Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි!

රනිල් සොවින්!!!

රනිල් සොවින්!!!

නැගෙනහිර පලාත් සභා ඡන්දයෙන් මුස්ලිම් වරයෙකු මහ ඇමති වු පසුව ඒ පි‍ලිබඳව මා විසින් කිසිවක් නොකියා සිටින්නට තීරණය කළද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇත. එයට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනය වෙත කුරාණය ඈඳා ගැනීම නිසයි.   Continue reading

නැගෙනහිර පලාත් සභාවේ බලය හිමි විය යුත්තේ කාටද?

නැගෙනහිර පලාත් කොඩිය

නැගෙනහිර පලාත් කොඩිය

මේ ලිපිය ලියන්නට පාදක වුයේ ලංකාසීනිවුස් වෙබ් අඩවිය විසින් අප්‍රේල් 17 වන දින නැගෙනහිර මහ ඇමති ධුරය මුස්ලිම්වරුන්ට දිය යුතුයි – මුස්ලිම් කොංග‍්‍රසය යන සිරස සහිතව පලකරන ලද පුවතකි. ‍මෙහි සඳහන්ව තිබුණේ ඉදිරියේදී එළැඹෙන පළාත් සභා මැතිවරණයකදී නැගෙනහිර පළාත් සභාවේ මීළඟ මහඇමති තනතුර ප්‍රදේශයේම මුස්ලිම් නියෝජිතයෙකුට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි යනුවෙනි. එම ප්‍රකාශය කර තිබුණේ එම පක්ෂයේ උපලේකම් නිසාම් කාරියප්පර් විසින් කල්මුණේ ප්‍රදේශයේ පැවති උත්සවයක බැව් සඳහන් වේ. එහිදී කථාකළ කාරියප්පර් මහතා මෙසේද ප්‍රකාශ කර ඇත. Continue reading

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් සන්සන්ධනය

කරුණා අම්මාන් විසාල ගෙයක් හදනවා ඇඹුල්දෙනියේ දැන් අල්ලපු ඉඩමත් ගන්නයි යන්නේ.

කොහෙන්ද මුට මෙච්චර සල්ලි?

අර බලපන් කරුණා සෙකට්‍රිට තියාගෙන ඉන්න ගෑනි සිංහල. ඕකි මීට ඉස්සෙල්ල හිටියෙත් ඇමතියෙක් ගාව. බලපන් ඌටත් ගිය කලක්?

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගැන මේ වගේ පුවත් අපට ආන්ඩු විරෝධී මාධ්‍යයන්ගෙන් සහ ජාතිවාදී වෙබ් අඩවි වලින් දැකගත හැකි වෙනවා. ඔවුන් අද කරුණා අම්මාන්ව පට්ට ගසන්නට උත්සාහ දරන්නේ ඔහු රජය සමග එකතු වී රජයට කඩේ යන කෙනෙක් වශයෙන් සිටින නිසයි. ජාති සහ ආගම් වාදී වෙබ් අඩවි ඔහුට බනින්නේ ඔහු ලබන සැපසම්පත් දරා ගත නොහෙන නිසයි.   Continue reading

ලාංකීය මුස්ලිම් ජනතාව යා යුත්තේ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාටද? මෙහාටද?

ලාංකීය මුස්ලිම් සමාජය වනාහී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා ඉතා විශාල ලෙස බැටකෑ ජනවර්ගයකි. කිහිප අවස්ථාවකදීම මුස්ලිම් ගම්මාන වලට කඩා වැදුනු ත්‍රස්තවාදීන් විසින් සමුලඝාතනයන් සිදුකරන ලද අතර එක් අවස්ථාවකදී සමුලඝාතනයක් සිදුකළේ මස්ජිදයේ උදෑසන දේව නැමදුමේ සිටි මුස්ලිම් වරුන්වය. මෙලෙස ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට හසුවුනු ලාංකීය මුස්ලිම් වරුන්ට අනූව දශකයේදී හිටි ගමන් උතුරු නැගෙනහිර සියගම්බිම් දේපොල වස්තුව සියල්ල තබා පලා යන ලෙස කෘර එල්.ටී.ටී.ඊ ය විසින් නියෝග කරන ලදී. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් සහ සිය දේපොල වස්තුව අහිමිව විශාල අසීරුතාවයන්ට මුහුණ දෙන්නට විය. Continue reading

වහාබි යනු ආගමික ත්‍රස්තවාදයක්ද?

නැගෙනහිර පලාතේ වහාබි ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයෙක් පවසා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වුණා. මේ පිළිබඳව මා විමසුමක් කළ විට දැන ගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශයක් නොකල බවටයි. නමුත් ඒ වන විටත් මාධ්‍ය මගින් පලමු ප්‍රවෘත්තියට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබු අතර පසුව ඔහු එවැනි ප්‍රකාශයක් නොකල බවට කළ ප්‍රකාශය පල කිරීමට තරම් ලංකාවේ කිසිදු මාධ්‍යයක් සදාචාර සම්පන්න වු බවක්ද නොපෙණිනි. කෙසේ වුවද මින් වහාබි ත්‍රස්තවාදයක් යනුවෙන් අළුත් වචනයක් අපේ ශබ්ද කෝෂයට ඇතුල් වී ඇති නිසා වහාබි වාදය හෙවත් Wahaabism යනු කුමක්දැයි මඳක් සොයා බලමු. Continue reading