කාලෙන් කාලෙට එක එක පැටන් වලින් වෛවාරන ඉස්ලාම් විරෝධී කැම්පේන් වලින් නම් අඩුවක් නැති ගාණයි. එහි ව්‍යාප්තියද එතරම් වේගවත් වන් අතර ඒ ට්‍රෙන්ඩ් එකේ ෆලොවර්ස්ලාගෙන්ද අඩුවක් නැත. එය ලංකාවේ වගේම ලංකාවෙන් පිටද විශේෂයෙන් ආසියාතික රටවල්වල දරුණුවටම ෆලෝ වෙන ට්‍රෙන්ඩ් එකකි. ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා ගන්නා රටවල්වල මෙම ට්‍රෙන්ඩ් එක අදහන සයිස් එකටම මෙය වැටී ඇත. Continue reading
Tag Archives: දේශපාලනය
සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම – ෂාර්මිනී සේරසිංහ
‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. අතීතයේ කළ ‘වැරදි’, 2009 න් පසු ‘නිවැරදි’ කර ගැනීමට එළැඹුණු ස්වර්ණමය මොහොත, ගෙවී ගොසිනි. Continue reading
ඉස්ලාමීය දේශපාලන මූලධර්ම හා විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය
ශ්‍රී ලංකානු දේශපාලන ක්ෂේත්‍රය නැවත වරක් උණුසුම් වී ඇත. ඒ අගවිනිසුරුවරියට එරෙහිව විධායකය විසින් ගෙන එන ඓතිහාසික දෝෂාභියෝගය නිසාය. මෙකී පුවතත් සමග රටේ මහජනතාව විශේෂයෙන් බුද්ධිමත් ප්‍රජාව තුල ඒ හා පක්ෂව මෙන්ම විපක්ෂවද තර්ක ගොඩනැගෙමින් පවති. Continue reading
සරත් ෆොන්සේකාට සමාව දීමත් සමග මතුවන ගැටළුව
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාවක් ලැබීමට ඉතාමත් ආසන්න බව මාධ්‍ය මගින් දැන ගන්නට ලැබේ. විපක්ෂය මේ ගැන කියන්නේ ජාත්‍යන්තර බලවේග වලට බයේ රජය විසින් මේ කරන බවයි. නමුත් රජය පවසන්නේ ඒ එසේ නොවන බවයි. මේ දෙගොල්ලන්ගෙන් කවුද හරි යන්න වටහා ගැනීම ජනතාවට දේශපාලකයා යනු කුමණ ආකාරයේ සත්ත්වයෙක්ද යන්න වටහා ගැනීමට රුකුලක් වනු නියතය. Continue reading
අවධානම අභියස පිස්සු කෙළීම
පසුගිය ජිනීවාහි මානව හිමිකම් සිද්ධි දාමය හෙවත් නාඩගම අවසන් වී ගෙවී ඇත්තේ ඉතාමත් කෙටි කලකි. මෙහිදී අපට අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන තත්වය ඉහල නංවා ගැනීමට වසරක කාලයක් ලැබී ඇත. මේ කාලය යනු ඇත්තටම පරිවාස කාලයකි. මේ පරිවාස කාලය තුලදී අපේ රටේ මානව හිමිකම් තත්වයේ ගුණාත්මක වර්ධනයක් නොපෙන්වුව හොත් අපට විරුද්ධව ඊලඟ සමුළුවේදී අපේ රටට එරෙහිව චෝදනාවන් එල්ල වනු නියතය. මේ අප රට ඉදිරියේ ඇති අවධානමයි. මේ දිනවල රටතුල තිබෙන කැලඹීම අන්තර්ජාතිකව අපගේ ප්‍රතිරූපය කෙරෙහි කොතරම් බලපාන්නේද? Continue reading
ලිපි 200 කඩඉම පසුකරන අන්වර් මනතුංග බ්ලොග් අඩවිය
මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඔක්තෝබර් මස අගභාගයේදීයි. එහෙත් එය නිසිලෙස ක්‍රියාකාරී වූයේ ඔක්තෝබර් මස 30 වැනිදා සිටය. ඔබ මේ කියවන්නේ අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ 200 වැනි ලිපියයි. එදා මෙදාතුර ලිපි 200ක් ලියමින් මා ආ මග මේ වන විට කිසියම් සංධිස්ථානයකට පැමිණ ඇත. මාගේ ලිපි තුලින් සමාජය දැනුවත් වුවාසේම ඔබ විසින් කරන ලද අදහස් දැක්වීම් හෙවත් කමෙන්ට් තුලින් මා ඉගෙන ගත් දේද බොහෝය. Continue reading
බේබි ලන්තයේ බේබි දේශපාලනය
බේබි දේශපාලනය වනාහී බේබි ලන්තයට නිදහස ලැබුණු කාලයේ පටන් පැවත එන එකකි. නිදහස ලැබී ටික දොහකින් නායකබන්ඩාර තුමාට තමන්ට මේ කපේදී නායකසේනා තුමාගෙන් රජකම ගන්නට බැරිය යන්න තේරී වෙන අතක් බලා ගත්තත් වලකොතලා තුමා සිතා සිටියේ තමන්ට තිබු හිතවත් කම නිසා කෙසේ හෝ තමන්ට රජකම ලැබේ යැයි කියායි. නමුත් ඔහුටත් හොරෙන් නායකසේනා තුමා අන්තිම කැමැත්ත තමුන්ගේම බේබිට පවරා තිබු නිසා රජකම එවේලේ වලකොතලා තුමාට අහිමි විය. බේබි දේශපාලනය බේබි ලන්තයේ මුල්බැස ගත්තේ මින් පස්සේ බවයි පරණ ඈයින්ගේ කතාව. Continue reading
විවෘත ආර්ථිකයේ අමානුෂික මුහුණුවර
ජේ.ආර් මහතා විසින් ආරම්භ කළ විවෘත හෙවත් හෙළුවැලි ආර්ථිකය නිසා අද මුළු රටම පත්ව ඇත්තේ ව්‍යසනයකටය. සැවොම උත්සාහ දරන්නේ කෙසේ හෝ මුදල් උපයන්නටය. මුදල් උපයන්නට මෙතරම් තරඟයක් ඇයි? එයට හේතුව නම් ජනතාවගේ අවශ්‍යතාවයන් වැඩි වීමයි. හැමෝටම අවශ්‍ය තමන්ට කියා ලස්සන ගෙයක්, වාහනයක් සහ අළුතින් අළුතින් වෙලඳපොලට එන නානාප්‍රකාර මඩුමුට්ටු ගන්න සල්ලි වෙති. මේ සඳහා පැරණි සාම්ප්‍රදායික රටාවෙන් මිදී අතිධාවනකාරී විය යුතුය. මේ සමාජ ක්‍රමයෙන් ජය ලබන්නේ එවැනිවුන්ය.





