට තිබුණු විශ්වාසය නිසා තරඟයට ඉදිරිපත් වුයෙමි. නමුත් මගේ බලාපොරොත්තු සුන්කරලමින් මගේ ප්‍රතිවාදියා ජයග්‍රහණය කරන ලදී. මෙයට අප පාසලේ සිටි ගුරුවරියන් කිහිපදෙනෙකු හවුල් වු බව මා දැනගත්තේ බොහෝ කලකට පසුවය. මෙම තනතුර මා හට ලැබිය යුතු යැයි මා තරයේ විශ්වාස කළ නිසා, ඉන් පසුව මට අමද්‍යප සංගමයේ ක්‍රියාකාරී වීමට මන්දෝත්සාහයක් ඇතිවිය. ඒ නිසා මම එහි අක්‍රීය සාමාජිකයෙක් බවට නිරායාසයෙන්ම පත්විය. Continue reading
මතට අත්පොත් තබන වෙරල සාද (බීච් පාටි)
අතීතයේ සුද්දන් විසින් මෙරට ජනතාව අතර සිගරට් ප්‍රචලිත කළේ කෙසේදැයි මගේ පියා වරක් පවසනු මා අසා ඇත. එකල ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් ජනතාව අතර නොමිලේ සිගරට් බෙදා දී ඇත. ඒ වන විටත් සුරුට්ටු සහ බීඩි වැනි දුම්පානයන්ට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් මෙම නව දුම්පානයට පුරුදු වන්නට ඇත. කෙසේ වුවද එදා සුද්දාගෙන් නිකම් බිව් සිගරට් එක දිරවා ගත නොහී දැන් පරම්පරා ගණනාවක පටන් අප සුද්දාට නය ගෙවමින් සිටිමු. (මේ ලියුම්කරු වන මම එවැනි සිගරට් බොන පල් මෝඩයන්ගේ සමාජයට අයත් නොවන නමුදු අපත් ගෙවමින් සිටින්නේ එලෙස සිගරට් බොන්නන්ගේ කරුමයයි) පහත සඳහන් වන්නේ තවත් එවැනිවු ප්‍රයත්නයක්දැයි සිතේ. මෙවැනි දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය සතු වගකීමක් වුවද අපේ රටේ කිසිදු මාධ්‍යයක් එවැනි දේ කරනු අප දැක නැත. Continue reading
මත්පැන් දුම්බොනවුන්ට බයිට් වෙන රටවැසියෝ
බීමත්ව යන පුද්ගලයෙක් පාරේ යන කන්තාවකට අසභ්‍ය වචනයෙන් බැන වදියි. නමුත් අවට සිටියවුන් ඒ ගැන කිසිවක් නොකරති. ඌ බීලනේ! යැයි කියනු ඇත. නමුත් සිහිබුද්ධිය ඇති පුද්ගලයෙක් එවැනි දෙයක් කළ හොත් ඔහු ඉවරය. මේ අප සමාජය තුල බේබද්දෙකුට නිතැතින් ලැබී ඇති සමාජ වරප්‍රසාදයකි. අනෙක් අතින් මත්පැන් සහ දුම්බොන අය කරන්නේ තමන්ගේ පවුලේ අදායමෙන් විශාල ප්‍රමාණයක් තමන්ගේ පුද්ගලික විනෝදය තකා වියදම් කිරීමයි. එහිදී පවුලේ අනෙක් සාමාජිකයන්ගේ අයිතිවාසිකම් රැසක් මේ බේබදුකමට සහ දුමට ඇබ්බැහිය නිසා යටපත් වෙති. Continue reading



